3. තුණ්ඩිලජාතකවණ්ණනා 388 අට්ඨකථා
3. තුණ්ඩිලජාතකවණ්ණනා (388)
3. තුණ්ඩිල ජාතකය (388)
නවඡන්නකෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං මරණභීරුකං භික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථිවාසී කුලපුත්තො බුද්ධසාසනෙ පබ්බජිත්වා මරණභීරුකො අහොසි, අප්පමත්තකම්පි සාඛාචලනං දණ්ඩකපතනං සකුණචතුප්පදසද්දං වා අඤ්ඤං වා තථාරූපං සුත්වා මරණභයතජ්ජිතො හුත්වා කුච්ඡියං විද්ධසසො විය කම්පන්තො විචරි. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, අසුකො කිර භික්ඛු මරණභීරුකො අප්පමත්තකම්පි සද්දං සුත්වා විකම්පමානො පලායති, ඉමෙසඤ්ච සත්තානං මරණමෙව ධුවං, ජීවිතං අද්ධුවං, නනු තදෙව යොනිසො මනසි කාතබ්බ”න්ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ තං භික්ඛුං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං භික්ඛු මරණභීරුකො”ති වත්වා “ආම, භන්තෙ”ති තෙන පටිඤ්ඤාතො “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස මරණභීරුකොයෙවා”ති වත්වා අතීතං ආහරි.
‘නවජන්දකෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාවස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, මරණයට බියවන එක් භික්ෂු කෙනකුන් අරබයා වදාළ සේක. ඒ භික්ෂුව සැවැත් නුවර වැසි කුල පුත්‍රයෙකි. සසුනෙහි පැවිද්ද ලැබූ මුත් ඔහු මරණයට නිතර බියෙන් පසුවේ. ඉතා සුලු දෙයකට පවා එනම්, ගසක අත්තක් සෙලවීම, දඬු කැබැල්ලක් බිමට වැටීම, කුරුල්ලකුගේ හෝ සිව්පාවකුගේ හඬක් ඇසීම හා එවැනි අන් කිසියම් ශබ්දයකදී වුවද, ඔහු බියෙන් සැලේ. එසේ බිය වූ අවස්ථාවලදී ඔහු බඩට පහරක් වැදුණු සාවකු මෙන්, බියෙන් ගැහෙමින් වෙවුලමින් ඒ මේ අත ඇවිදී. දිනක් දම්සභාවෙහි රැස්වූ භික්ෂූන් ‘ඇවැත්නි, අසවල් භික්ෂුව සෑම විටම මරණ බියෙන් තැතිගෙන සුලු ශබ්දයක් ඇසුණ විට පවා, බියෙන් ගැහෙමින් පලා යයි. ලොව සියලු සතුන්ට මරණයම ස්ථිරය. ජීවිතය අස්ථිරය. භික්ෂුවක විසින් එය ම සිහි කළ යුතු නොවේදැ’යි කථා කරමින්, හිඳින අතරතුරේදී, ඒ භික්ෂූන් අතරට බුදුරජාණන් වහන්සේ වැඩි සේක. භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන්ම අසා දැනගත්, බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ඒ භික්ෂුව මෙහි කැඳවවු යැ’යි වදාළ සේක. අදාළ භික්ෂුව ළඟට කැඳවා ගත් බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ මරණය ගැන නිතර බියෙන් පසුවේ ය, යනු සැබෑවක්දැ’යි ඇසූ සේක. එය සැබෑවක් බව භික්ෂුව විසින් පිළිගන්නා ලදි. එවිට සෙසු භික්ෂූන් ඇමතූ බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, මොහු මරණයට තැති ගත්තේ, එයින් බියපත් වූයේ දැන් පමණක් නොවේ. පෙරද ඔහු එසේම යැ’යි වදාරා, මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සූකරියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. සූකරී පරිණතගබ්භා ද්වෙ පුත්තෙ විජායි. සා එකදිවසං තෙ ගහෙත්වා එකස්මිං ආවාටෙ නිපජ්ජි. අථෙකා බාරාණසිද්වාරගාමවාසිනී මහල්ලිකා කප්පාසඛෙත්තතො පච්ඡිපුණ්ණං කප්පාසං ආදාය යට්ඨියා භූමිං ආකොටෙන්තී ආගච්ඡි. සූකරී තං සද්දං සුත්වා මරණභයෙන පුත්තකෙ ඡඩ්ඩෙත්වා පලායි. මහල්ලිකා සූකරපොතකෙ දිස්වා පුත්තසඤ්ඤං පටිලභිත්වා පච්ඡියං පක්ඛිපිත්වා ඝරං නෙත්වා ජෙට්ඨකස්ස මහාතුණ්ඩිලො, කනිට්ඨස්ස චූළතුණ්ඩිලොති නාමං කරිත්වා තෙ පුත්තකෙ විය පොසෙසි. තෙ අපරභාගෙ වඩ්ඪිත්වා ථූලසරීරා අහෙසුං. මහල්ලිකා “ඉමෙ නො මූලෙන දෙහී”ති වුච්චමානාපි “පුත්තා මෙ”ති වත්වා කස්සචි න දෙති. අථෙකස්මිං ඡණකාලෙ ධුත්තා සුරං පිවන්තා මංසෙ ඛීණෙ “කුතො නු ඛො මංසං ලභිස්සාමා”ති වීමංසන්තා මහල්ලිකාය ගෙහෙ සූකරානං අත්ථිභාවං ඤත්වා මූලං ගහෙත්වා තත්ථ ගන්ත්වා “අම්ම, මූලං ගහෙත්වා එකං නො සූකරං දෙහී”ති ආහංසු. සා “අලං, තාතා, පුත්තා මෙ එතෙ, පුත්තං නාම මංසං ඛාදනත්ථාය කිණන්තානං දදන්තා නාම නත්ථී”ති පටික්ඛිපි. ධුත්තා “අම්ම, මනුස්සානං සූකරා නාම පුත්තා න හොන්ති, දෙහි නො”ති පුනප්පුනං යාචන්තාපි අලභිත්වා මහල්ලිකං සුරං පායෙත්‍වා මත්තකාලෙ “අම්ම, සූකරෙහි කිං කරිස්සසි, මූලං ගහෙත්වා පරිබ්බයං කරොහී”ති තස්සා හත්ථෙ කහාපණෙ ඨපයිංසු.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ එක් ඊරියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. මේරූ ගැබ ඇති ඊරිය පැටවුන් දෙදෙනකු වැදුවාය. ඇය එක් දිනක් සිය පැටවුන් රැගෙන ගොස්, එක් වළෙක වැද හොත්තීය. ඉක්බිති බරණැස් නුවර වාසල් දොරටු සමීපයෙහි ජීවත්වන එක් මහලු ස්ත්‍රියක් කපු හේනකින් කූඩයකට පුළුන් පුරවාගෙන, කූඩය හිස මත තබාගෙන, එක් අතෙකින් සැරමිටියක් බිමට අනිමින්, ඉහත කී ඌරු පැටවුන් නිදා හුන් වළ සමීපයෙන් පැමිණියාය. හැරමිටි ශබ්දයෙන් බියපත් වූ ඊරිය, පැටවුන් එහි දමා පැන දිව්වාය. ඒ ශබ්දය ඇසූ මැහැල්ල වළට එබී බලා, ඌරු පැටවුන් දෙදෙනා දැක දරු සෙනෙහස ඉපදී, වහා වළට බැස පැටවුන් දෙදෙනා රැගෙන, පුළුන් කූඩය මත තබාගෙන, ගෙදර පැමිණියාය. ඌරු පැටවුන් ගෙදර ගෙනවුත් හොඳින් සැලකූ මැහැල්ල පැටවුන් දෙදෙනා අතුරෙන් මඳක් තර වූ වැඩිමහල් පැටියාට ‘මහා තුණ්ඩිල’ යැයි ද, කුඩා පැටියාට ‘චුල්ල තුණ්ඩිල’ යැයි ද, නම්කොට තමාගේ ම දරුවන් මෙන්, මැනවින් පෝෂණය කළාය. පසු කලෙක ඌරු පැටවු දෙදෙනා සිරුරුවලින් ඉතා විශාල වූහ. විවිධ උදවිය මැහැල්ල හමුවට පැමිණ මුදල් දී, ඌරු පැටවුන් ඉල්ලා සිටි මුත්, ‘මේ මගේ දරුවෝ යැ’යි, කී මැහැල්ල ඒ සියලු ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළාය. මේ අතර නුවර පුරා මහත් සැණකෙළියක් ආරම්භ විය. එය නුවරුන්ට ඉතා ප්‍රීතිමත් සමයක් විය. බේබදු මිනිසුන් පිරිසක් සැණකෙළි භූමියෙහි සුරා බොමින්, මස් කමින්, විනෝදයෙන් කල් යැවූහ. ටික වේලාවකින් ඔවුන්ගේ මස් අවසන් විය. ‘කොහෙන් නමුත් මස් ටිකක් සොයාගත යුතුයැ’යි, සිතූ බේබද්දෝ මස් මිලදී ගත හැකි තැනක් ආරංචි කරන්නට පටන් ගත්හ. මෙසේ විමසමින් ඒ මේ අත යන ඔවුන්ට, මැහැල්ලගේ ගෙදර තර ඌරන් සිටින බව, දැනගන්නට ලැබුණි. සුරා කළ ද රැගෙන වහා එහි ගිය බේබදු පිරිස, මැහැල්ල හමු වී ‘මෑණියෙනි, මුදල් ගෙන අපට එක් ඌරකු දෙනු මැනවැ’යි කීහ. ‘දරුවනි, ඔය ඉල්ලීමෙන් වැඩක් නැත. තම දරුවන් මස් පිණිස විකුණන රටක් ඇත්දැ’යි ඇසූ ඇය මේ ගනුදෙනුවට කිසිසේත් කැමති නොවූවාය. එවිට ඉන් නතර නොවුණු බේබදු පිරිස, ‘මෑණියෙනි, මනුෂ්‍යයන්ට ඌරු දරුවන් ඇති බවක්, අපි මෙතෙක් අසා නැත්තෙමු, එබැවින් අපට එකකු දෙනු මැනවැ’යි කියමින්, නැවත නැවත ඇවිටිලි කළ නමුත් මැහැල්ල ඊට එකඟ නොවූවාය. කොපමණ මුදල් දුන්නත්, අන් කුමන තෑගිභෝග පිරිනැමුවත්, මොනවා කීවත්, මැහැල්ලගෙන් ඌරු පැටියෙකු ලබාගත නොහැකි බව, තේරුම් ගත් බේබදු පිරිස කෙසේ හෝ ඇයට සුරා පෙවූහ. සුරාවෙන් හොඳටම මත්වූ, මැහැල්ලගේ අතෙහි මුදල් පොදියක් තැබූ ඔහුවු ‘මෑණියනි, මේ ඌරන්ගෙන් ඔබ මොනවා නම් කරන්නද? එබැවින් මේ මුදල් ගෙන, ඒවා ඔබේ එදිනෙදා වියදමට තබාගෙන අපට එක් ඌරකු දෙනු මැනවැ’යි කීහ.
සා කහාපණෙ ගහෙත්වා “තාතා, මහාතුණ්ඩිලං දාතුං න සක්කොමි. චූළතුණ්ඩිලං පන ගණ්හථා”ති ආහ. “කහං සො”ති? “අයං එතස්මිං ගච්ඡෙති, සද්දමස්ස දෙහී”ති. “ආහාරං න පස්සාමී”ති. ධුත්තා මූලෙන එකං භත්තපාතිං ආහරාපෙසුං. මහල්ලිකා තං ගහෙත්වා ද්වාරෙ ඨපිතං සූකරදොණිං පූරෙත්වා දොණිසමීපෙ අට්ඨාසි. තිංසමත්තාපි ධුත්තා පාසහත්ථා තත්ථෙව අට්ඨංසු. මහල්ලිකා “තාත, චූළතුණ්ඩිල, එහී”ති තස්ස සද්දමකාසි. තං සුත්වා මහාතුණ්ඩිලො “එත්තකං කාලං මම මාතරා චූළතුණ්ඩිලස්ස සද්දො න දින්නපුබ්බො, මංයෙව පඨමං සද්දායති, අවස්සං අජ්ජ අම්හාකං භයං උප්පන්නං භවිස්සතී”ති අඤ්ඤාසි. සො කනිට්ඨං ආමන්තෙසි “තාත, මම මාතා තං පක්කොසති, ගච්ඡ තාව ජානාහී”ති. සො ගච්ඡා නික්ඛමිත්වා භත්තදොණිසමීපෙ තෙසං ඨිතභාවං දිස්වා “අජ්ජ මෙ මරණං උප්පන්න”න්ති මරණභයතජ්ජිතො නිවත්තිත්වා කම්පමානො භාතු සන්තිකං ආගන්ත්වා ථම්භිතුං නාසක්ඛි, කම්පමානො පරිබ්භමි. මහාතුණ්ඩිලො තං දිස්වා “තාත, ත්වං අජ්ජ පන පවෙධසි පරිබ්භමසි, පවිසනට්ඨානං ඔලොකෙසි, කිං නාමෙතං කරොසී”ති පුච්ඡි. සො අත්තනා දිට්ඨකාරණං කථෙන්තො පඨමං ගාථමාහ –
මත්වී සිටි ඇය කහවණු පොදිය දැක, පෙර නොවූ උනන්දුවකින් පිරිස දෙස බලා ‘දරුවනි, මහා තුණ්ඩිලයා නම් කොහොමවත් දිය නොහැකිය. අවශ්‍යම නම්, චුල්ල තුණ්ඩිලයා ගනිවු’ යැයි කීවාය. ‘මෑණියනි, ඌ දැන් කොහිද?’ ‘දරුවනි, නිතර ඌ සිටින්නේ අර පඳුරු අතරය. ‘මෑණියනි, ඌට කථා කරනු මැනවි’. ‘දරුවනි, ඌ කැඳවිය හැක්කේ ආහාර පෙන්වීමෙනි. දැනට මා ළඟ ආහාර කිසිවක් නැතැ’යි මැහැල්ල කීවාය. එවිට ඒ ධූර්තයෝ ඔවුන් අතුරෙන් එකකු, අසල පිහිටි කඩයකට යවා, බත් භාජනයක් මිලදී ගෙන්වාගෙන, එය මැහැල්ල අතට පත් කළහ. අහර බඳුන අතට ගත් මැහැල්ල දොරකඩ තබන ලද ඌරන්ට කෑම දෙන භාජනයෙහි ඒ බත් පුරවා, එතැනම හිස් බඳුන අත තබාගෙන සිටියාය. තිහක් පමණ වූ බේබදු පිරිස ඌරා අල්ලා ගැනීමට සූදානම්ව, මළපුඬු සහිත රැහැන් අත්හි දරා, ඌරා පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් වටේට සිටියහ. මැහැලිය ‘පුත, චුල්ල තුණ්ඩිල, මෙහි වර බොල’ යැයි හඬ ගෑවාය. ඒ ඇසූ මහා තුණ්ඩිල නම් වූ බෝසත් ඌරු පැටියා, ‘මෙපමණ කලක් මගේ අම්මා අපට කෑම දෙනවිට, මුලින් මට කතා කිරීම සිරිතකි. කවදාවත් මගේ මලණුවන්ගේ නම කියා කථා කළ බවක්, මම නො දනිමි. එබැවින් නිසැකව ම මෙය අපට බිය ගෙනදෙන කරුණක් විය යුතු යැ’යි, ඉවෙන් මෙන් තේරුම් ගත්තේය. අනතුරුව සිය මලණුවන් දෙසට හැරුණු, මහා තුණ්ඩිල ‘මලණුවෙනි, අපේ අම්මා ඔබ කැඳවයි. එබැවින් වහා ගොස් කරුණු දැන එව’යි කීය. එසැණින් පඳුරු අතරින් නික්මුණු චුල්ල තුණ්ඩිලයා මඳක් තැන් ගොස්, බත් භාජනය සමීපයෙහි සූදානමින් සිටි මහ පිරිස දැක, ‘අද මාගේ මරණය ස්ථිර යැ’යි, මරණ බියෙන් බියපත්ව ආපසු හැරී වෙවුලමින් සිය සොයුරා වෙත පැමිණි නමුත්, පියෙවි ස්වභාවයෙන් සිට ගත නොහැකිව, ගැහෙමින් කරකැවෙන්නට පටන් ගත්තේය. ඒ දුටු මහා තුණ්ඩිල ‘මලණුවෙනි, ඔබ ගැහෙයි, කැරකෙයි, සැඟවීමට තැනක් සොයයි, ඔබ මේ කරන්නේ කුමක්දැ’යි විචාළේය. ඊට පිළිතුරු වශයෙන් චුල්ල තුණ්ඩිල තමා දුටු කරුණ පැහැදිලි කරමින් මෙසේ කීය.
“නවඡන්නකෙදානි දිය්යති, පුණ්ණායං දොණි සුවාමිනී ඨිතා; බහුකෙ ජනෙ පාසපාණිකෙ, නො ච ඛො මෙ පටිභාති භුඤ්ජිතු”න්ති.
නව ඡන්ද කෙදානි දිය්යති, පුණ්ණායං දොණි සුවාමිණී ඨිතා, බහුකෙ ජනෙ පාස පාණිකෙ, නො ච ඛො මෙ පටිභාතු භුඤ්ජිතන්ති
අලුත් තාලේ දානයක් දෙනු ලැබේ. මේ කෑම දෙන ඔරුව බතින් පිරී ඇත. ස්වාමි දුව ද එතැන සිටියා ය. මළපුඬු ගත් අත් ඇති බොහෝ ජනයෝ ද, වෙති. (අඬ ගසන්නේ) කෑමට දැයි, මට නොවැටහේ.
තත්ථ නවඡන්නකෙදානි දිය්යතීති භාතික, පුබ්බෙ අම්හාකං කුණ්ඩකයාගු වා ඣාමභත්තං වා දිය්යති, අජ්ජ පන නවඡන්නකං නවාකාරං දානං දිය්යති. පුණ්ණායං දොණීති අයං අම්හාකං භත්තදොණි සුද්ධභත්තස්ස පුණ්ණා. සුවාමිනී ඨිතාති අය්යාපි නො තස්සා සන්තිකෙ ඨිතා. බහුකෙ ජනෙති න කෙවලඤ්ච අය්යාව, අඤ්ඤොපි බහුකො ජනො පාසපාණිකො ඨිතො. නො ච ඛො මෙ පටිභාතීති අයං එවං එතෙසං ඨිතභාවොපි ඉදං භත්තං භුඤ්ජිතුම්පි මය්හං න පටිභාති, න රුච්චතීති අත්ථො.
මෙහි ‘නවඡන්දකෙදානි දිය්යති’ යනු ‘සොඳුර, පෙර අපට (සහල්) කුඩු කැඳ හෝ, දන්කුඩ හෝ දෙනු ලැබේ. අද වනාහි අලුත් තාලේ, අලුත් ආකාරයේ දානයක් දෙනු ලැබේ’ යන අර්ථයි. ‘පුණ්ණායං දොණි’ යනු ‘අපගේ මේ බත් ඔරුව පිරිසිදු බතින් පිරී ඇත’, යන අර්ථයි. ‘සුවාමිනී ඨීතා’ යනු ‘අපගේ උත්තමාවිය ද, ඒ සමීපයේ සිටියා ය’ යන අර්ථයි. ‘බහුකෙ ජනෙ’ යනු උත්තමාව පමණක් නොව, වෙනත් බොහෝ ජනයෝ ද, මළපුඬු ගත් අත් ඇතිව සිටියහ’ යන අර්ථයි. ‘නො ච ඛො මො පටිභාතී’ යනු මෙසේ මේ අය මෙහි සිටින කාරණයත්, මේ බත් කෑමට කථා කිරීමත්, මට නො වැටහේ. එය මට රුචි නොවේ’ යන අර්ථයි.
තං සුත්වා මහාසත්තො “තාත චූළතුණ්ඩිල, මම කිර මාතා එත්ථෙව සූකරෙ පොසෙන්තී නාම යදත්ථං පොසෙති, ස්වාස්සා අත්ථො අජ්ජ මත්ථකං පත්තො, ත්වං මා චින්තයී”ති වත්වා මධුරෙන සරෙන බුද්ධලීළාය ධම්මං දෙසෙන්තො ද්වෙ ගාථා අභාසි –
මේ ඇසූ බෝසත් තෙමේ මහා තුණ්ඩිල, ‘මලණුවෙනි, අපේ අම්මා මේ ගෙදර ඌරු පැටවුන් ඇති කෙළේ යම් ප්‍රයෝජනයකටද? අද ඇයගේ ඒ අදහස ඉටුවන දිනයයි. එබැවින් අමුත්තක් නොසිතනු මැනවැ’යි, කියා මිහිරි හඬින් ප්රබුද්ධ ලීලාවෙන් දහම් දෙසමින් මෙසේ කීය.
“තසසි භමසි ලෙණමිච්ඡසි, අත්තාණොසි කුහිං ගමිස්සසි; අප්පොස්සුක්කො භුඤ්ජ තුණ්ඩිල, මංසත්ථාය හි පොසිතාම්හසෙ.
2. ‘තුණ්ඩිලය, (නුඹ) ත්‍රස්ත වෙහිද? භ්‍රමණය වෙහිද? පිහිටක් බලාපොරොත්තු වන්නෙහිද? අසරණ වූවෙහිද? කොහි යන්නෙහිද? නිරුත්සාහීව කෑම කන්න. අපි වනාහි මස් පිණිස පෝෂණය කරන ලද්දෝ වෙමු.
“ඔගහ රහදං අකද්දමං, සබ්බං සෙදමලං පවාහය; ගණ්හාහි නවං විලෙපනං, යස්ස ගන්ධො න කදාචි ඡිජ්ජතී”ති.
3. මඩ නැති විලට බසින්න. සියලු දහදිය-කුණු සෝදා හරින්න. යමකුගේ සුවඳ කිසි කලෙක නොසිඳේද? ඒ අලුත් විලවුන් තවරා ගන්න.
තත්ථ තසසි භමසීති මරණභයෙන උත්තසසි, තෙනෙව කිලමන්තො භමසි. ලෙණමිච්ඡසීති පතිට්ඨං ඔලොකෙසි. අත්තාණොසීති තාත, පුබ්බෙ අම්හාකං මාතා පටිසරණං අහොසි, සා අජ්ජ පන නිරපෙක්ඛා අම්හෙ ඡඩ්ඩෙසි, ඉදානි කුහිං ගමිස්සසි. ඔගහාති ඔගාහ, අයමෙව වා පාඨො. පවාහයාති පවාහෙහි, හාරෙහීති අත්ථො. න ඡිජ්ජතීති න නස්සති. ඉදං වුත්තං හොති – තාත, සචෙ මරණතො තසසි, අකද්දමං පොක්ඛරණිං ඔතරිත්වා තව සරීරෙ සබ්බං සෙදඤ්ච මලඤ්ච පවාහෙත්වා සුරභිගන්ධවිලෙපනං විලිම්පාති.
මෙහි ‘තස්සි භමසි’ යනු ‘මරණ බියෙන් ත්‍රස්ත වෙහිද? ඒ හේතුවෙන් ම වෙහෙසට පත්ව භ්‍රමණය වෙහිද?’ යන අර්ථයි. ‘ලෙණමිච්ඡසි’ යනු ‘දරුව, මුලදී අපේ මේ මව අපට පිහිට වූවාය. දැන් ඇය අප කෙරෙහි අපේක්ෂා රහිතය. එබැවින් අප ඉවත දමා ඇත, දැන් කොහි කියා යන්නද?’ යන අර්ථයි. ‘ඔගහ’ යනු ‘බසින්න’, යන අර්ථයි. ‘ඔගාහ’ යන මෙයම පාඨය විය හැකිය. ‘පවාහය’ යනු බැහැර කරව’ යන අර්ථයි. ‘න ජිජ්ජති’ යනු ‘නොනැසේද?’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, ඉදින් මරණයට බිය නම්, මඩ නැති පොකුණකට බැස ඔබේ සිරුරෙහි සියලු ඩාදිය ද, කුණු ද සෝදා, නිතර මිහිරි සුවඳ ඇති විලවුන් තවරා ගන්න’ යන අර්ථයි.
තස්ස දස පාරමියො ආවජ්ජෙත්වා මෙත්තාපාරමිං පුරෙචාරිකං කත්වා පඨමං පදං උදාහරන්තස්සෙව සද්දො සකලං ද්වාදසයොජනිකං බාරාණසිං අජ්ඣොත්ථරිත්වා ගතො. සුතසුතක්ඛණෙයෙව රාජඋපරාජාදයො ආදිං කත්වා බාරාණසිවාසිනො ආගමංසු. අනාගතාපි ගෙහෙ ඨිතාව සුණිංසු. රාජපුරිසා ගච්ඡෙ ඡින්දිත්වා භූමිං සමං කත්වා වාලුකං ඔකිරිංසු. ධුත්තානං සුරාමදො ඡිජ්ජි. පාසෙ ඡඩ්ඩෙත්වා ධම්මං සුණමානා අට්ඨංසු. මහල්ලිකායපි සුරාමදො ඡිජ්ජි. මහාසත්තො මහාජනමජ්ඣෙ චූළතුණ්ඩිලස්ස ධම්මදෙසනං ආරභි. තං සුත්වා චූළතුණ්ඩිලො “මය්හං භාතා එවං වදෙති, අම්හාකඤ්ච වංසෙ පොක්ඛරණිං ඔතරිත්වා නහානං, සරීරතො සෙදමලපවාහනං, පුරාණවිලෙපනං හාරෙත්වා නවවිලෙපනගහණඤ්ච කිස්මිඤ්චි කාලෙ නත්ථි, කිං නු ඛො සන්ධාය භාතා මං එව මාහා”ති පුච්ඡන්තො චතුත්ථං ගාථමාහ –
මෙසේ දස පාරමිතාවන් ආවර්ජනා කොට, මෛත්‍රී පාරමිතාව පෙරදැරිව ගෙන, පළමු පදය කියනවාත් සමගම, බෝසතුන්ගේ ඒ කටහඬ දොළොස් යොදුනක් පුරා මුළු බරණැස පැතිර ගියේය. ඒ ශබ්දය ශ්‍රවණය කළ රාජ-උපරාජ ආදීහු ප්‍රධාන කොට, බොහෝ බරණැස් වැසියෝ, බෝසතුන් සිටි තැනට රැස්වූහ. එහි නොපැමිණි උදවිය තම-තමන්ගේ ගෙවල්වල සිට, ඒ ශබ්දය ශ්‍රවණය කළහ. රාජ පුරුෂයෝ එහි පැමිණ වනලැහැබ් සිඳ බිඳ දමා, ඒ ස්ථානයෙහි භූමිය සමකොට වැලි ඇතිරූහ. එපමණකින් ම බේබද්දන්ගේ වෙරි සිඳුණේය. මළපුඬු ඉවත දැමූ ඔවුහු, බණ ඇසුමට හිඳ ගත්හ. මැහැල්ලගේ ද වෙරි සිඳුණි. බෝසත් තෙමේ අනතුරුව මහජනකාය මැද හිඳ, චුල්ල තුණ්ඩිලයාට ධර්මය දේශනා කිරීමට පටන් ගත්තේය. මේ අසා චුල්ල තුණ්ඩිල ‘මගේ සොයුරා මට මෙසේ කියයි. අපේ පරපුරේ අය පොකුණුවල බැස නාන සිරිතක්වත්, ඩාදිය-කුණු සෝදා හරින සිරිතක්වත්, කලින් තවරා ගත් දෑ බැහැරකොට, අලුත් විලවුන් වර්ග ගල්වා ගැනීමක්වත්, කිසිදින සිදු නොකෙරෙති. එසේ ඇති කල්හි, මගේ සොයුරා මේ කියන ලද්දේ කුමක්දැ’යි, විමසමින් මෙසේ ප්‍රශ්න කෙළේය.
“කතමො රහදො අකද්දමො, කිංසු සෙදමලන්ති වුච්චති; කතමඤ්ච නවං විලෙපනං, යස්ස ගන්ධො න කදාචි ඡිජ්ජතී”ති.
4. (සොයුර) මඩ නැති විල යනු කුමක්ද? ඩාදිය-කුණු යනුවෙන් කුමක් අදහස් කෙරේද? අලුත් විලවුන් යනු කවරේද? කවරකුගේ සුවඳක් කිසි දා නොසිඳේද?
තං සුත්වා මහාසත්තො “තෙන හි කනිට්ඨ ඔහිතසොතො සුණාහී”ති බුද්ධලීළාය ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
මීට පිළිතුරු දෙන බෝසත් තෙමේ ‘සොයුර, එසේ නම් කන් යොමුකොට මෙය අසව’යි කියා, ප්රබුද්ධ ලීලාවෙන් දහම් දෙසමින් මෙසේ කීයේය.
“ධම්මො රහදො අකද්දමො, පාපං සෙදමලන්ති වුච්චති; සීලඤ්ච නවං විලෙපනං, තස්ස ගන්ධො න කදාචි ඡිජ්ජති.
5. මඩ නැති විල නම් ධර්මය යි. පාපය, ඩාදිය හා කුණු යැ යි, කියනු ලැබේ. අලුත් විලවුන් නම් සීලය යි. ඒ ශීලයේ සුවඳ කිසිදා නොසිඳේ.
“නන්දන්ති සරීරඝාතිනො, න ච නන්දන්ති සරීරධාරිනො; පුණ්ණාය ච පුණ්ණමාසියා, රමමානාව ජහන්ති ජීවිත”න්ති.
6. පරපණ නසන්නෝ (එයින්) සතුටු වෙති. (ඊට කැපවූ) සිරුරු දරන්නෝ සතුටු නොවෙති. සතුටු සිත් ඇති අය, පිරුණු සඳ ඇති පුණු පෝදා වුවත්, දිවි අත් හරිති.
තත්ථ ධම්මොති පඤ්චසීලඅට්ඨසීලදසසීලානි තීණි සුචරිතානි සත්තතිංසබොධිපක්ඛියධම්මා අමතමහානිබ්බානන්ති සබ්බොපෙස ධම්මො නාම. අකද්දමොති රාගදොසමොහමානදිට්ඨිකිලෙසකද්දමානං අභාවෙන අකද්දමො. ඉමිනා සෙසධම්මතො විනිවත්තෙත්වා නිබ්බානමෙව දස්සෙති. “යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති, යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන”න්ති (අ· නි· 4.34; ඉතිවු· 90) හි වුත්තං, තදෙව දස්සෙන්තො, තාත චූළතුණ්ඩිල, අහං නිබ්බානතළාකං “රහදො”ති කථෙමි. ජාතිජරාබ්යාධිමරණාදීනි හි තත්ථ නත්ථි, සචෙ මරණතො මුඤ්චිතුකාමො, නිබ්බානගාමිනිං පටිපදං ගණ්හාති. උපනිස්සයපච්චයවසෙන කිර බොධිසත්තො එවං කථෙසි.
මෙහි ‘ධම්මො’ යනු ‘පන්සිල් - දස සිල් - ත්‍රිවිධ සුචරිතය - සත් තිස් බෝධිපාක්ෂික ධර්ම - අමාමහ නිවන යන මේ සියලු ධර්මයෝ ය. ‘අකද්දමො’ යනු ‘රාග - දෝස - මෝහ - මාන - දිට්ඨි යන මේ කෙලෙස් මඩ නොමැති බැවින් ‘අකද්දම’ නම් වේ. සෙසු ධර්මයන්ගෙන් වෙන්කොට මෙයින් නිර්වාණය ම දක්වයි’ යන අර්ථයි. ‘මහණෙනි, සංඛත වූත් අසංඛත වූත් යම්තාක් ධර්ම වේ නම්, එම ධර්මයන් අතුරෙන් විරාගය ම අග්‍ර යැ’යි, කියනු ලැබේ. මක්නිසාද? මල නැති කරන බැවින් ද, ආශාව හික්මවන බැවින්ද, ආලය උදුරා දමන බැවින් ද, කෙලෙස් වට සිඳ දමන බැවින් ද, තෘෂ්ණාව ක්ෂය කරන බැවින් ද විරාගය - නිරෝධය - නිර්වාණය යැයි කියන ලදි. මොහු එයම ප්‍රකට කරමින් ‘දරුව, චුල්ල තුණ්ඩිලය, මම නිවන නමැති තඩාගයට ‘විල’ යැයි කීවෙමි. ජාති-ජරා-ව්‍යාධි-මරණ එහි නැත. ඉදින් මරණයෙන් මිදෙනු කැමති නම්, නිර්වාණගාමී ප්‍රතිපදාව අනුගමනය කරව’යි. උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් බෝසත් තෙමේ මෙසේ කීවේය.’ යන අර්ථයි.
පාපං සෙදමලන්ති තාත චූළතුණ්ඩිල, පාපං සෙදමලසදිසත්තා “සෙදමල”න්ති පොරාණකපණ්ඩිතෙහි කථිතං. තං පනෙතං එකවිධෙන පාපං යදිදං මනොපදොසො, දුවිධෙන පාපං පාපකඤ්ච සීලං, පාපිකා ච දිට්ඨි, තිවිධෙන පාපං තීණි දුච්චරිතානි, චතුබ්බිධෙන පාපං චත්තාරි අගතිගමනානි, පඤ්චවිධෙන පාපං පඤ්ච චෙතොඛිලා, ඡබ්බිධෙන පාපං ඡ අගාරවා, සත්තවිධෙන පාපං සත්ත අසද්ධම්මා, අට්ඨවිධෙන පාපං අට්ඨ මිච්ඡත්තා, නවවිධෙන පාපං නව ආඝාතවත්ථූනි, දසවිධෙන පාපං දස අකුසලකම්මපථා, බහුවිධෙන පාපං රාගො දොසො මොහොති එකකදුකතිකාදිවසෙන විභත්තා අකුසලා ධම්මා, ඉති සබ්බම්පෙතං පාපං “සරීරනිස්සිතසෙදමලසදිස”න්ති පණ්ඩිතෙහි කථිතං.
‘පාපං සෙදමලං’ යනු ‘දරුව, චුල්ල තුණ්ඩිලය, පාපය, ඩාදිය-කුණු හා සමානය. එබැවින් පැරණි පඬිවරුන් විසින් එය ‘සෙදමල’ යැයි කියන ලදි. සිත දූෂ්‍ය කරන බැවින් එය එක් අයුරකින් පාපයකි. පවිටු ශීලයත්, පවිටු දෘෂ්ටියත් අනුව දෙ ආකාරයකින් ද, එය පාපයකි. සිතට කරදර පමුණුවන කරුණු පහ අනුව, පස්වැදෑරුම් පාපයකි. අගරු වශයෙන්, සවැදෑරුම් පාපයකි. අසත්ධර්ම වශයෙන්, සත් වැදෑරුම් පාපයකි. සම්මා දිට්ඨි ආදී වූ කරුණු අටට සමාන්තරව, මිච්ඡා දිට්ඨි ආදී වශයෙන් ඇති කරුණු අට අනුව පාපය අට වැදෑරුම්ය. වෛර බැඳීමට හේතුවන කරුණු අනුව, පාපය නව වැදෑරුම්ය. අකුසල කර්ම පථ වශයෙන් පාපය, දස වැදෑරුම්ය. රාග-දෝස-මෝහ වශයෙන් ඒකවිධ-ද්විධ-ත්‍රිවිධ වශයෙන් ගත් කල, පාපය විවිධාකාරයෙන් බෙදා දැක්විය හැකි අකුසල ධර්මයකි. මෙසේ මේ සියලු පාපය සිරුරු ඇසුරුකොට ඇති ඩාදිය හා කුණු වැනියැ’යි, පඬිවරුන් විසින් දක්වන ලදි’ යන අර්ථයි.
සීලන්ති පඤ්චසීලං දසසීලං චතුපාරිසුද්ධිසීලං. “ඉදං, තාත, සීලං චතුජ්ජාතිගන්ධවිලෙපනසදිස”න්ති වදති. තස්සාති තස්ස සිලස්ස ගන්ධො තීසු වයෙසු කදාචි න ඡිජ්ජති, සකලලොකං පත්ථරිත්වා ගච්ඡති.
‘සීලං’ යනු ‘පන්සිල් - දසසිල් - සිව් පිරිසිදු සිල් යන මේවාය. දරුව, මේ සීලය කොකුම් - යොන් මල් - තුවරලා - තුරුක් තෙල් යන ‘සිව් වැදෑරුම් සුවඳ විලවුන්’ වැනි යැ’යි කියති’ යන අර්ථයි. ‘තස්ස’ යනු ‘ඒ සීලයේ සුවඳ කිසි කලෙක නොසිඳේ, මුළු ලොව පුරා පැතිර යයි’ යන අර්ථයි.
“න පුප්ඵගන්ධො පටිවාතමෙති, න චන්දනං තග්ගරමල්ලිකා වා; සතඤ්ච ගන්ධො පටිවාතමෙති, සබ්බා දිසා සප්පුරිසො පවායති.
7. සඳුන් - තුවරලා - දෑසමන් යන මල් සුවඳ, උඩු සුළඟට නොයයි. එහෙත් සත්පුරුෂයාගේ (සිල්) සුවඳ, උඩු සුළඟටත් යයි. සත්පුරුෂ (සිල්) සුවද සියලු දිසාවන්හි හමයි.
“චන්දනං තගරං වාපි, උප්පලං අථ වස්සිකී; එතෙසං ගන්ධජාතානං, සීලගන්ධො අනුත්තරො.
8-9. සඳුන් - තුවරලා - උපුල් - ඉද්ද යන මේ සුවඳ වර්ග අතුරෙන්, සිල් සුවඳම උතුම්ය. තුවරලා - සඳුන් යන මේවායේ සුවඳ, ඉතාම අල්පමාත්‍ර වේ. එහෙත් සිල්වතුන්ගේ ඒ උතුම් සිල් සුවඳ දෙව්ලෝහි පවා හමා යයි.
“අප්පමත්තො අයං ගන්ධො, ය්වායං තගරචන්දනං; යො ච සීලවතං ගන්ධො, වාති දෙවෙසු උත්තමො”ති. (ධ· ප· 54-56);
නන්දන්ති සරීරඝාතිනොති තාත චූළතුණ්ඩිල, ඉමෙ අඤ්ඤාණමනුස්සා “මධුරමංසං ඛාදිස්සාම, පුත්තදාරම්පි ඛාදාපෙස්සාමා”ති පාණාතිපාතං කරොන්තා නන්දන්ති තුස්සන්ති, පාණාතිපාතො ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො හොති, තිරච්ඡානයොනි…පෙ… පෙත්තිවිසයසංවත්තනිකො හොති, යො සබ්බලහුකො පාණාතිපාතස්ස විපාකො, සො මනුස්සභූතස්ස අප්පායුකසංවත්තනිකො හොතීති ඉමං පාණාතිපාතෙ ආදීනවං න ජානන්ති. අජානන්තා –
‘නන්දන්ති සරීරඝාතිනො’ යනු ‘දරුව, තුණ්ඩිලය, මේ අනුවණ මිනිස්සු ‘රසැති මස් කන්නෙමු’යි ද, ‘ඒවා අඹුදරුවන්ට කවන්නෙමු’යි ද, කියා පරපණ නසමින් තුටු වෙති. සතුටට පත් වෙති. පාණාතිපාතය සේවනය කිරීමෙන්, භාවිත කිරීමෙන් එහි බහුලව යෙදීමෙන් නිරයගාමී වෙති. තිරිසන් හා ප්‍රේත ලෝකවල උපදිති. ‘පරපණ නැසීමේ අවම විපාක විඳින මිනිසාට ද අල්පායුෂ ඇතිවේ’යැයි, පරපණ නැසීමේ ආදීනව නොදත්, අනුවණයෝ නොදනිති. එසේ නොදත් අය ‘විපාක නොදෙන තාක් මෝඩයා පවා මිහිරි දෙයක් කොට සිතයි’ යන කියමනට අනුව ඒ මිහිරි හැඟුමෙන් යුතුව, පහත දැක්වෙන මේ උපදේශයවත්, තේරුම් නොගනී.
“මධුවා මඤ්ඤති බාලො, යාව පාපං න පච්චති; යදා ච පච්චති පාපං, බාලො දුක්ඛං නිගච්ඡතී”ති. (ධ· ප· 69) –
10. මෝඩ අනුවණයෝ නපුරු විපාක ඇති, පව්කම් කරමින් සතුරකු වැනි වූ තමා සමග හැසිරෙති.
මධුරසඤ්ඤිනො හුත්වා –
“චරන්ති බාලා දුම්මෙධා, අමිත්තෙනෙව අත්තනා; කරොන්තා පාපකං කම්මං, යං හොති කටුකප්ඵල”න්ති. (ධ· ප· 66) –
11. යම් ක්‍රියාවක් කොට පසුතැවීමට සිදුවේද? යමකුට එහි විපාකය කඳුළු පිරි මුහුණින් යුතුව විඳින්නට සිදුවේ නම්, කරන ලද ඒ ක්‍රියාව යහපත් එකක් නොවේ.
එත්තකම්පි න ජානන්ති.
“න තං කම්මං කතං සාධු, යං කත්වා අනුතප්පති; යස්ස අස්සුමුඛො රොදං, විපාකං පටිසෙවතී”ති. (ධ· ප· 67);
[missing trans]
න ච නන්දන්ති සරීරධාරිනොති තාත චූළතුණ්ඩිල, යෙ පනෙතෙ සරීරධාරිනො සත්තා, තෙ අත්තනො මරණෙ ආගච්ඡන්තෙ ඨපෙත්වා සීහමිගරාජහත්ථාජානීයඅස්සාජානීයඛීණාසවෙ අවසෙසා බොධිසත්තං ආදිං කත්වා අභායන්තා නාම නත්ථි.
‘න ච නන්දන්ති’ යනු ‘දරුව තුණ්ඩිලය, (මරණයට කැප වූ) ඒ සිරුරු දරන සතුන් අතරින්, ඉදිරියේ පැමිණෙන මරණය දැකීමෙන් නොව මෘගරාජ වූ සිංහයකු - ආජානීය හස්තියකු - ආජානීය අශ්වයකු - රහතන් වහන්සේ නමක පමණක් නොව, යටත් පිරිසෙයින් බෝසතුන් දැකීමෙන් පවා, බිය නොවන සතෙක් නම් නැත’ යන අර්ථයි.
“සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙ භායන්ති මච්චුනො; අත්තානං උපමං කත්වා, න හනෙය්‍ය න ඝාතයෙ”ති. (ධ· ප· 129);
12. සියල්ලෝ දඬුවමට බිය වෙති. ජීවිතය හැමෝටම ප්‍රියය. එබැවින් තමාට තමා උපමා කොටගෙන, නැසීම නො කරන්න. ඝාතනය නොකරවන්න.
පුණ්ණායාති ගුණපුණ්ණාය. පුණ්ණමාසියාති පුණ්ණචන්දයුත්තාය, මාසං වා පූරෙත්වා ඨිතාය. තදා කිර පුණ්ණමාසී උපොසථදිවසො හොති. රමමානාව ජහන්ති ජීවිතන්ති තාත චූළතුණ්ඩිල, මා සොචි මා පරිදෙවි, මරණස්ස නාම තෙ භායන්ති, යෙසං අබ්භන්තරෙ සීලාදිගුණා නත්ථි. මයං පන සීලාචාරසම්පන්නා පුඤ්ඤවන්තො, තස්මා අම්හාදිසා සත්තා රමමානාව ජහන්ති ජීවිතන්ති.
‘පුණ්ණාය’ යනු ‘ගුණ පිරුණු’ යන අර්ථයි. ‘පුණ්ණමාසියා’ යනු ‘පුන්සඳින් යුතු, මසක් පුරා පිරෙමින් අවුත් ‘පුන්සඳ උදාවන දවස, පොහෝ දිනය නම් වේ’ යන අර්ථයි. ‘රම්මානාව ජහන්ති ජීවිතං’ යනු ‘දරුව තුණ්ඩිලය, ශෝක නො කරව. නො වැලපෙව. යම් කෙනකුන්ට ශීලාදී ගුණධර්ම නැත්තේ ද, ඔහු මරණයට බිය වෙති. අපි වූ කලී ශීලාචාර සම්පන්න නුවණැත්තෝ වෙමු. එබැවින් අප වැනි සත්ත්වයෝ සතුටු සිත් ඇතිවම ජීවිත අත්හරිති’ යන අර්ථයි.
එවං මහාසත්තො මධුරෙන සරෙන බුද්ධලීළාය ධම්මං දෙසෙසි. මහාජනකායා අඞ්ගුලියො ඵොටෙසුං, චෙලුක්ඛෙපා ච පවත්තිංසු, සාධුකාරසද්දපුණ්ණං අන්තලික්ඛං අහොසි. බාරාණසිරාජා බොධිසත්තං රජ්ජෙන පූජෙත්වා මහල්ලිකාය යසං දත්වා උභොපි තෙ ගන්ධොදකෙන න්හාපෙත්වා ගන්ධාදීහි විලිම්පාපෙත්වා ගීවාසු මණිරතනානි පිළන්ධාපෙත්වා ඝරං නෙත්වා පුත්තට්ඨානෙ ඨපෙත්වා මහන්තෙන පරිවාරෙන පටිජග්ගි. බොධිසත්තො රඤ්ඤො පඤ්ච සීලානි අදාසි. සබ්බෙ බාරාණසිවාසිනො ච කාසිරට්ඨවාසිනො ච පඤ්ච සීලානි රක්ඛිංසු. මහාසත්තො නෙසං පක්ඛදිවසෙසු ධම්මං දෙසෙසි, විනිච්ඡයෙ නිසීදිත්වා අඩ්ඩෙ තීරෙසි. තස්මිං ධරමානෙ කූටඩ්ඩකාරකා නාම නාහෙසුං. අපරභාගෙ රාජා කාලමකාසි. මහාසත්තො තස්ස සරීරපරිහාරං කාරෙත්වා විනිච්ඡයෙ පොත්ථකෙ ලිඛාපෙත්වා “ඉමං පොත්ථකං ඔලොකෙත්වා අඩ්ඩං තීරෙය්යාථා”ති වත්වා මහාජනස්ස ධම්මං දෙසෙත්වා අප්පමාදෙන ඔවාදං දත්වා සබ්බෙසං රොදන්තානං පරිදෙවන්තානඤ්ඤෙව සද්ධිං චූළතුණ්ඩිලෙන අරඤ්ඤං පාවිසි. තදා බොධිසත්තස්ස ඔවාදො සට්ඨි වස්සසහස්සානි පවත්ති.
මෙසේ බෝසත් තෙමේ මිහිරි සරින් ප්රබුද්ධ විලාශයෙන් දහම් දෙසීය. එහි රැස්ව සිටි මහජනතාව සියදහස් ගණනින් අත්පොළසන් දෙන්නට පටන් ගත්හ. සමහරු හිස වටා රෙදි කරකවන්නට පටන් ගත්හ. අවට අහස සාධුකාරයෙන් ගිගුම් දුන්නේය. බෝසතුන් කෙරෙහි අතිශයින් පැහැදුණු බරණැස් රජතුමා, සිය රජයෙන් බෝසතුන් පිදීය. මැහැලියට ද යස-ඉසුරු දෙවීය. මහා තුණ්ඩිල, චුල්ල තුණ්ඩිල යන දෙදෙනා ම, සුවඳ පැනින් නැහැ වූ රජතුමා ඔවුන්ට වස්ත්‍ර අන්දවා, ගෙලවල මාණික්‍ය රත්න පළඳවා නගරයට රැගෙන ගොස්, ඔවුන් පුත් තනතුරෙහි තබා, මහත් වූ යස-පිරිවරින් පෝෂණය කෙළේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො මරණභීරුකො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
බෝසත්තුමා රජුට පන්සිල් දුන්නේය. සියලු බරණැස් වැසියෝ ද, මුළු කසීරට වැසියෝ ද, පන්සිල් රැකීමට පටන් ගත්හ. බෝසත් මහා තුණ්ඩිල පසළොස්වක හා අමාවක යන පොහෝ දිනවල ඔවුන්ට ධර්මය දෙසීය. එපමණක් නොව, නඩු ශාලාවෙහි නඩු විසඳුවේද, ඔහුමය. ඔහු එහි රාජකාරි කළ තාක් කල් බොරු නඩු අටවන්නෝ නොවූහ. පසුකලෙක රජතුමා මිය ගියේය. එවිට බෝසත් තෙමේ, ඔහුට අදහසට අනුව රජුගේ ආදාහන කටයුතු ආදි සියල්ල කරවීය. පසුව නීති පොතක් ද, සම්පාදනය කරවූ මහා තුණ්ඩිල, නිලධාරීන් කැඳවා ‘මින්පසු මේ පොත බලා පොතේ හැටියට නඩු විසඳවු’ යැයි කියා මහජනයාටද දහම් දෙසා ‘නොපමාව කටයුතු කරවු’ යැයි ඔවදන් දී, ඒ සියලුම දෙනා හඬද්දී වැලපෙද්දී, සිය මලණුවන් වන චුල්ල තුණ්ඩිලයා ද සමග, වනගත විය. එදා ඒ බෝසතුන්ගේ අවවාද වසර සැටදහසක් කල් නොකඩවා පැවතුණි.
තදා රාජා ආනන්දො අහොසි, චූළතුණ්ඩිලො මරණභීරුකො භික්ඛු, පරිසා බුද්ධපරිසා, මහාතුණ්ඩිලො පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව කෙළවර මරණ බියෙන් තැති ගන්නා භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. චුල්ල තුණ්ඩිලයා නම්, මරණ බියෙන් යුතු භික්ෂුවය. එකල හුන් පිරිස, අද මේ බුදුපිරිසය. මහා තුණ්ඩිලයා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
තුණ්ඩිලජාතකවණ්ණනා තතියා.