යෙදුමෙන් කියවන්න

6. පණ‍්ණකජාතකවණ‍්ණනා 401 අට‍්ඨකථා

6. පණ‍්ණකජාතකවණ‍්ණනා (401)

6. දසණ්ණක ජාතකය (401)

පණ‍්ණකං තිඛිණධාරන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. තඤ‍්හි භික‍්ඛුං සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතො”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “කෙන උක‍්කණ‍්ඨාපිතො”ති වත්‍වා “පුරාණදුතියිකායා”ති වුත‍්තෙ “භික‍්ඛු අයං ඉත්‍ථී තුය‍්හං අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි ත්‍වං ඉමං නිස‍්සාය චෙතසිකරොගෙන මරන‍්තො පණ‍්ඩිතෙ නිස‍්සාය ජීවිතං අලත්‍ථා”ති වත්‍වා අතීතං ආහරි.

‘දසණ්ණකං තිඛිණධාරං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ගිහිකල බිරිය විසින් පොළඹවන ලද, භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව ළඟට කැඳවූ බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ කලකිරුණෙහිය, යනු සැබෑවක් දැ’යි ඇසූ සේක. ‘එසේය ස්වාමීනි,’ ‘මහණ, කුමන කරුණක් හේතු කොටගෙන කලකිරුණෙහිද?’ ‘ස්වාමීනි, මාගේ ගිහි කල භාර්යාව හේතුකොට ගෙනය.’ ‘මහණ, ඔය ස්ත්‍රිය ඔබට අනර්ථ සිදු කෙළේ, දැන් පමණක් නොව, පෙර ද, ඔබ මැය නිසා හිතේ අමාරුවෙන් මැරෙන්නට ගොස්, පඬිවරුන් නිසා දිවි ගැලවුණේ යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, මේ අතීත කතා පුවත මෙසේ දේශනා කළ සේක.

අතීතෙ බාරාණසියං මද‍්දවමහාරාජෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, සෙනකකුමාරොතිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා බාරාණසිං පච‍්චාගන‍්ත්‍වා මද‍්දවරඤ‍්ඤො අත්‍ථධම‍්මානුසාසකො අමච‍්චො අහොසි, “සෙනකපණ‍්ඩිතො”ති වුත‍්තෙ සකලනගරෙ චන්‍දො විය සූරියො විය ච පඤ‍්ඤායි. තදා රඤ‍්ඤො පුරොහිතපුත‍්තො රාජුපට‍්ඨානං ආගතො සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතං උත‍්තමරූපධරං රඤ‍්ඤො අග‍්ගමහෙසිං දිස‍්වා පටිබද‍්ධචිත‍්තො හුත්‍වා ගෙහං ගන‍්ත්‍වා නිරාහාරො නිපජ‍්ජිත්‍වා සහායකෙහි පුට‍්ඨො තමත්‍ථං ආරොචෙසි. රාජාපි “පුරොහිතපුත‍්තො න දිස‍්සති, කහං නු ඛො”ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං සුත්‍වා තං පක‍්කොසාපෙත්‍වා “අහං තෙ ඉමං සත‍්ත දිවසානි දම‍්මි, සත‍්තාහං ඝරෙ කත්‍වා අට‍්ඨමෙ දිවසෙ ආනෙය්‍යාසී”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තං ගෙහං නෙත්‍වා තාය සද‍්ධිං අභිරමි. තෙ අඤ‍්ඤමඤ‍්ඤං පටිබද‍්ධචිත‍්තා හුත්‍වා කඤ‍්චි අජානාපෙත්‍වා අග‍්ගද‍්වාරෙන පලායිත්‍වා අඤ‍්ඤස‍්ස රඤ‍්ඤො විජිතං අගමසුං, කොචි ගතට‍්ඨානං න ජානි, නාවාය ගතමග‍්ගො විය අහොසි. රාජා නගරෙ භෙරිං චරාපෙත්‍වා නානප‍්පකාරෙන විචිනන‍්තොපි තස‍්ස ගතට‍්ඨානං න අඤ‍්ඤාසි. අථස‍්ස තං නිස‍්සාය බලවසොකො උප‍්පජ‍්ජි, හදයං උණ‍්හං හුත්‍වා ලොහිතං පග‍්ඝරි. තතො පට‍්ඨාය චස‍්ස කුච‍්ඡිතො ලොහිතං නික‍්ඛමි, බ්‍යාධි මහන‍්තො අහොසි. මහන‍්තාපි රාජවෙජ‍්ජා තිකිච‍්ඡිතුං නාසක‍්ඛිංසු.

පෙර බරණැස් නුවර ‘මද්දව’ මහරජතුමා රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බ්‍රාහ්මණ පවුලක උපන්නේය. ඔහුගේ දෙමාපියෝ ඔහුට ‘සේනක’ කුමාරයා යැයි නම් කළහ. සේනක කුමාරයා තරුණ වියට පත්වී, තක්‍ෂිලාවට ගොස්, එහිදී සියලු ශිල්ප - ශාස්ත්‍ර උගෙන බරණැසට පෙරළා අවුත්, මද්දව රජුට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන, ඇමැතිවරයා බවට පත්විය. මුළු බරණැස් නුවර ‘සේනක පඬිතුමා’ යැ යි කී කල්හි, ඉර හඳ මෙන් ප්‍රසිද්ධය. නො දන්නා කෙනකු නැත. මේ අතර රජතුමා විසින් හිටපු පුරෝහිතතුමාගේ පුත්‍රයා, පුරෝහිත තනතුරට පත් කරන ලදි. වැඩ භාරගත් අලුත් පුරෝහිතතුමා, ප්‍රථම වතාවට, රාජ සභාවට පැමිණියේය. එහිදී ඔහු, රජතුමා සමීපයෙහි හුන්, රජුගේ අග මෙහෙසිය දුටුවේය. සියලු අබරණින් සැරසුණු, අතිශයින් සුරූපී රාජ දේවිය දුටු සැණින්, ඈ කෙරෙහි පිළිබඳ සිත් ඇති කොටගත් තරුණ පුරෝහිතයා, කලින්ම සිහ නිවසට ගොස් නිරාහාරව, ඈ ගැනම සිතමින් යහනෙහි වැද හොත්තේය. ඔහු වෙත පැමිණුන ඔහුගේ හිතමිතුරන්, නො කා නොබී එසේ හිඳීමට හේතු වූ කරුණු පුරෝහිත තරුණයාගෙන් ඇසූ මුත්, ඔහු ඊට කිසිදු පිළිතුරක් නොදුන්නේය. එයින් පසුබව නොවුණු ඔවුහු, කෙසේ හෝ කාරණය ඔහුගෙන්ම, පසුව දැනගත්හ. මේ අතර රජතුමා රාජපුරුෂයන් අමතා ‘පුරුෂයනි, පුරෝහිත පුත්‍රයා දක්නට නැත. ඔහු කොහිදැ’යි විචාළේය. ඒ අතර සිටි කිසියම් රාජපුරුෂයෙක් පුරෝහිත පුත්‍රයාට සිදුවී ඇති දේ, රජුට පැහැදිලි කළේය. සියලු විස්තර මැනවින් තේරුම් ගත්, රජතුමා පුරෝහිත පුත්‍රයා රජවාසලට කැඳවා, හැම තොරතුරක්ම ඔහුගෙන් අසා නිවැරදි ව දැන, ‘පුරෝහිත තරුණය, මම ඔබට මාගේ අගබිසව සතියකට භාර කරමි. ඔබ සතියක් පුරාවට ඇය සමග සිත් සේ වැස, අටවැනි දිනයෙහි රජවාසල වෙත ඈ කැඳවාගෙන එව’යි කියා ඇය ඔහුට පාවා දුන්නේය. ‘දේවයන් වහන්ස, යහපතැ’යි කී පුරෝහිතයා රජුගේ නියෝග එලෙසින්ම පිළිගෙන, අගමෙහෙසිය සිය නිවෙසට කැඳවාගෙන ගොස්, ඇය සමග මහත් අභිරුචියෙන්, කෙළිදෙලෙන් ඒ සතිය පුරාවට කල්ගත කෙළේය. ඔවුන් දෙදෙනාගේ මේ සතියක මිතුරුදම කෙතරම් බලවත් වී ද යත්, ඔවුහු එකිනෙකාගෙන් වෙන් කරන්නට බැරි තරමට, ඔවුනොවුන් කෙරෙහි ඉතා දැඩි ලෙස බැඳී සිටියහ. එකකුගෙන් වෙන්ව විසීමට දෙදෙනාගේම ඇති අකැමැත්ත නිසා, ඔවුහු දෙදෙනා සාකච්ඡාකොට, සත්වැනි දින රෑ කිසිවකුටත් නො දන්වා, අගනුවර ප්‍රධාන වාසල් දොරටුවෙන් නික්ම, පැනගොස් වෙනත් රජකුගේ රාජධානියකට පත්ව, එහිදී අඹුසැමියන් මෙන් ජීවත් වන්නට පටන් ගත්හ. ඔවුන් දෙදෙනා ගිය තැනක්, කිසිවෙක් නොදනී. නැවක් ගිය පාරක් වැනිය. අගමෙහෙසිය පෙරළා තමා වෙතට පැමිණෙනතුරු බලා සිටි රජතුමා, බැරිම තැන ඈ ගැන සොයා බැලීය. ඔවුන් ගැන තොරතුරක් දත් කිසිවකු සොයාගැනීමට රජතුමා අපොහොසත් විය. අනතුරුව නුවර බෙර ලවා, නොයෙක් අයුරෙන් ඔවුන් ගැන සෙවූ මුත්, ඔවුන් ගිය තැනක් කිසිකෙනෙක් නො දත්හ. අගමෙහෙසිය ගැනම නිතරම කල්පනා කිරීම නිසා, රජුට බලවත් ශෝකයක් හට ගත්තේය. රජුගේ හදවත උණු විය. චිත්ත වේගය බලවත් විය. ඒ ශෝකය නිසාම රජතුමාට ලේ වමනය ගියේය. එතැන් පටන් ලේ බඩ යාමේ රෝගයද, රජතුමාට වැළඳුණේය. රාජකීය වෛද්‍යවරයෝ බොහෝ දෙනෙක් රජුට ප්‍රතිකාර කළත්, රජු සුවපත් කිරීමට නොහැකි වූහ.

බොධිසත‍්තො “ඉමස‍්ස රඤ‍්ඤො බ්‍යාධි නත්‍ථි, භරියං පන අපස‍්සන‍්තො චෙතසිකරොගෙන ඵුට‍්ඨො, උපායෙන තං තිකිච‍්ඡිස‍්සාමී”ති ආයුරඤ‍්ච පුක‍්කුසඤ‍්චාති ද‍්වෙ රඤ‍්ඤො පණ‍්ඩිතාමච‍්චෙ ආමන‍්තෙත්‍වා “රඤ‍්ඤො දෙවියා අදස‍්සනෙන චෙතසිකං රොගං ඨපෙත්‍වා අඤ‍්ඤො රොගො නත්‍ථි, බහූපකාරො ච ඛො පන අම‍්හාකං රාජා, තස‍්මා උපායෙන නං තිකිච‍්ඡාම, රාජඞ‍්ගණෙ සමජ‍්ජං කාරෙත්‍වා අසිං ගිලිතුං ජානන‍්තෙන අසිං ගිලාපෙත්‍වා රාජානං සීහපඤ‍්ජරෙ කත්‍වා සමජ‍්ජං ඔලොකාපෙස‍්සාම, රාජා අසිං ගිලන‍්තං දිස‍්වා ‘අත්‍ථි නු ඛො ඉතො අඤ‍්ඤං දුක‍්කරතර’න‍්ති පඤ‍්හං පුච‍්ඡිස‍්සති. තං සම‍්ම ආයුර, ත්‍වං ‘අසුකං නාම දදාමීති වචනං ඉතො දුක‍්කරතර’න‍්ති බ්‍යාකරෙය්‍යාසි, තතො සම‍්ම පුක‍්කුස, තං පුච‍්ඡිස‍්සති, අථස‍්ස ත්‍වං ‘මහාරාජ, දදාමීති වත්‍වා අදදතො සා වාචා අඵලා හොති, තථාරූපං වාචං න කෙචි උපජීවන‍්ති න ඛාදන‍්ති න පිවන‍්ති, යෙ පන තස‍්ස වචනස‍්සානුච‍්ඡවිකං කරොන‍්ති, යථාපටිඤ‍්ඤාතමත්‍ථං දෙන‍්තියෙව, ඉදං තතො දුක‍්කරතර’න‍්ති එවං බ්‍යාකරෙය්‍යාසි, ඉතො පරං කත‍්තබ‍්බං අහං ජානිස‍්සාමී”ති වත්‍වා සමජ‍්ජං කාරෙසි.

බෝසත් තෙමේ රජතුමාගේ හදිසි අසනීපය ගැන ගැඹුරින් කල්පනා කොට බැලුවේය. ‘අපේ රජතුමාට ස්ථිර වශයෙන්ම රෝගයක් නැත. ඔහුට ඇත්තේ තම බිරිඳ නොදැකීම නිසා හටගත් චෛතසික රෝගයකි. හිතේ අමාරුවකි. එබැවින් මම කිසිවක් උපායකින් ඔහුට ප්‍රතිකාර කොට සුවපත් කරන්නෙමැ’යි කල්පනා කළ බෝසත් සේනක පඬිතුමා, සිය මිතුරන් වන ‘ආයුර’ හා ‘පුක්කුස’ යන රජුගේ පණ්ඩිත ඇමැතිවරුන් දෙදෙනා හමු වී, රජුගේ බරපතල අසනීපය ගැන සාකච්ඡාවක් කෙළේය. එහිදී මිතුරන් ඇමතූ සේනක පඬිතුමා, ‘හිතවතුනි, රජතුමාට චෛතසික රෝගයක් හැර, අන්කිසි අමාරුවක් නැත. අපේ රජතුමා අපට බොහෝ උපකාර වූවෙකි. එබැවින් මම ඔහුට යම්කිසි උපායකින් ප්‍රතිකාර කිරීමට තීරණය කෙළෙමි. මේ රජමිදුලෙහි විවිධ ප්‍රසංගයක් ආරම්භකොට, කඩු ගිලීමට දන්නා අයකු ඒ ප්‍රසංගයට ගෙන්වා, කඩුවක් ගිලින අයුරු, කෙසේ හෝ අපේ රජතුමාට පෙන්වමු. එදින රජතුමා සී මැදුරු කවුළුව වෙත කැඳවාගෙන අවුත්, ප්‍රසංගය බලන්නට අවස්ථාව සලසමු. කඩුව ගිලිණු දුටු රජතුමා, සිකුරටම පුදුමවනු ඒකාන්තය. ඉන්පසු ඔහු ඔබ දෙදෙනා අතුරෙන් එකකුගෙන් ‘මේ කඩු ගිලීමට වඩා වෙනත් අමාරු දෙයක් ඇත්දැ’යි ප්‍රශ්න කරනු ඇත. ‘ආයුර ඇමතිතුමනි, රජතුමා ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවහොත්, දේවයන් වහන්ස, ඔය කඩු ගිලීමට වඩා ‘මම අසවල් දෙය ඔබට දෙමි’ යි කියා, කෙනෙකුට කීම, පොරොන්දු වීම ඉතා අමාරු දෙයකැ’යි, රජුට කියන්න. ‘මිතුරු පුක්කුස ඇමතිතුමනි, අපේ රජතුමා ‘මීටත් වඩා එනම්, මම ඔබට අසවල් දෙය දෙමි’යි කීමටත් වඩා, අමාරු අපහසු වෙනත් යමක් ඇද්දැ’යි, ඔබෙන් ඇසුවහොත්, දේවයන් වහන්ස, යමක් දෙමැයි කියා එය නොදුනහොත්, ඒ කීම නිෂ්ප්‍රයෝජනය. එබඳු වචනයකින් පමණක් කිසිවෙකුට ප්‍රයෝජනයක්, ලාභයක් නැත. ඒ වචනයෙන් කිසිවෙක් ජීවත් නොවේ. එවැනි වචනයකින් කිසිවකුට, කෑමක් බීමක්වත් නො ලැබේ. එබැවින් යමෙක් කී වචනයට අනුව ක්‍රියා කෙරේද? එනම් පොරොන්දු වූ දේ, ඒ අයුරින්ම ප්‍රදානය කෙරේද? එය පොරොන්දු වීමට වඩා අමාරු අපහසු දෙයකැ’යි කියන්න. ඉන්පසු කළයුතු දේ කුමක්දැයි කියා, මම දන්නෙමැ’යි ප්‍රකාශකොට විවිධ ප්‍රසංගය ආරම්භ කිරීම සඳහා එතැනට ගියේය.

අථ තෙ තයොපි පණ‍්ඩිතා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා “මහාරාජ, රාජඞ‍්ගණෙ සමජ‍්ජො වත‍්තති, තං ඔලොකෙන‍්තානං දුක‍්ඛම‍්පි න දුක‍්ඛං හොති, එහි ගච‍්ඡාමා”ති රාජානං නෙත්‍වා සීහපඤ‍්ජරං විවරිත්‍වා සමජ‍්ජං ඔලොකාපෙසුං. බහූ ජනා අත‍්තනො අත‍්තනො ජානනකසිප‍්පං දස‍්සෙසුං. එකො පන පුරිසො තෙත‍්තිංසඞ‍්ගුලං තිඛිණධාරං අසිරතනං ගිලති. රාජා තං දිස‍්වා “අයං පුරිසො එතං අසිං ගිලති, ‘අත්‍ථි නු ඛො ඉතො අඤ‍්ඤං දුක‍්කරතර’න‍්ති ඉමෙ පණ‍්ඩිතෙ පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ආයුරං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

ඉක්බිති මේ පඬිවරු තිදෙනා රජු සමීපයට ගොස්, ‘මහරජතුමනි, රාජාංගනයෙහි විවිධ ප්‍රසංගයක් පවතී. එය බලන්නන්ගේ දුක් පහව යයි. එන්න රජතුමනි, අපි එය බලමු’යි කියා රජතුමා රැගෙන විත් සීමැදුරු කවුළුව විවරකොට, ප්‍රසංගය රජුට පෙන්වූහ. එහි සිටි බොහෝ ශිල්පීහු තම තමන් දත් ශිල්ප, සියල්ලන් ඉදිරිපිට පෙන්වූහ. ඒ අතර සිටි එක් මිනිසෙක් අඟල් තිස්තුනක් දිග, තියුණු මුවහතක් ඇති වටිනා කඩුවක් ගිල්ලේය. ඒ දුටු රජතුමා ‘අර මිනිහා ඒ කඩුව ගිල්ලේය. මීටත් වඩා අමාරු කාරියක් ඇත්දැ’යි, ‘මම මේ පණ්ඩිත ඇමතියන්ගෙන් විචාරන්නෙමැ’යි සිතා ‘ආයුර’ ඇමැතිතුමාගෙන් මෙසේ විමසීය.

“පණ‍්ණකං තිඛිණධාරං, අසිං සම‍්පන‍්නපායිනං; පරිසායං පුරිසො ගිලති, කිං දුක‍්කරතරං තතො; යදඤ‍්ඤං දුක‍්කරං ඨානං, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො”ති.

දසණ්ණකං නිබිණධාරං අසිං සම්පන්නපායිනං, පරිසායං පුරිසො ගිලති කිං දුක්කරතරං ඉතො, යදඤ්ඤං (දූක්කරං) ඨානං තුම්හෙ අක්ඛාහි පුච්ඡිතො ති

මිනිසෙක් ‘දසණ්ණක’ රටේ නිෂ්පාදිත තියුණු මුවහතක් ඇති අනුන්ගේ රුධිරය පානය කරන කඩුවක් පිරිස් මැද සිට ගිලී, මීට වඩා අමාරු වැඩක් තවත් ඇත්ද? මීටත් වඩා දුෂ්කර යමක් ඇත්නම්, විචාරණ ලද මට එය කියව.

තත්‍ථ පණ‍්ණකන‍්ති පණ‍්ණකරට‍්ඨෙ උප‍්පන‍්නං. සම‍්පන‍්නපායිනන‍්ති සම‍්පන‍්නං පරලොහිතපායිනං. පරිසායන‍්ති පරිසමජ‍්ඣෙ ධනලොභෙන අයං පුරිසො ගිලති. යදඤ‍්ඤන‍්ති ඉතො අසිගිලනතො යං අඤ‍්ඤං දුක‍්කරතරං කාරණං, තං මයා පුච‍්ඡිතො කථෙහීති.

මෙහි ‘දසණ්ණකං’ යනු ‘දසණ්ණක රටේ නිෂ්පාදිත’ යන අර්ථයි. ‘සම්පන්නපායිනං’ යනු ‘අනුන්ගේ ලේ බොන’ යන අර්ථයි. ‘පරිසායං’ යනු ‘ධන ලෝභය නිසා, මේ මිනිසා පිරිස මැද සිට කඩුවක් ගිලියි යන අර්ථයි. ‘යදඤ්ඤං’ යනු ‘මේ කඩු ගිලීමටත් වඩා දුෂ්කර වූ අන් යමක් වේ නම්, ඒ කරුණ ඔබ විචාරණ ලද මට කියව’ යන අර්ථයි.

අථස‍්ස සො තං කථෙන‍්තො දුතියං ගාථමාහ –

ආයුර ඇමැතිවරයා රජුට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.

“ගිලෙය්‍ය පුරිසො ලොභා, අසිං සම‍්පන‍්නපායිනං; යො ච වජ‍්ජා දදාමීති, තං දුක‍්කරතරං තතො; සබ‍්බඤ‍්ඤං සුකරං ඨානං, එවං ජානාහි මද‍්දවා”ති.

2. මගධාධිපති රජතුමනි, පුරුෂයෙක් ලෝභය හේතු කොටගෙන, අනුන්ගේ රුධිරය බොන, කඩුවක් ගිලින්නේය. අන් සියලු දේ කිරීම පහසුය. එහෙත් යමෙක් ‘දෙමැ’යි කියා, යම් වචනයක් කියන්නේද? එය ඊටත් වඩා දුෂ්කර යැයි, මෙසේ දත මැනව.

තත්‍ථ වජ‍්ජාති වදෙය්‍ය. තං දුක‍්කරතරන‍්ති “දදාමී”ති වචනං තතො අසිගිලනතො දුක‍්කරතරං. සබ‍්බඤ‍්ඤන‍්ති “අසුකං නාම තව දස‍්සාමී”ති වචනං ඨපෙත්‍වා අඤ‍්ඤං සබ‍්බම‍්පි කාරණං සුකරං. මද‍්දවාති රාජානං ගොත‍්තෙන ආලපති.

මෙහි ‘වජ්ජා’ යනු ‘කියන්නේ ය’ යන අර්ථයි. ‘තං දුක්කරතරං’ යනු ‘දෙමි’ යන ඒ වචනය, ඒ කඩුව ගිලීමටත් වඩා දුෂ්කරය’ යන අර්ථයි. ‘සබ්බඤ්ඤං’ යනු ‘අසවල් දේ ඔබට දෙමි’ යන වචනය හැර අන් සියලු කරුණු කිරීම පහසුය’ යන අර්ථයි. ‘මාගධා’ යනුවෙන් රජුට ගෝත්‍ර නාමයෙන් අමතයි.

රඤ‍්ඤො ආයුරපණ‍්ඩිතස‍්ස වචනං සුත්‍වා “අසිගිලනතො කිර ‘ඉදං නාම දම‍්මී’ති වචනං දුක‍්කරං, අහඤ‍්ච ‘පුරොහිතපුත‍්තස‍්ස දෙවිං දම‍්මී’ති අවචං, අතිදුක‍්කරං වත මෙ කත”න‍්ති වීමංසන‍්තස‍්සෙව හදයසොකො ථොකං තනුත‍්තං ගතො. සො තතො “පරස‍්ස ඉමං දම‍්මීති වචනතො පන අඤ‍්ඤං දුක‍්කරතරං අත්‍ථි නු ඛො”ති චින‍්තෙත්‍වා පුක‍්කුසපණ‍්ඩිතෙන සද‍්ධිං සල‍්ලපන‍්තො තතියං ගාථමාහ –

රජතුමා ආයුර පඬිතුමාගේ වචනය අසා ‘කඩුවක් ගිලීමටත් වඩා ‘මම නුඹට මෙය දෙමැ’යි කියා පොරොන්දු වීම දුෂ්කරය. මම ද පුරෝහිත පුත්‍රයාට ‘අගමෙහෙසිය දෙමැ’යි කීවෙමි. ඒ අනුව මා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කර කටයුත්තකි. ‘මෙසේ මේ ගැන සිතන්නට රජුගේ හදවතෙහි වූ ශෝකය, ටිකෙන් ටික තුනී වී ගියේය. ඊළඟට ‘දෙමි’යි කියන වචනයටත් වඩා, වෙනත් දුෂ්කර යමක් ඇත්දැ’යි සිතූ රජතුමා පුක්කුස පඬිතුමා දෙසට හැරී, ඔහු සමග කථා කරමින් මෙසේ ප්‍රශ්න කෙළේය.

“බ්‍යාකාසි ආයුරො පඤ‍්හං, අත්‍ථං ධම‍්මස‍්ස කොවිදො; පුක‍්කුසං දානි පුච‍්ඡාමි, කිං දුක‍්කරතරං තතො; යදඤ‍්ඤං දුක‍්කරං ඨානං, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො”ති.

3. අර්ථ - ධර්ම දෙක්හි දක්‍ෂයෙක් වන ආයුර, ප්‍රශ්නය විසඳුවේය. දැන් මම ඊටත් වඩා දුෂ්කර වූ යමක් ඇත්දැ’යි පුක්කුසගෙන් විචාරමි. වෙනත් දුෂ්කර වූ යමක් ඇත්නම්, එය විචාරන ලද මට කියව.

තත්‍ථ පඤ‍්හං අත්‍ථන‍්ති පඤ‍්හස‍්ස අත්‍ථං බ්‍යාකාසීති වුත‍්තං හොති. ධම‍්මස‍්ස කොවිදොති තදත්‍ථජොතකෙ ගන්‍ථෙ කුසලො. තතොති තතො වචනතො කිං දුක‍්කරතරන‍්ති.

මෙහි ‘පඤ්හං අත්‍ථං’ යනු ‘ප්‍රශ්නයට විසඳුම ප්‍රකාශ කරව’ යි කියන ලද්දේ වේ’ යන අර්ථයි. ‘ධම්මස්ස කොවිදො’ යනු ‘ඒ අරුත් පැහැදිලි කිරීමේ, අර්ථ ගැලපීමේ දක්‍ෂ වූ’ යන අර්ථයි. ‘තතො’ යනු ඒ වචනයටත් වඩා වැඩියෙන් කුමක් දුෂ්කර දැ’යි, යන අර්ථයි.

අථස‍්ස බ්‍යාකරොන‍්තො පුක‍්කුසපණ‍්ඩිතො චතුත්‍ථං ගාථමාහ –

රජුගේ ප්‍රශ්නයට උත්තර දෙමින්, කරුණු පැහැදිලි කරමින්, පුක්කුස පඬිතුමා මෙසේ කීය.

“න වාචමුපජීවන‍්ති, අඵලං ගිරමුදීරිතං; යො ච දත්‍වා අවාකයිරා, තං දුක‍්කරතරං තතො; සබ‍්බඤ‍්ඤං සුකරං ඨානං, එවං ජානාහි මද‍්දවා”ති.

4. මගධාධිපති රජතුමනි, වචනයෙන් ප්‍රයෝජනයක් නො වේ නම්, කියන ලද ඒ වචනය නිශ්ඵලය. යමෙක් කී දේ ප්‍රදානය කොට, ආශාව සිඳින්නේද? එය ඊටත් වඩා දුෂ්කරය. එයින් අන්‍ය වූ සියල්ල පහසු යැයි, මෙසේ දත මැනව.

තත්‍ථ දත්‍වාති “අසුකං නාම දම‍්මී”ති පටිඤ‍්ඤං දත්‍වා. අවාකයිරාති තං පටිඤ‍්ඤාතමත්‍ථං දදන‍්තො තස‍්මිං ලොභං අවාකරෙය්‍ය ඡින්‍දෙය්‍ය, තං භණ‍්ඩං දදෙය්‍යාති වුත‍්තං හොති. තතොති තතො අසිගිලනතො “අසුකං නාම තෙ දම‍්මී”ති වචනතො ච තදෙව දුක‍්කරතරං.

මෙහි ‘දත්‍වා’ යනු ‘අසවල් දේ දෙමැ’යි කියා පොරොන්දු වී’ යන අර්ථයි. ‘අවාකයිරා’ යනු ‘ඒ පොරොන්දු වූ දේ දෙමින්, එහි ලෝභය දුරු කරන්නේය, සිඳින්නේය, ඒ කී දේ දෙන්නේ යැයි, කියන ලද්දේ වේ’ යන අර්ථයි. ‘තතො’ යනු ‘ඒ කඩු ගිලීමටත් වඩා, ‘ඔබට අසවල් දේ දෙමැ’යි යන වචනයටත් වඩා, වැඩියෙන් එය දීම ම දුෂ්කරය’ යන අර්ථයි.

රඤ‍්ඤො තං වචනං සුත්‍වා “අහං ‘පුරොහිතපුත‍්තස‍්ස දෙවිං දම‍්මී’ති පඨමං වත්‍වා වාචාය අනුච‍්ඡවිකං කත්‍වා තං අදාසිං, දුක‍්කරං වත මෙ කත”න‍්ති පරිවිතක‍්කෙන‍්තස‍්ස සොකො තනුකතරො ජාතො. අථස‍්ස එතදහොසි “සෙනකපණ‍්ඩිතතො අඤ‍්ඤො පණ‍්ඩිතතරො නාම නත්‍ථි, ඉමං පඤ‍්හං එතං පුච‍්ඡිස‍්සාමී”ති. තතො තං පුච‍්ඡන‍්තො පඤ‍්චමං ගාථමාහ –

පුක්කුසගේ වචනය ඇසූ රජතුමා ‘මම පුරෝහිත පුත්‍රයාට දේවිය දෙමැ’යි පළමුව කියා, එකී වචනයට අනුව, ඔහුට ඇය පාවා දුන්නෙමි. මා විසින් කරන ලද්දේ, ඉතා අමාරු ක්‍රියාවක් නේ දැ’යි, කල්පනා කෙළේය. එසේ සිතත් ම, රජුගේ ශෝකය වඩාත් තුනී වී ගියේය. ඉක්බිති රජුට, ‘සේනක පණ්ඩිතයාට වඩා වැඩිතරම් වූ පඬිවරයෙක් නැත. ඒ නිසා මම ඔහුගෙන් මේ ප්‍රශ්නය විචාරන්නෙමැ’යි සිතුණි. අනතුරුව සේනක පඬිතුමා දෙසට හැරුණු රජතුමා, ඔහුගෙන් මෙසේ විමසීය.

“බ්‍යාකාසි පුක‍්කුසො පඤ‍්හං, අත්‍ථං ධම‍්මස‍්ස කොවිදො; සෙනකං දානි පුච‍්ඡාමි, කිං දුක‍්කරතරං තතො; යදඤ‍්ඤං දුක‍්කරං ඨානං, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො”ති.

5. අර්ථ-ධර්ම දෙක්හි පණ්ඩිත වූ පුක්කුස, ඒ ප්‍රශ්නය විසඳුවේය. දැන මම සේනක විචාරමි. මීටත් වඩා දුෂ්කර වූ යමක් ඇත්ද? අන්‍ය වූ දුෂ්කර යමක් වේ නම්, එය විචාරන ලද මට කියව.

අථස‍්ස බ්‍යාකරොන‍්තො සෙනකො ඡට‍්ඨං ගාථමාහ –

රජුගේ මේ ප්‍රශ්නයට පිළිතුරු සපයමින්, සේනක පඬිතුමා මෙසේ කීය.

“දදෙය්‍ය පුරිසො දානං, අප‍්පං වා යදි වා බහුං; යො ච දත්‍වා නානුතප‍්පෙ, තං දුක‍්කරතරං තතො; සබ‍්බඤ‍්ඤං සුකරං ඨානං, එවං ජානාහි මද‍්දවා”ති.

6. මගධාධිපති රජතුමනි, ඉදින් මිනිසෙක් මඳ වශයෙන් හෝ, විශාල වශයෙන් හෝ, දන් දෙන්නේය. යමෙක් එසේ දුන් පසු, පසුතැවිලි නොවන්නේ නම්, එය ඊටත් වඩා ඉතාමත් දුෂ්කරය. එයින් අන්‍ය වූ සියල්ල පහසු යැ’යි, මෙසේ දත මැනව.

තත්‍ථ නානුතප‍්පෙති අත‍්තනො අතිකන‍්තං අතිමනාපං පියභණ‍්ඩං පරස‍්ස දත්‍වා “කිමත්‍ථං මයා ඉදං දින‍්න”න‍්ති එවං තං පියභණ‍්ඩං ආරබ‍්භ යො පච‍්ඡා න තප‍්පති න සොචති, තං අසිගිලනතො ච “අසුකං නාම තෙ දම‍්මී”ති වචනතො ච තස‍්ස දානතො ච දුක‍්කරතරං. ඉති මහාසත‍්තො රාජානං සඤ‍්ඤාපෙන‍්තා කථෙසි. දානඤ‍්හි දත්‍වා අපරචෙතනාව දුස‍්සන්‍ධාරියා, තස‍්සා සන්‍ධාරණදුක‍්කරතා වෙස‍්සන‍්තරජාතකෙන දීපිතා. වුත‍්තඤ‍්හෙතං –

මෙහි ‘නානුතපෙ’ යනු ‘තමාට අතිශයින් සතුට ගෙනදෙන, ඉතා මනාප වූ ප්‍රිය වස්තුවක් අනුන්ට දී ‘මා විසින් එය කුමට දෙන ලද දැ’යි, මෙසේ ඔහු ඒ ප්‍රිය වස්තුව අරබයා, පසුතැවිලි නොවේද? ශෝක නොකෙරේද? එය කඩුවක් ගිලීමටත් වඩා, අසවල් දේ දෙමි’ යන වචනයටත් වඩා, පොරොන්දු වූ තැනැත්තාට ‘එය දීමටත් වඩා, අතිශයින්ම දුෂ්කර යැයි, බෝසත් තෙමේ, රජුට කරුණු අවබෝධ කරවමින් කීවේය. දානයක් දී අපර චේතනාව දරා ගැනීමම අපහසුය. එහි දුෂ්කරතාව වෙස්සන්තර ජාතකයෙහි මෙසේ දක්වා ඇත.

“අදු චාපං ගහෙත්‍වාන, ඛග‍්ගං බන්‍ධිය වාමතො; ආනෙස‍්සාමි සකෙ පුත‍්තෙ, පුත‍්තානඤ‍්හි වධො දුඛො.

7. වම් අතෙහි කඩුව හෝ, වම් උරයේ දුන්න හෝ, එල්ලාගෙන ගොස්, මගේ දරුවන් ගෙන එන්නෙම් ද? දරුවන්ට දෙන වධ දුකෙකි.

“අට‍්ඨානමෙතං දුක‍්ඛරූපං, යං කුමාරා විහඤ‍්ඤරෙ; සතඤ‍්ච ධම‍්මමඤ‍්ඤාය, කො දත්‍වා අනුතප‍්පතී”ති. (ජා· 2.22.2158-2159);

8. යම්හෙයකින් දරුවෝ වෙහෙසෙත්ද? එය නොවිය යුත්තකි. එය මට දුක් ඇතිකරයි. උතුමන්ගේ ධර්මය දැන, කවරෙක් නම් දන් දී, පසුතැවිලි වේද?

රාජාපි බොධිසත‍්තස‍්ස වචනං සුත්‍වා සල‍්ලක‍්ඛෙසි “අහං අත‍්තනො මනෙනෙව පුරොහිතපුත‍්තස‍්ස දෙවිං දත්‍වා සකමනං සන්‍ධාරෙතුං න සක‍්කොමි, සොචාමි කිලමාමි, න මෙ ඉදං අනුච‍්ඡවිකං, සචෙ සා මයි සසිනෙහා භවෙය්‍ය , ඉමං ඉස‍්සරියං ඡඩ‍්ඩෙත්‍වා න පලායෙය්‍ය, මයි පන සිනෙහං අකත්‍වා පලාතාය කිං තාය මය‍්හ”න‍්ති. තස‍්සෙවං චින‍්තෙන‍්තස‍්ස පදුමපත‍්තෙ උදකබින්‍දු විය සබ‍්බසොකො නිවත‍්තිත්‍වා ගතො, තඞ‍්ඛණඤ‍්ඤෙවස‍්ස කුච‍්ඡි පරිසණ‍්ඨාසි. සො නිරොගො සුඛිතො හුත්‍වා බොධිසත‍්තස‍්ස ථුතිං කරොන‍්තො ඔසානගාථමාහ –

රජතුමා බෝසතුන්ගේ මේ වචන අසා, මෙසේ සලකා බැලීය. ‘මම මගේ සිතැඟි පරිදි, පුරෝහිත පුත්‍රයාට දේවිය පාවා දුන්නෙමි. එසේ කොට ඒ හිතම පාලනය කරගැනීමට අපොහොසත් වීමි. ශෝක කෙළෙමි. මහත් වෙහෙසට පත් වූයෙමි. එසේ කිරීම කිසිසේත් සුදුසු නොවේ. ඉදින් ඇය මා කෙරෙහි සෙනෙහස ඇත්තියක් වූවා නම්, මේ ඉසුරු හැර දමා ඇය පලා නො යන්නීය. මට ආදරයක් නොදක්වා, පැන ගිය ඇගෙන්, මට කවර ප්‍රයෝජනයක්ද? මෙසේ සිතන්නා වූ රජතුමාගේ සියලු ශෝකය, පියුම් පතෙක දිය බිඳක් මෙන් පෙරැළී ගියේය. එකෙණෙහිම රජුගේ බඩේ අමාරුව සුව විය. නිරෝගී වූ සුවපත් වූ රජතුමා, බෝසතුන්ට ස්තුති කරමින් මෙසේ කීවේය.

“බ්‍යාකාසි ආයුරො පඤ‍්හං, අථො පුක‍්කුසපොරිසො; සබ‍්බෙ පඤ‍්හෙ අතිභොති, යථා භාසති සෙනකො”ති.

9. ආයුර ද, ප්‍රශ්නයක් විසඳුවේය. පුක්කුස නම් පුරුෂයා ද ප්‍රශ්නයක් විසඳුවේය. තවද සේනක ප්‍රශ්නය විසඳුවේ යම් සේද? එය සියලු ප්‍රශ්න විසඳීම් අභිබවා යන්නකි.

තත්‍ථ යථා භාසතීති යථා පණ‍්ඩිතො භාසති, තථෙවෙතං දානං නාම දත්‍වා නෙව අනුතප‍්පිතබ‍්බන‍්ති. ඉමං පනස‍්ස ථුතිං කත්‍වා තුට‍්ඨො බහුං ධනමදාසි.

මෙහි ‘යථා භාසති’ යනු ‘පඬිතුමා යම් සේ කියයිද? එය එසේමය. එනම් ‘දානය නම් දීමෙන් පසු ශෝක නොකළ යුත්තකි’ යන අර්ථයි. රජතුමා මෙසේ සේනක පඬිතුමාට ස්තුතිකොට ඔහු කෙරෙහි සන්තෝෂයට පත්වී, ඔහුට බොහෝ ධනය ප්‍රදානය කෙළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා රාජමහෙසී පුරාණදුතියිකා අහොසි, රාජා උක‍්කණ‍්ඨිතභික‍්ඛු, ආයුරපණ‍්ඩිතො මොග‍්ගල‍්ලානො, පුක‍්කුසපණ‍්ඩිතො සාරිපුත‍්තො, සෙනකපණ‍්ඩිතො අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී කලකිරී සිටි භික්‍ෂුව, සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා රජ මෙහෙසිය නම්, මේ භික්‍ෂුවගේ ගිහි කල බිරියයි. රජතුමා නම්, මේ කලකිරුණු භික්‍ෂුවයි. ආයුර පඬිතුමා නම්, මුගලන් තෙරණුවෝය. පුක්කුස පඬිතුමා නම්, සැරියුත් තෙරණුවෝය. සේනක පඬිතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

පණ‍්ණකජාතකවණ‍්ණනා ඡට‍්ඨා.