යෙදුමෙන් කියවන්න

6. විජ‍්ජාධරජාතකවණ‍්ණනා 391 අට‍්ඨකථා

6. විජ‍්ජාධරජාතකවණ‍්ණනා (391)

6. ධජවිහෙඨ ජාතකය (391)

දුබ‍්බණ‍්ණරූපන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලොකත්‍ථචරියං ආරබ‍්භ කථෙසි. වත්‍ථු මහාකණ‍්හජාතකෙ (ජා· 1.12.61 ආදයො) ආවි භවිස‍්සති. තදා පන සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො ලොකත්‍ථචරියං චරියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘දුබ්බණ්ණා රූපං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ලෝකාර්ථ චර්යාව නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘මහාකණ්හ’ ජාතකයෙහි දක්නට ලැබේ. කිසියම් දවසක බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, තථාගත තෙමේ දැන් පමණක් නොව, පෙර ද ලෝකයාට යහපත පිණිස ක්‍රියා කෙළේ ම යැ’යි වදාරා, මේ අතීත කථාපුවත දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සක‍්කො අහොසි. තදා එකො විජ‍්ජාධරො විජ‍්ජං පරිවත‍්තෙත්‍වා අඩ‍්ඪරත‍්තසමයෙ ආගන‍්ත්‍වා බාරාණසිරඤ‍්ඤො අග‍්ගමහෙසියා සද‍්ධිං අතිචරති, තස‍්සා පරිචාරිකායො සඤ‍්ජානිංසු. සා සයමෙව රාජානං උපසඞ‍්කමිත්‍වා “දෙව, එකො පුරිසො අඩ‍්ඪරත‍්තසමයෙ සිරිගබ‍්භං පවිසිත්‍වා මං දූසෙතී”ති ආහ. “සක‍්ඛිස‍්සසි පන කිඤ‍්චි සඤ‍්ඤාණං කාතු”න‍්ති? “සක‍්කොමි, දෙවා”ති සා ජාතිහිඞ‍්ගුලිකපාතිං ආහරාපෙත්‍වා තස‍්ස පුරිසස‍්ස රත‍්තිං ආගන‍්ත්‍වා අභිරමිත්‍වා ගච‍්ඡන‍්තස‍්ස පිට‍්ඨියං පඤ‍්චඞ‍්ගුලිකං දත්‍වා පාතොව රඤ‍්ඤො ආරොචෙසි. රාජා මනුස‍්සෙ ආණාපෙසි “ගච‍්ඡථ, සබ‍්බදිසාසු ඔලොකෙත්‍වා පිට‍්ඨියං කතජාතිහිඞ‍්ගුලපඤ‍්චඞ‍්ගුලිකපුරිසං ගණ‍්හථා”ති. විජ‍්ජාධරොපි රත‍්තිං අනාචාරං කත්‍වා දිවා සුසානෙ සූරියං නමස‍්සන‍්තො එකපාදෙන තිට‍්ඨති. රාජපුරිසා තං දිස‍්වා පරිවාරයිංසු. සො “පාකටං මෙ කම‍්මං ජාත”න‍්ති විජ‍්ජං පරිවත‍්තෙත්‍වා ආකාසෙන උප‍්පතිත්‍වා ගතො.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ සක්දෙව් රජව ඉපිද සිටියේය. එකල බරණැස් නුවර විසූ එක් විද්‍යාධරයෙක් රෑ මැදියමේ දී මන්ත්‍ර මතුරා, අහසින් බරණැස් රජුගේ මාලිගාවට අවුත් රජුගේ අන්තඃපුරයේ, අග බිසව නිදන යහන් ගැබවට රහසේ ඇතුළු වී, ඇය සමග රහස් ජීවිතයක් ගත කරයි. අග බිසවගේ පරිවාර ස්ත්‍රීහු, කෙසේ හෝ මේ රහස දැන ගත්හ. ඉන්පසු අග මෙහෙසියම රජු වෙත එළඹ ‘දේවයන් වහන්ස, එක් පුරුෂයක් රෑ මැදියමේ සිරියහන් ගැබට පිවිස, මා දූෂණය කෙළේ යැ’යි කීවාය. ‘දේවිය ඒ පුරුෂයා නැවත ඔබ වෙත පැමිණියහොත්, ඔහුගේ සිරුරේ කිසියම් සලකුණක් තැබීමට හැකිද?’ ‘ස්වාමීනි, එය මට අසීරු කාරණයක් නොවේ යැ’යි කී රාජදේවිය රත්හිරියල් කුඩු භාජනයක්, සේවිකාවක් ලවා සිය යහන් ගැබට ගෙන්වා ගත්තාය. එදා රෑ මැදියමේ දී ද, ඉහත කී විද්‍යාධර පුරුෂයා දේවියගේ යහන්ගැබට පැමිණ, ඇය සමග රාත්‍රිය එහි ගතකොට, ආපසු යන්නට සූදානම් විය. එවිට දේවිය රත්සිරියල් බඳුනෙහි අත තබා, ඒ පුරුෂයාගේ පිට මත ඇගේ අතේ ඇඟලි පසම සිටින සේ සලකුණක් තැබුවාය. පසුදා ඒ සලකුණේ විස්තර, දේවිය රජතුමා හමුවෙහි පැහැදිලි කළාය. රාජපුරුෂයන් කැඳවූ රජතුමා ‘පුරුෂයෙනි, සියලු දිසාවන්හි ගොස් සොයා බලා පිටෙහි සිරියල්වලින් කරන ලද අත් සලකුණක් ඇති, මිනිසකු වී නම්, ඔහු අල්වාගෙන මෙහි ගෙනෙවු යැ’යි අණ කෙළේය. ඉහත කී විද්‍යාධරයා ද රෑට රෑට අනාචාරයේ හැසිර, දිවා කාලයෙහි සුසාන භූමියකට ගොස්, එක් පයින් සිට සූර්ය නමස්කාරයෙහි යෙදෙයි. පරීක්‍ෂණයෙහි යෙදී සිටි රාජපුරුෂයන් අතුරෙන් කිසියම් පිරිසකට, සූර්ය වන්දනා කරන විද්‍යාධරයා දක්නට ලැබුණි. රාජපුරුෂයෝ වහා ඔහු වටකර ගත්හ. රාජපුරුෂයන් තමා ළඟට ළංවෙනු දුටු විද්‍යාධරයා ‘මාගේ කෙරුවාව රජු දැනගෙන ඇති බව පෙනේ යැ’යි තේරුම්ගෙන, කිසියම් මන්ත්‍රයක් මතුරා, අහසට නැගී පලා ගියේය.

රාජා තං දිස‍්වා ආගතපුරිසෙ “අද‍්දසථා”ති පුච‍්ඡි. “ආම, අද‍්දසාමා”ති. “කො නාමෙසො”ති? “පබ‍්බජිතො, දෙවා”ති. “සො හි රත‍්තිං අනාචාරං කත්‍වා දිවා පබ‍්බජිතවෙසෙන වසති”. රාජා “ඉමෙ දිවා සමණවෙසෙන චරිත්‍වා රත‍්තිං අනාචාරං කරොන‍්තී”ති පබ‍්බජිතානං කුජ‍්ඣිත්‍වා මිච‍්ඡාගහණං ගහෙත්‍වා “මය‍්හං විජිතා ඉමෙ සබ‍්බෙ පබ‍්බජිතා පලායන‍්තු, දිට‍්ඨදිට‍්ඨට‍්ඨානෙ රාජාණං කරිස‍්සන‍්තූ”ති භෙරිං චරාපෙසි. තියොජනසතිකා කාසිරට‍්ඨා පලායිත්‍වා සබ‍්බෙ පබ‍්බජිතා අඤ‍්ඤරාජධානියො අගමිංසු. සකලකාසිරට‍්ඨෙ මනුස‍්සානං ඔවාදදායකො එකොපි ධම‍්මිකසමණබ්‍රාහ‍්මණො නාහොසි. අනොවාදකා මනුස‍්සා ඵරුසා අහෙසුං, දානසීලවිමුඛා මතමතා යෙභුය්‍යෙන අපායෙ නිබ‍්බත‍්තිංසු, සග‍්ගෙ නිබ‍්බත‍්තනකා නාම නාහෙසුං.

කිසිවක් කරකියා ගත නොහුණු රාජ පුරුෂයෝ, රජ වාසලට පැමිණ සිදුවූ සියල්ල රජුට දැනුම් දුන්හ. එවිට රජතුමා ‘රාජපුරුෂයෙනි, තෙපි ඒ පුරුෂයා හොඳින් දැක ගත්තහු දැ’යි ඇසීය. ‘එසේය දේවයන් වහන්ස, අපි ඔහු මැනවින් දැක ගත්තෙමු. රාජපුරුෂයෙනි, ඔහු කවරෙක්ද?’ ‘දේවයන් වහන්ස, ඔහු තවුසෙකි. ඔහු රාත්‍රී කාලයෙහි අනාචාරයේ යෙදෙමින් දිවා කාලයෙහි තවුස් වෙස්ගෙන හැසිරෙන්නෙකි’යි, රාජපුරුෂයෝ උත්තර දුන්හ. මින් කිපුණු රජතුමා ‘මේ රටේ වෙසෙන සියලු තවුසෝ, මෙබඳු වූ ම චරිත ඇත්තෝ වෙති’යි, යන මිථ්‍යා විශ්වාසයක් ඇතිකොටගෙන, සියලු රාජපුරුෂයන් කැඳවා ‘පුරුෂයෙනි, මාගේ විජිතයෙහි වෙසෙන සියලු තවුසන් රටින් පිටුවහල් කරව. දුටු දුටු තවුසන්ට එසේ කළ යුතු බවට රටවැසියන්ට ද, මා රාජාඥා නිකුත් කළ බව දැනුම් දෙවු, ඒ වෙනුවෙන් අණබෙර ද, හසුරවවු යැ’යි නියෝග කෙළේය. මේ ව්‍යසනය නිමිති කොටගෙන රටෙහි විසූ සියලු තපස්වීවරු, යොදුන් තුන්සියයක් වූ කසී රටින් පලා ගොස්, වෙන වෙන රාජධානිවල ලැගුම් ගත්හ. මුළු කසී රට වැසියන්ට අවවාදයක් දීමට පමණවත් එකදු දැහැමි මහණ බමුණෙක්, රට තුළ නොවීය. අවවාද - අනුශාසනාවලින් බැහැර වූ මිනිස්සු, ටිකෙන් ටික පරුෂ වචන කථා කරන්නට, රළු පැවතුම් ඇතිකර ගන්නට පටන් ගත්හ. දාන-ශීල-ආදියෙන් තොර මිනිස්සු, මැරී ගොස් බෙහෙවින් අපායවල උපන්හ. දෙව්ලොවට යන කිසිදු කෙනෙක් එරට නොවූහ.

සක‍්කො නවෙ දෙවපුත‍්තෙ අපස‍්සන‍්තො “කිං නු ඛො කාරණ”න‍්ති ආවජ‍්ජෙත්‍වා විජ‍්ජාධරං නිස‍්සාය බාරාණසිරඤ‍්ඤා කුද‍්ධෙන මිච‍්ඡාගහණං ගහෙත්‍වා පබ‍්බජිතානං රට‍්ඨා පබ‍්බාජිතභාවං ඤත්‍වා “ඨපෙත්‍වා මං අඤ‍්ඤො ඉමස‍්ස රඤ‍්ඤො මිච‍්ඡාගහණං භින්‍දිතුං සමත්‍ථො නාම නත්‍ථි, රඤ‍්ඤො ච රට‍්ඨවාසීනඤ‍්ච අවස‍්සයො භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා නන්‍දමූලපබ‍්භාරෙ පච‍්චෙකබුද‍්ධානං සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “භන‍්තෙ, මය‍්හං එකං මහල‍්ලකං පච‍්චෙකබුද‍්ධං දෙථ, කාසිරට‍්ඨං පසාදෙස‍්සාමී”ති ආහ. සො සඞ‍්ඝත්‍ථෙරමෙව ලභි, අථස‍්ස පත‍්තචීවරං ගහෙත්‍වා තං පුරතො කත්‍වා සයං පච‍්ඡතො හුත්‍වා සිරස‍්මිං අඤ‍්ජලිං ඨපෙත්‍වා පච‍්චෙකබුද‍්ධං නමස‍්සන‍්තො උත‍්තමරූපධරො මාණවකො හුත්‍වා සකලනගරස‍්ස මත්‍ථකෙන තික‍්ඛත‍්තුං විචරිත්‍වා රාජද‍්වාරං ආගන‍්ත්‍වා ආකාසෙ අට‍්ඨාසි. අමච‍්චා රඤ‍්ඤො ආරොචෙසුං “දෙව, අභිරූපො මාණවකො එකං සමණං ආනෙත්‍වා රාජද‍්වාරෙ ආකාසෙ ඨිතො”ති. රාජා ආසනා උට‍්ඨාය සීහපඤ‍්ජරෙ ඨත්‍වා “මාණවක, කස‍්මා ත්‍වං අභිරූපො සමානො එතස‍්ස විරූපස‍්ස සමණස‍්ස පත‍්තචීවරං ගහෙත්‍වා නමස‍්සමානො ඨිතො”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

‘දෙව්ලොවට පැමිණෙන සත්ත්වයන් මෙපමණ හිඟ වූයේ, කුමන හේතුවක් නිසාදැ’යි, සිතා බැලූ සක්දෙව් රජ සියලු හේතූන් පරීක්‍ෂා කර බලා, සියල්ල තත්ත්වාකාරයෙන් දැන ‘බරණැස් රජුගේ මේ මිථ්‍යා දෘෂ්ටිය බිදීමට, මා හැර අන් කවරෙක් ඊට සමත් වේදැ’යි කල්පනා කොට බලා, ‘මේ රජුටත් රට වැසියන්ටත් පිහිට වන්නෙමි’යි, අදිටන් කර ගත්තේය. මෙසේ තීරණයකට බැසගත් ශක්‍රයා ‘නන්‍දමූලක’ පර්වත ප්‍රාන්තයට ගොස්, එහි වැඩවෙසෙන පසේබුදුවරුන් හමු වී, උන්වහන්සේට නමස්කාර කොට කසී රටට සිදුවී ඇති විපත උන්වහන්සේ හමුවෙහි පැහැදිලි කොට, ‘ස්වාමීනි, මට එක් මහලු පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලබාදෙනු මැනව, මම උන්වහන්සේගේ මාර්ගයෙන් කසී රටට යහපතක්, ශාන්තියක් කරන්නෙමි. කසී රට පහදවන්නෙමි’යි කීය. උතුම් පරමාර්ථයක් පෙරදැරි කොටගත්, සක්දෙව් රජුට, තම කාර්යය ඉෂ්ට සිද්ධ කරගැනීම සඳහා සංඝත්‍ථෙර (පැවිද්දෙන් හා උපසම්පදාවෙන් සියලු දෙනා වහන්සේට වැඩිමහලු වූ) පසේ බුදුරජාණන් වහන්සේ නමක්ම ලැබුණි. පසේ බුදුරජාණන් වහන්සේ පෙරටු කොටගත්, ශක්‍රයා උන්වහන්සේගේ පාසිවුරු ගෙන, දොහොත් මුදුන් දී වැඳගෙන, පසුපසින් ඉතා සන්සුන් ලීලාවෙන් අහසින් ගමන් කෙළේය. බරණැස් නුවර පුරා අහසෙහි, ඉතා පහළ මට්ටමකින් ගමන් කරන මේ පසේ බුදුරජාණන් වහන්සේ හා උසස් රූපශ්‍රීයෙන් යුත්, මේ තරුණ මානවකයා දුටු බොහෝ අය පුදුමයට පත්වූහ. වට තුනක් නුවර පුරා මෙසේ ගමන් කළ ශක්‍රයා, ඉන්පසු පසේ බුදුරදුන් කැටුව රාජ මාලිගාවට ගොස්, රජ දොරටුව සමීපයෙහි බුදුරදුන් පෙරටු කොටගෙන නමස්කාර කරමින් සිටියේය. ඒ දුටු රාජ පුරුෂයෝ රජු වෙත ‘දේවයන් වහන්ස, අභිරූපී වූ එක් මානවකයෙක් තවත් ශ්‍රමණයකු සමග මෙහි අවුත්, රාජකීය දොරටුව අබියස අහසෙහි සිටී යැ’යි, දැනුම් දුන්හ. වහා අසුනින් නැගිට ගත් රජතුමා, සීමැදුරු කවුළුව සමීපයට පැමිණ, ‘මානවකය, ඔබ විශිෂ්ට රූපශ්‍රී ඇත්තෙකි. එතකුදු වුවත් මේ විරූපී මහණකුගේ, පාසිවුරු ගෙන වඳිමින් කුමට නම් සැරිසරාදැ’යි, ශක්‍රයා සමග කථා කරමින් මෙසේ කීය.

“දුබ‍්බණ‍්ණරූපං තුවමරියවණ‍්ණී, පුරක‍්ඛත්‍වා පඤ‍්ජලිකො නමස‍්සසි; සෙය්‍යො නු තෙසො උදවා සරික‍්ඛො, නාමං පරස‍්සත‍්තනො චාපි බ්‍රූහී”ති.

අබ්බණ්ණ රූපං තුව මරිය වර්ණී පුරකචත්‍වා පඤ්ජිලිකො නමස්සසී, සෙය්‍යාන තෙසො උදවා සරීක්ඛො නාමං පරස්සත්ත නො චාපි බ්‍රෑහී

සුන්දර රූ සිරි ඇති ඔබ, දුර්වර්ණ ස්වරූප ඇති තැනැත්තකු පෙරටු කොට ගෙන දොහොත් මුදුනේ තබා වඳින්නෙහිය. ඔබ තැනැත්තා ඔබතුමාට වඩා උතුමෙක්ද? නැතිනම් ඔබ හා සමානයෙක්ද? ඔහුගේත්, ඔබේත් නම කියනු මැනව.

තත්‍ථ අරියවණ‍්ණීති සුන්‍දරරූපො. සෙය්‍යො නු තෙසොති එසො විරූපො පබ‍්බජිතො කිං නු තයා උත‍්තරිතරො, උදාහු සරික‍්ඛො. නාමං පරස‍්සත‍්තනො චාපීති එතස‍්ස පරස‍්ස ච අත‍්තනො ච නාමං බ්‍රූහීති පුච‍්ඡති.

මෙහි ‘අරියවණ්ණි’ යනු ‘සුන්දර රූසිරි ඇති’ යන අර්ථයි. ‘සෙය්‍යොනුතෙ තො’ යනු ‘මේ විරූපී පැවිද්දා කවරෙක්ද? ඔබට වඩා උතුම් කෙනෙක්ද? නැතහොත් ඔබ හා සමාන කෙනෙක්ද?’ යන අර්ථයි. ‘පරස්සත්තනො ච’ යනු ‘ඒ ඔහුගේ ද, ඔබගේ ද නම කියව යි, කියා ප්‍රශ්න කෙළේය’ යන අර්ථයි.

අථ නං සක‍්කො “මහාරාජ, සමණා නාම ගරුට‍්ඨානියා, තෙන මෙ නාමං ලපිතුං න ලබ‍්භති, මය‍්හං පන තෙ නාමං කථෙස‍්සාමී”ති වත්‍වා දුතියං ගාථමාහ –

ඉක්බිති ශක්‍රයා රජු අමතා ‘මහරජතුමනි, ශ්‍රමණයෝ නම්, ගරු කටයුත්තෝය. එබැවින් මාගෙන් උන්වහන්සේගේ නාමය නො කියැවේ. එහෙත් මගේ නම මම ඔබට කියන්නෙමි’යි පවසා මේ ගාථාව කීය.

“න නාමගොත‍්තං ගණ‍්හන‍්ති රාජ, සම‍්මග‍්ගතානුජ‍්ජුගතාන දෙවා; අහඤ‍්ච තෙ නාමධෙය්‍යං වදාමි, සක‍්කොහමස‍්මී තිදසානමින්‍දො”ති.

2. රජතුමනි, රහත්ව නිවනට පත් උතුමන්ගේ නාම-ගෝත්‍ර දෙවිවරු උච්චාරණය නොකෙරෙති. මම ඔබට මගේ නම කියමි. මම වූ කලී තිදස පුර දෙවියන්ට ප්‍රධාන වූ ශක්‍රයා වෙමි.

තත්‍ථ සම‍්මග‍්ගතානුජ‍්ජුගතාන දෙවාති මහාරාජ, සබ‍්බසඞ‍්ඛාරෙ යථා සභාවසරසවසෙන සම‍්මසිත්‍වා අග‍්ගඵලං අරහත‍්තං පත‍්තත‍්තා සම‍්මග‍්ගතානං, උජුනා ච අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන නිබ‍්බානං ගතත‍්තා උජුගතානං මහාඛීණාසවානං උපපත‍්තිදෙවෙහි උත‍්තරිතරානං විසුද‍්ධිදෙවානං උපපත‍්තිදෙවා නාමගොත‍්තං න ගණ‍්හන‍්ති. අහඤ‍්ච තෙ නාමධෙය්‍යන‍්ති අපිච අහං අත‍්තනො නාමධෙය්‍යං තුය‍්හං කථෙමි.

මෙහි ‘සම්මග්ගතානුජ්ජුගතාන දෙවා’ යනු ‘මහරජ, සියලු සංස්කාර ධර්මයන් ඇති සැටියෙන් සිහිකිරීම් වශයෙන් මෙනෙහිකොට, අග්‍රඵලය වූ රහත් භාවයට පත් බැවින් ‘සම්මග්ගත’ නම් වූ ද, සෘජු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවනට පැමිණි බැවින්, ඒ නිවන් පත් මහරහතුන්ගේ, උත්පත්ති දෙවියන්ට වඩා උත්තරීතර වූ, ‘විසුද්ධි දේව’ නම් වූ රහතන් වහන්සේගේ නාම-ගෝත්‍ර උත්පත්ති දෙවිවරු උච්චාරණය නොකෙරෙති’ යන අර්ථයි. ‘අහං ච තෙ නාමධෙය්‍යං’ යනු ‘එසේ වුවත් මම ඔබට මගේ නම කියමි’ යන අර්ථයි.

තං සුත්‍වා රාජා තතියගාථාය භික‍්ඛුනමස‍්සනෙ ආනිසංසං පුච‍්ඡි –

මෙය අසා සිටි රජතුමා භික්‍ෂූන්ට නමස්කාර කිරීමෙහි, ආනිසංස ශක්‍රයාගෙන් විමසමින් මෙසේ ප්‍රශ්න කෙළේය.

“යො දිස‍්වා භික‍්ඛුං චරණූපපන‍්නං, පුරක‍්ඛත්‍වා පඤ‍්ජලිකො නමස‍්සති; පුච‍්ඡාමි තං දෙවරාජෙතමත්‍ථං, ඉතො චුතො කිං ලභතෙ සුඛං සො”ති.

3. දේවරාජය, මේ කාරණය මම ඔබෙන් විචාරමි. යමෙක් චරණයෙන් යුතු භික්‍ෂුවක් දැක, උන්වහන්සේ පෙරටු කොටගෙන, දොහොත් මුදුන් දී නමස්කාර කරන්නේද? ඔහු මෙලොවින් චුත වූ පසු, කිනම් සැපයක් ලබාද?

සක‍්කො චතුත්‍ථගාථාය කථෙසි –

රජුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශක්‍රයා මෙසේ කීය.

“යො දිස‍්වා භික‍්ඛුං චරණූපපන‍්නං, පුරක‍්ඛත්‍වා පඤ‍්ජලිකො නමස‍්සති; දිට‍්ඨෙව ධම‍්මෙ ලභතෙ පසංසං, සග‍්ගඤ‍්ච සො යාති සරීරභෙදා”ති.

4. යමෙක් චරණයෙන් යුතු භික්‍ෂුවක් දැක, උන්වහන්සේ පෙරටු කොට ගෙන, දොහොත් මුදුන් දී නමස්කාර කරන්නේද? ඔහු මෙලොව දීම, ප්‍රශංසා ලබයි. මරණින් මතු දෙව්ලොව යයි.

තත්‍ථ භික‍්ඛුන‍්ති භින‍්නකිලෙසං පරිසුද‍්ධපුග‍්ගලං. චරණූපපන‍්නන‍්ති සීලචරණෙන උපෙතං. දිට‍්ඨෙව ධම‍්මෙති න කෙවලං ඉතො චුතොයෙව, ඉමස‍්මිං පන අත‍්තභාවෙ සො පසංසං ලභති, පසංසාසුඛං වින්‍දතීති.

මෙහි ‘භික්ඛුං’ යනු ‘බිඳ දැමූ කෙලෙස් ඇති පිරිසිදු පුද්ගලයා ය. ‘චරණුපපන්නං’ යනු ‘ශීල-චරණ යන මෙයින් යුතු’ යන අර්ථයි. ‘දිට්ඨෙවධම්මෙ’ යනු ‘හුදෙක් මෙයින් චුත වූ පසු පමණක් නොව, මේ ආත්ම භාවයේදීම ඔහු ප්‍රශංසා ලබයි. පැසසුම් සුවයද විඳියි’ යන අර්ථයි.

රාජා සක‍්කස‍්ස කථං සුත්‍වා අත‍්තනො මිච‍්ඡාගහණං භින්‍දිත්‍වා තුට‍්ඨමානසො පඤ‍්චමං ගාථමාහ –

රජතුමා ශක්‍රයාගේ කථාව අසා, තමා ගත් මිථ්‍යා දෘෂ්ටිය සිඳ දමා, සතුටු සිතින් මෙසේ පැවසීය.

“ලක‍්ඛී වත මෙ උදපාදි අජ‍්ජ, යං වාසවං භූතපතිද‍්දසාම; භික‍්ඛුඤ‍්ච දිස‍්වාන තුවඤ‍්ච සක‍්ක, කාහාමි පුඤ‍්ඤානි අනප‍්පකානී”ති.

5. අද දෙවියන්ට ප්‍රධාන වූ ‘වාසව’ නම් වූ, යම් ශක්‍රයෙක් දුටුවෙම්ද? ඒකාන්තයෙන් ම එයින් මට සම්පත්තියක් පහළ විය. ‘සක්දෙවිඳුනි, අද මේ භික්‍ෂුවත්, ඔබත් දැකීමෙන් අනල්ප වූ පින් කරගනිමි.

තත්‍ථ ලක‍්ඛීති සිරී, පඤ‍්ඤාතිපි වදන‍්ති. ඉදං වුත‍්තං හොති – අජ‍්ජ මම තව වචනං සුණන‍්තස‍්සෙව කුසලාකුසලවිපාකජානනපඤ‍්ඤා උදපාදීති. යන‍්ති නිපාතමත‍්තං. භූතපතිද‍්දසාමාති භූතපතිං අද‍්දසාම.

මෙහි ‘ලක්ඛි’ යනු සම්පත්තියයි. ප්‍රඥාව ගැන ද මෙසේ කියති. මින් කියන ලද්දේ මේ අදහසයි. එනම් අද ඔබේ වචනයට ඇහුම්කන් දුන් මට කුශලාකුශල විපාක තේරුම් ගන්නා නුවණ පහළ විය’ යන අර්ථයි. ‘යං’ යනු ‘නිපාතයක් පමණි.’ ‘භූතපතද්දසාම’ යනු ‘ශක්‍රයා දුටුවෙමු’ යන අර්ථයි.

තං සුත්‍වා සක‍්කො පණ‍්ඩිතස‍්ස ථුතිං කරොන‍්තො ඡට‍්ඨං ගාථමාහ –

ඒ ඇසූ ශක්‍රයා නුවණ පාදා ගත් රජුට, ස්තුති කරමින් මෙසේ පැවසීය.

“අද‍්ධා හවෙ සෙවිතබ‍්බා සපඤ‍්ඤා, බහුස‍්සුතා යෙ බහුඨානචින‍්තිනො; භික‍්ඛුඤ‍්ච දිස‍්වාන මමඤ‍්ච රාජ, කරොහි පුඤ‍්ඤානි අනප‍්පකානී”ති.

6. බහුශ්‍රැත වූ, බොහෝ කරුණු ගැන චින්තනය මෙහෙයවිය හැකි ප්‍රාඥ වූ, යම් කෙනෙක් වෙත්ද? ඒකාන්තයෙන් ඔවුහු ඇසුරු කළ යුතු වෙති. රජතුමනි, මේ භික්‍ෂුවත් මාත් දැකීමෙන්, අනල්ප වූ පින් රැස්කර ගනුව.

තත්‍ථ බහුඨානචින‍්තිනොති බහූනි කාරණානි චින‍්තනසමත්‍ථා.

මෙහි ‘බහුට්ඨානචින්තිනො’ යනු ‘බොහෝ කරුණු ගැන සිතා බැලීමට සමත්’ යන අර්ථයි.

තං සුත්‍වා රාජා ඔසානගාථමාහ –

ශක්‍රයාගේ එම ප්‍රකාශයෙන් පසු, රජතුමා අවසාන වශයෙන් මෙසේ කීය.

“අක‍්කොධනො නිච‍්චපසන‍්නචිත‍්තො, සබ‍්බාතිථීයාචයොගො භවිත්‍වා; නිහච‍්ච මානං අභිවාදයිස‍්සං, සුත්‍වාන දෙවින්‍ද සුභාසිතානී”ති.

7. දේවේන්‍ද්‍රය, ඔබේ සුභාෂිතයන් අසා ක්‍රෝධ නැත්තෙක් වෙමි. නිති ප්‍රසන්න සිත් ඇත්තෙක් වෙමි. සියලු ආගන්තුකයන්ගේ ඉල්ලීම්වලට සුදුස්සෙක් වී, මානය දුරුකොට (උතුමන්ට) නමස්කාර කරන්නෙක් වෙමි.

තත්‍ථ සබ‍්බාතිථීයාචයොගො භවිත්‍වාති සබ‍්බෙසං අතිථීනං ආගතානං ආගන‍්තුකානං යං යං තෙ යාචන‍්ති, තස‍්ස තස‍්ස යුත‍්තො අනුච‍්ඡවිකො භවිත්‍වා, සබ‍්බං තෙහි යාචිතයාචිතං දදමානොති අත්‍ථො. සුත්‍වාන දෙවින්‍ද සුභාසිතානීති තව සුභාසිතානි සුත්‍වා අහං එවරූපො භවිස‍්සාමීති වදති.

මෙහි ‘සබ්බාතිථියාචයොගො භවිත්‍ථා’ යනු ‘සියලු ආගන්තුකයන්ට එනම්, පැමිණි-නොපැමිණි ආගන්තුකයන් අතුරෙන්, යම්කිසි කෙනෙක්, යම්-යම් දෙයක් ඉල්ලත්ද? ඒ ඒ දේ දීමට යෝග්‍ය වූ, සුදුසු පුද්ගලයෙක් වී ඔවුන් විසින් ඉල්ලන ලද, ආයාචනා කරන ලද සියල්ල ලබාදෙන්නෙක් වී’ යන අර්ථයි. ‘සුත්‍වාන දෙවින්‍ද සුභාසිතානි’ යනු ‘ඔබේ සුභාෂිතයන් අසා, ‘මම එවැනි පුද්ගලයෙක් වන්නෙමි’යි කියයි’ යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා පාසාදා ඔරුය‍්හ පච‍්චෙකබුද‍්ධං වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. පච‍්චෙකබුද‍්ධො ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා “මහාරාජ, විජ‍්ජාධරො න සමණො, ත්‍වං ඉතො පට‍්ඨාය ‘අතුච‍්ඡො ලොකො, අත්‍ථි ධම‍්මිකසමණබ්‍රාහ‍්මණා’ති ඤත්‍වා දානං දෙහි, සීලං රක‍්ඛ, උපොසථකම‍්මං කරොහී”ති රාජානං ඔවදි. සක‍්කොපි සක‍්කානුභාවෙන ආකාසෙ ඨත්‍වා “ඉතො පට‍්ඨාය අප‍්පමත‍්තා හොථා”ති නාගරානං ඔවාදං දත්‍වා “පලාතා සමණබ්‍රාහ‍්මණා ආගච‍්ඡන‍්තූ”ති භෙරිං චරාපෙසි. අථ තෙ උභොපි සකට‍්ඨානමෙව අගමංසු. රාජා තස‍්ස ඔවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි අකාසි.

මෙසේ කී රජතුමා වහා මාලිගාවෙන් බැස, පසේ බුදුරදුන්ට නමස්කාර කොට, එකත්පසෙක සිටියේය. පසේ බුදුරජාණන් වහන්සේ අහසෙහි පලක් බැඳ වැඩ හිඳ, ‘මහරජතුමනි, ඔය කියන ලද විද්‍යාධරයා ශ්‍රමණයෙක් නොවේ. මේ ලෝකය දැහැමි මහණ බමුණන්ගෙන් හිස් වූවක් නොවේ. එබැවින් දන් දෙන්න. සිල් රකින්න. පොහෝ කටයුතු නිති සිදු කරන්නැ’යි රජුට අවවාද කළ සේක. ශක්‍රයා ද ස්වකීය ශක්‍ර ලීලාවෙන් අහසෙහි ම සිට, ‘මෙතැන් පටන් අප්‍රමාදී ව කටයුතු කරවු යැ’යි නුවර වැසියන්ට අවවාද දී, එම රටින් පිටුවහල් කරන ලද මහණ බමුණන්ට, නැවත රටට පැමිණෙන්නට ආරාධනා කරමින්, බෙර හසුරුවන ලෙස රජුට දැනුම් දී, පසේ බුදුරජාණන් වහන්සේ ද කැටුව, තම-තමන්ගේ වාසස්ථාන කරා යන්නට පිටත් විය. රජතුමා ඒ අවවාදවල පිහිටා බොහෝ පින්කම් කෙළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පච‍්චෙකබුද‍්ධො පරිනිබ‍්බුතො, රාජා ආනන්‍දො අහොසි, සක‍්කො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. එදා ඒ පසේ බුදුරජාණන් වහන්සේ, පසුකලෙක පිරිනිවන් පෑ සේක. රජතුමා නම් ආනන්ද තෙරණුවෝය. සක්දෙව් රජ වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

විජ‍්ජාධරජාතකවණ‍්ණනා ඡට‍්ඨා.