4. චූළසුවජාතකවණ්ණනා 430 අට්ඨකථා
4. චූළසුවජාතකවණ්ණනා (430)
4. චුල්ලසුක ජාතකය (430)
සන්ති රුක්ඛාති ඉදං සත්ථා සාවත්ථියං ජෙතවනෙ විහරන්තො වෙරඤ්ජකණ්ඩං ආරබ්භ කථෙසි. සත්ථරි වෙරඤ්ජායං වස්සං වසිත්වා අනුපුබ්බෙන සාවත්ථිං අනුප්පත්තෙ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, තථාගතො ඛත්තියසුඛුමාලො බුද්ධසුඛුමාලො මහන්තෙන ඉද්ධානුභාවෙන සමන්නාගතොපි වෙරඤ්ජබ්රාහ්මණෙන නිමන්තිතො තෙමාසං වසන්තො මාරාවට්ටනවසෙන තස්ස සන්තිකා එකදිවසම්පි භික්ඛං අලභිත්වා ලොලුප්පචාරං පහාය තෙමාසං පත්ථපුලකපිට්ඨොදකෙන යාපෙන්තො අඤ්ඤත්ථ න අගමාසි, අහො තථාගතානං අප්පිච්ඡසන්තුට්ඨභාවො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අනච්ඡරියං, භික්ඛවෙ, තථාගතස්ස ඉදානි ලොලුප්පචාරප්පහානං, පුබ්බෙපි තිරච්ඡානයොනියං නිබ්බත්තොපි ලොලුප්පචාරං පහාසි”න්ති වත්වා අතීතං ආහරි. සබ්බම්පි වත්ථු පුරිමනයෙනෙව විත්ථාරෙතබ්බං.
“සන්ති රුක්ඛා” යන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ සැවැත්හි වාසය කරන සේක් චේරඤ්ජා නුවර අරබයා දේශනා කළ සේක. බුදුරජුන් වේරඤ්ජාවෙහි වස්වසා නැවත පිළිවෙළින් සැවැත් නුවරට පැමිණි කල්හි භික්ෂූහු ධර්ම සභාවෙහි කථාවක් උපදවාලූහ. ඇවැත්නි, ක්ෂත්රිය බැවින්ද සියුමැලි වූ බුද්ධ බැවින්ද සියුමැලි වූ තථාගතයන් වහන්සේ මහත් වූ සෘද්ධ්යනුභාවයෙන් යුක්ත වූයේ වී නමුත් වේරඤ්ජා බ්‍රාහ්මණයා විසින් ආරාධනා කරන ලදුව තෙමසක් වසන සෙක් මාරාවේශය නිසා ඔහු සමීපයෙන් එක් දවසකුදු භික්ෂාව (පිණ්ඩපාතය) නොලබා, ලොල් බව හැර තෙමසක්ම පතක් පමණ යව සහලින් කළ දියත්තකින් යැපෙන්නේ අන්තැනක නොවැඩියහ. අහෝ, බුදුවරුන්ගේ අල්ප වූ අපේක්ෂා ඇතිබව හා ලද දෙයින් සතුටුවීම පුදුමයි. බුදුරජ පැමිණ “මහණෙනි”, දැන් කිනම් වූ කථාවකින් යුක්තව හුන්නහුදැයි විමසා මෙනම් වූවකැයි කී කල්හි මහණෙනි, මෙකල තථාගතයන්ගේ ලොල්බවින් තොරවීම ආශ්චර්යයක් නොවේ. පෙර තිරිසන් යෝනියෙහි ඉපිදද ලොල්බව අත්හළේම යයි පවසා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක. අතීතයෙහි සියලු ප්‍රවෘත්තිය යට කියන ලද අයුරින්ම විවරණය කළ යුතු.
“සන්ති රුක්ඛා හරිපත්තා, දුමා නෙකඵලා බහූ; කස්මා නු සුක්ඛෙ කොළාපෙ, සුවස්ස නිරතො මනො.
සන්ති රුක්ඛා හරිතපත්තා - දුමා නෙක ඵලා බහූ, කස්මා නු සුක්ඛෙ කොළාපෙ සුකස්ස නිරතො මනො
1. නිල්වන් කොළවලින් යුත් නොයෙක් ගෙඩි ඇති වෘක්ෂයෝ වෙති. (එතකුදු වුවත්) කුමක් හෙයින් සිදුරු සහිත වියලි ගසෙහි ගිරවාගේ සිත ඇලුණේද?
“ඵලස්ස උපභුඤ්ජිම්හා, නෙකවස්සගණෙ බහූ; අඵලම්පි විදිත්වාන, සාව මෙත්ති යථා පුරෙ.
2. අවුරුදු බොහෝ ගණනක් මේ ගසේ ගෙඩි අනුභව කෙළෙමු. (ගසෙහි) ගෙඩි නැති බව දැන නමුදු පෙර මෙන්ම ඒ මිතුරුබව වෙයි.
“සුක්ඛඤ්ච රුක්ඛං කොළාපං, ඔපත්තමඵලං දුමං; ඔහාය සකුණා යන්ති, කිං දොසං පස්සසෙ දිජ.
3. වියලී ගිය සිදුරු සහිත වැඩුණ කොළ ඇත් එසේම ගෙඩි නැති ගස අත්හැර කුරුල්ලෝ යති. ගිරවාණෙනි, මෙහි කවර වරදක් දකින්නෙහිද?
“යෙ ඵලත්ථා සම්භජන්ති, අඵලොති ජහන්ති නං; අත්තත්ථපඤ්ඤා දුම්මෙධා, තෙ හොන්ති පක්ඛපාතිනො.
4. යමෙක් ගෙඩි අපේක්ෂාවෙන් (යම් ගසක්) ඇසුරු කෙරෙත්ද? ඒ ගස (ගෙඩි නැති කල) ගෙඩි නැතැයි අත්හරිත්ද, ආත්මාර්ථය පිළිබඳ හැඟීම් ඇති ඒ අසත්පුරුෂයෝ පක්ෂපාතීහු (අගතිගාමීහු) වෙති.
“සාධු සක්ඛි කතං හොති, මෙත්ති සංසති සන්ථවො; සචෙතං ධම්මං රොචෙසි, පාසංසොසි විජානතං.
5. යහළු බව කරන ලද්දේ මැනවි. මෛත්‍රියද පිරිස් සමග සමාගමයද මැනවි. ඉදින් මේ ධර්මය රුචිකරන්නෙහි නම් ඒකාන්තයෙන් පණ්ඩිතයන්ගේ පැසසුමට ලක්විය යුත්තේ වෙහිය.
“සො තෙ සුව වරං දම්මි, පත්තයාන විහඞ්ගම; වරං වරස්සු වක්කඞ්ග, යං කිඤ්චි මනසිච්ඡසි.
6. පියාපත් යානය කර ඇති, අහසින් යන්නා වූ, වක්වූ ගෙළ ඇත්තා වූ ගිරවාණෙනි, ඒ මම ඔබට වරයක් දෙමි. සිතින් කැමති වන්නා වූ යම් වරයක් වේද (එය) ඉල්ලව.
“අපි නාම නං පස්සෙය්යං, සපත්තං සඵලං දුමං; දලිද්දොව නිධිං ලද්ධා, නන්දෙය්යාහං පුනප්පුනං.
7. මෙම ගස කොළ සහිතවද ගෙඩි සහිතවද ඉදින් දකින්නෙම් නම් මැනවි. නිධානයක් ලද දිළින්දෙකු මෙන් මම නැවත නැවතත් සතුටු වන්නෙමි.
“තතො අමතමාදාය, අභිසිඤ්චි මහීරුහං; තස්ස සාඛා විරූහිංසු, සීතච්ඡායා මනොරමා.
8. ඉක්බිති (ශක්‍රතෙමේ) අමාව (ගංගාවෙහි ජලය) ගෙන ගසට වත් කෙළේය. ඒ ගසේ සිසිල් සෙවන දෙන මනරම් අතු වැඩී ගියේය.
“එවං සක්ක සුඛී හොහි, සහ සබ්බෙහි ඤාතිභි; යථාහමජ්ජ සුඛිතො, දිස්වාන සඵලං දුමං.
9. ශක්‍රය, අද මම යම් සේ ගෙඩි සහිත ගස දැක සුවපත් වීම්ද, (එසේම ඔබද) සියලු නෑයන් සමග සුවපත් වේවා!
“සුවස්ස ච වරං දත්වා, කත්වාන සඵලං දුමං; පක්කාමි සහ භරියාය, දෙවානං නන්දනං වන”න්ති. –
10. දිවුල් ගස ගෙඩි සහිත වූවක් කර ගිරවාට වරයක් දී (ශක්‍රයා) බිරිඳ සමග නන්දනොද්යානයට ගියේය.
පඤ්හපටිපඤ්හාපි අත්ථොපි පුරිමනයෙනෙව වෙදිතබ්බා, අනුත්තානපදමෙව පන වණ්ණයිස්සාම.
ප්‍රශ්න ප්රතිප්රශ්නයෝද අර්ථයෝද පෙර පරිදිම දත යුත්තෝය. නොපැහැදිලි පද පමණක්ම විවරණය කරන්නෙමු.
හරිපත්තාති නීලපත්තසච්ඡන්නා. කොළාපෙති වාතෙ පහරන්තෙ ආකොටිතසද්දං විය මුඤ්චමානෙ නිස්සාරෙ. සුවස්සාති ආයස්මතො සුවරාජස්ස කස්මා එවරූපෙ රුක්ඛෙ මනො නිරතො. ඵලස්සාති ඵලං අස්ස රුක්ඛස්ස. නෙකවස්සගණෙති අනෙකවස්සගණෙ. බහූති සමානෙපි අනෙකසතෙ න ද්වෙ තයො, අථ ඛො බහූව. විදිත්වානාති හංසරාජ ඉදානි අම්හාකං ඉමං රුක්ඛං අඵලං විදිත්වාපි යථා පුරෙ එතෙන සද්ධිං මෙත්ති, සාව මෙත්ති, තඤ්හි මයං න භින්දාම, මෙත්තිං භින්දන්තා හි අනරියා අසප්පුරිසා නාම හොන්තීති පකාසෙන්තො එවමාහ.
හරිත පත්තා යනු නිල්වන් කොළවලින් ගැවසී ගත්තාහු. කොළොපෙ යනු වාසුලං හැපෙන කල්හි තට්ටු කරන ශබ්ද නික්මවන්නාක් මෙන් අරටුවෙන් තොර. සුවස්ස යනු ගිරා රජු ඔබට කුමක් හෙයින් ගස පිළිබඳව සිත ඇලුනේද, ඵලස්ස යනු මේ ගසේ ගෙඩියයි. නෙක වස්ස ගණෙ යනු අවුරුදු බොහෝ ගණනක්. බහූ යනු බොහෝ සියගණනක් ඇති කල්හිදු. දෙදෙනෙකුද නොව. තිදෙනෙකුද නොව, බොහෝය. විදිත්වාන යනු හංසරාජය, දැන් අපගේ මේ දිවුල්ගස ගෙඩි නැත්තේ යයි දැනද පෙර යම්සේ මෛත්‍රියක් වීද ඒ මෛත්‍රියම වේ. අපි එය නො බිඳමු. මිතුරු බව බිඳින්නෝ වූ කලී අනාර්යයෝ අසත්පුරුෂයෝ වෙත් යයි ප්‍රකාශ කරන්නාහු මෙසේ කීය.
ඔපත්තන්ති අවපත්තං නිප්පත්තං පතිතපත්තං. කිං දොසං පස්සසෙති අඤ්ඤෙ සකුණා එතං ඔහාය අඤ්ඤත්ථ ගච්ඡන්ති, ත්වං එවං ගමනෙ කිං නාම දොසං පස්සසි. යෙ ඵලත්ථාති යෙ පක්ඛිනො ඵලත්ථාය ඵලකාරණා සම්භජන්ති උපගච්ඡන්ති, අඵලොති ඤත්වා එතං ජහන්ති. අත්තත්ථපඤ්ඤාති අත්තනො අත්ථාය පඤ්ඤා, පරං අනොලොකෙත්වා අත්තනියෙව වා ඨිතා එතෙසං පඤ්ඤාති අත්තත්ථපඤ්ඤා. පක්ඛපාතිනොති තෙ අත්තනොයෙව වුඩ්ඪිං පච්චාසීසමානා මිත්තපක්ඛං පාතෙන්ති නාසෙන්තීති පක්ඛපාතිනො නාම හොන්ති. අත්තපක්ඛෙයෙව වා පතන්තීති පක්ඛපාතිනො.
ඔපත්තං යනු හුණු කොළ ඇති, කොළ රහිත, වැටුණ කොළ ඇති, කිං දොසො පසස්සෙ යනු අන් පක්ෂීහු මේ ගස අත්හැර අන් තැනට යත්. ඔබ මෙසේ යෑමෙහි කවර නම් දෝෂයක් දක්නෙහිද? යෙ ඵලත්ථා යනු යම් පක්ෂීහු කෙනෙක් ගෙඩි පිණිස ගෙඩි කරණකොට භජනය කෙරෙත්ද එළඹෙත්ද ගෙඩි නැතැයි දැන එය අත්හරිත්. අත්තට්ඨපඤ්ඤානි තමා සඳහාම වූ ප්රඥාවයි. අනිකෙකු නොබලා තමා වෙතම පිහිටි ප්‍රඥාව අත්තට්ඨ පඤ්ඤා වේ. පක්ඛ පාතිනො යනු ඔවුහු තමාගේම වෘද්ධිය කැමතිවන්නේ මිතුරු පක්ෂය හෙළත්, නසත් නුයි. පක්ඛපාතිනො නම් වෙති. තමාගේ පක්ෂයෙහිම වැටෙත්නුයි පක්ඛපාතිනො වේ.
අපි නාම නන්ති හංසරාජ, සචෙ මෙ මනොරථො නිප්ඵජ්ජෙය්ය, තයා දින්නො වරො සම්පජ්ජෙය්ය, අපි නාම අහං ඉමං රුක්ඛං සපත්තං සඵලං පුන පස්සෙය්යං, තතො දලිද්දො නිධිං ලභිත්වාව පුනප්පුනං එතං අභිනන්දෙය්යං, තං දිස්වාව පමොදෙය්යං. අමතමාදායාති අත්තනො ආනුභාවෙන ඨිතො ගඞ්ගොදකං ගහෙත්වා අභිසිඤ්චයීති අත්ථො. ඉමස්මිං ජාතකෙ ඉමාය සද්ධිං ද්වෙ අභිසම්බුද්ධගාථා හොන්ති.
අපි නාම නං යනු හංසරාජය, ඉදින් මගේ සිතැඟිය ඉටුවන්නේ නම් ඔබ විසින් දෙන ලද වරය සම්පූර්ණ වන්නේ නම් හෝ මේ ගස කොළ සහිතව නැවත දක්නේ නම් හෝ ඒ හේතුවෙන් දිළින්දෙකුට නිධානයක් ලැබුණාක් මෙන් නැවත නැවත ඒ ගැන (මම) සතුටු වන්නෙමි. ප්‍රමුදිත වන්නෙමි යනුයි. අමතමාදාය යනු තමාගේ ආනුභාවයෙන් සිටියේ නදියෙහි ජලය ගෙන ඉස්සේය යන අර්ථයයි. මෙම ජාතකයෙහි මේ ගාථාව සමග බුද්ධදේශිත ගාථාවෝ දෙකක් වෙති.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සක්කො අනුරුද්ධො අහොසි, සුවරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය පූර්වාපර සන්ධි ගලපා වදාළ සේක. එකල්හි ශක්‍රයා, අනුරුද්ධ ස්ථවිර විය. ගිරා රජු මම ම වීමි යයි වදාළ සේක.
චූළසුවජාතකවණ්ණනා චතුත්ථා.