යෙදුමෙන් කියවන්න

6. මිගාලොපජාතකං

881. න මෙ රුච‍්චි මිගාලොප යස‍්ස තෙ තාදිසා ගති, අතුච‍්චං තාත පතසි අභූමිං තාත සෙවසි.

881. මිගාලෝපය, තාගේ ඒ ගමන් මට රුස්නේ නො වේ. පුත, ඉතා උඩට නො යව. තෝ තට නුසුදුසු බිම සෙවුනෙහි.

882. චතුක‍්කණ‍්ණංව කෙදාරං යදා තෙ පඨවී සියා, තාතො තාත නිවත‍්තස‍්සු මාස‍්සු එත‍්තො පරං ගමි.

882. යම් වෙලාවක තට පොළොව හතරැස් කුඹුරක් සේ පෙනෙන්නේ වේ ද දරුව, එයින් නවතුව. ඉන් ඔබ්බට නො යව.

883. සන‍්ති අඤ‍්ඤෙපි සකුණා පත‍්තයානා විහඞ‍්ගමා, අක‍්ඛිත‍්තා වාතවෙගෙන නට‍්ඨා තෙ සස‍්සතීසමා.

883. පියාපත් යානා කොට අහසින් යන සෙසු පක්‍ෂීහු ද වෙති. (ඉහළ අහසේ පවතින) වායුවේගයෙන් අදින ලදු ව ඔවුහු මළහ. පොළොව හා පර්‍වතය සමාන කොට සිතන ඔවුහු පවා මළෝ ය.

884. අකත්‍වා අපරණ‍්ණස‍්ස පිතු වුද‍්ධස‍්ස සාසනං, කාළෙ වාතෙ අතික‍්කම‍්ම වෙරම‍්බානං වසං ගතො.

884. අපරණ්ණ නමැති මහලු පියාගේ අනුශාසනය පරිදි ක්‍රියා නො කොට කෘෂ්ණ වාතය ඉකුත් කොට ගියේ වේරම්බ වාතයේ වසඟයට ගියේ ය.

885. තස‍්ස පුත‍්තා ච දාරා ච යෙ චඤ‍්ඤෙ අනුජීවිනො, සබ‍්බෙ ව්‍යසනමාපාදුං අනොවාදකරෙ දිජෙ.

885. මෘගාලෝප නම් සකුණයා පියාගේ අවවාදයෙහි නො පවත්නා කල්හි (වේරම්බවාතයෙහි වසඟයට ගිය හෙයින්) ඔහුගේ දරුවෝ ද බිරියෝ ද, ඔහු නිසා දිවි රැකගන්නෝ ද යන හැම නටහ.

886. එවම‍්පි ඉධ වුද‍්ධානං යො වාක්‍යං නාවබුජ‍්ඣති, අතිසීමං චරො දිත‍්තො ගිජ‍්ඣොවාතීතසාසනො. සබ‍්බෙ සංඛ්‍ය නපප‍්පොන‍්ති අකත්‍වා බුද‍්ධසාසනන‍්ති.

886. මෙසේ යමෙක් මෙ ලොවැ ගුණනුවණැති වැඩිහිටියන්ගේ කීම වටහා නොගෙන ක්‍රියා කෙරෙත් ද ඔවුහු අනුශාසනාව ඉක්මවා ගිය උඩඟු වූ සීමාව ඉක්මවා ගිය මෘගාලෝප ගිජුළිහිණියා මෙන් විනාශ වෙති.

6. මිගාලොපජාතකං.

6. මෘගාලෝප ජාතක යි.