7. සිරිකාලකණ‍්ණිජාතකං
887. කා නු කාළෙන වණ‍්ණෙන න චාසි පියදස‍්සනා, කා වා ත්‍වං කස‍්ස වා ධීතා කථං ජානෙමු තං මයං.
887. වස්ත්‍රාභරණයෙන් කාළවර්‍ණ හෙයින් නො ද ප්‍රිය දර්‍ශන ඇති තෝ කවරහි? කවරක්හුගේ හෝ දුහිතෘ වෙහි? අපි තී කෙසේ දනුමෝ ද? හඳුනමෝ දැ යි යී සේ යි.
888. මහාරාජස‍්සභං ධීතා විරූපක‍්ඛස‍්ස චණ‍්ඩියා, අහං කාළී අලක‍්ඛිකා කාළකණ‍්ණීති මං විදූ ඔකාසං යාචිතො දෙහි වසෙමු තව සන‍්තිකෙ
888. මම විරූපාක්‍ෂ රජුගේ දූ වෙමි. ක්‍රෝධ කිරීම ස්වභාව කොට ඇති හෙයින් චණ්ඩී නම. කළුපැහැ ඇතියෙන් කාළී නම. අධන්‍යයෙමි. අන්‍යයෝ මා කාලකණ්ණි යයි දනිති. ආරාධිත තෙපි මට අවකාශ දෙව. එක් රැයක් තොප සමීපයේ වසමු.
889. කිං සීලෙ කිං සමාචාරෙ පුරිසෙ නිවිසසෙ තුවං, පුට‍්ඨා මෙ කාළි අක‍්ඛාහි යථා ජානෙමු තං මයං.
889. කෙබඳු සිල් ඇති කෙබඳු සමාචාර ඇති පුරුෂයකු සමීපයේ තෝ වෙසෙහි ද. මා විසින් විචාරන ලදුයෙහි යම්සේ තී කවරක් දැ යි අපි දත හැකි වන්නමෝ ද එසේ කියව.
890. මක‍්ඛී පළාසී සාරම‍්භී ඉස‍්සුකී මච‍්ඡරී සඨො, සො මය‍්හං පුරිසො කන‍්තො ලද‍්ධං යස‍්ස විනස‍්සති.
890. යම් පුරුෂයෙක් ගුණමකු ද අනුන් දොස් කියා ද, කරණුත්තරිය කර්‍ම ඇත්තේ ද, ඊර්‍ෂ්‍යා ඇත්තේ ද, මසුරු වේ ද කපටි වේද, ලද ධනය ධූර්‍තකර්‍ම නිසා වනසා ද එබඳු පුරුෂ මට ප්‍රිය වෙයි.
891. කොධනො උපනාහී ච පිසුනො ච විභෙදකො. කණ‍්ටකවාචො ඵරුසො සො මෙ කන‍්තතරො තතො.
891. යම් පුරුෂයෙක් කිපෙන සුලු ද බද්ධවෛර ඇත්තේ ද කේලාම් කියා ද මිත්‍රභේදය කෙරේ ද සදොස් බස් තෙපලා ද රළු වචන කියා ද හේ යට කී පුරුෂයාට වඩා ප්‍රිය ය.
892. අජ‍්ජසුවෙති පුරිසො සදත්‍ථං නාවබුජ‍්ඣති, ඔවජ‍්ජමානො කුප‍්පති සෙය්‍යසො අතිමඤ‍්ඤති.
892. පුරුෂයා මේ අද කටයුතු දෙය ය, මේ සෙට කටයුතු දෙය යයි තම දියුණුවට අවශ්‍ය කටයුතු නො දනී ද, ඔවා දෙන කලැ කිපේ ද තමාට වඩා බුහුමන් ලද යුත්තා පහත් කොට සිතා ද.
893. දවප‍්පලුද‍්ධො පුරිසො සබ‍්බමිතෙතහි ධංසති, සො මය‍්හං පුරිසො කන‍්තො තස‍්මිං හොමි අනාමයා.
893. පංචකාමයෙහි බහුල ආශා ඇති, සියලු මිතුරන්ගෙන් පිරිහෙයි ඒ පුරුෂයා මට ප්‍රිය ය. මේ ගුණයන්ගෙන් හෙබි පුඟුලන් හා නිදුක් ව නිශ්ශෝක ව වසමි.
894. අපෙහි එත‍්තො ත්‍වං කාළි නෙතං අම‍්හෙසු විජ‍්ජති, අඤ‍්ඤං ජනපදං ගච‍්ඡ නිගමෙ රාජධානියො.
894. කාළිය, තෙපි මෙතැනින් ඉවත්ව යව. තොප ප්‍රිය කරන මේ ගුණ අප කෙරේ නැත. අනෙක් දනව්වකට හෝ නියම්ගමකට හෝ රජදහනකට හෝ යව.
895. අහම‍්පි ඛො තං ජානාමි නෙතං තුම‍්හෙසු විජ‍්ජති, සන‍්ති ලොකෙ අලක‍්ඛිකා සඞ‍්ඝරන‍්ති බහුං ධනං අහං දෙවො ච මෙ භාතා උභො නං විධමාමසෙ.
895. තෙල කරුණු තොප කෙරෙහි අවිද්‍යමානය යි මම ද දනිමි. ලොවැ පින් නැත්තෝ වෙසෙති. ඔව්හු බොහෝ ධනය රැස් කෙරෙති. මම ද මාගේ සොහොයුරු දෙවියා ද යන දෙදෙන ඒ ධනය නසමු.
896. කානු දිබ‍්බෙන වණ‍්ණෙන පථබ්‍යා සුප‍්පතිට‍්ඨිතා, කා වා ත්‍වං කස‍්ස වා ඨිතා කථං ජානෙමු තං මයං.
896. විසිතුරු පැහැයෙන් යුතු ව පොළොවෙහි මැනැවින් පිහිටා සිටින තෝ කවර? කවරක්හුගේ හෝ දූ වෙහි? අපි තී කෙසේ දනුමෝ ද.
897. මහාරාජස‍්සහං ධීතා ධතරට‍්ඨස‍්ස සිරීමතො, අහං සිරි ච ලක‍්ඛී ච භුරිපඤ‍්ඤාති මං විදූ. ඔකාසං යාචිතො දෙහි වසෙමු තව සන‍්තිකෙ.
897. මම සිරිමත් ධුතරාෂ්ට්‍ර මහරජුගේ දු වෙමි. මම සිරි සහ ලක්‍ෂ්මී යන නම් ඇත්තී වෙමි. මා මහ නුවණැත්තීය යි දෙවියෝ දනිති. අයදනා ලදුයෙහි අවකාශ දෙව. තොප සමීපයේ වසමු.
898. කිං සීලෙ කිං සමාචාරෙ පුරිසෙ නිවිසසෙ තුවං, පුට‍්ඨා මෙ ලක‍්ඛි අක‍්ඛාහි යථා ජානෙමු තං මයං.
898. කෙබඳු සිල් ඇති කෙබඳු සමාචාර ඇති පුරුෂයකු සමීපයේ තෙපි වසන්නහු ද, මා විසින් විචාරන ලද තෙපි යම්සේ තී කවරක් දැ යි අපි දත හෙන්නමෝ ද එසේ කියව.
899. යො චාපි සීතෙ අථවාපි උණ‍්හෙ වාතාතපෙ ඩංසසිරිංසපෙ ච, ඛුදං පිපාසං අභිභුය්‍ය සබ‍්බං රත‍්තින්‍දිවං යො සතතං නියුත‍්තො. කාලගතඤ‍්ච න හාපෙති අත්‍ථං සො මෙ මනාපො නිවසෙව තම‍්හි.
899. යමෙක් සීත හා උණුසුම, අව්සුළං මැසි මදුරුවන් හා සර්‍පයන් සාපවස් යන මේ සියල්ල තණපතක් කොට ද නොගෙන මැඩලා රෑදාවල් නිරතුරු තම අභිවෘඩිය ලබනු සඳහා වැඩෙහි යෙදුනේ වේ ද, සුදුසු කාලය පැමිණි කල එළඹ සිටි ප්‍රයෝජනය නො පිරිහෙළා ද එබඳු පුරුෂයා මට මනාප ය ඔහු කෙරේ වසමු.
900. අක‍්කොධනො මිත‍්තවා චාගවා ච සීලූපපන‍්නො අසඨොජුභූතො, සඞ‍්ගාහකො සඛිලො සණ‍්හවාචො මහත‍්තපත‍්තොපි නිවාතවුත‍්ති.
900. යමෙක් ක්‍රෝධ නො කෙරේ ද, මිතුරන් ඇත්තේ ද, ත්‍යාගශීලී ද, හික්මීමෙන් යුතු ද, කෛරාටික නො වේ ද, අවංක ද, මිතුරන්ට සංග්‍රහ කෙරේ ද, මොළොක් කථා ඇත්තේ ද ඉසුරෙන් හා බලයෙන් උසස් වුව ද නිරහංකාර වේ ද එබඳු ගුණ ඇති ඒ පුරුෂයා කෙරෙහි යම්සේ සමුද්‍රයාගේ පැහැය බලන්නවුනට එහි රළවැළ විපුල ව වැටහේ ද, එසේ මම ඒ පුඟුලා සමීපයේ විශාල වෙමි. යමෙක් මිතුරා කෙරෙහි ද නැතහොත් සතුරා කෙරෙහි ද තමාට වඩා උසස් වූවහු කෙරෙහි ද, තමා සමාන වූවහු කෙරෙහි ද නැතහොත් පහත් වූවහු කෙරෙහි ද.
901. තස‍්මාහං පොසෙ විපුලා භවාමි උම‍්මී සමුද‍්දස‍්ස යථාපි වණ‍්ණං, යො චාපි මිත‍්තෙ අථවා අමිත‍්තෙ සෙට‍්ඨෙ සරික‍්ඛෙ අථවාපි හීනෙ.
901. තමාට වැඩ පිණිස කරන්නහුට ද නැතහොත් අවැඩ කරන්නහුට ද එළිපිට හෝ රහසිගත ව සිවුසඟරාවතින් සංග්‍රහ කෙරේ ද.
902. අත්‍ථං චරන‍්තං අථවා අනත්‍ථං ආවී රහො සඞ‍්ගහමෙව වත‍්තෙ, වාචං න වජ‍්ජා ඵරුසං කදාචි මතස‍්ස ජීවස‍්ස ව තස‍්ස හොමි.
902. පරුෂ වචන කිසිකලෙකත් නො කියා මළා වූ හෝ ජීවත් වන්නා වූ හෝ ඔහු වෙතට මම ළං වෙමි. (මේ ගුණ ඇත්තා අත් නො හරිමි යි කි සේ යි.)
903. එතෙසු යො අඤ‍්ඤතරං ලභිත්‍වා කන‍්තා සිරී මජ‍්ජති අප‍්පපඤ‍්ඤො, තං දිත‍්තරූපං විසමං චරන‍්තං කරීසජාතං ව විවජ‍්ජයාමි.
903. යම් අනුවණ පුද්ගලයෙක් මේ සම්පත් අතුරෙන් සම්පතක් ලබා සැපවත් වූයේ, සම්පත් සඳහා නැවත නැවත උත්සාහ නො කෙරේ ද, නො සැලකිලි වේ ද උඩඟු වේ ද පාපක්‍රියාහි නිරත වේ ද ඒ පුඟුලා අශුචි වළක්සේ දුරු කරමි.
904. අත‍්තානා කුරුතෙ ලක‍්ඛිං අලක‍්ඛිං කුරුතත‍්තනා, න හි ලක‍්ඛිං අලක‍්ඛිං වා අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකො’ති.
904. තමා විසින් තමාට සැපත ඇති කරගන්නේ ය. තමා විසින් තමාට විපත ඇති කරගන්නේ ය. සැපත හෝ විපත අනෙකකුට අනෙකෙක් නො කරන්නේ ය.