11. පූතිමංසජාතකං
1337. න ඛො මෙ රුච‍්චති ආළි පූතිමංසස‍්ස පෙක‍්ඛණා, එතාදිසා සඞ‍්ඛාරස‍්මා ආරකා පරිවජ‍්ජයෙ.
1337. යෙහෙළිය, පූතිමාස නමැති තිගේ සැමියාගේ බැල්ම මට නො රුස්නේ ය. මෙබඳු මිතුරාගෙන් ප්‍රයෝගයෙන් දුරින් ම දුරු වන්නේ ය.
1338. උම‍්මත‍්තිකා අයං වෙණී වණ‍්ණෙති පතිනො සඛිං, පජ‍්ඣාති පටිගච‍්ඡන‍්තිං ආගතං මෙළමාතරං.
1338. උමතු වූ මේ වේණි තොමෝ සැමියා හමුවේ යෙහෙළියගේ ගුණ කියයි. ආවා වූ මේලමාතා නමැති එළිය පෙරළා යන්නිය ගැන ශෝක කෙරේ.
1339. ත්‍වං ඛොසි සම‍්ම උම‍්මත‍්තො දුම‍්මෙධො අවිචක‍්ඛණො යො ත්‍වං මතාලයං කත්‍වා අකාලෙන විපෙක‍්ඛසි.
1339. මිතුර, ඔබ මළ එකකුසේ කොට ගෙන නුසුදුසු වෙලාවෙහි බැලූහ. ඒ ඔබ විචාරබුද්ධිය රහිත පිස්සෝ වෙති.
1340. න අකාලෙ විපෙක‍්ඛෙය්‍ය කාලෙ පෙක‍්ඛෙය්‍ය පණ‍්ඩිතො, පූතිමංසොව පජ‍්ඣාති යො අකාලෙ විපෙක‍්ඛති.
1340. නුවණැත්තේ, අකාලයෙහි හෙවත් කාමගුණ ශුභ වශයෙන් සිතක් උපන් කල්හි නො බලන්නේ ය, කාලයෙහි හෙවත් අශුභ වශයෙන් සිත් උපන් කල්හි බලන්නේ ය, යමෙක් නුසුදුසු අවස්ථායෙහි බලා ද හේ, පූතිමාංස හිවලා මෙන් කනස්සලු වේ.
1341. පියං ඛො ආළි මෙ හොතු පුණ‍්ණපත‍්තං දදාහි මෙ, පති සංජීවිතො මය‍්හං එය්‍යාසි පියපුච‍්ඡිකා.
1341. යෙහෙළිය, මට ප්‍රිය තැනැත්තකු වේවා, මට තුටු පඬුරු දෙව, මාගේ සැමියා ජීවත් වේ. ප්‍රියයන් විචාරන්නිය මා සමග එන්න.
1342. සියං ඛො ආළි තෙ හොතු පුණ‍්ණපත‍්තං දදාමි තෙ, මහතා පරිවාරෙන ඵස‍්සං කයිරාහි භොජනං.
1342. යෙහෙළිය මාගේ ප්‍රිය තැනැත්තකු වේවා, ඔබට තුටු පඬුරු දෙමි, මහත් පරිවාර සම්පත් සහිත ව එන්නෙමි. අපට ආහාර පිළියෙළ කරන්න.
1343. කීදිසො තුය‍්හං පරිවාරො යෙසං කාහාමි භොජනං, කිංනාමකා ච තෙ සබ‍්බෙ තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතා.
1343. යම් කෙනකුන්ට ආහාර පිළියෙළ කරම් ද (ඒ) ඔබගේ පිරිවර කෙබඳු ද? ඒ හැම කෙබඳු නම් ඇත්තෝ ද? විචාරන්නා වූ මට එය කියන්න.
1344. මාලියො චතුරක‍්ඛො ච පිඞ‍්ගලො අථ ජම‍්බුකො, එදිසො මය‍්හං පරිවාරො තෙසං කයිරාහි භොජනං.
1344. මාලිය, චතුරක්ඛ, පිංගල සහ ජම්බුක යන මොව්හු මාගේ පිරිවර සමූහය වේ. ඔවුනට සුදුසු ආහාර පිළියෙළ කරන්න.
1345. නික‍්ඛන‍්තාය අගාරස‍්මා භණ‍්ඩකම‍්පි විනස‍්සති, ආරොග්‍යං ආළිනො වජ‍්ජං ඉධෙව වස මාගමාති.
1345. ගෙයින් බැහැර ගිය කලැ ගෙයි භාණ්ඩ විනාශ වෙයි, ඔබගේ මිතුරාට (ඔබේ) සුවදුක් කියමි. එහෙයින් මෙහි මැ (ගෙයි මැ) වාසකර, පිටතට නො යන්න.