යෙදුමෙන් කියවන්න

5. මය‍්හකජාතකවණ‍්ණනා 390 අට‍්ඨකථා

5. මය‍්හකජාතකවණ‍්ණනා (390)

5. මය්හක ජාතකය (390)

සකුණො මය‍්හකො නාමාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ආගන‍්තුකසෙට‍්ඨිං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියඤ‍්හි ආගන‍්තුකසෙට‍්ඨි නාම අඩ‍්ඪො අහොසි මහද‍්ධනො. සො නෙව අත‍්තනා භොගෙ භුඤ‍්ජි, න පරෙසං අදාසි, නානග‍්ගරසෙ පණීතෙ භොජනෙ උපනීතෙ තං න භුඤ‍්ජති, බිලඞ‍්ගදුතියං කණාජකං එව භුඤ‍්ජති, ධූපිතවාසිතෙසු කාසිකවත්‍ථෙසු උපනීතෙසු තානි හාරෙත්‍වා ථූලථූලසාටකෙ නිවාසෙති, ආජානීයයුත‍්තෙ මණිකනකවිචිත‍්තෙ රථෙ උපනීතෙ තම‍්පි හරාපෙත්‍වා කත‍්තරරථකෙන ගච‍්ඡති, සුවණ‍්ණච‍්ඡත‍්තෙ ධාරියමානෙ තං අපනෙත්‍වා පණ‍්ණච‍්ඡත‍්තෙන ධාරියමානෙන. සො යාවජීවං දානාදීසු පුඤ‍්ඤෙසු එකම‍්පි අකත්‍වා කාලං කත්‍වා රොරුවනිරයෙ නිබ‍්බත‍්ති. තස‍්ස අපුත‍්තකං සාපතෙය්‍යං රාජබලං සත‍්තහි රත‍්තිදිවසෙහි රාජකුලං පවෙසෙසි. තස‍්මිං පවෙසිතෙ රාජා භුත‍්තපාතරාසො ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිසින‍්නො “කිං, මහාරාජ, බුද‍්ධුපට‍්ඨානං න කරොසී”ති වුත‍්තෙ “භන‍්තෙ, සාවත්‍ථියං ආගන‍්තුකසෙට‍්ඨිනො නාම කාලකතස‍්ස අස‍්සාමිකධනෙ අම‍්හාකං ඝරෙ ආහරියමානෙයෙව සත‍්ත රත‍්තිදිවසා ගතා, සො පන එතං ධනං ලභිත්‍වාපි නෙව අත‍්තනා පරිභුඤ‍්ජි, න පරෙසං අදාසි, රක‍්ඛසපරිග‍්ගහිතපොක‍්ඛරණී වියස‍්ස ධනං අහොසි, සො එකදිවසම‍්පි පණීතභොජනාදීනං රසං අනනුභවිත්‍වාව මරණමුඛං පවිට‍්ඨො, එවං මච‍්ඡරී අපුඤ‍්ඤසත‍්තො කිං කත්‍වා එත‍්තකං ධනං ලභි, කෙන චස‍්ස භොගෙසු චිත‍්තං න රමී”ති සත්‍ථාරං පුච‍්ඡි. සත්‍ථා “මහාරාජ, ධනලාභො ච, ධනං ලද‍්ධා අපරිභුඤ‍්ජනකාරණඤ‍්ච තෙනෙව කත”න‍්ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘සකුණො මය්හකො නාම’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, ‘ආගන්තුක’ සිටුවරයා අරබයා වදාළ සේක. සැවැත් නුවර ආගන්තුක සිටුවරයා නමින් ප්‍රසිද්ධ, සම්පතින් ආඪ්‍ය, ඉතා ධනවත් සිටුතුමෙක් විය. කෙතරම් ධනය තිබුණත්, ඒ සම්පත් තෙමේ ද, පරිහරණය නොකරයි. අනුන්ට ද නොදෙයි. විවිධ රස ඇති ප්‍රණීත භෝජනයක් ඔහුට ලැබුණත්, එය අනුභව නොකරන ඔහු, ඒ වෙනුවට කාඩි හොදි සමග සුණුසහල් බත් ම කයි. සුවඳ කවන ලද කසී සළු ලැබුණුවිට, ඔහු ඒවා සඟවා තබා, දළ රෙදි සාටක ම හඳයි. ආජානීය අසුන් යොදන ලද, මැණික් හා රනින් විසිතුරු කරන ලද, වාහන ලැබුණු කල්හි, ඒවා ඉවත්කොට තබා, කොළ අතුවලින් වහලය ආවරණය කරන ලද ඉතා කුඩා කරත්තයකින් ගමන් කරයි. ජීවත්ව සිටි තාක් කල්, දානාදී පින්කම් අතුරෙන් එකකුදු නො කළ ඔහු මරණින් මතු, රෞරව නරකයේ උපන්නේය. අඹුදරුවන් නොසිටි, ඔහුගේ සියලු සම්පත් රාජ සන්තක වූ බැවින්, රජුගේ ඇනවුමෙන් රාජපුරුෂයෝ දිවා රාත්‍රී දින හතක් මුළුල්ලේ ඒවා, රාජ භාණ්ඩාගාරයට ඇද්දාහුය. මේ කටයුතු සියල්ල හමාර කළ රජතුමා, පසුදා උදයේ ආහාරයෙන් පසු දෙව්රමට ගොස්, බුදුරදුන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ රජු අමතා ‘කිමෙක් ද? මහරජතුමනි, ඔබ දින කිහිපයකින් බුද්ධෝපස්ථානය සඳහා පැමිණියේ නැහැ නොවේදැ’යි, ඇසූහ. ‘ස්වාමීනි, මේ සැවැත්නුවර විසූ ආගන්තුක සිටුවරයා කලුරිය කෙළේය. අස්වාමික වූ ඔහුගේ සියලු ධනය රාජකීය භාණ්ඩාගාරයට බැර කිරීමේ කටයුත්තෙහි යෙදීමෙන්ම, දින හතක් ගතවිය. ස්වාමීනි, ඔහු මෙපමණ විශාල ධනයක් ඇතිව සිටියත්, හරිහැටි කෑම වේලක් අනුභව කෙළේවත්, කිසිවක් අනුන්ට දුන්නේවත් නැත. ඔහුගේ ධනය රකුසකු අරක් ගත් පොකුණක් වැනි විය. ස්වාමීනි, එක් දිනක්වත් ප්‍රණීත රස බොජුනක් අනුභව නොකරම ඔහු මිය ගියේය. මෙවැනි මසුරු පව්කාරයෙක් කුමක් නම් සිදුකොට, මෙපමණ ධනයක් ලැබුවේ ද? කුමක් නිසා තම සම්පත් භුක්ති විඳීමට, ඔහුගේ සිත නොනැමුණේ දැ’යි, රජතුමා බුදුරදුන්ගෙන් විමසා සිටියේය. ‘මහරජතුමනි, ධන ලාභයට හේතු වූ කාරණයත්, ලැබූ ධනය පරිභෝග කරන්නට තරම් වාසනාවක් නොමැති වූ කාරණයත්, ඔහු විසින් ම සිදුකොට ගත්තකි’යි, වදාළ බුදුරජාණන් වහන්සේ, රජුගේ අයැදුමෙන් මේ අතීත කථාව, මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බාරාණසිසෙට‍්ඨි අස‍්සද‍්ධො අහොසි මච‍්ඡරී, න කස‍්සචි කිඤ‍්චි දෙති, න කඤ‍්චි සඞ‍්ගණ‍්හාති. සො එකදිවසං රාජුපට‍්ඨානං ගච‍්ඡන‍්තො තගරසිඛිං නාම පච‍්චෙකබුද‍්ධං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා වන්‍දිත්‍වා “ලද‍්ධා, භන‍්තෙ, භික‍්ඛා”ති පුච‍්ඡිත්‍වා “නනු චරාම මහාසෙට‍්ඨී”ති වුත‍්තෙ පුරිසං ආණාපෙසි “ගච‍්ඡ, ඉමං අම‍්හාකං ඝරං ආනෙත්‍වා මම පල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා අම‍්හාකං පටියත‍්තභත‍්තස‍්ස පත‍්තං පූරෙත්‍වා දාපෙහී”ති. සො පච‍්චෙකබුද‍්ධං ඝරං නෙත්‍වා නිසීදාපෙත්‍වා සෙට‍්ඨිභරියාය ආචික‍්ඛි. සා නානග‍්ගරසභත‍්තස‍්ස පත‍්තං පූරෙත්‍වා තස‍්ස අදාසි. සො භත‍්තං ගහෙත්‍වා සෙට‍්ඨිනිවෙසනා නික‍්ඛමිත්‍වා අන‍්තරවීථියං පටිපජ‍්ජි. සෙට‍්ඨි රාජකුලතො පච‍්චාගච‍්ඡන‍්තො තං දිස‍්වා වන්‍දිත්‍වා “ලද‍්ධං, භන‍්තෙ, භත‍්ත”න‍්ති පුච‍්ඡි. “ලද‍්ධං මහාසෙට‍්ඨී”ති. සො පත‍්තං ඔලොකෙත්‍වා චිත‍්තං පසාදෙතුං නාසක‍්ඛි , “ඉමං මෙ භත‍්තං දාසා වා කම‍්මකරා වා භුඤ‍්ජිත්‍වා දුක‍්කරම‍්පි කම‍්මං කරෙය්‍යුං, අහො වත මෙ ජානී”ති අපරචෙතනං පරිපුණ‍්ණං කාතුං නාසක‍්ඛි. දානඤ‍්හි නාම තිස‍්සො චෙතනා පරිපුණ‍්ණං කාතුං සක‍්කොන‍්තස‍්සෙව මහප‍්ඵලං හොති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බරණැස් සිටුතුමා ශ්‍රද්ධාවක් නැති මසුරෙක් විය. ඔහු කිසිවක් කිසිවකුට නොදෙන සුලුය. එබැවින් කිසිම සංග්‍රහයක් කා වෙනුවෙන්වත් නො කරයි. ඔහු කිසියම් දවසක රජුට උපස්ථාන පිණිස රජ මැදුරට යද්දී ‘තගරසිඛී’ නම් පසේ බුදුරදුන් පිඬු පිණිස චාරිකාවේ යෙදෙනු දැක, උන්වහන්සේ වෙත ගොස් නමස්කාර කොට, ‘ස්වාමීනි, පිණ්ඩපාතය ලැබුණු සේක් දැ’යි විචාළේය. එවිට පසේබුදුරදහු ‘සිටුතුමනි, තවම නැත, මේ පිඬුසිඟා යන ගමන් යැ’යි වදාළහ. ඒ ඇසූ සිටුතුමා තම පුරුෂයකු කැඳවා ‘පුරුෂය, වහා අප නිවසට මේ පසේ බුදුරදුන් වඩම්මා ගෙන ගොස්, මාගේ අසුනෙහි උන්වහන්සේ වැඩහිඳුවා, මා වෙනුවෙන් පිළියෙල කරන ලද භෝජනය පාත්‍රයෙහි පුරවා, උන්වහන්සේට පිළිගන්වව’යි, අණ කෙළේය. ඒ මිනිසා ද පසේ බුදුරදුන් සිටු මාලිගයට කැඳවා ගෙන ගොස්, සිටුතුමාගේ අසුනෙහි වඩා හිඳුවා, ඊළඟට කළයුතු කාරිය, සිටු බිරියට දැනුම් දුන්නේය. ඇය ද නා නා රසයෙන් යුත් ව්‍යඤ්ජන සහිතව දානය පාත්‍රය පුරවා, පසේ බුදුරදුන්ට පූජා කළාය. බත් පාත්‍රය අතට ගත් පසේ බුදුරජාණන් වහන්සේ, සිටු නිවසින් නික්ම වීදියට පිළිපන් සේක. රජගෙදර සිට පෙරළා පැමිණෙන සිටුවරයාට පසේ බුදුරදුන් මුණගැසුණි. උන්වහන්සේ දුටු සිටුතුමා වහා ගොස්, උන්වහන්සේට නමස්කාර කොට ‘ස්වාමීනි, දානය ලැබුණු සේක්දැ’යි ඇසීය. ‘ලදිමි, සිටුතුමනි’ යි, පසේ බුදුරදහු වදාළහ. උන්වහන්සේගේ පාත්‍රය වෙතට නැඹුරු වී බැලූ සිටුතුමාට සිත පහදවා ගැනීමට නොහැකි විය. ‘මාගේ මේ භෝජනය දාසයන්ට හෝ කම්කරුවන්ට හෝ දුන්නේ නම්, දුෂ්කර වැඩක් වුවද, පහසුවෙන් කරගත හැකිව තිබුණා නොවේද? අහෝ මට වූ හානියක තරමැ’යි, සිතූ ඔහුගේ අපර චේතනාව ද පරිපූරණය කරගැනීමට නොහැකි විය. ‘දානයක් නම්, ත්‍රිවිධ චේතනා පරිපූරණය කරගැනීමෙන් පමණක්ම මහත් ඵල වේ.’

“පුබ‍්බෙව දානා සුමනා භවාම, දදම‍්පි වෙ අත‍්තමනා භවාම; දත්‍වාපි වෙ නානුතප‍්පාම පච‍්ඡා, තස‍්මා හි අම‍්හං දහරා නමිය්‍යරෙ. (ජා· 1.10.95);

පුබ්බෙව දානා සුමනා භවාම, දදම්පි චෙ අත්තමනා භවාම, දත්‍වාපි චෙ නාත්‍රතපාම පච්ඡා, තස්මාහි අම්හර පච්ඡා

අපි දානයට පෙරම සතුටු වෙමු. ඒකාන්තයෙන් දන් දෙන විටද, සතුටු සිතින් යුක්ත වෙමු. දීමෙන් අනතුරුව පසුතැවිලි නොවෙමු. මේ හේතුවෙන් අපේ අය කුඩා කල නො මියෙති.

“පුබ‍්බෙව දානා සුමනො, දදං චිත‍්තං පසාදයෙ; දත්‍වා අත‍්තමනො හොති, එසා යඤ‍්ඤස‍්ස සම‍්පදා”. (අ· නි· 6.37; පෙ· ව· 305);

පුබ්බෙව දානා සුමනො - දදා චිත්තං පසාද යෙ, දත්‍වා අත්තමනො හොති - එසා යඤ්ඤස්ස සම්පදා

දානයට පෙර සතුටු සිත් ඇතිකොට ගැනීමත්, දන් දෙන අවස්ථාවේ සිත පහදවා ගැනීමත්, දීමෙන් පසු ඒ ගැන සතුටු වීමත් යන මේවා දානයේ පරිපූර්ණත්වයට අදාල කරුණු වේ.

ඉති, මහාරාජ, ආගන‍්තුකසෙට‍්ඨි තගරසිඛිපච‍්චෙකබුද‍්ධස‍්ස දින‍්නපච‍්චයෙන බහුං ධනං ලභි, දත්‍වා අපරචෙතනං පණීතං කාතුං අසමත්‍ථතාය භොගෙ භුඤ‍්ජිතුං නාසක‍්ඛීති. “පුත‍්තං පන කස‍්මා න ලභි, භන‍්තෙ”ති? සත්‍ථා “පුත‍්තස‍්ස අලභනකාරණම‍්පි තෙනෙව කතං, මහාරාජා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘මහරජතුමනි, මෙසේ මේ ආගන්තුක සිටුවරයා තගරසිඛී පසේ බුදුරජාණන් වහන්සේට දුන් දානය කරණ කොටගෙන, බොහෝ ධනය ලැබීය. දන් දීමෙන් පසු අපර චේතනාව පරිපූර්ණය කරගැනීමට බැරිවීම නිසා, ඇති සම්පත් පරිභෝග කිරීමට අපොහොසත් වී යැ’යි, බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ‘ස්වාමීනි, කුමක් නිසා ඔහුට දරුඵල අහිමිවී දැ’යි රජතුමා පෙරළා විමසුවේය. ඊට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ, ‘මහරජතුමනි, පුත්‍ර ලාභය අහිමි කරගන්නා ලද්දේ ද, ඔහු විසින්ම යැ’යි වදාරා, රජුගේ අයැදුමෙන් මේ අතීත කථා පුවත ද දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අසීතිකොටිවිභවෙ සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො මාතාපිතූනං අච‍්චයෙන කනිට‍්ඨං සඞ‍්ගණ‍්හිත්‍වා කුටුම‍්බං විචාරෙන‍්තො ඝරද‍්වාරෙ දානසාලං කාරෙත්‍වා මහාදානං පවත‍්තෙන‍්තො අගාරං අජ‍්ඣාවසි. අථස‍්ස එකො පුත‍්තො ජායි. සො තස‍්ස පදසා ගමනකාලෙ කාමෙසු ආදීනවං නෙක‍්ඛම‍්මෙ චානිසංසං දිස‍්වා සද‍්ධිං පුත‍්තදාරෙන සබ‍්බං ඝරවිභවං කනිට‍්ඨස‍්ස නිය්‍යාතෙත්‍වා “අප‍්පමත‍්තො දානං පවත‍්තෙහී”ති ඔවාදං දත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තපදෙසෙ විහාසි. කනිට‍්ඨොපිස‍්ස එකං පුත‍්තං පටිලභි. සො තං වඩ‍්ඪන‍්තං දිස‍්වා චින‍්තෙසි “මම භාතු පුත‍්තෙ ජීවන‍්තෙ කුටුම‍්බං භින්‍දිත්‍වා ද‍්විධා භවිස‍්සති, භාතු පුත‍්තං මාරෙස‍්සාමී”ති. අථ නං එකදිවසං නදියං ඔපිලාපෙත්‍වා මාරෙසි. තමෙනං න‍්හත්‍වා ආගතං භාතු ජායා “කුහිං මම පුත‍්තො”ති පුච‍්ඡි. “නදියං උදකං කීළි, අථ නං උදකෙ විචිනන‍්තො නාද‍්දස”න‍්ති. සා රොදිත්‍වා කන්‍දිත්‍වා තුණ‍්හී අහොසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ අසූ කෙළක් ධනය ඇති මහත් සම්පත්තියෙන් හෙබි සිටු කුලයක ඉපදුණේය. තරුණ වියට පත් ඔහු සිය මවුපියන්ගේ ඇවෑමෙන්, තම කණිටු මලණුවන් ද රැකගෙන පවුලේ සියලු කටයුතු මැනවින් විචාරමින්, සොයා බලමින් සිටු මාලිගය ඉදිරිපිට දන්සැල් කරවා, මහ දන් පවත්වමින්, ගිහිගෙයි ජීවිතය මැනවින් ගත කෙළේය. නිසි කල විවාපත් වූ ඔහුට එකම පුතෙක් විය. ඒ දරුවාට පයින් ඇවිද යා හැකි සමය වනවිට, කාමයන්හි ආදීනව හොඳින් තේරුම් ගත්, එසේ ම නෙක්ඛම්මයෙහි ආනිසංස ද මැනවින් වටහා ගත් බෝසත් සිටුතුමා, තම අඹු දරුවන් ද, සියලු සම්පත් හා සෙසු වස්තූන් ද, සිය මලණුවන්ට පවරා දී ‘මලණුවනි, නොපමා ව සියලු කටයුතු කරව. මේ දන් වැට ද නොකඩවා පවත්වාගෙන යන්නට කටයුතු යොදව’යි, අවවාද දී සෘෂි පැවිද්දෙන් පැවිදි වී, අභිඥාවන් ද, සමාපත්ති ද, උපදවා ගෙන හිමවත් පෙදෙසෙහි වාසය කෙළේය. සිය අයියණ්ඩිය නිවසින් පිටත්ව ගොස් ටික කලකට පසු, බාල සොයුරා විවාහ දිවියට ඇතුළත් විය. කලෙකදී ඔහුගේ ඇඹේණියට ද පුතකු ලැබිණි. සිය වැඩිමල් සොහොයුරාගේ කදිමට වැඩෙන පුත්‍රයා දුටු කණිටු සොයුරා ‘මාගේ අයියණ්ඩියගේ මේ පුත්‍රයා තවදුරටත් ජීවත් වුවහොත්, අපගේ පවුලේ සියලු වස්තුව කොටස් දෙකකට බෙදන්නට සිදුවනු, නිසැකය. එබැවින් මොහු දැන් දැන් ම, මරා දමන්නේ නම්, මැනවැ’යි සිතුවේය. එක් දවසක් බෝසතුන්ගේ බාල සොයුරා සිය ඤාති පුත්‍රයා සමග නෑම පිණිස නදියට ගියේය. ඔහු දරුවා නාවන විලාශයෙන් ළඟට කැඳවා, හුස්ම යනතුරු දිය යට ඔබාගෙන සිටියේය. අනතුරුව වතුර නා සිය නිවෙසට පැමිණි ඔහුගෙන්, වැඩිමල් සොහොයුරාගේ බිරිය, ‘සොයුර, ඔබ කැටුව ගිය මගේ පුතා කොහිද? ඔහුට කුමක් විණිදැ’යි ඇසුවාය. ‘සොයුරිය, මා දියෙහි ගිලෙමින් නාන අතර, ඔහු ජල ක්‍රීඩා කළේය. නෑමෙන් පසු සොයා බලනවිට, ඔහු පෙනෙන්නට සිටියේ නැත. කොහි ගියාදැ’යි, සොයා බැලූමුත් ඔහු සොයාගත නොහැකි වීයැ’යි, බාල සොයුරා පිළිතුරු දුන්නේය. දරුවාගේ මෑණියෝ තම පුතා සිහි කරමින්, කඳුළු බොමින් කල්ගත කළහ.

බොධිසත‍්තො තං පවත‍්තිං ඤත්‍වා “ඉදං කිච‍්චං පාකටං කරිස‍්සාමී”ති ආකාසෙනාගන‍්ත්‍වා බාරාණසියං ඔතරිත්‍වා සුනිවත්‍ථො සුපාරුතො තස‍්ස ඝරද‍්වාරෙ ඨත්‍වා දානසාලං අදිස‍්වා “දානසාලාපි ඉමිනා අසප‍්පුරිසෙන නාසිතා”ති චින‍්තෙසි. කනිට‍්ඨො තස‍්ස ආගතභාවං ඤත්‍වා ආගන‍්ත්‍වා මහාසත‍්තං වන්‍දිත්‍වා පාසාදං ආරොපෙත්‍වා සුභොජනං භොජෙසි. සො භත‍්තකිච‍්චාවසානෙ සුඛකථාය නිසින‍්නො “දාරකො න පඤ‍්ඤායති, කහං නු ඛො”ති පුච‍්ඡි. “මතො, භන‍්තෙ”ති. “කෙන කාරණෙනා”ති? “උදකකීළනට‍්ඨානෙ අසුකකාරණෙනාති න ජානාමී”ති. “කිං ත්‍වං අසප‍්පුරිස න ජානිස‍්සසි, තයා කතකිච‍්චං මය‍්හං පාකටං, නනු ත්‍වං ඉමිනා නාම කාරණෙන තං මාරෙසි, කිං නු ත්‍වං රාජාදීනං වසෙන නස‍්සමානං ධනං රක‍්ඛිතුං සක‍්කුණෙය්‍යාසි, මය‍්හකසකුණස‍්ස ච තුය‍්හඤ‍්ච කිං නානාකරණ”න‍්ති? අථස‍්ස මහාසත‍්තො බුද‍්ධලීළාය ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

මේ අතර මේ සිද්ධිය සියැසින් දුටුවාක් මෙන්, අවබෝධ කරගත් බෝසත් තෙමේ, ‘සිය මලණුවන්ගේ ක්‍රියාපිළිවෙත ප්‍රකට කළයුතු යැ’යි සිතා, අහසින් අවුත් බරණැස් නුවර බැස, මැනවින් හැඳ පොරවා මලණුවන්ගේ නිවෙස අසලට අවුත්, පෙර තිබූ දන්සැල් එහි නොදැක, ‘මේ අසත්පුරුෂයා විසින් දන්සැල් පවා විනාශ කරන ලදැ’යි, කල්පනා කොට, තමා එහි පැමිණ සිටින බව මලණුවන්ට දන්වා, සේවකයකු පිටත්කොට යැවීය. සිය අයියණ්ඩිය වන තාපසතුමා පැමිණි බව අසා මහත් කලබලයට පත් කණිටු සොයුරා, වහා අවුත් බෝසතුන් වැඳ අල්ලාප-සල්ලාපයේ යෙදුණු තාපසතුමා, ‘මලණුවනි, සියලුදෙනා මෙහි ඇතත්, දරුවා පෙනෙන්නට නැත. ඔහු කොහි ගියේදැ’යි ඇසීය. ‘ස්වාමීනි, ඔහු අකාලයේ මිය ගියේය’ ‘කවර කරුණෙකින් ඔහු මිය ගියේද?’ ‘ස්වාමීනි, අසවල් කරුණෙන් මිය ගියේයැ’යි, කිය නොහැකිය. එහෙත් ජලක්‍රීඩා කරමින් සිටි විට, නදියේ දී ඔහු අතුරුදහන් වී යැ’යි කණිටු සොයුරා පිළිතුරු දුන්නේය. එවිට බෝසත්තුමා ‘කිමෙක්ද? අසත්පුරුෂය, තමා කළ ක්‍රියාව, තෝ නොදන්නෙහි ද? එය මැනවින් ම, හොඳින් ම දන්නේ නුඹ නොවේද? නුඹ එසේ කෙළේ, මේ හේතු නිසා නොවේදැ’යි, කියා තවදුරටත් කථා කරමින්, ‘නුඹේ පව්කම් නිසා, රාජසන්තක වීම් ආදී වශයෙන් විනාශ මුඛයට යන, මේ නිවසේ ධනය රැක ගැනීමට කෙසේ නම්, නුඹ සමත් වන්නෙහිද? නුඹෙත් ‘මය්හක’ නම්, කුරුල්ලාගේත් කිසිදු වෙනසක් මට නොපෙනේ යැ’යි, කියා ප්‍රබුද්ධ ලීලාවෙන් දහම් දෙසමින් මෙසේ පැවසීය.

“සකුණො මය‍්හකො නාම, ගිරිසානුදරීචරො; පක‍්කං පිප‍්ඵලිමාරුය‍්හ, ‘මය‍්හං මය‍්හ’න‍්ති කන්‍දති.

3. පර්වතවල, කඳුමත ඇති සම බිම්වල - පර්වත විවරවල හැසිරෙන ‘මය්හක’ නම් වූ කුරුල්ලා, පැසුණු ගෙඩි ඇති පුලිල ගසකට නැග, මගේ-මගේ කියමින් හඬයි.

“තස‍්සෙවං විලපන‍්තස‍්ස, දිජසඞ‍්ඝා සමාගතා; භුත්‍වාන පිප‍්ඵලිං යන‍්ති, විලපත්‍වෙව සො දිජො.

4. ඌ එසේ වැලපෙන අතර එහි පැමිණි වෙනත් කුරුල්ලෝ, පුලිල ගෙඩි කා, නික්ම යති. ඒත් ‘මය්හක’ පක්‍ෂියා දිගටම හඬයි.

“එවමෙව ඉධෙකච‍්චො, සඞ‍්ඝරිත්‍වා බහුං ධනං; නෙවත‍්තනො න ඤාතීනං, යථොධිං පටිපජ‍්ජති.

5. මෙසේම මෙලොව ඇතැම් අය බොහෝ ධනය රැස්කොට, තමා ද පරිභෝග නොකරයි. නෑයින්ට ද සුදුසු අයුරින් නොදෙයි.

“න සො අච‍්ඡාදනං භත‍්තං, න මාලං න විලෙපනං; අනුභොති සකිං කිඤ‍්චි, න සඞ‍්ගණ‍්හාති ඤාතකෙ.

6. ඔහු කෑම-හැඳීම-මල් හා විලවුන් දැරීම නිසි සේ නොකරයි. නෑයින්ට ද එක් වරක්වත්, කිසිදු සංග්‍රහයක් නොකරයි.

“තස‍්සෙවං විලපන‍්තස‍්ස, මය‍්හං මය‍්හන‍්ති රක‍්ඛතො; රාජානො අථ වා චොරා, දායාදා යෙව අප‍්පියා; ධනමාදාය ගච‍්ඡන‍්ති, විලපත්‍වෙව සො නරො.

7. මෙසේ වස්තුව රකින, මගේ-මගේ යයි කියමින් වැලපෙන, ඔහුගේ ඒ ධනය, රජුන් ද නැතහොත් සොරුන් ද, අප්‍රිය නෑයින් ද රැගෙන යද්දී, ඒ මිනිසා දිගටම හඬයි.

“ධීරො භොගෙ අධිගම‍්ම, සඞ‍්ගණ‍්හාති ච ඤාතකෙ; තෙන සො කිත‍්තිං පප‍්පොති, පෙච‍්ච සග‍්ගෙ පමොදතී”ති.

8. නුවණැති පුරුෂයා සම්පත් ලැබ, නෑයින්ට ද සංග්‍රහ කරයි. ඔහු ඒ ධනයෙන්ම, කීර්තියට ද පැමිණෙයි. මරණින් මතු, දෙව්ලොව දී ද සතුටු වේ.

තත්‍ථ මය‍්හකොති “මය‍්හං මය‍්හ”න‍්ති විරවනවසෙන එවංලද‍්ධනාමො. ගිරිසානුදරීසු චරතීති ගිරිසානුදරීචරො. පක‍්කං පිප‍්ඵලින‍්ති හිමවන‍්තපදෙසෙ එකං ඵලභරිතං පිප‍්ඵලිරුක‍්ඛං. කන්‍දතීති දිජගණෙ තං රුක‍්ඛං පරිවාරෙත්‍වා පක‍්කානි ඛාදන‍්තෙ වාරෙතුං “මය‍්හං මය‍්හ”න‍්ති පරිදෙවන‍්තො විචරති. තස‍්සෙවං විලපන‍්තස‍්සාති තස‍්ස විලපන‍්තස‍්සෙව. භුත්‍වාන විප‍්ඵලිං යන‍්තීති තං පිප‍්ඵලිරුක‍්ඛං පරිභුඤ‍්ජිත්‍වා අඤ‍්ඤං ඵලසම‍්පන‍්නං රුක‍්ඛං ගච‍්ඡන‍්ති. විලපත්‍වෙවාති සො පන දිජො විලපතියෙව. යථොධින‍්ති යථාකොට‍්ඨාසං, මාතාපිතාභාතුභගිනීපුත‍්තධීතාදීනං උපභොගපරිභොගවසෙන යො යො කොට‍්ඨාසො දාතබ‍්බො, තං තං න දෙතීති අත්‍ථො.

මෙහි ‘මය්හකො’ යනු ‘මගේ - මගේ කියමින් සැරිසරන බැවින් ලැබූ නමකි. ‘හිරිසානුදරීචරො’ යනු ‘පර්වත - සානු - දැදුරුවල හැසිරෙන’ යන අර්ථයි. ‘පක්කං පිප්ඵලිං’ යනු ‘හිමාල පෙදෙසෙහි පල බරින් යුතු, එක් පුලිල ගසක්’ යන අර්ථයි. ‘කන්‍දති’ යනු ‘පක්‍ෂි සමූහයා ඒ ගස වට කරගෙන ගෙඩි කන කල්හි, එය වැළැක්වීමට ‘මගේ - මගේ’ කියමින් වැලපෙමින් හැසිරෙයි’ යන අර්ථයි. ‘තස්සෙවං විලපන්තස්ස’ යනු ‘ඔහු මෙසේ වැලපෙද්දීම’ යන අර්ථයි. ‘භුත්‍වාන පිප්ඵලිං යන්ති’ යනු ‘ඒ පුලිල ගසේ ගෙඩි අනුභව කොට, වෙනත් ගෙඩි ඇති රුකක් කරා යති’ යන අර්ථයි. ‘විලපිත්‍වෙව’ යනු ‘ඒ කුරුල්ලා දිගටම හඬයි’ යන අර්ථයි. ‘යථොධිං’ යනු ‘කොටස් වශයෙන් එනම් මවුපියන්ට - සොයුරු - සොයුරියන්ට, දූ දරුවන්ට උපභෝග - පරිභෝග වශයෙන්, යම් යම් කොටසක් දිය යුතු නම්, ඒවා නොදෙයි’ යන අර්ථයි.

සකින‍්ති එකවාරම‍්පි නානුභොති. “සක”න‍්තිපි පාඨො, අත‍්තනො සන‍්තකම‍්පීති අත්‍ථො. න සඞ‍්ගණ‍්හාතීති භත‍්තච‍්ඡාදනබීජනඞ‍්ගලාදිදානවසෙන න සඞ‍්ගණ‍්හාති. විලපත්‍වෙව සො නරොති එතෙසු රාජාදීසු ධනං ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙසු කෙවලං සො පුරිසො විලපතියෙව. ධීරොති පණ‍්ඩිතො. සඞ‍්ගණ‍්හාතීති අත‍්තනො සන‍්තිකං ආගතෙ දුබ‍්බලඤාතකෙ භත‍්තච‍්ඡාදනබීජනඞ‍්ගලාදිදානෙන සඞ‍්ගණ‍්හාති. තෙනාති සො පුරිසො තෙන ඤාතිසඞ‍්ගහෙන චතුපරිසමජ‍්ඣෙ කිත‍්තිඤ‍්ච අත‍්තනො වණ‍්ණභණනඤ‍්ච පාපුණාති, පෙච‍්ච සග‍්ගෙ දෙවනගරෙ පමොදති.

‘සකිං’ යනු ‘එක් වරක් වත්, අනුභව නොකරයි’ යන අර්ථයි. ‘සකං’ යනු ද පාඨයකි. ‘තමා සන්තක වූ’ යන අර්ථයි. ‘න සංගණ්හාති’ යනු ආහාර - ඇඳුම් - බීජ වර්ග - නගුල් ආදී වූ පරිත්‍යාගයන්ගෙන් සංග්‍රහ නොකරයි’ යන අර්ථයි. ‘විලපිත්‍වෙ සො නරො’ යනු ‘රජවරුන් ආදී වූ ඒ ඒ අය විසින් ධනය ගෙන යන කල්හි, ඒ පුරුෂයා දිගටම හඬයි’ යන අර්ථයි. ‘ධීරො’ යනු ‘පණ්ඩිතයා’ ය. ‘සංගණ්හාති’ යනු ‘තමා වෙත පැමිණි දුප්පත් ඤාතීන්ට ආහාර - වස්ත්‍ර - බීජවර්ග - නගුල් ආදිය දීමෙන්, සංග්‍රහ කරයි’ යන අර්ථයි. ‘තෙන’ යනු ‘ඒ සත්පුරුෂයා ඒ ඤාති සංග්‍රහය නිසා, සිවු පිරිස් මැද කීර්තියට ද ආත්ම වර්ණනාවට ද පාත්‍ර වෙයි’ යන අර්ථයි. ‘පෙච්ච සග්ගෙ ච මොදති’ යනු දෙව්ලොවදීත් ඔහු සතුටු වේ’ යන අර්ථයි.

එවං මහාසත‍්තො තස‍්ස ධම‍්මං දෙසෙත්‍වා දානං පාකතිකං කාරෙත්‍වා හිමවන‍්තමෙව ගන‍්ත්‍වා අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකූපගො අහොසි.

බෝසත් තෙමේ මෙසේ ඔහුට දහම් දෙසා, දන්සැල් නැවත ප්‍රතිසංස්කරණය කොට, මහදන් පැවැත්වීම පිණිස අනුශාසනා කොට, පෙරළා හිමවතටම ගොස්, නොපිරිහුණු ධ්‍යාන ඇතිව ජීවත් වී, මරණින් මතු බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “ඉති ඛො, මහාරාජ, ආගන‍්තුකසෙට‍්ඨි භාතු පුත‍්තස‍්ස මාරිතත‍්තා එත‍්තකං කාලං නෙව පුත‍්තං, න ධීතරං අලභී”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කනිට‍්ඨො ආගන‍්තුකසෙට‍්ඨි අහොසි, ජෙට‍්ඨකො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ‘මහරජතුමනි, මෙසේ මේ ආගන්තුක සිටු තෙමේ, සිය සොයුරාගේ පුතු මරණයට පත්කළ බැවින්, මේ සා විශාල කාලයක් තුළ පුතකු හෝ දුවක නොලැබුවේ යැ’යි, වදාරා මේ ජාතක කථාව නිමවා වදාළ සේක. එදා කණිටු සොයුරා නම්, මේ ආගන්තුක සිටුවරයාය. වැඩිමල් සොයුරා නම්, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

මය‍්හකජාතකවණ‍්ණනා පඤ‍්චමා.