3. සුතනුජාතකවණ්ණනා 398 අට්ඨකථා
3. සුතනුජාතකවණ්ණනා (398)
3. සුතනු ජාතකය (398)
රාජා තෙ භත්තන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො මාතුපොසකභික්ඛුං ආරබ්භ කථෙසි. වත්ථු සාමජාතකෙ (ජා· 2.22.296 ආදයො) ආවි භවිස්සති.
‘රාජා තෙ භත්තං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, මාතුපෝෂක භික්ෂුවක අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘සාම’ ජාතකයෙහි විස්තර කෙරේ. එහි අතීත කථාව මෙසේය.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො දුග්ගතගහපතිකුලෙ නිබ්බත්ති, සුතනූතිස්ස නාමං අකංසු. සො වයප්පත්තො භතිං කත්වා මාතාපිතරො පොසෙත්වා පිතරි කාලකතෙ මාතරං පොසෙති. තස්මිං පන කාලෙ බාරාණසිරාජා මිගවිත්තකො අහොසි. සො එකදිවසං මහන්තෙන පරිවාරෙන යොජනද්වියොජනමත්තං අරඤ්ඤං පවිසිත්වා “යස්ස ඨිතට්ඨානෙන මිගො පලායති, සො ඉමං නාම ජිතො”ති සබ්බෙසං ආරොචාපෙසි. අමච්චා රඤ්ඤො ධුවමග්ගට්ඨානෙ කොට්ඨකං ඡාදෙත්වා අදංසු. මනුස්සෙහි මිගානං වසනට්ඨානානි පරිවාරෙත්වා උන්නාදෙන්තෙහි උට්ඨාපිතෙසු මිගෙසු එකො එණිමිගො රඤ්ඤො ඨිතට්ඨානං පටිපජ්ජි. රාජා “තං විජ්ඣිස්සාමී”ති සරං ඛිපි . උග්ගහිතමායො මිගො සරං මහාඵාසුකාභිමුඛං ආගච්ඡන්තං ඤත්වා පරිවත්තිත්වා සරෙන විද්ධො විය හුත්වා පති. රාජා “මිගො මෙ විද්ධො”ති ගහණත්ථාය ධාවි. මිගො උට්ඨාය වාතවෙගෙන පලායි, අමච්චාදයො රාජානං අවහසිංසු. සො මිගං අනුබන්‍ධිත්‍වා කිලන්තකාලෙ ඛග්ගෙන ද්විධා ඡින්දිත්වා එකස්මිං දණ්ඩකෙ ලග්ගිත්වා කාජං වහන්තො විය ආගච්ඡන්තො “ථොකං විස්සමිස්සාමී”ති මග්ගසමීපෙ ඨිතං වටරුක්ඛං උපගන්ත්වා නිපජ්ජිත්වා නිද්දං ඔක්කමි.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ දුප්පත් පවුලක ඉපදුනේය. ඔහුගේ දෙමාපියෝ, නම් තබන දවසෙහි ඔහුට ‘සුතනු’ යන නම තැබූහ. තරුණ වියට පත් වූ එතුමා වැටුපට වැඩ කොට, සිය මව්පියන් පෝෂණය කෙළේය. පසුකලෙක ඔහුගේ පියා මිය ගියේය. එයින් අම්මත්, පුතත් යන මේ දෙදෙනා පමණක් නිවසේ තනි වූහ. දැන් ඔහුට ඇති බර, සිය මෑණියන් පෝෂණය කිරීම පමණෙකි. මෙකල බරණැස් රජතුමා මුව දඩයමෙහි ලොල් වී ක්‍රියා කෙළේය. එක් දිනක් රජතුමා මහත් වූ පිරිවරක් කැටුව, යොදුන් දෙක තුනක් පමණ කැලයේ ඈතට ගොස්, තම පරිවාර පිරිස අමතා ‘පුරුෂයෙනි, සෑම දෙනා ම මුවන් රැක්මෙහි යෙදිය යුතුය. කාගේ හෝ සමීපයෙන් මුවකු පැන ගියහොත්, ඒ මුවා ගැන, ඔහුම වගකිව යුතුය. කෙසේ හෝ ඒ මුවා අල්ලා ගැනීම, ඔහුට ම බාර යැ’යි පිරිස දැනුවත් කෙළේය. ඇමතිවරු, මුවන් නිතර ගමන් කරන අඩි පාරක් සොයා, ඒ සමීපයෙහි කොටුවක් බැඳ, මුවන්ට සැක නො සිතෙන පරිද්දෙන්, ඒ කොටුවේ වටේට කොළ අතු එල්ලා, රජතුමාට ඒ තුළ හිඳින්නට පහසුකම් සලසා දුන්හ. පසුව කැලය වටකොට ගිය මිනිසුන් කෑ ගසමින් දඬුවලින් කැලයට ගසමින් රැක සිටි පිරිස දිහාවට මුවන් දක්කන කල්හි, එක් ඒණි මුවෙක් රජුගේ ඉදිරියට පැමිණියේය. ඒ දුටු රජතුමා මුවා විද හෙළීමට සිතා, ඊතලයක් ගෙන, මුවා ඉලක්ක කොට විද්දේය. කපටිකම් මැනවින් දැන සිටි මුවා, ඊතලය තමාගේ ඇලපත දෙසට ඉලක්ක වී ඇති බව තේරුම් ගෙන, සැණෙකින්, වටයක් කැරකී, ඊපහර ලද්දකු මෙන් බිම වැටුණේය. එයින් සතුටට පත් රජතුමා ‘මා විසින් මුවා විදින ලදැ’යි, යන හැඟීමෙන් ඌ අත්පත් කරගනු සඳහා, එතැනට දිවැ ගියේය. රජු ළං වෙනවාත් සමගම වහා නැගිට ගත් මුවා, එක පිම්මේ වාත වේගයෙන් දුවන්නට පටන් ගත්තේය. ඒ දුටු ඇමතිවරු ආදි පිරිස, රජුට අපහාසයට සිනාසෙන්නට පටන් ගත්හ. රජතුමා කිසිදු පැකිලීමකින් තොරවම, මුවා ලුහුබඳින්නට පටන් ගත්තේය. කැලයේ අභ්‍යන්තරයට බොහෝ දුරක්, ලුහුබැඳ ගිය රජතුමා, දිවීමෙන් ඉතා වෙහෙසට පත් වී සිටි මුවා වෙත ළං වී එක කඩු පහරකින්ම, ඌ දෙකට කපා දැමීය. කැලයෙන් ම දණ්ඩක් කපා, එය ශුද්ධකොට ගත් රජතුමා, මුවාගේ කැපුණු කොටස් දෙක දණ්ඩෙහි දෙපස එල්ලාගෙන, එය කදක් මෙන් කර තබාගෙන, තම සගයන් සිටි දෙසට එන්නට, ගමන් ආරම්භ කෙළේය. මද දුරක් එනවිට රජතුමා බොහෝ වෙහෙසට පත්ව සිටියේය. රජු පැමිණෙන ගමන් මාර්ගයේ මඳක් නුදුරෙහි තිබූ, අතිවිශාල නුගරුකක් රජුට දක්නට ලැබුණි. ‘එහි ගොස් මඳක් විඩාහැරිය යුතු යැ’යි තීරණය කළ රජතුමා, කදත් රැගෙනම නුග ගස වෙත ගොස්, එහි සිසිල් සෙවනෙහි මඳක් සැතපුණේය.
තස්මිං පන වටරුක්ඛෙ නිබ්බත්තො මඝදෙවො නාම යක්ඛො තත්ථ පවිට්ඨෙ වෙස්සවණස්ස සන්තිකා ඛාදිතුං ලභි. සො රාජානං උට්ඨාය ගච්ඡන්තං “තිට්ඨ භක්ඛොසි මෙ”ති හත්ථෙ ගණ්හි. “ත්වං කොනාමොසී”ති? “අහං ඉධ නිබ්බත්තයක්ඛො, ඉමං ඨානං පවිට්ඨකෙ ඛාදිතුං ලභාමී”ති. රාජා සතිං උපට්ඨපෙත්වා “කිං අජ්ජෙව මං ඛාදිස්සසි, උදාහු නිබද්ධං ඛාදිස්සසී”ති පුච්ඡි. “ලභන්තො නිබද්ධං ඛාදිස්සාමී”ති. රාජා “ඉමං අජ්ජ මිගං ඛාදිත්වා මං විස්සජ්ජෙහි, අහං තෙ ස්වෙ පට්ඨාය එකාය භත්තපාතියා සද්ධිං එකං මනුස්සං පෙසෙස්සාමී”ති. “තෙන හි අප්පමත්තො හොහි, අපෙසිතදිවසෙ තඤ්ඤෙව ඛාදිස්සාමී”ති. “අහං බාරාණසිරාජා, මය්හං අවිජ්ජමානං නාම නත්ථී”ති. යක්ඛො පටිඤ්ඤං ගහෙත්වා තං විස්සජ්ජෙසි. සො නගරං පවිසිත්වා තමත්ථං එකස්ස අත්ථචරකස්ස අමච්චස්ස කථෙත්වා “ඉදානි කිං කාතබ්බ”න්ති පුච්ඡි. “දිවසපරිච්ඡෙදො කතො, දෙවා”ති? “න කතො”ති. “අයුත්තං වො කතං, එවං සන්තෙපි මා චින්තයිත්ථ, බහූ බන්ධනාගාරෙ මනුස්සා”ති. “තෙන හි ත්වං එතං කම්මං කර, මය්හං ජීවිතං දෙහී”ති.
මේ නුග ගසෙහි ‘මඛාදේව’ නම් වූ කුරිරු යක්ෂ රාජයෙක් අරක් ගෙන සිටියේය. නුග ගසේ සෙවන යටට පැමිණෙන ඕනෑම සතකු අල්ලා කෑමට ‘වෙසවුණු’ රජුගෙන් වරම් ලබා තිබූ, ඒ යකා දිගින් දිගටම ඒ ක්රියාවේ යෙදුණේය. ටික වේලාවකට පසු නින්දෙන් ඇහැරුණු රජතුමා, කදත් කරටගෙන, එතැනින් නික්ම යන්නට සැරසුණි. එවිටම මඛාදේව යක්ෂයා පැනපු ගමන්, රජුගේ අතින් තරයේ අල්ලා ගත්තේය. ‘පුරුෂය, දැන් තා අයිති මටය. එබැවින් මෙතැනින් අඩියක්වත් යන්නට නොසිතව. මම දැන් තා කා දමන්නෙමි’යි, යක්ෂයා රළු හඬින් රජුට පැවසීය. ‘එම්බල යක්ෂයා, තෝ කවරෙක්ද?’ ‘පුරුෂය, මම මේ නුග ගස අරක් ගත් යක්ෂයා වෙමි. මෙතැනට ඇතුළු වූවකුට මගෙන් බේරුමක් නැතැ, උන් හැමදෙනා ම මගේ ආහාරය යි’, මෙහිදී මනාලෙස පියෙවි සිහිය උපදවා ගත් රජතුමා මෙසේ කීවේය.’ යක්ෂය, කිමෙක්ද? අද පමණක් කෑම ලැබුණොත්, නුඹට ඒ ඇතිද? නැතහොත් දිනපතා කෑම ලැබුණොත්, එය වඩා හොඳ ද?’ ‘පුරුෂය, දිනපතා ආහාර ලැබෙන්නේ නම්, එය වඩාත් හොඳ ය’. ‘යක්ෂය, එසේ නම් අදට මේ මුවා අනුභව කරව, මා මුදා හරුව, මම තට හෙට පටන්, දිනකට එක් බත් පාත්‍රයක් අතට දී, මිනිසකු බැගින් දිනපතා තා සමීපයට එවන්නෙමි’. ‘පුරුසය, එසේ නම් අප්‍රමාදීව, මේ කාරණය සිහියේ තබා ගනුව, එසේ මා සඳහා බිල්ලක් නොඑවූ දිනෙක, මම ඇවිත් තා කා දමන්නෙමි’. ‘යක්ෂය, මම බරණැස් රජතුමා වෙමි. මට තේරුම් ගත නොහැකි කිසිවක් නැතැ’යි, රජතුමා උත්තර දුන්නේය. අනතුරුව රජු පොරොන්දු කරවා ගත් යක්ෂයා ඉන්පසු ඔහු මුදා හළේය. යක්ෂ ග්රහණයෙන් මිදී සිය මාලිගාවට පිවිසි රජතුමා, තමාට හිතවත් ම ඇමතියා ළඟට කැඳවා, සියලු තොරතුරු නො වළහා ඔහුට කියා ‘අපි දැන් මීට කුමක් කරමු දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, ඔබතුමා, ‘අසවල් දින පටන්, අසවල් දින දක්වා යැ’යි, බිලි පූජාවට දින වෙන්කර ගත්තේ දැ’යි, ඇමතියා රජුගෙන් ඇසීය. එවැනි දින නියම කර ගැනීමක් නො කෙළෙමැ’යි, රජතුමා උත්තර දුන්නේය. ‘දේවයන් වහන්ස, ඔබ කර තිබෙන්නේ නොකටයුත්තකි. එවැන්නක් ඔබතුමා තබා, මෙලොව කිසිවකු විසින් වත්, නොකළ යුතු වැඩෙකැ’යි කී ඇමතිවරයා, ‘දේවයිනි, දැන් කමෙක් නැත. ඒ ගැන කිසිවක් නොසිතනු මැනවි. බන්ධනාගාරවල මිනිස්සු ඕනෑතරම් සිටිති. අපි ඔවුන්ගෙන් බිලි පූජාව අරඹමු’යි කීය. ‘ඇමතිය, එසේ වී නම්, මගේ ජීවිතය බේරාගැනීම ඔබට ම බාරය. ඔබ මේ කටයුත්ත තමන්ගේම වැඩක් ලෙස ගෙන, එය ඉටුකරව’යි, රජතුමා ඇමතිවරයාට දැනුම් දුන්නේය.
අමච්චො “සාධූ”ති සම්පටිච්ඡිත්වා දෙවසිකං බන්ධනාගාරතො මනුස්සං නීහරිත්වා භත්තපාතිං ගහෙත්වා කඤ්චි අජානාපෙත්වාව යක්ඛස්ස පෙසෙසි. යක්ඛො භත්තං භුඤ්ජිත්වා මනුස්සං ඛාදති. අපරභාගෙ බන්ධනාගාරානි නිම්මනුස්සානි ජාතානි. රාජා භත්තහාරකං අලභන්තො මරණභයෙන කම්පි. අථ නං අමච්චො අස්සාසෙත්වා “දෙව, ජීවිතාසාතො ධනාසාව බලවතරා, හත්ථික්ඛන්ධෙ සහස්සභණ්ඩිකං ඨපෙත්වා ‘කො ඉමං ධනං ගහෙත්වා යක්ඛස්ස භත්තං ආදාය ගමිස්සතී’ති භෙරිං චරාපෙමා”ති වත්වා තථා කාරෙසි. අථ තං සුත්වා බොධිසත්තො චින්තෙසි “අහං භතියා මාසකඩ්ඪමාසකං සඞ්ඝරිත්වා කිච්ඡෙන මාතරං පොසෙමි, ඉමං ධනං ගහෙත්වා මාතු දත්වා යක්ඛස්ස සන්තිකං ගමිස්සාමි, සචෙ යක්ඛං දමෙතුං සක්ඛිස්සාමි, ඉච්චෙතං කුසලං, නො චෙ සක්ඛිස්සාමි, මාතා මෙ සුඛං ජීවිස්සතී”ති. සො තමත්ථං මාතු ආරොචෙත්වා “අලං තාත, න මම අත්ථො ධනෙනා”ති ද්වෙ වාරෙ පටික්ඛිපිත්වා තතියවාරෙ තං අනාපුච්ඡිත්වාව “ආහරථ, අය්ය, සහස්සං, අහං භත්තං හරිස්සාමී”ති සහස්සං ගහෙත්වා මාතු දත්වා “අම්ම , මා චින්තයි , අහං යක්ඛං දමෙත්වා මහාජනස්ස සොත්ථිං කරිස්සාමි, අජ්ජෙව තව අස්සුකිලින්නමුඛං හාසාපෙන්තොව ආගච්ඡිස්සාමී”ති මාතරං වන්දිත්වා රාජපුරිසෙහි සද්ධිං රඤ්ඤො සන්තිකං ගන්ත්වා වන්දිත්වා අට්ඨාසි.
‘යහපතැ’යි පිළිගත් ඇමතිතුමා, දා පටන් දිනපතා බන්ධනාගාරයෙන් මුදාගත් මිනිසකු අතට බත් පාත්‍රයක් දී, ඔහු කිසිවකුට නොදැනෙන පරිද්දෙන්, යක්ෂයාගේ වාසස්ථානය වෙත යැවීය. යකා පළමු කොට බත් පාත්‍රය කා, දෙවනුව මිනිසා ද ගිල දමයි. මෙසේ යනවිට ටික කලකදීම බන්ධනාගාර, සිරකරුවන්ගෙන් හිස් විය. මෙසේ යකාට බත් ගෙනියන මිනිසුන් හිඟ වනවිට, රජතුමා මරණ බයෙන් වෙවුලන්නට විය. එවිට රජු අස්වැසූ, ඉහත කී ඇමතිවරයා ‘දේවයන් වහන්ස, ජීවිත ආශාවට වඩා, ධනයට ඇති ආශාව ඉතා බලවත්ය. එබැවින් මඟල් ඇතුපිට රන්මසු දහසක පොදියක් තබා බැඳ, මෙනුවර කවරෙක් මේ ධනය අයත් කොටගෙන, යක්ෂයා සඳහා බත් පාත්‍රයක් ගෙන යන්නට සමත් වන්නේද? එවැන්නෙක් වේ නම් රජවාසලට පැමිණ ඒ බව දැනුම් දී තෑගි මුදල ලබා ගන්නැ’යි කියා, අණබෙර හසුරුවමු’යි රජුට යෝජනා කෙළේය. රජතුමා ද එය එසේම ක්‍රියාත්මක කරවීය. මේ ආරංචිය දැනගත් බෝසත් තෙමේ, ‘මම කුලී වැඩ කොට මසුරමක්, මසුරන් භාගයක් බැගින් මුදල් එකතු කොට ඉතා අපහසුවෙන් දුක සේ, මෙතෙක් මගේ මෑණියන් පෝෂණය කෙළෙමි. රජුගේ මේ තෑගි මුදල ලබාගෙන, එය මෑණියන්ට දී, මම යක්ෂයා වෙත යන්නෙමි. යම් විදියකින් එහිදී යක්ෂයා දමනය කරලන්නට හැකි වෙතොත්, නොපසුබට ව එය කරන්නෙමි. එසේ වුවහොත් එය මහා හපන්කමෙකි. එය නොහැකි වන්නේ නම්, මාගේ මෑණියන්වත් සුවසේ ජීවත් වන්නේ නොවේදැ’යි සිතුවේය. මෙසේ සිතූ බෝසත් තෙමේ, ඒ කාරණය සිය මෑණියන්ට දැනුම් දුන්නේය. ‘පුතණුවනි, ඔය ධනයෙන් මට ප්‍රයෝජනයක් නැත. එබැවින් කිසිසේත් මින් මතු එවැන්නකට උත්සාහ නොකරව’යි මෑණියෝ එය වැළකූහ. මෙසේ ඇය බෝසතුන්ගේ මේ ඉල්ලීම, දෙවරක් ම ප්‍රතික්ෂේප කළාය. බෝසත් තෙමේ තෙවන වර සිය මෑණියන්ට නොදන්වාම, රාජ පුරුෂයන් හමුවට ගොස්, ඔවුන් අතින් දහසක මසුරන් පොදිය ලබාගෙන, ගමනට එකඟව සිය නිවසට පැමිණ එය මෑණියන් අත තබා ‘මෑණියෙනි, බිය නොවනු මැනවි. මම යක්ෂයා දමනය කොට මහජනයාටද යහපතක් කොට, අද ම ඔබේ ඔය කඳුලු පිරි මුහුණ සිනාගන්වමින් ආපසු පැමිණෙන්නෙමි’ කියා මවට වැඳ රාජපුරුෂයන් සමගම රජු වෙත ගොස්, රජුට නමස්කාර කොට එකත්පස්ව සිටියේය.
තතො රඤ්ඤා “තාත, ත්වං භත්තං හරිස්සසී”ති වුත්තෙ “ආම, දෙවා”ති ආහ. “කිං තෙ ලද්ධුං වට්ටතී”ති? “තුම්හාකං සුවණ්ණපාදුකා, දෙවා”ති. “කිංකාරණා”ති? “දෙව, සො යක්ඛො අත්තනො රුක්ඛමූලෙ භූමියං ඨිතකෙ ඛාදිතුං ලභති, අහං එතස්ස සන්තකභූමියං අට්ඨත්වා පාදුකාසු ඨස්සාමී”ති. “අඤ්ඤං කිං ලද්ධුං වට්ටතී”ති? “තුම්හාකං ඡත්තං, දෙවා”ති. “ඉදං කිමත්ථායා”ති? “දෙව, යක්ඛො අත්තනො රුක්ඛච්ඡායාය ඨිතකෙ ඛාදිතුං ලභති, අහං තස්ස රුක්ඛච්ඡායාය අට්ඨත්වා ඡත්තච්ඡායාය ඨස්සාමී”ති. “අඤ්ඤං කිං ලද්ධුං වට්ටතී”ති. “තුම්හාකං ඛග්ගං, දෙවා”ති. “ඉමිනා කො අත්ථො”ති? “දෙව, අමනුස්සාපි ආවුධහත්ථානං භායන්තියෙවා”ති. “අඤ්ඤං කිං ලද්ධුං වට්ටතී”ති? “සුවණ්ණපාතිං පූරෙත්වා තුම්හාකං භුඤ්ජනකභත්තං දෙථ, දෙවා”ති. “කිංකාරණා, තාතා”ති? “දෙව, මාදිසස්ස නාම පණ්ඩිතස්ස පුරිසස්ස මත්තිකපාතියා ලූඛභොජනං හරිතුං අනනුච්ඡවික”න්ති. “සාධු, තාතා”ති රාජා සබ්බං දාපෙත්වා තස්ස වෙය්යාවච්චකරෙ පටිපාදෙසි.
ඉක්බිති රජතුමා බෝසතුන්ට කථාකොට ‘පුත, නුඹ යකුට බත් ගෙන යාමට සමත් වන්නෙහිදැ’යි ඇසීය. ‘එසේය දේවයන් වහන්ස’. ‘එසේ නම් ඒ ගමනට එබට කුමක් නම් මගෙන් ඕනෑ කෙරේද?’ ‘දේවයිනි, ඔබතුමාගේම රන් මිරිවැඩිසඟල ඊට අවශ්‍යය.’ ‘පුත, ඒ කවර කරුණක් සඳහාද?’ ‘දේවයිනි, ඒ යක්ෂයාට අවසර ඇත්තේ ස්වකීය රුක් සෙවන යටට පැමිණියවුන් අල්ලා කෑමට පමණි. මම ඔහු සන්තක භූමියෙහි නොසිට මිරිවැඩි සඟල මත සිටින්නෙමි. එවිට මා උනේ නිදහස්ය.’ ‘පුත, වෙනත් කුමක් මාගෙන් අවශ්‍යද?’ ‘දේවයිනි, ඔබවහන්සේගේ කුඩය ද මට ඕනෑය.’ ‘ඒ කුමටද?’ ‘දේවයිනි, යක්ෂයා රුක් සෙවන යට සිටි අය පමණක්, ආහාරයට ගනියි. මම එහිදී සිටිනුයේ රුක් සෙවන යට නොව, කුඩය යටය. එවිට මා ඌට යටත් නැත.’ ‘පුතනුවනි, වෙනත් කුමක් ඔබට අවශ්‍යද?’ ‘දේවයිනි, ඔබේ කඩුව ද මට අවශ්‍යය.’ ‘පුත, නුඹ එයින් කුමක් කරන්නට අදහස් කෙරේද?’ ‘දේවයිනි, අමනුෂ්‍යයෝ වුවත්, ආයුධ අතේ ඇති අයට බිය වෙති. කඩුව ඒ සඳහාය.’ ‘පුත වෙනත් යමක් මාගෙන් අවශ්‍ය වේද?’ ‘එසේය. රජතුමනි, ඔබතුමා වළඳන රන් පාත්‍රය ද, ඊට සරිලන රාජ භෝජනය ද අවශ්‍ය වේ.’ ‘ඒ කුමකටද?’ ‘දේවයිනි, මා වැනි පණ්ඩිත පුරුෂයකුට, රළු අහර පිරවූ මැටි පාත්‍රයක් ගෙන යාම, තරම් නොවේ. ඒ නිසා යැ’යි, බෝසත් තෙමේ උත්තර දුන්නේය. ‘පුත, යහපතැ’යි කී රජතුමා, ඔහු ඉල්ලා සිටි සියලු දේ ඔහුට දී, ඊට අමතරව අත් උදව්කාරයන් කිහිප දෙනෙකුන් සිය කැමැත්තෙන්ම දෙවීය.
බොධිසත්තො “මහාරාජ, මා භායිත්ථ, අජ්ජාහං යක්ඛං දමෙත්වා තුම්හාකං සොත්ථිං කත්වා ආගමිස්සාමී”ති රාජානං වන්දිත්වා උපකරණානි ගාහාපෙත්වා තත්ථ ගන්ත්වා මනුස්සෙ රුක්ඛස්සාවිදූරෙ ඨපෙත්වා සුවණ්ණපාදුකං ආරුය්හ ඛග්ගං සන්නය්හිත්වා සෙතච්ඡත්තං මත්ථකෙ කත්වා කඤ්චනපාතියා භත්තං ගහෙත්වා යක්ඛස්ස සන්තිකං පායාසි. යක්ඛො මග්ගං ඔලොකෙන්තො තං දිස්වා “අයං පුරිසො න අඤ්ඤෙසු දිවසෙසු ආගමනනියාමෙන එති, කිං නු ඛො කාරණ”න්ති චින්තෙසි. බොධිසත්තොපි රුක්ඛසමීපං ගන්ත්වා අසිතුණ්ඩෙන භත්තපාතිං අන්තොඡායාය කරිත්වා ඡායාය පරියන්තෙ ඨිතො පඨමං ගාථමාහ.
ඉනික්බිතිව බෝසත් තෙමේ ‘රජතුමනි, බිය නොවනු මැනවි. මම අද යකා දමනය කොට, ඔබට යහපත සලසා දෙන්නෙමි’යි, රජුට වැඳ උපකරණ ද ගෙන්වාගෙන, එහි ගොස් නුග ගහට නුදුරෙහි මිනිසුන් නවත්වා තබා, තෙමේ ම රන් මිරිවැඩි පැළඳ, කඩුවෙන් ද සන්නද්ධව, සේසත ඉහලාගෙන, රත්රන් පාත්‍රය රාජ භෝජනයෙන් පුරවාගෙන, නුග ගස වෙත තනිව ම ගියේය. මගබලා සිටි යක්ෂයා බෝසතුන් දැක, ‘මේ පුරුෂයා එසේ මෙසේ අයකු නොවන බව පෙනේ. අන් දවස්වල ආහාර ගෙනෙන්නන් පැමිණෙන අයුරින් නොව, ඊට හාත්පසින්ම අමුතුම ස්වභාවයකින්, මොහු මෙසේ පැමිණෙන්නේ කුමණ කරුණක් නිසාදැ’යි, යක්ෂයා කල්පනා කරන්නට පටන් ගත්තේය. ඒ අතර ගස සමීපයට පැමිණි බෝසත් තෙමේ ගසේ ඡායාව සමීපයෙහි රන් පාත්‍රය තබා, කඩුව අතට ගෙන, එහි තුඩෙන් බත් පාත්‍රය ගස් සෙවන යටට තල්ලු කොට, ඡායාව කෙළවරෙහි සිට මෙසේ කීවේය.
“රාජා තෙ භත්තං පාහෙසි, සුචිං මංසූපසෙචනං; මඝදෙවස්මිං අධිවත්ථෙ, එහි නික්ඛම්ම භුඤ්ජසූ”ති.
රාජා තෙ භත්තං පාහෙසි සුචිමංසූපසෙ වනං, මඛාදෙවස්මිං අධිවත්ථෙ එහි නික්ඛමථ භුඤ්ජස්සූති
මෙහි අධිගෘහිත වූ මඛාදේවය, එළියට එන්න. රජතුමා මසවුලෙන් යුතු බතක් ඔබ සඳහාම එවීය. එය අනුභව කරව.
තත්ථ පාහෙසීති පහිණි. මඝදෙවස්මිං අධිවත්ථෙති මඝදෙවොති වටරුක්ඛො වුච්චති, තස්මිං අධිවත්ථෙති දෙවතං ආලපති.
මෙහි ‘පාහෙසි’ යනු ‘එවීය’ යන අර්ථයි. ‘මඛාදෙවස්මිං අධිවත්ථෙ’ යනු ‘මඛාදේව’ යැයි නුග ගසට කියනු ලැබේ. එහි අධිගෘහිත යක්ෂයාට එසේ අමතයි, යන අර්ථයි.
තං සුත්වා යක්ඛො “ඉමං පුරිසං වඤ්චෙත්වා අන්තොඡායාය පවිට්ඨං ඛාදිස්සාමී”ති චින්තෙත්වා දුතියං ගාථමාහ –
මේ ප්‍රකාශය අසා සිටි යකා ‘මේ පුරුෂයා රවටා ඡායාව යටට කෙසේ හෝ ගෙන්වාගෙන, ඉන්පසු මම ඔහු කා දමන්නෙමි’යි සිතා මෙසේ පැවසීය.
“එහි මාණව ඔරෙන, භික්ඛමාදාය සූපිතං; ත්වඤ්ච මාණව භික්ඛා ච, උභො භක්ඛා භවිස්සථා”ති.
2. මානවකය, මසවුලු සහිත භෝජනය ගෙන, ඔතැනින් මෙහාට එව, මානවකය, ඔබ ද (ඔබ ගෙනා) භෝජනය ද යන දෙකම, මට අහර පිණිස වන්නේය.
තත්ථ භික්ඛන්ති මම නිබද්ධභික්ඛං. සූපිතන්ති සූපසම්පන්නං.
මෙහි ‘භික්ඛං’ යනු ‘මට නිතර ලැබෙන භෝජනය’යි, යන අර්ථයි. ‘සූපිතං’ යනු ‘ව්‍යඤ්ජන සහිත’ යන අර්ථයි.
තතො බොධිසත්තො ද්වෙ ගාථා අභාසි –
බෝසත් තෙමේ ඊට මෙසේ පිළිතුරු දුන්නේය.
“අප්පකෙන තුවං යක්ඛ, ථුල්ලමත්ථං ජහිස්සසි; භික්ඛං තෙ නාහරිස්සන්ති, ජනා මරණසඤ්ඤිනො.
3. මරණ බිය ඇති මිනිස්සු, තට ආහාර නොගෙනෙන්නාහ. යක්ෂය, තෝ සුලු දෙයක් නිසා, විශාල දෙයක් අත් හරින්නෙකි.
“ලද්ධාය යක්ඛා තව නිච්චභික්ඛං, සුචිං පණීතං රසසා උපෙතං; භික්ඛඤ්ච තෙ ආහරියො නරො ඉධ, සුදුල්ලභො හෙහිති භක්ඛිතෙ මයී”ති.
4. යක්ෂය, තට රසයෙන් යුතු ප්‍රණීත වූ ද, පිරිසිදු වූ ද නිත්‍ය භික්ෂාව (ආහාරය) ලැබෙන්නේය. මා මරා කෑ කල්හි, තට ආහාර ගෙනෙන මිනිසෙක් මේ රටෙහි අතිශයින් ම හිඟ වන්නේය.
තත්ථ ථුල්ලමත්ථන්ති අප්පකෙන කාරණෙන මහන්තං අත්ථං ජහිස්සසීති දස්සෙති. නාහරිස්සන්තීති ඉතො පට්ඨාය මරණසඤ්ඤිනො හුත්වා න ආහරිස්සන්ති, අථ ත්වං මිලාතසාඛො විය රුක්ඛො නිරාහාරො දුබ්බලො භවිස්සසීති. ලද්ධායන්ති ලද්ධඅයං ලද්ධාගමනං. ඉදං වුත්තං හොති – සම්ම යක්ඛ, යං අහං අජ්ජ ආහරිං, ඉදං තව නිච්චභික්ඛං සුචිං පණීතං උත්තමං රසෙන උපෙතං ලද්ධාගමනං දෙවසිකං තෙ ආගච්ඡිස්සති. ආහරියොති ආහරණකො. ඉදං වුත්තං හොති – “සචෙ ත්වං ඉමං භික්ඛං ගහෙත්වා ආගතං මං භක්ඛසි, අථෙවං මයි භක්ඛිතෙ භික්ඛඤ්ච තෙ ආහරණකො අඤ්ඤො නරො ඉධ සුදුල්ලභො භවිස්සති. කිංකාරණා? මාදිසො හි බාරාණසියං අඤ්ඤො පණ්ඩිතමනුස්සො නාම නත්ථි, මයි පන ඛාදිතෙ සුතනුපි නාම යක්ඛෙන ඛාදිතො, අඤ්ඤස්ස කස්ස සො ලජ්ජිස්සතී”ති භත්තාහරණකං න ලභිස්සසි, අථ තෙ ඉතො පට්ඨාය භොජනං දුල්ලභං භවිස්සති, අම්හාකම්පි රාජානං ගණ්හිතුං න ලභිස්සසි. කස්මා? රුක්ඛතො බහිභාවෙන. සචෙ පනිදං භත්තං භුඤ්ජිත්වා මං පහිණිස්සසි, අහං තෙ රඤ්ඤො කථෙත්වා නිබද්ධං භත්තං පෙසෙස්සාමි, අත්තානම්පි ච තෙ ඛාදිතුං න දස්සාමි, අහම්පි තව සන්තිකෙ ඨානෙ න ඨස්සාමි, පාදුකාසු ඨස්සාමි, රුක්ඛච්ඡායායම්පි තෙ න ඨස්සාමි, අත්තනො ඡත්තච්ඡායායමෙව ඨස්සාමි, සචෙ පන මයා සද්ධිං විරුජ්ඣිස්සසි, ඛග්ගෙන තං ද්විධා භින්දිස්සාමි , අහඤ්හි අජ්ජ එතදත්ථමෙව සජ්ජො හුත්වා ආගතොති. එවං කිර නං මහාසත්තො තජ්ජෙසි.
මෙහි ‘ථුල්ලමත්ථං’ යනු ‘සුලු දෙයක් වෙනුවෙන් මහත් වූ දෙයක්, අත් හරින්නෙහි යැ’යි දක්වයි’ යන අර්ථයි. ‘නාහරිස්සන්ති’ යනු ‘මෙතැන් පටන් මරණ බිය ඇති වී ආහාර නොගෙනෙන්නාය. තවද මැලවුණු අතු ඇති ගසක් මෙන් නිරාහාරයෙන් දුර්වල වන්නෙහිය’ යන අර්ථයි. ‘ලද්ධායං’ යනු ‘ලැබෙන දේ’ යන අර්ථයි. මින් කියන ලද්දේ මෙයයි. එනම්, යහලු යක්ෂය, මම අද යමක් ගෙනාවෙම්ද? උතුම් රසයෙන් යුතු ප්‍රණීත වූ ද, පිරිසිදු වූ ද, තාගේ ඒ නිත්‍ය වූ ආහාරය දිනපතා ලැබෙන අයුරින් ලැබෙන්නේය’ යන අර්ථයි. ‘ආහරියො’ යනු ‘ගෙනෙන්නාය’ යන අර්ථයි. අනතුරුව සුතනු යකාට මෙසේ කීවේය. ‘යක්ෂය, ඉදින් නුඹ මේ ආහාර ගෙන ආ මා කන්නෙහිද? එසේ නුඹ මා කෑ කල්හි, තට කෑම ගෙනෙන වෙනත් නරයකු මේ රටින්, සොයාගත නොහැකි වන්නේය. මක් නිසාද යත්? මේ බරණැස් නුවර මා වැනි අන් නුවණැති මිනිසකු නැති බැවිනි. නුඹ මා කෑ කල්හි, ‘සුතනු ද යකා විසින් කන ලදි, අන් අය ගැන කවර කථා දැ’යි, රජතුමා ලජ්ජාවට පත් වන්නේය. මෙසේ ආහාර ගෙනෙන්නකු සොයා ගැනීමට ඉන්පසු නොහැකි වන්නේය. ඊළඟට එතැන් සිට තට ආහාර දුර්ලභ වන්නේය. අපේ රජු ද තට අල්ලා ගැනීමට නොහැකි වන්නේය. මක්නිසාද? තගේ ගස යට, ඔහු නැති බැවිනි. ඉදින් නුඹ මේ බත අනුභව කොට මා මුදා හරින්නෙහි නම්, මම රජුට කියා තට නිබඳවම ආහාර එවන්නෙමි. එසේ නැතිනම්, තට කන්නට වන්නේ මේ ගෙනා බත් පාත්‍රය පමණකි. මම තට මා ආහාර කොට ගන්නට ඉඩ නො තබමි. කුමක් නිසාද? මම තට අයත් භූමි ප්‍රදේශයෙහි නොසිටිමි. මම මිරිවැඩි සඟල මත සිටිමි. තට අයත් වෘක්ෂයේ සෙවනද මම නො ලබමි. මා සිටින්නේ මේ සේසත යටය. යම් විදියකින් තෝ මා සමග විරුද්ධ වන්නෙහි නම්, මේ කඩුවෙන් තා දෙකට කපන්නෙමි. මම අද මේ සඳහාම සූදානම් වී පැමිණියෙමි’යි කියා යකාට තර්ජනය කෙළේය. මඳ වේලාවක් කල්පනා කළ යක්ෂයා ‘මේ මානවකයා සුදුස්සක් ම කියන බව පෙනේ.
යක්ඛො “යුත්තරූපං මාණවො වදතී”ති සල්ලක්ඛෙත්වා පසන්නචිත්තො ද්වෙ ගාථා අභාසි –
එබැවින් ඊට කැමති වන එක, වඩාත් නුවණට හුරු යැ’යි ප්‍රසන්න වූ සිත් ඇතිව, මෙසේ පැවසීය.
“මමෙව සුතනො අත්ථො, යථා භාසසි මාණව; මයා ත්වං සමනුඤ්ඤාතො, සොත්ථිං පස්සාහි මාතරං.
5. සුතනු මානවකය, ඔබ කියන දෑ, මට යහපත පිණිස පවතී. මගේ අනුමැතිය ලැබූ, ඔබ සුවසේ පිටත්ව ගොස්, මෑණියන් දකින්න.
“ඛග්ගං ඡත්තඤ්ච පාතිඤ්ච, ගච්ඡමාදාය මාණව; සොත්ථිං පස්සතු තෙ මාතා, ත්වඤ්ච පස්සාහි මාතර”න්ති.
6. මානවකය, කඩුව ද, කුඩය ද, පාත්‍රය ද අරගෙනම යන්න. ඔබේ මව සුව සේ ඔබ දකීවා! ඔබ ද සුවසේ, ඔබේ මව දකින්න.
තත්ථ සුතනොති බොධිසත්තං ආලපති. යථා භාසසීති යථා ත්වං භාසසි, තථා යො එස තයා භාසිතො අත්ථො, එසො මමෙවත්ථො, මය්හමෙව වඩ්ඪීති.
මෙහි ‘සුතනො’ යනුවෙන් බෝසතුන් අමතයි. ‘යථා භාසසි’ යනු ‘ඔබ යමක් කියයිද? ඒ ඔබ කී දෙය අර්ථවත්ය. එය මට ම යහපත පිණිස, මගේ ම දියුණුව පිණිස පවතී’ යන අර්ථයි.
යක්ඛස්ස කථං සුත්වා බොධිසත්තො “මම කම්මං නිප්ඵන්නං, දමිතො මෙ යක්ඛො, බහුඤ්ච ධනං ලද්ධං, රඤ්ඤො ච වචනං කත”න්ති තුට්ඨචිත්තො යක්ඛස්ස අනුමොදනං කරොන්තො ඔසානගාථමාහ –
යකාගේ කථාව ඇසූ බෝසත් තෙමේ ‘මගේ කටයුත්ත දැන් අවසන්ය. මා විසින් යකා දමනය කරන ලදි. මම අද බොහෝ ධනයද ලැබුවෙමි. රජුගේ උවමනාව ද ඉටු කෙළෙමි. මාගේ බලාපොරොත්තු ද ඉටු වී යැ’යි සතුටු සිතින් යුක්තව, යකාට පින් අනුමෝදන් කරමින්, මේ අවසාන ගාථාව කීවේය.
“එවං යක්ඛ සුඛී හොහි, සහ සබ්බෙහි ඤාතිභි; ධනඤ්ච මෙ අධිගතං, රඤ්ඤො ච වචනං කත”න්ති. –
7. යක්ෂය, රජු කී දේ ද, කෙළෙමි. මට ධනය ද ලැබුණි. ඒ නිසා ඔබත් ඔබේ නෑසියන් සමග සුවපත් වේවා!
වත්වා ච පන යක්ඛං ආමන්තෙත්වා “සම්ම, ත්වං පුබ්බෙ අකුසලකම්මං කත්වා කක්ඛළො ඵරුසො පරෙසං ලොහිතමංසභක්ඛො යක්ඛො හුත්වා නිබ්බත්තො, ඉතො පට්ඨාය පාණාතිපාතාදීනි මා කරී”ති සීලෙ ච ආනිසංසං, දුස්සීල්යෙ ච ආදීනවං කථෙත්වා යක්ඛං පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා “කිං තෙ අරඤ්ඤවාසෙන, එහි නගරද්වාරෙ තං නිසීදාපෙත්වා අග්ගභත්තලාභිං කරොමී”ති යක්ඛෙන සද්ධිං නික්ඛමිත්වා ඛග්ගාදීනි යක්ඛං ගාහාපෙත්වා බාරාණසිං අගමාසි. “සුතනු මාණවො යක්ඛං ගහෙත්වා එතී”ති රඤ්ඤො ආරොචෙසුං. රාජා අමච්චපරිවුතො බොධිසත්තස්ස පච්චුග්ගමනං කත්වා යක්ඛං නගරද්වාරෙ නිසීදාපෙත්වා අග්ගභත්තලාභිනං කත්වා නගරං පවිසිත්වා භෙරිං චරාපෙත්වා නාගරෙ සන්නිපාතාපෙත්වා බොධිසත්තස්ස ගුණං කථෙත්වා සෙනාපතිට්ඨානං අදාසි. අයඤ්ච බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා සග්ගපරායණො අහොසි.
බෝසත් තෙමේ මෙසේ කියා, යකා අමතා, ‘මිතුර, නුඹ පෙර අකුසල කර්ම කොට, කර්කශ, පරුෂ, අනුන්ගේ ලේ-මස් බුදින යකෙක්ව ඉපදුනේය. එබැවින් මෙතැන් පටන් පරපණ නැසීම් ආදිය නොකරව’යි දේශනා කොට, යකාට තවදුරටත් ශීලයෙහි ආනිසංස හා දුසිල් බැව්හි ආදීනව කියාදී, ඔහු පන්සිල්හි පිහිටුවා, ‘යක්ෂය, මේ කැලයේ වාසය කිරීමෙන් තට කවර ප්‍රයෝජනයක්ද? එබැවින් මා සමග එව, මම තට හිඳීමට නුවර දොරටුව සමීපයෙහි දෙවොලක් කොට, උසස් දන් ලැබීමට මාර්ගය සලසා දෙන්නෙමැ’යි කියා, යකුත් සමග කැලයෙන් නික්ම අවුත්, කඩුව ආදී වූ තමා ළඟ තිබූ උපකරණ යකුටම දී, බරණැසට කැඳවා ගෙන ගියේය. මේ අතර ‘සුතනු මානවකයා යකකු රැගෙන පැමිණියේ යැ’යි, රජුට ආරංචි විය. රජතුමා ඇමති ගණයා පිරිවරා බෝසතුන්ගේ පෙරමගට ගොස්, නුවර වාසල් දොරටුව සමීපයෙහි දී ඔවුන් මුණගැසී, යක්ෂයාට එහි නවාතැන් සකසා දී, දිනපතා උසස් ආහාර යකුට ලැබෙන්නට පිළියෙල කොට, බෝසතුන් සමග නුවරට පැමිණියේය. එහිදී අණබෙර ලවා, නුවරුන් රජවාසල වෙත කැඳවූ රජතුමා, ඔවුන් ඉදිරියෙහි බෝසතුන්ගේ ගුණ වර්ණනා කොට, ඔහුට සේනාපති තනතුරක් ද දුන්නේය. අනතුරුව බෝසතුන්ගේ අවවාදයෙහි පිහිටි රජතුමා, දානාදී වූ බොහෝ පින් රැස් කරමින් ජීවත්ව සිට, පසු කලෙක මියගොස් දෙව්ලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ මාතුපොසකභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා යක්ඛො අඞ්ගුලිමාලො අහොසි, රාජා ආනන්දො, මාණවො පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, මාතුපෝසක භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා යක්ෂයා නම් අංගුලිමාල තෙරණුවෝය. රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. මානවකයා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සුතනුජාතකවණ්ණනා තතියා.