යෙදුමෙන් කියවන්න

5. ආසඞ‍්කජාතකවණ‍්ණනා 380 අට‍්ඨකථා

5. ආසඞ‍්කජාතකවණ‍්ණනා (380)

5. ආසංක ජාතකය (380)

ආසාවතී නාම ලතාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. වත්‍ථු ඉන්‍ද්‍රියජාතකෙ (ජා· 1.8.60 ආදයො) ආවි භවිස‍්සති. ඉධ පන සත්‍ථා තං භික‍්ඛුං “සච‍්චං කිර ත්‍වං උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “කෙන උක‍්කණ‍්ඨාපිතොසී”ති වත්‍වා “පුරාණදුතියිකාය, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු එසා ඉත්‍ථී තුය‍්හං අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි ත්‍වං එතං නිස‍්සාය චතුරඞ‍්ගිනිසෙනං ජහිත්‍වා හිමවන‍්තපදෙසෙ මහන‍්තං දුක‍්ඛං අනුභවන‍්තො තීණි සංවච‍්ඡරානි වසී”ති වත්‍වා අතීතං ආහරි.

‘ආසාවතී නාම ලතා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ගිහි කල බිරිය විසින් පොළඹවන ලද භික්‍ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘ඉන්‍ද්‍රිය’ ජාතකයෙහි විස්තර වශයෙන් දැක්වේ. ඒ අනුව ඒ භික්‍ෂුව තමන්වහන්සේ වෙතට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ කලකිරුණෙහිය යනු සැබෑවක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එය සත්‍යයකි. ‘කුමක් නිසා කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, මාගේ ගිහිකල භාර්යාව නිසා ය.’ ‘මහණ, ඔය ස්ත්‍රිය ඔබට අවැඩ කරන්නීය. ඇය දැන් පමණක් නොව පෙර ද ඔබට එසේ කළාය. අතීතයෙහි ඔබ ඇය නිසා සිවුරඟ සෙනඟ අතහැර දමා හිමාල පෙදෙසෙහි ඉමහත් දුකක් විඳිමින් වසර තුනක් විසුවෙහි යැ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිගාමෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං උග‍්ගහිතසිප‍්පො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා වනමූලඵලාහාරො අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා හිමවන‍්තපදෙසෙ වසි. තස‍්මිං කාලෙ එකො පුඤ‍්ඤසම‍්පන‍්නො සත‍්තො තාවතිංසභවනතො චවිත්‍වා තස‍්මිං ඨානෙ පදුමසරෙ එකස‍්මිං පදුමගබ‍්භෙ දාරිකා හුත්‍වා නිබ‍්බත‍්ති, සෙසපදුමෙසු පුරාණභාවං පත්‍වා පතන‍්තෙසුපි තං මහාකුච‍්ඡිකං හුත්‍වා තිට‍්ඨතෙව. තාපසො නහායිතුං පදුමසරං ගතො තං දිස‍්වා “අඤ‍්ඤෙසු පදුමෙසු පතන‍්තෙසුපි ඉදං මහාකුච‍්ඡිකං හුත්‍වා තිට‍්ඨති, කිං නු ඛො කාරණ”න‍්ති චින‍්තෙත්‍වා උදකසාටකං නිවාසෙත්‍වා ඔතරන‍්තො ගන‍්ත්‍වා තං පදුමං විවරිත්‍වා තං දාරිකං දිස‍්වා ධීතුසඤ‍්ඤං උප‍්පාදෙත්‍වා පණ‍්ණසාලං ආනෙත්‍වා පටිජග‍්ගි. සා අපරභාගෙ සොළසවස‍්සිකා හුත්‍වා අභිරූපා අහොසි උත‍්තමරූපධරා අතික‍්කන‍්තා මානුසකවණ‍්ණං, අපත‍්තා දෙවවණ‍්ණං. තදා සක‍්කො බොධිසත‍්තස‍්ස උපට‍්ඨානං ආගච‍්ඡති, සො තං දාරිකං දිස‍්වා “කුතො එසා”ති පුච‍්ඡිත්‍වා ලද‍්ධනියාමං සුත්‍වා “ඉමිස‍්සා කිං ලද‍්ධුං වට‍්ටතී”ති පුච‍්ඡි. “නිවාසට‍්ඨානං වත්‍ථාලඞ‍්කාරභොජනවිධානං, මාරිසා”ති. සො “සාධු, භන‍්තෙ”ති තස‍්සා වසනට‍්ඨානස‍්ස ආසන‍්නෙ ඵලිකපාසාදං මාපෙත්‍වා දිබ‍්බසයනදිබ‍්බවත්‍ථාලඞ‍්කාරදිබ‍්බන‍්නපානානි මාපෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කසී රටට අයත් ගමක බමුණු පවුලක ඉපිද, නිසිවියට පත්වූ පසු තක්‍ෂිලාවට ගොස්, ශිල්ප-ශාස්ත්‍ර ඉගෙන ජීවිතය ගැන කලකිරී සෘෂි පැවිද්දෙන් පැවිදි වී, වනමුල් පලවැල අහරකොට ගෙන අභිඥාවන් හා සමාපත්තිද උපදවාගෙන, හිමවත් පෙදෙසෙහි වාසය කෙළේය. මෙකල එක් පින්වත් සත්ත්වයෙක් තවුතිසා දෙව්ලොවින් සැව අවුත්, එක් පියුම් විලෙක පියුමක ගැබ තුළ දැරියක්ව උපන්නාය. මේ විල පිහිටා තිබුණේ ඉහත කී බෝසත් තවුසාගේ අසපුව සමීපයේය. විලෙහි නෙලුම් මල් සිරිත් පරිදි පිපී පරව යයි. එහෙත් එක් මලක් බණ්ඩිය විශාල වෙමින් පිපීමකින් තොරවම පවතී. නෑම සඳහා එක් දිනක් විලට පැමිණි තවුසා, පියුම්විලෙහි වූ මේ පියුම දැක ‘මෙය කුමක් නිසා මෙසේ විශාලව පවතීදැ’යි, සැකකොට එය විමසා බැලිය යුතුයැ’යි සිතා, නානකඩක් හැඳ දියට බැස, ඒ පියුම වෙත ගොස් එය විවෘත කොට බලා, එහි හුන් කුඩා දැරිය දැක දරු සෙනෙහස ඇතිවී, ඇය පන්සලට ගෙන ගොස් පෝෂණය කෙළේය. පසුකලෙක එනම් සොළොස් වස් වනවිට දැරිය ඉතා සිත්කලු ස්වභාවයක් ඉසුලුවාය. උතුම් රූපශ්‍රීයෙන් යුක්ත මේ යුවතිය මිනිස් බව ඉක්මවූ දෙව්බවට ළඟා වූ සුරූපී බවක් දැරුවාය. ඇයගේ පියාණන් වන මේ බෝසත් තවුසාට උපස්ථාන කිරීම සක්දෙවිඳුන් සිරිතක් කොටගෙන තිබුණි. කලකට පසු අසපුවට පැමිණි සක්දෙවිඳු, ඉහත කී යුවතිය දැක, ‘ස්වාමීනි, මැය ලැබුණේ කෙසේදැ’යි තවුසාගෙන් පිළිවිසීය. තවුසා ඇය තමාට ලැබුණු ආකාරය මුළුමනින් ශක්‍රයාට විස්තර කෙළේය. ඒ අසා සතුටු වූ සක්දෙවිඳු, තවුසා අමතා ‘ස්වාමීනි, මා මෑ වෙනුවෙන් කුමන උපකාරයක් කළ යුතුදැ’යි ඇසීය. ඊට පිළිතුරු දෙන තාපසතුමා ‘නිදුකාණෙනි, ඈට මෙහි වසන්නට සුදුසු නොවේ. එබැවින් පළිඟුමය මන්දිරයක් මවා, එහි දිවයහන්-දිවසළු සහ දිව්‍යමය ආභරණත්, දිව්‍යමය ආහාර-පානත් ඇයට ලැබුණොත් මැනවැ’යි කීය. ‘ස්වාමීනි, යහපතැ’යි කී ශක්‍රයා, ඒ සියල්ල අඩුවක් නැතිව මැවීය.

සො පාසාදො තස‍්සා අභිරුහනකාලෙ ඔතරිත්‍වා භූමියං පතිට‍්ඨාති, අභිරුළ‍්හකාලෙ ලඞ‍්ඝිත්‍වා ආකාසෙ තිට‍්ඨති. සා බොධිසත‍්තස‍්ස වත‍්තපටිවත‍්තං කුරුමානා පාසාදෙ වසති. තමෙකො වනචරකො දිස‍්වා “අයං, වො භන‍්තෙ, කිං හොතී”ති පුච‍්ඡිත්‍වා “ධීතා මෙ”ති සුත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා “දෙව, මයා හිමවන‍්තපදෙසෙ එවරූපා නාම එකස‍්ස තාපසස‍්ස ධීතා දිට‍්ඨා”ති රඤ‍්ඤො ආරොචෙසි. තං සුත්‍වා සො සවනසංසග‍්ගෙන බජ‍්ඣිත්‍වා වනචරකං මග‍්ගදෙසකං කත්‍වා චතුරඞ‍්ගිනියා සෙනාය තං ඨානං ගන‍්ත්‍වා ඛන්‍ධාවාරං නිවාසාපෙත්‍වා වනචරකං ආදාය අමච‍්චගණපරිවුතො අස‍්සමපදං පවිසිත්‍වා මහාසත‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො “භන‍්තෙ, ඉත්‍ථියො නාම බ්‍රහ‍්මචරියස‍්ස මලං, තුම‍්හාකං ධීතරං අහං පටිජග‍්ගිස‍්සාමී”ති ආහ. බොධිසත‍්තො පන “කිං නු ඛො එතස‍්මිං පදුමෙ”ති ආසඞ‍්කං කත්‍වා උදකං ඔතරිත්‍වා ආනීතභාවෙන තස‍්සා කුමාරිකාය ආසඞ‍්කාති නාමං අකාසි. සො තං රාජානං “ඉමං ගහෙත්‍වා ගච‍්ඡා”ති උජුකං අවත්‍වා “මහාරාජ, ඉමාය කුමාරිකාය නාමං ජානන‍්තො ගණ‍්හිත්‍වා ගච‍්ඡා”ති ආහ. “තුම‍්හෙහි කථිතෙ ඤස‍්සාමි, භන‍්තෙ”ති. “අහං තෙ න කථෙමි, ත්‍වං අත‍්තනො පඤ‍්ඤාබලෙන නාමං ජානන‍්තොව ගහෙත්‍වා යාහී”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තතො පට‍්ඨාය අමච‍්චෙහි සද‍්ධිං “කින‍්නාමා නු ඛො එසා”ති නාමං උපධාරෙති. සො යානි දුජ‍්ජානානි නාමානි, තානි කිත‍්තෙත්‍වා “අසුකා නාම භවිස‍්සතී”ති බොධිසත‍්තෙන සද‍්ධිං කථෙති. බොධිසත‍්තො “න එවංනාමා”ති පටික‍්ඛිපති.

ඔහු විසින් මවන ලද ඒ පළිඟු පහය අමුතු එකෙකි. කුමරිය එයට ගො වනවිට, එය බිමට පහත් වේ. ගොඩ වූ පසු එය වනපෙතට ඉහළ අහසේ රැඳේ. ඇයට බිමට බැසීමට අවශ්‍ය වූ සෑමවිටම, එය කී පරිදි බිමට ළං වේ. සක්දෙවිඳු මෙය මෙසේ සකසන ලද්දේ සෑම අතින්ම ඇයට රැකවරණය සලසන අටියෙනි. මෙසේ ඇය දිනපතා සිය පියාණන් වන බෝසත් තවුසාට, වත්පිළිවෙත් දක්වමින් අනගි පහයෙහි වාසය කරයි. පියුම් විලෙක පිපි අමුතු පියුමක් දැක, සැක කොට පරීක්‍ෂා කර බලා, ඇය සොයාගත් බැවින්, පිය තවුසා විසින් ඇයට ‘ආසංකො’ යැයි නම් තබන ලදි. මෙහි ‘ආසංකො’ යනු සැක කිරීමයි. මේ ආසංකා කුමරිය සිය පහයෙහි හිඳිනා අවස්ථාවක කැලයෙහි සැරිසරන වැද්දෙක් වන පෙතට ඉහළින් පාවෙන මන්දිරයත් එහි සිටි කුමරියත් දුටුවේය. ඉන් අන්ද-මන්ද වූ වැද්දා, එතැනට අවුත් අසපුවේ සිටි තවුස්තුමා වෙත ගොස්, ස්වාමීනි, අර මන්දරයේ වෙසෙන කුමරිය ඔබතුමාගේ කවුදැ’යි ඇසුවේය. එසේ ප්‍රශ්නකොට ඇය තවුසාගේ දියණිය බව දැනගත් වැද්දා, වහා බරණැසට ගොස් රජතුමා බැහැදැක ‘දේවයන් වහන්ස, හිමාල පෙදෙසෙහි දී මා විසින් එක් තාපසකයකුගේ දියණියක් දක්නා ලද්දීය. ඇයගේ රූ සිරි කියා නිම කළ නොහැකි යැ’යි, රජු ඉදිරියෙහි හිඳ, ඇය ගැන වර්ණනා කෙළේය. රජතුමා ආසංකා කුමරිය ගැන, කණින් ඇසූ පමණකින්ම, ඇය කෙරෙහි තදින් බැඳී ඒ වැද්දාම මාර්ගෝපදේශකයා කොටගෙන, සිවුරඟ සෙනග පිරිවරා එතැනට ගොස්, එහි කඳවුරක් බැඳගෙන, අනතුරුව වැද්දා ද, ඇමති ගණයා ද, පිරිවරන ලදුව අසපුවට පිවිස බෝසත් තවුසාට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. ඊළඟට රජතුමා තවුසා අමතා ‘ස්වාමීනි, ස්ත්‍රීහු නම්, බඹසර රකින උදවියට කරදරයකි. එබැවින් ඔබතුමාගේ දියණිය මට පාවාදෙනු මැනවි. මම ඇය මැනවින් පෝෂණය කරන්නෙමි’යි පැවසීය. එවිට තවුස්තුමා ‘රජතුමනි, ඔබ, මට ඇයගේ නම කියා, ඇය කැටුව යනු මැනවැ’යි කීය. තවුසා මෙසේ රජුට ‘ඇය රැගෙන යනු මැනවැ’යි සෘජුව නොකියා ඉහත දැක්වූ ආකාරයේ ප්‍රකාශයක් කෙළේ, රජුගේ ඉවසීමත් ප්‍රඥාවත් විමසනු සඳහා ය. තවුසාගේ කථාව ඇසූ රජතුමා ‘ස්වාමීනි, ඇයගේ නම මම නො දනිමි. ඔබතුමාගෙන් අසා, එය දැනගන්නට රිසියෙමි’යි කීවේය. ‘දේවයිනි, මම එය ඔබට නොකියමි. ඔබ ඔබගේම ප්‍රඥා බලයෙන් ඇගේ නම සොයා දැන, ඇය කැටුව යන්නැ’යි තවුසා කීවේය. ඊට ‘යහපතැ’යි කියා පිළිගත් රජතුමා, එතැන් පටන් දිනපතා ඇමතිවරුන් සමග එකතු වී ‘ඇය කුමන නමක් ඇත්තියක් විය හැකිදැ’යි සාකච්ඡා කරමින් කල්ගත කරන්නට පටන් ගත්තේය. රජතුමා ද ඇමැති ගණයා ද, විවිධ දුර්ලභ නම් සහිත වට්ටෝරු තවුසාට ඉදිරිපත් කරමින් ‘ඇගේ නම මෙයදැ’යි, එක් එක් නම කියමින් අසන්නට පුරුදු වූහ. ඒ සෑම නමක්ම තවුසා වෙතින් ප්‍රතික්‍ෂේප විය.

රඤ‍්ඤො ච නාමං උපධාරෙන‍්තස‍්ස සංවච‍්ඡරො අතීතො. තදා හත්‍ථිඅස‍්සමනුස‍්සෙ සීහාදයො වාළා ගණ‍්හන‍්ති, දීඝජාතිකපරිපන්‍ථො හොති, මක‍්ඛිකපරිපන්‍ථො හොති, සීතෙන කිලමිත්‍වා බහූ මනුස‍්සා මරන‍්ති. අථ රාජා කුජ‍්ඣිත්‍වා “කිං මෙ එතායා”ති බොධිසත‍්තස‍්ස කථෙත්‍වා පායාසි. ආසඞ‍්කා කුමාරිකා තං දිවසං ඵලිකවාතපානං විවරිත්‍වා අත‍්තානං දස‍්සෙන‍්තී අට‍්ඨාසි. රාජා තං දිස‍්වා “මයං තව නාමං ජානිතුං න සක‍්කොම, ත්‍වං හිමවන‍්තෙයෙව වස, මයං ගමිස‍්සාමා”ති ආහ. “කහං, මහාරාජ, ගච‍්ඡන‍්තො මාදිසං ඉත්‍ථිං ලභිස‍්සසි, මම වචනං සුණාහි, තාවතිංසදෙවලොකෙ චිත‍්තලතාවනෙ ආසාවතී නාම ලතා අත්‍ථි, තස‍්සා ඵලස‍්ස අබ‍්භන‍්තරෙ දිබ‍්බපානං නිබ‍්බත‍්තං, තං එකවාරං පිවිත්‍වා චත‍්තාරො මාසෙ මත‍්තා හුත්‍වා දිබ‍්බසයනෙ සයන‍්ති, සා පන වස‍්සසහස‍්සෙන ඵලති, සුරාසොණ‍්ඩා දෙවපුත‍්තා ‘ඉතො ඵලං ලභිස‍්සාමා’ති දිබ‍්බපානපිපාසං අධිවාසෙත්‍වා වස‍්සසහස‍්සං නිබද‍්ධං ගන‍්ත්‍වා තං ලතං ‘අරොගා නු ඛො’ති ඔලොකෙන‍්ති, ත්‍වං පන එකසංවච‍්ඡරෙනෙව උක‍්කණ‍්ඨිතො, ආසාඵලවතී නාම සුඛා, මා උක‍්කණ‍්ඨී”ති වත්‍වා තිස‍්සො ගාථා අභාසි –

මෙසේ නම් සෙවීමේ මෙම කාර්යයට ම වසරක් ගතවිය. ඒ අතර රජතුමාගේ රාජකීය පිරිසට අයත් ඇතුන්, අසුන්, මිනිසුන් යන මොවුන් අතුරෙන්, සමහරුන් කැලේ සිටි සිංහ ආදී වූ වන මෘගයන්ටත්, සර්පයන්ටත් ගොදුරු විණි. සමහරුන්ට ජීවිත හානි නොවුණත් වන සතුන්ගෙන්, සර්පයන්ගෙන් මැසි මදුරුවන්ගෙන් පීඩා ඇතිවිය. සමහර කෙනෙක් සීතලෙන් ම මියැදුණාහුය. මේ සියල්ලෙන් කෝපයට පත් රජතුමා, බෝසතුන් හමුවට ගොස් ‘මට ඇයගෙන් වැඩක් නැත. එබැවින් මම මෙහෙන් පිටත්ව යන්නෙමි’යි කියා ගමනට සූදානම් විය. රජු එසේ සූදානම් වනු ආසංකා කුමරිය සිය මැදුරේ ජනේලයකින් දුටුවාය. රජුගේ ගමන් මගට සෘජුව පෙනෙන සේ, විවෘත කළ ජනේලයක් ළඟට වී සිටි ඇය, සමීපයෙන් ගමන් ගන්නා රජුට මැනවින් දිස්වන සේ සිටියාය. ඇය දුටු රජතුමා ‘කුමරිය, මට ඔබේ නම දැනගන්නට නොහැකි විය. එබැවින් ඔබ මේ හිමාලයට ම වී සිටින්න. මම මෙහෙන් පිටත්ව යන්නෙමි’යි කීය. ‘මහරජතුමනි, ඔබතුමා කොතැනකට ගොස්, මා වැනි යුවතියක් ලබන්නෙහිද? මගේ වචනය අසනු මැනවැ’යි කී කුමරිය, ‘දේවයිනි, තවුතිසා දෙව්ලොව ‘චිත්‍රලතා’ නම් ප්‍රකට වනයක් ඇත. එහි ‘ආසාවතී’ නම් වැලක් ඇත. ඒ වැලේ හට ගන්නා ගෙඩි තුළ දිව්‍යමය පානයක් ඇත. එය එක්වරක් පානය කළහොත්, ඉන් ඇතිවන මත්වීම, සිවුමසක් පුරාවට පහව නොයයි. එය පානය කළ දෙවිවරු සිවුමසක් මුළුල්ලේ දිව යහන්වලට වී මතින් කල්ගෙවති. එහෙත් ඉහත කී වැලේ ගෙඩියක් හට ගන්නේ වසර දහසකට වරකි. තත්ත්වය එසේ වුවත් සොරාසොඬ දිව්‍ය පුත්‍රයෝ, වැලෙන් ගෙඩියක් ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් යුතුව, දිව්‍යමය පානයට ඇති ආශාව ඉවසාගෙන, නිරතුරුව වැල ළඟට ගොස් ‘වැල නිරෝගීව පවතීදැ’යි සොයා බලති. ඉතින් රජතුමනි, ඔබතුමා මෙසේ එක් අවුරුද්දකින්ම කලකිරුණෙහිය. ආශාවක් පල දැරීම සැප ගෙන දෙන්නකි. එබැවින් නොම කලකිරෙණු මැනවැ’යි කී කුමරිය තවදුරටත් මෙසේ ද පැවසුවාය.

“ආසාවතී නාම ලතා, ජාතා චිත‍්තලතාවනෙ; තස‍්සා වස‍්සසහස‍්සෙන, එකං නිබ‍්බත‍්තතෙ ඵලං.

ආසාවතී නාම ලතා ජාතා චිත්තලතා වනෙ, තස්සා වස්සසහස්සෙන - එකං නිබ්බත්තතෙ ඵලං

‘චිත්‍රලතා’ වනයෙහි ‘ආසාවතී’ නම් වැලක් ඇත. ඒ වැලෙහි වසර දහසකට වරක් ගෙඩියක් හට ගැනේ.

“තං දෙවා පයිරුපාසන‍්ති, තාව දූරඵලං සතිං; ආසීසෙව තුවං රාජ, ආසා ඵලවතී සුඛා.

තං දෙවා පයිරුපසන්ති තාවදූර ඵලංසතිං, ආසිංසෙව තුවංරාජ, ආසා ඵලවතී සුඛා

එතරම් දුර්ලභ ව ගෙඩි හට ගන්නා කල්හිද, ඒ වැල කරා දෙවිවරු එළඹෙති. රජතුමනි, ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න. ආශාව සඵල වුවොත් සැපතකි.

“ආසීසතෙව සො පක‍්ඛී, ආසීසතෙව සො දිජො; තස‍්ස චාසා සමිජ‍්ඣති, තාව දූරගතා සතී; ආසීසෙව තුවං රාජ, ආසා ඵලවතී සුඛා”ති.

3. පක්‍ෂියා බලාපොරොත්තු සහගත වූයේමය. ඒ කුරුල්ලා බලාපොරොත්තු සහගත වූයේමය. කුරුල්ලාගේ ආශාව එතරම් දුරට ගිය එකක් වුවද, එය ඉටු විය. එබැවින් රජතුමනි, ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න. ආශාව සඵල වුවොත් සැපතෙකි.

තත්‍ථ ආසාවතීති එවංනාමිකා. සා හි යස‍්මා තස‍්සා ඵලෙ ආසා උප‍්පජ‍්ජති, තස‍්මා එතං නාමං ලභති. චිත‍්තලතාවනෙති එවංනාමකෙ උය්‍යානෙ. තස‍්මිං කිර උය්‍යානෙ තිණරුක‍්ඛලතාදීනං පභා තත්‍ථ පවිට‍්ඨපවිට‍්ඨානං දෙවතානං සරීරවණ‍්ණං චිත‍්තං කරොති, තෙනස‍්ස “චිත‍්තලතාවන”න‍්ති නාමං ජාතං. පයිරුපාසන‍්තීති පුනප‍්පුනං උපෙන‍්ති. ආසීසෙවාති ආසීසාහියෙව පත්‍ථෙහියෙව, මා ආසච‍්ඡෙදං කරොහීති.

මෙහි ‘ආසාවතී’ යනු ඒ වැල මේ නම ඇත්තීය. යම්හෙයකින් ඒ වැලේ ගෙඩිවලට ආශා උපදී ද? එබැවින් මේ නම ලැබිණි. ‘චිත්තලතා වනෙ’ යනු මේ නම ඇති උයනෙහි වූ ගස්-වැල්වල ප්‍රභාව එහි පිවිසි පිවිසි දෙවියන්ගේ සිරුරු විසිතුරු කරයි. එහෙයින් එයට ‘චිත්‍රලතාවන්’ යන නම ලැබිණි’ යන අර්ථයි. ‘පයිරුපාසන්ති’ යනු ‘නැවත නැවත එළඹෙති’ යන අර්ථයි. ‘ආසිංසෙව’ යනු ‘බලාපොරොත්තුවෙන් ඉන්න, ප්‍රාර්ථනා කරන්න, ආශාව සිඳ දමන්න’ යන අර්ථයි.

රාජා තස‍්සා කථාය බජ‍්ඣිත්‍වා පුන අමච‍්චෙ සන‍්නිපාතාපෙත්‍වා දසනාමකං කාරෙත්‍වා නාමං ගවෙසන‍්තො අපරම‍්පි සංවච‍්ඡරං වසි. තස‍්සා දසනාමකම‍්පි නාමං නාහොසි, “අසුකා නාමා”ති වුත‍්තෙ බොධිසත‍්තො පටික‍්ඛිපතෙව. පුන රාජා “කිං මෙ ඉමායා”ති තුරඞ‍්ගං ආරුය‍්හ පායාසි. සාපි පුන වාතපානෙ ඨත්‍වා අත‍්තානං දස‍්සෙසි. රාජා “තිට‍්ඨ ත්‍වං, මයං ගමිස‍්සාමා”ති ආහ. “කස‍්මා යාසි, මහාරාජා”ති? “තව නාමං ජානිතුං න සක‍්කොමී”ති. “මහාරාජ, කස‍්මා නාමං න ජානිස‍්සසි, ආසා නාම අසමිජ‍්ඣනකා නාම නත්‍ථි, එකො කිර බකො පබ‍්බතමුද‍්ධනි ඨිතො අත‍්තනා පත්‍ථිතං ලභි, ත්‍වං කස‍්මා න ලභිස‍්සසි, අධිවාසෙහි, මහාරාජා”ති. එකො කිර බකො එකස‍්මිං පදුමසරෙ ගොචරං ගහෙත්‍වා උප‍්පතිත්‍වා පබ‍්බතමත්‍ථකෙ නිලීයි. සො තං දිවසං තත්‍ථෙව වසිත්‍වා පුනදිවසෙ චින‍්තෙසි “අහං ඉමස‍්මිං පබ‍්බතමත්‍ථකෙ සුඛං නිසින‍්නො, සචෙ ඉතො අනොතරිත්‍වා එත්‍ථෙව නිසින‍්නො ගොචරං ගහෙත්‍වා පානීයං පිවිත්‍වා ඉමං දිවසං වසෙය්‍යං, භද්‍රකං වත අස‍්සා”ති. අථ තං දිවසමෙව සක‍්කො දෙවරාජා අසුරනිම‍්මථනං කත්‍වා තාවතිංසභවනෙ දෙවිස‍්සරියං ලද‍්ධා චින‍්තෙසි ‘මම තාව මනොරථො මත්‍ථකං පත‍්තො, අත්‍ථි නු ඛො අඤ‍්ඤො කොචි අපරිපුණ‍්ණමනොරථො’ති උපධාරෙන‍්තො තං දිස‍්වා ‘ඉමස‍්ස මනොරථං මත්‍ථකං පාපෙස‍්සාමී’ති බකස‍්ස නිසින‍්නට‍්ඨානතො අවිදූරෙ එකා නදී අත්‍ථි, තං නදිං ඔඝපුණ‍්ණං කත්‍වා පබ‍්බතමත්‍ථකෙන පෙසෙසි. සොපි බකො තත්‍ථෙව නිසින‍්නො මච‍්ඡෙ ඛාදිත්‍වා පානීයං පිවිත්‍වා තං දිවසං තත්‍ථෙව වසි, උදකම‍්පි භස‍්සිත්‍වා ගතං. “එවං, මහාරාජ, බකොපි තාව අත‍්තනො ආසාඵලං ලභි, කිං ත්‍වං න ලභිස‍්සසී”ති වත්‍වා “ආසීසතෙවා”තිආදිමාහ.

ඇයගේ කථාවෙහි බැඳුණු රජතුමා නැවත වතාවක් ඇමැතියන් රැස් කරවා දිනකට දහයක් බැගින් නම් සාදවමින් නම් සොයමින්, තවත් වසරක් ගත කෙළේය. දිනපතා තාපසතුමා වෙත ඉදිරිපත් කරනු ලැබූ නම් අතුරෙහි ද, කුමරියගේ නම නොවීය. දිනපතා ඉදිරිපත් කෙරුණු නම් දිනපතාම තවුසා වෙතින් ප්‍රතික්‍ෂේප විණි. ඉන් කළකිරුණු රජතුමා ‘මැයගෙන් මට කවර ප්‍රයෝජනයක්දැ’යි කියා, අසුපිට නැග සිය මාලිගය බලා යන්නට පිටත් විය. මෙදින ද කුමරිය ඇයගේ මාලිගාවෙහි ජනේලය ළඟ සිට අවට සිරි නරඹමින් සිටියාය. ඇය දුටු රජතුමා ‘ඔබ සුව සේ හිඳිනු මැනවි. අපි යන්නෙමු’යි කීය. ‘මහරජතුමනි, ඔබ කුමක් නිසා මෙහෙන් පිටව යෙහිද?’ ‘ඔබේ නම දැනගන්නට අපොහොසත් නිසාය’ ‘මහරජතුමනි, කුමක් නිසා නම සොයා ගැනීමට අපහසු ද? ඉටු කොට ගත නොහැකි ආශාවක් නම් ලොවේ නැත. එබැවින් මගේ මේ වචනය ඇසුව මැනවැ’යි කී කුමරිය ඇගේ කථාව මෙසේ ආරම්භ කළාය. ‘පර්වත මුදුනක සිය නිවහන තනාගෙන සිටි එක් කොකෙක් තමාගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටුකර ගත්තේය. ඉතින් රජතුමනි, ඔබට ඔබේ අදහස ඉටු කොටගත නොහැක්කේ කුමක් නිසාද? එබැවින් ඉවසනු මැනවි. මා ඉහතින් දැක්වූ කථාවෙහි එන කොකා, කිසියම් පියුම් විලෙක දිනපතා ගොදුරු ගෙන පියඹා ගොස් සිය නිවහන පිහිටා ඇති පර්වත මුදුනට යයි. දිනපතා මේ කාර්යයෙහි නියැළෙන කොකා, කිසියම් දවසක මෙසේ සිතුවේය. මම මේ පර්වත මුදුනෙහි සුව සේ හිඳිමි. ඉදින් මෙතැනින් ඉගිල නොගොස්, මෙහිම හිඳ ගොදුරු ද ගෙන පැන් ද බී, මුළු දවසම මෙහි ම වෙසෙන්නට ඇත්නම්, එය කෙතරම් සොඳුරු වන්නේද?’ යනුවෙනි. එදිනම සක් දෙව්රජ අසුරයන් මැඩ, තවුතිසා භවනයට වී දෙව් ඉසුරු ලැබ ‘මම මගේ බලාපොරොත්තු ඉටුකොට ගත්තෙමි. මෙලොව එසේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට නොහැකි වූ යමෙක් ඇද්දැ’යි, සිතා බැලුවේය. එවිට ඉහත කී කොකා දැක මම ‘මේ කොකාගේ මනෝරථය මස්තකයට පමුණුවන්නෙමි’යි සිතා, ඌ වසන පර්වතය සමීපයෙන් ගලායන නදිය ජලයෙන් පුරවා, සැඩ පහරින් ජලධාරාව පර්වත මුදුන දක්වා එසවීය. ඒ දුටු කොකා එහිම හිඳ මාලුවන් අල්ලාගෙන කා, පැන් ද බී, එදා දවස එතැනම, සතුටින් ගත කෙළේය. පසුව ජලය බැස ගොස් නදිය තිබූ තත්ත්වයට පත්විය. ‘මහරජතුමනි, මෙසේ කොකා ද තමාගේ ආශාව ඉටුකොට ගෙන එහි ඵලය භුක්ති වින්දේය. ඉතින් ඔබට ඔබේ මනදොළ ඉටු කරගන්නට බැරි මන්දැ’යි කී කුමරිය ඉහත (3) ගාථාව ප්‍රකාශ කළාය.

තත්‍ථ ආසීසතෙවාති ආසීසතියෙව පත්‍ථෙතියෙව. පක‍්ඛීති පක‍්ඛෙහි යුත‍්තතාය පක‍්ඛී. ද‍්වික‍්ඛත‍්තුං ජාතතාය දිජො. තාව දූරගතා සතීති පබ‍්බතමත්‍ථකතො මච‍්ඡානඤ‍්ච උදකස‍්ස ච දූරභාවං පස‍්ස, එවං දූරගතා සමානා සක‍්කස‍්ස ආනුභාවෙන බකස‍්ස ආසා පූරියෙවාති.

මෙහි ‘ආසිංසථෙව’ යනු ‘බලාපොරොත්තු වූයේ මය. ප්‍රාර්ථනා කෙළේමය.’ යන අර්ථයි. ‘පක්ඛී’ යනු ‘පියාපත්වලින් යුතු බැවින්, පක්ඛී නම් වේ. දෙවරක් උපදින බැවින් ‘ද්විජ’ නම් ද වේ. ‘තාව දූරගතා සති’ යනු ‘පර්වත මුදුනේ සිට මාලුවන්ට සහ ජලයට ඇති දුර ගැන සලකා බලන්න. මෙපමණ දුරට ගිය එකක් වුවත් ශක්‍රයාගේ ආනුභාවයෙන් කොකාගේ ආශාව සපිරුණි, යන අර්ථයි.

අථ රාජා තස‍්සා කථං සුත්‍වා රූපෙ බජ‍්ඣිත්‍වා කථාය අල‍්ලීනො ගන‍්තුං අසක‍්කොන‍්තො අමච‍්චෙ සන‍්නිපාතෙත්‍වා සතනාමං කාරෙසි, සතනාමවසෙන නාමං ගවෙසතොපිස‍්ස අඤ‍්ඤං සංවච‍්ඡරං අතීතං . සො තිණ‍්ණං සංවච‍්ඡරානං අච‍්චයෙන බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා සතනාමවසෙන “අසුකා නාම භවිස‍්සතී”ති පුච‍්ඡි. “න ජානාසි, මහාරාජා”ති. සො “ගමිස‍්සාම දානි මය”න‍්ති බොධිසත‍්තං වන්‍දිත්‍වා පායාසි. ආසඞ‍්කා කුමාරිකා ච පුන ඵලිකවාතපානං නිස‍්සාය ඨිතාව. රාජා තං දිස‍්වා “ත්‍වං අච‍්ඡ, මයං ගමිස‍්සාමා”ති ආහ. “කස‍්මා, මහාරාජා”ති. “ත්‍වං මං වචනෙනෙව සන‍්තප‍්පෙසි, න ච කාමරතියා, තව මධුරවචනෙන බජ‍්ඣිත්‍වා වසන‍්තස‍්ස මම තීණි සංවච‍්ඡරානි අතික‍්කන‍්තානි, ඉදානි ගමිස‍්සාමී”ති ඉමා ගාථා ආහ –

ඉක්බිති රජතුමා ඇයගේ කථාව අසා, ඇගේ රූසිරියෙහි බැඳුනු සිත් ඇතිව ඇගේ කථාවෙහි ද ඇලී, යා ගත නොහැකිව ඇමතියන් නැවත රැස් කරවා, එදා සිට දිනකට නම් සියයක් සෑදීමට තීරණය කෙළේය. මෙසේ නම් සෙවීමටත්, නිර්මාණය කිරීමටත්, තවත් වසරක් ගතවිය. සියලු නම් රැගෙන ගොස් තාපසතුමාට ඉදිරිපත් කළ මුත් සියල්ල ප්‍රතික්‍ෂේප විය. එවේලේම සියල්ල හැර දමා නුවර බලා යන්නට තීරණය කළ රජතුමා ඒ සඳහා බෝසත් තවුසාට වැඳ නමස්කාර කොට අවසර ගත්තේය. පෙර මෙන්ම කුමරිය ද කවුළු දොර සිට, කැලයෙන් නික්මෙන්නට සූදානම් වන රජු දැක, ඒ දෙස විමසිලිමත්ව බැලුවාය. ඒ දුටු රජතුමා ‘කුමරිය ඔබ මෙහි හිඳිනු මැනවි, ස්ථිරව ම මම මෙහෙන් යන්නට යන්නෙමි’යි කීය. ‘මහරජතුමනි, ඊට හේතුව කුමක්ද?’ ‘ඔබ මෙතෙක් වචනයෙන් පමණක් මා සන්තර්පණය කෙළෙහිය. එහෙත් ඒ කායික ඇසුරකින් තොරවය. ඔබේ වචනවල බැඳී කටයුතු කළ මට, මෙතැනට ම වසර තුනක් කල්ගත විය. එබැවින් මේ දැන් මෙහෙන් පිටවන්නෙමි’යි, මේ ගාථාවන් ප්‍රකාශ කෙළේය.

“සම‍්පෙසි ඛො මං වාචාය, න ච සම‍්පෙසි කම‍්මුනා; මාලා සෙරෙය්‍යකස‍්සෙව, වණ‍්ණවන‍්තා අගන්‍ධිකා.

4. සුවඳ නැති වර්ණවත් වූ කටුකරඬු මල් මෙන්, වචනයෙන් මා සන්තර්පණය කෙළෙහිය. ක්‍රියාවෙන් එසේ නො කෙළෙහිය.

“අඵලං මධුරං වාචං, යො මිත‍්තෙසු පකුබ‍්බති; අදදං අවිස‍්සජං භොගං, සන්‍ධි තෙනස‍්ස ජීරති.

5. යමෙක් මිතුරන් විෂයෙහි සම්පත් බෙදා නො දෙන්නේ ද? පරිත්‍යාග නො කරන්නේද? මිහිරි වචන පමණක් කථා කෙරේ නම්, එය නිශ්ඵලය. එවැනි කෙනකු හා ඇති සම්බන්ධය ඉක්මණින් අවසන් වේ.

“යඤ‍්හි කයිරා තඤ‍්හි වදෙ, යං න කයිරා න තං වදෙ; අකරොන‍්තං භාසමානං, පරිජානන‍්ති පණ‍්ඩිතා.

6. යමක් කරන්නේ නම්, එය කියන්නේය. යමක් නොකරන්නේ නම්, එය නො කියන්නේය. නොකර කියන අය ගැන, පඬිවරු හොඳින් දනිති.

“බලඤ‍්ච වත මෙ ඛීණං, පාථෙය්‍යඤ‍්ච න විජ‍්ජති; සඞ‍්කෙ පාණූපරොධාය, හන්‍ද දානි වජාමහ”න‍්ති.

7. මගේ බලය ද, ඒකාන්ත වශයෙන් ම අඩුය. මගවියදම් ද, අවසන්ය. ජීවිත හානිය ගැන සැක උපදී. එබැවින් ස්ථිර වශයෙන් ම මම දැන් යමි.

තත්‍ථ සම‍්පෙසීති සන‍්තප‍්පෙසි පීණෙසි. සෙරෙය්‍යකස‍්සාති සුවණ‍්ණකුරණ‍්ඩකස‍්ස. දෙසනාසීසමෙවෙතං, යංකිඤ‍්චි පන සුවණ‍්ණකුරණ‍්ඩකජයසුමනාදිකං අඤ‍්ඤම‍්පි පුප‍්ඵං වණ‍්ණසම‍්පන‍්නං අගන්‍ධකං, සබ‍්බං තං සන්‍ධායෙවමාහ. වණ‍්ණවන‍්තා අගන්‍ධිකාති යථා සෙරෙය්‍යකාදීනං මාලා වණ‍්ණවන‍්තතාය දස‍්සනෙන තප‍්පෙති, අගන්‍ධතාය ගන්‍ධෙන න තප‍්පෙති, එවං ත්‍වම‍්පි දස‍්සනෙන පියවචනෙන ච සන‍්තප‍්පෙසි, න කම‍්මුනාති දීපෙති. අදදන‍්ති භද‍්දෙ, යො “ඉමං නාම වො භොගං දස‍්සාමී”ති මධුරවචනෙන වත්‍වා තං භොගං අදදන‍්තො අවිස‍්සජ‍්ජෙන‍්තො කෙවලං මධුරවචනමෙව කරොති, තෙන සද‍්ධිං අස‍්ස මිත‍්තස‍්ස සන්‍ධි ජීරති, මිත‍්තසන්‍ථවො න ඝටීයති. පාථෙය්‍යඤ‍්චාති භද‍්දෙ, මය‍්හං තව මධුරවචනෙන බජ‍්ඣිත්‍වා තීණි සංවච‍්ඡරානි වසන‍්තස‍්සෙව හත්‍ථිඅස‍්සරථපත‍්තිසඞ‍්ඛාතං බලඤ‍්ච ඛීණං, මනුස‍්සානං භත‍්තවෙතනසඞ‍්ඛාතං පාථෙය්‍යඤ‍්ච නත්‍ථි. සඞ‍්කෙ පාණූපරොධායාති ස‍්වාහං ඉධෙව අත‍්තනො ජීවිතවිනාසං ආසඞ‍්කාමි, හන්‍ද දානාහං ගච‍්ඡාමීති.

මෙහි ‘සම්පෙසි’ යනු ‘සන්තර්පණය කෙළේය. පිනවීය’ යනු අර්ථයි. ‘මාලා සෙරෙය්‍යකස්සෙව’ යනු ‘කටු කරඬු ගසේ මල්’ යන අර්ථයි. මෙය දේශනා ශීර්ෂයකි. එනම් ප්‍රකට කියමනකි. මෙහිදී කිසියම් ‘රන්කරඬු’ මල් හෝ වදමල් ආදී වූ වෙනත් වර්ණවත්, එහෙත් සුවඳ නැති, මල් වේ නම්, ඒ සියල්ල සඳහා මෙසේ කියන ලදි. ‘වණ්ණවන්තා අගන්‍ධිකා’ යනු ‘යම් සේ කටුකරඬු ආදී මල් මාලාවක් වර්ණවත් බැවින් දර්ශනයෙන් පමණක් සන්තර්පණය කෙරේද? සුවඳ නැති බැවින් එයින් සන්තර්පණය නොකෙරේ. එසේ ඔබ දර්ශනයෙන් ද, ප්‍රිය වචනයෙන්ද, මා සන්තර්පණය කෙරෙහිය, නමුත් ක්‍රියාවෙන් එසේ නැතැයි දක්වයි’ යන අර්ථයි. ‘අදදං’ යනු ‘සොඳුර, යමෙක් ඔබට මෙනම් වස්තුව දෙන්නෙමි’යි මිහිරි වචනයෙන් කියා, ඒ වස්තුව නොදෙමින්, පරිත්‍යාග නොකරමින්, හුදු මිහිරි වචනයෙන් පමණක් සංග්‍රහ කෙරේද? ඒ දෙදෙනාගේ සම්බන්ධය ඉතා ඉක්මණින් අවසන් වේ. එය මිතුරුකමට නොගැලපේ’ යන අර්ථයි. ‘පාථෙය්‍යඤ්ච’ යනු ‘සොඳුර, ඔබේ මිහිරි වචනයෙන් බැඳී වසර තුනක් මෙහි වෙසෙන මගේ ඇත්-අස්-රිය-පාබල සංඛ්‍යාත බලය ද අඩුවිය. මිනිසුන්ට ගෙවන බත් වැටුප් සංඛ්‍යාත මගවියදම් ද නැත’ යන අර්ථයි. ‘සංඛෙත පාණුපරොධාය’ යනු ‘ඒ මම මෙහි ම මගේ ජීවිතය විනාශ වේ යැ’යි සැක කරමි. එබැවින් ස්ථිර වශයෙන්ම මම දැන් යමි’ යන අර්ථයි.

ආසඞ‍්කා කුමාරිකා රඤ‍්ඤො වචනං සුත්‍වා “මහාරාජ, ත්‍වං මය‍්හං නාමං ජානාසි, තයා වුත‍්තමෙව මම නාමං, ඉදං මෙ පිතු කථෙත්‍වා මං ගණ‍්හිත්‍වා යාහී”ති රඤ‍්ඤා සද‍්ධිං සල‍්ලපන‍්තී ආහ –

රජතුමාගේ හැඟුම්බර මේ වදන් අසා සිටි, ආසංකා කුමරිය මහරජතුමනි, ඔබ මගේ නම දැන් දැනගන්න. ඒ මගේ ම පියතුමාට කියා, මා කැටුව යනු මැනවැ’යි රජු සමග කථා කරමින් මෙසේ කීවාය.

“එතදෙව හි මෙ නාමං, යංනාමස‍්මි රථෙසභ; ආගමෙහි මහාරාජ, පිතරං ආමන‍්තයාමහ”න‍්ති.

8. මහරජ, නාම අතුරෙන් මගේ නම යමක් නම්, ඒ (අසංකා යන) මෙයයි. රජතුමනි, ටිකක් හිටින්න, මම පියාට කථා කරමි.

තස‍්සත්‍ථො – යංනාමා අහං අස‍්මි, තං එතං ආසඞ‍්කාත්‍වෙව මම නාමන‍්ති.

මම යම් නමක් ඇත්තී වෙම්ද? ආසංකා යන මෙය මගේ නමයි, යන අර්ථයි.

තං සුත්‍වා රාජා බොධිසත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “භන‍්තෙ, තුම‍්හාකං ධීතා ආසඞ‍්කා නාමා”ති ආහ. “නාමං ඤාතකාලතො පට‍්ඨාය තං ගහෙත්‍වා ගච‍්ඡ, මහාරාජා”ති. සො මහාසත‍්තං වන්‍දිත්‍වා ඵලිකවිමානද‍්වාරං ආගන‍්ත්‍වා ආහ – “භද‍්දෙ, පිතරාපි තෙ මය‍්හං දින‍්නා, එහි දානි ගමිස‍්සාමා”ති. “ආගමෙහි, මහාරාජ, පිතරං ආමන‍්තයාමහ”න‍්ති පාසාදා ඔතරිත්‍වා මහාසත‍්තං වන්‍දිත්‍වා රොදිත්‍වා ඛමාපෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ආගතා. රාජා තං ගහෙත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා පුත‍්තධීතාහි වඩ‍්ඪන‍්තො පියසංවාසං වසි. බොධිසත‍්තො අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකෙ උප‍්පජ‍්ජි.

රජතුමා කුමරියගේ ඒ කථාව අසා බෝසතුන් වෙත ගොස් වැඳ, ‘ස්වාමීනි, ඔබතුමාගේ දියණිය ‘අසංකා’ යන නම් ඇත්තී යැ’යි කීවේය. එවිට බෝසත් තවුසා ‘මහරජ, ඇගේ නම දැනගත් තැන් පටන්, ඇය ඔබටම අයිතිය. එබැවින් ඇය රැගෙන යනු මැනවැ’යි කීය. අනතුරුව රජතුමා තවුසාට වැඳ, පළිඟුමය මැදුරු දොරටුව වෙත පැමිණ, කුමරිය අමතා සොඳුර, අද ඔබේ පියා විසින් ම ඔබ මට පාවා දෙන ලද්දීය. එබැවින් එන්න. අපි දැන් යමු’යි කීය. එවිට කුමරිය ‘මහරජතුමනි, ටිකක් හිටින්න. මම මගේ පියාට කථාකොට එන්නෙමැ’යි කියා, පළිඟු පහයෙන් බිමට බැස බෝසතුන් වෙත ගොස් දෙපා නැමද, හඬා සමා කරවාගෙන, රජු වෙත පැමිණියාය. රජතුමා ද ඇය පිළිගෙන, බරණැසට කැටුව ගොස්, අගමෙහෙසි තනතුර ද ඇයට පිරිනමා, දූ දරුවන් ද වඩමින් ප්‍රිය සංවාසයෙන් කල්ගත කෙළේය. පසුකලෙක බෝසත් තවුසා නොපිරිහුණු ධ්‍යාන ඇතිව වැස, දිවි කෙළවර බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා ආසඞ‍්කා කුමාරිකා පුරාණදුතියිකා අහොසි, රාජා උක‍්කණ‍්ඨිතභික‍්ඛු, තාපසො පන අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාවසානයෙහි කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා ආසංකා කුමාරිකාව නම් අද පැරණි බිරියයි. රජතුමා නම්, උකටලී වූ භික්‍ෂුවයි. තාපසතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

ආසඞ‍්කජාතකවණ‍්ණනා පඤ‍්චමා.