1. ඛරපුත‍්තජාතකං
924. සච‍්චං කිරෙව මාහංසු භස‍්තං බාලොති පණ‍්ඩිතා, පස‍්ස බාලො රහොකම‍්මං ආවිකුබ‍්බං න බුජ‍්ඣති,
924. එළුවා මූඪ යයි පණ්ඩිතයෝ සැබැවක් මැ කිවු ල. බලව, රහස් තන්හි කටයුතු දෙය නො රහස් තන්හි කරනුයේ අයෝග්‍ය බව නො දනී.
925. ත්‍වං නුඛො සම‍්ම බාලොසි ඛරපුත‍්ත විජානහි, රජ‍්ජුයා හි පරික‍්ඛිත‍්තො වඞ‍්කොට‍්ඨො ඔහිතො මුඛො.
925. මිතුරු කොටළු පුත්‍රය, තෙපි වනාහි මට වඩා බාලවහු. කවර හෙයින යත්: වියගස සමග ගෙල රැහැනින් බඳනා ලදහු, වක්වූ තොල් ඇත්තවු, (මුඛබන්‍ධන රජ්ජුයෙන්) බඳනා ලද මුව ඇත්තහු මට වඩා අඥානය යි දනුව.
926. අපරම‍්පි සම‍්ම තෙ බාල්‍යං යො මුත‍්තො න පලායසි, සො ච බාලතරො සම‍්ම යං ත්‍වං වහසි සෙනකං.
926. යහළුව, බන්‍ධනයෙන් මුදා ලූ තෙපි නො පලායවු ද එය තොපගේ තවත් මෝඩ කමෙකි. තෙපි යම්බඳු සේනක නම් රජකු උසුලවු ද හෙ ද අප දෙදෙනාට වඩා අතිශයින් බාල වෙයි.
927. යන‍්නු සම‍්මා අහං බාලො අජරාජ විජානහි, අථ කෙන සෙනකො බාලො තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො
927. සගය අජරාජය, යම්හෙයෙකින් මා අඥානය යි දනු ද, සේනක රජ කවර හේතුයෙකින් මූඪ වී ද, මා විසින් විචාරන ලද්දහු එය මට කියව.
928. උත‍්තමත්‍ථං ලභිත්‍වාන භරියාය යො පදස‍්සති, තෙන ජහිස‍්සතත‍්තානං සා චෙවස‍්ස න හෙස‍්සති.
928. යමෙක් සියලු ශබ්ද දනැගන්නා මන්ත්‍ර සඞ්ඛ්‍යාත උතුම් ධනය ලැබගෙන බිරිඳට දෙන්නේ ද එයින් ඔහුගේ ජීවිතය හැරපියන්නේ යැ. ඒ බිරිඳ ද ඔහට නො වන්නී ය
929. න වෙ පියං මෙති ජනින්‍ද තාදිසො අත‍්තං නිරං කත්‍වා පියානි සෙවති, අත‍්තාව සෙය්‍යො පරමාව සෙය්‍යා ලබ‍්භා පියා ඔචිතත්‍ථෙන පච‍්ඡාති.
929. නරේන්‍ද්‍රය තොප වැන්නෙක් මේ වස්තුව මට ප්‍රිය යයි ජීවිතය හැරපියා ප්‍රිය වස්තූන් සේවන නො කෙරේ මැ යැ. පරම ශ්‍රේෂ්ඨ වස්තූන්ට ද වඩා ජීවිතය මැ ශ්‍රේෂ්ඨ ය. වඩනලද ජීවිතය ඇත්තහු විසින් පසුව ප්‍රිය වස්තු ලද හැක්ක.
1. ඛරපුත‍්තජාතකං.
1. ඛරපුත්ත ජාතක යි.
930. අකක‍්කසං අඵරුසං ඛරධොතං සුපාසියං, සුඛුමං තිඛිණග‍්ගඤ‍්ච කො සූචිං කෙතුමිච‍්ඡති.
930. රළු නැති මටසිළුටු කරගලෙහි ගා ශුද්ධ කළ සුන්‍දර පාශ ඇති සියුම් වූ තියුණු තුඩ ද ඇති ඉදිකටුව මිල දී ගන්නට කවරෙක් කැමැති වේ ද.
931. සුමජ‍්ජඤ‍්ච සුපාසඤ‍්ච අනුපුබ‍්බං සුවත‍්තිතං, ඝනඝාතිමං පටිත්‍ථද‍්ධං කො සූචිං කෙතුමිච‍්ඡති.
931. (කුරුඳුගල් සුන්නෙන්) මැනැවින් මදනා ලද සුන්‍දර පාශ ඇති අනුක්‍රමයෙන් මොනොවට වට වූ කිනිහිරය විනිවිදුනා තද ඉදිකටුව මිලයට ගන්නට කවරෙක් කැමැති වේ ද.
932. ඉතොදානි පතායන‍්ති සූචියො ඛළිසානි ච, කොයං කම‍්මාරගාමස‍්මිං සූචිං වික‍්කෙතුමිච‍්ඡති.
932. දැන් ඉදිකටු ද බිළිකටු ද මේ කඹුරුගමින් ඒ ඒ දිග පැතිර යන්නාහ. කඹුරුගමේ ඉදිකටු විකුණන්නට කැමැති මේ කවරෙක් ද?
933. ඉතො සත්‍ථානි ගච‍්ඡන‍්ති කම‍්මන‍්තා විවිධා පුථු, කොයං කම‍්මාරගාමස‍්මිං සූචිං වික‍්කෙතුමරහති.
933. මෙයින් ආයුධ ද බැහැර යති. නානාවිධ බොහෝ කර්‍මාන්තයෝ ද (මෙයින් ගෙනගිය උපකරණයෙන් මැ) පවතිත්. මේ කඹුරුගමේ ඉදිකටු විකුණන්නට මේ කවරෙක් සුදුසු වේ ද.
934. සූචිං කම‍්මාරගාමස‍්මිං වික‍්කෙතබ‍්බා පජානතා ආචරියාව ජානන‍්ති කම‍්මං සුකතදුක‍්කතං.
934. දන්නා තැනැත්තා විසින් ඉදිකටුව කඹුරුගම්හි විකිණියයුතු ය. කුමක් හෙයින් ද යත්, මනා නො මනා කර්‍මාන්තය ශිල්පාචාරීහු මැ දනිත්.
935. ඉමඤ‍්ච තෙ පිතා භද‍්දෙ සූචිං ජඤ‍්ඤා මයා කතං, තයා ච මං නිමන‍්තෙය්‍ය යඤ‍්චත්‍ථඤ‍්ඤං ඝරෙ ධනන‍්ති.
935. සොඳුර තීගේ පියා මා විසින් කරන ලද මේ ඉදිකටුව හැඳින්නේ වී නම් තී ද මට පවරන්නේ ය. ගෙහි යම් අන් ධනයකුත් ඇත් ද එය ද පවරන්නේ යි.
2. සූචිජාතකං.
2. සූචි ජාතක යි.
936. නවඡන්‍දකෙදානි දීයති පුණ‍්ණායං දොණි සුවාමිනී ඨිතා, බහුකෙ ජනෙ පාසපාණිකෙ නො ච ඛො මෙ පටිභාති භුඤ‍්ජිතුං.
936. අලුත් අයුරෙකින් පිළියෙළ කළ දීමනාවක් දෙනු ලැබේ. අපගේ බත්ඔරුව පිරී තිබේ. අපගේ ස්වාමිදුව ද සිටිනී ය. පාශ ගත් අතැති බොහෝ දෙනා වෙති. මට කන්නට රුචිය ඇති නො වේ.
937. තසසි භමසි ගෙණමිච‍්ඡසි අත‍්තාණොසි තුහිං ගමිස‍්සසි, අප‍්පොස‍්සුක‍්කො භුඤ‍්ජ තුණ‍්ඩිල මංසත්‍ථාය හි පොසියාමසෙ.
937. තුණ්ඩිලය, තැති ගත්තෙහි, ඒ මේ අත කැරකෙන්නෙහි ය, පිහිට කැමැත්තෙහි ය, අසරණ වූයේ කොහි යන්නෙහි ද, අල්පොත්සුක ව අනුභව කරන්න. මස සඳහා අපි පෝෂණය කරනු ලබම්හ.
938. ඔගහ රහදං අකද‍්දමං සබ‍්බං සෙදමලං පවාහය, ගණ‍්හාහි නවං විලෙපනං යස‍්ස ගන්‍ධො න කදාචි ඡිජ‍්ජති.
938. මඩ නැති විලට බසුව. ඩහදිය කුණු සියල්ල ඉවත් කරව. යමක් පිළිබඳ ගන්‍ධය කිසිකලෙකත් නො නැසේ ද එබඳු නව විලේපනයක් ගනුව.
939. කතමො රහදො අකද‍්දමො කිංසු සෙදමලන‍්ති වුච‍්චති, කතමඤ‍්ච නවං විලෙපනං තස‍්ස ගන්‍ධො න කදාචි ඡිජ‍්ජති.
939. මඩ නැති විල කවරේ ද? කුමක් ඩහදිය මලය යි කියනු ලැබේ ද? නව විලේපනය යනු කුමක් ද? කුමක් පිළිබඳ ගන්‍ධය කිසිකලෙකත් නො නැසේ ද?
940. ධම‍්මො රහදො අකද‍්දමො පාපං සෙදමලන‍්ති වුච‍්චති, සීලඤ‍්ච නවං විලෙපනං තස‍්ස ගන්‍ධො න කදාචි ඡිජ‍්ජති.
940. තුන් සුචරිතය ආදි ගුණදහම් මඩ නැති විල ය. සියලු පාපයෝ ඩහදියමල ය. සීලය නව විලේපනය යි. සීලයේ ගන්‍ධය කිසිකලෙක නො නැසේ.
941. නන්‍දන‍්ති සරීරඝාතිනො න ච නන්‍දන‍්ති සරිරධාරිනො, පුණ‍්ණාය ච පුණ‍්ණමාසියා රමමානාව ජහන‍්ති ජීවිතන‍්ති.
941. අන්‍යයන් නසන්නෝ (අන්‍යයන් නැසීමේ දී) සතුටු වෙති. සිරුරු දරන්නෝ (තමහට මරණ වාරය පැමිණි සඳ) සතුටු නො වෙති. පුන්සඳ උදා වැ ඇති (අද වැනි) දවස්හි (ගුණයෙන් පිරුණු අප වැන්නෝ) ප්‍රීති සිතැති ව ම ජීවිතය අත් හරිති.