1. ඛරපුත්තජාතකවණ්ණනා 386 අට්ඨකථා
1. ඛරපුත්තජාතකවණ්ණනා (386)
1. ඛරපුත්ත ජාතකය (386)
සච්චං කිරෙවමාහංසූති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පුරාණදුතියිකාපලොභනං ආරබ්භ කථෙසි. තඤ්හි භික්ඛුං සත්ථා “සච්චං කිර ත්වං භික්ඛු උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “ආම, භන්තෙ”ති වුත්තෙ “කෙන උක්කණ්ඨාපිතොසී”ති වත්වා “පුරාණදුතියිකායා”ති වුත්තෙ “භික්ඛු අයං තෙ ඉත්ථී අනත්ථකාරිකා, පුබ්බෙපි ත්වං ඉමං නිස්සාය අග්ගිං පවිසිත්වා මරන්තො පණ්ඩිතෙ නිස්සාය ජීවිතං ලභී”ති වත්වා අතීතං ආහරි.
‘සච්චං කිරෙවමාහංසු’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ගිහිකල බිරිය විසින් පොළඹවන ලද භික්ෂුවක නිමිති කොටගෙන වදාළ සේක. ඒ භික්ෂුව ළඟට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, තොප කලකිරුණු බව සැබෑවක් දැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, එසේය.’ ‘මහණ, ඔබ කුමක් කරණ කොටගෙන කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, මාගේ ගිහිකල බිරිය නිසාය.’ ‘මහණ, මේ තැනැත්තිය තොපට අවැඩ කෙළේ දැන් පමණක් නොවේ, මීට පෙර ද ඔබ මෑ නිසා ගින්නට පැන මැරෙන්නට ගොස්, පඬිවරුන් නිසා දිවි ගලවා ගත්තෙහි යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, මේ අතීත කථාව මෙසේ දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං සෙනකෙ නාම රඤ්ඤෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සක්කත්තං කාරෙසි. තදා සෙනකස්ස රඤ්ඤො එකෙන නාගරාජෙන සද්ධිං මිත්තභාවො හොති. සො කිර නාගරාජා නාගභවනා නික්ඛමිත්වා ථලෙ ගොචරං ගණ්හන්තො චරති. අථ නං ගාමදාරකා දිස්වා “සප්පො අය”න්ති ලෙඩ්ඩුදණ්ඩාදීහි පහරිංසු. අථ රාජා උය්යානං කීළිතුං ගච්ඡන්තො දිස්වා “කිං එතෙ දාරකා කරොන්තී”ති පුච්ඡිත්වා “එකං සප්පං පහරන්තී”ති සුත්වා “පහරිතුං මා දෙථ, පලාපෙථ නෙ”ති පලාපෙසි. නාගරාජා ජීවිතං ලභිත්වා නාගභවනං ගන්ත්වා බහූනි රතනානි ආදාය අඩ්ඪරත්තසමයෙ රඤ්ඤො සයනඝරං පවිසිත්වා තානි රතනානි දත්වා “මහාරාජ, මයා තුම්හෙ නිස්සාය ජීවිතං ලද්ධ”න්ති රඤ්ඤා සද්ධිං මිත්තභාවං කත්වා පුනප්පුනං ගන්ත්වා රාජානං පස්සති. සො අත්තනො නාගමාණවිකාසු එකං කාමෙසු අතිත්තං නාගමාණවිකං රක්ඛණත්ථාය රඤ්ඤො සන්තිකෙ ඨපෙත්වා “යදා එතං න පස්සසි, තදා ඉමං මන්තං පරිවත්තෙය්යාසී”ති තස්ස එකං මන්තං අදාසි.
පෙර බරණැස් නුවර ‘සේනක’ නමින් රජෙක් රාජ්‍යය කෙළේය. එකල අප බෝසත් තෙමේ, දෙව්ලොව ශක්‍රයා වී ඉපිද සිටියේය. එකල මේ සේනක රජතුමා කිසියම් නාග රාජයකු සමග මිත්රභාවයක් ඇති කොටගෙන සිටියේය. මේ මිත්රභාවය ඇති වූයේ අහම්බෙනි. දිනක් ඒ නා රජතුමා සිය නාග භවනයෙන් නික්ම අවුත්, සේනක රජතුමාගේ රාජකීය උයන සමීපයෙහි ගොදුරු සොයමින් සැරි සරයි. මේ දුටු ගම්දරුවෝ පිරිසක් ‘මෙන්න නයෙක් යැ’යි, කියමින් ගල්කැට, කෝටු ආදියෙන් නාග රාජයාට පහර දෙන්නට පටන් ගත්හ. මෙවේලෙහි සේනක රජතුමා උයන් කෙළියට යමින් මේ මාර්ගය දිගේ එමින් සිටියේය. දරුවන් එක් තැනකට රංචු ගැසෙමින්, ඒ මේ අත දුවමින් දඟලනු දුටු රජතුමා රාජ පුරුෂයන් අමතා ‘පුරුෂයෙනි, අර ගම්දරුවෝ කුමක් කෙරෙත්ද, යනු සොයා බලවු යැ’යි අණ කෙළේය. දරුවන් සිටි තැනට ගිය රාජ පුරුෂයෝ, සොයා බලා, කරුණු වටහාගෙන, රජු සමීපයට අවුත් දේවයන් වහන්ස, ඔවුහු එක් නයෙකුට හිංසා කෙරෙති’යි, පැවසූහ. එවිට රජතුමා රාජ පුරුෂයන් ලවා ගම්දරුවන් පලවා හැර, නාග රාජයා මුදවා ගත්තේය. ඉන් අනතුරුව රජතුමා යන්නට ගිය ගමන නැවත ආරම්භ කෙළේය. ඉහත සඳහන් සිද්ධිය සිදුවූ දා මැදියම් රැයේ, සේනක රජතුමාගේ සිරියහන් ගබඩාවට අමුත්තෙක් පැමිණියේය. ඒ බලසම්පන්න නාග රාජයෙකි. නාගරාජයා ඉතා වටිනා මැණික් පොදියක් සේනක රජතුමාට පිළිගන්වා ‘රජතුමනි, අද මම ඔබතුමා නිසා, ජීවිතය ලැබුවෙමි. ඔබතුමා නොඑන්නට අද මා මළවුන් අතරය. එබැවින් ඊට තුටුපඬුරු වශයෙන් මේවා ගනු මැනවැ’යි කීය. සේනක රජතුමා නාග රාජයාගේ කථාවට අතිශයින් පැහැදුනේය. මිනිස් වෙසින් නාගරාජයා පැමිණ සිටි බැවින්, මුලදී නාගරාජයාගේ කථාව තේරුම් ගැනීමට සේනක රජතුමාට මදක් දුෂ්කර විය. මේ සිද්ධියෙන් පසු රජවරු දෙදෙනාම, ප්‍රාණසම මිත්‍රයෝ වූහ. දැන් නාගරාජයා නිතර නිතර සේනක රජුගේ රාජ මාලිගයට පැමිණෙයි. කිසියම් දිනෙක නාගරාජයා සිය මිතුරා වන සේනක රජු බැහැදැකීමට පිටත් වන්නට සූදානම් වී, තමාට අයත් නාග මානවිකාවන් අතරෙහි හුන් තෘප්තියට නොපැමිණෙන, කාමයෙහි ගිජු වූ, එක් නාග මානවිකාවක් ද කැටුව, සේනක රජු හමුවට පැමිණියේය. නාග මානවිකාව සේනක රජුගේ රැකවරණය යටතට පත්කළ නාගරාජයා, රජුට ඈ ගැන සියලු තොරතුරු කියා, ඇය හික්මවා ගැනීම සඳහා ටික කලකට මෙහි ගෙන ආ බව පැවසීය. එසේ නාග මානවිකාව සේනක රජුට භාර කළ නාගරාජයා, ‘ප්‍රිය රජතුමනි, ඔබට පෙනෙන මානයේ මෑ තබාගත මැනව. යම් විටෙක ඇය වෙස්වළා ගතහොත්, ඔබට ඇය දැකගත නොහැකිය. එවිට ඔබ මේ මන්ත්‍රය මතුරනු මැනවි. ඒත් සමගම ඇය සිටින තැන ඔබට පෙනී යනු ඇතැ’යි, කියා කිසියම් මන්ත්‍රයක් රජුට ඉගැන්වීය.
සො එකදිවසං උය්යානං ගන්ත්වා නාගමාණවිකාය සද්ධිං පොක්ඛරණියං උදකකීළං කීළි. නාගමාණවිකා එකං උදකසප්පං දිස්වා අත්තභාවං විජහිත්වා තෙන සද්ධිං අසද්ධම්මං පටිසෙවි. රාජා තං අපස්සන්තො “කහං නු ඛො ගතා”ති මන්තං පරිවත්තෙත්වා අනාචාරං කරොන්තිං දිස්වා වෙළුපෙසිකාය පහරි. සා කුජ්ඣිත්වා තතො නාගභවනං ගන්ත්වා “කස්මා ආගතාසී”ති පුට්ඨා “තුම්හාකං සහායො මං අත්තනො වචනං අගණ්හන්තිං පිට්ඨියං පහරී”ති පහාරං දස්සෙසි. නාගරාජා තථතො අජානිත්වාව චත්තාරො නාගමාණවකෙ ආමන්තෙත්වා “ගච්ඡථ, සෙනකස්ස සයනඝරං පවිසිත්වා නාසවාතෙන තං භුසං විය විද්ධංසෙථා”ති පෙසෙසි. තෙ ගන්ත්වා රඤ්ඤො සිරිසයනෙ නිපන්නකාලෙ ගබ්භං පවිසිංසු. තෙසං පවිසනවෙලායමෙව රාජා දෙවිං ආහ – “ජානාසි නු ඛො භද්දෙ, නාගමාණවිකාය ගතට්ඨාන”න්ති? “න ජානාමි, දෙවා”ති. “අජ්ජ සා අම්හාකං පොක්ඛරණියං කීළනකාලෙ අත්තභාවං විජහිත්වා එකෙන උදකසප්පෙන සද්ධිං අනාචාරං අකාසි, අථ නං අහං ‘එවං මා කරී’ති සික්ඛාපනත්ථාය වෙළුපෙසිකාය පහරිං, සා ‘නාගභවනං ගන්ත්වා සහායස්ස මෙ අඤ්ඤං කිඤ්චි කථෙත්වා මෙත්තිං භින්දෙය්යා’ති මෙ භයං උප්පජ්ජතී”ති.
එක් දවසක් ජල ක්‍රීඩාවට යනු සඳහා සූදානම් වූ රජතුමා, ඊට ඉහත කී නාග මානවිකාව ද, එකතුකොට ගත්තේය. උයනට ගිය මේ රාජකීය පිරිස එහි මඟුල් පොකුණට බැස නාන්නට පටන් ගත්හ. රජතුමාත් නාග මානවිකාවත් පොකුණ තුළ ජල ක්‍රීඩා කරමින් නාන අතරතුරේ සෙසු අය පොකුණ අවට ආරක්ෂාව පිණිස රැඳී සිටියහ. මේ අතර අහම්බෙන් මෙන් පොකුණෙහි සිටි දිය නයකු දුටු නාග මානවිකාව ඌ කෙරෙහි පිළිබඳ සිත් ඇතිව, වහා සිය මිනිස් වෙස් අතහැර නාග වෙස් ගෙන, ඒ දිය නයා සමග වරදෙහි යෙදුනාය. රජතුමා ඇය නොදැක ‘කොහි අතුරුදහන් වූවාදැ’යි සොයන්නට විය. පසුව ඇය සොයාගත නොහැකි වූ තැන රජතුමා මන්ත්‍රය මතුරා, අවට විමසා බැලීය. ඇය හුන් ආකාරය දුටු රජතුමා ඉන් කිපී, පොකුණ ළඟ තිබූ උණ පතුරක් ගෙන, ඇයට තැලුවේය. එයින් කෝපයට පත් හැපින්න, වහා නාග ලෝකයට ගියාය. ඈ දුටු නා රජතුමා ‘තී කුමක් නිසා හදිසියේ මෙහි පැමිණියෙහිදැ’යි ප්‍රශ්න කෙළේය. ‘දේවයිනි, ඔබතුමාගේ මිත්‍රයා ඔහුගේ වචනය මා ගණනකට නොගත්තා යැ’යි මා කෙරෙහි කෝපව පිටට පහර දුන්නේයැ’යි කී නාග මානවිකාව තමාගේ පිට රජතුමාට පෙන්නුවාය. ඇත්ත ඇති සැටියෙන් නොදත්, නා රජතුමා එවේලේම නාග මානවකයන් සතර දෙනකුන් ළඟට කැඳවා, ‘මානවකයෙනි, තෙපි වහා පිටත්ව යවු, සේනකයාගේ යහන්ගැබට පිවිස, එකවිට විෂ දුම් නිකුත් කොට ඔහුට හානි පමුණුවවු යැ’යි, ඔවුන්ට කළයුත්ත කියා දී, නාග ලොවින් පිටත්කොට එවීය. එදා රාත්‍රී සේනක රජතුමා සැතපීම සඳහා, සිය සිරියහන් ගැබට ගියේය. සිරි සයනයෙහි වැදහොත් රජතුමා, දහවල් මඟුල් පොකුණේ දී සිදුවූ සිද්ධිය ගැන, කණගාටු වෙමින් හුන්නේය. මේ මොහොතේ විශාල නාග රාජයෝ සතර දෙනෙක් යහන් ගැබේ සතර පැත්තෙන් සැඟවී, අපේක්ෂා සහගතව බලා හුන්හ. එවිටම රාජදේවිය රජුගේ යහන වෙත පැමිණියාය. දේවිය දුටු රජතුමා, සොඳුර, කාරණයක් දන්නෙහිදැ’යි ඇගෙන් ඇසුවේය. ‘නො දනිමි, දේවයන් වහන්ස’ ‘සොඳුර, නාග මානවිකාව මා සමග අමනාපව මෙහෙන් පැන ගියාය. අද මා සමග දියකෙළියට මඟල් පොකුණට ගිය ඇය, එහි හුන් දිය නයකු සමග සම්බන්ධයක් ඇතිකොට ගෙන, මගේ අතටම හසු වූවාය. මම එතැනදී ම ඇයට නිසි දඬුවම් දුන්නෙමි. ඉන් කිපුණු ඇය, නාග භවනයට පෙරළා යන්නට ඇතැයි මම සිතමි. එය මට ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඇය මා මිත්‍ර නා රජතුමාට කුමක් කියා ඇත්දැ’යි මම නොදනිමි. මට බිය ඈ විසින් අප දෙදෙනාගේ මිත්‍ර භාවය සිඳ දමනු ලැබේද, යන මේ කාරණය ගැන යැ’යි, රජතුමා දේවිය සමග කීවේය.
තං සුත්වා නාගමාණවකා තතොව නිවත්තිත්වා නාගභවනං ගන්ත්වා නාගරාජස්ස තමත්ථං ආරොචෙසුං. සො සංවෙගප්පත්තො හුත්වා තඞ්ඛණඤ්ඤෙව රඤ්ඤො සයනඝරං ආගන්ත්වා තමත්ථං ආචික්ඛිත්වා ඛමාපෙත්වා “ඉදං මෙ දණ්ඩකම්ම”න්ති සබ්බරුතජානනං නාම මන්තං දත්වා “අයං, මහාරාජ, අනග්ඝො මන්තො, සචෙ ඉමං මන්තං අඤ්ඤස්ස දදෙය්යාසි, දත්වාව අග්ගිං පවිසිත්වා මරෙය්යාසී”ති ආහ. රාජා “සාධූ”ති සම්පටිච්ඡි. සො තතො පට්ඨාය කිපිල්ලිකානම්පි සද්දං ජානාති.
රජතුමා වෙහෙසන්නට සූදානමින් හුන් නාග මානවකයෝ රජුගේ මුළු කථාවම ශ්‍රවණය කොට, ස්වකීය අදහස මොහොතකින් වෙනස් කොට, වහ-වහා නාග භවනයට පිටත්ව ගොස්, නා රජු හමුවේ සේනක රජතුමා කී සියල්ල අකුරක් නෑර පැවසූහ. තම ප්‍රාණප්‍රිය මිතුරාට තමාගෙන් සිදුවන්නට ගිය අනර්ථය ගැන, නා රජතුමා මහත් සංවේගයට පැමිණියේය. එය ඉවසිය නොහුණු තැන, එවේලේම තීරණයකට ආ නා රජතුමා තෑගිබෝග ද ගෙන, සැණෙකින් නාග ලෝකයෙන් පිටත් වී සේනක රජතුමාගේ සිරියහන් ගබඩාවෙහි පෙනී සිටියේය. දේවිය යහන් ගැබෙන් පිටමං කළ සේනක රජතුමා ඉමහත් භක්තියෙන් සිය මිතුරා පිළිගත්තේය. එවිට වරදකට හසුවූවකු මෙන් කථාකළ නා රජතුමා, නාග මානවිකාව තමාට කී දෑත්, තමා සේනක රජුට එරෙහිව ගන්නට යෙදුණු දැඩි පියවරත්, ඒ නිසා ම සිද්ධියේ යථා තත්ත්වය දැන ගන්නට ලැබුණු ආකාරයත්, යන මේ සියල්ල ම සිය මිතුරා වන සේනක රජුට පැහැදිලි කෙළේය. මෙයින් නොනැවතුණු නා රජතුමා, සේනක රජු සමා කරවාගෙන, ‘සබ්බරුත ජානන’ නම් වූ බලසම්පන්න මන්ත්‍රයක් සේනක රජුට දී, ‘මා මිත්‍ර සේනක රජතුමනි, මගෙන් සිදුවූ වරදට දඬුවම් වශයෙන් මේ මන්ත්‍රය ගනු මැනවි. මෙය ඉතා වටිනා මන්ත්රයකි. මෙය සිහි කළ පමණින් ඔබට ලොව සියලුම සතුන් කථා කරන භාෂාව වහා වැටහේ. එහෙත් මේ වටිනා මන්ත්‍රය කිසිවකුට නොදිය යුතුය. යම් විදියකින් ඔබ මේ මන්ත්‍රය කාට හෝ කියන්නට යෙදුනොත්, ඒ නිසා ම ඔබට එදාම ගින්නකට පැන, දිවි නහ ගන්නට සිදුවනු ඒකාන්තය. එබැවින් රජතුමනි, පණට ආදරය ඇතොත්, මේ මන්ත්‍රය කිසිවෙකුට නොදෙනු මැනවැ’යි කීවේය. ‘යහපති නා රජතුමනි’යි කී සේනක රජතුමා රජු කී සියල්ල ඒ අයුරින්ම පිළිගත්තේය. සේනක රජතුමා ‘සබ්බරුත ජානන’ මන්ත්‍රය උගත් දා පටන් කුහුඹුවන්ගේ භාෂාව පවා, මැනවින් තේරුම් ගනී. එය රජුට විනෝදයක් ද, මහත් අස්වැසිල්ලක් ද විය.
තස්සෙකදිවසං මහාතලෙ නිසීදිත්වා මධුඵාණිතෙහි ඛාදනීයං ඛාදන්තස්ස එකං මධුබින්දු ච ඵාණිතබින්දු ච පූවඛණ්ඩඤ්ච භූමියං පති. එකා කිපිල්ලිකා තං දිස්වා “රඤ්ඤො මහාතලෙ මධුචාටි භින්නා, ඵාණිතසකටං පූවසකටං නික්කුජ්ජිතං, මධුඵාණිතඤ්ච පූවඤ්ච ඛාදථා”ති විරවන්තී විචරති. අථ රාජා තස්සා රවං සුත්වා හසි. රඤ්ඤො සමීපෙ ඨිතා දෙවී “කිං නු ඛො දිස්වා රාජා හසී”ති චින්තෙසි. තස්මිං ඛාදනීයං ඛාදිත්වා න්හත්වා පල්ලඞ්කෙ නිසින්නෙ එකං මක්ඛිකං සාමිකො “එහි භද්දෙ, කිලෙසරතියා රමිස්සාමා”ති ආහ. අථ නං සා “අධිවාසෙහි තාව සාමි, ඉදානි රඤ්ඤො ගන්ධෙ ආහරිස්සන්ති, තස්ස විලිම්පන්තස්ස පාදමූලෙ ගන්ධචුණ්ණං පතිස්සති, අහං තත්ථ වට්ටෙත්වා සුගන්ධා භවිස්සාමි, තතො රඤ්ඤො පිට්ඨියං නිපජ්ජිත්වා රමිස්සාමා”ති ආහ. රාජා තම්පි සද්දං සුත්වා හසි. දෙවීපි “කිං නු ඛො දිස්වා හසී”ති පුන චින්තෙසි. පුන රඤ්ඤො සායමාසං භුඤ්ජන්තස්ස එකං භත්තසිත්ථං භූමියං පති. කිපිල්ලිකා “රාජකුලෙ භත්තසකටං භග්ගං, භත්තං භුඤ්ජථා”ති විරවි. තං සුත්වා රාජා පුනපි හසි. දෙවී සුවණ්ණකටච්ඡුං ගහෙත්වා රාජානං පරිවිසන්තී “මං නු ඛො දිස්වා රාජා හසතී”ති විතක්කෙසි.
එක් දවසක් උඩුමහල්තලයට වී සේනක රජතුමා කැවිලි ආදී වූ, අතුරුපස භෝජනයක් ගනිමින් හුන්නේය. කැවිලි කන රජුගේ ඇඟිලි අතරින් මීපැණි බිඳක් ද, පැණි බින්දුවක් ද, කැවුම් කැබැල්ලක් ද බිම වැටුණි. එතැනට පැමිණි කූඹියෙක් ඒ දැක, ‘යහලුවනි, රජුගේ මේ උඩුමහලෙහි මීපැණි කළයක් බිඳී ඉහිරී ඇත. ඒ හැර පැණි සහ කැවුම් කරත්තයක් ද පෙරළී ඇත. වරෙවු, පැණි-කැවුම් ඇති තාක් අනුභව කරවුයැ’යි කියමින් මහ හඬින් කෑගසමින්, ඒ මේ අතර දුවන්නට පටන් ගත්තේය. මේ අසා සිටි රජුට මහ හඬින් සිනහ පහළ විය. රජු සමීපයෙහි හුන් දේවිය අන්ද-මන්ද වී ‘මේ රජතුමා කුමක් දැක සිනාසේදැ’යි, සිතූමුත් ඒ ගැන තම සැමියාගෙන් අසන්නට තරම් ධෛර්යවත් නොවූවාය. කැවිලි කා අවසන් වූ රජතුමා එතැනින් නැගිට ගොස්, ස්නානය කෙළේය. රජවරුන් ස්නානය කොට පැමිණි කල්හි, අදාල රාජකාරියෙහි නියුතු රාජ සේවකයෝ, ඒ රජුන් වෙත පැමිණ, තෙත මාත්තු කිරීම්, සුවඳ ගැල්වීම්, සුවඳ සුණු තැවරීම්, විලවුන් ආලේප කිරීම් යන මේ ආදිය සිරිත් වශයෙන් කෙරෙති. ඒ අනුව සේනක රජතුමා ද, ස්නානයෙන් පසු මාලිගය තුළට පැමිණ නියමිත ස්ථානයෙහි, සෙසු රාජකාරිවලට සේවකයන් හෝ, සේවිකාවන් හෝ පැමිණෙන තෙක්, සෝපාවක හිඳගෙන බලා හුන්නේය. එවිට එතැනට පැමිණි මැසි ජෝඩුවක් අතුරින් මැස්සා රජුගේ පිට මත වැසුවේය. මැස්සිය අසුන කෙළවරෙහි හුන්නාය. රජුගේ පිට මත හුන් මැස්සා, සිය බිරිඳ වන මැස්සියට කථා කොට ‘සොඳුර, මෙහි එනු මැනව. අපි දෙදෙනා රජුගේ පිට මත හිඳ කම්සුව විඳිමුදැ’යි මැස්සියට යෝජනා කෙළේය. එවිට මැස්සිය කථා කරමින්, ‘හිමියනි, මඳක් ඉවසුව මැනව. දැන් සේවිකාවෝ රජුට සුවඳ වර්ග රැගෙන එති. ඔවුන් රජුගේ සිරුරෙහි තවරන සුවඳ වර්ග බිමටද වැටේ. මම එහි ලැග, සුවඳ ද තවරා ගෙන, සුවඳවත්වම පැමිණෙන්නෙමි, එවිට රජුගේ පිට මත වැද හෙව, අපට රිසි සේ සතුටු වන්නට හැකි නොවේදැ’යි කීවාය. මැස්සාගේ සහ මැස්සියගේ සංවාදයට කන් දුන් රජතුමා, හඬ නගා සිනාසෙන්නට පටන් ගත්තේය. මේ අතර රජු හුන් තැනට එමින් සිටි රාජ දේවිය, ‘මේ රජතුමා කුමක් දැක, මෙසේ හඬ නගා සිනාසේදැ’යි සිතූ මුත් රජුගෙන් ඒ ගැන කිසිවක් නොඅසන්නට වගබලා ගත්තාය. රාත්‍රී ආහාර ගැනීම සඳහා භෝජනාගාරයට ගිය රජතුමා බොජුන් අනුභව කරමින් හුන් කල්හි, එක් බත් ඇටයක් බිම වැටුණි. එතැනට රැස් වූ කුහුඹුවෝ ‘රජගෙයි බත් කරත්තයක් පෙරළී ඇත. වහා අවුත් බත් අනුභව කරවු යැ’යි කියමින් මහ හඬින් කෑ ගැසූහ. එවිට ද, රජුට සිනා ගියේය. රන් හැන්දකින් රජුට බත් බෙදමින් සිටි රාජ දේවිය, ‘රජතුමා මේ සිනාසෙන්නේ මාගේ අඩුපාඩුවක් දැකීමෙන්දැ’යි, කල්පනා කළමුත්, ඒ ගැන රජුගෙන් ප්‍රශ්න නොකළාය.
සා රඤ්ඤා සද්ධිං සයනං ආරුය්හ නිපජ්ජනකාලෙ “කිංකාරණා දෙව, හසී”ති පුච්ඡි. සො “කිං තෙ මම හසිතකාරණෙනා”ති වත්වා පුනප්පුනං නිබද්ධො කථෙසි. අථ නං සා “තුම්හාකං ජානනමන්තං මය්හං දෙථා”ති වත්වා “න සක්කා දාතු”න්ති පටික්ඛිත්තාපි පුනප්පුනං නිබන්ධි . රාජා “සචාහං ඉමං මන්තං තුය්හං දස්සාමි, මරිස්සාමී”ති ආහ. “මරන්තොපි මය්හං දෙහි, දෙවා”ති. රාජා මාතුගාමවසිකො හුත්වා “සාධූ”ති සම්පටිච්ඡිත්වා “ඉමිස්සා මන්තං දත්වා අග්ගිං පවිසිස්සාමී”ති රථෙන උය්යානං පායාසි.
ආහාරයෙන් පසු රාත්‍රී සිරියහන් ගතවූ රජතුමා වෙත පැමිණි රාජදේවිය, එතෙක් සිතේ තදකොට ගෙන තිබූ සියලු ප්‍රශ්නවලට, රජුගෙන් විසඳුම් ලබාගන්නට තීරණය කළාය. අනතුරුව රජුට කථා කළ දේවිය, ‘රජතුමනි, ඔබතුමා මේ මේ අවස්ථාවල, පෙනෙන කිසිදු හේතුවක් නැතත්, සිනාසුණෙහිය. ඒ කුමන කාරණයක් නිසාදැ’යි කියනු මැනවි. මම එය දැනගන්නට කැමැත්තෙමි’යි කීවාය. ‘මගේ සිනාසීමෙන් ඔබට කුමන ප්‍රයෝජනයක්ද? එබැවින් නිහඬවනු මැනවැ’යි, රජතුමා කීවේය. එයින් නොනැවතුණු දේවිය, නැවත නැවත රජුගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තාය. දේවියගේ ඇවිටිල්ලෙන් බේරෙන්නට නොහැකි වූ තැන, මන්ත්‍රය ගැන තොරතුරු දේවියට කියන්නට, රජතුමා තීරණය කෙළේය. මන්ත්‍රය ගැන ඇසූ දේවිය ‘රජතුමනි, ඔබ දත් ඒ මන්ත්‍රය මට දෙනු මැනවැ’යි කීවාය. ‘එය කෙසේවත් කළ නොහැක්කකි’යි රජතුමා කී නමුත්, දේවිය මන්ත්‍රය තමාට අවශ්‍යම බව කියමින්, ඇවිටිලි කරන්නට පටන් ගත්තාය. අවසානයේදී, රජතුමා දේවිය අමතා ‘දේවිය, මේ මන්ත්‍රය තවත් කෙනෙකුට දුනහොත්, එයින්ම මාගේ ජීවන කාලය අවසන් වේ. එපමණක් නොව මේ රජය ද, එතැනින්ම අරාජික වේ. මේ නිසා මට ඇවිටිලි නොකොට නිශ්ශබ්දවනු මැනවැ’යි කීවේය. එවිට රාජදේවිය ‘රජතුමනි, ඔබේ ජීවත්වීම හෝ, මරණය මට ප්‍රශ්නයක් නොවේ, එබැවින් මන්ත්‍රය හේතුවෙන් ඔබ මළත් මට එය අවශ්‍යම යැ’යි, තරයේ කීවාය. බිසවගේ වසඟයට දැඩිව නතු වී හුන්, රජතුමා දේවියට මන්ත්‍රය දානය කොට, දිවි හරින්නට තීරණය කෙළේය. අනතුරුව දේවිය ඇමතූ ඔහු ‘දේවිය, හෙට උදෑසනම අපි දෙදෙනා පමණක් මඟුල් උයනට යමු, එහිදී, මම ඔබට මන්ත්‍රය උගන්වා, ගිනි ගොඩක් ගසා, එයට පැන දිවි තොර කරගන්නෙමි’යි කීවේය. පසුදා මන්ත්‍රය දේවියට දී, ගින්නට පනින්නට තීරණය කොටගත් රජතුමා, ඇයද රථයෙහි නංවාගෙන, තමාම රථය පදවාගෙන, උයනට යන්නට පිටත් විය.
තස්මිං ඛණෙ සක්කො ලොකං ඔලොකෙන්තො ඉමං කාරණං දිස්වා “අයං බාලරාජා මාතුගාමං නිස්සාය ‘අග්ගිං පවිසිස්සාමී’ති ගච්ඡති, ජීවිතමස්ස දස්සාමී”ති සුජං අසුරකඤ්ඤං ආදාය බාරාණසිං ආගන්ත්වා තං අජිකං කත්වා අත්තනා අජො හුත්වා “මහාජනො මා පස්සතූ”ති අධිට්ඨාය රඤ්ඤො රථස්ස පුරතො අහොසි. තං රාජා චෙව රථෙ යුත්තසින්ධවා ච පස්සන්ති, අඤ්ඤො කොචි න පස්සති. අජො කථාසමුට්ඨාපනත්ථං රථපුරතො අජිකාය සද්ධිං මෙථුනං ධම්මං පටිසෙවන්තො විය අහොසි. තමෙකො රථෙ යුත්තසින්ධවො දිස්වා “සම්ම අජරාජ, මයං පුබ්බෙ ‘අජා කිර බාලා අහිරිකා’ති අස්සුම්හ, න ච තං පස්සිම්හ, ත්වං පන රහො පටිච්ඡන්නට්ඨානෙ කත්තබ්බං අනාචාරං අම්හාකං එත්තකානං පස්සන්තානඤ්ඤෙව කරොසි, න ලජ්ජසි, තං නො පුබ්බෙ සුතං ඉමිනා දිට්ඨෙන සමෙතී”ති වත්වා පඨමං ගාථමාහ –
මෙවේලෙහි ලෝකය බලන සක්දෙව් රජුට, සේනක රජු කරන්නට යන මේ අනුවණ ක්‍රියාව පෙනී ගියේය. ‘මේ මෝඩ රජා ගැහැණියක නිසා, ගින්නට පනින්නට යයි, එබැවින් මොහුට ජීවිත දානය කළයුතු යැ’යි, තීරණය කළ සක්දෙව් රජතුමා අසුර කන්‍යාවක් වන ‘සුජා’ නම් වූ සිය බිරිය ද කැටුව, බරණැසට අවුත් රජතුමාගේ ගමන් මගෙහි ඉදිරියට පැමිණියේය. සක්දෙව් රජ සිය බිරිඳ සමග කතිකා කොටගෙන, සුජා දෙවඟන එළු දෙනක් බවට පත්කොට, තෙමේ එළුවකුගේ වෙස් ගත්තේය. අනතුරුව ‘මහජනයා අප නොදකීවා! රජුටත් අසුන්ටත් පමණක් අප පෙනේවා’යැයි, අදිටන් කොටගත් ශක්‍රයා, එළුදෙන සමග රථයට ඉදිරියෙන් ගමන් කරන්නට පටන් ගත්තේය. මේ එළු ජෝඩුව රජුටත් අසුන්ටත් හැර, අන් කිසිවකුට නොපෙනිණි. රථයේ කිසිවකු සංවාදයට අල්ලා ගනු රිසින්, එළුවා එළුදෙන සමග, කම්සුව විඳීමට උත්සාහ ගන්නා බවක් පෙන්නුම් කෙළේය. ඒ දුටු රථයෙහි බැඳි අශ්වයන්ගෙන් එකෙක් කථාකොට ‘යහලු එළුවාණෙනි, අපි මීට පෙර ‘එළුවෝ ලජ්ජා නැති මෝඩ සත්ත්ව විශේෂයකැ’යි, අසා ඇත්තෙමු. එහෙත් අද වනතෙක් ඒ බව දෑසින් නොදැක්කෙමු. තෝ වනාහි රහසිගතව, රහස් තැනකදී, කළ යුතු දෑ අප මෙපමණ දෙනෙක් බලා සිටිද්දීම, කරන්නෙහිය. තොට ලජ්ජා නැද්දැ’යි ප්‍රශ්න කෙළේය. තවදුරටත් කථා කළ ඒ අශ්වයා ‘මේ එළුවා අප කලින් අසා තිබූ දේ අප ඉදිරියේදී ම, ඔප්පු කෙළේ යැ’යි කියා, මේ ගාථාව පැවසුවේය.
“සච්චං කිරෙවමාහංසු, වස්තං බාලොති පණ්ඩිතා; පස්ස බාලො රහොකම්මං, ආවිකුබ්බං න බුජ්ඣතී”ති.
සච්චං කිරෙව මාහංසු - හස්තං බාලොති පණ්ඩිතා, පස්ස බාලො රහොකම්මං - ආවි කුබ්බං න බුජ්ඣතීති
එළුවා මෝඩයෙකැයි (පැරණි) පඬිවරු ඇත්තක්ම කීහ. රහසිගතව කළ යුතු දේ, ප්‍රසිද්ධියේ කරන සැටි බලන්න. මේ මෝඩයා එය තේරුම් නොගනියි.
තත්ථ වස්තන්ති අජං. පණ්ඩිතාති ඤාණසම්පන්නා තං බාලොති වදන්ති, සච්චං කිර වදන්ති. පස්සාති ආලපනං, පස්සථාහි අත්ථො. න බුජ්ඣතීති එවං කාතුං අයුත්තන්ති න ජානාති.
මෙහි ‘භස්තං’ යනු ‘එළුවා’ය. ‘පණ්ඩිතා’ යනු ‘නුවණැත්තෝ වූ මෝඩයෙකැ’යි ඇත්තක් ම කියති’ යන අර්ථයි. ‘පස්ස’ යනු ‘ඇමතීම’යි. ‘බලවු.’ යන අර්ථයි. ‘න බුජ්ඣති’ යනු ‘මෙසේ කිරීම නො හොබී යැ’යි තේරුම් නොගනී’ යන අර්ථයි.
තං සුත්වා අජො ද්වෙ ගාථා අභාසි –
අශ්වයාගේ ප්‍රකාශය ඇසූ එළුවා, පිළිතුරු වශයෙන් මෙසේ පැවසීය.
“ත්වං ඛොපි සම්ම බාලොසි, ඛරපුත්ත විජානහි; රජ්ජුයා හි පරික්ඛිත්තො, වඞ්කොට්ඨො ඔහිතොමුඛො.
2. යහලු කොටළු පුත්‍රය, රැහැණින් වට කරන ලද, ආවරණය කරන ලද මුව ඇති, වක් වූ තොල් ඇති, තෝ මට වඩා මෝඩයෙකැ’යි දනුව.
“අපරම්පි සම්ම තෙ බාල්යං, යො මුත්තො න පලායසි; සො ච බාලතරො සම්ම, යං ත්වං වහති සෙනක”න්ති.
3. යහලුව, මිදීමක් ලැබුණු විගස පලා නො යාම, තගේ අනෙක් මෝඩකම යි. තා විසින් උසුලා ගෙන යන, ඔය සේනකයා ද නුඹටත් වඩා මෝඩයෙකි.
තත්ථ ත්වං ඛොපි සම්මාති සම්ම සින්ධව මයාපි ඛො ත්වං බාලතරො. ඛරපුත්තාති සො කිර ගද්රභස්ස ජාතකො, තෙන තං එවමාහ. විජානහීති අහමෙව බාලොති එවං ජානාහි. පරික්ඛිත්තොති යුගෙන සද්ධිං ගීවාය පරික්ඛිත්තො. වඞ්කොට්ඨොති වඞ්කඔට්ඨො. ඔහිතොමුඛොති මුඛබන්ධනෙන පිහිතමුඛො. යො මුත්තො න පලායසීති යො ත්වං රථතො මුත්තො සමානො මුත්තකාලෙ පලායිත්වා අරඤ්ඤං න පවිසසි, තං තෙ අපලායනං අපරම්පි බාල්යං , සො ච බාලතරොති යං ත්වං සෙනකං වහසි, සො සෙනකො තයාපි බාලතරො.
මෙහි ‘ත්වං නු ඛො සම්ම’ යනු ‘යහලු සෛන්ධවය, මටත් වඩා තෝ මෝඩයෙකි’ යන අර්ථයි. ‘ඛරපුත්ත’ යනු ‘මෙයින් කියැවෙන සතා කොටළුවකුට ජාතක වූවෙකි, එබැවින් ඌට එසේ කීය’ යන අර්ථයි. ‘විජානහි’ යනු ‘මම ම මෝඩයෙක් මි’යි, මෙසේ දනුව’, යන අර්ථයි. ‘පරික්ඛිත්තො’ යනු ‘වියගස සමග ගෙල වටකොට බඳිනා ලද’ යන අර්ථයි. ‘වංකොට්ඨො’ යනු ‘වක් වූ තොල් ඇති’ යන අර්ථයි. ‘ඔහිතො මුඛො’ යනු ‘මුඛ බන්ධනයෙන් ආවරණය කරන ලද මුව ඇති’, යන අර්ථයි. ‘මුත්තො’ [missing trans]
රාජා තෙසං උභින්නම්පි කථං ජානාති, තස්මා තං සුණන්තො සණිකං රථං පෙසෙසි. සින්ධවොපි තස්ස කථං සුත්වා පුන චතුත්ථං ගාථමාහ –
[missing trans]
“යං නු සම්ම අහං බාලො, අජරාජ විජානහි; අථ කෙන සෙනකො බාලො, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
[missing trans]
තත්ථ යන්ති කරණත්ථෙ පච්චත්තවචනං. නූති අනුස්සවත්ථෙ නිපාතො. ඉදං වුත්තං හොති – සම්ම අජරාජ, යෙන තාව තිරච්ඡානගතත්තෙන කාරණෙන අහං බාලො, තං ත්වං කාරණං ජානාහි, සක්කා එතං තයා ඤාතුං, අහඤ්හි තිරච්ඡානගතත්තාව බාලො, තස්මා මං ඛරපුත්තාතිආදීනි වදන්තො සුට්ඨු වදසි, අයං පන සෙනකො රාජා කෙන කාරණෙන බාලො, තං මෙ කාරණං පුච්ඡිතො අක්ඛාහීති.
[missing trans]
තං සුත්වා අජො ආචික්ඛන්තො පඤ්චමං ගාථමාහ –
[missing trans]
“උත්තමත්ථං ලභිත්වාන, භරියාය යො පදස්සති; තෙන ජහිස්සතත්තානං, සා චෙවස්ස න හෙස්සතී”ති.
5. යමෙක් උතුම් වූ දෙයක් ලැබ, එය බිරියට පිරිනමන්නේද? තෙමේ ද එයින් පිරිහේ. බිරිඳ ද තමාට අහිමි වේ.
තත්ථ උත්තමත්ථන්ති සබ්බරුතජානනමන්තං. තෙනාති තස්සා මන්තප්පදානසඞ්ඛාතෙන කාරණෙන තං දත්වා අග්ගිං පවිසන්තො අත්තානඤ්ච ජහිස්සති, සා චස්ස භරියා න භවිස්සති, තස්මා එස තයාපි බාලතරො, යො ලද්ධං යසං රක්ඛිතුං න සක්කොතීති.
මෙහි ‘උත්තමත්ථං’ යනු ‘සියලු සතුන්ගේ හඬ තේරුම් ගැනීමේ මන්ත්‍රය’ යි. ‘තෙන’ යනු ‘ඇයට මන්ත්‍රය ප්රදානය කිරීම නම් වූ කාරණය නිසා, එනම් ඇයට එය ලබාදීම නිසා, ගින්නට පිවිසෙන්නට සිදුවේ. එවිට තමාට තමා ද අහිමි වේ. ඔහු තම බිරිඳ ද, අහිමි කර ගනී. එබැවින් මොහු නුඹටත් වඩා, වැඩි තරම් වූ මෝඩයෙකි. ලැබුණු යසස රැක ගැනීමට නොහැකි වන බැවිනි.’
රාජා තස්ස වචනං සුත්වා “අජරාජ, අම්හාකං සොත්ථිං කරොන්තොපි ත්වඤ්ඤෙව කරිස්සසි, කථෙහි තාව නො කත්තබ්බයුත්තක”න්ති ආහ. අථ නං අජරාජා “මහාරාජ, ඉමෙසං සත්තානං අත්තනා අඤ්ඤො පියතරො නාම නත්ථි, එකං පියභණ්ඩං නිස්සාය අත්තානං නාසෙතුං ලද්ධයසං පහාතුං න වට්ටතී”ති වත්වා ඡට්ඨං ගාථමාහ –
එළුවාගේ කථාව ඇසූ රජතුමා වහා රථය නවත්වා, එළුවාට ළංවී ‘එළු රාජය, අපට යහපතක් කරන්නට කල්පනා කෙළේ ඔබ පමණකි. දැන් අපට කියනු මැනවි, මා කුමක් කළ යුතුදැ’යි ඇසීය. ඉක්බිති ‘මහරජතුමනි, මෙලොව සත්ත්වයන්ට තමාට වඩා වැඩි තරම් වූ, අන් ප්‍රිය වස්තුවක් නැත. එබැවින් ප්‍රිය වූ එක් දෙයක් නිසා, තමා විනාශකොට ගැනීමටත්, ලැබූ යසඉසුරු පහකොට දැමීමටත්, නුසුදුසු යැ’යි කී එළු රාජයා, තවදුරටත් මෙසේද පැවසුවේය.
“න වෙ පියම්මෙති ජනින්ද තාදිසො, අත්තං නිරංකත්වා පියානි සෙවති; අත්තාව සෙය්යො පරමා ච සෙය්යො, ලබ්භා පියා ඔචිතත්ථෙන පච්ඡා”ති.
6. රජතුමනි, ඔබ වැන්නෙක් ජීවිතය හැරපියා, ප්‍රිය වස්තූන් සේවනය කරයිද? ‘මට ප්‍රිය යැ’යි දෙයක් ඒකාන්තයෙන් නැත. ලොව උතුම් ශ්‍රේෂ්ඨ වස්තු ඇතත්, තමා ම ශ්‍රේෂ්ඨය. ජීවිතය වර්ධනය කරගත් පුද්ගලයා, පසුව ප්‍රිය වස්තු ලබා ගන්නේය.
තත්ථ පියම්මෙති පියං මෙ, අයමෙව වා පාඨො. ඉදං වුත්තං හොති – ජනින්ද, තාදිසො තුම්හාදිසො යසමහත්තෙ ඨිතො පුග්ගලො එකං පියභණ්ඩං නිස්සාය “ඉදං පියං මෙ”ති අත්තං නිරංකත්වා අත්තානං ඡඩ්ඩෙත්වා තානි පියානි න සෙවතෙව. කිංකාරණා? අත්තාව සෙය්යො පරමා ච සෙය්යොති, යස්මා සතගුණෙන සහස්සගුණෙන අත්තාව සෙය්යො වරො උත්තමො, පරමා ච සෙය්යො, පරමා උත්තමාපි අඤ්ඤස්මා පියභණ්ඩාති අත්ථො. එත්ථ හි ච-කාරො පි-කාරත්ථෙ නිපාතොති දට්ඨබ්බො. ලබ්භා පියා ඔචිතත්ථෙන පච්ඡාති ඔචිතත්ථෙන වඩ්ඪිතත්ථෙන යසසම්පන්නෙන පුරිසෙන පච්ඡා පියා නාම සක්කා ලද්ධුං, න තස්සා කාරණා අත්තා නාසෙතබ්බොති.
මෙහි ‘පියම්මෙ’ යනු ‘මට ප්‍රිය යි’ යන අර්ථයි. ‘පියං මෙ’ යනු ද පාඨයකි. මින් කියන ලද අර්ථය නම්, ‘රජතුමනි, ඔබ වැනි මහත් යසස් ඇති පුද්ගලයෙක් ප්‍රිය වූ එක් දෙයක් නිසා, ‘මෙය මට ප්‍රිය යැ’යි ජීවිතය හැරපියා, ආත්මය අත්හැර, ඒ ප්‍රිය වස්තූන් සේවනය කරයි නම්, එය නොකළ යුතුමය. මක් නිසා ද යත්? ‘අත්තාවසෙය්යො පරමාවසෙය්යො’ යනු ‘යම් හෙයකින්ද? ලොව කෙතරම් උතුම්, ශ්‍රේෂ්ඨ වූ ප්‍රිය වස්තූන් ඇතත්, ඒ හැමට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන්, තමා ම ශ්‍රේෂ්ඨය. උතුම්ය. මහාර්ඝය. එනිසාය’ යන අර්ථයි. මෙහි ඇති ‘ව’ කාරය, ‘ද’ කාරාර්ථයෙහි නිපාතයකැ’යි දත යුතුය. ‘ලබ්භා පියා ඔචිතත්ථෙන පච්ඡා’ යනු ‘සුදුසු තත්ත්වයට දියුණු වූ මිනිසකු විසින්, ‘පසුව ප්‍රිය වස්තු ලැබීමට හැකි යැ’යි සිතා, එක් දෙයක් වෙනුවෙන් සිය ජීවිතය නො නැසිය යුතුය.
එවං මහාසත්තො රඤ්ඤො ඔවාදං අදාසි. රාජා තුස්සිත්වා “අජරාජ, කුතො ආගතොසී”ති පුච්ඡි. සක්කො අහං, මහාරාජ, තව අනුකම්පාය තං මරණා මොචෙතුං ආගතොම්හීති. දෙවරාජ, අහං එතිස්සා “මන්තං දස්සාමී”ති අවචං, ඉදානි “කිං කරොමී”ති? “මහාරාජ, තුම්හාකං උභින්නම්පි විනාසෙන කිච්චං නත්ථි, ‘සිප්පස්ස උපචාරො’ති වත්වා එතං කතිපයෙ පහාරෙ පහරාපෙහි, ඉමිනා උපායෙන න ගණ්හිස්සතී”ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡි. මහාසත්තො රඤ්ඤො ඔවාදං දත්වා සකට්ඨානමෙව ගතො. රාජා උය්යානං ගන්ත්වා දෙවිං පක්කොසාපෙත්වා ආහ “ගණ්හිස්සසි භද්දෙ, මන්ත”න්ති? “ආම, දෙවා”ති. “තෙන හි උපචාරං කරොමී”ති. “කො උපචාරො”ති? “පිට්ඨියං පහාරසතෙ පවත්තමානෙ සද්දං කාතුං න වට්ටතී”ති. සා මන්තලොභෙන “සාධූ”ති සම්පටිච්ඡි. රාජා චොරඝාතකෙ පක්කොසාපෙත්වා කසා ගාහාපෙත්වා උභොසු පස්සෙසු පහරාපෙසි. සා ද්වෙ තයො පහාරෙ අධිවාසෙත්වා තතො පරං “න මෙ මන්තෙන අත්ථො”ති රවි. අථ නං රාජා “ත්වං මං මාරෙත්වා මන්තං ගණ්හිතුකාමාසී”ති පිට්ඨියං නිච්චම්මං කාරෙත්වා විස්සජ්ජාපෙසි. සා තතො පට්ඨාය පුන කථෙතුං නාසක්ඛි.
මෙසේ බෝසත් එළුවා රජුට ඔවදන් දුන්නේය. ඉතා සතුටට පත් වූ රජතුමා, ‘එළු රාජය, ඔබ කොතැනක සිට පැමිණියෙක්දැ’යි ඇසීය. ‘මහරජතුමනි, මම වනාහි ශක්‍රයා වෙමි, ඔබට අනුකම්පාවෙන්, ඔබ මරණයෙන් මුදාගැනීම සඳහා මෙහි පැමිණියෙමි’. ‘සක්දෙව් රජුනි, මම මැයට මන්ත්‍රය දෙන බව කීවෙමි. ඉතින් දැන් කුමක් කරම්ද?’ ‘මහරජතුමනි, ඔබ කරන්නට යන දෙයින් පාඩු දෙකක් සිදුවේ. විනාශ දෙකෙකින් කාටවත් සිදුවන ප්‍රයෝජනයක් නැත. එබැවින් මන්ත්‍රය ඉගෙනීමට පෙර, ඒ සඳහා කළයුතු උපචාර විධියක් ඇතැ’යි, බිරිඳට කියා, ඇයට පහර කිහිපයක් ගසනු මැනවි, එවිට එය මන්ත්‍ර ඉගෙනීම ප්‍රතික්ෂේප කරනු ඇතැ’යි, එළුවා පැහැදිලි කෙළේය. ‘යහපතැ’යි කියා එළුවාගේ උපදෙස් පිළිගත් රජතුමා, ‘උපචාර විධියට’ සූදානම් විය. රජුට ඔවදන් දුන් සක්දෙවිඳු සිය බිරිය ද, කැටුව පෙරළා දෙව්ලොවට ගියේය. සිය දේවිය සමග උයනට ගිය රජතුමා, දේවිය ළඟට කැඳවා ‘සොඳුර, මන්ත්‍රය ඉගෙන ගන්නට කැමතිදැ’යි ඇසීය. ‘එසේය, දේවයන් වහන්ස.’ එසේ නම් ඊට අවශ්‍ය උපචාර දැක්විය යුතුය.’ ‘දේවයන් වහන්ස, කුමන උපචාරයක්ද?’ ‘දේවිය, මන්ත්‍රය ඉගෙන ගැනීමට පෙර එය ඉගෙන ගන්නා තැනැත්තා හෝ තැනැත්තිය සිට ගන්නට සලස්වා පිට ප්‍රදේශයට පහර සියයක් ගැසිය යුතුය. එසේම පහර දෙද්දී, කෙඳිරියක්වත් නො නැගිය යුතු යැ’යි, රජතුමා උපචාර විධිය විස්තර කෙළේය. මන්ත්‍ර ලෝභයෙන් යුතු දේවිය, ඊට එකඟ විය. වහා වධකයන් කැඳවූ රජතුමා දේවියගේ වම්පසින් සහ දකුණුපසින් සිට, එක්කෙනා පහර පනහක් බැගින් කස පහර සියයක් තැළීමට රජතුමා අණ කෙළේය. වධකයෝ ද දෙපසින් සිට, දේවියට කස පහර එල්ල කරන්නට පටන් ගත්හ. පහර දෙක තුනක් ඉවසා සිටි දේවිය ‘මීට වඩා මට නොගසනු මැනවි, මට ඔය මන්ත්‍රයෙන් කම් නැතැ’යි, කියා මහ හඬින් කෑ ගැසුවාය. ඉක්බිති රජතුමා ‘නුඹ මා මරවා මන්ත්‍රය ලබාගන්නට සිතූ එකියකැ’යි, කියා පිට පැළෙන තෙක්, තවත් පහර කීපයක් ගසා අත්හැරියේය. එදා පටන් ඇය රජුගෙන් කවදාවත් කිසිවක් නොඉල්ලුවාය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා රාජා උක්කණ්ඨිතභික්ඛු අහොසි, දෙවී පුරාණදුතියිකා, අස්සො සාරිපුත්තො, සක්කො පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, කලකිරුණු භික්ෂුව, සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා රජතුමා නම්, මේ කලකිරුණු භික්ෂු නමයි. දේවිය නම්, ඒ භික්ෂුවගේ ගිහි කල බිරියයි. අශ්වයා නම්, සැරියුත් තෙරණුවෝය. සක්දෙව් රජ වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
ඛරපුත්තජාතකවණ්ණනා පඨමා.