යෙදුමෙන් කියවන්න

12. තිත‍්තිරජාතකං

1346. යො තෙ පුත‍්තකෙ අඛාදි දින‍්නභත‍්තො අදූසකෙ තස‍්මිං දාඨං නිපාතෙහි මා තෙ මුඤ‍්චිත්‍ථ ජීවතො

1346. තා විසින් පිස දුන් බත් ලැබූ යමෙක් තොපගේ නිරපරාධ වූ දරුවන් කෑයේ ද ඔහුට දළින් පහර දෙව. තාගේ අතින් නො මිදේවා.

1347. ආකිණ‍්ණලුද‍්දො පුරිසො ධාතිචෙලංව මක‍්ඛිතො, පදෙසං තං න පස‍්සාමි යත්‍ථ දාඨං නිපාතයෙ.

1347. ඉතා කැකුළු පැවැතුම් ඇති පුරුෂයා කිරිමවකගේ වස්ත්‍රයක් මෙන් අපවිත්‍ර ය. එහෙයින් සිරුරෙහි යම් කොටසෙක දළ පහර දෙම් ද එයට (යෝග්‍ය) ශරීරයෙහි කොටසක් නො දකිමි.

1348. අකතඤ‍්ඤස‍්ස පොසස‍්ස නිච‍්චං විවරදස‍්සිනො, සබ‍්බං චෙ පඨවිං දජ‍්ජා නෙව නං අභිරාධයෙ.

1348. කළගුණ නො දන්නා නිතර අනුන්ගේ වරද සොයන පුරුෂයාට සියලු පොළොව ම දුන්නේ නමුදු ඔහු සතුටු කළ නො හැක.

1349. කින‍්නු සුබාහු තරමානරූපො පච‍්ඡාගතොසි සහ මාණවෙන, කිං කිච‍්චමත්‍ථං ඉධමත්‍ථි තුය‍්හං අක‍්ඛාහි මෙ පුච‍්ඡිතො එතමත්‍ථං

1349. ව්‍යාඝ්‍රය, යුහුසුලු ගතියකින් මෙන් මාණවකයකු හා කුමක් හෙයින් පෙරළා ආයෙහි ද? මෙහි තොපට කුමන වැඩක් තිබේ ද? මා විසින් විචාරන ලද්දෙහි මේ කරුණ කියව.

1350. යො තෙ සඛා ද‍්දදරො සාධුරූපො තස‍්ස වධං පරිසඞ‍්කාමි අජ‍්ජ, පුරිසස‍්ස කම‍්මායතනානි සුත්‍වා නාහං සුඛිං දද‍්දරං අජ‍්ජ මඤ‍්ඤෙ

1350. මනා පැවැතුම් ඇති තොපගේ මිතුරු වූ යම් වටුවෙක් වේ ද, දැන් ඒ පුරුෂයාගේ කටයුතු අසා ඇති හෙයින් සැක කරමි, අද වටුවා සැපසේ ඇතැ යි මම නො සිතමි.

1351. කානිස‍්ස කම‍්මායතනානි අස‍්සු පුරිසස‍්ස වුත‍්තිසමොධානතාය කං වා පටිඤ‍්ඤං පුරිසස‍්ස සුත්‍වා පරිසඞ‍්කසි දද‍්දරං මාණවෙන.

1351. මේ පුරුෂයාගේ දිවි පැවැත්වීමට කෙබඳු වැඩක් (කරන ලද දැ යි) ඇසූයේ ද, පුරුෂයාගේ කවර පොරොන්දුවක් අසා මාණවකයා විසින් තිත්තිර පඬිතුමා මරන ලද යි සැක කෙරෙහි ද?

1352. චිණ‍්ණා කලිඞ‍්ගා චරිතා වණිජ‍්ජා වෙත‍්තාචරො සඞ‍්කුපථොපි චිණ‍්ණො, නටෙහි චිණ‍්ණං සහ වාකුරෙහි දණ‍්ඩෙන යුද‍්ධම‍්පි සමජ‍්ජමජ‍්ඣෙ.

1352. කළිඟු දේශයෙහි හැසිරැ පුරුදු ඇත. වෙළෙඳාම් කොට පුරුදු ඇත. වේවැලේ උපකාරයෙන් යායුතු කණු සහිත මාර්‍ගයන්හි ඇවිද පුරුදු ඇත. නළුවන් හා හැසිරෙන ලද වරදැල් වැද්දන් හා හැසිරෙන ලද පිරිස්මැද මුගුරෙන් සටන් කොට පුරුදු ඇත.

1353. බද‍්ධාකුලිකා මිතමාළ‍්හකෙන අක‍්ඛා ජිතා සංයමො අබ‍්භතීතො, අප‍්පහිතං පුප‍්ඵකං අඩ‍්ඪරත‍්තං හත්‍ථා දඩ‍්ඪා පිණ‍්ඩපටිග‍්ගහෙන.

1353. ඔහු විසින් සියොත්හු ද බඳින ලදහ. නැළියෙන් වී ආදි ධාන්‍ය මනින ලද. දුකෙළියෙන් දිනන ලද. ශීල සංයමය ඉක්මවා ගියේ ය. මධ්‍යමරාත්‍රියෙහි ලේ වැගිරීම නවතාලී ය. පිඬු සිඟාගිය අවදියෙහි උණු අහර පිළිගැනීමේ දී අත් දැවිණි.

1354. තානිස‍්ස කම‍්මායතනානි අස‍්සුං පුරිස‍්සස වුත‍්තිසමොධානතාය, යථා අයං දිස‍්සති ලොමපිණ‍්ඩො ගාවො හතා කිං පන දද‍්දරස‍්සාති.

1354. ජීවිකා වෘත්තිය පිණිස (කළ) මේ පුරුෂයාගේ ඒ කටයුතු ඇසීමි, වටුවාගේ ලොම්ගුලි (පිහාටුරොද) ජටායෙහි යම්සේ දක්නා ලැබේ ද, එහෙයින් ගවයෝ ද මොහු විසින් මරන ලදහ යි (සිතමි). වටුවා ගැන කියනු කවරේ ද?

12. තිත‍්තිරජාතකං.

12. තිත්තිර ජාතක යි.

ගිජ‍්ඣවග‍්ගො පඨමො.

පළමුවන ගිජ්ඣ වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

වරගිජ‍්ඣ සමජ‍්ජනං හංසවරො නිධිසව‍්හය හාරිත පාටලිකො, අජරාමර ධංක තිතික‍්ඛකුතො අථ ද‍්වාදස පෙක‍්ඛන දද‍්දරීති.

ගිජ්ඣ ජාතක යැ කෝසම්බ ජාතක යැ මහාසුක ජාතක යැ චුල්ලසුක ජාතක යැ හාරිත ජාතක යැ පදමාණවක ජාතක යැ ලෝමසකස්සප ජාතක යැ චක්කවාක ජාතක යැ හළිද්දිරාග ජාතක යැ සමුග්ග ජාතක යැ පූතිමංස ජාතක යැ තිත්තිර ජාතක යැ යි ජාතක දසයෙකි.

නවකනිපාතං නිට‍්ඨිතං.

නවක නිපාතය නිමි.