යෙදුමෙන් කියවන්න

4. සුවණ‍්ණකක‍්කටක ජාතකං

942. සිඞ‍්ගී මිගො ආයත චක‍්ඛුනෙත‍්තො අට‍්ඨිත‍්තචො වාරිසයො අලොමො, තෙනාභිභූතො කපණං රුදාමි හරෙ සඛා කිස‍්ස නු මං ජහාසි.

942. එම්බා යහළුව, දිග ඇස් ඇති කටුව ම සිවිය කොට ඇති දියෙහි වෙසෙන ලොම් නැති අඬු නමැති අං ඇති සිංගීමිග නමැති කකුළුවෙකි. ඔහු විසින් මඩනා ලදුයෙන් අසරණ ව හඬමි. කුමක් හෙයින් මා හැර යෙහි ද?

943. සො පස‍්සසන‍්තො මහතා ඵණෙන. භුජඞ‍්ගමො කක‍්කටමජ‍්ඣපත‍්තො, සඛා සඛාරං පරිතායමානො භුජඞ‍්ගමං කක‍්කටකො ගහෙසි.

943. මිතුරු වූ ඒ සර්‍පයා මිතුරු කපුටා රක්නේ විශාල පෙණයක් සහිත ව ප්‍රශ්වාස කරමින් කකුළුවා වෙත පැමිණියේ ය. කකුළුවා ඒ සර්‍පයා ද අල්ලා ගත්තේ ය.

944. න වායසං නො පන සප‍්පරාජං ඝාසත්‍ථිකො කක‍්කටකො අදෙය්‍ය, පුච‍්ඡාමි තං ආයතචක‍්ඛුනෙත‍්ත අථ කිස‍්ස හෙතුම‍්හ උභො ගහීතා.

944. කකුළුවා ආහාර වශයෙන් කපුටා හෝ සර්‍පයා හෝ නො ගත්තේ ය. දිගු නෙතැත්තාණනි, තා විචාරමි. කවර හෙයින් අප දෙදෙනා අල්ලා ගත්තෙහි ද?

945. අයං පුරිසො මම අත්‍ථාකාමො යො මං ගහෙත්‍වාන දකාය නෙති, තස‍්මිං මතෙ දුක‍්ඛමනප‍්පකං මෙ අහඤ‍්ච එසො ච උභො න හොම.

945. මේ පුරුෂයා මට හිත කැමැත්තේ ය. හේ මා දියට පමුණුව යි. ඔහු මළ කල්හි මට බොහෝ දුක් වන්නේ ය. මම ද මෙ තෙමේ ද යන දෙදෙනා ම ජීවත් නො වෙමු.

946. මමඤ‍්ච දිස‍්වාන පවඩ‍්ඪකායං සබ‍්බො ජනො හිංසිතුමෙව මිච‍්ඡෙ සාදුඤ‍්ච ථුල‍්ලඤ‍්ච මුදුඤ‍්ච මංසං කාකාපි මං දිස‍්වා විභෙඨයෙය්‍යුං.

946. හොඳින් වැඩුණු ශරීරය ඇති, රසවත් වූ මහත් වූ මොළොක් වූ මස් සහිත මා දැක හැමදෙන හිංසා කරන්නට කැමැති වන්නෝ ය. මා දැක කවුඩෝ ද හිංසා කරන්නෝ ය.

947. සවෙ තස‍්ස හෙතුම‍්හ උභො ගහීතා උට‍්ඨාතු පොසො විසමාචමාමි, මමඤ‍්ච කාකඤ‍්ච පමුඤ‍්ච ඛිප‍්පං පුරෙ විසං ගාළහමුපෙති මච‍්චං.

947. ඉදින් ඔහු නිසා අප දෙදෙනා ගන්නා ලද්දාහු නම් පුරුෂයා නැඟීසිටීවා විෂ උරා ගනිමි. මිනිසාට විෂ වේදනා වැඩි වන්නට පෙර මා ද කවුඩා ද වහා මුදව.

948. සප‍්පං පමොක‍්ඛාමි න තාව කාකං පටිබද‍්ධකො හොහිති තාව කාකො, පුරිසඤ‍්ච දිස‍්වාන සුඛිං අරොගං කාකං පමොක‍්ඛාමි යථෙව සප‍්පං.

948. සර්‍පයා මුදමි. කවුඩා නො මුදමි. කවර හෙයින් ද යත්, කවුඩා තට ඇපකරුවකු වන්නේ ය. යම්සේ සර්‍පයා මිදූයෙම් ද, පුරුෂයා නීරෝග වූ පසු කවුඩා ද එසේ මුදන්නෙමි.

949. කාකො තදා දෙවදත‍්තො අහොසි මාරො පන කණ‍්හසප‍්පො අහොසි, ආනන්‍දභද‍්දො කක‍්කටකො අහොසි අහං තදා බ්‍රාහ‍්මණො හොමි සත්‍ථාති.

949. කවුඩා එදවස දෙව්දත් විය. මරහු වනාහි කෘෂ්ණ සර්‍පයා විය. යහළු කක්කටක ආනන්‍ද තෙරුන් වහන්සේ වූහ. ශාස්තෘ වූ මම් බ්‍රාහ්මණ වීමි.

4. සුවණ‍්ණකක‍්කටක ජාතකං.

4. සුවණ්ණකක්කටක ජාතක යි.