යෙදුමෙන් කියවන්න

6. මිගාලොපජාතකවණ‍්ණනා 381 අට‍්ඨකථා

6. මිගාලොපජාතකවණ‍්ණනා (381)

6. මිගාලෝප ජාතකය (381)

න මෙ රුච‍්චීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං දුබ‍්බචභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සත්‍ථා තං භික‍්ඛුං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු දුබ‍්බචො”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ “න ඛො භික‍්ඛු ඉදානෙව, පුබ‍්බෙපි ත්‍වං දුබ‍්බචොයෙව, දුබ‍්බචභාවඤ‍්ච පන නිස‍්සාය පණ‍්ඩිතානං වචනං අකරොන‍්තො වෙරම‍්භවාතමුඛෙ බ්‍යසනං ගතොසී”ති වත්‍වා අතීතං ආහරි.

‘න මෙ රුච්චි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, අකීකරු වූ එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව තමන් වහන්සේ වෙතට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ අකීකරුය යනු ඇත්තක්දැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, එසේය.’ ‘මහණ, ඔබ මෙසේ අකීකරු වූයේ දැන් පමණක් නොවේ. පෙර ද ඔබ අකීකරුකම නිසාම, පණ්ඩිතයන්ගේ වචනය අනුගමනය නොකිරීම හේතුවෙන් වේරම්භ වාතය අභිමුඛයෙහිදී විපතට පත් වූයේ යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ මේ අතීත කථා පුවත දේශනාකොට වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො ගිජ‍්ඣයොනියං නිබ‍්බත‍්තිත්‍වා අපනන්‍දගිජ‍්ඣො නාම අහොසි. සො ගිජ‍්ඣගණපරිවුතො ගිජ‍්ඣකූටපබ‍්බතෙ වසි. පුත‍්තො පනස‍්ස මිගාලොපො නාම ථාමබලසම‍්පන‍්නො අහොසි, සො අඤ‍්ඤෙසං ගිජ‍්ඣානං සීමං අතික‍්කමිත්‍වා අතිඋච‍්චං උප‍්පති. ගිජ‍්ඣා “පුත‍්තො තෙ අතිදූරං උප‍්පතතී”ති ගිජ‍්ඣරඤ‍්ඤො ආචික‍්ඛිංසු. සො තං පක‍්කොසෙත්‍වා “ත්‍වං කිර, තාත, අතිඋච‍්චං ගච‍්ඡසි, අතිඋච‍්චං ගච‍්ඡන‍්තො ජීවිතක‍්ඛයං පාපුණිස‍්සසී”ති වත්‍වා තිස‍්සො ගාථා අභාසි –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ගිජු ලිහිණි ජාතියෙහි ඉපිද ‘අපරණ්ණ’ නමින් ප්‍රකට විය. මේ අපරණ්ණ ගිජු ලිහිණියිා සෙසු ගිජු ලිහිණියන්ට නායක ව ඔවුන් පිරිවරා ගෙන ‘ගිජ්ඣකූට’ පර්වතයෙහි වාසය කෙළේය. මේ බෝසත් ගිජු ලිහිණියාගේ පුතා ‘මිගාලෝප’ නම් වූ තහඹු ගිජු ලිහිණියෙකි. ඔහුගේ තරුණකමට යෝග්‍ය වන පරිද්දෙන්ම, ඔහු ශක්තියෙන් ද, බලයෙන් ද, යුක්ත විය. ගිජුලිහිණියෝ ස්වභාවයෙන් ම අහසේ ඉතා දුරට පියාඹති. එහෙත් මිගාලෝප අනෙක් සියලු ගිජු ලිහිණියන්ගේ සීමාව ඉක්මවා, අහසේ ඉතාමත් ඈතට පියඹා යයි. මේ දුටු සෙසු ගිජු ලිහිණියෝ සිය නායකතුමා වෙතට පැමිණ, පුත්‍රයාගේ නොමනා හපන්කම් ගැන, ඔහු හමුවේ ප්‍රකාශ කළහ. ඒ ඇසූ ගිජුලිහිණි නායකයා තම පුතා, තමා වෙත කැඳවා ‘පුත, නුඹ අහසෙහි ඉතා උස්තැන් බලා පියාඹන්නෙහිද? සීමාව ඉක්මවා යන උදවිය ජීවිත හානියට පැමිණෙන්නාහු යැ’යි කියා, ඔහුට අවවාද වශයෙන් මෙසේ කරුණු දැක්වීය.

“න මෙ රුච‍්චි මිගාලොප, යස‍්ස තෙ තාදිසී ගතී; අතුච‍්චං තාත පතසි, අභූමිං තාත සෙවසි.

නමෙ රුච්චි මිගාලොප - යස්සතෙ තාදිසා ගති, අතුච්චං තාත පතසි අභූතං තාත සෙවසි

පුත මිගාලෝප, ඔබ ඉතා ඉහළට යෙහිද? නොයා යුතු තැන් ඇසුරු කරෙහිද? ඔබේ එවැනි ගමන් මට රුචි නොවේ.

“චතුක‍්කණ‍්ණංව කෙදාරං, යදා තෙ පථවී සියා; තතො තාත නිවත‍්තස‍්සු, මාස‍්සු එත‍්තො පරං ගමි.

2. පුත, යම්කලෙක පොළොව සතරැස් කුඹුරක් මෙන් පෙනේ ද? එතැනින් නවතුව. ඉන් එයා නොයව.

“සන‍්ති අඤ‍්ඤෙපි සකුණා, පත‍්තයානා විහඞ‍්ගමා; අක‍්ඛිත‍්තා වාතවෙගෙන, නට‍්ඨා තෙ සස‍්සතීසමා”ති.

3. පියාපත් යානා කොට ඇති, අහසේ ගමන් කරන, අන් පක්‍ෂීහු වෙති. වාත වේගයට යටත් නොවූ, ජීවිතය සදාකාලිකය යන හැඟීම් ඇති අය පවා නැසුනාහුය.

තත්‍ථ මිගාලොපාති පුත‍්තං නාමෙන ආලපති. අතුච‍්චං තාත පතසීති තාත, ත්‍වං අඤ‍්ඤෙසං ගිජ‍්ඣානං සීමං අතික‍්කමිත්‍වා අතිඋච‍්චං ගච‍්ඡසි. චතුක‍්කණ‍්ණංව කෙදාරන‍්ති ඉමිනාස‍්ස සීමං ආචික‍්ඛති. ඉදං වුත‍්තං හොති – තාත, යදා තෙ අයං මහාපථවී චතුක‍්කණ‍්ණං කෙදාරං විය සියා, එවං ඛුද‍්දිකා විය හුත්‍වා පඤ‍්ඤායෙථ, අථ ත්‍වං එත‍්තකා ඨානා නිවත‍්තෙය්‍යාසි, එත‍්තො පරං මා ගමීති. සන‍්ති අඤ‍්ඤෙපීති න කෙවලං ත්‍වමෙව, අඤ‍්ඤෙපි ගිජ‍්ඣා එවං කරිංසූති දීපෙති. අක‍්ඛිත‍්තාති තෙපි ගිජ‍්ඣා අම‍්හාකං සීමං අතික‍්කමිත්‍වා ගතා වාතවෙගෙන ආකඩ‍්ඪිතා නස‍්සිංසු. සස‍්සතීසමාති සස‍්සතීහි පථවීපබ‍්බතාදීහි සමං අත‍්තානං මඤ‍්ඤමානා අත‍්තනො වස‍්සසහස‍්සපරිමාණං ආයුං අපූරෙත්‍වාපි අන‍්තරා නට‍්ඨාති අත්‍ථො.

මෙහි ‘මිගාලෝප’ යනුවෙන් ‘නම කියා පුතාට අමතයි’. ‘අතුච්චං තාත පතසි’ යනු ‘පුත, ඔබ අන් ගිජු ලිහිණියන්ගේ සීමාව ඉක්මවා ඉතා ඉහළට යෙහිද?’ යන අර්ථයි. ‘චතුක්කණ්ණංව’ යන ‘මෙයින් ඔහුට සීමාව කියයි’ යන අර්ථයි. මින් කියන ලද අර්ථය මෙසේය. එනම්, පුත, ‘ඔබට මේ මහපොළොව සතරැස් කුඹුරක් මෙන් පෙනේද? එසේ කුඩාවට පෙනී යා ද? එවිට ඔබ ඒ මට්ටමින් නවතින්න. ඉන් ඔබ්බට නොයන්න.’ යන අර්ථයි. ‘සන්ති අඤ්ඤෙපි’ යනු ‘ඔබ පමණක් නොවේ, වෙනත් ගිජු ලිහිණියෝ ද එසේ කළහ යි’ දක්වයි. ‘අක්ඛිත්තා’ යනු ‘ඔවුහු ද, අපගේ සීමාව ඉක්මවා ගියාහුය. එහෙත් වාත වේගයට හසු වී, නැසුණාහුය, යන අර්ථයි. ‘සස්සතීසමා’ යනු ජීවිතය සදාකාලිකය යන හැඟීමෙන් එනම්, මහපොළොව පර්වත ආදියට තමා සමානකොට සිතා, වර්ෂ දහසක් පමණ වන තමාගේ ආයුෂ නොපුරාම, අතරමග දී විනාශ වූවාහුය’ යන අර්ථයි.

මිගාලොපො අනොවාදකත‍්තා පිතු වචනං අකත්‍වා ලඞ‍්ඝන‍්තො පිතරා අක‍්ඛාතං සීමං දිස‍්වා තං අතික‍්කම‍්ම කාලවාතෙ පත්‍වා තෙපි ඡින්‍දිත්‍වා උප‍්පතිතො වෙරම‍්භවාතමුඛං පක‍්ඛන්‍දි, අථ නං වෙරම‍්භවාතා පහරිංසු. සො තෙහි පහටමත‍්තොව ඛණ‍්ඩාඛණ‍්ඩං හුත්‍වා ආකාසෙයෙව අන‍්තරධායි.

අවවාදයට අනුව වැඩ නොකරන්නකු වන මිගාලෝප, සිය පියාගේ වචන ගණන් නොගෙන අහසට පැන, පියා කී සීමාව දැක, එයද ඉක්මවා ‘කාලවාත’ ප්‍රදේශයට පැමිණියේය. එයින් නො නැවතුණු ඔහු, එයද විනිවිද ගොස් ‘වේරම්භ’ වාතයට අභිමුඛව පැන්නේය. වේරම්භ වාතයෙන් ඔහුට ගැලවීමක් නොවුණි. වේරම්භ වාතයට හසුවූ මිගාලෝප කඩ කඩව ගොස්, සුණු-විසුණු වී, අහසෙහි ම අතුරුදහන් විය.

“අකත්‍වා අපනන්‍දස‍්ස, පිතු වුද‍්ධස‍්ස සාසනං; කාලවාතෙ අතික‍්කම‍්ම, වෙරම‍්භානං වසං අගා.

4. ‘අපරණ්ණ’ නම් වූ මහලු පියාගේ අනුශාසනය අනුගමනය නොකොට (මිගාලෝප) කාලවාතය ඉක්මවා ගොස්, වේරම්භ වාතයේ වසඟයට ගියේය.

“තස‍්ස පුත‍්තා ච දාරා ච, යෙ චඤ‍්ඤෙ අනුජීවිනො; සබ‍්බෙ බ්‍යසනමාපාදුං, අනොවාදකරෙ දිජෙ.

5. අවවාදයට අනුව ඒ පක්‍ෂියා කටයුතු නොකළ නිසා, ඔහුගේ දරුවෝ ද, අඹුවෝ ද, ඔහුගෙන් යැපෙන අන් අයද, යන සියලු දෙනා විපතට පැමිණියෝය.

“එවම‍්පි ඉධ වුද‍්ධානං, යො වාක්‍යං නාවබුජ‍්ඣති; අතිසීමචරො දිත‍්තො, ගිජ‍්ඣොවාතීතසාසනො; සබ‍්බෙ බ්‍යසනං පප‍්පොන‍්ති, අකත්‍වා වුද‍්ධසාසන”න‍්ති. –

6. මෙලොව යමෙක් වැඩිහිටියන්ගේ වචන තේරුම් නොගනීද? ඔහු අනුශාසනය ගණන් නොගෙන සීමාව ඉක්මවා හැසිරුණු ආඩම්බරකාර ගිජුලිහිණියා වැනිය. එපරිද්දෙන් බුද්ධානුශාසනය ක්‍රියාත්මක නොකරන සියලු දෙනා, විපතට පැමිණෙති.

ඉමා තිස‍්සො අභිසම‍්බුද‍්ධගාථා.

ඉහත සඳහන් ගාථා (4.5.6) තුනම බුදුරදුන් විසින් වදාළ ඒවාය. ඒවා අභිසම්බුද්ධ ගාථා නමින් හැඳින්වේ.

තත්‍ථ අනුජීවිනොති තං නිස‍්සාය ජීවනකා. අනොවාදකරෙ දිජෙති තස‍්මිං මිගාලොපෙ ගිජ‍්ඣෙ ඔවාදං අගණ‍්හන‍්තෙ සබ‍්බෙපි තෙ තෙන සද‍්ධිං අතිසීමං ගන‍්ත්‍වා විනාසං පාපුණිංසු. එවම‍්පීති, භික‍්ඛවෙ, යථා සො ගිජ‍්ඣො, එවං යො අඤ‍්ඤොපි ගහට‍්ඨො වා පබ‍්බජිතො වා හිතානුකම‍්පකානං වුද‍්ධානං වචනං න ගණ‍්හාති, සොපි අයං සීමං අතික‍්කමිත්‍වා චරන‍්තො දිත‍්තො ගබ‍්බිතො ගිජ‍්ඣොව බ්‍යසනං පාපුණාතීති.

මෙහි ‘අනුජීවිනො’ යනු ‘ඔහුගෙන් යැපෙන්නෝ’ය යන අර්ථයි. ‘අනොවාදකරෙ දිජෙ’ යනු ඒ මිගාලෝප නම් ගිජුලිහිණියා අවවාදයට අනුව ක්‍රියා නොකරන කල්හි, ඒ සියලුදෙනා ද ඔහුත් සමග සීමාව ඉක්මවා ගොස්, විපතට පැමිණියාහුය’ යන අර්ථයි. ‘එවම්පි’ යනු ‘මහණෙනි, ඒ ගිජුලිහිණියා යම්සේද? එසේ යම් වෙනත් ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ බුදුවරුන්ගේ හිතානුකම්පී වචන නොපිළිගනී ද? ඔහුද, මේ සීමාව ඉක්මවා හැසුරුණු ආඩම්බරකාර, දර්පයෙන් යුතු, ගිජුලිහිණියා මෙන්, විපතට පැමිණේ’ යන අර්ථයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මිගාලොපො දුබ‍්බචභික‍්ඛු අහොසි, අපනන්‍දො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. එදා මිගාලෝප නම්, අද මේ අකීකරු භික්‍ෂුවයි. ‘අපරණ්ණ’ නම් වූ ගිජුලිහිණි නායකයා වූ කලී, ‘මම ම යැ’ යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

මිගාලොපජාතකවණ‍්ණනා ඡට‍්ඨා.