10. නන්දියමිගරාජජාතකවණ්ණනා 385 අට්ඨකථා
10. නන්දියමිගරාජජාතකවණ්ණනා (385)
10. නන්දියමිග ජාතකය (385)
සචෙ බ්‍රාහ්මණ ගච්ඡෙසීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං මාතුපොසකභික්ඛුං ආරබ්භ කථෙසි. තඤ්හි සත්ථා “සච්චං කිර ත්වං භික්ඛු ගිහී පොසෙසී”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “කිං තෙ හොන්තී”ති වුත්තෙ “මාතාපිතරො මෙ, භන්තෙ”ති වුත්තෙ “සාධු සාධු භික්ඛු පොරාණකපණ්ඩිතානං වංසං පාලෙසි, පොරාණකපණ්ඩිතා හි තිරච්ඡානයොනියං නිබ්බත්තිත්වාපි මාතාපිතූනං ජීවිතං අදංසූ”ති වත්වා අතීතං ආහරි.
‘සචෙ බ්‍රාහ්මණ ගච්ඡසි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, එක් මාතුපෝසක භික්ෂුවක අරබයා වදාළ සේක. එහිදී බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව ළඟට කැඳවා ‘මහණ, ඔබ ගිහියන් පෝෂණය කෙරේය, යනු සැබෑවක් දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, එය සැබෑවකි’ ‘ඒ ගිහියන් ඔබගේ කවුරුන්ද?’ ‘ස්වාමීනි, ඔවුහු මාගේ දෙමාපියෝ ය.’ ‘මහණ, මැනවි, මැනවි, ඔබ පැරණි පඬිවරුන්ගේ වංශය රකින්නෙකි’යි වදාළ බුදුහු ‘මහණ, පුරාණ පඬිවරු තිරිසන් ජාතියෙහි ඉපිද සිටියදීත් තම මවුපියන්ට ජීවිතය පූජා කළහ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූහ.
අතීතෙ කොසලරට්ඨෙ සාකෙතෙ කොසලරාජෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො මිගයොනියං නිබ්බත්තිත්වා වයප්පත්තො නන්දියමිගො නාම හුත්වා සීලාචාරසම්පන්නො මාතාපිතරො පොසෙසි. තදා කොසලරාජා මිගවිත්තකොව අහොසි. සො පන මනුස්සානං කසිකම්මාදීනි කාතුං අදත්වා මහාපරිවාරො දෙවසිකං මිගවං ගච්ඡති. මනුස්සා සන්නිපතිත්වා “අය්යා, අයං රාජා අම්හාකං කම්මච්ඡෙදං කරොති, ඝරාවාසොපි නස්සති, යංනූන මයං අජ්ජුනවනං උය්යානං පරික්ඛිපිත්වා ද්වාරං යොජෙත්වා පොරක්ඛණිං ඛණිත්වා තිණානි ආරොපෙත්වා දණ්ඩමුග්ගරාදිහත්ථා අරඤ්ඤං පවිසිත්වා ගුම්බෙ පහරන්තා මිගෙ නීහරිත්වා පරිවාරෙත්වා ගොරූපානි විය වජං උය්යානං පවෙසෙත්වා ද්වාරං පිදහිත්වා රඤ්ඤො ආරොචෙත්වා අත්තනො කම්මං කරෙය්යාමා”ති මන්තයිංසු. “අත්ථෙසො උපායො”ති සබ්බෙ එකච්ඡන්දා හුත්වා උය්යානං සජ්ජෙත්වා අරඤ්ඤං පවිසිත්වා යොජනමත්තට්ඨානං පරික්ඛිපිංසු.
පෙර කොසොල් රට සාකේත නුවර කොසොල් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ මුව ජාතියෙහි ඉපිද නිසි වියට පත් වූයේ ‘නන්දිය’ නමින් ප්රකටව, සිය මවුපියන් පෝෂණය කරමින් ශීලාචාර සම්පන්න ජීවිතයක් ගත කෙළේය. එකල කොසොල් රජතුමා මුව දඩයමෙහි ලොල් වූවෙක් විය. ඔහු මිනිසුන්ගේ කෘෂිකර්මාන්ත කටයුතු පවා නවත්වා ඔවුන්ගේ වැඩ කරගන්නට ඉඩ නො දී, ඔවුන් ද කැටුව මහ පිරිවර සමග දිනපතාම මුව දඩයමේ යයි. මෙය මහත් කරදරයක් කොට සැලකූ මිනිස්සු, එක්රැස් වී ‘පින්වතුනි, මේ රජා අපගේ වැඩ කටයුතු අඩාල කොට, ගෙදරදොරේ පැවැත්ම ද විනාශ කරයි. යම් විදියකින් අපි සියලුදෙනා එකතුව, රජුට අයත් ‘අංජන වන’ උයන වටකොට, වැට බැඳ එහි පොකුණක් ද සාරා, ඒ අවට තෘණ වර්ග රෝපණය කොට, උයනට ගේට්ටුවක්ද සකස්කොට, දඬුමුගුරු ගත් අත් ඇතිව කැලයට පිවිස, වනලැහැබ්වලට දඬුවලින් පහර දෙමින්, මුවන් දක්කාගෙන අවුත්, ඔවුන් උයනට ඇතුළුකොට, හරකුන් මෙන්, ඇති දැඩි කරමු. තවද මුවන්ට එතැනින් පැන යන්නට නොදී, දොරවල් වසා වැටවල් තරකොට තබා, රජුට ඒ බව දැනුම් දෙමු. එවිට ඔහුට කැමති විටෙක අවුත්, මුවකු දඩයම් කොටගෙන, රිසි සේ යා හැකිය. ඉන්පසු අපි කැමති ආකාරයට අපේ වැඩ කරගනිමු’යි, කතිකා කොට ගත්හ. ‘එය කදිම උපායකැ’යි කියූ සියලු දෙනා එක්වන්ව, ඊට කැමැත්ත පළකොට, උයන ඉහත කී පරිද්දෙන් සකසා, සැවොම එක්ව කැලයට පිවිස, යොදුනක් පමණ කැලෑ ප්‍රදේශයක් වටකොට ගත්හ.
තස්මිං ඛණෙ නන්දියො එකස්මිං ඛුද්දකගුම්බෙ මාතාපිතරො ගහෙත්වා භූමියං නිපන්නො හොති. මනුස්සා නානාඵලකාවුධහත්ථා බාහුනා බාහුං පීළෙත්වා තං ගුම්බං පරික්ඛිපිංසු. අථෙකච්චෙ මිගෙ ඔලොකෙන්තා තං ගුම්බං පවිසිංසු. නන්දියො තෙ දිස්වා “අජ්ජ මයා ජීවිතං පරිච්චජිත්වා මාතාපිතූනං ජීවිතං දාතුං වට්ටතී”ති චින්තෙත්වා උට්ඨාය මාතාපිතරො වන්දිත්වා “අම්මතාත, ඉමෙ මනුස්සා ඉමං ගුම්බං පවිසිත්වා අම්හෙ තයොපි පස්සිස්සන්ති, තුම්හෙ එකෙන උපායෙන ජීවෙය්යාථ, ජීවිතං වො සෙය්යො, අහං තුම්හාකං ජීවිතදානං දත්වා මනුස්සෙහි ගුම්බපරියන්තෙ ඨත්වා ගුම්බෙ පහටමත්තෙයෙව නික්ඛමිස්සාමි, අථ තෙ ‘ඉමස්මිං ඛුද්දකගුම්බෙ එකොයෙව මිගො භවිස්සතී’ති මඤ්ඤමානා ගුම්බං න පවිසිස්සන්ති, තුම්හෙ අප්පමත්තා හොථා”ති මාතාපිතරො ඛමාපෙත්වා ගමනසජ්ජො අට්ඨාසි. සො මනුස්සෙහි ගුම්බපරියන්තෙ ඨත්වා උන්නාදෙත්වා ගුම්බෙ පහටමත්තෙයෙව තතො නික්ඛමි. තෙ “එකොවෙත්ථ මිගො භවිස්සතී”ති ගුම්බං න පවිසිංසු. අථ නන්දියො ගන්ත්වා මිගානං අන්තරං පාවිසි. මනුස්සා පරිවාරෙත්වා සබ්බෙ මිගෙ උය්යානං පවෙසෙත්වා ද්වාරං ථකෙත්වා රඤ්ඤො ආරොචෙත්වා සකසකට්ඨානානි අගමංසු.
මේ අවස්ථාව වනවිට ‘නන්දිය’ සිය දෙමාපියන් සමග කිසියම් කුඩා වන ලැහැබක වැදහොත්තේය. ඒ අතර මිනිස්සු, නොයෙක් කඩු පලිහ ආදි විවිධ ආයුධ ගත් අත් ඇතිව, එකිනෙකා අතේ දුරින් සිටිමින්, බෝසත් මුවා හුන් ලැහැබද, වට කළහ. මුවන් සොයමින් ලැහැබට ඇතුළු වූ, ඒ මිනිසුන් දුටු නන්දිය ‘අද මාගේ ජීවිතය පරිත්‍යාග කොට හෝ, මවුපියන්ට ජීවිත දානය දිය යුතු යැ’යි, සිතා හුන් තැනින් නැගිට ගොස්, මවුපියන්ට වැඳ, ‘මෑණියනි, පියාණෙනි, මේ මිනිස්සු අප සිටි තැනට පැමිණියහොත්, අප තිදෙනාම දකිති. එබැවින් ඔබ දෙපළ කෙසේ හෝ, ජීවත්වනු මැනවි. ඔබ දෙදෙනාගේම ජීවිත උතුම්ය. මම ඔබට ජීවිත දානය දී මිනිසුන් ලැහැබ කෙළවර සිට ලැහැබට දඬුවලින් පහර දෙනවාත් සමගම, මම මෙතැනින් ඉවතට පැන දුවන්නෙමි. එවිට ඔවුහු ‘මේ කුඩා වන ලැහැබෙහි සිටියේ, එකම මුවකි’යි කියා, ලැහැබට ඇතුළු නො වන්නාහුය. එයින් ඔබ දෙදෙනා රැකෙති. එබැවින් දෙමාපියනි, අප්‍රමාදව කටයුතු කරනු මැනව’යි කියා සිය මවුපියන් සමා කරවාගෙන, ගමනට සූදානම් විය. මේ අතර මිනිසුන් ලැබැහ කෙළවර සිට මහ හඬින් ඝෝෂා කොට, ලැහැබට දඬුවලින් පහර දෙන්නට පටන් ගන්නවාත් සමගම, නන්දිය හුන් තැනින් නැගිට පලා දිව්වේය. ඒ දුටු මිනිස්සු ‘මෙහි සිටියේ එකම මුවෙකැ’යි කියා ලැහැබට ඇතුළු නොවූහ. ඉක්බිති පැනගිය නන්දිය මුවා, දක්කාගෙන යන මුව රංචුවට එකතු විය. මිනිස්සු දක්කාගෙන ගිය සියලු මුවන් උයනට ඇතුළුකොට දොරටු වසා, රජු හමුවට ගොස්, සියලු විස්තර රජුට කියා, තම-තමන්ගේ ගෙවල්වලට ගියහ.
තතො පට්ඨාය රාජා සයමෙව ගන්ත්වා එකං මිගං විජ්ඣිත්වා තං ගහෙත්වා එහීති එකං පෙසෙත්වා ආහරාපෙසි. මිගා වාරං ඨපයිංසු, පත්තවාරො මිගො එකමන්තෙ තිට්ඨති, තං විජ්ඣිත්වා ගණ්හන්ති. නන්දියො පොක්ඛරණියං පානීයං පිවති, තිණානි ඛාදති, වාරො පනස්ස න තාව පාපුණාති. අථ බහූනං දිවසානං අච්චයෙන තස්ස මාතාපිතරො තං දට්ඨුකාමා හුත්වා “අම්හාකං පුත්තො නන්දියමිගරාජා නාගබලො ථාමසම්පන්නො, සචෙ ජීවති, අවස්සං වතිං ලඞ්ඝිත්වා අම්හාකං දස්සනත්ථාය ආගමිස්සති, සාසනමස්ස පෙසෙස්සාමා”ති චින්තෙත්වා මග්ගසමීපෙ ඨත්වා එකං බ්රාහ්මණං දිස්වා “අය්ය, කහං ගච්ඡසී”ති මානුසිකාය වාචාය පුච්ඡිත්වා “සාකෙත”න්ති වුත්තෙ පුත්තස්ස සාසනං පහිණන්තා පඨමං ගාථමාහංසු –
එතැන් පටන් රජතුමා දිනපතා උයනට ගොස්, එක් මුවා බැගින් විද, සේවකයකු ලවා ඌ රජමැදුරට ගෙන්වා ගනියි. පසුව උයනේ සිටි සියලු මුවෝ එකතු වී, ‘වාර ගමනයක්’ තීරණය කොටගත්හ. ඒ අනුව සෑම මුවකුටම මරණ වාරය කෙදිනක හෝ පැමිණෙයි. වාරය පැමිණි මුවා ප්‍රධාන දොරටුව සමීපයෙහි රජු පැමිණෙන තෙක් සිටියි. එතැනට පැමිණෙන රජා, ළඟම සිටි මුවා විද ගනියි. තවම සිය වාරය නොපැමිණි නන්දිය, පොකුණෙහි පැන් බී තණ කා වාරය ගැන සිතමින් කල් ගෙවයි. මේ අතර සිය පුතාගෙන් වෙන්ව කල්ගෙවන, මුව දෙමහල්ලන්ට නන්දිය සිහිපත් විය. බොහෝ දවසකට පසු නන්දිය දැකීමට දැඩි ආශාවකින් පෙළුණු නන්දියගේ දෙමාපියෝ, ‘අපේ පුතා වන නන්දිය මුව රාජයෙකි. ඇතකු මෙන් ශක්ති සම්පන්නය. ඉදින් ඔහු ජීවත්ව සිටීනම්, ආරක්ෂා වැටට උඩින් පැන, අප දැකීමට නිත්‍ය වශයෙන් ම එන්නේය. කෙසේ වෙතත්, ඔහුට පණිවුඩයක් යවමුදැ’යි, සාකච්ඡා කොට කැලෑබද මාවතක් සමීපයට පැමිණ, සාකේත නුවර දෙසට ගමන් කරන අයකු අපේක්ෂා කරමින්, මඟ බලමින් හුන්හ. එවිට සාකේතය බලා ගමන් ගන්නා එක් බ්‍රාහ්මණයකු දැක, ‘උතුමාණෙනි, ඔබ කොහි යන්නෙහිදැ’යි විමසූහ. මිනිස් කටහඬින්, කදිමට කථාකරන මුවන් දෙස, පුදුමයෙන් බැලූ බමුණා තමා සාකේතයට යන බව පැවසීය. එවිට මුවෝ දෙදෙනා ‘අපේ පුතා සාකේතයේ වෙසෙයි. ඉන්නා තැන් සොයා බලා ඔහුට මේ පණිවුඩය කියනු මැනව’යි කියා, මෙසේ පැවසූහ.
“සචෙ බ්‍රාහ්මණ ගච්ඡෙසි, සාකෙතෙ අජ්ජුනං වනං; වජ්ජාසි නන්දියං නාම, පුත්තං අස්මාකමොරසං; මාතා පිතා ච තෙ වුද්ධා, තෙ තං ඉච්ඡන්ති පස්සිතු”න්ති.
සචෙ බ්‍රාහ්මණ ගච්ඡසී - සාකෙත අඤ්ජනා වනං, වජ්ජාසි නන්දියං නාම පුත්තං අම්හාකං ඔරසං, මාතා පිතාච තෙ වුඩ්ඪා - තෙ තං ඉච්ඡන්ති පස්සිතුන්ති
බමුණ, ඉදින් සාකේත නුවර අංජන වනයට යෙහි නම්, අපේ නන්දිය නම් වූ ඖරස පුතුට ‘ඔබේ මහලු දෙමව්පියෝ, ඔබ දැකීමට කැමැත්තෙන් සිටිති’යි, කියනු මැනවි.
තස්සත්ථො – සචෙ, ත්වං බ්‍රාහ්මණ, සාකෙතං ගච්ඡසි, සාකෙතෙ අජ්ජුනවනං නාම උය්යානං අත්ථි, තත්ථ අම්හාකං පුත්තො නන්දියො නාම මිගො අත්ථි, තං වදෙය්යාසි “මාතාපිතරො තෙ වුඩ්ඪා යාව න මරන්ති, තාව තං පස්සිතුං ඉච්ඡන්තී”ති.
බමුණ, ඉදින් ඔබ සාකේතයට යෙහි නම්, සාකේතයෙහි අංජන වන නම් වූ උයනක් ඇත. එහි අපේ පුතා වන ‘නන්දිය’ නම් මුවෙක් ඇත. ඔහුට මෙසේ ‘ඔබේ මහලු මවුපියෝ තමන් මැරෙන්නට පෙර පුත්‍ර දැකීමට කැමැත්තෙන් හිඳිති’යි කියන්න, යනුවෙනි.
සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා සාකෙතං ගන්ත්වා පුනදිවසෙ උය්යානං පවිසිත්වා “නන්දියමිගො නාම කතරො”ති පුච්ඡි. මිගො ආගන්ත්වා තස්ස සමීපෙ ඨත්වා “අහ”න්ති ආහ. බ්රාහ්මණො තමත්ථං ආරොචෙසි. නන්දියො තං සුත්වා “ගච්ඡෙය්යාමහං, බ්‍රාහ්මණ, වතිං ලඞ්ඝිත්වා නො න ගච්ඡෙය්යං, මයා පන රඤ්ඤො සන්තකං නිවාපපානභොජනං භුත්තං, තං මෙ ඉණට්ඨානෙ ඨිතං, ඉමෙසඤ්ච මිගානං මජ්ඣෙ චිරවුත්ථොස්මි, තස්ස මෙ රඤ්ඤො චෙව එතෙසඤ්ච සොත්ථිභාවං අකත්වා අත්තනො බලං අදස්සෙත්වා ගමනං නාම න යුත්තං, අත්තනො වාරෙ පන සම්පත්තෙ අහං එතෙසං සොත්ථිභාවං කත්වා සුඛිතො ආගච්ඡිස්සාමී”ති තමත්ථං පකාසෙන්තො ද්වෙ ගාථා අභාසි –
බ්‍රාහ්මණයා ‘යහපතැ’යි, කියා පිළිගෙන සාකේතයට ගොස්, පසුදින උයනට පිවිස ‘නන්දිය මුවා යනු කවරෙක්දැ’යි විමසා බලා නන්දිය හමුවට ගොස්, ඌට පණිවුඩය නොවළහා කීවේය. එවිට නන්දිය කථා කරමින් ‘බමුණ, මම කෙදිනක හෝ, ඔවුන් බලන්නට යන්නෙමි. එහෙත් වැටෙන් පැන, හොරෙන් නොයන්නෙමි. මක්නිසාද යත්, මා විසින් රජුට අයත් කෑම-බීම-බොජුන් ආදිය, පරිභෝග කරන ලදි. එබැවින් රජුට ගෙන්වන්නට ණයක් ඇත. තවද, මේ මුවන් මැද බොහෝ කලක් විසුවෙමි. ඔවුන්ට ද යුතුකම් වශයෙන්, යහපතක් කළ යුතුව ඇත. ඒවා සියල්ල ඉටු නොකොට, මගේ බලය ඔවුන්ට නොපෙන්වා, මෙහෙන් පිටව යාම අයුතුය. මාගේ මරණ වාරය පැමිණි කල්හි, ඒ සියලු යුතුකම් කරන්නෙමි. එසේ කොට තවදුරටත් ජීවත්වීමට ඉඩ ලදහොත්, සැපසේ මවුපියන් බලන්නයට යන්නෙමි’යි කී නන්දිය මෙසේ ද පැවසීය.
“භුත්තා මයා නිවාපානි, රාජිනො පානභොජනං; තං රාජපිණ්ඩං අවභොත්තුං, නාහං බ්‍රාහ්මණ මුස්සහෙ.
2. බමුණ, රජුගේ ආහාර ද, කෑම-බීම ද, මා විසින් පරිභෝග කරන ලදි. ඒ රාජ පිණ්ඩය වැරදි ලෙස පරිහරණය කරන්නට උත්සාහ නොකරමි.
“ඔදහිස්සාමහං පස්සං, ඛුරප්පානිස්ස රාජිනො; තදාහං සුඛිතො මුත්තො, අපි පස්සෙය්ය මාතර”න්ති.
3. ඊතලය අතේ දරාගත් රජුට, මම ඇලපත පාන්නෙමි’යි , එකල (මම එසේ කියා) මිදී, සැපසේ මෑණියන් දකින්නෙමි.
තත්ථ නිවාපානීති තෙසු තෙසු ඨානෙසු නිවුතානි නිවාපානි. පානභොජනන්ති පානීයඤ්ච අවසෙසතිණඤ්ච. තං රාජපිණ්ඩන්ති තං රඤ්ඤො සන්තකං සඞ්කඩ්ඪිත්වා සමොධානකට්ඨෙන පිණ්ඩං. අවභොත්තුන්ති දුබ්භුත්තං භුඤ්ජිතුං . රඤ්ඤො හි කිච්චං අනිප්ඵාදෙන්තො තං අවභුත්තං භුඤ්ජති නාම, ස්වාහං එවං අවභොත්තුං න උස්සහාමීති වදති. බ්‍රාහ්මණ මුස්සහෙති චෙත්ථ බ්රාහ්මණාති ආලපනං, ම-කාරො පදසන්ධිවසෙන වුත්තො.
මෙහි ‘නිවාපානි’ යනු ‘ඒ ඒ තන්හි වගා කරන ලද තෘණ ආදිය’යි. ‘පාණභෝජනං’ යනු ‘පැන් හා සෙසු තණකොළ’යි. ‘තං රාජපිණ්ඩං’ යනු ‘රජු සන්තක වූ ආහාර-පානාදිය එකතුකොට රැස් කරන ලද ස්ථානය ය’ යන අර්ථයෙන් ‘පිණ්ඩ’ යැයි කියන ලදි. ‘අවභොත්තුං’ යනු ‘වැරදි ක්‍රමයට අනුභව කිරීමට’ යන අර්ථයි. එනම්, රජුට සේවයක් නොකර, රජුගේ දේ අනුභව කිරීම ‘අවභුක්ත’ නම් වේ’ ඒ මම ඊට උත්සාහ නොකරමි’යි කියයි’ යන අර්ථයි. ‘බ්රාහ්මණමුස්සහේ’ යනු ‘බ්‍රාහ්මණයා ඇමතීමයි’. මෙහි ‘ම’ කාරය වනාහි පද සම්බන්ධ කිරීමට කියන ලද්දකි.
ඔදහිස්සාමහං පස්සං, ඛුරප්පානිස්ස රාජිනොති අහං, බ්‍රාහ්මණ, අත්තනො වාරෙ සම්පත්තෙ ඛුරප්පං සන්නය්හිත්වා ආගතස්ස රඤ්ඤො මිගයූථතො නික්ඛමිත්වා එකමන්තෙ ඨත්වා “මං විජ්ඣ, මහාරාජා”ති වත්වා අත්තනො මහාඵාසුකපස්සං ඔදහිස්සාමි ඔඩ්ඩෙස්සාමි. සුඛිතො මුත්තොති තදා අහං මරණභයා මුත්තො සුඛිතො නිද්දුක්ඛො රඤ්ඤා අනුඤ්ඤාතො අපි නාම මාතරං පස්සෙය්යන්ති.
‘ඔදභිස්සාමහං පස්සං ඛුරප්පාණිස්සරාජිනො’ යනු ‘බමුණ, මම මගේ වාරය පැමිණි කල්හි, මුව රංචුවෙන් වෙන්ව පැත්තක සිට දුන්නට ඊතලය තබාගෙන පැමිණෙන රජුට, ‘මහරජතුමනි, මා විදිනු මැනවැ’යි, කියා මගේ නිරෝගී ඇලපත පාන්නෙමි’ යන අර්ථයි. ‘සුඛිතො මුත්තො’ යනු ‘එකල මම මරණ බියෙන් මිදී, සැපසේ නිදුක්ව රජුගේ අනුමැතිය ලැබතොත්, මෑණියන් දැක ගන්නෙමි’ යන අර්ථයි.
තං සුත්වා බ්රාහ්මණො පක්කාමි. අපරභාගෙ තස්ස වාරදිවසෙ රාජා මහන්තෙන පරිවාරෙන උය්යානං ආගච්ඡි. මහාසත්තො එකමන්තෙ අට්ඨාසි. රාජා “මිගං විජ්ඣිස්සාමී”ති ඛුරප්පං සන්නය්හි. මහාසත්තො යථා අඤ්ඤෙ මරණභයතජ්ජිතා පලායන්ති, එවං අපලායිත්වා නිබ්භයො හුත්වා මෙත්තං පුරෙචාරිකං කත්වා මහාඵාසුකපස්සං ඔදහිත්වා නිච්චලොව අට්ඨාසි. රාජා තස්ස මෙත්තානුභාවෙන සරං විස්සජ්ජෙතුං නාසක්ඛි. මහාසත්තො “කිං, මහාරාජ, සරං න මුච්චෙසි, මුඤ්චාහී”ති ආහ. “න සක්කොමි, මිගරාජා”ති. “තෙන හි ගුණවන්තානං ගුණං ජාන, මහාරාජා”ති. තදා රාජා බොධිසත්තෙ පසීදිත්වා ධනුං ඡඩ්ඩෙත්වා “ඉමං අචිත්තකං කලිඞ්ගරකණ්ඩම්පි තාව තව ගුණං ජානාති, අහං සචිත්තකො මනුස්සභූතොපි තව ගුණං න ජානාමි, මිගරාජ, මය්හං ඛම, අභයං තෙ දම්මී”ති ආහ. “මහාරාජ, මය්හං තාව අභයං දෙසි, අයං පන උය්යානෙ මිගගණො කිං කරිස්සතී”ති? “එතස්සපි අභයං දම්මී”ති. එවං මහාසත්තො නිග්රොධජාතකෙ (ජා· 1.1.12) වුත්තනයෙනෙව සබ්බෙසං අරඤ්ඤෙ මිගානං ආකාසගතසකුණානං ජලචරමච්ඡානඤ්ච අභයං දාපෙත්වා රාජානං පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා “මහාරාජ, රඤ්ඤා නාම අගතිගමනං පහාය දස රාජධම්මෙ අකොපෙන්තෙන ධම්මෙන සමෙන රජ්ජං කාරෙතුං වට්ටතී”ති.
නන්දියගේ මේ කතාව ඇසූ බමුණා එතැනින් නික්ම, යන්නට ගියේය. පසුකලෙක නන්දියගේ මරණ වාරය පැමිණියේය. එදින රජතුමා මහත් පිරිවරින් උයනට පැමිණියේය. බෝසත් මුවා පැත්තකට වී බලා සිටියේය. රජතුමා මුවා විද හෙළන්නෙමි’යි, දුනු දියට ඊතලයක් තබා සැකසීය. මෙවැනි අවස්ථාවලදී, අන් මුවෝ මරණ බියෙන් බියපත්ව පලා දුවති. එහෙත් නන්දිය කිසිත් බියක් නැතිව පැන නොගොස්, මෛත්‍රිය පෙරදැරිව සිය ඇලපත රජු සිටි දෙසට පාගෙන, ඊතලයට ඉලක්කව, නිශ්චලව සිටියේය. බෝසතුන්ගේ මෛත්‍රියෙහි ආනුභාවයෙන් රජුට, ඊතලය මුදාහැරීමට නොහැකි විය. එවිට බෝසත් මුවා ‘මහරජතුමනි, කිමෙක්ද? ඊතලය නො මුදන්නෙහි දැ’යි අසා ‘පමා නොවී විදිනු මැනවැ’යි කීවේය. ‘මුව රජුනි, ඔබට විදීමට මම අපොහොසත් වෙමි.’ ‘එසේ නම් මහරජතුමනි, ගුණවතුන්ගේ ගුණ බලය තේරුම්ගත මැනවැ’යි, මුව රාජයා කීවේය. එවිට රජතුමා බෝසතුන් කෙරෙහි පැහැදී, දුනු ඊතල පසෙකට විසිකොට, ‘මේ අචේතනික ලී දුන්නත්, ඊ තලයත්, ඔබේ ගුණ හඳුනා ගත්තේය. එහෙත් සචේතනික මිනිසෙක් වන මම, එය තේරුම් ගන්නට අපොහොසත් වූයෙමි’යි, කී රජතුමා මුව රාජය, මට සමාවුව මැනව. මම ඔබට අභය දානය දෙමි’යි කීවේය. එවිට මුවා ‘මෙසේ මේ රජතුමා මට අභය දානය දුන් කල්හි, මේ උයනේ වෙසෙන මුව සමූහයා කුමක් නම් කරන්නාහුද? එබැවින් රජතුමා ලවා ඔවුන්ටද අභය දානය ලබා දෙන්නෙමි’යි සිතූ මුව රාජයා ‘මිගරාජ’ ජාතකයෙහි දැක්වෙන පරිද්දෙන්ම සියලු වන සතුන්ට ද, අහසෙහි පියාඹන පක්ෂීන්ට ද, ජලයෙහි හැසිරෙන මාලුවන්ට ද, අභය දානය දෙවා රජු ද, පන්සිල්හි පිහිටුවා ‘මහරජතුමනි, සතර අගතියෙන් තොරව, දසරාජ ධර්මයන් නොඉක්මවා, දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරීම රජකුගේ යුතුකම වන අතර, රජකුට එය සුදුසුකමක් වන බවත් පවසමින්ද මෙසේද කීය.
“දානං සීලං පරිච්චාගං, අජ්ජවං මද්දවං තපං; අක්කොධං අවිහිංසඤ්ච, ඛන්තිඤ්ච අවිරොධනං.
5. දානය - ශීලය - පරිත්‍යාගය - සෘජුබව - මෘදුබව - තපස - අක්‍රෝධය - අවිහිංසාව - ඉවසීම - එකඟ බව යන මේ කුසල්දහම්හි පිහිටා ඒවා තමා කෙරෙහිලා බලන්න. එවිට ඔබට ප්‍රීතිය ද, සොම්නස ද, අනල්පව ලැබේ.
“ඉච්චෙතෙ කුසලෙ ධම්මෙ, ඨිතෙ පස්සාමි අත්තනි; තතො මෙ ජායතෙ පීති, සොමනස්සඤ්චනප්පක”න්ති. (ජා· 2.21.176-177) –
එවං වුත්තෙ රාජධම්මෙ ගාථාබන්ධෙනෙව දෙසෙත්වා කතිපාහං රඤ්ඤො සන්තිකෙ වසිත්වා නගරෙ සබ්බසත්තානං අභයදානපකාසනත්ථං සුවණ්ණභෙරිං චරාපෙත්වා “අප්පමත්තො හොහි, මහාරාජා”ති වත්වා මාතාපිතූනං දස්සනත්ථාය ගතො.
මෙසේ රාජ ධර්මයන් ගාථා වලින් ද, දක්වා තවත් දින කිහිපයක් රජු සමීපයෙහි විසූ බෝසත් මුවා, රටේ සියලු සතුන්ට අභය දානය දෙන බව නුවර පුරා රන්බෙර හසුරුවා, ‘මහරජතුමනි, ඔබතුමා නොපමාව කටයුතු කරනු මැනවැ’යි, රජුට උපදෙස් දී, සිය මවුපියන් බැලීම සඳහා යන්නට පිටත් විය.
“මිගරාජා පුරෙ ආසිං, කොසලස්ස නිකෙතනෙ; නන්දියො නාම නාමෙන, අභිරූපො චතුප්පදො.
මිගරාජා පුරෙ ආසිං - කොසලස්ස නිකෙතමෙ, නන්දියො නාම නාමෙන - අභිරූපො චතුප්පදො
පෙර මම කොසොල් රජුට අයත් වාස භූමියක විශිෂ්ට රූ ඇති සිවුපාවකු වශයෙන් ‘නන්දිය’ නමින් මුව රාජයෙක් වීමි.
“තං මං වධිතුමාගච්ඡි, දායස්මිං අජ්ජුනෙ වනෙ; ධනුං ආරජ්ජං කත්වාන, උසුං සන්නය්හ කොසලො.
තංමං විධිතු මාගඤ්ජී - දායස්මිං අඤ්ජන වනෙ, ධනුං අධෙජ්ඣං කත්වාන - උසුං සන්ධාය කොසලෙ
වෙන් කොට දෙන ලද අංජන වනයෙහි දී, කොසොල් රජ දුන්නක් රැගෙන, ඊතලය දුනුදියෙහි පිහිටුවාගෙන, මා මැරීමට මා වෙත පැමිණියේය.
“තස්සාහං ඔදහිං පස්සං, ඛුරප්පානිස්ස රාජිනො; තදාහං සුඛිතො මුත්තො, මාතරං දට්ඨුමාගතො”ති. –
තස්සාහිං ඔදහිං පස්සං - ඛුරප්පාණිස්ස රාජිතෙ, තදාහං සුඛිතො මුත්තො - මාතරං දට්ඨුමාගතො
ඊතලය අතේ දරාගත් රජුට මම ඇලපත පෑවෙමි. එදා එයින් මිදුණු මම සුවසේ, මෑණියන් දැකීමට පැමිණියෙමි.
ඉමා තිස්සො අභිසම්බුද්ධගාථා හොන්ති.
මෙහි ඉහත සඳහන් 6-7-8 යන ගාථා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඒවා වේ.
තත්ථ කොසලස්ස නිකෙතනෙති කොසලස්ස රඤ්ඤො නිකෙතනෙ වසනට්ඨානෙ, තස්ස සන්තිකෙ අරඤ්ඤස්මින්ති අත්ථො. දායස්මින්ති මිගානං වසනත්ථාය දින්නඋය්යානෙ. ආරජ්ජං කත්වානාති ජියාය සද්ධිං එකතො කත්වා , ආරොපෙත්වාති අත්ථො. සන්නය්හාති සන්නය්හිත්වා යොජෙත්වා. ඔදහින්ති ඔඩ්ඩෙසිං. මාතරං දට්ඨුමාගතොති දෙසනාසීසමෙතං, රඤ්ඤො ධම්මං දෙසෙත්වා සබ්බසත්තානං අභයත්ථාය සුවණ්ණභෙරිං චරාපෙත්වා මාතාපිතරො දට්ඨුං ආගතොස්මීති අත්ථො.
මෙහි ‘කොසලස්ස නිකෙතවෙ’ යනු ‘කොසොල් රජුට අයත් වාසස්ථානයට රජ මාලිගයට සමීප වනයෙක’ යන අර්ථයි. ‘දායස්මිං’ යනු ‘මුවන්ට විසීමට වෙන් කළ වනයෙක’ යන අර්ථයි. ‘අදෙජ්ඣං කත්වාන’ යනු ‘දුනුදිය සමග එක් කොට නංවා’ යන අර්ථයි. ‘සන්ධාය’ යනු ‘සන්නද්ධව, යොදා’ යන අර්ථයි. ‘ඔදහි’ යනු ‘යොමු කෙළෙමි’ යන අර්ථයි. ‘මාතරං දට්ඨුමාගතො’ යන මෙය ප්‍රකට කියමනකි. ප්‍රකට දේශනාවකි. ‘රජුට බණ කියා, සියලු සතුන්ට අභය දානය සඳහා රන්බෙර හසුරුවා, මවුපියන් දැකීමට පැමිණියෙමි’ යන අර්ථයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ මාතුපොසකභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, බ්රාහ්මණො සාරිපුත්තො, රාජා ආනන්දො, නන්දියමිගරාජා පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, මාතුපෝෂක භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා මුව දෙමහල්ලෝ නම්, මෙදා සුද්ධෝදන රජතුමා හා මහාමායා දේවිය යි. බමුණා නම්, සැරියුත් තෙරුන් වහන්සේය. රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. නන්දිය මුවරාජයා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
නන්දියමිගරාජජාතකවණ්ණනා දසමා.
අවාරියවග්ගො පඨමො.
පළමුවන අවාරිය වර්ගය යි.