4. සුමඞ්ගලජාතකවණ්ණනා 420 අට්ඨකථා
4. සුමඞ්ගලජාතකවණ්ණනා (420)
4. සුමංගල ජාතකය (420)
භුසම්හි කුද්ධොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො රාජොවාදසුත්තං ආරබ්භ කථෙසි. තදා පන සත්ථා රඤ්ඤා යාචිතො අතීතං ආහරි.
‘භුසම්හි කුද්ධො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාවස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සේක්, ‘රාජෝවාද’ සූත්‍රය අරබයා වදාළ සේක. එකල්හි රටේ රජතුමාගේ අයැදුමෙන් බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව, මෙසේ වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තො වයප්පත්තො පිතු අච්චයෙන රජ්ජං කාරෙසි, මහාදානං පවත්තෙසි. තස්ස සුමඞ්ගලො නාම උය්යානපාලො අහොසි. අථෙකො පච්චෙකබුද්ධො නන්දමූලකපබ්භාරා නික්ඛමිත්වා චාරිකං චරමානො බාරාණසිං පත්වා උය්යානෙ වසිත්වා පුනදිවසෙ නගරං පිණ්ඩාය පාවිසි. තමෙනං රාජා දිස්වා පසන්නචිත්තො වන්දිත්වා පාසාදං ආරොපෙත්වා රාජාසනෙ නිසීදාපෙත්වා නානග්ගරසෙහි ඛාදනීයභොජනීයෙහි පරිවිසිත්වා අනුමොදනං සුත්වා පසන්නො අත්තනො උය්යානෙ වසනත්ථාය පටිඤ්ඤං ගාහාපෙත්වා උය්යානං පවෙසෙත්වා සයම්පි භුත්තපාතරාසො තත්ථ ගන්ත්වා රත්තිට්ඨානදිවාට්ඨානාදීනි සංවිදහිත්වා සුමඞ්ගලං නාම උය්යානපාලං වෙය්යාවච්චකරං කත්වා නගරං පාවිසි. පච්චෙකබුද්ධො තතො පට්ඨාය නිබද්ධං රාජගෙහෙ භුඤ්ජන්තො තත්ථ චිරං වසි, සුමඞ්ගලොපි නං සක්කච්චං උපට්ඨහි.
පෙර බරණැස් නුවර බඹදත් රජු දැහැමින් රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි ඉපදුණි. ඔහුගේ තරුණ කාලයේදී ම පිය රජතුමාගේ මරණය සිදුවූ බැවින්, ඔහුට රාජ්‍යය භාරගන්නට සිදුවිය. ඔහු දන් පවත්වමින් දැහැමින් සෙමෙන්, මේ බෝසත් රජතුමා රාජ්‍යය විචාළේය. එතුමාට ඉතා හොඳ උයන්පල්ලෙක් විය. ඔහුගේ නම සුමංගල ය. මේ අතර ‘නන්දමූල’ පර්වත ප්‍රාන්තයෙහි විසූ, එක් පසේබුදුරජාණන් වහන්සේ නමක් එතැනින් නික්ම චාරිකාවේ සැරිසරන සේක්, බරණැස් නුවරට වැඩි සේක. බරණැස රජතුමාට අයත් මඟුල් උයනෙහි නවාතැන් ගත්, උන්වහන්සේ පසු දා නුවරට පිඬු පිණිස පිවිසි සේක. උන්වහන්සේ දුටු රජතුමා පසේ බුදුරදුන් කෙරෙහි අතිශයින් පැහැදී, රජමැදුරට වඩම්මාගෙන ගොස්, සිංහාසනයෙහි වඩා හිඳුවා, නන් වැදෑරුම් රස ඇති කෑම-බීම හා බොජුන් වළඳවා, උන්වහන්සේගෙන් අනුමෝදනා බණ ද අසා ප්‍රසන්නව, තවදුරටත් උයනෙහි ම වැඩහිඳිනා ලෙසට උන්වහන්සේ කැමති කරවා ගත්තේය. අනතුරුව රාජකීය පිරිසක් සමග පසේ බුදුරදුන් මගුල් උයන වෙත පිටත් කර යැවූ රජතුමා, තෙමේ ද උදේ ආහාරය භුක්ති විඳ, එවේලේම උයනට ගොස් පසේ බුදුරදුන්ගේ පහසුව සඳහා, රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන ආදිය, සිය සේවකයන් ලවා සකස් කරවා දී, සුමංගල නම් වූ උයන්පල්ලා පසේබුදුරදුන්ගේ ආවතේවකරුවා බවට පත්කොට, සිය මැදුර බලා පැමිණියේය. පසේබුදුරජාණන් වහන්සේ ද, එතැන් පටන් නිබඳව රජමැදුරෙහි දන් වළඳමින්, එහි බොහෝ කලක් විසූ සේක. සුමංගල ද පසේබුදුරදුන්ට සකසා උපස්ථාන කිරීමට වගබලා ගත්තේය.
අථෙකදිවසං පච්චෙකබුද්ධො සුමඞ්ගලං ආමන්තෙත්වා “අහං කතිපාහං අසුකගාමං නිස්සාය වසිත්වා ආගච්ඡිස්සාමි, රඤ්ඤො ආරොචෙහී”ති වත්වා පක්කාමි. සුමඞ්ගලොපි රඤ්ඤො ආරොචෙසි. පච්චෙකබුද්ධො කතිපාහං තත්ථ වසිත්වා සායං සූරියෙ අත්ථඞ්ගතෙ තං උය්යානං පච්චාගමි. සුමඞ්ගලො තස්ස ආගතභාවං අජානන්තො අත්තනො ගෙහං අගමාසි. පච්චෙකබුද්ධොපි පත්තචීවරං පටිසාමෙත්වා ථොකං චඞ්කමිත්වා පාසාණඵලකෙ නිසීදි. තං දිවසං පන උය්යානපාලස්ස ඝරං පාහුනකා ආගමිංසු. සො තෙසං සූපබ්යඤ්ජනත්ථාය “උය්යානෙ අභයලද්ධං මිගං මාරෙස්සාමී”ති ධනුං ආදාය උය්යානං ගන්ත්වා මිගං උපධාරෙන්තො පච්චෙකබුද්ධං දිස්වා “මහාමිගො භවිස්සතී”ති සඤ්ඤාය සරං සන්නය්හිත්වා විජ්ඣි. පච්චෙකබුද්ධො සීසං විවරිත්වා “සුමඞ්ගලා”ති ආහ. සො සංවෙගප්පත්තො වන්දිත්වා “භන්තෙ, අහං තුම්හාකං ආගතභාවං අජානන්තො ‘මිගො’ති සඤ්ඤාය විජ්ඣිං, ඛමථ මෙ”ති වත්වා “හොතු දානි කිං කරිස්සසි, එහි සරං ලුඤ්චිත්වා ගණ්හාහී”ති වුත්තෙ වන්දිත්වා සරං ලුඤ්චි, මහතී වෙදනා උප්පජ්ජි. පච්චෙකබුද්ධො තත්ථෙව පරිනිබ්බායි. උය්යානපාලො “සචෙ රාජා ජානිස්සති, නාසෙස්සතී”ති පුත්තදාරං ගහෙත්වා තතොව පලායි. තාවදෙව “පච්චෙකබුද්ධො පරිනිබ්බුතො”ති දෙවතානුභාවෙන සකලනගරං එකකොලාහලං ජාතං.
කිසියම් දිනෙක සුමංගල ඇමතූ පසේබුදුරජාණන් වහන්සේ ‘මම දින කිහිපයකට අසවල් ගමට වඩින්නෙමි. ඉන්පසු නැවත මෙහි පැමිණෙන්නෙමි. නුඹ මේ කාරණය, රජතුමාට දැනුම් දෙව’ යි කියා එතැනින් නික්ම වැඩි සේක. සුමංගල ද පසේබුදුරදුන්ගේ නික්මයාම ගැන විස්තර සහිතව රජුට දැනුම් දුනි. පසේබුදුරජාණන් වහන්සේ ද, එගම දින කිහිපයක් වැස, කිසියම් දිනෙක සැඳෑ කාලයේ හිරු බැස ගියාටත් පසු, උයනට පෙරළා වැඩි සේක. උන්වහන්සේගේ පැමිණීම ගැන කිසිත් නොදත් සුමංගල සැඳෑ කල්හි, සිය නිවෙස බලා ගියේය. පසේබුදුරජාණන් වහන්සේ සිය පාසිවුරු තැන්පත් කොට තබා, මඳ වේලාවක් සක්මනෙහි ද යෙදී, කැලෑව මැද පිහිටා තිබූ කිසියම් ගල් පුවරුවක් මත වැඩහුන් සේක. මේ අතර නිවෙසට ගිය සුමංගලට, ගෙදරට අමුත්තන් පිරිසක් පැමිණ ඇති බව, දැකගන්නට ලැබුණි. එයින් මහත් උද්දාමයට පත්වූ ඔහු, ඒ අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා, මස් ටිකක් ලබා ගැනීමට කල්පනා කොට, වේලාවේ හැටියට ඊට පහසුම මග, රජතුමාගෙන් අභය දානය ලැබ, උයනෙහි නිදැල්ලේ හැසිරෙන මුවන් අතුරෙන් එකකු විදගැනීම යැ’යි සිතා බලා, දුන්න ද රැගෙන රාත්‍රියේම උයන බලා ගියේය. එහි දී සිය දුන්නට ඊතලයක් යොදා ගත් සුමංගල, මුවකුගේ සංඥාවක් අපේක්ෂාවෙන් සෙමෙන් සෙමෙන් අඩි තබමින් ඇවිද යන කල්හි, පඳුරු අතරින් පසේ බුදුරදුන්ගේ රුව දැක, ‘මේ නම් මහා මුවරාජයෙක් විය යුතු යැ’යි සිතා, දුන්න ඇද වෙර යොදා ඉලක්කයට විද්දේය. එසැණින්ම සිය හිස විවරකොට බැලූ, පසේ බුදුරජාණන් වහන්සේ ‘සුමංගල’ යැයි, යන උච්චාරණය පමණක් කළ සේක. පසේබුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමෙන් ඉමහත් සංවේගයට පත් සුමංගල වහා එතැනට දිවැ ගොස්, පසේ බුදුරදුන්ට වැඳ, ‘ස්වාමීනි, ඔබවහන්සේ මෙහි වැඩමකිරීම ගැන, කිසිත් නොදත් මම, මුවකු යන හැඟීමෙන් විද්දෙමි. ස්වාමීනි, මට ඊට සමා වුව මැනවැ’යි කීවේය. ‘සුමංගලය, කමෙක් නැත. මොනවා කරන්නද? එන්න, මෙහි ඇවිත් මේ ඊතලය ගලවා ඉවතට ගන්නැ’යි, පසේබුදුරජාණන් වහන්සේ සුමංගලගෙන් ඉල්ලා සිටි සේක. සුමංගල ද පසේබුදුරදුන්ට නැවත වරක් වැඳ, ඊතලය මුදාලූයේය. වේදනාව ඉතා බලවත් විය. ඒ හේතුකොටගෙනම, පසේබුදුරජාණන් වහන්සේ එතැනදීම පිරිනිවන්පෑ සේක.
පුනදිවසෙ මනුස්සා උය්යානං ගන්ත්වා පච්චෙකබුද්ධං දිස්වා “උය්යානපාලො පච්චෙකබුද්ධං මාරෙත්වා පලාතො”ති රඤ්ඤො කථයිංසු. රාජා මහන්තෙන පරිවාරෙන උය්යානං ගන්ත්වා සත්තාහං සරීරපූජං කත්වා මහන්තෙන සක්කාරෙන ඣාපෙත්වා ධාතුයො ආදාය චෙතියං කත්වා තං පූජෙන්තො ධම්මෙන රජ්ජං කාරෙසි. සුමඞ්ගලොපි එකසංවච්ඡරං වීතිනාමෙත්වා “රඤ්ඤො චිත්තං ජානිස්සාමී”ති ආගන්ත්වා එකං අමච්චං පස්සිත්වා “මයි රඤ්ඤො චිත්තං ජානාහී”ති ආහ. අමච්චොපි රඤ්ඤො සන්තිකං ගන්ත්වා තස්ස ගුණං කථෙසි. රාජා අසුණන්තො විය අහොසි. පුන කිඤ්චි අවත්වා රඤ්ඤො අනත්තමනභාවං සුමඞ්ගලස්ස කථෙසි. සො දුතියසංවච්ඡරෙපි ආගන්ත්වා තථෙව රාජා තුණ්හී අහොසි. තතියසංවච්ඡරෙ ආගන්ත්වා පුත්තදාරං ගහෙත්වාව ආගමි. අමච්චො රඤ්ඤො චිත්තමුදුභාවං ඤත්වා තං රාජද්වාරෙ ඨපෙත්වා තස්සාගතභාවං රඤ්ඤො කථෙසි. රාජා තං පක්කොසාපෙත්වා පටිසන්ථාරං කත්වා “සුමඞ්ගල, කස්මා තයා මම පුඤ්ඤක්ඛෙත්තං පච්චෙකබුද්ධො මාරිතො”ති පුච්ඡි. සො “නාහං, දෙව, ‘පච්චෙකබුද්ධං මාරෙමී’ති මාරෙසිං, අපිච ඛො ඉමිනා නාම කාරණෙන ඉදං නාම අකාසි”න්ති තං පවත්තිං ආචික්ඛි. අථ නං රාජා “තෙන හි මා භායී”ති සමස්සාසෙත්‍වා පුන උය්යානපාලමෙව අකාසි.
මේ සිද්ධියෙන් කලබලයට හා මහත් භීතියට පත්වූ උයන්පල්ලා, ‘ඉදින් මේ වගක් රජතුමා දැනගන්නේ නම්, ඔහු මෙය කිසිසේත් නොඉවසන්නේ යැ’යි කල්පනාකොට, පසේබුදුරදුන්ගේ ශ්‍රී ශරීරය එතැනම තිබියදී, වහා ගෙදර ගොස්, සිය අඹුදරුවන් ද රැගෙන, රටින් ම පලා ගියේය. දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ මොහොත තුළදීම, ‘පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේකැ’යි යන මේ පණිවිඩය, මුළු නුවර පුරා පැතිර ගියේය. එයින් මුළු නුවර ම එකම කෝලාහලයක් විය. පසුදා නුවර වැස්සෝ උයනට කඩා වැදී, පසේබුදුරදුන්ගේ සිරුර දැකබලා, උන්වහන්සේ සමග සිටි එකම පුද්ගලයා එදා එහි නො සිටි බැවින්, ‘මේ ඝාතනය උයන්පල්ලාගේ වැඩකැ’යි උපකල්පනය කොට, ‘සුමංගල නම් වූ, උයන්පල්ලා පසේබුදුරදුන් මරා දමා පලා ගියේ යැ’යි රජුට දැනුම් දුන්හ. අනතුරුව රජතුමා මහත් වූ පිරිවර සමග උයනට ගොස්, සතියක් මුළුල්ලේ ශරීර පූජා පවත්වා, මහත් වූ සත්කාර සම්මාන සහිතව සිරුර ආදාහනය කොට, එයින් ධාතු ගෙන, සෑයක් කරවා එයට නිතර පුද-පූජා පවත්වමින්, දැහැමින් රාජ්‍ය කටයුතු කරගෙන ගිායේය. මේ අතර සුමංගල රටින් පැනගොස්, වසරක් ගතවිය. ඉන්පසු ඔහු, ‘තමා ගැන රජතුමා දරන අදහස් කෙසේදැ’යි, දැනගැනීම සඳහා නුවරට පැමිණ, හිතවත් එක් ඇමැතිවරයකු හමු වී ‘ඇමැතිතුමනි, අපේ රජතුමා මා ගැන කුමක්නම්, අදහස් කොට සිටීදැ’යි දැනගෙන ඇවිත් මට කියනු මැනවැ’යි කීයේය. ඒ ඇමැතිතුමා ද රජු හා එකට සිටින අවස්ථාවක උයන්පල්ලාගේ ගුණ රජු සමග කතා කෙළේය. රජතුමා, ඒ කිසිවක් නොඇසුණු පුද්ගලයකු මෙන්, නිශ්ශබ්දවම හුන්නේය. ඇමැතිතුමා වෙනත් යමක් කියාගැනීමට අපොහොසත්ව, එතැනින් පිටව ගොස් සුමංගල හමු වී, රජු පෙන්නූ නොසුතටු භාවය ඔහුට හෙළි කෙළේය. මෙසේ තවත් වසරක් ගත විය. මේ දෙවන වසරේදීත්, පෙර පරිද්දෙන්ම සුමංගල සිය රටට පැමිණ රජුගේ තත්ත්වය පරීක්ෂා කළ නමුදු, කිසිදු වෙනසක් රජු වෙතින් දැන ගැනීමට නොහැකි වූ බැවින්, ආපසු යන්නට ගියේය. මෙසේ තවත් වසරක් ගතවිය. තෙවන වසරේ දී, ‘වෙන දෙයක් වුනා වේ’ යන හැඟීමෙන් සිය අඹු-දරුවන් ද කැටුව, සුමංගල සිය රටට පැමිණියේය. යම් යම් ඉඟිවලින් රජුගේ මෘදු බව තේරුම් ගත් ඇමැතිතුමා සුමංගල ද කැටුව රජවාසල වෙත පැමිණ, රාජකීය දොරටුව සමීපයෙහි සුමංගල නවත්වා තබා, තනිව රජුවෙත ගොස් සුමංගලගේ පැමිණීම ගැන, රජුට දැනුම් දුන්නේය. රජතුමා එවෙලේම ඔහු තමා වෙතට කැඳවීය. සුමංගල සමග පිළිසඳර කථාකළ රජතුමා ‘සුමංගලය, කුමක් නිසා තා විසින් මාගේ පුණ්‍යක්‍ෂේත්‍ර වූ පසේබුදුරජාණන් වහන්සේ මරණ ලද්දාහුදැ’යි විචාළේය. ‘දේවයන් වහන්ස, මා මේ මැරීම කළේ පසේබුදුරදුන් මරමි’යි යන හැඟීමෙන් නොවේ. එසේ ද වුවත් වෙනත් කටයුත්තක් කිරීමේ අටියෙන් එහි ගිය මම, වැරදීමකින් මේ පාපකර්මයට කර ගැසුවෙමැ’යි, සියලු විස්තර නොවළහා රජුට පැවසීය. ඒ අසා සිටි රජතුමා ‘එසේ වී නම්, නුඹ බිය නොවී හිඳුව’යි කියා සුමංගල අස්වසා, නැවත උයන්පල් තනතුර ඔහුට ම පැවරීය.
අථ නං සො අමච්චො පුච්ඡි “දෙව, කස්මා තුම්හෙ ද්වෙ වාරෙ සුමඞ්ගලස්ස ගුණං සුත්වාපි කිඤ්චි න කථයිත්ථ, කස්මා පන තතියවාරෙ සුත්වා තං පක්කොසිත්‍වා අනුකම්පිත්ථා”ති? රාජා “තාත, රඤ්ඤා නාම කුද්ධෙන සහසා කිඤ්චි කාතුං න වට්ටති, තෙනාහං පුබ්බෙ තුණ්හී හුත්වා තතියවාරෙ සුමඞ්ගලෙ මම චිත්තස්ස මුදුභාවං ඤත්වා තං පක්කොසාපෙසි”න්ති රාජවත්තං කථෙන්තො ඉමා ගාථා ආහ –
ඉක්බිති එතැන සිටි ඉහත කී ඇමතිවරයා, රජු අමතා ‘දේවයිනි, ඔබතුමා අවස්ථා දෙකකදී, සුමංගලගේ ගුණ අසා සිටි නමුත්, ඔහු ගැන කිසිදු වචනයක් නොකීයෙහිය. එසේ වුවත් තෙවනවර ඔහුගේ ගුණ අසා, ඒ මොහොතේ දීම ඔහු කැඳවා, කරුණු විමසා බලා, අනුකම්පා දැක්වූවෙහිය. එසේ කෙළේ කුමක් නිසාදැ’යි විචාළේය. ‘පුත, කිපුණු පමණින් කිසිවකුට කිසිම දඬුවමක් නියම කිරීම, රජකුට නොගැලපේ. එබැවින් මම මුලින්-මුලින් නිශ්ශබ්දව හිඳ, තෙවනවර සුමංගලයා කෙරෙහි මගේ සිත තුළ වූ මෘදුභාවය, මම ම තේරුම් ගෙන, ඔහු කැඳවා ගතිමි’යි කී රජතුමා, රජකුට තිබිය යුතු, ‘වත්’ පැහැදිලි කරමින් මෙසේ පැවසීය.
“භුසම්හි කුද්ධොති අවෙක්ඛියාන, න තාව දණ්ඩං පණයෙය්ය ඉස්සරො; අට්ඨානසො අප්පතිරූපමත්තනො, පරස්ස දුක්ඛානි භුසං උදීරයෙ.
භුසම්හි කුද්ධොති අවෙක්ඛියාන, නතාව දණ්ඩං පණයෙය්ය ඉස්සරො, අට්ඨානසො අප්පතිරූප මත්තනො, පරස්ස දුක්ඛානි භුසං උදීරයෙ
රජෙක් තරහක් සිතට ආ පමණින්, ඒ ගැන බලා, ඒ අනුව පළමුකොට දඬුවම් නොපමුණුවන්නේය. මක්නිසාද? එවිට නිකරුණේ, තමාට නො තරම් වූ, දුක් ඇතිකරන දේවල්, බොහෝ කොට අනුන්ට නියම කරන්නේය.
“යතො ච ජානෙය්ය පසාදමත්තනො, අත්ථං නියුඤ්ජෙය්ය පරස්ස දුක්කටං; තදායමත්ථොති සයං අවෙක්ඛිය, අථස්ස දණ්ඩං සදිසං නිවෙසයෙ.
2. යම් කාලයකින් රජෙක්, තමාගේ (අනෙකාට ඇති) ප්‍රසාදය තේරුම් ගන්නේ ද? එවිට අනෙකාගේ නපුරු ක්‍රියාව, පරීක්ෂාකොට බලන්නේය. එකල්හි ‘මෙය ඔහුගේ ම දෝෂය යැ’යි දැන, අනතුරුව ඔහුට සුදුසු දඬුවම් නියම කරන්නේය.
“න චාපි ඣාපෙති පරං න අත්තනං, අමුච්ඡිතො යො නයතෙ නයානයං; යො දණ්ඩධාරො භවතීධ ඉස්සරො, ස වණ්ණගුත්තො සිරියා න ධංසති.
3. මෙලොව රජෙක් සතර අගතියෙන් නොමුළා ව, යුක්තිය හෝ අයුක්තිය හෝ පරීක්ෂා කෙරේද? හෙතෙම තමා ද අනුන් ද නොපෙළයි. වරදට සුදුසු දඬුවම් නියම කරන ඔහු, ගුණයෙන්, යසසින්, සම්පත්තියෙන් නොපිරිහෙයි.
“යෙ ඛත්තියා සෙ අනිසම්මකාරිනො, පණෙන්ති දණ්ඩං සහසා පමුච්ඡිතා; අවණ්ණසංයුතා ජහන්ති ජීවිතං, ඉතො විමුත්තාපි ච යන්ති දුග්ගතිං.
4. යම් රජකෙනෙක් අපරීක්ෂාකාරීව සිහි මුළා වී, සැහැසි වී, දඬුවම් පමුණුවත් ද, ඔවුහු අපකීර්තියට පත්ව, ජීවිත අත්හරිති. මෙයින් මැරී දුගතියට ද යති.
“ධම්මෙ ච යෙ අරියප්පවෙදිතෙ රතා, අනුත්තරා තෙ වචසා මනසා කම්මුනා ච; තෙ සන්තිසොරච්චසමාධිසණ්ඨිතා, වජන්ති ලොකං දුභයං තථාවිධා.
5. යම් රජකෙනෙක්, ආර්ය ප්රවේදිත ධර්මයෙහි ඇලුනාහුද? ඔවුහු වචනයෙන්, මනසින්, ක්‍රියාවෙන් උතුම් වූවෝ වෙති. ශාන්තියෙහි, ශීලයෙහි හා සමාධියෙහි පිහිටි එවැනි අය, දෙලොවට ම පැමිණෙති.
“රාජාහමස්මි නරපමදානමිස්සරො, සචෙපි කුජ්ඣාමි ඨපෙමි අත්තනං; නිසෙධයන්තො ජනතං තථාවිධං, පණෙමි දණ්ඩං අනුකම්ප යොනිසො”ති.
6. නර-නාරීන්ගේ ස්වාමියා වූ මම, රජතුමා වෙමි. ඉදින් කෝපයට පත් වුවත්, නීතිගරුක වෙමි. ජනතාව නිවැරදි කරන මම, අනුකම්පා පෙරදැරිව නුවණ මෙහෙයා දඬුවම් පමුණුවමි.
තත්ථ අවෙක්ඛියානාති අවෙක්ඛිත්වා ජානිත්වා. ඉදං වුත්තං හොති – තාත, පථවිස්සරො රාජා නාම “අහං භුසං කුද්ධො බලවකොධාභිභූතො”ති ඤත්වා අට්ඨවත්ථුකාදිභෙදං දණ්ඩං පරස්ස න පණයෙය්ය න වත්තෙය්ය. කිංකාරණා? කුද්ධො හි අට්ඨවත්ථුකං සොළසවත්ථුකං කත්වා අට්ඨානෙන අකාරණෙන අත්තනො රාජභාවස්ස අනනුරූපං “ඉමං එත්තකං නාම ආහරථ, ඉදඤ්ච තස්ස කරොථා”ති පරස්ස භුසං දුක්ඛානි බලවදුක්ඛානි උදීරයෙ.
මෙහි ‘අවෙක්ඛියාන’ යනු ‘බලා’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, පුත, පොළොවට අධිපති රජෙක් නම්, ‘මම බලවත් ක්‍රෝධයෙන් මැඩුණෙමැ’යි දැන, අෂ්ට වස්තුක ප්රභේදගත දණ්ඩනය, අනුන්ට නොපනවන්නේය. කුමක් නිසාද? කෝපයට පත් තැනැත්තා අෂ්ට වස්තුකය, සොළොස් වස්තුක කොට, අස්ථානයේ එනම්, නිකරුණේ ස්වකීය රජකමටත් නොගැලපෙන සේ, ‘මොහුට මෙපමණක් දඩ ගසවු, මොහුට මේ-මේ දඬුවම් දෙවු’ යනුවෙන්, අනුන්ට බොහෝ දුක් පමුණුවන්නේය’ යන අර්ථයි.
යතොති යදා. ඉදං වුත්තං හොති – යදා පන රාජා පරස්මිං උප්පන්නං අත්තනො පසාදං ජානෙය්ය, අථ පරස්ස දුක්කටං අත්ථං නියුඤ්ජෙය්ය උපපරික්ඛෙය්ය, තදා එවං නියුඤ්ජන්තො “අයං නාමෙත්ථ අත්ථො, අයං එතස්ස දොසො”ති සයං අත්තපච්චක්ඛං කත්වා අථස්ස අපරාධකාරකස්ස අට්ඨවත්ථුකහෙතු අට්ඨෙව, සොළසවත්ථුකහෙතු සොළසෙව කහාපණෙ ගණ්හමානො දණ්ඩං සදිසං කතදොසානුරූපං නිවෙසයෙ ඨපෙය්ය පවත්තෙය්යාති.
‘යතො’ යනු ‘යම්කලෙක’ යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථය යි. එනම්, යම්දිනෙක රජතුමා, අනෙකා කෙරෙහි තමාගේ ප්‍රසාදය උපදවන්නේද? එවිට අනෙකාගේ නපුරු ක්‍රියාව ගැන, පරීක්ෂාකාරීව සොයා බලන්නේය. එසේ පරීක්ෂා කරන ඔහු, ‘මෙය මේ තැනැත්තාගේ දෝෂය යැ’යි දැන, තෙමේ ම, ඒ ගැන නුවණ මෙහෙයවා බලා, අනතුරුව ඒ අපරාධකරුවාට, අෂ්ට වස්තුක හේතුවක් නම්, කහවණු අටක් ද, සොළොස් වස්තුක හේතුවක් නම්, කහවණු සොළොසක් ද, වශයෙන් දඩ ගසමින්, කළ වැරැද්දට අනුරූප වූ දඬුවමක් නියම කරන්නේ ය’ යන අර්ථයි.
අමුච්ඡිතොති ඡන්දාදීහි අගතිකිලෙසෙහි අමුච්ඡිතො අනභිභූතො හුත්වා යො නයානයං නයතෙ උපපරික්ඛති, සො නෙව පරං ඣාපෙති, න අත්තානං. ඡන්දාදිවසෙන හි අහෙතුකං දණ්ඩං පවත්තෙන්තො පරම්පි තෙන දණ්ඩෙන ඣාපෙති දහති පීළෙති, අත්තානම්පි තතොනිදානෙන පාපෙන. අයං පන න පරං ඣාපෙති, න අත්තානං. යො දණ්ඩධාරො භවතීධ ඉස්සරොති යො ඉධ පථවිස්සරො රාජා ඉධ සත්තලොකෙ දොසානුච්ඡවිකං දණ්ඩං පවත්තෙන්තො දණ්ඩධාරො හොති. ස වණ්ණගුත්තොති ගුණවණ්ණෙන චෙව යසවණ්ණෙන ච ගුත්තො රක්ඛිතො සිරියා න ධංසති න පරිහායති . අවණ්ණසංයුතා ජහන්තීති අධම්මිකා ලොලරාජානො අවණ්ණෙන යුත්තා හුත්වා ජීවිතං ජහන්ති.
‘අමුච්ඡිතො’ යනු ‘ඡන්දාදී වූ සතර අගතියෙන් සිහිමුළා නොවී, ඒවාට යටත් නොවී, යුක්තිය අයුක්තිය පරීක්ෂාකොට බලයි. එසේ කරන ඔහු අනුන් ද තමන් ද නො දවයි. ඡන්දාදී වශයෙන් අයුතු දඬුවම් පනවන්නා, ඒ දඬුවමින් අනුන් ද දවයි. පීඩනයට පත්කරයි. පෙළයි. ඒ පාපය හේතුකොටගෙන ම, අනුන් පමණක් නොව තමා ද දවයි. පෙළයි’ යන අර්ථයි. ‘යො දණ්ඩධාරො භවතීධ ඉස්සරො’ යනු ‘යමෙක් පොළොවට අධිපති රජෙක් වේද, ඔහු මේ සත්ත්ව ලෝකයෙහි අපරාධයට සුදුසු දඬුවම් පමුණුවමින්, නීතිය ක්‍රියාත්මක කරන්නා වේ’ යන අර්ථයි. ‘ඝවණ්ණගුත්තො’ යනු ‘ගුණ වර්ණනාව ද, යශස් වර්ණනාව ද රැකගන්නා ඔහු, සම්පතින් නො පිරිහෙයි’ යන අර්ථයි. ‘අවණ්ණසංයුත්තා ජහන්ති’ යනු ‘අධාර්මික කෑදර රජවරු, අපකීර්තියෙන් යුතුව දිවි අත්හරිති’ යන අර්ථයි.
ධම්මෙ ච යෙ අරියප්පවෙදිතෙති යෙ රාජානො ආචාරඅරියෙහි ධම්මිකරාජූහි පවෙදිතෙ දසවිධෙ රාජධම්මෙ රතා. අනුත්තරා තෙති තෙ වචසා මනසා කම්මුනා ච තීහිපි එතෙහි අනුත්තරා ජෙට්ඨකා. තෙ සන්තිසොරච්චසමාධිසණ්ඨිතාති තෙ අගතිපහානෙන කිලෙසසන්තියඤ්ච සුසීල්යසඞ්ඛාතෙ සොරච්චෙ ච එකග්ගතාසමාධිම්හි ච සණ්ඨිතා පතිට්ඨිතා ධම්මිකරාජානො. වජන්ති ලොකං දුභයන්ති ධම්මෙන රජ්ජං කාරෙත්වා මනුස්සලොකතො දෙවලොකං, දෙවලොකතො මනුස්සලොකන්ති උභයලොකමෙව වජන්ති, නිරයාදීසු න නිබ්බත්තන්ති. නරපමදානන්ති නරානඤ්ච නාරීනඤ්ච. ඨපෙමි අත්තනන්ති කුද්ධොපි කොධවසෙන අගන්ත්වා අත්තානං පොරාණකරාජූහි ඨපිතනයස්මිංයෙව ධම්මෙ ඨපෙමි, විනිච්ඡයධම්මං න භින්දාමීති.
‘ධම්මෙචයෙ අරියපවෙදිතෙ’ යනු ‘යම් රජකෙනෙක්, උතුම් ආචාර ධර්මයන්හි පිහිටි රජවරුන් විසින් දෙසන ලද, දසරාජ ධර්මයන්හි, ඇලුනාහු වෙත්ද?’ යන අර්ථයි. ‘අනුත්තරා තෙ’ යනු ‘ඔවුහු වචනයෙන්, මනසින්, ක්‍රියාවෙන් යන මෙකී තුන්දොරින්ම උතුම්ය. ජ්‍යෙෂ්ඨ ය’ යන අර්ථයි. ‘තෙ සන්තිසොරච්චසමාධිසණ්ඨිතා’ යනු ‘ඔවුහු සතර අගති ප්රහාණය කිරීමෙන්, සමාදර ශාන්තියෙහි ද, සුසිල් බව නමැති සුරත භාවයෙහි ද, එකඟ බව නමැති සමාධියෙහි ද පිහිටි, එහි රැඳුණු දැහැමි රජවරු වෙති’ යන අර්ථයි. ‘වජන්ති ලෝකං දුභයං’ යනු ‘දැහැමින් රාජ්‍යය කරවා, මිනිස් ලොවින් දෙව්ලොවටත්, දෙව්ලොවින් මිනිස් ලොවටත් වශයෙන්, මේ ලෝක දෙකටම යති. නිරය ආදියෙහි නූපදිති’ යන අර්ථයි. ‘නරපමදානං’ යනු ‘නර-නාරීන්ට’ යන අර්ථයි. ‘ඨපෙමි අත්තනං’ යනු ‘කිපුණත් ක්‍රෝධය මත ක්‍රියාත්මක නොවී, පැරණි රජුන් විසින් පනවන ලද න්‍යායෙහි ම, තමා පිහිටා සිට, ‘මම ධර්මයෙහි ම පිහිටා සිටිමි. නීති ධර්මයන් නො බිඳිමි යි සිතයි’ යන අර්ථයි.
එවං ඡහි ගාථාහි රඤ්ඤා අත්තනො ගුණෙ කථිතෙ සබ්බාපි රාජපරිසා තුට්ඨා “අයං සීලාචාරගුණසම්පත්ති තුම්හාකඤ්ඤෙව අනුරූපා”ති රඤ්ඤො ගුණෙ කථෙසුං. සුමඞ්ගලො පන පරිසාය කථිතාවසානෙ උට්ඨාය රාජානං වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ රඤ්ඤො ථුතිං කරොන්තො තිස්සො ගාථා අභාසි –
මෙසේ ගාථා සයකින් රජු විසින්, තමාගේ ගුණ කී කල්හි, එහි සිටි සියලු රාජ පිරිස් එයින් තුටුව ‘රජතුමනි, මේ ශීලාචාර ගුණ සම්පත්තිය ඔබතුමාට ම සුදුසු යැ’යි, කියමින් රජුගේ ගුණ වැනූහ. සුමංගල ද, පිරිසේ කථා අවසන් වූ පසු, නැගිට රජුට වැඳ ඇඳිලි බැඳ, රජුට ස්තුති කරමින්, මෙසේ ගාථා තුනක් ප්‍රකාශ කෙළේය.
“සිරී ච ලක්ඛී ච තවෙව ඛත්තිය, ජනාධිප මා විජහි කුදාචනං; අක්කොධනො නිච්චපසන්නචිත්තො, අනීඝො තුවං වස්සසතානි පාලය.
7. ජනාධිපති රජතුමනි, සම්පත්තිය ද, බුද්ධිය ද, කිසිදා ඔබ අත් නොහරීවා! ක්‍රෝධයෙන් තොරව නිරතුරු ප්‍රසන්න සිත් ඇතිව, නිදුක්ව, ඔබ වර්ෂ සියයක් රට පාලනය කෙරේවා!
“ගුණෙහි එතෙහි උපෙත ඛත්තිය, ඨිතමරියවත්තී සුවචො අකොධනො; සුඛී අනුප්පීළ පසාස මෙදිනිං, ඉතො විමුත්තොපි ච යාහි සුග්ගතිං.
8. මෙකී ගුණයන්ගෙන් හෙබි රජතුමනි, දශරාජ ධර්මයෙහි පිහිටා සිට, සුවච ව, අක්රෝධීව, සැපවත් වී ජනයා නො පෙළා, අනුශාසනා කරනු මැනව. රට පාලනය කරනු මැනව. මෙලොවින් මිදුණු දාක සුගතියට යනු මැනව.
“එවං සුනීතෙන සුභාසිතෙන, ධම්මෙන ඤායෙන උපායසො නයං; නිබ්බාපයෙ සඞ්ඛුභිතං මහාජනං, මහාව මෙඝො සලිලෙන මෙදිනි”න්ති.
9. මෙසේ මනා වූ නීතියෙන් ද, සුභාෂිතයෙන් ද, දැහැමින් ද, නුවණින් ද, උපාය වශයෙන් ද (රට දියුණුව කරා) ගෙන යමින්, මහාමේඝයක් ජලයෙන් පොළොව නිවන්නාක් මෙන්, කැළඹුණු මහජනයා නිවන්නේය.
තත්ථ සිරී ච ලක්ඛී චාති පරිවාරසම්පත්ති ච පඤ්ඤා ච. අනීඝොති නිද්දුක්ඛො හුත්වා. උපෙත ඛත්තියාති උපෙතො ඛත්තිය, අයමෙව වා පාඨො. ඨිතමරියවත්තීති ඨිතඅරියවත්ති, අරියවත්ති නාම දසරාජධම්මසඞ්ඛාතං පොරාණරාජවත්තං, තත්ථ පතිට්ඨිතත්තා ඨිතරාජධම්මො හුත්වාති අත්ථො. අනුප්පීළ පසාස මෙදිනින්ති අනුප්පීළං පසාස මෙදිනිඤ්ච, අයමෙව වා පාඨො. සුනීතෙනාති සුනයෙන සුට්ඨු කාරණෙන. ධම්මෙනාති දසකුසලකම්මපථධම්මෙන. ඤායෙනාති පුරිමපදස්සෙව වෙවචනං. උපායසොති උපායකොසල්ලෙන. නයන්ති නයන්තො රජ්ජං අනුසාසන්තො ධම්මිකරාජා. නිබ්බාපයෙති ඉමාය පටිපත්තියා කායිකචෙතසිකදුක්ඛං දරථං අපනෙන්තො කායිකචෙතසිකදුක්ඛසඞ්ඛුභිතම්පි මහාජනං මහාමෙඝො සලිලෙන මෙදිනිං විය නිබ්බාපෙය්ය, ත්වම්පි තථෙව නිබ්බාපෙහීති දස්සෙන්තො එවමාහ.
මෙහි ‘සිරී ච ලක්ඛී ච’ යනු ‘පරිවාර සම්පත්තිය ද, ප්‍රඥාව ද’ යන අර්ථයි. ‘අනීඝොති’ යනු ‘නිදුක් ව’ යන අර්ථයි. ‘උපේත ඛත්තිය’ යනු ‘යුක්ත වූ රජතුමනි’, යන අර්ථයි. ‘උපෙතො ඛත්තිය’ යනු මෙයම පාඨය හෝ විය හැකිය. ‘ඨිතමරියවත්තී’ යන මෙහි ‘අරියවත්ති’ නම්, දසරාජ ධර්ම සංඛ්‍යාත ඉපැරණි රාජධර්මයයි. එහි පිහිටි බැවින්, ‘දසරාජ ධර්මයෙහි පිහිටා සිට’ යන අර්ථය දක්වන ලදි. ‘අනුප්පීළ පසාස මෙදිනිං’ යනු ‘පොළොවෙහි වෙසෙන අය, නොපෙළමින්, අනුශාසනා කරන්න, පාලනය කරන්න’ යන අර්ථයි. ‘පාඨයද මෙයම ය. ‘සුනීතෙන’ යනු ‘මනා වූ න්‍යායයෙන්, මනා වූ කාරණයෙන්’ යන අර්ථයි. ‘ධම්මෙන’ යනු ‘දශ කුශල කර්මපථ සංඛ්‍යාත ධර්මයෙන්’, යන අර්ථයි. ‘ඤායෙන’ යනු ‘මුලින් දැක්වූ ‘න්‍යාය’ යන්නට පර්යාය වචනයකි. ‘උපායසො’ යනු ‘උපායෙහි දක්ෂ ව’ යන අර්ථයි. ‘නයං’ යනු (රට) ඉදිරියට පමුණුවන, රජයට අනුශාසනා කරන, දැහැමි රජතුමා’ යන අර්ථයි. ‘නිබ්බාපයෙ’ යනු ‘මේ ප්රතිපත්තිවලින්, කායික-චෛතසික පීඩාවන් දුරුකරමින් ‘මහා මේඝයක් ජලයෙන් තෙමා පොළොව නිවන්නාක් මෙන්, ඔබ ද කායික-චෛතසික දුකින් කැළඹුණු මහජනයා, එසේ ම නිවනු මැනව’යි, දක්වමින් මෙසේ කීය’ යන අර්ථයි.
සත්ථා කොසලරඤ්ඤො ඔවාදවසෙන ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා පච්චෙකබුද්ධො පරිනිබ්බුතො, සුමඞ්ගලො ආනන්දො අහොසි, රාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට අවවාද වශයෙන්, මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑ සේක. සුමංගල නම්, ආනන්ද තෙරණුවෝය. රජතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සුමඞ්ගලජාතකවණ්ණනා චතුත්ථා.