යෙදුමෙන් කියවන්න

7. සිරිකාළකණ‍්ණිජාතකවණ‍්ණනා 382 අට‍්ඨකථා

7. සිරිකාළකණ‍්ණිජාතකවණ‍්ණනා (382)

7. සිරිකාලකණ්ණි ජාතකය (382)

කා නු කාළෙන වණ‍්ණෙනාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකං ආරබ‍්භ කථෙසි. සො හි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතකාලතො පට‍්ඨාය අඛණ‍්ඩානි පඤ‍්ච සීලානි රක‍්ඛි, භරියාපිස‍්ස පුත‍්තධීතරොපි දාසාපි භතිං ගහෙත්‍වා කම‍්මං කරොන‍්තා කම‍්මකරාපි සබ‍්බෙ රක‍්ඛිංසුයෙව. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, අනාථපිණ‍්ඩිකො සුචියෙව සුචිපරිවාරො හුත්‍වා චරතී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙ පොරාණකපණ‍්ඩිතාපි සුචීයෙව සුචිපරිවාරා අහෙසු”න‍්ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

‘කානු කාළෙන වණ්ණෙන’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, අනේපිඬු සිටුතුමා අරබයා වදාළ සේක. මේ සිටුතුමා සෝවාන් ඵලයෙහි පිහිටි තැන් පටන්, නොකඩවා පන්සිල් රකියි. එතුමාගේ බිරිය ද, දූ දරුවෝ ද, දාසයෝ ද, වැටුපට වැඩ කරන කම්කරුවෝ ද යන මේ සියලුදෙනා, අඛණ්ඩව පන්සිල් රැක්කෝය. එක් දවසක දම්සභාවට රැස්වූ, භික්‍ෂූහු ‘ඇවැත්නි, අනාථ පිණ්ඩික සිටුතුමා තමා පිරිසිදු චරිත ඇත්තෙක්ව, එබඳුම පිරිසක් පිරිවරාගෙන වෙසේ යැ’යි, ඒ ගැන කථා කරමින් හුන්හ. එවේලෙහි එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් කථා කරමින් හුන් කරුණු ගැන ඔවුගෙන්ම අසා දැන, ‘මහණෙනි, දැන් මෙකල පමණක් නොව, පෙර විසූ පඬිවරු පවා, තමනුත් පිරිසිදු චරිත ඇතිව, එවැනිම අය පිරිවර කොටගෙන විසූහ’යි වදාරා, ඒ භික්‍ෂූන්ගේ අයැදුමෙන් මේ අතීත කථාපුවත ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සෙට‍්ඨි හුත්‍වා දානං අදාසි, සීලං රක‍්ඛි, උපොසථකම‍්මං කරි, භරියාපිස‍්ස පඤ‍්ච සීලානි රක‍්ඛි, පුත‍්තධීතරොපි දාසකම‍්මකරපොරිසාපි පඤ‍්ච සීලානි රක‍්ඛිංසු. සො සුචිපරිවාරසෙට‍්ඨිත්‍වෙව පඤ‍්ඤායිත්‍ථ. අථෙකදිවසං සො චින‍්තෙසි “සචෙ මයා සුචිපරිවාරසීලො කොචි ආගමිස‍්සති, තස‍්ස මම නිසීදනපල‍්ලඞ‍්කං වා නිපජ‍්ජනසයනං වා දාතුං න යුත‍්තං, අනුච‍්ඡිට‍්ඨං අපරිභුත‍්තං දාතුං වට‍්ටතී”ති අත‍්තනො වසනට‍්ඨානෙයෙව එකපස‍්සෙ අපරිභුත‍්තපල‍්ලඞ‍්කඤ‍්ච සෙනාසනඤ‍්ච පඤ‍්ඤාපෙසි. තස‍්මිං සමයෙ චාතුමහාරාජිකදෙවලොකතො විරූපක‍්ඛමහාරාජස‍්ස ධීතා කාළකණ‍්ණී ච නාම ධතරට‍්ඨමහාරාජස‍්ස ධීතා සිරී ච නාමාති ඉමා ද‍්වෙ බහුං ගන්‍ධමාලං ආදාය “අනොතත‍්තෙ කීළිස‍්සාමා”ති අනොතත‍්තතිත්‍ථං ආගච‍්ඡිංසු. තස‍්මිං පන දහෙ බහූනි තිත්‍ථානි, තෙසු බුද‍්ධානං තිත්‍ථෙ බුද‍්ධායෙව න‍්හායන‍්ති, පච‍්චෙකබුද‍්ධානං තිත්‍ථෙ පච‍්චෙකබුද‍්ධාව න‍්හායන‍්ති, භික‍්ඛූනං තිත්‍ථෙ භික‍්ඛූව න‍්හායන‍්ති, තාපසානං තිත්‍ථෙ තාපසාව න‍්හායන‍්ති, චාතුමහාරාජිකාදීසු ඡසු කාමසග‍්ගෙසු දෙවපුත‍්තානං තිත්‍ථෙ දෙවපුත‍්තාව න‍්හායන‍්ති, දෙවධීතානං තිත්‍ථෙ දෙවධීතාව න‍්හායන‍්ති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ සිටුවරයෙක්ව ඉපිද නිරතුරු දන් දෙයි. සිල් රකියි. පොහෝ කටයුතු කරයි. එතුමාගේ බිරිඳ ද, දූ දරුවෝ ද, දාස-කම්කරු පිරිස ද, පන්සිල් රකිති. පිරිසිදු ජීවිත ගත කරති. එබැවින් මේ සිටුවරයා ‘සුචි පරිවාර’ සිටුතුමා යැයි ප්‍රකට විය. ඉක්බිති එක් දවසක් ඒ සිටුතුමා ‘ඉදින් යම්කිසි පිරිසිදු චරිත ඇති, එවැනි අයම පිරිවර කොටගත් යම් කිසිවෙක් මා වෙතට පැමිණෙත් ද, කවරකු පැමිණියත් ඔහුට මම, මා හිඳින ආසනය හෝ නිදන ඇඳ හෝ, පරිත්‍යාග කිරීමට නුසුදුසුය. මක්නිසාද යත්, ඒවා මා පරිභෝග කළ භාණ්ඩ නිසාය. යමක් දිය යුතු නම්, නොඉඳුල් දෙයක් ම දීමට සුදුසුය. මෙසේ සිතූ එතුමා තමාගේ සමීපයෙහි එක් පැත්තකින්, පරිභෝග නොකරන ලද ආසනයක් ද, යහනාවක් ද, පනවන්නට සැලැස්වීය. මේ කාලයේ චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයෙහි ‘විරූපාක්‍ෂ’ මහරජතුමාට ‘කාලකණ්ණි’ නම් දියණියක් වූවාය. එම දෙව්ලොවම ධෘතරාෂ්ට්‍ර මහරජුට ‘සිරි’ නම් දියණියක් වූවාය. මේ දූ කුමාරිකාවෝ දෙදෙනා, බොහෝ සුවඳ වර්ග, මල්මාලා ගෙන ‘අනෝතත්ත විලෙහි දිය කෙළින්නෙමු’යි කියා, විලෙහි ඉවුරට පැමිණියහ. මේ අනෝතත්ත විලට තොටපළවල් කිහිපයක් විය. ඒවා අතුරෙන් බුදුවරුන්ගේ තොටුපළෙහි බුදුවරු පමණක්ම ස්නානය කරති. පසේ බුදුවරුන්ගේ තොටුපළෙහි පසේ බුදුවරු පමණක්ම නාති. භික්‍ෂූන්ගේ තොටුපළවල භික්‍ෂූන් පමණක් නාති. එහි තවුස් කොටසෙහි තවුසෝ පමණක් නාති. චාතුර්මහා රාජිකය මුල්කොට ඇති, දිව්‍ය ලෝක හයේම දිව්‍ය පුත්‍රයෝ ඔවුන්ට අයත් තොටෙහි ජල ස්නානය කෙරෙති. එකී දෙව්ලෝවල දෙව්දූවරු, ඒ අයටම වෙන්වුණු තොටුපළෙහි දිය නාති.

තත්‍රිමා ද‍්වෙ ආගන‍්ත්‍වා “අහං පඨමං න‍්හායිස‍්සාමි, අහං පඨම”න‍්ති තිත්‍ථාය කලහං කරිංසු. කාළකණ‍්ණී “අහං ලොකං පාලෙමි විචාරෙමි, තස‍්මා පඨමං නායිතුං යුත‍්තාම‍්හී”ති වදති. සිරී “අහං මහාජනස‍්ස ඉස‍්සරියදායිකාය පටිපදාය ඨිතා, තස‍්මා පඨමං න‍්හායිතුං යුත‍්තාම‍්හී”ති වදති. තා “අම‍්හෙසු පඨමං න‍්හායිතුං යුත‍්තරූපං වා අයුත‍්තරූපං වා චත‍්තාරො මහාරාජානො ජානිස‍්සන‍්තී”ති තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා “අම‍්හෙසු කා පඨමං අනොතත‍්තදහෙ න‍්හායිතුං යුත‍්තරූපා”ති පුච‍්ඡිංසු. ධතරට‍්ඨවිරූපක‍්ඛා “න සක‍්කා අම‍්හෙහි විනිච‍්ඡිනිතු”න‍්ති විරූළ‍්හකවෙස‍්සවණානං භාරමකංසු. තෙ “අම‍්හෙපි න සක‍්ඛිස‍්සාම, සක‍්කස‍්ස පාදමූලෙ පෙසෙස‍්සාමා”ති තා සක‍්කස‍්ස සන‍්තිකං පෙසෙසුං. සක‍්කො තාසං වචනං සුත්‍වා චින‍්තෙසි “ඉමා ද‍්වෙපි මම පුරිසානඤ‍්ඤෙව ධීතරො, න සක‍්කා මයා ඉමං අඩ‍්ඩං විනිච‍්ඡිනිතු”න‍්ති. අථ තා සක‍්කො ආහ “බාරාණසියං සුචිපරිවාරො නාම සෙට‍්ඨි අත්‍ථි, තස‍්ස ඝරෙ අනුච‍්ඡිට‍්ඨසයනඤ‍්ච පඤ‍්ඤත‍්තං, යා තත්‍ථ නිසීදිතුං වා සයිතුං වා ලභති, සා පඨමං න‍්හායිතුං යුත‍්තරූපා”ති. තං සුත්‍වා කාළකණ‍්ණී තස‍්මිං ඛණෙයෙව නීලවත්‍ථං නිවාසෙත්‍වා නීලවිලෙපනං විලිම‍්පිත්‍වා නීලමණිපිළන්‍ධනං පිළන්‍ධිත්‍වා යන‍්තපාසාණො විය දෙවලොකතො ඔතරිත්‍වා මජ‍්ඣිමයාමසමනන‍්තරෙ සෙට‍්ඨිනො පාසාදස‍්ස උපට‍්ඨානද‍්වාරෙ සයනස‍්ස අවිදූරෙ ඨානෙ නීලරස‍්මිං විස‍්සජ‍්ජෙත්‍වා ආකාසෙ අට‍්ඨාසි. සෙට‍්ඨි ඔලොකෙත්‍වා තං අද‍්දස, සහදස‍්සනෙනෙවස‍්ස සා අප‍්පියා අහොසි අමනාපා. සො තාය සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

තම නාන තොටුපළට පැමිණි එකී දෙව් දූවරු දෙදෙනා, ‘මුලින් නාන්නේ මම යැ’යි කියමින් තොටුපළ වෙනුවෙන් කලහ කරන්නට පටන් ගත්හ. මෙහිදී කාලකණ්ණි කථා කරමින් ‘මම ලෝකය පාලනය කරමි. විචාරමි. එබැවින් මුලින් නාන්නට සුදුසුකම් ඇත්තේ මට යැ’යි කීවාය. සිරි දෙව්දුව ඊට පිළිතුරු දෙමින් ‘මම මහජනයාට ඉසුරු ලබා දෙන්නෙමි. යහපත් ප්‍රතිපදාවක පිහිටා කවදත් කටයුතු කරමි. එබැවින් මුලින් නෑමට සුදුසුකම් ඇත්තේ මට යැ’යි, කීවාය. මොවුන්ගේ මේ කෝලාහලය නිමාවට පත්කර ගැනීමට නොහුණු තැන’ අප දෙදෙනා අතුරෙන් මුලින් නෑමට සුදුසු තැනැත්තිය හෝ, නුසුදුසු තැනැත්තිය සතරවරම් රජවරු දනිති. එබැවින් ඔවුන් ළඟට ගොස් ‘අප දෙදෙනා අතුරෙන් පළමුව අනෝතත්ත විලට බැස දියනෑමට කවරියක් සුදුසුදැ’යි ඔවුන්ගෙන් විචාරා දැනගන්නෙමු’යි තීරණය කළ දෙව් දූවරු දෙදෙනා, පළමුකොට ධෘතරාෂ්ට්‍ර හා විරූපාක්‍ෂ යන සිය පිය රජවරුන් දෙදෙනාගෙන් ඉහත කී ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තු වූහ. ඒ රජවරු දෙදෙනාම ‘මෙය අප විසින් විනිශ්චය නොකළ යුතුයැ’යි තීරණය කොට, එය විසඳීම සඳහා වෛශ්‍රවණ-විරූඪ යන රජවරු දෙදෙනාට භාර කළහ. ඔවුහු දෙදෙනාද එය නො විසඳාම සක්රජුට භාර දුන්හ. සක්දෙව් රජු වෙත එළඹුණු දෙව් දූවරු දෙදෙනා, එතුමාට සිය නඩුව ඉදිරිපත් කළහ. ශක්‍රයා ඈලාගේ වචන අසා ‘මේ දෙදෙනා ම මා යටතේ කටයුතු කරන ප්‍රධානීන් දෙපලකගේ දියනිවරු වෙති. එබැවින් මෙය මා විසින් විසඳීමට නුසුදුසු නඩුවකි’යි, තීරණය කොට ‘දියණිවරුනි, බරණැස් නුවර ‘සුචිපරිවාර’ නම් සිටුවරයෙක් ඇත. ඔහුගේ ගෙදර පරිභෝග නොකළ ආසනයක් ද, යහනාවක් ද, පනවා ඇත. ඔබ දෙදෙනාගෙන් කවරියක් හෝ ඒ අසුනේ හිඳ ගැනීමටත්, යහනෙහි සැතපීමටත් අවස්ථාව ලබාද? ඇය අනෝතත්ත විලෙහි පළමුව දිය නෑමට අවසර ලබනු ඇතැ’යි කියා, ඒ දෙදෙනා පිටත්කොට හැරියේය. සක්දෙවිඳුගේ කථාව ඇසූ සැණින්, කාලකණ්ණි නම් දෙව්දුව නිල් වතක් හැඳ, නිල් පැහැති විලවුන් තවරාගෙන, නිල් මැණික් ඔබ්බන ලද පළඳනා පැළඳ, යන්ත්‍ර පාෂාණයක් මෙන්, වහා දෙව්ලොවින් බැස, මධ්‍යම රාත්‍රියට සමාන්තරව සිටුවරයාගේ ප්‍රාසාදයට පැමිණ, එතුමාගේ යහන්ගැබ දොරටුවෙහි, ඔහු නිදා සිටි ඇඳට නුදුරු තැනක සිට, නිල් පැහැති රශ්මිය විහිදුවමින් පොළොවට මඳක් ඉහළින්, අහසෙහි රැඳී සිටියාය. නින්දෙන් ඇහැරුණු සිටුවරයාට ඇය ඇස ගැසිණි. ඇයගේ දර්ශනයෙන්ම, සිටුවරයාට ඇය අප්‍රිය විය. කෙසේ වෙතත් ඇය සමග කථා කරමින්, සිටුවරයා මෙසේ කීය.

“කා නු කාළෙන වණ‍්ණෙන, න චාපි පියදස‍්සනා; කා වා ත්‍වං කස‍්ස වා ධීතා, කථං ජානෙමු තං මය”න‍්ති.

කානු කාළෙන වණ්ණෙන - නවාසි පියදස්සනා, කා වා ත්‍වං තස්සවාධීතා - කථං ජානෙමු තං මයන්ති

කළු පැහැය නිසා, දැකීම ප්‍රිය උපදවන්නේ නැත. ඔබ කවරියක්ද? කවරකුගේ දියණියක්ද? ඔබ ගැන අපි කෙසේ දනිමුද?

තත්‍ථ කාළෙනාති නීලෙන. වණ‍්ණෙනාති සරීරවත්‍ථාභරණවණ‍්ණෙන. න චාපි පියදස‍්සනාති ධාතුසො, භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්තීති වුත‍්තං, අයඤ‍්ච දෙවධීතා අනාචාරා දුස‍්සීලා, තස‍්මා සා සහදස‍්සනෙනෙවස‍්ස අප‍්පියා ජාතා, තෙනෙවමාහ. කා වා ත්‍වන‍්ති “කා ච ත්‍වං, අයමෙව වා පාඨො.

මෙහි ‘කාළෙන’ යු ‘නිල් (කළු) පැහැති යන අර්ථයි. ‘වණ්ණෙන’ යනු ‘සිරුරු පැහැයෙන්ද, ආභරණවල වර්ණයෙන් ද,’ යන අර්ථයි. ‘න චාසි පියදස්සනා’ යනු ‘මහණෙනි, සත්ත්වයෝ ධාතු වශයෙන් සැසඳෙති’යි කියන ලදි. මේ දෙව්දුව ද අනාචාරීය. දුශ්ශීලය. එබැවින් ඇය දර්ශන මාත්‍රයෙන් ම මට අප්‍රිය වූවාය. එනිසා මෙසේ කී ය’ යන අර්ථයි. ‘කාවාත්‍වං’ යනු ‘ඔබ කවරියක්ද?’ යන අර්ථයි. ‘කා ච ත්‍වං’ යනු ද පාඨයකි.

තං සුත්‍වා කාළකණ‍්ණී දුතියං ගාථමාහ –

කාලකණ්ණියා ඊට පිළිතුරු දෙමින්, මෙසේ පැවසුවාය.

“මහාරාජස‍්සහං ධීතා, විරූපක‍්ඛස‍්ස චණ‍්ඩියා; අහං කාළී අලක‍්ඛිකා, කාළකණ‍්ණීති මං විදූ; ඔකාසං යාචිතො දෙහි, වසෙමු තව සන‍්තිකෙ”ති.

2. මම විරූපාක්‍ෂ මහරජුගේ දුව වෙමි. මම ‘චණ්ඩී’ නම් ද, ‘කාලී’ නම් ද වෙමි. ‘අලක්‍ෂමී’ යැ යි ද ‘කාලකණ්ණි’ යැයි ද මට කියති. ඉල්ලන මට අවසර දුන මැනවි. අපි ඔබ සමීපයෙහි වසමු.

තත්‍ථ චණ‍්ඩියාති කොධනා. කොධභාවෙන හි මය‍්හං චණ‍්ඩීති නාමං කරිංසු. අලක‍්ඛිකාති නිප‍්පඤ‍්ඤා. මං විදූති එවං මං චාතුමහාරාජිකදෙවලොකෙ ජානන‍්ති. වසෙමූති මයං අජ‍්ජ එකරත‍්තං තව සන‍්තිකෙ වසෙය්‍යාම, එතස‍්මිං මෙ අනුච‍්ඡිට‍්ඨාසනසයනෙ ඔකාසං දෙහීති.

මෙහි ‘චණ්ඩියා’ යනු ‘කිපෙනසුලු බැවින් ද, ක්‍රෝධ භාවය නිසාද, මට ‘චණ්ඩී’ යැයි, නම් කළහ’ යන අර්ථයි. ‘අලක්ඛියා’ යනු ‘පින් නැති’ යන අර්ථයි. ‘මං විදූ’ යන මේ අයුරින් මා ගැන චාතුර්මහා රාජික දෙව් ලෝ වැස්සෝ දනිති’ යන අර්ථයි. ‘වසෙමු’ යනු ‘අපි අද එක් රැයක් ඔබ සමීපයෙහි වසන්නෙමු, මට මේ නොඉඳුල් අසුනෙහි හා සයනයෙහි වසන්නට ඉඩදෙනු මැනවි’ යන අර්ථයි.

තතො බොධිසත‍්තො තතියං ගාථමාහ –

ඇයගේ කථාවෙන් පසු බෝසත්තුමා, මේ ප්‍රකාශය කෙළේය.

“කිංසීලෙ කිංසමාචාරෙ, පුරිසෙ නිවිසසෙ තුවං; පුට‍්ඨා මෙ කාළි අක‍්ඛාහි, කථං ජානෙමු තං මය”න‍්ති.

3. කිනම් සිල් ඇති, කිනම් සමාචාර ඇති පුරුෂයකු කෙරෙහි විසීමට ඔබ කැමතිද? කාලිය, විචාරණ ලද මට එය කියව. අපි එය ඒ වූ පරිද්දෙන් දනිමු.

තත්‍ථ නිවිසසෙති තව චිත‍්තෙන නිවිසසි පතිට‍්ඨහසීති.

මෙහි ‘නිවිසසෙ’ යනු ‘ඔබේ සිතේ වෙසෙහිද? පිහිටියෙහිද? යන අර්ථයි.

තතො සා අත‍්තනො ගුණං කථෙන‍්තී චතුත්‍ථං ගාථමාහ –

ඉක්බිති ඇය ඇසුරට කැමති අයගේ ලක්‍ෂණ ඉදිරිපත් කරමින් මෙසේ කීවාය.

“මක‍්ඛී පළාසී සාරම‍්භී, ඉස‍්සුකී මච‍්ඡරී සඨො; සො මය‍්හං පුරිසො කන‍්තො, ලද‍්ධං යස‍්ස විනස‍්සතී”ති.

4. ගුණමකු වූ, අනුන්ගේ දොස් දකින, එකටෙක කරන, ඊර්ෂ්‍යා ගති ඇති, මසුරු වූ, කපටි ගති ඇති, අනුන්ගේ දේපල විනාශ කරන යම් පුරුෂයෙක් වේ නම්, ඔහු මට ප්‍රිය ය.

තස‍්සත්‍ථො – යො පුරිසො අත‍්තනො කතගුණං න ජානාති, ගුණමක‍්ඛී හොති, අත‍්තනො කිස‍්මිඤ‍්චි කාරණෙ කථිතෙ “කිං අහං එතං න ජානාමී”ති යුගග‍්ගාහං ගණ‍්හාති , අඤ‍්ඤෙහි කිඤ‍්චි කතං දිස‍්වා සාරම‍්භවසෙන කරණුත‍්තරිකං කරොති, පරෙ ලාභං ලභන‍්තෙ න තුස‍්සති, “මය‍්හං ඉස‍්සරියං පරෙසං මා හොතු, මය‍්හමෙව හොතූ”ති සකසම‍්පත‍්තිං ගොපෙත්‍වා පරස‍්ස තිණග‍්ගෙන තෙලබින්‍දුම‍්පි න දෙති, කෙරාටිකලක‍්ඛණෙන සමන‍්නාගතො හුත්‍වා අත‍්තනො සන‍්තකං පරස‍්ස අදත්‍වා තෙහි තෙහි උපායෙහි පරසන‍්තකමෙව ඛාදති, යස‍්ස ලද‍්ධං ධඤ‍්ඤං වා ධනං වා විනස‍්සති න තිට‍්ඨති, සුරාධුත‍්තො අක‍්ඛධුත‍්තො ඉත්‍ථිධුත‍්තො වා හුත්‍වා ලද‍්ධං ලද‍්ධං විනාසෙතියෙව, අයං එතෙහි ගුණෙහි සමන‍්නාගතො පුරිසො මය‍්හං කන‍්තො පියො මනාපො, එවරූපෙ අහං චිත‍්තෙන පතිට‍්ඨහාමීති.

යම් පුරුෂයෙක් තමාට කළ උපකාර අමතක කෙරේද? ගුණමකු වේද? තමාට කිසියම් කරුණක් කියූ කල්හි, ‘කිමෙක්ද? මම එය නො දනිමිදැ’යි තරගයට ඉදිරිපත් ව එකටෙක කියයිද? අනුන් විසින් කළ කිසිවක් දැක, ඊට ඉහළින් කරන්නට පෙළඹේද? අනුන්ට ලාභ ලැබෙන කල්හි, තුටු නොවේද? ‘මගේ ඉසුරුමත් බව අනුන්ට නොවේවා! මටම වේවා’යි, සිය සම්පත් සඟවා ගෙන, අනුන්ට තණ අගින් තෙල් බින්දුවක්වත් නොදෙයිද? කපටි ලක්‍ෂණවලින් යුතුව, තමා සතු දේ අනුන්ට නො දී, යම් යම් උපා යොදමින් අනුන්ගේ දේම, පරිභෝග කරයිද? යමකුගේ උපයාගත් ධන ධාන්‍ය විනාශ කෙරේද? ඒවාට හානි පමුණුවාද? ස්ත්‍රී-සුරා-සූදු යන මේවාට ලොල් වී, ලැබූ ලැබූ දේ විනාශ කෙරේද? ඉහත කී ලක්‍ෂණවලින් යුතු පුරුෂයා මට ප්‍රියය. මනාපය. ප්‍රීතිය ඇති කෙරේ. එවැනි අයගේ සිත්හි, මෙබඳු වූ මම වසමි යන අර්ථයි.

සායෙව පඤ‍්චමඡට‍්ඨසත‍්තමගාථා අභාසි –

ඉක්බිති ඇය විසින් ම, මේ ගාථා ද කියන ලදි.

“කොධනො උපනාහී ච, පිසුණො ච විභෙදකො; කණ‍්ඩකවාචො ඵරුසො, සො මෙ කන‍්තතරො තතො.

5. කිපෙනසුලු වූ, වෛරී වූ, කේලාම් කියන, අනුන් බිඳවන, සදොස් වචන කියන, පරුෂ වචන කියන එබඳු පුද්ගලයා, ඊටත් වඩා මට අතිශයින් ප්‍රියය.

“අජ‍්ජ සුවෙති පුරිසො, සදත්‍ථං නාවබුජ‍්ඣති; ඔවජ‍්ජමානො කුප‍්පති, සෙය්‍යං සො අතිමඤ‍්ඤති.

6. අද කළ යුතුය, හෙට කළ යුතු යැයි, පුරුෂයෙක් හොඳ දේ තේරුම් නොගනියිද? අවවාද කරනු ලබනවිට කිපේද? ඔහු උතුම් අය පහත්කොට සිතාද? (එබඳු අය මට ප්‍රියය)

“දවප‍්පලුද‍්ධො පුරිසො, සබ‍්බමිත‍්තෙහි ධංසති; සො මය‍්හං පුරිසො කන‍්තො, තස‍්මිං හොමි අනාමයා”ති.

7. පස්කම් ගුණයෙහි ලොල් වූ පුරුෂයා, සියලු මිතුරන්ගෙන් පිරිහේද? ඒ පුරුෂයා මට ප්‍රියය. ඔහු කෙරෙහි දුක් නොවෙමි.

තාපි ඉමිනාව නයෙන විත්‍ථාරෙතබ‍්බා. සඞ‍්ඛෙපත්‍ථො පනෙත්‍ථ – කොධනොති අප‍්පමත‍්තකෙනාපි කුජ‍්ඣනකො. උපනාහීති පරස‍්ස අපරාධං හදයෙ ඨපෙත්‍වා සුචිරෙනපි තස‍්ස අනත්‍ථකාරකො. පිසුණොති පිසුණවාචො. විභෙදකොති අප‍්පමත‍්තකෙනපි මිත‍්තභින්‍දනකො. කණ‍්ඩකවාචොති සදොසවාචො. ඵරුසොති ථද‍්ධවාචො. කන‍්තතරොති සො පුරිසො මය‍්හං පුරිමාපි කන‍්තතරො පියතරො. අජ‍්ජ සුවෙති “ඉදං කම‍්මං අජ‍්ජ කාතබ‍්බං, ඉදං ස‍්වෙ , ඉදං තතියදිවසාදීසූ”ති එවං සො සදත්‍ථං අත‍්තනො කිච‍්චං නාවබුජ‍්ඣති න ජානාති. ඔවජ‍්ජමානොති ඔවදියමානො. සෙය්‍යං සො අතිමඤ‍්ඤතීති ජාතිගොත‍්තකුලප‍්පදෙසසීලාචාරගුණෙහි උත‍්තරිතරං උත‍්තමපුග‍්ගලං “ත්‍වං මය‍්හං කිං පහොසී”ති අතික‍්කමිත්‍වා මඤ‍්ඤති. දවප‍්පලුද‍්ධොති රූපාදීසු කාමගුණෙසු නිරන‍්තරදවෙන පලුද‍්ධො අභිභූතො වසං ගතො. ධංසතීති “තයා මය‍්හං කිං කත”න‍්තිආදීනි වත්‍වා සබ‍්බෙහෙව මිත‍්තෙහි ධංසති පරිහායති. අනාමයාති අයං එතෙහි ගුණෙහි සමන‍්නාගතෙ පුග‍්ගලෙ නිද‍්දුක‍්ඛා නිස‍්සොකා හොමි, තං ලභිත්‍වා අඤ‍්ඤත්‍ථ අනාලයා හුත්‍වා වසාමී”ති.

මේ ගාථාවන් ද පහත දැක්වෙන අයුරෙන් විස්තර කළ යුතුය. එහි අර්ථය සැකෙවින් මෙසේ විස්තර කළ හැකිය. මෙහි ‘කොධනො’ යනු ‘සුලු දේටත් කිපෙන’ යන අර්ථයි. ‘උපනාහී’ යනු ‘අනුන්ට හානි කිරීමේ අදහස හිතේ තබාගෙන කොයි කාලෙක හෝ අනර්ථය සිදුකරන යන අර්ථයි. ‘පිසුණො’ යනු ‘කේලාම් කියන’ යන අර්ථයි. ‘විභෙදකො’ යනු සුලු දෙයට පවා මිතුරන් කොටවන’ යන අර්ථයි. ‘කණ්ටකවාචො’ යනු ‘සදොස් වචන කියන’ යන අර්ථයි. ‘ඵරුසො’ යනු ‘නපුරු වචන කියන’ යන අර්ථයි. ‘කන්තතරො’ යනු ‘ඒ පුරුෂයා මට කලින් කෙනාටත් වඩා අතිශයින් ප්‍රිය ය’ යන අර්ථයි. ‘අජ්ජ සුවෙ’ යනු ‘මේ ක්‍රියාව අද කළ යුතුය. මෙය හෙට කළ යුතුය. මෙය අනිද්දා යැයි, මෙසේ තමාගේ යහපත් කටයුතු අවබෝධ කොට නො ගනීද? නො දනීද? යන අර්ථයි. ‘ඔවජ්ජමානො’ යනු ‘අවවාද කරනු ලබන්නේ’ යන අර්ථයි. ‘සෙය්‍යසො අතිමඤ්ඤති’ යනු ජාතිය-කුලය-ගෝත්‍රය-කාරණය-ශීලාචාරකම යන මෙකී ගුණයන් කරණ කොටගෙන උත්තරීතර වූ උතුම් පුද්ගලයාට කිමෙක්ද? තෝ මට තරම් වෙහිදැ’යි, ඉක්මවා සිතයි’ යන අර්ථයි. ‘දවප්පලුද්ධො’ යනු ‘රූපාදි පංචකාම ගුණයන්හි නිරන්තර ආශාවෙන් ලොල්ව, එයින් මඩනා ලදුව, එහි වසඟයට පත් වූයේ’ යන අර්ථයි. ‘ධංසති’ යනු ‘තා විසින් මට කුමක් කරන ලද දැ’යි මේ ආදිය කියා සියලුම මිතුරන්ගෙන් පිරිහේ. දුරස් වේ’ යන අර්ථයි. ‘අනාමයා’ යනු ‘මම එකී ගුණයන්ගෙන් යුතු පුද්ගලයා කෙරෙහි දුක් නොවෙමි. ශෝක නොවමෙි. ඔහුට ඇලී අන් තැනෙක සිත් නොඅලවා වසමි’ යන අර්ථයි.

අථ නං ගරහන‍්තො මහාසත‍්තො අට‍්ඨමං ගාථමාහ –

ඇයගේ මේ ප්‍රකාශයට ගරහමින්, බෝසත් සිටුවරයා මේ ගාථාව කීවේය.

“අපෙහි එත‍්තො ත්‍වං කාළි, නෙතං අම‍්හෙසු විජ‍්ජති; අඤ‍්ඤං ජනපදං ගච‍්ඡ, නිගමෙ රාජධානියො”ති.

8. කාලිය, මෙතැනින් ඉවත් වන්න. එකී කරුණු (ඔබට රුචි දෑ) අප කෙරෙහි නැත. වෙනත් දනව්වකට, නියම්ගමකට, අගනුවරකට යන්න.

තත්‍ථ අපෙහීති අපගච‍්ඡ. නෙතං අම‍්හෙසූති එතං මක‍්ඛාදිකං තව පියභාවකරණං අම‍්හෙසුපි න විජ‍්ජති නත්‍ථි. නිගමෙ රාජධානියොති අඤ‍්ඤෙ නිගමෙපි අඤ‍්ඤා රාජධානියොපි ගච‍්ඡ, යත්‍ථ මයං තං න පස‍්සාම, තත්‍ථ ගච‍්ඡාති දීපෙති.

මෙහි ‘අපෙහි’ යනු ‘ඉවත් වන්න’ යන අර්ථයි. ‘නෙතං අම්හෙසු’ යනු ‘මකුකම ආදි වූ ඔබ ප්‍රිය කරන ඒ කරුණ, අප කෙරෙහි නැත’ යන අර්ථයි. ‘නිගමෙ රාජධානියො’ යනු ‘වෙනත් නියම්ගම් - රාජධානි වෙත යන්න. අපි යම්තැනෙක දක්නට නොලැබෙමුද? එබඳු තැනකට යන්න යැ’යි කියයි’ යන අර්ථයි.

තං සුත්‍වා කාළකණ‍්ණී අද‍්දිතා හුත්‍වා අනන‍්තරගාථමාහ –

බෝසතුන්ගේ කථාව ඇසූ කාලකණ්ණිය, මහත් පීඩාවට පත්ව, මේ ගාථාව කීවාය.

“අහම‍්පි ඛො තං ජානාමි, නෙතං තුම‍්හෙසු විජ‍්ජති; සන‍්ති ලොකෙ අලක‍්ඛිකා, සඞ‍්ඝරන‍්ති බහුං ධනං; අහං දෙවො ච මෙ භාතා, උභො නං විධමාමසෙ”ති.

9. එකී කරුණ ඔබ කෙරෙහි නැතැ යි, මම ද දනිමි. ලොව බොහෝ ධනය රැස්කරන, පින් නැති අය වෙති. මම ද මගේ සොයුරු වූ දේවපුත්‍රයා ද යන අපි දෙදෙනා එක්ව, ඔවුන් විනාශ කරමු.

තත්‍ථ නෙතං තුම‍්හෙසූති යං මම පියභාවකරණං මක‍්ඛාදිකං යෙන අහං අත‍්තනාපි සමන‍්නාගතා, තං තුම‍්හෙසු නත්‍ථීති අහම‍්පි එතං ජානාමි. සන‍්ති ලොකෙ අලක‍්ඛිකාති අඤ‍්ඤෙ පන ලොකෙ නිස‍්සීලා නිප‍්පඤ‍්ඤා සන‍්ති. සඞ‍්ඝරන‍්තීති තෙ නිස‍්සීලා නිප‍්පඤ‍්ඤාපි සමානා එතෙහි මක‍්ඛාදීහි බහුං ධනං සඞ‍්ඝරන‍්ති පිණ‍්ඩං කරොන‍්ති. උභො නන‍්ති තං පන එතෙහි සඞ‍්ඝරිත්‍වා ඨපිතං ධනං අහඤ‍්ච මය‍්හමෙව භාතා දෙවො ච නාම දෙවපුත‍්තොති උභො එකතො හුත්‍වා විධමාමසෙ නාසෙම, අම‍්හාකං පන දෙවලොකෙ බහූ දිබ‍්බපරිභොගා අත්‍ථි දිබ‍්බානි සයනානි, ත්‍වං දදෙය්‍යාසි වා නො වා, කො මෙ තයා අත්‍ථොති වත්‍වා පක‍්කාමි.

මෙහි ‘නෙතං තුම්හෙසු’ යනු ‘මට ප්‍රිය භාවය ඇතිකරන, මා තුළත් ඇති ගුණමකු බව ආදි වූ දුර්ගුණ ඔබ කෙරෙහි නැතැයි, මම ද දනිමි’ යන අර්ථයි. ‘සන්ති ලොකෙ අලක්ඛිකා’ යනු ‘මෙලොව වනාහි, වෙනත් සිල් නැති, පින් නැති අය වෙසෙති’ යන අර්ථයි. ‘සංඝරන්ති’ යනු ‘දුසිල්, පින් නැති ඒ අය, ඒ ගුණමකුකම් ආදිය යොදාගෙන බොහෝ ධනය රැස් කරති, ගොඩ ගසති’ යන අර්ථයි. ‘උභො නං’ යනු ‘ඔවුන් විසින් රැස්කොට තබන ලද, ඒ ධනය මම ද, මගේ සොයුරු දේව පුත්‍රයාද, යන අපි දෙදෙනා එකතුව විනාශ කරමු, වනසමු’ යන අර්ථයි. මෙසේ කී ඇය ‘අපේ දෙව්ලොව වනාහි, බොහෝ දිව්‍යමය පරිභෝගයන් ඇත. දිවයහන් ඔබ මට දුන්නත් නැතත්, මට ඔබෙන් කවර ප්‍රයෝජනයක්දැ’යි කියා, එතැනින් පිටත්ව යන්නට ගියාය.

තස‍්සා පක‍්කන‍්තකාලෙ සිරී දෙවධීතා සුවණ‍්ණවණ‍්ණෙහි වත්‍ථවිලෙපනෙහි සුවණ‍්ණාලඞ‍්කාරෙන ආගන‍්ත්‍වා උපට‍්ඨානද‍්වාරෙ පීතරස‍්මිං විස‍්සජ‍්ජෙත්‍වා සමෙහි පාදෙහි සමං පථවියං පතිට‍්ඨාය සගාරවා අට‍්ඨාසි. තං දිස‍්වා මහාසත‍්තො පඨමං ගාථමාහ –

ඇය පිටත් ව ගියපසු ‘සිරි දෙව්දුව’ රන්වන් පැහැයෙන් බබළමින්, සුවඳ විලවුන් තවරාගෙන, රන් අභරණින් ගත දිලිසෙමින් සිටුවරයාගේ යහන්ගැබ දොරටුව වෙත පැමිණ, රන්වන් රැස් විහිදුවා සමව පාද තබා පොළොවෙහි පිහිටා, ගෞරව සහිතව සිටුතුමා ඉදිරියෙහි සිටියාය. ඇය දුටු බෝසත් සිටුතුමා ඇය අමතා, මෙසේ කීවේය.

“කා නු දිබ‍්බෙන වණ‍්ණෙන, පථබ්‍යා සුපතිට‍්ඨිතා; කා වා ත්‍වං කස‍්ස වා ධීතා, කථං ජානෙමු තං මය”න‍්ති.

10. දිව්‍යමය වර්ණයෙන් සැරසී පොළොවෙහි මනාව පිහිටා සිටින මැය කවරියක්ද? ඔබ කවර තැනැත්තියක්ද? කවරකුගේ දියණියක්ද? ඔබ ගැන අපි කෙසේ දනිමුද?

තත්‍ථ දිබ‍්බෙනාති විසිට‍්ඨෙන උත‍්තමෙන.

මෙහි ‘දිබ්බෙන’ යනු ‘විශිෂ්ට වූ, උතුම් වූ’ යන අර්ථයි.

තං සුත්‍වා සිරී දුතියං ගාථමාහ –

ඒ අසා සිටි සිරි දෙව්දුව මෙසේ උත්තර දුන්නාය.

“මහාරාජස‍්සහං ධීතා, ධතරට‍්ඨස‍්ස සිරීමතො; අහං සිරී ච ලක‍්ඛී ච, භූරිපඤ‍්ඤාති මං විදූ; ඔකාසං යාචිතො දෙහි, වසෙමු තව සන‍්තිකෙ”ති.

11. මම ශ්‍රීමත් ධෘතරාෂ්ට්‍ර නම් වූ මහරජුගේ දියණිය වෙමි. ශ්‍රී කාන්තාව ද මම වෙමි. මම ලක්‍ෂ්මී වෙමි. මහත් නුවණැත්තියෙකැයි, මා ගැන දනිති. ඉල්ලන මට අවසර දුන මැනවි. අපි ඔබ ළඟ වසමු.

තත්‍ථ සිරී ච ලක‍්ඛී චාති සිරීති ච ලක‍්ඛීති ච අහමෙවංනාමා, න අඤ‍්ඤා. භූරිපඤ‍්ඤාති මං විදූති මං චාතුමහාරාජිකදෙවලොකෙ පථවීසමාය විපුලාය පඤ‍්ඤාය සමන‍්නාගතාති ජානන‍්ති. වසෙමු තව සන‍්තිකෙති තව අනුච‍්ඡිට‍්ඨාසනෙ චෙව අනුච‍්ඡිට‍්ඨසයනෙ ච එකරත‍්තිං වසෙය්‍යාම, ඔකාසං මෙ දෙහීති.

මෙහි ‘සිරී ච ලක්ඛී ච’ යනු ‘ශ්‍රියා ද, ලක්‍ෂ්මී ද, මම ම වෙමි. අනෙකියක් නොවේ’ යන අර්ථයි. ‘භූරිපඤ්ඤාති මං විදූ’ යනු ‘චාතුර්මහා රාජික දෙව්ලොව අය, මා පොළොව හා සමාන නුවණැත්තියකැයි, දනිති’යි අර්ථයි. ‘වසෙමු තව සන්තිකෙ’ යනු ‘ඔබේ නොඉඳුල් අසුනෙහිත්, සයනෙහිත්, එක් රැයක් විසීමට, මට අවසර දුන මැනව’ යන අර්ථයි.

තතො පරං බොධිසත‍්තො ආහ –

ඉක්බිති බෝසත්තුමා, ඇය අමතා මෙසේ කීය.

“කිංසීලෙ කිංසමාචාරෙ, පුරිසෙ නිවිසසෙ තුවං; පුට‍්ඨා මෙ ලක‍්ඛි අක‍්ඛාහි, කථං ජානෙමු තං මයං.

12. කිනම් සිල් ඇති, කිනම් සමාචාර ඇති, පුරුෂයකු කෙරෙහි ඔබ වෙසෙහිද? ලක්‍ෂ්මිය, විචාරන ලද මට එය කියව. අපි එය ඒ වූ පරිද්දෙන් දනිමු.

“යො චාපි සීතෙ අථ වාපි උණ‍්හෙ, වාතාතපෙ ඩංසසරීසපෙ ච; ඛුධං පිපාසං අභිභුය්‍ය සබ‍්බං, රත‍්තින්‍දිවං යො සතතං නියුත‍්තො.

13. යමෙක් සීතලද, නැතහොත් උෂ්ණය ද, අව්-සුළං-ඩැහැ ලේ බොන මැසි-මදුරුවන් ද, සර්පයන් ද, බඩගින්න හා පිපාසය ද යන මේ සියල්ල මැඩගෙන දිවා රෑ නිරතුරු සිය කටයුතුවල නිරත වේද? යමෙක් කාලානුරූප ව පැමිණි යහපත් කටයුතු අත් නොහරියිද? ඔහු මා සිත් ගනී. එවැන්නකු ළඟ, ඒකාන්තයෙන් මම වසමි.

“කාලාගතඤ‍්ච න හාපෙති අත්‍ථං, සො මෙ මනාපො නිවිසෙ ච තම‍්හි; අක‍්කොධනො මිත‍්තවා චාගවා ච, සීලූපපන‍්නො අසඨොජුභූතො.

14. යමෙක් නො කිපෙන සුලු ද, මිතුරන් ඇත්තේ ද? ත්‍යාගවත්ද? ශීලයෙන් යුක්තද? කපටි නොවේද? සෘජු ගුණ ඇත්තේද? සංග්‍රහශීලී ද? මෘදු වචන ඇත්තේද? සිලුටු වචන ඇත්තේද? මහත් ඉසුරට පත්වුවද, උඩඟු නොවූ පැවතුම් ඇත්තේද?

“සඞ‍්ගාහකො සඛිලො සණ‍්හවාචො, මහත‍්තපත‍්තොපි නිවාතවුත‍්ති; තස‍්මිංහං පොසෙ විපුලා භවාමි, ඌමි සමුද‍්දස‍්ස යථාපි වණ‍්ණං.

15. යමෙක් මිතුරා කෙරෙහි ද, නැතහොත් සතුරා කෙරෙහිද, උතුමා කෙරෙහිද, සමානයා කෛරහිද, නැතහොත් හීනයා කෙරෙහිද, සංග්‍රහ කෙරේද, ඔහුගේ වර්ණය බලන්නකුට තරඟ වැල ම මහත් ව යම්සේ පෙනේද? එබැවින් මම ඒ පුද්ගලයා ගැන, විපුල වූ හැඟුම් ඇත්තේ වෙමි.

“යො චාපි මිත‍්තෙ අථ වා අමිත‍්තෙ, සෙට‍්ඨෙ සරික‍්ඛෙ අථ වාපි හීනෙ; අත්‍ථං චරන‍්තං අථ වා අනත්‍ථං, ආවී රහො සඞ‍්ගහමෙව වත‍්තෙ.

16. තමාට යහපත සිදු කරන්නාටත්, අවැඩ කරන්නාටත්, ප්‍රකට වත්, අප්‍රකටවත්, සංග්‍රහය ම සිදු කෙරේද? කිසිකලෙක පරුෂ වචන නොකියාද? මළත් ජීවත් වුවත් ඔහුට මම ළංවෙමි.

“වාචං න වජ‍්ජා ඵරුසං කදාචි, මතස‍්ස ජීවස‍්ස ච තස‍්ස හොමි; එතෙසං යො අඤ‍්ඤතරං ලභිත්‍වා, කන‍්තා සිරී මජ‍්ජති අප‍්පපඤ‍්ඤො; තං දිත‍්තරූපං විසමං චරන‍්තං, කරීසඨානංව විවජ‍්ජයාමි.

17. මඳ නුවණැති යමෙක්, ශ්‍රියා කාන්තාව ලැබ, ගුණයන්හි පමා වේද? දිලෙන ස්වරූප (බොරු සෝබන) ඇති, විෂම හැසිරීම් ඇති, අසූචි වළක් වැනි, ඒ පුරුෂයා දුරු කරමි.

“අත‍්තනා කුරුතෙ ලක‍්ඛිං, අලක‍්ඛිං කුරුතත‍්තනා; න හි ලක‍්ඛිං අලක‍්ඛිං වා, අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකො”ති.

18. දියුණුව හෝ හානිය තමා විසින් ම, කරගන්නකි. කිසිවෙක් කිසිවකුට වාසනාව හෝ, අවාසනාව හෝ ගෙන දෙන්නේ නැත.

සෙට‍්ඨිස‍්ස පුච‍්ඡා හොති, සිරියා විස‍්සජ‍්ජනා.

ඉහත සඳහන් ගාථා අතුරේ 12 වැන්න සිටුවරයා විසින් අසන ලද ප්‍රශ්න ඇතුළත් ගාථාවයි. සෙසු ගාථා ශ්‍රියා කාන්තාව විසින් ඊට දෙන ලද පිළිතුරුය.

තත්‍ථ ඩංසසරීසපෙ චාති ඩංසා වුච‍්චන‍්ති පිඞ‍්ගලමක‍්ඛිකා, සබ‍්බාපි වා මක‍්ඛිකාජාතිකා ඉධ “ඩංසා”ති අධිප‍්පෙතා. සරීසපාති දීඝජාතිකා. ඩංසා ච සරීසපා ච ඩංසසරීසපා, තස‍්මිං ඩංසසරීසපෙ සති. ඉදං වුත‍්තං හොති – යො මහාසෙට‍්ඨි සීතෙ වා උණ‍්හෙ වා වාතාතපෙ වා ඩංසසරීසපෙ වා සති එතෙහි සීතාදීහි පීළියමානොපි එතානි චෙව සීතාදීනි ඛුධඤ‍්ච පිපාසඤ‍්චාති සබ‍්බම‍්පෙතං පරිස‍්සයං අභිභුය්‍ය අභිභවිත්‍වා තිණං විය අගණෙත්‍වා රත‍්තින්‍දිවං කසිවණිජ‍්ජාදීසු චෙව දානසීලාදීසු ච සතතං අත‍්තනො කම‍්මෙසු නියුත‍්තො අත‍්තානං යොජෙත්‍වා වත‍්තති.

මෙහි ‘ඩංසසිරිංසපෙ ච’ යන්නෙහි ‘ඩංස’ යනු ඇට මැස්සෝය. ඩැහැ ලේ බොන සියලු මැසි වර්ග මීට ඇතුළත් ය. ‘සිරිංසප’ යනු සර්පයෝ ය. ඩංසා ච සිරිංස පා ච ඩංසසිරිංසපා, තස්මිං ඩංසසිරිංසපෙ යනු (ද්වන්ද සමාස) යි. මින් කියන ලද්දේ මේ අදහසයි. එනම් මහ සිටුතුමනි, යම් පුරුෂයෙක් ශීතයෙන් හෝ, උෂ්ණයෙන් හෝ, අව්වෙන් හෝ, සුළඟෙන් හෝ, ඩැහැ ලේ බොන මැස්සන්ගෙන් හෝ, සර්පයන්ගෙන් හෝ, යන මොවුන්ගෙන් පීඩාවක් ඇති කල්හි, ඒ සියල්ලත්, සා පිපාසාදි සියලු කරදරත් මැඩපවත්වා, ඒවා අභිබවා ගෙන, ඒ සියල්ල තණසුලක් පමණවත් ගණන් නොගෙන, දිවා රෑ කෘෂි-වණික් ආදී කටයුතුවල ද, දාන-ශීලාදී පින්කම්වල ද, තමාගේ පෞද්ගලික කටයුතුවල ද, නියුතු වේද? නිරතුරුව ක්‍රියා කෙරේද? යන අර්ථයි.

කාලාගතඤ‍්චාති කසිකාලාදීසු කසිආදීනි ධනපරිච‍්චාගසීලරක‍්ඛණධම‍්මස‍්සවනාදිකාලෙසු ච ධනපරිච‍්චජනාදිප‍්පභෙදං දිට‍්ඨධම‍්මසම‍්පරායෙ සුඛාවහං අත්‍ථං න හාපෙති, යුත‍්තප‍්පයුත‍්තකාලෙ කරොතියෙව, සො මය‍්හං මනාපො තස‍්මිඤ‍්ච පුරිසෙ අහං නිවිසාමීති. අක‍්කොධනොති අධිවාසනඛන‍්තියා සමන‍්නාගතො. මිත‍්තවාති කල්‍යාණමිත‍්තෙන සමන‍්නාගතො. චාගවාති ධනපරිච‍්චාගයුත‍්තො.

‘කාලාගතඤ්ච’ යනු ‘කෘෂි කර්මාන්ත කරන කාල වකවානුවලදී, එම කටයුතුවලත් ධන පරිත්‍යාග - සිල් රැකීම් - බණ ඇසීම් ආදී සුදුසු කල්හි, කළයුතු දේත් සිදුකරන’ යන අර්ථයි. ධන පරිත්‍යාග ආදී වූ ප්‍රභේදයන් මේ භවයේ සහ යුතු වූ ම කාලයෙහි යෙදේ’ යන අර්ථයි. ‘අත්‍ථ න හාපෙති’ යනු යෝග්‍ය, එනම් යෙදිය යුතු වූ ම කාලයෙහි යෙදේ, යන අර්ථයි. ‘මනාපො’ යනු මට එබඳු පුද්ගලයා ප්‍රියමනාපය. මම නිතර ඒ පුරුෂයා සමීපයෙහි වසමි’ යන අර්ථයි. ‘අක්කොධනො’ යනු ඉවසීම නමැති ක්‍ෂාන්තියෙන් යුක්ත බව’යි. ‘මිත්තවා’ යනු කලණ මිතුරන්ගෙන් සමන්විත වූ’ යන අර්ථයි. ‘චාගවා’ යනු ‘ධන පරිත්‍යාග කිරීමෙන් යුක්ත’ යන අර්ථයි.

සඞ‍්ගාහකොති මිත‍්තසඞ‍්ගහආමිසසඞ‍්ගහධම‍්මසඞ‍්ගහානං කාරකො. සඛිලොති මුදුවාචො. සණ‍්හවාචොති මධුරවචනො. මහත‍්තපත‍්තොපි නිවාතවුත‍්තීති මහන‍්තං ඨානං විපුලං ඉස‍්සරියං පත‍්තොපි යසෙන අනුද‍්ධතො නීචවුත‍්ති පණ‍්ඩිතානං ඔවාදකරො හොති. තස‍්මිංහං පොසෙති තස‍්මිං අහං පුරිසෙ. විපුලා භවාමීති අඛුද‍්දකා හොමි. සො හි මහතියා සිරියා පදට‍්ඨානං. ඌමි සමුද‍්දස‍්ස යථාපි වණ‍්ණන‍්ති යථා නාම සමුද‍්දස‍්ස වණ‍්ණං ඔලොකෙන‍්තානං උපරූපරි ආගච‍්ඡමානා ඌමි විපුලා විය ඛායති, එවමහං තස‍්මිං පුග‍්ගලෙ විපුලා හොමීති දීපෙති.

‘සංගාහකො’ යනු මිත්‍ර සංග්‍රහ - ආමිස සංග්‍රහ - ධර්ම සංග්‍රහ යන සංග්‍රහයන් සිදුකරන’ යන අර්ථයි. ‘සඛිලො’ යනු මෘදු වචන ඇති’ යන අර්ථයි. ‘සණ්හවාචො’ යනු ‘විශ්වසනීය වචන කථාකරන යන අර්ථයි. ‘මහත්තපත්තො පි නිවාතවුත්ති’ යනු ‘උසස් තනතුරු හා මහත් වූ යස ඉසුරට පත් වුවත්, එයින් උඩඟු නොවී, යටහත් පැවතුම් ඇතිව, කටයුතු කරන පුද්ගලයා පඬි ජනයාට ද අවවාද දෙන්නෙක් වේ’ යන අර්ථයි. ‘තස්මාහං පොසෙ’ යනු ‘මම ඒ පුරුෂයා කෙරෙහි’ යන අර්ථයි. ‘විපුලා භවාමි’ යනු ‘විපුලත්වයට පත් වූයේ වෙමි’, යන අර්ථයි. ‘එයම මහත් වූ සම්පත්තියට හේතුව යි’, යන අදහසයි. ‘උම්මි සමුද්දස්ස යථාපි වණ්ණං’ යනු ‘යම් සේ මුහුදේ ස්වරූපය බලන්නවුන්ට, මතු වෙවී එන තරග වැල මහත් සේ වැටහී යා ද? එසේ මම ඒ පුද්ගලයා ඇසුරෙහි විපුලත්වයට පත් වූවෙමි යි දක්වයි’ යන අර්ථයි.

ආවී රහොති සම‍්මුඛා ච පරම‍්මුඛා ච. සඞ‍්ගහමෙව වත‍්තෙති එතස‍්මිං මිත‍්තාදිභෙදෙ පුග‍්ගලෙ චතුබ‍්බිධං සඞ‍්ගහමෙව වත‍්තෙති පවත‍්තෙති.

‘ආවී රහො’ යනු ඉදිරිපිටත් නැති තැනත්’ යන අර්ථයි. ‘සංගහමෙව වත්තෙ’ යනු ‘ඒ මිත්‍රාදීන් විෂයෙහි සිව් වැදෑරුම් සංග්‍රහම පවත්වයි, වෙසෙසින් පවත්වයි’ යන අර්ථයි.

න වජ‍්ජාති යො කදාචි කිස‍්මිඤ‍්චි කාලෙ ඵරුසවචනං න වදෙය්‍ය, මධුරවචනොව හොති. මතස‍්ස ජීවස‍්ස චාති තස‍්සාහං පුග‍්ගලස‍්ස මතස‍්සපි ජීවන‍්තස‍්සපි භත‍්තිකා හොමි, ඉධලොකෙපි පරලොකෙපි තාදිසමෙව භජාමීති දස‍්සෙති. එතෙසං යොති එතෙසං සීතාභිභවනාදීනං හෙට‍්ඨා වුත‍්තගුණානං යො පුග‍්ගලො එකම‍්පි ගුණං ලභිත්‍වා පමජ‍්ජති පමුස‍්සති, පුන නානුයුඤ‍්ජතීති අත්‍ථො. කන‍්තා සිරී, කන‍්තසිරිං, කන‍්තං සිරින‍්ති තයොපි පාඨා, තෙසං වසෙන අයං අත්‍ථයොජනා – යො පුග‍්ගලො සිරිං ලභිත්‍වා “කන‍්තා මෙ සිරි යථාඨානෙ ඨිතා”ති එතෙසං අඤ‍්ඤතරං ගුණං පමජ‍්ජති, යො වා පුග‍්ගලො කන‍්තසිරිං පියසිරිං ඉච‍්ඡන‍්තො එතෙසං ගුණානං අඤ‍්ඤතරං ලභිත්‍වා පමජ‍්ජති, යො වා පුග‍්ගලො සිරිං ලභිත්‍වා කන‍්තං මනාපං සිරිං එතෙසං ගුණානං අඤ‍්ඤතරං පමජ‍්ජති. අප‍්පපඤ‍්ඤොති නිප‍්පඤ‍්ඤො. තං දිත‍්තරූපං විසමං චරන‍්තන‍්ති තං අහං දිත‍්තසභාවං ගබ‍්බිතසභාවං කායදුච‍්චරිතාදිභෙදං විසමං චරන‍්තං සුචිජාතිකො මනුස‍්සො ගූථකූපං විය දූරතො විවජ‍්ජයාමීති.

‘න වජ්ජා’ යනු යමෙක් කවදාවත්, කිසි කලෙකවත්, ඵරුෂ වචන නො කියන්නේද? ඔහු මිහිරි වචන කියන්නේම වෙයි’ යන අර්ථයි. ‘මතස්ස ජීවස්ස ච’ යනු ‘මළත් ජීවත් වුවත් මම ඒ පුද්ගලයාට භක්ති ඇත්තේ වෙමි’ යන අර්ථයි. මෙලොවදීත්, පරලොවදීත් එබන්දකුම ඇසුරු කරමි යි, දක්වයි’ යන අර්ථයි. ‘එතෙස යො’ යනු ‘යම් පුද්ගලයෙක් ශීතය අභිබවා යාම ආදි වූ, යට කියන ලද ඒ ගුණයන් අතුරෙන්, එක් ගුණයක් ගැන හෝ, පමා වේද? අමතක කෙරේද? නැවත නැවත නො යෙදේද? යන අර්ථයි. ‘කන්තාසිරී-කන්තසිරිං-කන්තංසිරිං’ යනුවෙන් ‘මෙහි පාඨාන්තර තුනෙකි. ඒ ඒ පාඨය අනුව අර්ථ යෙදේ. යම් පුද්ගලයෙක් සම්පත් ලැබ, ‘මාගේ ශ්‍රියා කාන්තාව සුදුසුම තැන පිහිටියා යැ’යි, ඉහත කී ගුණයන් අතුරෙන් එකෙක හෝ පමා වේද? අමතක කෙරේද? යම් පුද්ගලයෙක් ‘ශ්‍රියාව යහපත්ය, ශ්‍රියාව ප්‍රිය යැ’යි ඊට කැමති වෙමින් යට කී ගුණයන් අතුරෙන් එකෙක හෝ පමා වේද? යම් පුද්ගලයෙක් කැමති වූ ද, මනාප වූ ද, සම්පත් ලැබ, ‘ශ්‍රියාව මට කාන්ත ය, මනාප යැ’යි යට කී ගුණයන් අතුරෙන් එකෙක හෝ පමා වේද? යන අර්ථයි. ‘අප්පපඤ්ඤො’ යනු ‘අනුවණයා’ය. ‘තං දිත්තරූපං විසමෙ චරන්තං’ යනු පිරිසිදු පැවතුම් ඇත්තෙක් අසූචි වළක් දුරු කරන්නාක් මෙන්, මම ඒ දිලෙන ස්වභාව (බොරු සෝභන) ඇති, උඩඟු ස්වභාව ඇති, කාය දුශ්චරිතාදි විෂම ගති පැවතුම් ඇත්තා, දුරින්ම දුරු කෙරෙමි. බැහැර කරන්නෙමි’ යන අර්ථයි.

අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකොති එවං සන‍්තෙ ලක‍්ඛිං වා අලක‍්ඛිං වා අඤ‍්ඤො පුරිසො අඤ‍්ඤස‍්ස කාරකො නාම නත්‍ථි, යො කොචි අත‍්තනා අත‍්තනො ලක‍්ඛිං වා අලක‍්ඛිං වා කරොතීති.

‘අඤ්ඤො අඤ්ඤස්ස කාරකො’ යනු ‘එසේ ඇති කල්හි, එක් පුරුෂයෙක් තවෙකෙකුට වාසනාව හෝ, අවාසනාව සාදන්නේ නැත. යම්කිසි පුද්ගලයෙක් දියුණුව හෝ හානිය හෝ, තමා ම කරගනී යන අර්ථයි.

එවං මහාසත‍්තො දෙවියා වචනං අභිනන්‍දිත්‍වා “ඉදං අනුච‍්ඡිට‍්ඨං ආසනඤ‍්ච සයනඤ‍්ච තුය‍්හංයෙව අනුච‍්ඡවිකං, පල‍්ලඞ‍්කෙ ච සයනෙ ච නිසීද චෙව නිපජ‍්ජ චා”ති ආහ. සා තත්‍ථ වසිත්‍වා පච‍්චූසකාලෙ නික‍්ඛමිත්‍වා චාතුමහාරාජිකදෙවලොකං ගන‍්ත්‍වා අනොතත‍්තදහෙ පඨමං නහායි. තම‍්පි සයනං සිරිදෙවතාය පරිභුත‍්තභාවා සිරිසයනං නාම ජාතං. සිරිසයනස‍්ස අයං වංසො, ඉමිනා කාරණෙන යාවජ‍්ජතනා “සිරිසයන”න‍්ති වුච‍්චති.

මෙසේ බෝසත් තෙමේ ශ්‍රී දේවියගේ වචන අසා, එයින් වෙසෙසින් සතුටුව ‘කුමරිය, මේ නොඉඳුල් ආසනයත්, පලඟත්, ඔබට ම සුදුසු යැ’යි, කියා ‘ඒ ආසනයෙහි ඔබතුමිය හිඳනගු මැනව, ඒ සයනයෙහි වැදහෙව මැනවැ’යි කීය. ශ්‍රී දේවිය ද, එදා එහි වැස, පසුදා අලුයම් කාලයෙහි, එතැනින් නික්ම චාතුර්මහාරාජික දෙව්ලොවට ගොස්, අනෝතත්ත විල්හි පළමුකොට ස්නානය කළාය. සිරි දෙව්දුව සයනය කළ ඉහත කී යහන, එදා සිට ‘සිරියහන’ නම් විය. මේ සිරියහනේ ඉතිහාසයයි. එසේම එහි ආරම්භය යි. මේ කාරණය නිසා අද දක්වාත් ‘සිරියහ’ යන වචනය ව්‍යවහාරයේ පවතී.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සිරිදෙවී උප‍්පලවණ‍්ණා අහොසි, සුචිපරිවාරසෙට‍්ඨි පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා සිරිදේවය නම්, උප්පලවණ්ණා ය. සුචි පරිවාර සිටුවරයා නම්, බුදු වූ ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

සිරිකාළකණ‍්ණිජාතකවණ‍්ණනා සත‍්තමා.