6. ධජවිහෙඨජාතකං
956. දුබ්බණ්ණරූපං තුවමරියවණ්ණි පුරක්ඛත්වා පඤ්ජලිකො නමස්සසි, සෙය්යො නු තෙ සො උදවා සරික්ඛො නාමං පරස්සත්තතො චාපි බ්රූහි.
956. සොඳුරු රූ ඇති තෙපි විරූප වූවකු (පැවිද්දකු) පෙරටු කොට ඇඳිලි බැඳ නමස්කාර කරවු. මෙතෙම තොපට වඩා උතුම් ද නැතහොත් සමාන වේ ද. අනෙකාගේ ද තමාගේ ද නම කියව.
957. න නාමගොත්තං ගණ්හන්ති රාජ සම්මග්ගතානුජ්ජුගතානදෙවා, අහඤ්ච තෙ නාමධෙය්යං වදාමි සක්කොහස්මි තිදසානමින්දො.
957. රජතුමනි, මනා පිළිවෙත් ඇති ඍජුමගට පිළිපන් උතුම් වූ විශුද්ධිදේවියන්ගේ නම් ගොත් උත්පත්තියෙන් දෙවි වූවෝ නො ගනිත්. මම ඔබට මගේ නම කියමි. තව්තිසා දෙව්ලෝ වාසීන්ට අධිපති වූ මම ශක්‍රයා වෙමි.
958. යො දිස්වා භික්ඛුං චරණූපපන්නං පුරක්ඛත්වා පඤ්ජලිකො නමස්සති, පුච්ඡාමි තං දෙවරාජෙතමත්ථං ඉතො චුතො කිං ලභතෙ සුඛං සො.
958. දෙව්රජුනි, මෙය ඔබ විචාරමි. යමෙක් සීලසම්පන්න වූ භික්ෂූන් වහන්සේ දැක (උන්වහන්සේ) ඉදිරියේ ඇඳිලි බැඳ නමස්කාර කෙරේ ද හේ මින් සැවැ කිනම් සුවයක් ලබන්නේ ද.
959. යො දිස්වා භික්ඛුං චරණූපපන්නං පුරක්ඛත්වා පඤ්ජලිකො නමස්සති, දිට්ඨෙව ධම්මෙ ලභතෙ පසංසං සග්ගඤ්ච සො යාති සරීරභෙදා.
959. යමෙක් සිල්සපන් භික්ෂූන් වහන්සේ දැක (උන් වහන්සේ) ඉදිරියේ ඇඳිලි බැඳ නමදී ද හේ මේ දිවියේ දී ම පැසසුම් ලබයි. මරණින් මතු දෙව්ලොවට පැමිණේ.
960. ලක්ඛී වත මෙ උදපාදි අජ්ජ යං වාසවං භූතපතද්දසාම, භික්ඛුඤ්ච දිස්වාන තවජ්ජ සක්ක කාහාමි පුඤ්ඤානි අනප්පකානි.
960. අද දෙවියන්ගේ ස්වාමියා වූ ශක්‍රයා දුටුවෙමු ද එහෙයින් කර්මවිපාක ඥානය පහළ විය. ශක්‍රය භික්ෂූන් වහන්සේ ද ඔබ ද දැක බොහෝ පින් කරන්නෙමි.
961. අද්ධා හවෙ සෙවිතබ්බා සපඤ්ඤා බහුස්සුතා යෙ බහුඨානචින්තිනො, භික්ඛුඤ්ච දිස්වාන මමඤ්ච රාජ කරොහි පුඤ්ඤානි අනප්පකානි.
961. බහුශ්‍රුත වූ බොහෝ දේ සිතන නැණවත් යම් කෙනෙක් වෙත් ද ඔහු ඒකාන්තයෙන් ඇසුරු කළ යුත්තාහ.
962. අක්කොධනො නිච්චපසන්නචිත්තො සබ්බාතිථියාචයොගො භවිත්වා, නිහච්චමානං අභිවාදයිස්සං සුත්වාන දෙවින්ද සුභාසිතානී’ති.
962. දෙව්රජතුමනි, ඔබේ සුබැසි වදන් අසා කෝප නැතියෙක් ව හැමවිට පහන් සිතැති ව සියලු ආගන්තුකයන්ගේ ඉල්ලීමට සුදුස්සෙක් වැ මානය නසා වඳින්නෙමි.