8. ආදිත්තජාතකවණ්ණනා 424 අට්ඨකථා
8. ආදිත්තජාතකවණ්ණනා (424)
8. ආදිත්ත ජාතකය (424)
ආදිත්තස්මින්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අසදිසදානං ආරබ්භ කථෙසි. අසදිසදානං මහාගොවින්දසුත්තවණ්ණනාතො (දී· නි· අට්ඨ· 2.296) විත්ථාරෙත්වා කථෙතබ්බං. තස්ස පන දින්නදිවසතො දුතියදිවසෙ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, කොසලරාජා විචිනිත්වාව , පුඤ්ඤක්ඛෙත්තං ඤත්වා බුද්ධප්පමුඛස්ස අරියසඞ්ඝස්ස අසදිසදානං අදාසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අනච්ඡරියං, භික්ඛවෙ, රඤ්ඤො විචිනිත්වා අනුත්තරෙ පුඤ්ඤක්ඛෙත්තෙ දානපතිට්ඨාපනං, පොරාණකපණ්ඩිතාපි විචිනිත්වාව මහාදානං අදංසූ”ති වත්වා අතීතං ආහරි.
‘ආදිත්තස්මිං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, අසදෘශ මහා දානය නිමිති කොටගෙන වදාළ සේක. මේ දානය සම්බන්ධයෙන් වැඩිමනක් විස්තර ‘මහා ගෝවින්ද’ සූත්‍ර වර්ණනාවෙන් දතයුතුව ඇත. මේ දානය පැවැත්වූ දිනයට පසු දින, දම්සභාවෙහි රැස්වූ භික්ෂූහු, ‘ඇවැත්නි, කොසොල් රජතුමා මැනවින් සොයා බලා, උතුම් පුණ්‍ය ක්ෂේත්රය හඳුනාගෙන, බුද්ධ ප්රමුඛ වූ ආර්ය මහා සංඝරත්නයට මහදන් දුන්නේ යැ’යි, ඒ දානය ගැන කතා කරමින් හුන්හ. මේ අතර එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් සාකච්ඡා කළ කරුණු, ඔවුන්ගෙන්ම විමසා දැන, ‘මහණෙනි, රජතුමා මැනවින් සොයා බලා, අනුත්තර වූ පින් කෙත මැනවින් හඳුනාගෙන, ඒ ආර්ය සංඝයා විෂයෙහි දන් දීම වූ කලී, මහා ආශ්චර්යයක් නොවේ. පෙර පැරණි පඬිවරු පවා, එසේ මැනවින් සොයා බලා දන් දුන්නාහු යැ’යි, වදාරා මේ අතීත කතා පුවත මෙසේ වදාළ සේක.
අතීතෙ සිවිරට්ඨෙ රොරුවනගරෙ රොරුවමහාරාජා නාම දස රාජධම්මෙ අකොපෙත්වා චතූහි සඞ්ගහවත්ථූහි ජනං සඞ්ගණ්හන්තො මහාජනස්ස මාතාපිතුට්ඨානෙ ඨත්වා කපණද්ධිකවනිබ්බකයාචකාදීනං මහාදානං පවත්තෙසි. තස්ස සමුද්දවිජයා නාම අග්ගමහෙසී අහොසි පණ්ඩිතා ඤාණසම්පන්නා. සො එකදිවසං දානග්ගං ඔලොකෙන්තො “මය්හං දානං දුස්සීලා ලොලසත්තා භුඤ්ජන්ති, තං මං න හාසෙති, අහං ඛො පන සීලවන්තානං අග්ගදක්ඛිණෙය්යානං පච්චෙකබුද්ධානං දාතුකාමො, තෙ ච හිමවන්තපදෙසෙ වසන්ති, කො නු ඛො තෙ නිමන්තෙත්වා ආනෙස්සති, කං පෙසෙස්සාමී”ති චින්තෙත්වා තමත්ථං දෙවියා ආරොචෙසි. අථ නං සා ආහ “මහාරාජ, මා චින්තයිත්ථ, අම්හාකං දාතබ්බදානබලෙන සීලබලෙන සච්චබලෙන පුප්ඵානි පෙසෙත්වා පච්චෙකබුද්ධෙ නිමන්තෙත්වා තෙසං ආගතකාලෙ සබ්බපරික්ඛාරසම්පන්නදානං දස්සාමා”ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා “සකලනගරවාසිනො සීලං සමාදියන්තූ”ති නගරෙ භෙරිං චරාපෙත්වා සයම්පි සපරිජනො උපොසථඞ්ගානි අධිට්ඨාය මහාදානං පවත්තෙත්වා සුමනපුප්ඵපුණ්ණං සුවණ්ණසමුග්ගං ගාහාපෙත්වා පාසාදා ඔරුය්හ රාජඞ්ගණෙ ඨත්වා පඤ්චඞ්ගානි පථවියං පතිට්ඨාපෙත්වා පාචීනදිසාභිමුඛො වන්දිත්වා “පාචීනදිසාය අරහන්තෙ වන්දාමි, සචෙ අම්හාකං කොචි ගුණො අත්ථි, අම්හෙසු අනුකම්පං කත්වා අම්හාකං භික්ඛං ගණ්හථා”ති වත්වා සත්ත පුප්ඵමුට්ඨියො ඛිපි. පාචීනදිසාය පච්චෙකබුද්ධානං අභාවෙන පුනදිවසෙ නාගමිංසු. දුතියදිවසෙ දක්ඛිණදිසං නමස්සි, තතොපි නාගතා. තතියදිවසෙ පච්ඡිමදිසං නමස්සි, තතොපි නාගතා. චතුත්ථදිවසෙ උත්තරදිසං නමස්සි, නමස්සිත්වා ච පන “උත්තරහිමවන්තපදෙසවාසිනො පච්චෙකබුද්ධා අම්හාකං භික්ඛං ගණ්හන්තූ”ති සත්ත පුප්ඵමුට්ඨියො විස්සජ්ජෙසි. පුප්ඵානි ගන්ත්වා නන්දමූලකපබ්භාරෙ පඤ්චන්නං පච්චෙකබුද්ධසතානං උපරි පතිංසු.
පෙර ‘සෝචීර’ රටේ ‘රෝරුව’ නුවර ‘භරත’ මහරජතුමා දසරාජ ධර්මයන් නො ඉක්මවා සිවු සඟරාවතින්, (සතර සංග්‍රහ වස්තුවෙන්) මහජනයාට සංග්‍රහ කරමින්, ජනතාවට පියකු මෙන් ද, මවක මෙන් ද, වැඩ වඩමින්, දිළින්දන්ට වණිබ්බකයන්ට (වර්ණනා කොට යමක් ඉල්ලන්නන්ට) යාචකයන්ට, මහදන් දුන්නේය. ‘සමුද්දවිජයා’ නම් වූ දේවිය රජුගේ අග මෙහෙසියයි. ඇය පණ්ඩිතය. ඤාණ සම්පන්නය. කිසියම් දිනෙක ස්වකීය දන් වැට පරීක්ෂා කරමින් සිටි රජතුමාට, ‘මාගේ මේ දානය, දුසිල්වත් කෑදර උදවිය පරිභෝග කෙරෙති. ඒ හේතුව නිසා, මාගේ මේ ක්‍රියාවත්, මාත් නුවණැත්තන්ගේ සිනාවට, පරිභාසයට ලක් වන්නට බැරිකමක් නැත. එබැවින් මම සීලසම්පන්න වූ, අග්‍ර දක්ෂිණෙය්ය වූ, පසේ බුදුරජාණන් වහන්සේට දන් දෙන්නෙමැ’යි, කල්පනා කොට බලා ‘පසේ බුදුවරු නම් හිමාල වනපෙතෙහි වසති. කවරෙක් නම් උන්වහන්සේට ආරාධනා කොට, මෙහි වැඩම කරවන්නේද? කවරකු නම්, ඒ වෙනුවෙන් හිමවතට යවන්නෙම් දැ’යි, ඒ ගැන කල්පනා කරමින් සිට, තම සිත්හි ඇති වූ ඒ අදහස, තම දේවියට දැනුම් දුන්නේය. ‘මහරජතුමනි, ඔබතුමා මේ ගැන කරදර නොවනු මැනව. ඔබතුමා මෙතෙක් දුන් දානයේ බලයෙන් ද, සීලයේ හා සත්‍යයේ බලයෙන් ද, මල් වට්ටියක් අතට ගෙන, අධිෂ්ඨාන බලයෙන් ඒ මල් පසේබුදුවරුන්ට ආරාධනා පිණිස, උන්වහන්සේ වෙත යවා, එම ආරාධනාව පිළිගෙන උන්වහන්සේ මෙහි වැඩිකල්හි, සියලු පිරිකර සහිතව, අපි මහදන් පවත්වමු යැ’යි, දේවිය රජතුමාට කීවාය. රජතුමා ද, ‘යහපතැ’යි කියා එය පිළිගෙන ‘මුළු නුවර වැස්සෝ, සිල් සමාදන් වෙත්වා’යි බෙර හසුරුවා, පිරිවර ජනයා සහිතව තෙමේ ද, පෙහෙවස් සමාදන් වී, සිරිත් පරිදි දන් වැට ද ආරම්භ කොට, සමන්මල්වලින් පිරුණු රන් බඳුනක් දෝතට ගෙන, ප්‍රාසාදයෙන් බැස, රාජාංගනයෙහි මැද සිට, පොළොවෙහි පසඟ පිහිටුවා, නැගෙනහිර දෙසට වැඳ, නැවත මල් වට්ටිය දෝතට ගෙන, ‘මේ නැගෙනහිර දිසාවේ, යම්තාක් රහතන් වහන්සේ වෙත්ද? උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඉදින් අප කෙරෙහි යම්කිසි ගුණයක් ඇත්නම්, එය සලකා අප කෙරෙහි අනුකම්පා උපදවා, අපගේ දානය පිළිගනු මැනවැ’යි කියා, මල් මිටවල් සතක් අහසේ පා කොට හැරියේය. පෙරදිග දිසාවෙහි පසේ බුදුවරුන් නොමැති බැවින්, රජුගේ ආරාධනාව නිශ්ඵල විය. එම දිසාවෙන් කිසිවකු පැමිණියේ ද නැත. ඉන් පසුබෑමකට පත් නොවූ රජතුමා, පළමු කී පිළිවෙලටම ඊට පසුවදා ද සැරසී, දකුණු දිශාවට නමස්කාර කොට, දකුණු දෙස බලා ආරාධනාවද සිදුකොට, අනතුරුව මල් අතට ගෙන ඒවා අහසෙහි පා කොට හැරියේය. දකුණු දිශාවෙහි ද, පසේ බුදුවරුන් නොමැති බැවින්, රජුගේ ආරාධනාව නිශ්ඵල විය. මෙසේ මේ ආරාධනාව තෙවන දිනයෙහි බටහිර දිශාවට ද, සිව්වන දිනයෙහි උතුරු දිශාවට ද, රජතුමා සිදු කෙළේය. ‘උතුරු දිශාවේ හිමාල පෙදෙසෙහි වාසය කරන පසේ බුදුවරු වෙත් නම්, උන්වහන්සේ ඒකාන්තයෙන්, අපගේ මේ දානය පිළිගනිත්වා’යි රජතුමා, සමන්මල් සත්මිට ගුවනට මුදා හළේය. ඒ සමන්මල් පාවී ගොස්, ‘නන්දමූලක’ පර්වත ප්‍රාන්තයෙහි පන්සියයක් පසේබුදුවරුන් වහන්සේට, ඉහළින් මල්වියනක් මෙන් සැකසී, අනතුරුව ක්‍රමයෙන් බිමට වැටුණි.
තෙ ආවජ්ජමානා රඤ්ඤා අත්තනො නිමන්තිතභාවං ඤත්වා පුනදිවසෙ සත්ත පච්චෙකබුද්ධෙ ආමන්තෙත්වා “මාරිසා, රාජා වො නිමන්තෙති, තස්ස සඞ්ගහං කරොථා”ති වදිංසු. සත්ත පච්චෙකබුද්ධා ආකාසෙනාගන්ත්වා රාජද්වාරෙ ඔතරිංසු. තෙ දිස්වා රාජා සොමනස්සජාතො වන්දිත්වා පාසාදං ආරොපෙත්වා මහන්තං සක්කාරං කත්වා දානං දත්වා භත්තකිච්චපරියොසානෙ පුනදිවසත්ථාය පුනදිවසත්ථායාති එවං ඡ දිවසෙ නිමන්තෙත්වා සත්තමෙ දිවසෙ සබ්බපරික්ඛාරදානං සජ්ජෙත්වා සත්තරතනඛචිතානි මඤ්චපීඨාදීනි පඤ්ඤපෙත්වා තිචීවරාදිකෙ සබ්බසමණපරිභොගෙ සත්තන්නං පච්චෙකබුද්ධානං සන්තිකෙ ඨපෙත්වා “මයං ඉමෙ පරික්ඛාරෙ තුම්හාකං දෙමා”ති වත්වා තෙසං භත්තකිච්චපරියොසානෙ රාජා ච දෙවී ච උභොපි නමස්සමානා අට්ඨංසු. අථ නෙසං අනුමොදනං කරොන්තො සඞ්ඝත්ථෙරො ද්වෙ ගාථා අභාසි –
මේ කාරණය ගැන ආවර්ජනා කොට බැලූ, එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක්, මෙය රජුගේ දානයට කළ ආරාධනාවක් බව වටහා ගෙන, පසුදා පසේබුදුවරුන් සත්නමක් අමතා, ‘උතුමනි, රටේ රජතුමා ඔබ හැමට ආරාධනා කෙරේ. එබැවින් ‘රජුට සංග්‍රහ කරන්නේ නම්, මැනවැ’යි වදාළහ. එය පිළිගත් පසේබුදුවරු අහසින් වැඩම කොට, රාජකීය දොරටුව අබියස පෙනී සිටියහ. උන්වහන්සේ දුටු රජතුමා මහත් සොම්නසට පත්ව, නමස්කාර කොට, උන්වහන්සේ ප්‍රාසාදය වෙත වැඩම කරවා, මහත් වූ සත්කාර සම්මාන කොට, දන් පිරිනමා බත් කිස අවසන් වූ කල්හි, උන්වහන්සේට වැඳ ‘ස්වාමීනි, හෙටත් මාගේ දානයට වඩිනු මැනවැ’යි, මෙලෙසින් පුන පුනා ආරාධනා කොට, දින හයක් පුරාවට නොකඩවා මහදන් පැවැත්වීය. සත්වැනි දින සියලු පිරිකර සහිතව, දානය සකසා සත්රුවනින් වැඩදමන ලද, ඇඳ පුටු පනවා, තුන් සිවුරු ප්‍රධානකොට, සියලුම ශ්‍රමණ පරිභෝග වස්තූන් පසේ බුදුවරුන් සත්නම ඉදිරියෙහි තබා, ‘මේ සියලු පිරිකර ඔබ හැමදෙනා වහන්සේ විෂයෙහි දෙමු’යි කියා, උන්වහන්සේට දානය පිරිනැමූ රජතුමා හා දේවිය යන දෙදෙනා දන් වළඳා අවසන් වූ පසේබුදුවරුන් වෙත, දොහොත්මුදුන් දී නමස්කාර කරමින්ම බලා සිටියහ. උන්වහන්සේ සත්නම අතුරෙන් ‘සංඝත්ථෙර’ වූ පසේ බුදුරජාණන් වහන්සේ, රජු ඇතුළු පිරිසට අනුමෝදනා බණ වදාරමින්, මෙසේ පැවසූ සේක.
“ආදිත්තස්මිං අගාරස්මිං, යං නීහරති භාජනං; තං තස්ස හොති අත්ථාය, නො ච යං තත්ථ ඩය්හති.
ආදිත්තස්මිං අගාරස්මිං - යං නීහරති භාජනං, තං තස්ස හොති අත්ථාය - නො ච යං තත්ථ ඩය්හතී
ගිනිගත් ගෙයකින් යම් බඳුනක් බැහැර කෙරේද? එය ඔහුට ප්‍රයෝජන පිණිස පවතී. එසේ නොවුණහොත්, එය එහි දැවී යයි.
“එවමාදීපිතො ලොකො, ජරාය මරණෙන ච; නීහරෙථෙව දානෙන, දින්නං හොති සුනීහත”න්ති.
එවමාදිපිතො ලොකො - ජරාය මරණෙන ච, නීහරෙථෙව දානෙන - දින්නං හොති සුනීභතන්ති
එසේම ලෝකයා ජරාවෙන් ද, මරණයෙන් ද, ගිනිගෙන ඇත්තේය. දන්දීම (ගිනිගත් දෙයින්) බඩු ඉවත් කිරීමක් වැනිය. දුන් දේ නම්, මැනවින් රැකගත් දෙයක් වේ.
තත්ථ ආදිත්තස්මින්ති තඞ්ඛණෙ පජ්ජලිතෙ. භාජනන්ති උපකරණං. නො ච යං තත්ථ ඩය්හතීති යං පන තත්ථ ඩය්හති, අන්තමසො තිණසන්ථාරොපි, සබ්බං තස්ස අනුපකරණමෙව හොති. ජරාය මරණෙන චාති දෙසනාසීසමෙතං, අත්ථතො පනෙස එකාදසහි අග්ගීහි ආදීපිතො නාම. නීහරෙථෙවාති තතො එකාදසති අග්ගීහි පජ්ජලිතලොකා දසවිධදානවත්ථුභෙදං තං තං පරික්ඛාරදානං චෙතනාය නික්කඩ්ඪෙථෙව. දින්නං හොතීති අප්පං වා බහුං වා යං දින්නං, තදෙව සුනීහතං නාම හොතීති.
මෙහි ‘ආදිත්තස්මිං’ යනු ‘එවේලෙහි ගිනිගත්’, යන අර්ථයි. ‘භාජනං’ යනු ‘කිසියම් උපකරණයක්’ යන අර්ථයි. ‘නො ච යං තත්ථ’ යනු ‘එහි යමක් දැවේද? යටත් පිරිසෙයින් තණ ඇතිරියක් වුවත්, ඒ සියල්ල ඔහුට අනුපකාරීම වේ’ යන අර්ථයි. ‘ජරාය මරණෙනච’ යන්න ප්‍රකට දේශනාවකි. අර්ථ වශයෙන් මෙය, ‘එකොළොස් ගින්නෙන් ඇවිලගත්, ලෝකයෙන් දශවිධ දාන වස්තුවට වැටෙන, ඒ ඒ පිරිකර දානය වූ කලී, සිතාමතා බඩු ඉවත් කරගැනීමක් වැනිය’ යන අර්ථයි. ‘දින්නං’ යනු ‘අල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් හෝ යමක් දෙන ලදද? එය මැනවින් රැකගත් දෙය නම් වේ’ යන අර්ථයි.
එවං සඞ්ඝත්ථෙරො අනුමොදනං කත්වා “අප්පමත්තො හොහි, මහාරාජා”ති රඤ්ඤො ඔවාදං දත්වා ආකාසෙ උප්පතිත්වා පාසාදකණ්ණිකං ද්විධා කත්වා ගන්ත්වා නන්දමූලකපබ්භාරෙයෙව ඔතරි. තස්ස දින්නපරික්ඛාරොපි තෙනෙව සද්ධිං උප්පතිත්වා නන්දමූලකපබ්භාරෙයෙව ඔතරි. රඤ්ඤො ච දෙවියා ච සකලසරීරං පීතියා පුණ්ණං අහොසි. එවං තස්මිං ගතෙ අවසෙසාපි –
මෙසේ සංඝත්ථෙර වූ පසේ බුදුරජාණන් වහන්සේ, ස්වකීය අනුමෝදනාව නිමකොට, ‘මහරජතුමනි, අප්‍රමාදීව කටයුතු සිදුකළ මැනවැ’යි, රජුට ඔවදන් දී, අහසට පැන නැගී රජමාලිගාවේ කර්ණිකාව අතරින් නික්ම, නන්දමූලක පර්වත ප්‍රාන්තය බලා වැඩි සේක. රජු විසින් උන්වහන්සේට පිදූ පිරිකර ද, උන්වහන්සේ සමග ම අතුරුදන් වී නන්දමූලක පර්වත ප්‍රාන්තයෙහි ම, නිසි තැනෙක තැන්පත් විය. රජුගේද රාජදේවියගේ ද ශරීරයත්, අධික වූ ප්‍රීතියෙන් පිරී ගියේ. මෙසේ සංඝත්ථෙර පසේබුදුරජාණන් වහන්සේ රජමැදුරෙන් ඉවත්ව වැඩිය පසු, සෙසු පසේ බුදුවරු එක් එක් නම, එක් එක් ගාථාව බැගින් අනුමෝදනා පිණිස වදාරා, එකී අයුරෙන්ම ස්වකීය පිරිකරත් සමගම නන්දමූලක පර්වත ප්‍රාන්තය කරා වැඩියහ. උන්වහන්සේ වදාළ ගාථා පහත දැක්වේ.
“යො ධම්මලද්ධස්ස දදාති දානං, උට්ඨානවීරියාධිගතස්ස ජන්තු; අතික්කම්ම සො වෙතරණිං යමස්ස, දිබ්බානි ඨානානි උපෙති මච්චො.
3. යම් පුද්ගලයෙක් උට්ඨාන වීර්යයෙන් උපයාගත් දැයින්, ධර්මලාභී උතුමකුට දන් දේද? ඒ තැනැත්තා යමයාගේ ‘වේතරණී’ නිරය ඉක්මවා, දිව්‍යමය ස්ථානයන්ට පැමිණේ.
“දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු, අප්පාපි සන්තා බහුකෙ ජිනන්ති; අප්පම්පි චෙ සද්දහානො දදාති, තෙනෙව සො හොති සුඛී පරත්ථ.
4. දානයත් යුද්ධයත් සමාන යැයි කීහ. සත්පුරුෂ වූ ටිකදෙනෙක්, බොහෝ දේ ජයග්‍රහණය කෙරෙති. ඉදින් ශ්‍රද්ධාවෙන් යුතුව, සුලු දෙයක් දන් දුන්නත්, එයින් ඔහු පරලොවදී ද, සැපයට පත්වේ.
“විචෙය්ය දානං සුගතප්පසත්ථං, යෙ දක්ඛිණෙය්යා ඉධ ජීවලොකෙ; එතෙසු දින්නානි මහප්ඵලානි, බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ.
5. සුදුස්සන් සොයා බලා දන් දීම, බුදුරදුන් විසින් පසස්නා ලද්දකි. මේ මිනිස්ලොව දන් දීමට සුදුසු කෙනෙක් වෙත්ද? ඒ අය (උතුමන්) කෙරෙහි දුන් දේ, මහත් ඵලය. මනා වූ කෙතක වපුරන ලද බීජ වැනිය.
“යො පාණභූතානි අහෙඨයං චරං, පරූපවාදා න කරොති පාපං; භීරුං පසංසන්ති න තත්ථ සූරං, භයා හි සන්තො න කරොන්ති පාපං.
6. යමෙක් සත්ත්ව හිංසාවෙන් තොරව හැසිරේද? අනුන්ගේ අපවාද නිසා පව් නොකෙරේද? (පවට) බිය නිසා ඔහු පැසසුම් ලබයි. එහි (පවෙහි) සූරයා පැසසුම් නොලබයි. සත්පුරුෂයා බිය නිසා පව් නොකෙරේ.
“හීනෙන බ්රහ්මචරියෙන, ඛත්තියෙ උපපජ්ජති; මජ්ඣිමෙන ච දෙවත්තං, උත්තමෙන විසුජ්ඣති.
7. අවම වූ බ්‍රහ්මචර්යාවෙන් ද, රජ කුලයෙහි උපදියි. මධ්‍යම වූ බ්‍රහ්ම චරියාවෙන්, දේවත්වයටද, උපරිමයෙන්, නිවනට ද පත්වේ.
“අද්ධා හි දානං බහුධා පසත්ථං, දානා ච ඛො ධම්මපදංව සෙය්යො; පුබ්බෙව හි පුබ්බතරෙව සන්තො, නිබ්බානමෙවජ්ඣගමුං සපඤ්ඤා”ති. –
8. ඒකාන්තයෙන් දානය විවිධ ආකාරයෙන් පසස්නා ලද්දකි. දානයටත් වඩා, ධර්මයට පැමිණීම උතුම්ය. පෙරත් එනම්, ආදියේ දී නුවණැති සත්පුරුෂයෝ, නිවන් අවබෝධයම කළහ.
එවමෙකෙකාය ගාථාය අනුමොදනං කත්වා තථෙව අගමිංසු සද්ධිං පරික්ඛාරෙහි.
තත්ථ ධම්මලද්ධස්සාති ඛීණාසවං ආදිං කත්වා යාව සුක්ඛවිපස්සකයොගාවචරො පුග්ගලො ධම්මස්ස ලද්ධත්තා ධම්මලද්ධො නාම. ස්වෙව උට්ඨානවීරියෙන තස්ස ධම්මස්ස අධිගතත්තා උට්ඨානවීරියාධිගතො නාම. තස්ස පුග්ගලස්ස යො ජන්තු දදාති දානන්ති අත්ථො, ධම්මෙන ලද්ධස්ස උට්ඨානසඞ්ඛාතෙන වීරියෙන අධිගතස්ස දෙය්යධම්මස්ස අග්ගං ගහෙත්වා යො ජන්තු සීලවන්තෙසු දානං දදාතීතිපි අත්ථො. උපයොගත්ථෙ වා සාමිවචනං කත්වාපෙත්ථ අත්ථො වෙදිතබ්බො. වෙතරණින්ති දෙසනාසීසමෙතං, අට්ඨ මහානිරයෙ සොළස ච උස්සදෙ අතික්කමිත්වාති අත්ථො. දිබ්බානි ඨානානි උපෙතීති දෙවලොකෙ උප්පජ්ජති.
මෙහි ‘ධම්මලද්ධස්ස’ යනු ‘රහතන් වහන්සේ ආදිකොට, යම්තාක් ශුෂ්ක විදර්ශක යෝගාවචරයා, ධර්මය ලද බැවින් ‘ධම්මලද්ධ’ නම් වේ. ඔහුම උට්ඨාන වීර්යයෙන්, ඒ ධර්මය අවබෝධ කොටගත් බැවින් ‘උට්ඨානවිරියායගත’ නම් වේ. එබඳු පුද්ගලයෙකුට, යම් තැනැත්තෙක් දන් දේ ද?’ යන අර්ථයි. ‘උට්ඨාන වීර්යයෙන් යුතුව, ධාර්මිකව උපයා ගත් දැයින්, ප්‍රථම කොටස ගෙන, යම් පුද්ගලයෙක් සිල්වතුන් කෙරෙහි දන් දෙයිද?’ යන අර්ථයි. උපයෝග (දුතියා) අර්ථයෙහි සාමි වචනය (ඡට්ඨි විභක්තිය) යොදා, මෙහි අර්ථය දත යුතුය. ‘වෙතරණී’ යනු ප්‍රකට දේශනාවකි. ‘අටමහා නිරයන් ද, සොළොස් ඔසුපත් නිරයන් ද, ඉක්මවා, යන අර්ථයි. ‘දිබ්බානි ඨානානි උපෙති’ යනු ‘දෙව්ලොව උපදී’ යන අර්ථයි.
සමානමාහූති සදිසං වදන්ති. ඛයභීරුකස්ස හි දානං නත්ථි, භයභීරුකස්ස යුද්ධං නත්ථි. ජීවිතෙ ආලයං විජහිත්වා යුජ්ජන්තොව යුජ්ඣිතුං සක්කොති, භොගෙසු ආලයං විජහිත්වා දායකො දාතුං සක්කොති, තෙනෙව තං උභයං “සමාන”න්ති වදන්ති. අප්පාපි සන්තාති ථොකාපි සමානා පරිච්චත්තජීවිතා බහුකෙ ජිනන්ති, එවමෙව අප්පාපි මුඤ්චචෙතනා බහුම්පි මච්ඡෙරචිත්තං ලොභාදිං වා කිලෙසගහනං ජිනාති. අප්පම්පි චෙති ථොකම්පි චෙ දෙය්යධම්මං කම්මඤ්ච ඵලඤ්ච සද්දහන්තො දෙති. තෙනෙව සොති තෙන පරිත්තදෙය්යධම්මවත්ථුකෙන පරිත්තකෙනාපි චාගෙන සො පරත්ථ සුඛී හොති, මහාරාජාති.
‘සමානමාහු’ යනු ‘සමාන කොට කියති’ යන අර්ථයි. ‘වස්තුව ඉවර වේ යැයි යන බියෙන් පෙළෙන්නාට දානය වලංගු නැත. බියෙන් පෙළෙන්නාට යුද්ධය වලංගු නැත. ජීවිතාශාව අත්හැර, යුද්ධයට පිවිසුණු තැනැත්තාම, යුධ කිරීමෙහි හැකියාව ලබයි. සම්පත්වල ආශාව දුරුකළ දායකයාම, දන් දීමේ හැකියාව ලබයි. ඒ නිසා ම දන් දීමත්, යුද්ධ කිරීමත්, සමානකොට කියති, යන අර්ථයි. ‘අප්පාපි සන්තා’ යනු ‘ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කෙරෙන ටිකදෙනෙක්, බොහෝ දේ ජයග්‍රහණය කෙරෙති. එපරිද්දෙන්ම අල්ප වූ, පරිත්‍යාගී චේතනාවක්, බොහෝ මසුරු සිත් ද, ලෝභාදිය ද, කෙලෙස් සමූහයන් ද, පරදවා ජය ගනී’ යන අර්ථයි. ‘අප්පම්පි චෙ’ යනු ‘දිය යුතු දාන වස්තුව මඳ වුවත්, කර්මය හා ඵලය විශ්වාස කොටගෙන දෙයි’ යන අර්ථයි. ‘තෙනෙව සො’ යනු ‘මහරජතුමනි, ඒ මඳ වූ දාන වස්තුවෙන්, අල්ප වූ පරිත්‍යාගයෙන්, ඔහු පරලොවදීත් සැප ඇත්තෙක් වේ’ යන අර්ථයි.
විචෙය්ය දානන්ති දක්ඛිණඤ්ච දක්ඛිණෙය්යඤ්ච විචිනිත්වා දින්නදානං. තත්ථ යං වා තං වා අදත්වා අග්ගං පණීතං දෙය්යධම්මං විචිනිත්වා දදන්තො දක්ඛිණං විචිනාති නාම, යෙසං තෙසං වා අදත්වා සීලාදිගුණසම්පන්නෙ විචිනිත්වා තෙසං දදන්තො දක්ඛිණෙය්යං විචිනාති නාම. සුගතප්පසත්ථන්ති එවරූපං දානං බුද්ධෙහි පසත්ථං. තත්ථ දක්ඛිණෙය්යවිචිනනං දස්සෙතුං “යෙ දක්ඛිණෙය්යා”තිආදි වුත්තං. තත්ථ දක්ඛිණෙය්යාති දක්ඛිණාය අනුච්ඡවිකා බුද්ධාදයො.
‘විචෙය්යදානං’ යනු ‘දිය යුතු දේත්, දිය යුතු අයත්, සොයාබලා දුන් දානය යි. එහිදී මොනවා හෝ නොදී, අග්‍ර වූ ද, ප්‍රණීත වූ ද දාන වස්තුවක් සපයාගෙන, පරිත්‍යාග කිරීම, ‘දිය යුතු දේ සොයාගැනීම’ නම් වේ. කාට කාට හෝ නොදී, සීලාදී ගුණසම්පන්න උතුමන් සොයා, ඔවුන්ටම දන්දීම, ‘දිය යුතු අය සොයා ගැනීම නම් වේ’ යන අර්ථයි. ‘සුගතප්පසත්ථං’ යනු ‘මෙබඳු වූ දානය බුදුවරුන් විසින් පසස්නා ලදි. මෙහි ‘දිය යුතු අය සොයා ගැනීම’ යන මේ කාරණය පැහැදිලි කිරීම සඳහා ‘යෙ දක්ඛිණෙය්යා......’ ආදිය කියන ලදි. එහි දක්ඛිණෙය්යා යන්නෙන්, දක්ෂිණාවට අතිශයින් සුදුසු බුද්ධාදී උතුමන්, අපේක්ෂා කරන ලදි යන අර්ථයි.
පාණභූතානීති පාණසඞ්ඛාතානි භූතානි. අහෙඨයං චරන්ති කාරුඤ්ඤෙන අවිහෙඨයන්තො චරමානො. පරූපවාදාති පරූපවාදභයෙන පාපං න කරොති. භීරුන්ති උපවාදභීරුකං. න තත්ථ සූරන්ති යො පන අයොනිසොමනසිකාරෙන තස්මිං උපවාදෙ සූරො හොති, තං පණ්ඩිතා නප්පසංසන්ති. භයා හීති උපවාදභයෙන හි පණ්ඩිතා පාපං න කරොන්ති.
‘පාණභූතානි’ යනු ‘පණ ඇති සත්ත්වයන්’ යන අර්ථයි. ‘අහෙඨයං’ යනු ‘කරුණාවෙන් යුතුව, අනුන් වෙහෙසට පත් නොකරමින් හැසිරෙන’, යන අර්ථයි. ‘පරූපවාදා’ යනු ‘අනුන්ගේ දෝෂාරෝපණයට බියෙන්, පව් නොකෙරේ’, යන අර්ථයි. ‘භීරු’ යනු ‘දෝෂාරෝපණයට බිය’ යන අර්ථයි. ‘නහි තත්ථ සූරං’ යනු ‘යමෙක් නුවණින් විමසා බැලීමෙන් තොරව, දෝෂාරෝපණයේ සූරයෙක් වේද, පඬිවරු එවැන්නන් නො පසසති’ යන අර්ථයි. ‘භයාහී’ යනු ‘දෝෂාරෝපණ බිය නිසා ද, පඬිවරු පව් නොකෙරෙති’ යන අර්ථයි.
හීනෙන බ්රහ්මචරියෙනාති බාහිරතිත්ථායතනෙ තාව මෙථුනවිරතිසීලමත්තකං හීනං බ්රහ්මචරියං නාම, තෙන ඛත්තියකුලෙ උප්පජ්ජති. ඣානස්ස උපචාරමත්තං මජ්ඣිමං, තෙන දෙවලොකෙ උප්පජ්ජති. අට්ඨ සමාපත්තියො උත්තමං, තෙන බ්රහ්මලොකෙ උප්පජ්ජන්තො විසුජ්ඣති නාම. සාසනෙ පන සීලවන්තස්සෙව එකං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං හීනං නාම, පරිසුද්ධසීලස්සෙව සමාපත්තිනිබ්බත්තනං මජ්ඣිමං නාම, පරිසුද්ධසීලෙ ඨත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තුප්පත්ති උත්තමං නාම.
‘හීනෙන බ්රහ්මචරියෙන’ යනු බුදුසමයෙන් බාහිර වූ සමයයන්හි, මෙවුන්දම් සෙවීමෙන් පමණක් වැළකීම, ‘හීන බ්‍රහ්මචරිය’ නම් වේ. එයින් රජකුලයේ උපත ලබයි. ධ්‍යානයේ උපචාර මාත්‍රයක් උපදවා ගැනීම, ‘මධ්‍යම බ්‍රහ්මචරිය’ නම් වේ. එයින් දෙව්ලොව උපදී. අෂ්ට සමාපත්තීන් උපදවා ගැනීම, ‘උත්තම බ්‍රහ්මචරිය’ නම් වේ. එයින් බඹලොව උපදින්නා ‘විසුජ්ඣති’ නම් වේ. දෙව්ලොවක උපත ලැබීම, අපේක්ෂා කොටගෙන, බුද්ධ ශාසනයෙහි සිල් රකින්නකුගේ, බ්රහ්මචරියා ශීලය හීන බ්‍රහ්මචර්යාව’ නම් වේ. පිරිසිදු සිල්වතකුගේ සමාපත්ති උපදවා ගැනීම, මධ්‍යම බ්‍රහ්මචර්යාව නම් වේ. පිරිසිදු සිල්හි පිහිටා, විදසුන් වඩා, රහත් ඵලයට පත්වීම උත්තම බ්‍රහ්මචර්යාව නම්වේ.
ඔසානගාථාය අයමත්ථො – මහාරාජ, කිඤ්චාපි එකංසෙනෙව දානං බහුධා පසත්ථං වණ්ණිතං, දානතො පන සමථවිපස්සනාසඞ්ඛාතං නිබ්බානසඞ්ඛාතඤ්ච ධම්මකොට්ඨාසභූතං ධම්මපදමෙව උත්තරිතරං. කිංකාරණා? පුබ්බෙව හි ඉමස්මිං කප්පෙ කස්සපදසබලාදයො පුබ්බතරෙව වෙස්සභූදසබලාදයො සන්තො සප්පුරිසා සපඤ්ඤා සමථවිපස්සනං භාවෙත්වා නිබ්බානමෙව අජ්ඣගමුං අධිගතාති.
මෙහි අවසාන ගාථාවේ අර්ථය මෙසේය. එනම්, ‘මහරජතුමනි, කෙසේ නමුත් දානය වූ කලී, ඒකාන්තයෙන් ම බොහෝ සෙයින්, පසස්නා ලද්දකි. වර්ණනා කරන ලද්දකි. ඒ දානයටත් වඩා, සමථ-විදර්ශනා සංඛ්‍යාත ත්යවූ ද, නිර්වාණ සංඛ්‍යාත වූ ද, ධර්ම කොට්ඨාශයක් වන, ආර්ය ධර්මයට පත්වීම ම උත්තරීතරය. මක්නිසාද? මේ කල්පයෙහි ම පෙර විසූ, කාශ්‍යප ආදි වූ, බුදුවරු ද, ඊටත් පෙර වෙස්සභු ආදී, බුදුවරු ද, ශාන්ත වූ සත්පුරුෂයෝ ය. ඒ නුවණැත්තෝ සමථ විදර්ශනා වඩා, නිවනට ම පැමිණුනාහුය. නිවන අවබෝධ කළාහු ය’ යන අර්ථයි.
එවං සත්ත පච්චෙකබුද්ධා අනුමොදනාය රඤ්ඤො අමතමහානිබ්බානං වණ්ණෙත්වා රාජානං අප්පමාදෙන ඔවදිත්වා වුත්තනයෙනෙව අත්තනො වසනට්ඨානමෙව ගතා. රාජාපි සද්ධිං අග්ගමහෙසියා දානං දත්වා යාවජීවං ඨත්වා තතො චවිත්වා සග්ගපුරං පූරෙසි.
මෙසේ සත්වැනි පසේ බුදුරජාණන් වහන්සේ ස්වකීය අනුමෝදනාවෙන්, අමාමහ නිවන වර්ණනා කොට, බණ කියා, රජුට, අප්‍රමාදීව කටයුතු සිදුකිරීමට ඔවදන් දී, පෙර කී ක්‍රමයෙන් ම ස්වකීය වාසස්ථානය වෙත වැඩි සේක. රජතුමා ද සිය මෙහෙසිය සමග දිවි ඇති තෙක්, දානාදි පින්කම් කරමින් ජීවත්ව සිට, මැරී ගොස් දෙව්ලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං පුබ්බෙපි පණ්ඩිතා විචෙය්ය දානං අදංසූ”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා පච්චෙකබුද්ධා පරිනිබ්බායිංසු, සමුද්දවිජයා රාහුලමාතා අහොසි, රොරුවමහාරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ‘මෙසේ පෙර විසූ පඬිවරු පවා, ‘විචෙය්ය දාන දුන්නාහු යැ’යි, වදාරා ජාතකය නිමාවට පත් කළ සේක. එදා විසූ පසේ බුදුවරු හැමදෙනා වහන්සේ පිරිනිවන්පෑ සේක. එදා සමුද්දවිජයා දේවිය නම්, රාහුල මාතාවය. භරත රජතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
ආදිත්තජාතකවණ්ණනා අට්ඨමා.