යෙදුමෙන් කියවන්න

4. සුවණ‍්ණකක‍්කටකජාතකවණ‍්ණනා 389 අට‍්ඨකථා

4. සුවණ‍්ණකක‍්කටකජාතකවණ‍්ණනා (389)

4. සුවණ්ණකක්කටක ජාතකය (389)

සිඞ‍්ගීමිගොති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො ආනන්‍දත්‍ථෙරස‍්ස අත‍්තනො අත්‍ථාය ජීවිතපරිච‍්චාගං ආරබ‍්භ කථෙසි. වත්‍ථු යාව ධනුග‍්ගහපයොජනා ඛණ‍්ඩහාලජාතකෙ (ජා· 2.22.982 ආදයො) ධනපාලවිස‍්සජ‍්ජනං චූළහංසමහාහංසජාතකෙ (ජා· 1.15.133 ආදයො) කථිතං. තදා හි භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, ධම‍්මභණ‍්ඩාගාරිකආනන්‍දත්‍ථෙරො සෙක‍්ඛපටිසම‍්භිදාප‍්පත‍්තො හුත්‍වා ධනපාලකෙ ආගච‍්ඡන‍්තෙ සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ජීවිතං පරිච‍්චජී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි ආනන්‍දො මය‍්හං ජීවිතං පරිච‍්චජියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘සිංගීමිගො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනයෙහි වැඩවෙසෙන සේක්, තමන් වහන්සේ වෙනුවෙන් ආනන්ද තෙරුන් සිදුකළ ජීවිත පරිත්‍යාගයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව, බුදුරදුන්ට විරුද්ධව දුනුවායන් යෙදවීමේ සිද්ධිය දැක්වෙන ‘ඛණ්ඩහාල’ ජාතකයෙහි ද, ‘ධනපාල’ හස්තිරාජයාගේ ගර්ජනය දැක්වෙන ‘චුල්ල හංස’ ජාතකයෙහි ද, විස්තර කරන ලදි. එක්දිනක් දම් සභාවෙහි රැස්වුණු භික්‍ෂූහු ‘ඇවැත්නි, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවෝ, සේඛ-සිව්පිළිසිඹියා පත් උතුමෙක්ව ධනපාල හස්තියා බුදුරදුන් ඉදිරියට පැමිණෙද්දී, සිය ජීවිතය බුදුරදුන් වෙනුවෙන් පරිත්‍යාග කළාහු නොවේදැ’යි, ඒ ගැන කථා කරමින් හුන්හ. ඒ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැන, ‘මහණෙනි, දැන් පමණක් නොව පෙර ද ආනන්ද, මා වෙනුවෙන් දිවි අත් හළේ යැ’යි, වදාරා මේ අතීත කථා පුවත දේශනා කළ සේක.

අතීතෙ රාජගහස‍්ස පුබ‍්බපස‍්සෙ සාලින්‍දියො නාම බ්‍රාහ‍්මණගාමො හොති. තදා බොධිසත‍්තො තස‍්මිං ගාමෙ කස‍්සකබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා තස‍්ස ගාමස‍්ස පුබ‍්බුත‍්තරාය දිසාය එකස‍්මිං ගාමඛෙත‍්තෙ කරීසසහස‍්සමත‍්තං කසිං කාරෙසි. සො එකදිවසං මනුස‍්සෙහි සද‍්ධිං ඛෙත‍්තං ගන‍්ත්‍වා කම‍්මකාරෙ “කසථා”ති ආණාපෙත්‍වා මුඛධොවනත්‍ථාය ඛෙත‍්තකොටියං මහන‍්තං සොබ‍්භං උපසඞ‍්කමි. තස‍්මිං ඛො පන සොබ‍්භෙ එකො සුවණ‍්ණවණ‍්ණො කක‍්කටකො පටිවසති අභිරූපො පාසාදිකො. බොධිසත‍්තො දන‍්තකට‍්ඨං ඛාදිත්‍වා තං සොබ‍්භං ඔතරි. තස‍්ස මුඛධොවනකාලෙ කක‍්කටකො සන‍්තිකං ආගමාසි. අථ නං සො උක‍්ඛිපිත්‍වා අත‍්තනො උත‍්තරිසාටකන‍්තරෙ නිපජ‍්ජාපෙත්‍වා ගහෙත්‍වා ඛෙත‍්තෙ කත‍්තබ‍්බකිච‍්චං කත්‍වා ගච‍්ඡන‍්තො තත්‍ථෙව නං සොබ‍්භෙ පක‍්ඛිපිත්‍වා ගෙහං අගමාසි. තතො පට‍්ඨාය ඛෙත‍්තං ආගච‍්ඡන‍්තො පඨමං තං සොබ‍්භං ගන‍්ත්‍වා කක‍්කටකං උක‍්ඛිපිත්‍වා උත‍්තරිසාටකන‍්තරෙ නිපජ‍්ජාපෙත්‍වා පච‍්ඡා කම‍්මන‍්තං විචාරෙසි. ඉති තෙසං අඤ‍්ඤමඤ‍්ඤං විස‍්සාසො දළ‍්හො අහොසි.

අතීතයෙහි රජගහ නුවර පෙරදිග ශාලාවෙහි ‘සාලින්දය’ නමින් ප්‍රකට බමුණු ගමක් විය. අප බෝසත් තෙමේ, එදා ඒ ගමේ ගොවි කටයුතු කරන බමුණු කුලයක ඉපිද, තරුණ වියට පත් වූයේ, මුළු පවුලේම බර කරට ගෙන, කටයුතු කෙළේය. ඔහු ඒ ගමට ඊසාන දෙසින් පිහිටි මගධ කෙතෙහි, වී අමුණු දහසක පමණ කුඹුරක් අස්වැද්දීමේ කටයුතුවල නිරතව සිටියේය. මේ තරුණ බ්‍රාහ්මණයා, එක්දිනක් තම මිනිසුන් සමග කෙතට ගොස්, සීසෑම් ආදී ඒ ඒ කටයුතුවලට කම්කරුවන්ට අණකොට, මුහුණ සෝදා ගැනීම පිණිස කෙතෙහි කෙළවර පිහිටා තිබූ විලක් වෙත එළඹියේය. ඒ විලෙහි රන්වන් වූ එක් කකුළුවෙක් වාසය කරයි. ඉතා ලස්සන සතකු වූ, මේ කකුළුවා දුටුවන්ට ප්‍රසාදය එළවයි. දැහැට්ටක් හපමින් පැමිණි බෝසත් බමුණා, විලට බැස්සේය. ඔහු මුව දෝවනය කරන කල්හි, කකුළුවා සෙමින් සෙමින් එතුමා වෙතට ළං වූයේය. ඒ දුටු බෝසත් තෙමේ, ඌ අතින් ගෙන තමාගේ උතුරු සලුවෙහි හොවා, ඌත් රැගෙන ගොස් කෙතෙහි සියලු කටයුතු, අත් නොහැර සිදුකොට, ආපසු නිවෙස බලා යන්නට සූදානම් වී, පෙර පරිද්දෙන්ම විලට ගොස්, කකුළුවා එහි දියට දමා, ගෙදර ගියේය. එතැන් පටන් කෙතට පැමිණෙන බෝසත්තුමා, පළමුකොට විලට යයි. එතැනින් කකුලුවා අතට ගන්නා ඔහු, ඌ උතුරුසළුව අතරත තබා ගෙන, වැඩ කරන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවය. මෙසේ මේ දෙදෙනාගේ මිත්‍රත්වය කලක් යනවිට, නොබිඳිය හැකි එකක් බවට පත්විය.

බොධිසත‍්තො නිබද‍්ධං ඛෙත‍්තං ආගච‍්ඡති, අක‍්ඛීසු ච පනස‍්ස පඤ‍්ච පසාදා තීණි මණ‍්ඩලානි විසුද‍්ධානි හුත්‍වා පඤ‍්ඤායන‍්ති. අථස‍්ස ඛෙත‍්තකොටියං එකස‍්මිං තාලෙ කාකකුලාවකෙ කාකී අක‍්ඛීනි දිස‍්වා ඛාදිතුකාමා හුත්‍වා කාකං ආහ – “සාමි, දොහළො මෙ උප‍්පන‍්නො”ති. “කිං දොහළො නාමා”ති? “එතස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අක‍්ඛීනි ඛාදිතුකාමාම‍්හී”ති. “දුද‍්දොහළො තෙ උප‍්පන‍්නො, කො එතානි ආහරිතුං සක‍්ඛිස‍්සතී”ති. “ත්‍වං න සක‍්කොසී”ති අහම‍්පෙතං ජානාමි, යො පනෙස තාලස‍්ස අවිදූරෙ වම‍්මිකො, එත්‍ථ කණ‍්හසප‍්පො වසති. “තං උපට‍්ඨහ, සො එතං ඩංසිත්‍වා මාරෙස‍්සති, අථස‍්ස අක‍්ඛීනි උප‍්පාටෙත්‍වා ත්‍වං ආහරිස‍්සසී”ති . සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තතො පට‍්ඨාය කණ‍්හසප‍්පං උපට‍්ඨහි. බොධිසත‍්තෙනපි වාපිතසස‍්සානං ගබ‍්භග‍්ගහණකාලෙ කක‍්කටකො මහා අහොසි. අථෙකදිවසං සප‍්පො කාකමාහ “සම‍්ම, ත්‍වං නිබද‍්ධං මං උපට‍්ඨහසි, කිං තෙ කරොමී”ති. “සාමි, තුම‍්හාකං දාසියා එතස‍්ස ඛෙත‍්තසාමිකස‍්ස අක‍්ඛීසු දොහළො උප‍්පජ‍්ජි, ස‍්වාහං තුම‍්හාකං ආනුභාවෙන තස‍්ස අක‍්ඛීනි ලභිස‍්සාමීති තුම‍්හෙ උපට‍්ඨහාමී”ති. සප‍්පො “හොතු, නයිදං ගරුකං, ලභිස‍්සසී”ති තං අස‍්සාසෙත්‍වා පුන දිවසෙ බ්‍රාහ‍්මණස‍්ස ආගමනමග‍්ගෙ කෙදාරමරියාදං නිස‍්සාය තිණෙහි පටිච‍්ඡන‍්නො හුත්‍වා තස‍්සාගමනං ඔලොකෙන‍්තො නිපජ‍්ජි.

බෝසත්තුමා නිබඳව කෙතට පැමිණෙයි. ඔහුගේ දෑසෙහි ප්‍රසාද පහකි. මණ්ඩල තුනකි. එබැවින් අතිශය දීප්තිමත් වූ ඒ ඇස්වලට හැමදේම ඉතා පිරිසිදුව පෙනෙයි. මේ කෙතේ කෙළවරක එක් තල්ගසක් ඇත. එහි කපුටු කූඩුවකි. කූඩුවෙහි කපුටු ජෝඩුවක් වෙසෙති. බෝසතුන්ගේ ඇස් දැකීමෙන් පසු, කපුටියට ඒවා කෑමට තදබල ආශාවක් ඇතිවිය. ඒ නිසා සිය සැමියා වන කපුටාට කථා කළ ඇය ‘හිමියනි, මට දොළදුකක් ඇතිවී යැ’යි කීවා යි. ‘සොඳුර, ඒ කිනම් දොළදුකක්ද?’ ‘හිමියනි, අර බමුණාගේ ඇස් භක්‍ෂණය කිරීමට, මට ආශාවක් ඇතිවිය.’ ‘සොඳුර, ඔබට ඇතිවූයේ ඉටුකොට ගැනීමට ඉතා අමාරු දොළදුකකි. එය ගෙන එන්නට කවුරු නම්, සමත් වෙත්ද?’ ‘ස්වාමීනි, ඔබට එය කළ නොහැකි නම්, මම ඊට කදිම උපායක් කියන්නෙමි. අප වෙසෙන මේ තල්ගසට නුදුරෙහි, අර පෙනෙන තුඹසෙහි. කළු නයෙක් වෙසේ. ඔබ ඌට උදව් කළ යුතුය. පසුව ඌ ලවා බමුණා මරවා, බමුණාගේ ඇස් උපුටාගෙන ඒමට ඔබ සමත් නොවේදැ’යි කපුටිය ඇසුවාය. ‘මැනව සොඳුර, මම එසේ කරන්නෙමි’යි, පැවසූ කපුටා එතැන් පටන්, කළු නයාට උපස්ථාන කරයි. මේ අතර බෝසත් තෙමේ. කුඹුරෙහි බණ්ඩි ගොයම් හටගන්නා කාලය වනවිට, දවසට කීපවිටක් කුඹුරට පැමිණීනම පුරුද්දක් කොටගත්තේය. මේ වනවිට රන් කකුළුවා ද, ශරීරයෙන් ඉතා විශාලත්වයට පැමිණ සිටියේය. එක් දිනක් නයා කපුටාට කථා කොට, ‘යහලුව, ඔබ නිරතුරු මට උදව් කරයි. මම ඔබ වෙනුවෙන් කල යුත්තේ කුමක්දැ’යි ඇසීය. ‘ස්වාමීනි, ඔබේ දාසියට, අර කෙත් හිමියා වන බමුණාගේ ඇස් උපුටා කන්නට දොළදුකක් ඇතිවිය. ඒ නිසා එය ඔබතුමාගේ උදව් ඇතිව, ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන්, ඔබට මෙතෙක් උපස්ථාන කෙළෙමි. ඉතින් ඔබ මට ඊට උදව් වෙනවා නොවේදැ’යි කපුටා ඇසීය. ‘කපුට, එසේම වේවා! මෙය මට එතරම් ලොකු වැඩක් නොවේ. ස්ථිරවම ඔබට බමුණාගේ ඇස් ලැබෙන්නේයැ’යි කී කළු නයා කපුටා අස්වසා, පසුදා බමුණා කුඹුරට පැමිණෙන ගමන් මගෙහි, කෙත පටන් ගන්නා සීමාවෙහි, ඒ සමීපයේ වූ තණකොළ ගොමුවක සැඟවී, බමුණාගේ ආගමනය බලාපොරොත්තුවෙන්, ඒ මේ අත බලමින්, නො ඉවසිල්ලෙන් හුන්නේය.

බොධිසත‍්තො ආගච‍්ඡන‍්තො පඨමං සොබ‍්භං ඔතරිත්‍වා මුඛං ධොවිත්‍වා සිනෙහං පච‍්චුපට‍්ඨාපෙත්‍වා සුවණ‍්ණකක‍්කටකං ආලිඞ‍්ගෙත්‍වා උත‍්තරිසාටකන‍්තරෙ නිපජ‍්ජාපෙත්‍වා ඛෙත‍්තං පාවිසි. සප‍්පො තං ආගච‍්ඡන‍්තං දිස‍්වාව වෙගෙන පක‍්ඛන්‍දිත්‍වා පිණ‍්ඩිකමංසෙ ඩංසිත්‍වා තත්‍ථෙව පාතෙත්‍වා වම‍්මිකං සන්‍ධාය පලායි. බොධිසත‍්තස‍්ස පතනඤ‍්ච කක‍්කටකස‍්ස සාටකන‍්තරතො ලඞ‍්ඝනඤ‍්ච කාකස‍්ස ආගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස උරෙ නිලීයනඤ‍්ච අපච‍්ඡාඅපුරිමං අහොසි. කාකො නිලීයිත්‍වා අක‍්ඛීනි තුණ‍්ඩෙන පහරි. කක‍්කටකො “ඉමං කාකං නිස‍්සාය මම සහායස‍්ස භයං උප‍්පන‍්නං, එතස‍්මිං ගහිතෙ සප‍්පො ආගච‍්ඡිස‍්සතී”ති සණ‍්ඩාසෙන ගණ‍්හන‍්තො විය කාකං ගීවායං අළෙන දළ‍්හං ගහෙත්‍වා කිලමෙත්‍වා ථොකං සිථිලමකාසි. කාකො “කිස‍්ස මං සම‍්ම, ඡඩ‍්ඩෙත්‍වා පලායසි, එස මං කක‍්කටකො භිය්‍යො විහෙඨෙති, යාව න මරාමි, තාව එහී”ති සප‍්පං පක‍්කොසන‍්තො පඨමං ගාථමාහ –

මේ අතර කුඹුරට පැමිණෙන බෝසත්තුමා, ප්‍රථමයෙන් සුපුරුදු ලෙස විලට ගොස්, එහි බැස මුහුණ සෝදා, සෙනෙහස පෙරදැරිව රන් කකුළුවා වැළඳගෙන, උතුරු සළුව අතරත කකුළුවා රුවාගෙන කෙතට පිවිසියේය. බමුණා කෙතට පැමිණෙනු දුටු නයා, ඉතා වේගයෙන් පැන බමුණාගේ කකුල වෙලාගෙන, බමුණාගේ තට්ටම් ප්‍රදේශයට දෂ්ට කෙළේය. බමුණා එතැනම ඇද වැටුණි. ඒ දුටු සර්පයා, වහා ගොස් තුඹසට වැදුණි. බෝසතුන් බිම ඇද වැටෙනවාත් සමගම, රන් කකුළුවා සාටකය තුළින් ඉවතට පැන ගත්තේය. අනතුරුව එතැනට පියඹා ආ කපුටා, බෝසතුන්ගේ පපුව මත වැසුවේය. මේ කාරණා තුනම එනම්, බෝසතුන්ගේ සිරුර බිමට ඇද වැටීමත්, කකුළුවා ඉවතට පැන ගැනීමත්, කපුටා බෝසතුන්ගේ පපුව වෙත ළංවීමත්, එකම අවස්ථාවක සිදුවිය. කපුටා බමුණාගේ මුහුණට නැඹුරු වී සිය තුඩග, බමුණාගේ ඇස් දෙකට දිගු කෙළේය. එවිටම කකුළුවා, ‘මේ කපුටා නිසා මගේ මිතුරාට, හානියක් සිදුවන්නට යනබව පෙනේ. එබැවින් මූ අල්වා ගතහොත්, ඒ මාර්ගයෙන් සර්පයා මෙතැනට ගෙන්වාගත හැකි වන්නේ යැ’යි සැණෙකින් සිතා තීරණයකට එළඹ, යකඩ අඬුවකින් යමක් තරයේ ගන්නාක් මෙන්, පැනපු ගමන් කපුටාගේ බෙල්ල, සිය අඬුවෙන් දැඩිව අල්ලාගෙන, මඳක් තද කිරීමෙන් කපුටා මහත් බියට පත්කොට, අනතුරුව අඬුව තරමක් ලිහිල් කෙළේය. එවිට කපුටා ඉතා අපහසුවෙන් කථා කරමින්, නාගයා අමතා ‘මිතුරු නාගයාණෙනි, ඔබ මා හැර දමා, මෙසේ පලා යන්නේ ඇයි? මේ කකුළුවා මට හිංසා කරයි. මා මැරෙන්නට පෙර, මෙහි එනු මැනවැ’යි සර්පයා කැඳවමින් මෙසේ කීය.

“සිඞ‍්ගීමිගො ආයතචක‍්ඛුනෙත‍්තො, අට‍්ඨිත‍්තචො වාරිසයො අලොමො; තෙනාභිභූතො කපණං රුදාමි, හරෙ සඛා කිස‍්ස නු මං ජහාසී”ති.

සිංගී මිගො ආයත චක්ඛු නෙත්තො, අට්ඨිත්තමො වාරිසයො අලොමො, තෙණාභි භූතො කපණං රුදාමි, භරෙ සංඛා කිස්සනු මං ජහාසීති

අනේ මිත්‍රය, පිටට නෙරූ ඇස් ඇති, ඇටකටු ම හම කොට ඇති, ලොම් නැති, දියෙහි ජීවත්වන, රන්වන් මෘගයෙක් මෙහි සිටී. ඔහු විසින් මඩනා ලද මම අසරණව හඬමි. කුමක් හෙයින් මා අතහැර ගියෙහිද?

තත්‍ථ සිඞ‍්ගීමිගොති සිඞ‍්ගීසුවණ‍්ණවණ‍්ණතාය වා අළසඞ‍්ඛාතානං වා සිඞ‍්ගානං අත්‍ථිතාය කක‍්කටකො වුත‍්තො. ආයතචක‍්ඛුනෙත‍්තොති දීඝෙහි චක‍්ඛුසඞ‍්ඛාතෙහි නෙත‍්තෙහි සමන‍්නාගතො. අට‍්ඨිමෙව තචො අස‍්සාති අට‍්ඨිත‍්තචො. හරෙ සඛාති ආලපනමෙතං, අම‍්භො සහායාති අත්‍ථො.

මෙහි ‘සිංගීමිගො’ යනු ‘රන්වන් පැහැ ඇති බැවින් හෝ, අඬු නමැති අං ඇති බැවින් හෝ, කකුළුවාට ඒ නම කියන ලදි’ යන අර්ථයි. ‘ආයත චක්ඛු නෙත්තො’ යනු ‘දීර්ඝ වූ ඇස් සංඛ්‍යාත, නෙත්වලින් සමන්විත’ යන අර්ථයි. ‘අට්ඨිතචො’ යනු ‘කකුළුවාගේ ඇට ද, හම ද, එකක් ම වේ’ යන අර්ථයි. ‘හරෙසඛා’ යනු ඇමතුමකි. පින්වත් යහලුව, යන අර්ථයි.

සප‍්පො තං සුත්‍වා මහන‍්තං ඵණං කත්‍වා කාකං අස‍්සාසෙන‍්තො අගමාසි. සත්‍ථා ඉමමත්‍ථං දීපෙන‍්තො අභිසම‍්බුද‍්ධො හුත්‍වා දුතියං ගාථමාහ –

සිය මිතුරා වන කපුටාගේ මර හඬ ඇසූ නාගයා මහත් වූ පෙණය පුම්බා ගෙන කාක්කා අස්වසමින්, වහා ඌ සිටි තැනට පැමිණියේය. එතැන දී සිදුවූ සිදුවීම් කුළුගන්වමින්, බුදුරජාණන් වහන්සේ පසුකලෙක දේශනාකොට වදාළ ගාථාවක් පහත දැක්වේ.

“සො පස‍්සසන‍්තො මහතා ඵණෙන, භුජඞ‍්ගමො කක‍්කටමජ‍්ඣපත‍්තො; සඛා සඛාරං පරිතායමානො, භුජඞ‍්ගමං කක‍්කටකො ගහෙසී”ති.

2. කපුටාගේ මිතුරා වූ ඒ නාගයා මහත්කොට පෙණය පුම්බාගෙන, පිඹිමින් මිතුරා රැකගනු වස්, කකුළුවා සමීපයට පැමිණියේය. (එවිට) කකුළුවා, ඒ නයා ද සිය ග්‍රහණයට ගත්තේය.

තත්‍ථ කක‍්කටමජ‍්ඣපත‍්තොති කක‍්කටකං සම‍්පත‍්තො. සඛා සඛාරන‍්ති සහායො සහායං. “සකං සඛාර”න‍්තිපි පාඨො, අත‍්තනො සහායන‍්ති අත්‍ථො. පරිතායමානොති රක‍්ඛමානො. ගහෙසීති දුතියෙන අළෙන ගීවායං දළ‍්හං ගහෙසි.

මෙහි ‘කක්කටමජ්ඣපත්තො’ යනු ‘කකුළුවා ළඟටම පැමිණියේය’ යන අර්ථයි. ‘සඛා සංඛාරං’ යනු ‘මිතුරෙක් මිතුරකුට’, යන අර්ථයි. ‘සකංසඛාරං’ යනු ද පාඨයකි. ‘තමාගේ මිතුරා’ යන අර්ථයි. ‘පරිතායමානො’ යනු ‘ආරක්‍ෂා කරමින්’ යන අර්ථයි. ‘ගහෙසි’ යනු අනෙක් අඬුවෙන් දැඩි ලෙස, බෙල්ලෙන් අල්ලා ගත්තේය’ යන අර්ථයි.

අථ නං කිලමෙත්‍වා ථොකං සිථිලමකාසි. අථ සප‍්පො “කක‍්කටකා නාම නෙව කාකමංසං ඛාදන‍්ති, න සප‍්පමංසං, අථ කෙන නු ඛො කාරණෙන අයං අම‍්හෙ ගණ‍්හී”ති චින‍්තෙත්‍වා තං පුච‍්ඡන‍්තො තතියං ගාථමාහ –

ඉක්බිති නාගයාගේ බෙල්ල ද, අල්ලා ගත් කකුළුවා එය ද, තදකොට මදක් බුරුල් කෙළේය. එවිට නයා ‘කකුළුවෝ නම්, කවදාවත් කපුටු මස් නොකති. සර්ප මස්ද, නොකති. එසේ නම්, කුමන කරුණක් නිසා, මොහු අප දෙදෙනා අල්ලා ගත්තේදැ’යි, සිතා එය විචාරමින් මෙසේ කීය.

“න වායසං නො පන කණ‍්හසප‍්පං, ඝාසත්‍ථිකො කක‍්කටකො අදෙය්‍ය; පුච‍්ඡාමි තං ආයතචක‍්ඛුනෙත‍්ත, අථ කිස‍්ස හෙතුම‍්හ උභො ගහීතා”ති.

3. කකුළුවෙක් ආහාර සඳහා කපුටකු හෝ, සර්ප රාජයකු හෝ අල්ලා නොගන්නේය. ඉදිරියට නෙරා ගිය ඇස් ඇති තැනැත්තාණෙනි, මම ඔබෙන් විචාරමි. කුමන හේතුවක් නිසා අපි දෙදෙනා, අල්ලා ගන්නා ලද්දෝ වෙමුද?

තත්‍ථ ඝාසත්‍ථිකොති ආහාරත්‍ථිකො හුත්‍වා. අදෙය්‍යාතිආදියෙය්‍ය, න-කාරෙන යොජෙත්‍වා න ගණ‍්හීති අත්‍ථො.

මෙහි ‘සාසත්‍ථිකො’ යනු ‘ආහාර අවශ්‍ය වී’ යන අර්ථයි. ‘අදෙය්‍ය’ යනු ‘ගන්නේය’, යන අර්ථයි. මෙය ‘න’ කාරය සහිතව ගත්විට නොගන්නේය, යන අර්ථයි.

තං සුත්‍වා කක‍්කටකො ගහණකාරණං කථෙන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

මෙය ඇසූ කකුළුවා, තමා ඔවුන් අල්ලා ගත් කාරණය ප්‍රකාශ කරමින්, මෙසේ පැවසුවේය.

“අයං පුරිසො මම අත්‍ථකාමො, යො මං ගහෙත්‍වාන දකාය නෙති; තස‍්මිං මතෙ දුක‍්ඛමනප‍්පකං මෙ, අහඤ‍්ච එසො ච උභො න හොම.

4. මේ පුරුෂයා මගේ දියුණුව කැමැත්තෙකි. ඔහු මා ගෙන ගොස්, දියට දමයි. ඔහු මළ කල්හි, එය මට අතිවිශාල දුකකි. මමත් ඔහුත් දෙදෙනෙක් නොවෙමු.

“මමඤ‍්ච දිස‍්වාන පවද‍්ධකායං, සබ‍්බො ජනො හිංසිතුමෙව මිච‍්ඡෙ; සාදුඤ‍්ච ථූලඤ‍්ච මුදුඤ‍්ච මංසං, කාකාපි මං දිස‍්ව විහෙඨයෙය්‍යු”න‍්ති.

5. වැඩුණු කය ඇති, මිහිරි වූ ද, මහත් වූද, මෘදු වූ ද මස් ඇති, මා දැක සියලු ජනයා, හිංසා කිරීමට කැමති වන්නේය. කපුටෝ ද මා දැක, වෙහෙසට පත් කරන්නාහ.

තත්‍ථ අයන‍්ති බොධිසත‍්තං නිද‍්දිසති. අත්‍ථකාමොති හිතකාමො. දකාය නෙතීති යො මං සම‍්පියායමානො උත‍්තරිසාටකෙන ගහෙත්‍වාන උදකාය නෙති, අත‍්තනො වසනකසොබ‍්භං පාපෙති. තස‍්මිං මතෙති සචෙ සො ඉමස‍්මිං ඨානෙ මරිස‍්සති, එතස‍්මිං මතෙ මම කායිකං චෙතසිකං මහන‍්තං දුක‍්ඛං භවිස‍්සතීති දීපෙති. උභො න හොමාති ද‍්වෙපි ජනා න භවිස‍්සාම. මමඤ‍්ච දිස‍්වානාති ගාථාය අයමත්‍ථො – ඉදඤ‍්ච අපරං කාරණං, ඉමස‍්මිං මතෙ අනාථං නිප‍්පච‍්චයං මං පවඩ‍්ඪිතකායං දිස‍්වා සබ‍්බො ජනො “ඉමස‍්ස කක‍්කටකස‍්ස සාදුඤ‍්ච ථූලඤ‍්ච මුදුඤ‍්ච මංස”න‍්ති මං මාරෙතුං ඉච‍්ඡෙය්‍ය, න කෙවලඤ‍්ච ජනො මනුස‍්සො, තිරච‍්ඡානභූතා කාකාපි මං දිස‍්වා විහෙඨයෙය්‍යුං විහෙසෙය්‍යුං මාරෙය්‍යුං.

මෙහි ‘අයං’ යනුවෙන් බෝසතුන් පෙන්වයි’ යන අර්ථයි. ‘අත්‍ථකාමො’ යනු ‘හිත කැමති’ යන අර්ථයි. ‘දකාය නෙති’ යනු ‘යමෙක් මට ප්‍රියතාවය දක්වමින්, උතුරුසළුව මත තබාගෙන ගොස්, ජලයට අත්හරියිද? තමා වාසය කරන දියවළට පමුණුවයි’, යන අර්ථයි. ‘තස්මිං මතෙ’ යනු ‘ඉදින් ඔහු මෙතැන මැරෙන්නේද? එසේ ඔහු මළ කල්හි, එය මට කායික, චෛතසික වශයෙන් මහත් දුකක් වන්නේය’, යන අර්ථයි. ‘උභො න හොම’ යනු ‘අපි දෙදෙනෙක් නොවන්නෙමු’ යන අර්ථයි. ‘මමඤ්ච දිස්වා’ යන මේ ගාථාවෙහි මේ අර්ථය ද ඇත. මෙය අමතර අදහසකි. එනම්, මොහු මළ කල්හි, අනාථ වූ සහායකයා රහිත වූ, වැඩුණු කයක් ඇති මා දැක, ‘මේ කකුළුවාට මිහිරි වූ ද, මහත් වූද, මෘදු වූ ද, මස් ඇතැ’යි, මා මැරීමට කැමති වන්නේය. හුදෙක් මිනිසුන් පමණක් නොව තිරිසනුන් වූ කපුටෝ පවා, මා දැක හිංසා කරන්නාහුය. මරන්නාහුය යන අර්ථයි.

තං සුත්‍වා සප‍්පො චින‍්තෙසි “එකෙනුපායෙන ඉමං වඤ‍්චෙත්‍වා කාකඤ‍්ච අත‍්තානඤ‍්ච මොචෙස‍්සාමී”ති. අථ නං වඤ‍්චෙතුකාමො ඡට‍්ඨං ගාථමාහ –

ඒ අසා සර්පයා ‘මේ කකුළුවා කිසියම් උපායකින් රැවටිය යුතුය. එසේ කොට, මගේ මිතුරා වන කපුටාත් යන අප දෙදෙනා ම මුගෙන් මිදිය යුතු යැ’යි, සිතා කකුළුවා රැවටීමේ අදහසින්, මෙසේ කීවේය.

“සචෙතස‍්ස හෙතුම‍්හ උභො ගහීතා, උට‍්ඨාතු පොසෙ විසමාවමාමි; මමඤ‍්ච කාකඤ‍්ච පමුඤ‍්ච ඛිප‍්පං, පුරෙ විසං ගාළ‍්හමුපෙති මච‍්ච”න‍්ති.

6. ඉදින් මොහු වෙනුවෙන්, අපි දෙදනොම අල්වා ගන්නා ලද්දෙමු. මම (මොහුගේ) විෂ ඇද ගනිමි. එවිට මේ පුරුෂයා නැගිටිනු ඇත. එබැවින් මේ තැනැත්තේ විෂ, දැඩි සේ වැඩි වෙන්නට පෙර, මාත් කපුටාත් වහා මුදනු මැනවි.

තත්‍ථ සචෙතස‍්ස හෙතූති සචෙ එතස‍්ස කාරණා. උට‍්ඨාතූති නිබ‍්බිසො හොතු. විසමාවමාමීති අහමස‍්ස විසං ආකඩ‍්ඪාමි, නිබ‍්බිසං නං කරොමි. පුරෙ විසං ගාළ‍්හමුපෙති මච‍්චන‍්ති ඉමඤ‍්හි මච‍්චං මයා අනාවමියමානං විසං ගාළ‍්හං බලවං හුත්‍වා උපගච‍්ඡෙය්‍ය, තං යාව න උපගච‍්ඡති, තාවදෙව අම‍්හෙ ද‍්වෙපි ජනෙ ඛිප‍්පං මුඤ‍්චාති.

මෙහි ‘සචෙතස්ස හෙතු’ යනු ‘ඉදින් මොහු වෙනුවෙන්’ යන අර්ථයි. ‘උට්ඨාතු’ යනු ‘විෂ නැති වේවා!’ යන අර්ථයි. ‘විසමාචමාමි’ යනු ‘මම මොහුගේ විෂ ඇදගනිමි, ඔහු විෂ රහිතයකු කරමි’ යන අර්ථයි. ‘පුරෙ විසං ගාළ්හමුපෙති මච්චං’ යනු ‘මා විසින් විෂ නොඇද්දොත්, මේ තැනැත්තාගේ විෂ බලවත් වේ. විෂ වැඩිවී මරණයට පත් වන්නේය. ඔහුට එසේ නොවන්නට වහාම, අප දෙදෙනා මුදනු මැනවි’ යන අර්ථයි.

තං සුත්‍වා කක‍්කටකො චින‍්තෙසි “අයං එකෙනුපායෙන මං ද‍්වෙපි ජනෙ විස‍්සජ‍්ජාපෙත්‍වා පලායිතුකාමො, මය‍්හං උපායකොසල‍්ලං න ජානාති, අහං දානි යථා සප‍්පො සඤ‍්චරිතුං සක‍්කොති, එවං අළං සිථිලං කරිස‍්සාමි, කාකං පන නෙව විස‍්සජ‍්ජෙස‍්සාමී”ති එවං චින‍්තෙත්‍වා සත‍්තමං ගාථමාහ –

නාගයාගේ කථාව අසා සිටි කකුළුවා ‘මොහු කිසියම් උපායකින් මාගෙන් මිදී, සිය මිතුරාත් මා ලවා මුදවාගෙන, පැන යන්නට උත්සාහ කරන බව පෙනේ. මේ අය මෙසේ කරනුයේ, මාගේ උපාය කෞෂල්‍යය හැරිහැටි නොදැනයි. මම මේ සර්පයා මුදා, ඌ ලවා මගේ මිතුරාගේ විෂ උරවන්නෙමි. එහෙත් කපුටා නම්, නො මුදන්නෙමි’යි සිතා, මෙසේ කීවේය.

“සප‍්පං පමොක‍්ඛාමි න තාව කාකං, පටිබන්‍ධකො හොහිති තාව කාකො; පුරිසඤ‍්ච දිස‍්වාන සුඛිං අරොගං, කාකං පමොක‍්ඛාමි යථෙව සප‍්ප”න‍්ති.

7. (මම) කවුඩා නොව පළමුකොට සර්පයා මුදා හරිමි. ඒ තාක් කවුඩා ඇපයට හිඳිනු ඇත. මේ පුරුෂයා සුව අතට හැරෙනු, නිරෝගි වනු දැක, සර්පයා මෙන්ම, කපුටා ද මුදා හරිමි.

තත්‍ථ පටිබන්‍ධකොති පාටිභොගො. යථෙව සප‍්පන‍්ති යථා භවන‍්තං සප‍්පං මුඤ‍්චාමි, තථා කාකං පමොක‍්ඛාමි, කෙවලං ත්‍වං ඉමස‍්ස බ්‍රාහ‍්මණස‍්ස සරීරතො සීඝං විසං ආවමාහීති.

මෙහි ‘පටිබද්ධකො’ යනු ‘ඇපය’යි. ‘යථෙව සප්පං’ යනු ‘පින්වත් සර්පයා මිදුවේ, යම්සේද, එසේ කපුටා ද, මුදා හරිමි’ යන අර්ථයි. හුදෙක් නුඹ මේ බමුණාගේ සිරුරෙන්, වහා විෂ ඇද ගනුව’ යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා තස‍්ස සුඛසඤ‍්චාරණත්‍ථං අළං සිථිලමකාසි. සප‍්පො විසං ආවමිත්‍වා මහාසත‍්තස‍්ස සරීරං නිබ‍්බිසං අකාසි. සො නිද‍්දුක‍්ඛො උට‍්ඨාය පකතිවණ‍්ණෙනෙව අට‍්ඨාසි. කක‍්කටකො “සචෙ ඉමෙ ද‍්වෙපි ජනා අරොගා භවිස‍්සන‍්ති, මය‍්හං සහායස‍්ස වඩ‍්ඪි නාම න භවිස‍්සති, විනාසෙස‍්සාමි නෙ”ති චින‍්තෙත්‍වා කත‍්තරිකාය උප‍්පලමකුළං විය අළෙහි උභින‍්නම‍්පි සීසං කප‍්පෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙසි. කාකීපි තම‍්හා ඨානා පලායි. බොධිසත‍්තො සප‍්පස‍්ස සරීරං දණ‍්ඩකෙ වෙඨෙත්‍වා ගුම‍්බපිට‍්ඨෙ ඛිපි. සුවණ‍්ණකක‍්කටකං සොබ‍්භෙ විස‍්සජ‍්ජෙත්‍වා න‍්හත්‍වා සාලින්‍දියගාමමෙව ගතො. තතො පට‍්ඨාය කක‍්කටකෙන සද‍්ධිං අධිකතරො විස‍්සාසො අහොසි.

මෙසේ කී කකුළුවා නයාට සුවසේ ඇදී යනු පිණිස තම අඬුව ලිහිල් කෙළේය. නයා ද බෝසතුන්ගේ විෂ ඇද, සුවපත් කෙළේය. බෝසත් බමුණා කිසිවක් නොවූවාක් මෙන්, පියෙවි ස්වභාවයෙන් නැගී සිටියේය. මේ අතර කකුළුවා ‘යම් විදියකින් මුන් දෙන්නා ජීවතුන් අතර සිටියහොත්, මාගේ මිතුරාට යහපතක් නම් නොවන්නේය. එබැවින් මුන් විනාශ කළ යුතුම යැ’යි සිතා, කතුරකින් පුල් පොහොට්ටුවක් කපා දමන්නාක් මෙන්, සිය අඬුවලින් උන් දෙදෙනාගේ ම හිස් කපා දමා, ජීවිතක්‍ෂයට පැමිණවීය. ඒ දුටු කැවිඩිය, වහා එතැනින් පලා ගියාය. බෝසත් බමුණා සර්පයාගේ කඳ දඬුවක වෙළා පඳුරක් මතට දැමීය. අනතුරුව කකුළුවා ඔසවා ගත් ඔහු, උගේ නවාතැන වන විලට මුදාහැර, විලෙන්ම වතුර ද නා, සාලින්දය ගමට ගියේය. එතැන් පටන් බමුණාගේ ද, කකුළුවාගේ ද, මිත්‍රත්වය පැවතියාටත් වඩා, ඉතා අධිකතර විය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙන‍්තො ඔසානගාථමාහ –

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශ කොට ජාතකය නිමවමින් මේ අවසාන ගාථාව වදාළ සේක.

“කාකො තදා දෙවදත‍්තො අහොසි, මාරො පන කණ‍්හසප‍්පො අහොසි; ආනන්‍දභද‍්දො කක‍්කටකො අහොසි, අහං තදා බ්‍රාහ‍්මණො හොමි සත්‍ථා”ති.

8. එදා කපුටා නම්, දේවදත්තය. කළු නයා නම්, මාරයා ය. කකුළුවා නම්, ආනන්ද තෙරණුවෝය. එදා එහි බ්‍රාහ්මණ ව ඉපිද සිටියේ මම ම ය.

සච‍්චපරියොසානෙ බහූ සොතාපන‍්නාදයො අහෙසුං. කාකී පන ගාථාය න වුත‍්තා, සා චිඤ‍්චමාණවිකා අහොසීති.

මේ දේශනාව අවසානයේ දී, බොහෝ අය සෝවාන් ආදී මාර්ගඵලවලට පත්වූහ. ඉහත සඳහන් ගාථාවෙහි කැවිඩිය ගැන නො කියැවේ. ඇය චිංචි මාණවිකාව වූවාය.

සුවණ‍්ණකක‍්කටකජාතකවණ‍්ණනා චතුත්‍ථා.