යෙදුමෙන් කියවන්න

8. කුක‍්කුටජාතකවණ‍්ණනා 383 අට‍්ඨකථා

8. කුක‍්කුටජාතකවණ‍්ණනා (383)

8. කුක්කුට ජාතකය (383)

සුචිත‍්තපත‍්තඡදනාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි භික‍්ඛුං සත්‍ථා “කස‍්මා උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “එකං අලඞ‍්කතපටියත‍්තං ඉත්‍ථිං දිස‍්වා කිලෙසවසෙන, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු ඉත්‍ථියො නාම වඤ‍්චෙත්‍වා උපලාපෙත්‍වා අත‍්තනො වසං ගතකාලෙ විනාසං පාපෙන‍්ති, ලොලබිළාරී විය හොන‍්තී”ති වත්‍වා අතීතං ආහරි.

‘සුචිත්ත පත්තච්ඡදන’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, කලකිරුණු සිත් ඇති එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව තමන් වහන්සේ වෙතට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ කලකිරුණු බව සැබෑවක් දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේය.’ ‘මහණ, ඔබ කුමක් නිසා කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, අබරණින් සැරසුණු එක් ස්ත්‍රියක දැක, ඈ කෙරෙහි ලොල් සිතක් ඇති වීමෙනි.’ ‘මහණ, ස්ත්‍රීහු නම් රැවටීමෙන්, නැලවීමෙන්, චාටුවෙන් පුරුෂයන් වසඟයට ගෙන, පසු කලෙක ‘ලෝබ බැළලිය මෙන්, ‘ඔවුන් විනාශයට පමුණුවන සත්ත්ව විශේෂයකි’යි, වදාළ බුදුරජාණන් වහන්සේ එතැනින් නිශ්ශබ්ද වූ නමුත්, ඒ භික්‍ෂුවගේම ඇරයුමෙන්, මේ අතීත කථා පුවත ද මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අරඤ‍්ඤෙ කුක‍්කුටයොනියං නිබ‍්බත‍්තිත්‍වා අනෙකසතකුක‍්කුටපරිවාරො අරඤ‍්ඤෙ වසති. තස‍්ස අවිදූරෙ එකා බිළාරිකාපි වසති. සා ඨපෙත්‍වා බොධිසත‍්තං අවසෙසෙ කුක‍්කුටෙ උපායෙන වඤ‍්චෙත්‍වා ඛාදි. බොධිසත‍්තො තස‍්සා ගහණං න ගච‍්ඡති. සා චින‍්තෙසි “අයං කුක‍්කුටො අතිවිය සඨො අම‍්හාකඤ‍්ච සඨභාවං උපායකුසලභාවඤ‍්ච න ජානාති, ඉමං මයා ‘අහං භරියා තෙ භවිස‍්සාමී’ති උපලාපෙත්‍වා අත‍්තනො වසං ආගතකාලෙ ඛාදිතුං වට‍්ටතී”ති. සා තෙන නිසින‍්නරුක‍්ඛස‍්ස මූලං ගන‍්ත්‍වා වණ‍්ණසම‍්භාසනපුබ‍්බඞ‍්ගමාය වාචාය තං යාචමානා පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ කැලයෙහි කුකුළු ජාතියෙහි ඉපිද, නොයෙක් සිය ගණන් කුකුළන්ට නායකව ඔවුන් පිරිවරාගෙන වාසය කරයි. බෝසත් කුකුළාගේ නවාතැනට නුදුරෙන් එක් බැළලියක් ද, වාසය කරයි. ඇය ඉතා කපටිය. බෝසතුන් හැර, සෙසු කුකුළන් හා කිකිළියන් උපායෙන් රවටාගත් ඈ, උන් සියලු දෙනාම මරා කෑවාය. බෝසත් කුකුළා ඇයගේ වසඟයට හසු නොවීය. එක්තරා දිනෙක ඒ කපටි බැළලිය, ‘මේ කුකුළා මහ කපටියෙකි. මගේ කපටි වැඩත්, උපායශීලී භාවයත්, ඔහු දැනගෙන ඇති බව පෙනේ. එබැවින් ‘කුකුළාණෙනි, මම ඔබට බිරිඳ වන්නෙමි’යි කියා, ඔහු නළවා මාගේ වසඟයට ගෙන, ඌ ද කා දමන්නෙමි’යි සිතා කුකුළා වසන ගසමුලට ගියාය. ගස මුල වාඩි වී කුකුළා දෙස බැලූ බැළලිය, වර්ණනා මුඛයෙන් කුකුළාට යදිමින් මෙසේ කීවාය.

“සුචිත‍්තපත‍්තඡදන, තම‍්බචූළ විහඞ‍්ගම; ඔරොහ දුමසාඛාය, මුධා භරියා භවාමි තෙ”ති.

සුචිත්ත පත්තච්ඡදන - තම්බචූළ විභංගම, ඔරොහ දුම සාඛාය - මුධා සරියා භවාමි තෙ

විසිතුරු පියාපත්වලින් වැසුණු, රතු කරමලක් ඇති, අහසෙහි පියාසර කරන කුකුළාණෙනි, ගසේ අත්තෙන් බසිනු මැනවි. කිසිදු අපේක්‍ෂාවකින් තොරවම, මම ඔබට බිරිඳ වෙමි.

තත්‍ථ සුචිත‍්තපත‍්තඡදනාති සුචිත‍්තෙහි පත‍්තෙහි කතච‍්ඡදන. මුධාති විනා මූලෙන න කිඤ‍්චි ගහෙත්‍වා අහං භරියා තෙ භවාමි.

මෙහි ‘සුචිත්තපත්තච්ඡදන’ යනු ‘විසිතුරු පියාපත්වලින් වැසුණු’ යන අර්ථයි. ‘මුධා’ යනු මුදලකින් තොරව, කිසිවක් නොගෙන, මම ඔබට බිරිඳ වෙමි යන අර්ථයි.

තං සුත්‍වා බොධිසත‍්තො “ඉමාය මම සබ‍්බෙ ඤාතකා ඛාදිතා, ඉදානි මං උපලාපෙත්‍වා ඛාදිතුකාමා අහොසි, උය්‍යොජෙස‍්සාමි න”න‍්ති චින‍්තෙත්‍වා දුතියං ගාථමාහ –

ඇයගේ මේ කථාව ඇසූ කුකුළා, ‘මෑ විසින් මගේ සියලු නෑයෝ කන ලදහ. දැන් ඇය මා ද කනු කැමැත්තීය. එබැවින් ඇය මෙතැනින් පලවා හරින්නෙමි’යි සිතා, මෙසේ කීවේය.

“චතුප‍්පදී ත්‍වං කල්‍යාණි, ද‍්විපදාහං මනොරමෙ; මිගී පක‍්ඛී අසඤ‍්ඤුත‍්තා, අඤ‍්ඤං පරියෙස සාමික”න‍්ති.

2. සිත්කලු කල්‍යාණිය, තී සිව්පා ඇත්තියකි. මම දෙපාවෙක්මි. මෘගපක්‍ෂි දෙවගය නොගැලපේ. එබැවින් අන් සැමියකු සොයාගන්න.

තත්‍ථ මිගීති බිළාරිං සන්‍ධායාහ. අසඤ‍්ඤුත‍්තාති ජයම‍්පතිකා භවිතුං අයුත‍්තා අසම‍්බන්‍ධා, නත්‍ථි තෙසං ඊදිසො සම‍්බන්‍ධොති දීපෙති.

මෙහි ‘මිගී’ යනු බැළලිය සඳහා කියන ලද්දකි. ‘අසංයුත්තා’ යනු ‘අඹු-සැමියන් වන්නට නුසුදුසුය. නොගැලපේ. ඔවුන්ගේ එබඳු සම්බන්ධයක් නැතැයි දක්වයි’ යන අර්ථයි.

තං සුත්‍වා තතො සා “අයං අතිවිය සඨො, යෙන කෙනචි උපායෙන වඤ‍්චෙත්‍වා නං ඛාදිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තතියං ගාථමාහ –

ඉක්බිති බැළලිය ‘මූ මහා කපටියෙකි. ඒ නිසා කුමන හෝ උපායකින් රවටා, මූ ද කෑ යුතු යැ’යි, සිතා මෙසේ කීවාය.

“කොමාරිකා තෙ හෙස‍්සාමි, මඤ‍්ජුකා පියභාණිනී; වින්‍ද මං අරියෙන වෙදෙන, සාවය මං යදිච‍්ඡසී”ති.

3. මම ඔබට පිවිතුරු බිරිඳක් වන්නෙමි. මිහිරි වචන, ප්‍රිය වචන කියන්නක් වන්නෙමි. මගෙන් උසස් ආශ්වාදයක් ලබනු මැනවි. ඉදින් ඔබ කැමති නම්, සොයා බලා මා ගැන දැනගන්න.

තත්‍ථ කොමාරිකාති අහං එත‍්තකං කාලං අඤ‍්ඤං පුරිසං න ජානාමි, තව කොමාරිකා භරියා භවිස‍්සාමීති වදති. මඤ‍්ජුකා පියභාණිනීති තව මධුරකථා පියභාණිනීයෙව භවිස‍්සාමි. වින්‍ද මන‍්ති පටිලභ මං. අරියෙන වෙදෙනාති සුන්‍දරෙන පටිලාභෙන. අහම‍්පි හි ඉතො පුබ‍්බෙ පුරිසසම‍්ඵස‍්සං න ජානාමි, ත්‍වම‍්පි ඉත්‍ථිසම‍්ඵස‍්සං න ජානාසි, ඉති පකතියා බ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිනිං මං නිද‍්දොසෙන ලාභෙන ලභ. යදි මං ඉච‍්ඡසි, අථ මෙ වචනං න සද‍්දහසි, ද‍්වාදසයොජනාය බාරාණසියා භෙරිං චරාපෙත්‍වා “අයං මෙ දාසී”ති සාවය, මං අත‍්තනො දාසං කත්‍වා ගණ‍්හාහීති වදති.

මෙහි ‘කොමාරිකා’ යනු ‘මෙතුවක් කලකට මම අන් පුරුෂයකු ගැන නො දනිමි. එබැවින් ඔබට මම පිවිතුරු බිරිඳක් වන්නෙමියි කියයි’ යන අර්ථයි. ‘මඤ්ජුකා පියභාණිනී’ යනු ‘ඔබට මිහිරි කතා කියන්නියක්, ප්‍රිය වචන කියන්නියක්ම වන්නෙමි’ යන අර්ථයි. ‘වින්‍ද මං’ යනු ‘මා ලබාගන්න’ යන අර්ථයි. ‘අරියෙන වෙදෙන’ යනු ‘සුන්දර වූ ප්‍රතිලාභයකින් යන අර්ථයි. එනම් මම ද මීට පෙර පුරුෂයකුගේ පහසක් ගැන නො දනිමි. ඔබ ස්ත්‍රී පහසක් ගැන නො දනිහි, මෙසේ ස්වභාවයෙන් ම බ්‍රහ්මචාරී වූ ඔබ, නිකැලැල් බ්‍රහ්මචාරිණියක වන මා, ප්‍රතිලාභයක් ලෙසින් ලබාගන්න, යන අර්ථයි. ‘යදි මං ඉච්ඡසි’ යනු ‘තවද ඔබ මගේ වචන විශ්වාස නොකෙරේ නම්, බරණැස් නුවර දොළොස් යොදුනක් තැන් බෙර හසුරුවා ‘මැය මාගේ දාසිය යැ’යි ප්‍රසිද්ධ කොට, මා ඔබේ දාසිය ලෙස, බාර ගන්නැ’යි කියයි’ යන අර්ථයි.

තතො බොධිසත‍්තො “ඉමං තජ‍්ජෙත්‍වා පලාපෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා චතුත්‍ථං ගාථමාහ –

ඉක්බිති බෝසත් කුකුළා ‘මැයට දැන් තර්ජනය කොට මෙතැනින් පලවා හරින්නට සුදුසු යැ’යි, සිතා මෙසේ පැවසීය.

“කුණපාදිනි ලොහිතපෙ, චොරි කුක‍්කුටපොථිනි; න ත්‍වං අරියෙන වෙදෙන, මමං භත‍්තාරමිච‍්ඡසී”ති.

4. මළකුණු කන, ලේ බොන, කුකුළන් මරන හෙර, තී උසස් ආශ්වාදය හේතු කොටගෙන, මා සැමියා ලෙස ගන්නට නො සිතව.

තත්‍ථ න ත්‍වං අරියෙනාති ත්‍වං අරියෙන බ්‍රහ‍්මචරියවාසලාභෙන මං භත‍්තාරං න ඉච‍්ඡසි, වඤ‍්චෙත්‍වා පන මං ඛාදිතුකාමාසි, නස‍්ස පාපෙති තං පලාපෙසි. සා පන පලායිත්‍වාව ගතා, න පුන ඔලොකෙතුම‍්පි විසහි.

මෙහි ‘න ත්‍වං අරියෙන’ යනු ‘තී උතුම් වූ බඹසර විසීම නිසා, මා සැමියා කොට ගන්නට නොසිතව’ යන අර්ථයි.

මෙසේ පැවසූ බෝසත් කුකුළා ‘කිමෙක් ද? තී මා රවටා කන්නට කැමැත්තෙහිද? පව්කාරිය, තී භංග වේවා’යි කියා, බැළලිය එතැනින් පලවා හැරියේය. ඇය ද එතැනින් පලා ගියා, ගියා ම ය. නැවත කිසිදිනෙක ඇය කුකුළා සිටි දෙස බලන්නටවත් උත්සාහ නොකළාය. මෙහි පහත දැක්වෙන ගාථා බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ඒවාය.

“එවම‍්පි චතුරා නාරී, දිස‍්වාන සධනං නරං; නෙන‍්ති සණ‍්හාහි වාචාහි, බිළාරී විය කුක‍්කුටං.

5. මෙසේ චතුර වූ ස්ත්‍රීහු උතුම් මිනිසකු දැක, කුකුළකු වසඟ කර ගන්නට උත්සාහ ගත් බැළලිය මෙන්, සිලිටි වචනවලින් වසඟයට පමුණුවති.

“යො ච උප‍්පතිතං අත්‍ථං, න ඛිප‍්පමනුබුජ‍්ඣති; අමිත‍්තවසමන්‍වෙති, පච‍්ඡා ච අනුතප‍්පති.

6. යමෙක් එළඹි කාරණය වහා අවබෝධ කොට නො ගනී ද? ඔහු සතුරන්ගේ වසඟයට පත් වේ. වූ දේ ගැන පසුව තැවේ.

“යො ච උප‍්පතිතං අත්‍ථං, ඛිප‍්පමෙව නිබොධති; මුච‍්චතෙ සත‍්තුසම‍්බාධා, කුක‍්කුටොව බිළාරියා”ති. – ඉමා අභිසම‍්බුද‍්ධගාථා;

7. යමෙක් එළඹි කාරණය වහා අවබෝධ කොට ගනීද? කුකුළා බැළලියගෙන් මිදුනාක් මෙන්, ඔහු සතුරු කරදරයෙන් මිදේ.

තත්‍ථ චතුරාති චාතුරියෙන සමන‍්නාගතා. නාරීති ඉත්‍ථියො. නෙන‍්තීති අත‍්තනො වසං උපනෙන‍්ති. බිළාරී වියාති යථා සා බිළාරී තං කුක‍්කුටං නෙතුං වායමති, එවං අඤ‍්ඤාපි නාරියො නෙන‍්තියෙව. උප‍්පතිතං අත්‍ථන‍්ති උප‍්පන‍්නං කිඤ‍්චිදෙව අත්‍ථං. න අනුබුජ‍්ඣතීති යථාසභාවෙන න ජානාති, පච‍්ඡා ච අනුතප‍්පති. කුක‍්කුටොවාති යථා සො ඤාණසම‍්පන‍්නො කුක‍්කුටො බිළාරිතො මුත‍්තො, එවං සත‍්තුසම‍්බාධතො මුච‍්චතීති අත්‍ථො.

මෙහි ‘චතුරා’ යනු ‘දක්‍ෂබවින් යුතු’, යන අර්ථයි. ‘නාරී’ යනු ‘ස්ත්‍රීහු’ය. ‘නෙන්ති’ යනු තමාගේ වසඟයට පමුණුවති යන අර්ථයි. ‘බිළාරි විය’ යනු යම්සේ ඒ බැළලිය, ඒ කුකුළා ගෙන යන්නට වෑයම් කළාද? අන් ස්ත්‍රීහු ද, එපරිද්දෙන්ම කරති, යන අර්ථයි. ‘උප්පතිතං අත්‍ථං’ යනු එළඹි කිසියම් කාරණයක් යන අර්ථයි. ‘න අනුබුජ්ඣති’ යනු ඇති සැටියෙන් තේරුම් නොගනීද?’ යන අර්ථයි. ‘පච්ඡා ච මනුතප්පති’ යනු ‘පසුවද, ඒ ගැන තැවේ’ යන අර්ථයි. ‘කුක්කුටොව’ යනු ‘ඒ නුවණැති කුකුළා යනු ‘පසුවද, ඒ ගැන තැවේ’ යන අර්ථයි. ‘කුක්කුටොව’ යනු ඒ නුවණැති කුකුළා බැළලියගෙන්, යම් සේ මිදුනේද? එසේ සතුරු කරදරයෙන් මිදේ’ය, යන අර්ථයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා කුක‍්කුටරාජා අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව මෙසේ ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා කුකුළු රාජයා වූයේ ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේ දක්වා වදාළ සේක.

කුක‍්කුටජාතකවණ‍්ණනා අට‍්ඨමා.