8. කුක‍්කුටජාතකං
905. සුචිත‍්තපත‍්තච‍්ඡදන තම‍්බචූළ විහඞ‍්ගම, ඔරොහ දුමසාඛාය මුධා භරියා භවාමි තෙ.
905. විසිතුරුපතින් කළ සෙවෙණි ඇතියව, තඹසිළුව ආකාශචාරීය, අත්තෙන් බිමට බසිනු. කිසිවක් නො ගෙන මම තොපගේ බිරිඳ වෙමි.
906. චතුප‍්පදී ත්‍වං කල්‍යාණි ද‍්විපදාහං මනොරමෙ, මිගී පක‍්ඛී අසංයුත‍්තා අඤ‍්ඤං පරියෙස සාමිකං.
906. සුන්‍දරිය, තෝ සිවුපා ඇත්තෙහි. මනරම් තැනැත්තිය, මම දෙපා ඇත්තෙමි. මෘගී වූ තො ද පක්‍ෂී වූ මම දැ යි අපි දෙදෙන (අඹුසැමි වනුවට) අයුත්තම්හ. එහෙයින් අන් සැමියකු සොයාගනු.
907. කොමාරිකා තෙ හෙස‍්සාමි මඤ‍්ජුකා පියභාණිනි, වින්‍ද මං අරියෙන වෙදෙන සාවයා මං යදිච‍්ඡසි.
907. මම තොපට කුමරි බිරිඳ වන්නෙමි. මිහිරිබසින් හෘදයංගම බස් බෙණෙන්නෙමි. සුන්‍දර ලාභය ලබව. ඉදින් කැමැති නම් මා දාසි භාර්‍ය්‍යාවක් කොට අස්වා ගනුව.
908. සකුණාදිනි ලොහිතපෙ චොරී කුක‍්කුටපොථිනි, න ත්‍වං අරියෙන වෙදෙන මමං භත‍්තාර මිච‍්ඡසි.
908. පක්‍ෂීන් කන තැනැත්තිය, සතුන්ගේ ලේ බොන්නිය, සෙර, කුකුළන් මරන්නිය, තෝ බ්‍රහ්මචර්‍ය්‍ය ලාභයෙන් මා ස්වාමි කොට කැමැති නො වන්නෙහි ය.
909. එවම‍්පි චතුරා නාරී දිස‍්වාන පවරං නරං, නෙන‍්ති සණ‍්හාහි වාචාහි බිළාරී විය කුක‍්කුටං.
909. මෙලෙස දක්‍ෂකම් ඇති ස්ත්‍රීහු පුරුෂයකු දැක මටසිළුටු බසින් බැණැ කුකුළකු ගන්නට තැත් කළ බැළලිය මෙන් සිය වසඟයට පමුණුවත්.
910. යො වෙ උප‍්පතිතං අත්‍ථං නඛිප‍්පමනුබුජ‍්ඣති, අමිත‍්තවසමන්‍වෙති පච‍්ඡා ච මනුතප‍්පති.
910. යමෙක් උපන් කරුණ වහා වටහා නො ගනී ද එහෙයින් සතුරාගේ වසඟයට පැමිණේ. පසු තැවෙන්නේ ද වේ.
911. යො ච උප‍්පතිතං අත්‍ථං ඛිප‍්පමෙව නිබොධති, මුච‍්චතෙ සත‍්තුසම‍්බාධා කුක‍්කුටොව බිළාරියා’ති.
911. යමෙක් උපන් අර්‍ත්‍ථය වහා වටහා ගනී ද හේ බැළලියගෙන් මිදුණු උපාය දක්‍ෂ කුකුළා මෙන් සතුරු පීඩාවන්ගෙන් මිදේ.
8. කුක‍්කුටජාතකං.
8. කුක්කුට ජාතක යි.
912. ධම‍්මං චරථ ඤාතයො ධම‍්මං චරථ භද‍්දං වො, ධම‍්මචාරී සුඛං සෙති අස‍්මිං ලොකෙ පරම‍්හි ච.
912. නෑයෙනි කුසල් කරව. නැවත නැවත කුසල් කරව. තොපට යහපතක් වන්නේ ය. කුසල් කරන්නේ දෙලොව සුවසේ වසන්නේ ය.
913. භද‍්දකො වතයං පක‍්ඛී දිජො පරමධම‍්මිකො, එකපාදෙන තිට‍්ඨන‍්තො ධම‍්මමෙවානාසාසති.
913. මේ පක්‍ෂි තෙම ඒකාන්තයෙන් භද්‍ර යැ. පරමධාර්මික පක්‍ෂියෙක. එක් පයින් සිටුනේ ධර්‍මානුශාසනා මැ කෙරෙයි.
914. නාස‍්ස සීලං විජානාථ අනඤ‍්ඤාය පසංසථ, භුත්‍වා අණ‍්ඩඤ‍්ච ඡාපෙ ච ධම‍්මො ධම‍්මොති භාසති.
914. මොහුගේ සීලය (කෙබඳු දැ යි) නො දන්නහු ය, නො දැන ප්‍රශංසා කරන්නහු ය. හේ බිජුවට ද පැටවුන් ද කා ධර්‍මය ධර්‍මය යි කිය යි.
915. අඤ‍්ඤං භණති වාචාය අඤ‍්ඤං කායෙන කුබ‍්බති, වාචාය නො ච කායෙන තං ධම‍්මං අධිට‍්ඨිතො.
915. වචනයෙන් අනෙකක් කියයි. කයින් අනෙකක් කරයි. ඒ ධර්‍මයෙහි වචනයෙන් මිස කයින් පිහිටියේ නො වෙ යි.
916. වාචාය සඛිලො මනොවිදුග‍්ගො ඡන‍්නො කූපසයොව කණ‍්හසප‍්පො, ධම‍්මධජො ගාමනිගමාසු සාධු සම‍්මතො දුජ‍්ජානො පුරිසෙන ඛාලිසෙන.
916. කථාවෙන් මෘදු ය, මනසින් වැදගත නො හැක්කේ ය. ඛීලයකැ හෝනා කළුනයකු සෙයින් ප්‍රච්ඡන්න යැ (සුචරිතධර්‍මය ධ්වජ කොට ඇවිදුනා හෙයින්) ධර්‍මධ්වජ වූ ගම්නියම්ගම්හි මැනැවැ යි සම්භාවිත වූ මේ දුශ්ශීලයා අඥාන පුරුෂයා විසින් දත නො හැකි ය.
917. ඉමං තුණ‍්ඩෙහි පක‍්ඛෙහි පාදා චිමං විහෙඨථ, ඡවං හිමං විනාසෙථ නායං සංවාසනාරහො’ති.
917. මේ කපටයා තුඩින් ද පියාපතින් ද පයින් ද පහරවු, මේ හීනයා නසවු, මේ හීනයා එක් ව වාසයට නිසි නො වේ.