2. සූචිජාතකවණ්ණනා 387 අට්ඨකථා
2. සූචිජාතකවණ්ණනා (387)
2. සූචි ජාතකය (387)
අකක්කසං අඵරුසන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්ඤාපාරමිං ආරබ්භ කථෙසි. වත්ථු මහාඋමඞ්ගජාතකෙ (ජා· 2.22.590 ආදයො) ආවි භවිස්සති. තදා පන සත්ථා භික්ඛූ ආමන්තෙත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි තථාගතො පඤ්ඤවා උපායකුසලොයෙවා”ති වත්වා අතීතං ආහරි.
‘අකක්කසං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ප්‍රඥා පාරමිතාව නිමිති කොටගනෙ වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘මහා උම්මග්ග’ ජාතකයෙහි විස්තර වේ. කිසියම් දවසක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා ‘මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් පමණක් නොව පෙර ද නුවණැත්තෙක් ව, උපායෙහි දක්ෂයෙක්ව, කටයුතු කළාහු යැ’යි, වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිරට්ඨෙ කම්මාරකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො පරියොදාතසිප්පො අහොසි. මාතාපිතරො පනස්ස දලිද්දා, තෙසං ගාමතො අවිදූරෙ අඤ්ඤො සහස්සකුටිකො කම්මාරගාමො. තත්ථ කම්මාරසහස්සජෙට්ඨකො කම්මාරො රාජවල්ලභො අඩ්ඪො මහද්ධනො, තස්සෙකා ධීතා අහොසි උත්තමරූපධරා දෙවච්ඡරාපටිභාගා ජනපදකල්යාණිලක්ඛණෙහි සමන්නාගතා. සාමන්තගාමෙසු මනුස්සා වාසිඵරසුඵාලපාචනාදිකාරාපනත්ථාය තං ගාමං ගන්ත්වා යෙභුය්යෙන තං කුමාරිකං පස්සන්ති, තෙ අත්තනො අත්තනො ගාමං ගන්ත්වා නිසින්නට්ඨානාදීසු තස්සා රූපං වණ්ණෙන්ති. බොධිසත්තො තං සුත්වා සවනසංසග්ගෙන බජ්ඣිත්වා “පාදපරිචාරිකං නං කරිස්සාමී”ති උත්තමජාතිකං අයං ගහෙත්වා එකං සුඛුමං ඝනං සූචිං කත්වා පාසෙ විජ්ඣිත්වා උදකෙ උප්පිලාපෙත්වා අපරම්පි තථාරූපමෙව තස්සා කොසකං කත්වා පාසෙ විජ්ඣි. ඉමිනා නියාමෙන තස්සා සත්ත කොසකෙ අකාසි, “කථං අකාසී”ති න වත්තබ්බං. බොධිසත්තානඤ්හි ඤාණමහන්තතාය කරණං සමිජ්ඣතියෙව. සො තං සූචිං නාළිකාය පක්ඛිපිත්වා ඔවට්ටිකාය කත්වා තං ගාමං ගන්ත්වා කම්මාරජෙට්ඨකස්ස වසනවීථිං පුච්ඡිත්වා තත්ථ ගන්ත්වා ද්වාරෙ ඨත්වා “කො මම හත්ථතො එවරූපං නාම සූචිං මූලෙන කිණිතුං ඉච්ඡතී”ති සූචිං වණ්ණෙන්තො ජෙට්ඨකකම්මාරස්ස ඝරද්වාරසමීපෙ ඨත්වා පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කසී රට කර්මාර කුලයෙහි ඉපිද තරුණ වියට පත්වූයේ, තම ශිල්පයෙහි අති දක්ෂයෙක් විය. ඔහුගේ මවුපියෝ ඉතා දිළිඳුය. ඔවුන්ගේ ගමට නුදුරෙහි පවුල් දහසකින් යුතු වෙනත් කර්මාර ගමක් විය. ඒ ගම කර්මාන්ත සඳහා චිර ප්‍රසිද්ධියක් ඉසුලුවේය. ඒ කර්මාර ගමෙහි ගම්දෙටු නායකතුමා රජුට ඉතා හිතවත්ය. සියලු වස්තූන්ගෙන් ආඪ්‍ය වූ ඔහු, මහා ධනවතෙක් ද විය. ඔහුට උතුම් වූ රූ සිරියෙන් යුතු දිව්‍ය අප්සරාවක් බඳු ජනපද කල්‍යාණියකට සුදුසු සියලු ලක්ෂණවලින් සමන්විත එකම දියණියක් වූවාය. අසල්වැසි ගම්වල මිනිසුන් වෑ, පොරෝ, නගුල් තල ආදිය සාදවා ගැනීම පිණිස, නිතර මේ ගමට පැමිණෙති. මිනිසුන් වැඩිමනත් එසේ පැමිණෙන්නේ තම කටයුතු කරවා ගැනීමටත් වඩා, බෙහෙවින් ඒ කුමරිය දැක ගැනීමේ අපේක්ෂාවෙනි. තම-තමන්ගේ කටයුතු කරවා ගත් මිනිස්සු පෙරළා ගම්වලට ගොස්, ඒ ඒ තැන්වලදී තමන් සාදවා ගත් බඩු ගැන නොව කුමරිය ගැන ම, ඇගේ රූසිරි ගැන ම කතා කළහ. වර්ණනා කළහ. ඒ ඒ තන්හිදී මේ කතා ඇසූ බෝසත් තෙමේ, ඇසීම් පමණකින් ම ඈ කෙරෙහි බැඳී ‘මම කෙදිනක හෝ ඇයම පාදපරිචාරිකා කොට ගන්නෙමි’යි සිතුවේය. මෙසේ අදිටන් කොටගත් බෝසත් තරුණයා, උසස් වර්ගයේ යකඩ කෑල්ලක් ගෙන, ඉතාම සියුම්, ඉතාම ඝන වූ ඉදිකටුවක් තනා, එහි මලයද විද, එය ජලයෙහි ගිල්වීය. අනතුරුව තවත් එබඳුම යකඩ කැබැල්ලකින් ඉහත කී ඉඳිකටුවට, ඉතාම සියුම් ලෙස කොපුවක් තැනුවේය. එම කොපුවෙහි ද මලයක් සාදා, බැලු බැල්මට ඉඳිකට්ටක් මෙන් පෙනෙන ආකාරයට සකස් කෙළේය. මේ ආකාරයට එකම ස්වරූපයෙන් පෙනෙන පරිද්දෙන් කොපු සතක් තැනුවේය. මේ කොපු එකින් එකට විශාල වූයේ ඉතාම ඉතා සියුම් අයුරෙනි. ඒවා කෙසේ කෙළේදැ’යි, විස්තර කළ නොහැකිය. බෝසතුන්ගේම මහත් වූ නුවණින් කළ දේවල් නිසා, ඉතා උසස් තත්ත්වයේ නිමැවුම් ලෙස මේවා හැඳින්විය හැකිය. ඉඳිකටුව පළමුකොට ප්‍රථම කොපුවේ දමයි. කොපුව වසා ඉන්පසු, එය දෙවන කොපුවේ තැන්පත් කරයි. මෙපරිද්දෙන් අවසානයේදී, දක්නට ලැබෙන සත්වැනි කොපුවද, පෙනෙනුයේ ඉඳිකට්ටක ම ස්වරූපයෙනි. බෝසත් තරුණයා කොපු තුළ බහාලන ලද, ඉහත කී ඉඳිකටුව කිසියම් නළයක දමා, එම නළය වසා ඉනෙහි රුවාගෙන, කලින් කියන ලද ප්‍රසිද්ධ කර්මාර ගමට ගියේය. ඔහු එගමට ගිය නමුත්, ගම්දෙටු නායකතුමාගේ ගෙය හෝ, ගේ පිහිටි වීථිය හෝ, නො දත්තේය. එබැවින් අනුන්ගේ තොරතුරු අසමින් නායකතුමාගේ මැදුර වෙත පැමිණි. බෝසත් තරුණයා එහි ඉදිරිපස සිට, ‘මාගේ අත්ලෙහි ඉතා මහාර්ඝ ඉඳිකටුවක් ඇත. කවරෙක් නම්, එය මුදල් දී ගන්නට කැමැත්තෙහිදැ’යි ශබ්ද නගා ඉඳිකටුව ගැන වර්ණනා මුඛයෙන් කථා කෙළේය. එසේ කළ ඔහු තවදුරටත් තම නිර්මාණය අගය කරමින්, මෙසේද පැවසීය.
“අකක්කසං අඵරුසං, ඛරධොතං සුපාසියං; සුඛුමං තිඛිණග්ගඤ්ච, කො සූචිං කෙතුමිච්ඡතී”ති.
අකක්කසං අඵරුසං ඛරධොතං සුපාසියං, සුඛුමං තිඛිණග්ගඤ්ච කො සූතිං කෙතු මිච්ඡතීති
කර්කශ නොවූ, සිලුටු වූ, පීරෙන් මට්ටම් කළ, කදිම ඉඳිකටු මලයක් සහිත තියුණු වූ තුඩක් ඇති, මේ ඉඳිකටුව කවරෙක් මිලදී ගන්නට කැමැත්තේද?
තස්සත්ථො – මම පටලස්ස වා තිලකස්ස වා ඔධිනො වා අභාවෙන අකක්කසං, සුමට්ඨතාය අඵරුසං, ඛරෙන පාසාණෙන ධොතත්තා ඛරධොතං, සුන්දරෙන සුවිද්ධෙන පාසෙන සමන්නාගතත්තා සුපාසියං , සණ්හතාය සුඛුමං, අග්ගස්ස තිඛිණතාය තිඛිණග්ගං සූචිං මම හත්ථතො මූලං දත්වා කො කිණිතුං ඉච්ඡතීති.
මා තැනූ ඉඳිකටුවේ මහත් වූ (ගෙඩි ගැසුණු) තැන් හෝ, කැළැල් ඇති තැන් හෝ, ඉරි තැන් හෝ නොමැති බැවින් ‘අකක්කස’ නම් වූ ද, මටසිලුටු බැවින් ‘අඵරුස’ නම් වූද, පීරෙන් හා කුරුඳු ගලෙන් පිරිසිදු කළ බැවින් ‘ඛරධොත’ නම් වූ ද, මනාව විදින ලද ඉඳිකටු මලින් යුතු බැවින් ‘සුපාසිය’ නම් වූ ද, සියුම් බැවින් ‘සුඛුම’ නම් වූ ද, තුඩග තියුණු බැවින් ‘තිඛිණග්ග’ නම් වූ ද, ඉඳිකටුව මාගේ අතින් කවරෙක් නම්, මිලදී ගන්නට කැමති වේද? යන අර්ථයි.
එවඤ්ච පන වත්වා පුනපි තං වණ්ණෙන්තො දුතියං ගාථමාහ –
මෙසේ කී බෝසත් තරුණයා තවදුරටත් සිය නිමැවුම වර්ණනා කරමින්, මෙසේ ද පැවසීය.
“සුමජ්ජඤ්ච සුපාසඤ්ච, අනුපුබ්බං සුවට්ටිතං; ඝනඝාතිමං පටිථද්ධං, කො සූචිං කෙතුමිච්ඡතී”ති.
2. මැනවින් මදින ලද, සොඳින් ඉඳිකටු මලය සාදන ලද, අනුක්රමයෙන් සිහින් කරන ලද, ඝන වූ දෙයක් නමුත් විනිවිද යන ඉතා ශක්තිමත් වූ, මේ ඉඳිකටුව කවරෙක් නම් මිලදී ගන්නට කැමති වේද?
තත්ථ සුමජ්ජඤ්චාති කුරුවින්දකචුණ්ණෙන සුට්ඨු මජ්ජිතං. සුපාසඤ්චාති සණ්හෙන පාසවෙධකෙන විද්ධත්තා සුන්දරපාසං. ඝනඝාතිමන්ති යා ඝාතියමානා අධිකරණිං අනුපවිසති, අයං “ඝනඝාතිමා”ති වුච්චති, තාදිසින්ති අත්ථො. පටිථද්ධන්ති ථද්ධං අමුදුකං.
මෙහි ‘සුමජ්ජං’ යනු ‘කුරුඳු පාෂාණයේ කුඩුවලින් මැනවින් මදින ලද’ යන අර්ථ යි. ‘සුපාසං’ යනු ‘සිදුරු විදින කටුවෙන් සියුම් ලෙස විදින ලද බැවින් ඉතා හොඳ ඉඳිකටු මලයක් ඇති’ යන අර්ථ යි. ‘ඝනඝාතිමං’ යනු ‘යම් පහර දීමකින් කිණිහිරක් පසා කරගෙන යා ද? ඒ ඉඳිකටුව ‘ඝනඝාතිම’ යැ’යි, කියනු ලැබේ. මේ ඉඳිකටුව එබන්දකි’ යන අර්ථයි. ‘පටිත්ථද්ධං’ යනු ‘මෘදු නොවූ තද එකකි’ යන අර්ථයි.
තස්මිං ඛණෙ සා කුමාරිකා භුත්තපාතරාසං පිතරං දරථපටිප්පස්සම්භනත්ථං චූළසයනෙ නිපන්නං තාලවණ්ටෙන බීජයමානා බොධිසත්තස්ස මධුරසද්දං සුත්වා අල්ලමංසපිණ්ඩෙන හදයෙ පහටා විය ඝටසහස්සෙන නිබ්බාපිතදරථා විය හුත්වා “කො නු ඛො එස අතිමධුරෙන සද්දෙන කම්මාරානං වසනගාමෙ සූචිං වික්කිණාති, කෙන නු ඛො කම්මෙන ආගතො, ජානිස්සාමි න”න්ති තාලවණ්ටං ඨපෙත්වා ගෙහා නික්ඛම්ම බහිආළින්දකෙ ඨත්වා තෙන සද්ධිං කථෙසි. බොධිසත්තානඤ්හි පත්ථිතං නාම සමිජ්ඣති, සො හි තස්සායෙවත්ථාය තං ගාමං ආගතො. සා ච තෙන සද්ධිං කථෙන්තී “මාණව, සකලරට්ඨවාසිනො සූචිආදීනං අත්ථාය ඉමං ගාමං ආගච්ඡන්ති, ත්වං බාලතාය කම්මාරගාමෙ සූචිං වික්කිණිතුං ඉච්ඡසි, සචෙපි දිවසං සූචියා වණ්ණං භාසිස්සසි, න තෙ කොචි හත්ථතො සූචිං ගණ්හිස්සති, සචෙ ත්වං මූලං ලද්ධුං ඉච්ඡසි, අඤ්ඤං ගාමං යාහී”ති වත්වා ද්වෙ ගාථා අභාසි –
මේ අතර උදේ ආහාර අනුභව කළ නායකතුමා වෙහෙස දුරුකර ගැනීම සඳහා කුඩා ඇඳක හාන්සි වී හුන්නේය. එවේලෙහි ඔහුගේ දූ කුමරිය සිය පියාට පවන් සලමින් තල් වටක් අතින් ගෙන, ඇද ළඟ වාඩි වී හුන්නාය. බෝසතුන්ගේ මිහිරි කටහඬ ඇයට ඇසුනේ මෙවිට ය. ඒ කටහඬ ඇසූ කල්හි, සිනිඳු අමු මස් පිඩකින් සිය හදවතට ගැසුවාක් මෙන්ද, ග්‍රීෂ්මයෙන් පීඩාවට පත් වී හුන් කලකෙ, සිසිල් දිය කළගෙඩි දහසකින් නෑව්වාක් මෙන් ද, ඇයට දැනුණි. ‘මිහිරි හඬින් මධුර නාදයෙන් යුතු කටහඬින් කම්මල්කරුවන් වසන මේ ගමේ ඉඳිකටු වෙළෙඳාම් කරන මේ තැනැත්තා කවරෙක්ද? කුමන කරුණකට ඔහු මෙහි පැමිණියේ දැ’යි, නිසැකව එය දැනගන්නෙමැ’යි, අදිටන් කොටගත් තරුණ කුමාරිකාව, තල්වට පසෙකින් තබා ගෙයින් එලියට බැස්සාය. සිය නිවසේ ආලින්දයේ සිට ඇය ඔහු සමග කථා කරන්නට පටන් ගත්තාය. බෝසත්වරුන්ගේ ප්‍රාර්ථනා වූ කලී කෙසේ නමුත් ඉටුවේ. බෝසත් තෙමේ කර්මාර ගමට පැමිණියේ ම ඈ ගැන බලාපොරොත්තුවෙන් ය. ඇයම දැන් ඇවිත් ඔහු සමග කතා කරයි. කුමරිය කතාව අරඹමින්, ‘තරුණය, මේ මුළු රටේම වැසියෝ ඉඳිකටු ආදී උපකරණ සඳහා මේ ගමට පැමිණෙති. ඔබ වනාහි, ලාබාලකම නිසාදෝ මේ ගමේ ඉඳිකටු විකුණන්නට සිතූ දෙයක් පෙනේ. එසේ වුවද, ඔබ මුළු දවස පුරාම ඔබ තැනූ ඉඳිකටුව ගැන වර්ණනා කළත්, ඔබේ අතින් එය මිලදී ගන්නට කෙනකු මේ ගමේ නැත. එබැවින් ඔබට අවශ්‍ය වන්නේ මුදල් නම්, වෙනත් ගමකට යනු මැනවැ’යි කියා වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.
“ඉතොදානි පතායන්ති, සූචියො බළිසානි ච; කොයං කම්මාරගාමස්මිං, සූචිං වික්කෙතුමිච්ඡති.
3. මෙකල ඉඳිකටු, බිලී කොකු (යනාදිය) මෙහෙන් (මේ ගමෙන්) බෙදා හරිති. ලෝකුරු ගමක ඉඳිකටු විකුණන්නට හදන, මේ ඔබ කවරෙක්ද?
“ඉතො සත්ථානි ගච්ඡන්ති, කම්මන්තා විවිධා පුථූ; කොයං කම්මාරගාමස්මිං, සූචිං වික්කෙතුමිච්ඡතී”ති.
4. විවිධ වූ කර්මාන්ත බොහෝ ය. (ඒවාට) ආයුධ මෙහෙන්ම යයි. (එසේ වූ) ලෝකුරු ගමක ඉඳිකටු විකුණන්නට කවරෙක් නම්, සුදුසු වේද?
තත්ථ ඉතොදානීති ඉමස්මිං රට්ඨෙ ඉදානි සූචියො ච බළිසානි ච අඤ්ඤානි ච උපකරණානි ඉමම්හා කම්මාරගාමා පතායන්ති නික්ඛමන්ති, තං තං දිසං පත්ථරන්තා නිග්ගච්ඡන්ති. කොයන්ති එවං සන්තෙ කො අයං ඉමස්මිං කම්මාරගාමෙ සූචිං වික්කිණිතුං ඉච්ඡති. සත්ථානීති බාරාණසිං ගච්ඡන්තානි නානප්පකාරානි සත්ථානි ඉතොව ගච්ඡන්ති. විවිධා පුථූති නානප්පකාරා බහූ කම්මන්තාපි සකලරට්ඨවාසීනං ඉතො ගහිතඋපකරණෙහෙව පවත්තන්ති.
අටුවාව : මෙහි ‘ඉතොදානි’ යනු ‘දැන් මේ රටේ’ යන අර්ථයි. ‘සූචියො ච බලිසානි ච’ යනු ‘ඉඳිකටුත්, බිලීකටුත්, වෙනත් උපකරණත්, මේ ලෝකුරු ගමෙන් ම’ යන අර්ථයි. ‘පතායන්ති’ යනු ‘නික්මෙත්, ඒ ඒ දිසාවට පැතිර යති’ යන අර්ථයි. ‘කොයං’ යනු ‘මෙසේ ඇති කල්හි මේ ලෝකුරු ගමේ ඉඳිකටු විකුණන්නට හදන මොහු කවුද?’ යන අර්ථයි. ‘සත්ථානි’ යනු ‘බරණැසට යන විවිධ ආයුධ මෙහෙන් ම යයි’ යන අර්ථයි. ‘විවිධා පුථු’ යනු ‘සියලු රටවැසියන්ගේ නානාප්‍රකාර වූ බොහෝ කර්මාන්ත මෙහෙන් ගත් උපකරණවලින් ම පවතී’ යන අර්ථයි.
බොධිසත්තො තස්සා වචනං සුත්වා “භද්දෙ, ත්වං අජානන්තී අඤ්ඤාණෙන එවං වදෙසී”ති වත්වා ද්වෙ ගාථා අභාසි –
ඇයගේ වචන ශ්‍රවණය කළ බෝසත් තරුණයා ඇය අමතා ‘සොඳුර, ඔබ නො දන්නාකම නිසත්, නුවණ මඳ නිසාත්, එසේ කියන බව පෙනේ. මෙය ද අසනු මැනවැ’යි කී ඔහු මේ ගාථා පැවසීය.
“සූචිං කම්මාරගාමස්මිං, වික්කෙතබ්බා පජානතා; ආචරියාව ජානන්ති, කම්මං සුකතදුක්කටං.
5. නුවණැත්තකු විසින් (මේ) ඉඳිකටුව ලෝකුරු ගමේ ම විකිණිය යුතුය. නිර්මාණයේ හොඳ-නරක ආචාර්යවරු ම දනිති
“ඉමඤ්චෙ තෙ පිතා භද්දෙ, සූචිං ජඤ්ඤා මයා කතං; තයා ච මං නිමන්තෙය්‍ය, යඤ්චත්ථඤ්ඤං ඝරෙ ධන”න්ති.
6. සුන්දර තැනැත්තිය, ඔබේ පියා මා විසින් නිර්මාණය කළ මේ ඉඳිකටුව තේරුම් ගත්තොත් ඔබ ද, ගෙදර යම් ධනයක් වෙතොත් එය ද මට පවරා දෙන්නේය.
තත්ථ සූචින්ති විභත්තිවිපල්ලාසො කතො. ඉදං වුත්තං හොති – සූචි නාම පජානතා පණ්ඩිතෙන පුරිසෙන කම්මාරගාමස්මිංයෙව වික්කෙතබ්බා. කිංකාරණා? ආචරියාව ජානන්ති, කම්මං සුකතදුක්කටන්ති, තස්ස තස්ස සිප්පස්ස ආචරියාව තස්මිං තස්මිං සිප්පෙ සුකතදුක්කටකම්මං ජානන්ති, ස්වාහං කම්මාරකම්මං අජානන්තානං ගහපතිකානං ගාමං ගන්ත්වා මම සූචියා සුකතදුක්කටභාවං කථං ජානාපෙස්සාමි, ඉමස්මිං පන ගාමෙ මම බලං ජානාපෙස්සාමීති. එවං බොධිසත්තො ඉමාය ගාථාය අත්තනො බලං වණ්ණෙසි.
මෙහි ‘සූචිං’ යනු ‘විභක්ති විපර්යාසයක් කළ තැනකි. මින් කියන ලද අර්ථය නම් පණ්ඩිත පුරුෂයකු විසින් නම් මේ ඉඳිකටුව ලෝකුරු ගමේම විකිණිය යුතුය.’ යන අර්ථයි. මක්නිසාද යත්? ‘ආචරියාව ජානන්ති’ යනු ‘ඒ ඒ ශිල්පය දත් ආචාර්යවරුම, ඒ ඒ ශිල්පයේ හොඳ-නරක තත්ත්වය දනිති. ඒ මම ලෝකුරු කර්මාන්තයක තත්ත්වය නොදන්නා, ගෘහපතියන්ගේ ගමකට ගොස්, මා තැනූ ඉඳිකටුවේ හොඳ-නරක තත්ත්වය කෙසේ නම්, අවබෝධ කරවන්නෙම්ද? මේ ගමෙහි උදවියට මගේ ශක්තිය අවබෝධ කරවන්නෙමැ’යි, මෙසේ බෝසත් තෙමේ මේ ගාථාවෙන් තමාගේ හැකියාව වර්ණනා කෙළේය’ යන අර්ථයි.
තයා ච මං නිමන්තෙය්යාති භද්දෙ සචෙ තව පිතා ඉමං මයා කතං සූචිං “ඊදිසා වා එසා, එවං වා කතා”ති ජානෙය්ය, “ඉමං මෙ ධීතරං තව පාදපරිචාරිකං දම්මි, ගණ්හාහි න”න්ති එවං තයා ච මං නිමන්තෙය්‍ය. යඤ්චත්ථඤ්ඤං ඝරෙ ධනන්ති යඤ්ච අඤ්ඤං සවිඤ්ඤාණකං වා අවිඤ්ඤාණකං වා ඝරෙ ධනං අත්ථි, තෙන මං නිමන්තෙය්‍ය. “යඤ්චස්සඤ්ඤ”න්තිපි පාඨො, යඤ්ච අස්ස ඝරෙ අඤ්ඤං ධනං අත්ථීති අත්ථො.
‘තයා ච මං නිමන්තෙය්‍ය’ යනු ‘සුන්දරිය, ඉදින් ඔබේ පියා මා විසින් නිමවන ලද මේ ඉඳිකටුව ගැන ‘මෙය මෙබඳුය, නිමවන ලද්දේ මෙසේ යැ’යි තේරුම් ගත්තේ නම්, ‘මම ඔබට මේ දියණිය පාදපරිචාරිකා කොට දෙමි, හැර ගනුව’යි කියා මෙසේ ඔබ ද මට පිරිනමන්නේය’ යන අර්ථයි. ‘යඤ්චත්ථඤ්ඤං ඝරෙ ධනං’ යනු ‘සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤානක හෝ යමක් වෙතොත්, එනම් වෙනත් කිසියම් ධනයක් ගෙදර වේනම්, එයින් ද මට සලකන්නේය’ යන අර්ථයි. ‘යඤ්චස්සඤ්ඤං’ යනු ද පාඨයකි. මොහුගේ ගෙදර යම් වෙනත් ධනයක් වේද? යන අර්ථයි.
කම්මාරජෙට්ඨකො සබ්බං තෙසං කථං සුත්වා “අම්මා”ති ධීතරං පක්කොසිත්‍වා “කෙන සද්ධිං සල්ලපසී”ති පුච්ඡි. තාත, එකො පුරිසො සූචිං වික්කිණාති, තෙන සද්ධිං සල්ලපෙමීති. “තෙන හි පක්කොසාහි න”න්ති. සා ගන්ත්වා පක්කොසි. බොධිසත්තො ගෙහං පවිසිත්වා කම්මාරජෙට්ඨකං වන්දිත්වා එකමන්තං අට්ඨාසි. අථ නං සො “කතරගාමවාසිකොසී”ති පුච්ඡි. “අහං අසුකගාමවාසිකොම්හි අසුකකම්මාරස්ස පුත්තො”ති. “කස්මා ඉධාගතොසී”ති. “සූචිවික්කයත්ථායා”ති . “ආහර, සූචිං තෙ පස්සාමා”ති . බොධිසත්තො අත්තනො ගුණං සබ්බෙසං මජ්ඣෙ පකාසෙතුකාමො “නනු එකකානං ඔලොකිතතො සබ්බෙසං මජ්ඣෙ ඔලොකෙතුං වරතර”න්ති ආහ. සො “සාධු, තාතා”ති සබ්බෙ කම්මාරෙ සන්නිපාතාපෙත්වා තෙහි පරිවුතො “ආහර, තාත, මයං පස්සාම තෙ සූචි”න්ති ආහ. “ආචරිය, එකං අධිකරණිඤ්ච උදකපූරඤ්ච කංසථාලං ආහරාපෙථා”ති. සො ආහරාපෙසි. බොධිසත්තො ඔවට්ටිකතො සූචිනාළිකං නීහරිත්වා අදාසි. කම්මාරජෙට්ඨකො තතො සූචිං නීහරිත්වා “තාත, අයං සූචී”ති පුච්ඡි. “නායං සූචි, කොසකො එසො”ති. සො උපධාරෙන්තො නෙව අන්තං, න කොටිං අද්දස. බොධිසත්තො ආහරාපෙත්වා නඛෙන කොසකං අපනෙත්වා “අයං සූචි, අයං කොසකො”ති මහාජනස්ස දස්සෙත්වා සූචිං ආචරියස්ස හත්ථෙ, කොසකං පාදමූලෙ ඨපෙසි. පුන තෙන “අයං මඤ්ඤෙ සූචී”ති වුත්තො “අයම්පි සූචිකොසකොයෙවා”ති වත්වා නඛෙන පහරන්තො පටිපාටියා ඡ සූචිකොසකෙ කම්මාරජෙට්ඨකස්ස පාදමූලෙ ඨපෙත්වා “අයං සූචී”ති තස්ස හත්ථෙ ඨපෙසි. කම්මාරසහස්සානි අඞ්ගුලියො ඵොටෙසුං, චෙලුක්ඛෙපා පවත්තිංසු.
මේ අතර ගේ ඇතුළේ හාන්සි වී හුන්, ගම්පතියා ඔවුන් දෙදෙනාගේ මුළු කතාව ම අසා සිට, සිය දුවට කතා කොට ‘දියණියනි, නුඹ කා සමග කතා කළෙහි දැ’යි විමසුවේය. ‘පියාණෙනි, ඉඳිකටු විකුණන්නට මෙහි පැමිණි එක් පුරුෂයකු සමග ය.’ ‘එසේ වී නම්, ඔහු මෙහි කැඳවව යි’ පියා තම දියණියට අණ කෙළේය. වහා මිදුලට දිවූ ඇය තරුණා ගෙතුලට කැඳවූවාය. ගෙට පිවිසි බෝසත් තෙමේ, ගම්පතියාට නමස්කාර කෙළේය. එවිට ගම්පතියා ‘තරුණය, ඔබ කවර ගමෙක වැසියෙක් දැ’යි, ඇසීය. ‘ගම්පතිතුමනි, මම අසවල් ගමෙහි අසවල් ලෝකුරුවාගේ පුතා වෙමි.’ ‘තරුණය, කුමක් සඳහා ඔබ මෙහි පැමිණියෙහිද?’ ‘නායකතුමනි, ඉඳිකටුවක් විකිණීම පිණිස මෙහි පැමිණියෙමි.’ ‘තරුණය, ඔබ තැනූ ඉඳිකටුව මෙහාට ගන්න. මම එය බලන්නෙමි’යි, ලෝකුරු නායකයා බෝසතුන්ට පැවසීය. ස්වකීය කුසලතාව හැමදෙනා ම ඉදිරියේ දැක්වීමට තීරණය කළ බෝසත් තරුණයා ‘නායකතුමනි, ඔබ තනියෙන් මෙය පරීක්ෂා කරනවාට වඩා, ගමේ සියලුම කම්මල්කරුවන් මෙහි රැස්කොට, විමසා බලතොත් වඩාත් හොඳ නොවේදැ’යි ඇසීය. නායකතුමා ද ‘මැනව දරුව’යි කියා සියලු ලෝකුරුවන් සිය නිවෙසට කැඳවා, ඔවුන් වටකොට ගෙන, ඒ මැද්දෙහි වාඩි වී ‘පුත, ඔබේ නිර්මාණය අපට පෙන්වව’යි කීය. ‘ඇදුරුතුමනි, පළමුකොට මෙතැනට කිණිහිරක් ද, ජලය පුරවන ලද ලෝහ බඳුනක් ද ගෙන්වනු මැනව’යි තරුණයා කීය. ඔහු කී සියල්ල ගම්පතිතුමා එතැනට ගෙන්වීය. එවිට බෝසත් තෙමේ සිය ඉණ අත ගා, එහි තිබූ ඉඳිකටුව බහාලන ලද නළය මෑත්කොට, නායකතුමාගේ අත්ල මත එය තැබීය. ඒ දුටු නායකයා නළයෙන් ඉඳිකටුව ඉවතට ගෙන ‘පුතණුවනි, මේ ඉඳිකටුවදැ’යි විචාළේය. ‘නායකතුමනි, ඔය ඉඳිකටුව නොව එහි කොපුව යැ’යි තරුණයා කීය. අනතුරුව එය ඒ මේ අත හරවමින් පරීක්ෂා කොට බැලූ මුත්, නායකතුමාට එහි විවෘත කෙරෙන කෙළවර සොයාගත නොහැකි විය. එය අතට ගත් තරුණයා සිය නියගින් කොපුව විවරකොට ‘හිතවතුනි, මේ කොපුව ය. මේ ඉඳිකටුව යැ’යි සභාවට පෙන්වා, එය නායකතුමාගේ අතෙහි තැබීය. නායකතුමා ඉඳිකටුව පිරික්සා බලා පුත, මේ ඉඳිකටුව නොවේදැ’යි කීය. එවිට ද ‘නායකතුමනි, ඔය ඉඳිකටුව නොව කොපුවයි, ඉඳිකටුව ඇත්තේ කොපුව ඇතුළේ යැ’යි තරුණයා පිළිතුරු දුන්නේය. එය ද විවරකොට ගැනීමට ගම්දෙටුවා අසමත් විය. නැවත ඔහුගේ අතින්, ඉඳිකටුව තමා වෙතට ගත් තරුණයා නියගින් එය විවරකොට, පිළිවෙළින් තවත් කොපු හයක් මෑත්කොට, ඒවා නායකතුමා ඇතුළු සභාවට පෙන්වා, සියලු කොපු ගම් දෙටුවාගේ පාමුල තබා, ‘නායකතුමනි, මේ ඉඳිකටුව යැ’යි එය ඔහුගේ අත්ල මත තැබීය. මේ අසිරිය දුටු දහස් ගණන් ලෝකුරුවෝ අත්පොළසන් දෙන්නට ද, හිස්වටා සළු කරකවන්නට ද පටන් ගත්හ.
අථ නං කම්මාරජෙට්ඨකො “තාත, ඉමාය සූචියා කිං බල”න්ති පුච්ඡි. “ආචරිය බලවතා පුරිසෙන අධිකරණිං උක්ඛිපාපෙත්වා අධිකරණියා හෙට්ඨා උදකපාතිං ඨපාපෙත්වා අධිකරණියා මජ්ඣෙ ඉමං සූචිං පහරථා”ති. සො තථා කාරෙත්වා අධිකරණියා මජ්ඣෙ සූචිං අග්ගෙන පහරි. සා අධිකරණිං විනිවිජ්ඣිත්වා උදකපිට්ඨෙ කෙසග්ගමත්තම්පි උද්ධං වා අධො වා අහුත්වා තිරියං පතිට්ඨාසි. සබ්බෙ කම්මාරා “අම්හෙහි එත්තකං කාලං ‘කම්මාරා නාම එදිසා හොන්තී’ති සුතිවසෙනපි න සුතපුබ්බ”න්ති අඞ්ගුලියො ඵොටෙත්වා චෙලුක්ඛෙපසහස්සං පවත්තයිංසු . කම්මාරජෙට්ඨකො ධීතරං පක්කොසිත්‍වා තස්මිඤ්ඤෙව පරිසමජ්ඣෙ “අයං කුමාරිකා තුය්හමෙව අනුච්ඡවිකා”ති උදකං පාතෙත්වා අදාසි. සො අපරභාගෙ කම්මාරජෙට්ඨකස්ස අච්චයෙන තස්මිං ගාමෙ කම්මාරජෙට්ඨකො අහොසි.
ඉක්බිති ලෝකුරු නායකතුමා, තරුණයා අමතා, ‘පුත, මේ ඉඳිකටුවේ ශක්තිය කෙසේදැ’යි විමසීය. ‘ඇදුරුතුමනි, ශක්තිමත් පුරුෂයකු ලවා, මේ කිණිහිර ඔසවන්ට සලස්වා ඊට යටින් ජලය පුරවන ලද ලෝහ පාත්‍රය තබා, මේ කිණිහිර මැද ඉඳිකටුව සිරස් අතට තුඩ කිණිහිර මැදට සිටින සේ තබා, පහර දෙනු මැනවැ’යි තරුණයා කීය. නායකතුමා පුරුෂයකු ලවා ඒ කටයුත්ත, කියන ලද පරිද්දෙන් ම සිදු කෙළේය. එවිට ඒ ඉඳිකටුව කිණිහිර විනිවිද ගොස් යට තිබූ බඳුනේ ජලය මත තිරස් අතට පිහිටියේය. එය කෙස් අගත් පමණවත් දියෙන් මතුවීමක් හෝ යටට නැඹුරු වීමක් හෝ නොවී සමාන්තරව දිය මත පිහිටා තිබුණි. මේ දුටු ලෝකුරු පිරිස අපිදු මෙපමණ කලක් ලෝකුරුවෝ වෙමු. එහෙත් මෙවැනි දෙයක් ආරංචියක්වත්, නො ඇසූ විරූ යැ’යි, කියමින් අත්පොළසන් දෙමින් තම-තමන්ගේ හිස් වටා සළු වනමින්, ප්‍රීති ඝෝෂා පවත්වන්නට පටන් ගත්හ. ගම්දෙටු නායකතුමා ඒ පිරිස මැද දී ම, සිය දියණිය ළඟට කැඳවා, තරුණයා අමතා ‘පුත, මේ මාගේ දූ කුමරිය සුදුසු ඔබට ම යැ’යි පවසා අත පැන් වත්කොට ඇය තරුණයාට පාවා දුන්නේය. තරුණයා ද පසුකලෙක නායකතුමාගේ අභාවයෙන්, ලෝකුරු ගමේ ගම්පති පදවියට පත්විය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා කම්මාරජෙට්ඨකස්ස ධීතා රාහුලමාතා අහොසි, පණ්ඩිතකම්මාරපුත්තො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. එදා කර්මාර දියණිය නම්, මෙදා රාහුල මාතාවය. නුවණැති තරුණයා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේ දක්වා වදාළ සේක.
සූචිජාතකවණ්ණනා දුතියා.