යෙදුමෙන් කියවන්න

2. අට‍්ඨසද‍්දජාතකං

1156. ඉදං පුරෙ නින‍්නමාහු බහුමච‍්ඡං මහොදිකං, ආවාසො බකරාජස‍්ස පෙත‍්තිකං භවනං මම ත්‍යජ‍්ජ භෙකෙන යාපෙම ඔකං න විජභාමසෙ.

1156. කොක්රජුට වාසභවන වූ මාගේ පියා සතු ගෙය වූ මේ මගුල්පොකුණ පෙර දියසොරොව්වෙන් දිය පිරුණු කලැ බොහෝ මසුන් ඇත්තේ ය යි ද, දිය බොහෝ ඇත්තේ ය යි ද කියති. (එහෙත්) අද අපි එක් මැඩියකුගෙන් දිවි රකුම්හ. කුසගින්නෙන් පෙළෙන්නමෝ නමුදු වාසස්ථාන හැර නො යම්හ.

1157. කො දුතියං අසීඅලස‍්ස බන්‍ධුරස‍්සක‍්ඛි භෙජ‍්ජති, කො මෙ පුත‍්තෙ කුලාවකං මඤ‍්ච සොත්‍ථිං කරිස‍්සති.

1157. නො හික්මුණු බන්‍ධුර නමැති ඇත්ගොව්වාගේ දෙවැනි ඇස කවරෙක් බිඳී ද, මාගේ පුතුන් ද කූඩුව ද මා ද කවරෙක් රැක දෙන්නේ ද?

1158. සබ‍්බා පරික‍්ඛතා ඵෙග‍්ගු යාව තස‍්සා ගතී අහු, ඛීණභක‍්ඛො මහාරාජ සාරෙ න රමතී ඝුණො.

1158. යම් පමණ එළය තුබුණේ ද එළය සියල්ල ම කන ලද, මහරජතුමනි, කන්නට තුබූ දෙය ක්‍ෂය වූ කලැ ගුල්ලා අරටුයෙහි නො ඇලේ.

1159. සා නූනාහං ඉතො ගන‍්ත්‍වා රඤ‍්ඤො මුත‍්තා නිවෙසනා, අත‍්තානං රමයිස‍්සාමි දූමසාඛානිකෙතිනී.

1159. ඒ මම මේ රජනිවෙසින් මිදී ගොස් රුක්අතු නිවාස කොටගෙන තමා කවදා සිත් අලවා වෙසෙම් ද.

1160. සො නූනාහං ඉතො ගන‍්ත්‍වා රඤ‍්ඤො මුත‍්තො නිවෙසනා, අග‍්ගො දකානි පිවිස‍්සාමි යූථස‍්ස පුරතො වජං.

1160. ඒ මම මේ රජනිවෙසින් මිදී ගොස් මෘගසමූහයාගේ පෙරමුණෙහි යනුයෙම් ඉඳුල් නො කළ දිය බොන්නට කවදා ලබම් ද.

1161. තං මං කාමෙහි සම‍්පන‍්නං රත‍්තං කාමෙසු මුච‍්ඡිතං ආනයී හරතො ලුද‍්දො බාහිකො භද‍්දමත්‍ථු තෙ

1161. බාහික රටවැසි භරත නමැති වැද්දා පඤ්චකාමසම්පත්තියෙන් පිරුණු රාගයෙන් රත් වූ කාමයෙන් මුසපත් වූ ඒ මා මෙහි ගෙනාවේ ය. තොපට සෙතක් වේවා.

1162. අන්‍ධකාරතිමිසායං තුඞ‍්ගෙ උපරිපබ‍්බතෙ, සා මං සණ‍්හෙන මුදුනා මා පාදං ඛණියස‍්මනි.

1162. ඝනාන්‍ධකාරයෙහි උස්වූ පර්‍වත මුදුනෙහි (සිටි) මාගේ බිරිඳ වූ කිඳුරිය ගලෙහි පය නො පැකිලේවා යි මොළොක් බසින් කීවා ය.

1163. අසංසයං ජාතිඛයන‍්තදස‍්සී න ගබ‍්භසෙය්‍යං පුනරාවජිස‍්සං, අයං හි මෙ අන‍්තිමා ගබ‍්භසෙය්‍යා ඛීණො මෙ සංසාරො පුනබ‍්භවායා’ති.

1163. නිවන්දුටු මම ඒකාන්තයෙන් ම මවුකුස වාසයට නැවත නො එන්නෙමි. මෙය මාගේ අවසාන ප්‍රතිසන්‍ධිය වේ. නැවත ඉපැදීම නම් වූ සසර ගමන ගෙවීගියේ යි.

2. අට‍්ඨසද‍්දජාතකං.

2. අට්ඨසද්ද ජාතක යි.