යෙදුමෙන් කියවන්න

9. ධම‍්මධජජාතකවණ‍්ණනා 384 අට‍්ඨකථා

9. ධම‍්මධජජාතකවණ‍්ණනා (384)

9. ධම්මධජ ජාතකය (384)

ධම‍්මං චරථ ඤාතයොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කුහකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තදා හි සත්‍ථා “න, භික‍්ඛවෙ, අයං ඉදානෙව කුහකො, පුබ‍්බෙපි කුහකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘ධම්මං චරථ ඤාතයො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක් කුහක භික්‍ෂුවක අරබයා වදාළ සේක. එහිදී බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, මොහු දැන් පමණක් නොව, පෙර ද කුහකයෙක් ම වී යැ’යි වදාරා මේ අතීත කථා ප්‍රවෘත්තිය දේශනා කොට වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සකුණයොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො සකුණසඞ‍්ඝපරිවුතො සමුද‍්දමජ‍්ඣෙ දීපකෙ වසි. අථෙකච‍්චෙ කාසිරට‍්ඨවාසිනො වාණිජා දිසාකාකං ගහෙත්‍වා නාවාය සමුද‍්දං පක‍්ඛන්‍දිංසු, සමුද‍්දමජ‍්ඣෙ නාවා භිජ‍්ජි. සො දිසාකාකො තං දීපකං ගන‍්ත්‍වා චින‍්තෙසි “අයං මහාසකුණසඞ‍්ඝො, මයා කුහකකම‍්මං කත්‍වා එතෙසං අණ‍්ඩකානි චෙව ඡාපකෙ ච වරං වරං ඛාදිතුං වට‍්ටතී”ති. සො ඔතරිත්‍වා සකුණසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ මුඛං විවරිත්‍වා එකෙන පාදෙන පථවියං අට‍්ඨාසි. “කො නාම ත්‍වං, සාමී”ති සකුණෙහි පුට‍්ඨො “අහං ධම‍්මිකො නාමා”ති ආහ. “කස‍්මා පන එකෙන පාදෙන ඨිතොසී”ති? “මයා දුතියෙ පාදෙ නික‍්ඛිත‍්තෙ පථවී ධාරෙතුං න සක‍්කොතී”ති. “අථ කස‍්මා මුඛං විවරිත්‍වා තිට‍්ඨසී”ති? “අහං අඤ‍්ඤං ආහාරං න ඛාදාමි, වාතමෙව ඛාදාමී”ති. එවඤ‍්ච පන වත්‍වා තෙ සකුණෙ ආමන‍්තෙත්‍වා “ඔවාදං වො දස‍්සාමි, තං සුණාථා”ති තෙසං ඔවාදවසෙන පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කුරුලු ජාතියෙහි ඉපිද, නිසි වියට පත් වූයේ, කුරුලු සමූහයාට නායක වී ඔවුන් පිරිවරාගෙන, සමුදුර මැද පිහිටා තිබූ එක් කුඩා දිවයිනෙක වාසය කෙළේය. මේ අතර කසීරට වැසි එක්තරා වෙළෙඳ පිරිසක් දිසා කපුටකු ද, ගෙන වෙළෙඳාම සඳහා නැව් නැග සමුදුර තරණය කළහ. අවාසනාවකට මෙන්, සමුදුර මැද දී නැව කුණාටුවකට හසුව බිඳුණි. එහි සිටි දිසා කපුටා වහා ඉන් ඉවතට පැන ගත්තේය. තෙරක් නො දැන, ඉබාගාතේ පියඹා යන කපුටා, ඉහත සඳහන් කළ කුරුල්ලන්ගෙන් පිරි කුඩා දිවයින දුටුවේය. ඒ දිවයිනට ගොඩබැස්සා වූ කපුටා, එහි සිටි මහා කුරුලු සමූහයා දැක, ‘මා විසින් කුහකකමින් මොවුන් රවටා, මොවුන්ගේ බිත්තර ද, පැටවුන් ද, තෝර-තෝරා කෑමට සුදුසු යැ’යි සිතුවේය. මෙසේ සිතූ කපුටා දිවයින මැද පිහිටි කිසියම් පිට්ටනියක් වැනි ඉඩ ඇති තැනෙක, වටපිටාවේ හුන් කුරුල් සමූහයා මැදට වන්නට, මුව විවර කොටගෙන, තනි පයින් පොළොවෙහි පිහිටා සිටියේය. මේ අසිරිමත් ක්‍රියාව දුටු කුරුලු සමූහයා, කපුටා වට කොටගෙන, ‘ස්වාමීනි, ඔබ කවරෙක්දැ’යි විමසූහ. ‘හිතවතුනි, මම ‘ධම්මික’ නමි.’ ‘කුමක් නිසා ඔබ තනි පයින් සිටගෙන සිටීද?’ ‘හිතවතුනි, මගේ අනෙක් පාදය පොළොවෙහි තැබුවහොත්, එය පොළොවට දරාගත නොහැකිය.’ ‘ඔබ කට ඇරගෙන සිටින්නේ මන්ද? ‘මම අන් ආහාරයක් නො ගනිමි. සුළං පමණක් බී ජීවත් වෙමි’යි කපුටා පිළිතුරු දුන්නේය. අනතුරුව සියලු පක්‍ෂීන් ළඟට කැඳවූ කපුටා, ‘පින්වතුනි, මම ඔබ සැමට අවවාද දෙන්නෙමි. එය මැනවින් ශ්‍රවණය කරවු යැ’යි කියා, පක්‍ෂීන්ට අවවාද වශයෙන් මෙසේ කීය.

“ධම‍්මං චරථ ඤාතයො, ධම‍්මං චරථ භද‍්දං වො; ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි චා”ති.

ධම්මං චරථ ඤාතයො - ධම්මං චරථ භද්දං වො, ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භිච

නෑයිනි, දහම්හි හැසිරෙවු. එය තොපට යහපතකි. දහම්හි හැසිරෙන්නා, මෙලොවත් පරලොවත් සුව සේ කල් හරියි.

තත්‍ථ ධම‍්මං චරථාති කායසුචරිතාදිභෙදං ධම‍්මං කරොථ. ඤාතයොති තෙ ආලපති. ධම‍්මං චරථ භද‍්දං වොති එකවාරං චරිත්‍වා මා ඔසක‍්කථ, පුනප‍්පුනං චරථ, එවං භද‍්දං වො භවිස‍්සති. සුඛං සෙතීති දෙසනාසීසමෙතං, ධම‍්මචාරී පන සුඛං තිට‍්ඨති ගච‍්ඡති නිසීදති සෙති, සබ‍්බිරියාපථෙසු සුඛිතො හොතීති දීපෙති.

මෙහි ‘ධම්මං චරථ’ යනු ‘කාය සුචරිතාදි ප්‍රභේදගත ධර්මයන් අනුගමනය කරවු’ යන අර්ථයි. ‘ඤාතයො’ යනුවෙන් පක්‍ෂීන් අමතයි. ‘ධම්මං චරථ භද්දං වො’ යනු ‘එක්වරක් දහම්හි හැසිර නො පසුපසිවු, නැවත-නැවතත් දහම්හි හැසිරෙවු. එය තොපට යහපතක් වන්නේය’ යන අර්ථයි. ‘සුඛං සෙති’ යන ‘මෙය ප්‍රකට දේශනාවකි. එනම් දහම්හි හැසිරෙන්නා වූ කලී සැපසේ හිඳියි - සිටියි - යයි - නිදයි - සියලු ඉරියව්හි සැපසේම කටයුතු කරයි, යනුවෙන් දක්වයි’ යන අර්ථයි.

සකුණා “අයං කාකො කොහඤ‍්ඤෙන අණ‍්ඩකානි ඛාදිතුං එවං වදතී”ති අජානිත්‍වා තං දුස‍්සීලං වණ‍්ණෙන‍්තා දුතියං ගාථමාහංසු –

දිවයිනේ වැසි පක්‍ෂීහු ‘මේ කපුටා කුහක කමින්, බිත්තර කෑමට මෙසේ කියා යැ’යි නොදැන, ඒ දුස්සීල කපුටා වර්ණනා කරමින් මෙසේ කීහ.

“භද‍්දකො වතයං පක‍්ඛී, දිජො පරමධම‍්මිකො; එකපාදෙන තිට‍්ඨන‍්තො, ධම‍්මමෙවානුසාසතී”ති.

2. ඒකාන්තයෙන් ම මොහු යහපත් කුරුල්ලෙකි. පරම ධාර්මික පක්‍ෂියෙකි. එකපයින් සිටගෙන ධර්මයම අනුශාසනා කරයි.

තත්‍ථ ධම‍්මමෙවාති සභාවමෙව. අනුසාසතීති කථෙසි.

මෙහි ‘ධම්මමෙව’ යනු ‘සත්‍යය ම’ යන අර්ථයි. ‘අනුසාසති’ යනු ‘ප්‍රකාශ කරයි’ යන අර්ථයි.

සකුණා තස‍්ස දුස‍්සීලස‍්ස සද‍්දහිත්‍වා “ත්‍වං කිර සාමි අඤ‍්ඤං ගොචරං න ගණ‍්හසි, වාතමෙව භක‍්ඛසි, තෙන හි අම‍්හාකං අණ‍්ඩකානි ච ඡාපකෙ ච ඔලොකෙය්‍යාසී”ති වත්‍වා ගොචරාය ගච‍්ඡන‍්ති. සො පාපො තෙසං ගතකාලෙ අණ‍්ඩකානි ච ඡාපකෙ ච කුච‍්ඡිපූරං ඛාදිත්‍වා තෙසං ආගමනකාලෙ උපසන‍්තූපසන‍්තො හුත්‍වා මුඛං විවරිත්‍වා එකෙන පාදෙන තිට‍්ඨති. සකුණා ආගන‍්ත්‍වා පුත‍්තකෙ අපස‍්සන‍්තා “කො නු ඛො ඛාදතී”ති මහාසද‍්දෙන විරවන‍්ති, “අයං කාකො ධම‍්මිකො”ති තස‍්මිං ආසඞ‍්කාමත‍්තම‍්පි න කරොන‍්ති. අථෙකදිවසං මහාසත‍්තො චින‍්තෙසි “ඉධ පුබ‍්බෙ කොචි පරිපන්‍ථො නත්‍ථි, ඉමස‍්ස ආගතකාලතො පට‍්ඨාය ජාතො, ඉමං පරිග‍්ගණ‍්හිතුං වට‍්ටතී”ති. සො සකුණෙහි සද‍්ධිං ගොචරාය ගච‍්ඡන‍්තො විය හුත්‍වා නිවත‍්තිත්‍වා පටිච‍්ඡන‍්නට‍්ඨානෙ අට‍්ඨාසි. කාකොපි “ගතා සකුණා”ති නිරාසඞ‍්කො හුත්‍වා උට‍්ඨාය ගන‍්ත්‍වා අණ‍්ඩකානි ච ඡාපකෙ ච ඛාදිත්‍වා පුනාගන‍්ත්‍වා මුඛං විවරිත්‍වා එකෙන පාදෙන අට‍්ඨාසි.

මේ දුස්සීල කපුටා විශ්වාස කළ පක්‍ෂීහු ‘ස්වාමීනි, ඔබතුමා වෙනත් ගොදුරු නොගෙන සුළං පමණක් අනුභව කරන්නෙකි. එබැවින් අපේ බිත්තර ද, පැටවුන් ද, බලාගනු මැනවැ’යි කියා, ගොදුරු ගැනීම පිණිස නික්ම යති. ඒ අතර මේ පව්කාර කපුටා, පක්‍ෂීන් නික්ම යන බලා සිට, ඔවුන්ගේ බිත්තර ද, පැටවුන් ද, කුස පුරා කා, පක්‍ෂීන් ආපසු පැමිණෙන වේලාව බලා, උපශාන්ත පුද්ගලයකු මෙන් කට ද ඇරගෙන, තනි පයින් සිටගෙන සිටියි. කුරුල්ලෝ පැමින තම-තමන්ගේ කූඩුවල බිත්තර හා පැටවුන් නො දැක, ‘කවරෙක් අපේ දරුවන් කෑවේ දැ’යි, කියමින් මහ හඬින් හඬති. වැලපෙති. එහෙත් ‘කපුටා දැහැමියෙකි’යි සිතූ, ඔවුහු කපුටා කෙරෙහි මඳ වශයෙන්වත් සැකයක් නොකළහ. කිසියම් දවසක බෝසත් තෙමේ, ‘මේ අපේ දිවයිනෙහි මීට පෙර කිසිදු කරදරයක් තිබුණේ නැත. මේ කපුටා පැමිණිදා පටන්, අවුල ඇතිවිය. එබැවින් මූ ගැන පරීක්‍ෂා කොට බැලීමට සුදුසු යැ’යි සිතා, සෙසු කුරුල්ලන් සමග සුපුරුදු ලෙස ගොදුරු ගන්නට පිටත්ව යන ආකාරයක් දක්වා, තනිවම ආපහු හැරී අවුත්, කිසියම් තැනෙකට වී, සැඟව බලා සිටියේය. කාක්කා ද සෙසු කුරුල්ලන් ගොදුරු පිණිස නික්ම ගිය බව ඉඳුරා ම දැන, නිසැකව සිටි තැනින් නික්ම ගොස්, පෙර පරිද්දෙන් ම බිත්තර ද, කුරුලු පැටවුන් ද කා, ආපසු සිටි තැනට ම පැමිණ, කට ඇරගෙන තනි පයින් සිටියේය. සෙසු කුරුල්ලන් ගොදුරු ගෙන පෙරළා පැමිණි කල්හි,

සකුණරාජා සකුණෙසු ආගතෙසු සබ‍්බෙ සන‍්නිපාතාපෙත්‍වා “අහං වො අජ‍්ජ පුත‍්තකානං පරිපන්‍ථං පරිග‍්ගණ‍්හන‍්තො ඉමං පාපකාකං ඛාදන‍්තං අද‍්දසං, එථ නං ගණ‍්හාමා”ති සකුණසඞ‍්ඝං ආමන‍්තෙත්‍වා පරිවාරෙත්‍වා “සචෙ පලායති, ගණ‍්හෙය්‍යාථ න”න‍්ති වත්‍වා සෙසගාථා අභාසි –

බෝසත් කුරුලු රාජයා ඒ සියලු දෙනා එක් තැනකට රැස්කොට, ‘හිතවතුනි, මම අද ඔබ සැමදෙනාගේ දරුවන්ට ‘උවදුරු සිදුවන්නේ කාගෙන්දැ’යි පරීක්‍ෂා කරමින්, බලා සිටියෙමි. එවිට මේ පවිටු කපුටා, ඔවුන් කා දැමූ දුටුවෙමි. එබැවින් වහා එක් වවු. අද මේ දැන්මම ඌ අල්ලා ගනිමු’යි කියා, කපුටා වටකොට ගත යුතු පිළිවෙළත්, පලා යාමට උත්සාහ කළොත්, එය වළක්වා ගතයුතු අන්දමත්, පක්‍ෂීන්ට කියා දී, තවදුරටත් මෙසේ ද කීය.

“නාස‍්ස සීලං විජානාථ, අනඤ‍්ඤාය පසංසථ; භුත්‍වා අණ‍්ඩඤ‍්ච පොතඤ‍්ච, ධම‍්මො ධම‍්මොති භාසති.

3. මොහුට ශීලයක් නැති බව දැන ගනිවු. (හරිහැටි) නො දැන, ප්‍රශංසා නොකරවු, බිත්තර ද, පැටවුන් ද, කා ‘ධර්මය-ධර්මය’ යැයි කියයි.

“අඤ‍්ඤං භණති වාචාය, අඤ‍්ඤං කායෙන කුබ‍්බති; වාචාය නො ච කායෙන, න තං ධම‍්මං අධිට‍්ඨිතො.

4. වචනයෙන් එකක් කරයි, කයින් අනෙකක් කරයි. වචනයෙන් කියන දේ ක්‍රියාවේ නැත. ඔහු ධර්මයෙහි පිහිටියෙක් නොවේ.

“වාචාය සඛිලො මනොවිදුග‍්ගො, ඡන‍්නො කූපසයොව කණ‍්හසප‍්පො; ධම‍්මධජො ගාමනිගමාසු සාධු, දුජ‍්ජානො පුරිසෙන බාලිසෙන.

5. වදනින් සිලුටුය. මනසින් විෂමය. බිලයන සැඟවී නිදන කළු සර්පයකු බඳුය. ගම් නියම්ගම්හි ‘ධර්මයට කොඩියක් වැනි යැ’යි සම්භාවනාවට පාත්‍ර වූ, මොහු අඥාන පුරුෂයකු විසින්, හඳුනාගත නොහැකිය.

“ඉමං තුණ‍්ඩෙහි පක‍්ඛෙහි, පාදා චිමං විහෙඨථ; ඡවඤ‍්හිමං විනාසෙථ, නායං සංවාසනාරහො”ති.

6. මොහුට හොටවලින් ද, පියාපත්වලින් ද, පා වලින් ද, පහර දෙවු, මේ නීචයා විනාශ කරවු, මොහු ජීවත්වීමට නුසුදුස්සෙකි.

තත්‍ථ නාස‍්ස සීලන‍්ති න අස‍්ස සීලං. අනඤ‍්ඤායාති අජානිත්‍වා. භුත්‍වාති ඛාදිත්‍වා. වාචාය නො ච කායෙනාති අයඤ‍්හි වචනෙනෙව ධම‍්මං චරති, කායෙන පන න කරොති. න තං ධම‍්මං අධිට‍්ඨිතොති තස‍්මා ජානිතබ‍්බො යථායං ධම‍්මං භණති, න තං අධිට‍්ඨිතො, තස‍්මිං ධම‍්මෙ න අධිට‍්ඨිතො. වාචාය සඛිලොති වචනෙන මුදු. මනොවිදුග‍්ගොති මනසා විදුග‍්ගො දුප‍්පවෙසො විසමො. ඡන‍්නොති යස‍්මිං බිලෙ සයති, තෙන ඡන‍්නො. කූපසයොති බිලාසයො. ධම‍්මධජොති සුචරිතධම‍්මං ධජං කත්‍වා විචරණෙන ධම‍්මද‍්ධජො. ගාමනිගමාසු සාධූති ගාමෙසු ච නිගමෙසු ච සාධු භද‍්දකො සම‍්භාවිතො. දුජ‍්ජානොති අයං එවරූපො දුස‍්සීලො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො බාලිසෙන අඤ‍්ඤාණෙන පුරිසෙන න සක‍්කා ජානිතුං. පාදා චිමන‍්ති අත‍්තනො අත‍්තනො පාදෙන ච ඉමං. විහෙඨථාති පහරථ හනථ. ඡවන‍්ති ලාමකං. නායන‍්ති අයං අම‍්හෙහි සද‍්ධිං එකස‍්මිං ඨානෙ සංවාසං න අරහතීති.

මෙහි ‘තාස්ස සීලං’ යනු ‘මොහුට ශීලයක් නැත’ යන අර්ථයි. ‘අනඤ්ඤාය’ යනු ‘නොදැන’ යන අර්ථයි. ‘භුත්‍වා’ යනු ‘කා දමා’, යන අර්ථයි. ‘වාචාය නො ච කායෙන’ යනු ‘මොහු වචනයෙන් පමණක් ධර්මයෙහි හැසිරෙයි, එහෙත් කයින් නැත’ යන අර්ථයි. ‘න තං ධම්මං අධිට්ඨිතො’ යනු ‘එහෙයින් මොහු ධර්මය කියයි. එහෙත් ඔහු එම ධර්මයෙහි පිහිටා නැතැ’යි තේරුම් ගත යුතුය’ යන අර්ථයි. ‘වාචාය සඛිලො’ යනු ‘වචනයෙන් මෘදුය’ යන අර්ථයි. ‘මනො විදුග්ගො’ යනු ‘මනසින් විෂමය. තේරුම් ගැනීමට දුෂ්කර ය’ යන අර්ථයි. ‘ඡන්නො’ යනු යම් බිලයක නිදා ද? එයින් සැඟවිණි’ යන අර්ථයි. ‘කුපසයො’ යනු ‘බිලයක නිදන්නා’ යන අර්ථයි. ‘ධම්මධජො’ යනු ‘සුචරිත ධර්මය කේතුවක් කොට, හැසිරෙන බැවින් ‘ධම්මද්ධජ’ නම් වීය’ යන අර්ථයි. ‘ගාමතිගමාසු’ යනු ‘ගම්වල ද නියම්ගම්වල ද’ යන අර්ථයි. ‘සාධු සම්මතො’ යනු ‘යහපත් පුද්ගලයෙක් යැයි, සම්භාවනාවට පාත්‍ර විය’ යන අර්ථයි. ‘දුජ්ජානො’ යනු ‘මොහු මෙබඳු දුස්සීලයෙකි. සැඟවුණු කටයුතු ඇත්තෙකි’, යන අර්ථයි. ‘බාලිසෙන’ යනු ‘අනුවණ පුරුෂයකු විසින්, දැනගැනීමට අපහසුය.’ යන අර්ථයි. ‘පාදාචිමං’ යනු ‘තම-තමන්ගේ පාවලින් මොහුට’ යන අර්ථයි. ‘විහෙඨථ’ යනු ‘පහර දෙවු’ යන අර්ථයි. ‘ඡවං’ යනු ‘හීනයා’, යන අර්ථයි. ‘නායං’ යනු ‘මොහු අප සමග එක තැන එකට වසන්නට නුසුදුසුය යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා සකුණජෙට‍්ඨකො සයමෙව ලඞ‍්ඝිත්‍වා තස‍්ස සීසං තුණ‍්ඩෙන පහරි, අවසෙසා සකුණා තුණ‍්ඩනඛපාදපක‍්ඛෙහි පහරිංසු. සො තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි.

කුරුල්ලන්ට නායක වූ බෝසත් කුරුල්ලා මෙසේ කියා, පිරිවර සමග කාක්කා සිටි තැනට ගොස්, එක්වරම උගේ හිසට හොටෙන් පහර දුන්නේය. සෙසු කුරුල්ලෝ ද, හොටවලින්, නියවලින්, පාවලින් හා පියාපත්වලින් නොකඩවා කපුටාට පහර දෙන්නට පටන් ගත්හ. පවිටු කපුටා එතැනම ජීවිතක්‍ෂයට පත්විය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කුහකකාකො ඉදානි කුහකභික‍්ඛු අහොසි, සකුණරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා කුහක කපුටා නම්, මෙදා මේ කුහක භික්‍ෂුවයි. කුරුලුරාජයා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේ දක්වා වදාළ සේක.

ධම‍්මධජජාතකවණ‍්ණනා නවමා.