1. චතුද‍්වාරජාතකං
1355. චතුද‍්වාරමිදං නගරං ආයසං දළ‍්හ පාකාරං, ඔරුද‍්ධ පතිරුද‍්ධොස‍්මි කිං පාපං පකතං මයා.
1355. ශක්තිසම්පන්න වූ යමුවා තොරණ ඇති මේ නගරයෙහි දොරටු සතරෙක් ඇත. (නුවර වටා) පවුරෙන් වට කරන ලද්දේ ය. මා කවර පාපයෙක් කරන ලද ද?
1356. සබ‍්බෙ අපිහිතා ද‍්වාරා ඔරුද‍්ධොස‍්මිං යථා ද‍්විජො, කිමාධිකරණං යක‍්ඛ චක‍්කාභිනිහතො අහං.
1356. යක්‍ෂය, දොරටු සියල්ල වසා ඇත. මැදිරියක වෙසෙන පක්‍ෂියකු සේ ගමනට බාධා ඇත්තෙම් වෙමි, කවර කරුණක් නිසා මම චක්‍රයෙන් පහර ලද්දෙම් ද?
1357. ලද‍්ධා සතසහස‍්සානි අතිරෙකානි වීසති, අනුකම‍්පකානං ඤාතීනං වචනං සම‍්ම නාකරි.
1357. මිතුර, (මවගෙන්) දහසක් ද වෙළෙඳාමෙන් එක්ලක්‍ෂ විසිදහසක් ද ලදුයේ නමුදු සානුකම්පික නෑයන්ගේ කීම පරිදි නො කෙළේ ය. විනාස බහුල වූ සාගර නමැති මුහුදට පැන්නේ ය.
1358. ලඞ‍්ඝිං සමුද‍්දං පක‍්ඛන්‍දි සාගරං අප‍්පසිද‍්ධිකං. චතුබ‍්භි අට‍්ඨජ‍්ඣගමා අට‍්ඨාහිපි සොළස, සොළසාහි ච බත‍්තිංසා අත්‍රිච‍්ඡං චක‍්කමාසදො; ඉච‍්ඡාහතස‍්ස පොසස‍්ස චක‍්කං භමති මත්‍ථකෙ.
1358. සතර දෙනාගෙන් සතුටු නො වූ (හේ) අට දෙනකු සමීපයට ගියේ ය. අට දෙනකු සමීපයෙන් සොළොස් දෙනකු සමීපයට ගියේ ය, සොළොස් දෙනකු සමීපයෙන් දෙතිස් දෙනකු සමීපයට ගියේ ය, (එහෙයින්) ක්‍ෂූර චක්‍රයට (ඉතා තියුණු මුවාත ඇති රවුම් අවිය) වඩාත් සමීප විය. තණ්හාව නිසා වනසට පත් පුරුෂයා මතැ ක්‍ෂූර චක්‍රය කැරකෙයි.
1359. උපරි විසාලා දුප‍්පූරා ඉච‍්ඡා විසටගාමිනී, යෙ ච තං අනුගිඣන‍්ති තෙ හොන‍්ති චක‍්කධාරිනො.
1359. මතු මත්තෙහි විශාල වන පුරවන්නට නො හැකි පංචකාමයන්හි පැතිරෙන තෘෂ්ණාව කෙරෙහි කෙනෙක් ගිජු වූහු ද ඔව්හු ක්‍ෂූර චක්‍රය දරන්නෝ වෙති.
1360. බහුං භණ‍්ඩං අපහාය මග‍්ගං අප‍්පටිවෙක‍්ඛිය, යෙසං චෙතං අසඞ‍්ඛාතං තෙ හොන‍්ති චක‍්කධාරිනො.
1360. වස්තු රැසක් හැර දමා (යා යුතු) මග දෙස නො බලා කිසිවෙක් (සිය) සිත පිළිබඳ ව සැලැකිලිමත් නො වෙත් ද, ඔව්හු ක්‍ෂූර චක්‍රය දරන්නෝ ය.
1361. කම‍්මං සමෙක‍්ඛෙ විපුලඤ‍්ච භොගං ඉච‍්ඡා නං සෙවෙය්‍ය අනත්‍ථසංහිතං. කරෙය්‍ය වාක්‍යං අනුකම‍්පකානං තං තාදිසං නාතිවත‍්තෙය්‍ය චක‍්කං.
1361. නැණවත් පුරුෂයා කරන දේ සදොස් ද නිදොස් දැ යි විමසන්නේ ය. දැහැමිව සපයා ගත් සිය වස්තු සම්භාරය ද විමසා බලන්නේ ය, අනුකම්පා ඇත්තන් කියන ලෙස ක්‍රියා කරන ඔබ ක්‍ෂූර චක්‍රය නො මඩනේ ය.
1362. කීව චිරං නු මෙ යක‍්ඛ චක‍්කං සිරසි ඨස‍්සති, කති වස‍්සසහස‍්සානි තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.
1362. යක්‍ෂය, මේ ක්‍ෂූර චක්‍රය මගේ හිසැ මත්තෙහි කෙතෙක් කල් පවත්නේ ද? අවුරුදු කීදහසක් සිටිනේ ද? විචාරන මට එය කියව.
1363. අතිසාරො අච‍්චසරො මිත‍්තවින්‍ද සුණොහි මෙ, චක‍්කං තෙ සිරමාවිද‍්ධං න තං ජීවං පමොක‍්ඛසීති.
1363. මිත්තවින්‍දක, මා කියන්නක් අසව, තෝ ඉතා බලවත් දොස් (පාපකර්‍ම) ඇත්තෙහි. තාගේ හිසැ ඇමිණී තිබෙන ක්‍ෂූරචක්‍රය තාගේ දිවිහිමියෙන් නො හරනේ යි.