2. මනොජජාතකවණ්ණනා 397 අට්ඨකථා
2. මනොජජාතකවණ්ණනා (397)
2. මනෝජ ජාතකය (397)
යථා චාපො නින්නමතීති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො විපක්ඛසෙවකං භික්ඛුං ආරබ්භ කථෙසි. වත්ථු පන හෙට්ඨා මහිළාමුඛජාතකෙ (ජා· 1.1.26) විත්ථාරිතමෙව. තදා පන සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස විපක්ඛසෙවකොයෙවා”ති වත්වා අතීතං ආහරි.
‘යථා චාපො නින්නමති’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන සේක්, ප්රතිපක්ෂ උදවියට සේවා කම් කළ එක් භික්ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘මහිලාමුඛ’ ජාතකයෙහිදී විස්තර කරන ලදි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සෙසු භික්ෂූන් අමතා, ‘මහණෙනි, මේ භික්ෂුව විපක්ෂ සේවකයකු වූයේ, දැන් පමණක් නොව, පෙර ද එසේම වූයේ යැ’යි වදාරා, මේ අතීත කථාව මෙසේ දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සීහො හුත්වා සීහියා සද්ධිං සංවසන්තො ද්වෙ පොතකෙ ලභි – පුත්තඤ්ච ධීතරඤ්ච. පුත්තස්ස මනොජොති නාමං අහොසි, සො වයප්පත්තො එකං සීහපොතිකං ගණ්හි. ඉති තෙ පඤ්ච ජනා අහෙසුං. මනොජො වනමහිංසාදයො වධිත්වා මංසං ආහරිත්වා මාතාපිතරො ච භගිනිඤ්ච පජාපතිඤ්ච පොසෙති. සො එකදිවසං ගොචරභූමියං ගිරියං නාම සිඞ්ගාලං පලායිතුං අප්පහොන්තං උරෙන නිපන්නං දිස්වා “කිං, සම්මා”ති පුච්ඡිත්වා “උපට්ඨාතුකාමොම්හි, සාමී”ති වුත්තෙ “සාධු, උපට්ඨහස්සූ”ති තං ගහෙත්වා අත්තනො වසනගුහං ආනෙසි. බොධිසත්තො තං දිස්වා “තාත මනොජ, සිඞ්ගාලා නාම දුස්සීලා පාපධම්මා අකිච්චෙ නියොජෙන්ති, මා එතං අත්තනො සන්තිකෙ කරී”ති වාරෙතුං නාසක්ඛි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ සිංහරාජයෙක්ව ස්වකීය සිංහ ධේනුවත් සමග එක්ව වාසය කෙළේය. ඔවුනට පුතෙක් හා දුවක් වශයෙන් දරුවෝ දෙදෙනෙක් වූහ. ‘මනෝජ’ යනු ඒ එකම පුතාගේ නමයි. මනෝජ ද තරුණ වියට පත්වූ පසු ගැලපෙන සිංහ ධේනුවක් සමග පවුල් විය. මෙසේ ඔවුන් විසූ ගුහාවේ මුළු පවුලේ එකතුව පස්දෙනෙකි. මනෝජ කුළු මීමුන් ආදී වන සතුන් මරා ගෙනවුත් සිය මවුපියන් ප්‍රධාන, පවුලේ උදවියට දී, ඔවුන් පෝෂණය කරයි. එක්දිනක් ගොදුරු බිම ඇවිදින මනෝජට සිවලකු දක්නට ලැබුණි. ‘ගිරිය’ නම් වූ මේ සිවලා තරුණ සිංහයා දුටු සැණින් පලා යන්නට උත්සාහ කළත්, එය නිශ්ඵල බව දැන බයාදු ලෙස ගාත් දෙපසට දමා බිම වැතිරුණේය. ඒ දුටු සිංහයා ‘මිතුර, මේ කිමදැ’යි ඇසීය. ‘ස්වාමීනි, මම ඔබතුමා දැකීමට පැමිණියේ ඔබේ ළඟ සේවාකම් කරමින්, උපස්ථාන කරමින් උදව් වීමට යැ’යි සිවලා කීවේය. එවිට සිංහයා තමා ඊට කැමති බව සිවලාට දැනුම් දී, ඌත් කැටුව තමා වසන ගුහාවට ගියේය. සිවලා දුටු බෝසත් සිංහ රාජයා ‘පුතු මනෝජ, සිවල්ලු නම් දුස්සීලයෝ ය. පාප ධර්මයෙහි ඇලුණු අය වෙති. අවැඩෙහි යොදවන්නෝ ම වෙති. එබැවින් එවැන්නකු ළංකර නොගත යුතු යැ’යි සිය පුතුට අවවාද කෙළේය. එසේ වුවත් ඒ කිසිවක් ගණන් නොගත් මනෝජ, සිවලා සමගම සියලු ගමන් බිමන් ගියේය.
අථෙකදිවසං සිඞ්ගාලො අස්සමංසං ඛාදිතුකාමො මනොජං ආහ – “සාමි, අම්හෙහි ඨපෙත්වා අස්සමංසං අඤ්ඤං අඛාදිතපුබ්බං නාම නත්ථි, අස්සං ගණ්හිස්සාමා”ති. “කහං පන, සම්ම, අස්සා හොන්තී”ති? “බාරාණසියං නදීතීරෙ”ති. සො තස්ස වචනං ගහෙත්වා තෙන සද්ධිං අස්සානං නදියා න්හානවෙලායං ගන්ත්වා එකං අස්සං ගහෙත්වා පිට්ඨියං ආරොපෙත්වා වෙගෙන අත්තනො ගුහාද්වාරමෙව ආගතො. අථස්ස පිතා අස්සමංසං ඛාදිත්වා “තාත, අස්සා නාම රාජභොගා, රාජානො ච නාම අනෙකමායා කුසලෙහි ධනුග්ගහෙහි විජ්ඣාපෙන්ති, අස්සමංසඛාදනසීහා නාම දීඝායුකා න හොන්ති, ඉතො පට්ඨාය මා අස්සං ගණ්හී”ති ආහ. සො පිතු වචනං අකත්වා ගණ්හතෙව. “සීහො අස්සෙ ගණ්හාතී”ති සුත්වා රාජා අන්තොනගරෙයෙව අස්සානං පොක්ඛරණිං කාරාපෙසි. තතොපි ආගන්ත්වා ගණ්හියෙව. රාජා අස්සසාලං කාරෙත්වා අන්තොසාලායමෙව තිණොදකං දාපෙසි. සීහො පාකාරමත්ථකෙන ගන්ත්වා අන්තොසාලාතොපි ගණ්හියෙව.
කිසියම් දවසක අශ්ව මස් කෑමට ආශාවක් ඇති වූ සිවලා, මනෝජ අමතා ‘ස්වාමීනි, අප විසින් අශ්ව මස් හැර වෙනත් නො කෑ මසක් නැත. ඒ නිසා අපි අශ්වයකු අල්ලා ගනිමුදැ’යි කීවේය. ‘සබඳ, අසුන් ඇත්තේ කොහිද?’ ‘ස්වාමීනි, බරණැස් නුවර නදී තෙර ඕනෑ තරම් අශ්වයෝ සිටිති’යි සිවලා කීය. උගේ වචන පිළිගත් මනෝජ ඌත් සමග එකී නදිය වෙත ගොස්, නදියෙහි බැස නාන අශ්වයන් දැක, ඉන් එකකු අල්ලාගෙන, සිය පිට මත දමාගෙන වේගයෙන් අවුත් නැවතුණේ, සිය නවාතැන වන ගල් ගුහාව ළඟය. එදා පවුලේ සියලු දෙනා ද, සිවලා ද අශ්ව මස් හිතේ හැටියට කෑහ. කෑමෙන් පසු සිය පුතු ඇමතූ සිංහරාජයා, ‘පුතණුවනි, අශ්වයෝ නම් රජුට අයත් සත්ත්ව විශේෂයකි. රජවරු විවිධ මායා ඇති අය වෙති. එබැවින් ඔවුහු දක්ෂ දුනුවායන් යොදා සතුරන් මරවති. එබැවින් අශ්ව මස් කන සිංහයෝ වූ කලී, දීර්ඝ ආයුෂ ඇත්තෝ නොවෙති. ඒ නිසා මින් මතු අශ්වයන් අල්ලන්නට නොයව’යි, තරයේ මනෝජට අවවාද කෙළේය. පියාගේ වචනය මායිම් නොකළ, මනෝජ සිය කටයුතු සුපුරුදු ලෙසින්ම කරගෙන ගියේය. මේ අතර සිංහයකු තමාට අයත් අශ්වයන් අල්ලා මරන බව දැනගත් රජතුමා, ඇතුළු නුවර ම අශ්වයන්ට සුවසේ විසිය හැකි භූමියක් වෙන්කොට, එහි විශාල පොකුණක් ද කරවීය. සිවලා සැපයූ තොරතුරු අනුව එහි ගිය මනෝජ, එතැනින් ද අශ්වයන් අල්ලා මරාගෙන ගියේය. අනතුරුව ඒ ගැන තොරතුරු දැනගත් රජතුමා වෙනම අස්හලක් සාදවා, අශ්වයන් එහි ගාල්කොට තණකොළත් වතුරත් වෙනත් අවශ්‍ය දෑ ද, එතැනට ම සැපයීමට කටයුතු සංවිධානය කෙළේය. සිවලාගේ මඟපෙන්වීම යටතේ එහි යන්නට පවා, මනෝජ එඩිතර විය. ඒ ස්ථානය පවුරකින් වටකොට තිබුණි. එහි ගිය මනෝජ එක්වරම පවුර මත පැන, එතැනින් අස්හලට ඇතුළු වී එහි සිටි අසුන් අතරින් එකකු පැහැර ගත්තේය. මේ සිද්ධිය පසුදාම රජතුමාට ආරංචි විය.
රාජා එකං අක්ඛණවෙධිං ධනුග්ගහං පක්කොසාපෙත්වා “සක්ඛිස්සසි තාත, සීහං විජ්ඣිතු”න්ති ආහ. සො “සක්කොමී”ති වත්වා පාකාරං නිස්සාය සීහස්ස ආගමනමග්ගෙ අට්ටකං කාරෙත්වා අට්ඨාසි. සීහො ආගන්ත්වා බහිසුසානෙ සිඞ්ගාලං ඨපෙත්වා අස්සගහණත්ථාය නගරං පක්ඛන්දි. ධනුග්ගහො ආගමනකාලෙ “අතිතිඛිණො වෙගො”ති සීහං අවිජ්ඣිත්වා අස්සං ගහෙත්වා ගමනකාලෙ ගරුභාරතාය ඔලීනවෙගං සීහං තිඛිණෙන නාරාචෙන පච්ඡාභාගෙ විජ්ඣි. නාරාචො පුරිමකායෙන නික්ඛමිත්වා ආකාසං පක්ඛන්දි. සීහො “විද්ධොස්මී”ති විරවි. ධනුග්ගහො තං විජ්ඣිත්වා අසනි විය ජියං පොථෙසි. සිඞ්ගාලො සීහස්ස ච ජියාය ච සද්දං සුත්වා “සහායො මෙ ධනුග්ගහෙන විජ්ඣිත්වා මාරිතො භවිස්සති, මතකෙන හි සද්ධිං විස්සාසො නාම නත්ථි, ඉදානි මම පකතියා වසනවනමෙව ගමිස්සාමී”ති අත්තනාව සද්ධිං සල්ලපන්තො ද්වෙ ගාථා අභාසි –
විදුලිඑලියෙන් සතකු විද මැරිය හැකි දුනුවායකු කැඳවූ රජතුමා ‘පුත, නුඹට රාත්‍රී කාලයෙහි සිංහයකු විද මරා හෙළන්නට හැකි දැ’යි ඇසීය. ඒ හැකියාව තමාට ඇතැයි පිළිගත්, දුනුවායා රජුට පොරොන්දු වී, අස්හලේ පවුර සමීපයෙහි, සිංහයා පවුරට ගොඩවෙන ස්ථානය සලකා, ඒ අසල අටල්ලක් බැඳ, එහි සැඟව සිංහයාගේ පැමිණීම අපේක්ෂා කරමින් බලා සිටියේය. මේ අතර සිවලා ද කැටුව පැමිණි මනෝජ, අස්හල සමීපයෙහි වූ සුසාන භූමියක සිවලා නවත්වා, තනිවම අසකු අල්ලා ගැනීමේ අදහසින් ඇතුළු නුවරට පිවිසියේය. සිංහයා අස්හල සමීපයට පැමිණ එක්වරම, එහි තාප්පය උඩට පැන්නේය. ඒ දුටු දුනුවායා ‘ගොදුර ගැනීමට පැමිණෙන සිංහයා ඉතා වේගවත්ය. ඉතා තියුණු ස්වරූප ඇත්තේ යැ’යි සිතා, එවේලෙහි සිංහයාට විදීමට තීරණය නොකොට, අශ්වයකු මරාගෙන ඒ ගොදුර ඔසවාගෙන අපහසුවෙන් සිංහයා පැමිණෙන විට, විදීම වඩාත් ප්රඥාගෝචර යැ’යි, අදිටන්කොට ගෙන ඒ අවස්ථාව පැමිණෙන තෙක්, නො ඉවසිල්ලෙන් බලා සිටියේය. මේ අතර අසකු මරාගත් සිංහයා, ඒ බරත් ඔසවාගෙන, අපහසුවෙන් මඳ වේග ඇතිව ගාටමින්, පවුර සමීපයට පැමිණියේය. ඒ දුටු දුනුවායා ඉතා තියුණු ඊතලයක් ගෙන, සිංහයාගේ පසුපසට එල්ලකොට විද්දේය. සිංහයාගේ පසු පෙදෙසින් ඇතුළු වූ ඊතලය උගේ හිස සමීපයෙන් නික්ම අහසට විසි විය. ඊතල පහර කෑ සිංහයා මරහඬ තැලීය. එවිටම දුනුවායා ද හෙනහඬ නංවමින් දුනුදිය පෙළීය. පිට නුවර අස්හලට නුදුරෙහි සුසාන භූමියෙහි හුන් සිවලා සිංහයාගේ මරහඬත්, දුනුදියේ නාදයත් අසා, ‘මාගේ ස්වාමියා ස්ථිර වශයෙන් ම මරණයට පත් වූයේ යැ’යි සිතා ‘මළ අය සමග කුමන විශ්වාසයක් දැ’යි සලකා, පූර්වයේදී තමා විසූ ස්ථානය සිහිකොට, එහි යන්ට පිටත්වෙමින්, තමාට ම මෙසේ කියා ගත්තේය.
“යථා චාපො නින්නමති, ජියා චාපි නිකූජති; හඤ්ඤතෙ නූන මනොජො, මිගරාජා සඛා මම.
යථා චාපො නින්නමති - ජියා චාපි නිකූජති, භඤ්ඤතෙ නූන මනොජො - මිගරාජා සඛා මම
යම් සේ දුන්න නැමේද? දුනුදිය ද හඬ තළයි ද? ඒකාන්තයෙන් මාගේ මිත්‍ර මනෝජ නම් වූ සිංහරාජයා නැසුනේය.
“හන්ද දානි වනන්තානි, පක්කමාමි යථාසුඛං; නෙතාදිසා සඛා හොන්ති, ලබ්භා මෙ ජීවතො සඛා”ති.
හන්දදානි වනං තාණං - පක්කමාමි යථා සුඛං, නෙතාදිසා සඛා හොන්ති - ලබ්භා මෙ ජීවිතො සඛා
ඒකාන්තයෙන් දැන් ආරක්ෂිත ස්ථානය නම් කැලයයි. සුවසේ එහි යමි. මෙබඳු (මැරුණු) අය මිතුරෝ නොවෙති. ජීවත් වුවොත්, මට යහලුවන් ලැබිය හැකිය.
තත්ථ යථාති යෙනාකාරෙනෙව චාපො නින්නමති. හඤ්ඤතෙ නූනාති නූන හඤ්ඤති. නෙතාදිසාති එවරූපා මතකා සහායා නාම න හොන්ති. ලබ්භා මෙති ජීවතො මම සහායො නාම සක්කා ලද්ධුං.
මෙහි ‘යථා’ යනු ‘යම් ආකාරයකින් දුන්න නැමේද?’ යන අර්ථයි. ‘හඤ්ඤතෙ නූන’ යනු ‘ඒකාන්තයෙන් නැසේ’ යන අර්ථයි. ‘නෙතාදිසා’ යනු ‘මෙවැනි මියගිය අය නම් යාලුවෝ නොවෙති’ යන අර්ථයි. ‘ලබ්භා මෙ ජීවතො’ යනු ‘යහලුවන් ලබාගැනීම නම්, මට කළ හැකිය, යන අර්ථයි.
සීහොපි එකවෙගෙන ගන්ත්වා අස්සං ගුහාද්වාරෙ පාතෙත්වා සයම්පි මරිත්වා පති. අථස්ස ඤාතකා නික්ඛමිත්වා තං ලොහිතමක්ඛිතං පහාරමුඛෙහි පග්ඝරිතලොහිතං පාපජනසෙවිතාය ජීවිතක්ඛයං පත්තං අද්දසංසු, දිස්වා චස්ස මාතා පිතා භගිනී පජාපතීති පටිපාටියා චතස්සො ගාථා භාසිංසු –
ඊතල පහර කෑ නමුත් සිංහයා සිය ගොදුර අත්හළේ නැත. සිය ගොදුර ඩැහැ ගත් ඌ, එකම වේගයෙන් සිය ගුහාව වෙත ගොස්, අසුගේ මළකුණ ගුහා දොරටුවෙහි හෙළනවාත් සමගම, මැරී වැටුනේය. ඒ ශබ්දය ඇසී ගුහාවෙන් බැහැරට ආ පවුලේ උදවිය ලෙයින් වැකුණු සිරුරු ඇති, ලේ වැගිරෙමින් අවසන් නින්දෙහි වැටී හුන්, පවිටු ජනයන් සේවනය කිරීමෙහි ප්‍රතිඵල වශයෙන්, සිය ජීවිතයෙන් වන්දි ගෙවූ, මනෝජ දුටහ. ඒ දුටු මනෝජගේ පියා ද, මව ද, සොයුරිය ද, බිරිඳ ද යන මේ අය පිළිවෙලින් මේ ගාථා සතර ප්‍රකාශ කළහ.
“න පාපජනසංසෙවී, අච්චන්තං සුඛමෙධති; මනොජං පස්ස සෙමානං, ගිරියස්සානුසාසනී.
3. පවිටු ජනයා ඇසුරු කරන්නා, වැඩි කලක් සැප නොලබයි. ගිරියාගේ අනුශාසනා ලැබූ (මර නින්දේ) නිදන, මනෝජයා දෙස බලන්න.
“න පාපසම්පවඞ්කෙන, මාතා පුත්තෙන නන්දති; මනොජං පස්ස සෙමානං, අච්ඡන්නං සම්හි ලොහිතෙ.
4. පවට නැමුණු පුතකු නිසා, මවක් සතුටු නො වේ. තමාගේම ලේවල ගිලී (අවසන් නින්දේ) නිදන, මනෝජයා දෙස බලන්න.
“එවමාපජ්ජතෙ පොසො, පාපියො ච නිගච්ඡති; යො වෙ හිතානං වචනං, න කරොති අත්ථදස්සිනං.
5. ඒකාන්තයෙන් යමෙක් යහපත පෙන්වා දෙන හිතවතුන්ගේ, වචන අනුව ක්‍රියා නො කෙරේද? ඒ පුරුෂය පවිටකු බවට ද පත්වේ. මේ තත්ත්වයට ද (එනම්, මරණයට ද) පැමිණේ.
“එවඤ්ච සො හොති තතො ච පාපියො, යො උත්තමො අධමජනූපසෙවී; පස්සුත්තමං අධමජනූපසෙවිතං, මිගාධිපං සරවරවෙගනිද්ධුත”න්ති.
6. යම් උත්තමයෙක් නීච ජනයන් සේවනය කෙරේද? මෙසේ ඒ තැනැත්තා ඊටත් වඩා පවිටෙක් වේ. නීච ජනයන් සේවනය කරන ලදුව, උසස් තත්ත්වයේ ඊතල පහරකින් විනාශ කරන ලද, මේ උතුම් සිංහරාජයා දෙස බලන්න.
තත්ථ අච්චන්තං සුඛමෙධතීති න චිරං සුඛං ලභති. ගිරියස්සානුසාසනීති අයං එවරූපා ගිරියස්සානුසාසනීති ගරහන්තො ආහ. පාපසම්පවඞ්කෙනාති පාපෙසු සම්පවඞ්කෙන පාපසහායෙන. අච්ඡන්නන්ති නිමුග්ගං. පාපියො ච නිගච්ඡතීති පාපඤ්ච වින්දති. හිතානන්ති අත්ථකාමානං. අත්ථදස්සිනන්ති අනාගතඅත්ථං පස්සන්තානං. පාපියොති පාපතරො. අධමජනූපසෙවීති අධමජනං උපසෙවී. උත්තමන්ති සරීරබලෙන ජෙට්ඨකං.
මෙහි ‘අච්චන්තං සුඛමෙධති’ යනු ‘වැඩි කලක් සැප නො ලබයි’ යන අර්ථයි. ‘ගිරියස්සානුසාසතී’ යනු ‘මෙබඳු වූ මේ ගිරියාගේ අනුශාසනා යැ’යි, යනුවෙන් ගරහමින් කීය’ යන අර්ථයි. ‘පාපසම්පවංකෙන’ යනු ‘පවට නැමුණු, පවට සහාය වූවකු කරණ කොටගෙන,’ යන අර්ථයි. ‘අච්ඡන්නං’ යනු ‘ගිලුණු’, යන අර්ථයි. ‘පාපියො ච නිගච්ඡති’ යනු ‘පවක් ම ලබයි’ යන අර්ථයි. ‘හිතානං’ යනු ‘වැඩ කැමති අයගේ’, යන අර්ථයි. ‘අත්ථදස්සිනං’ යනු ‘අනාගත දියුණුව පෙන්වා දෙන්නන්ගේ’ යන අර්ථයි. ‘පාපියො’ යනු ‘පාපතරයා’ය. ‘අධමජනුපසෙවි’ යනු හීනයන් සේවනය කරයි’ යන අර්ථයි. ‘උත්තමං’ යනු කාය ශක්තියෙන් උතුම් වූ’ යන අර්ථයි.
පච්ඡිමා අභිසම්බුද්ධගාථා –
මේ පසුකලෙක බුදුරජාණන් වහන්සේ, ඒ ගැන වදාළ ගාථාවකි.
“නිහීයති පුරිසො නිහීනසෙවී, න ච හායෙථ කදාචි තුල්යසෙවී; සෙට්ඨමුපගමං උදෙති ඛිප්පං, තස්මාත්තනා උත්තරිතරං භජෙථා”ති.
නිහීයති පුරිසො නිහීන සෙවී, නව හායෙථ කදාචි තුල්‍ය සෙවී, සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං, තස්මා අත්තනො උත්තරි භජථා
හීනයන් සේවනය කරන පුරුෂයා පිරිහේ. සමානයකු ඇසුරු කරන්නා කවදාවත්, නො පිරිහෙන්නේය. උතුමකු වෙත එළඹෙන්නා, වහා දියුණු වේ. එබැවින් තමාට වඩා උතුම් අයකු ඇසුරු කරවු.
තත්ථ නිහීයතීති භික්ඛවෙ, නිහීනසෙවී නාම මනොජො සීහො විය නිහීයති පරිහායති විනාසං පාපුණාති. තුල්යසෙවීති සීලාදීහි අත්තනා සදිසං සෙවමානො න හායති, වඩ්ඪියෙව පනස්ස හොති. සෙට්ඨමුපගමන්ති සීලාදීහි උත්තරිතරංයෙව උපගච්ඡන්තො. උදෙති ඛිප්පන්ති සීඝමෙව සීලාදීහි ගුණෙහි උදෙති, වුද්ධිං උපගච්ඡතීති.
මෙහි ‘නිහීයති’ යනු ‘මහණෙනි, හීනයන් ඇසුරු කරන්නා මනෝජ නම් වූ සිංහයා මෙන් පිරිහේ, පරිහානියට පත් වේ, විනාශයට පැමිණේ’ යන අර්ථයි. ‘තුල්‍යසේවී’ යනු සිල් ආදියෙන් තමා හා සමාන වූවකු ඇසුරු කරන්නා නො පිරිහේ’ යන අර්ථයි. ‘සෙට්ඨමුපනමං’ යනු ‘සිල් ආදියෙන් තමාට වඩා, උත්තමයකු වෙත එළඹෙන්නා’ යන අර්ථයි. ‘උදෙති ඛිප්පං’ යනු ‘ඉක්මණින් ම ශීලාදී ගුණයන්ගෙන් වැඩේ, අභිවෘද්ධියට පැමිණේ’ යන අර්ථයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ විපක්ඛසෙවකො සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, විපක්ෂ සේවක භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.
තදා සිඞ්ගාලො දෙවදත්තො අහොසි, මනොජො විපක්ඛසෙවකො, භගිනී උප්පලවණ්ණා, භරියා ඛෙමා භික්ඛුනී, මාතා රාහුලමාතා, පිතා සීහරාජා පන අහමෙව අහොසින්ති.
එදා සිවලා නම්, දේවදත්තය. මනෝජ නම්, විපක්ෂ සේවක භික්ෂුවය, සොයුරිය නම්, උප්පලවණ්ණාය. බිරිය නම්, ඛේමා භික්ෂුනී ය. මව නම්, රාහුල මාතාය. පියා නම්, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
මනොජජාතකවණ්ණනා දුතියා.