යෙදුමෙන් කියවන්න

5. චුල‍්ලබොධිජාතකං

1401. යො තෙ ඉමං විසාලක‍්ඛිං පියං සම‍්මිල‍්ලභාසිනිං, ආදාය බලා ගච‍්ඡෙය්‍ය කින‍්නු කයිරාසි බ්‍රාහ‍්මණ.

1401. බමුණ, යම් කෙනෙක්, විශාල ඇස් ඇති මන්‍දස්මිතයෙන් කතා කරන ඔබගේ ප්‍රියාව පැහැරගෙන ගියෝ නම් කුමක් කෙරේ ද?

1402. උප‍්පජ‍්ජ මෙ න මුච‍්චෙය්‍ය න මෙ මුච‍්චෙය්‍ය ජීවතො රජංව විපුලා වුට‍්ඨි ඛිප‍්පමෙව නිවාරයෙ.

1402. මගේ සිතෙහි හටගත් කෝපය ඇය නො මුදන්නේ ය. යම්තාක් කල් මම ජීවත් වෙම් ද ඒතාක් සිතෙහි කෝපයට රැඳෙන්නට නො දෙමි. මහවැස්ස වහා ධූලි නවතන්නා සේ කෝපය වළකා ගනිමි.

1403. යන‍්නු පුබ‍්බෙ විකත්‍ථිත්‍ථො බලම‍්හි ච අපස‍්සිතො, ස‍්වාජ‍්ජ තුණ‍්හීකකොදානි සඞ‍්ඝාටිං සිබ‍්බමච‍්ඡසි.

1403. පෙරැ ඔබ යමක් ප්‍රකාශ කළේ ද (දන්) බලවතකු සේ තුෂ්ණීම්භූත ව සඟළ සිවුර මසමින් සිටී.

1404. උප‍්පජ‍්ජ මෙ න මුච‍්චිත්‍ථ නමෙ මුච‍්චිත්‍ථ ජීවතො රජංව විපුලා වුට‍්ඨි ඛිප‍්පමෙව නිවාරයිං.

1404. මාගේ කෝපය උපන් නමුදු මෙරමාහට දැනෙන පරිදි නො පහළ විය, ජීවත් ව සිටින තුරු සිතෙහි කෝපය ඉපදීමට ඉඩ නො දෙන්නේ ය. මහවැස්ස ධූලි වළකන්නා සේ කෝපය වැළැකීමි.

1405. කින‍්තෙ උප‍්පජ‍්ජි නො මුච‍්චි කින‍්තෙ නො මුච‍්චි ජීවතො, රජංව විපුලා වුට‍්ඨි කතමං ත්‍වං නිවාරයී.

1405. තොපගේ සිතෙහි ඉපැදුණේ කුමක් ද? ප්‍රකාශ නො වූයේ කුමක් ද? ජීවත් වන තොප කෙරෙන් නො මිදුණේ කුමක් ද? මහවැස්ස ධූලි වළකන්නා සේ තොප වැළැකුයේ කුමක් ද?

1406. යම‍්හි ජාතෙ න පස‍්සති අජාතෙ සාධු පස‍්සති, සො මෙ උප‍්පජ‍්ජි නො මුච‍්චි කොධො දුම‍්මෙධගොචරො.

1406. යමක් හටගත් කලැ ආත්මාර්‍ත්‍ථය නො දකී ද. (එය) නො හට ගත් කලැ (ආත්මාර්‍ත්‍ථය) මනාසේ දකී ද, ඒ ක්‍රෝධය මා සිතැ උපනි. මිදුණේ නො වේ. (හෙවත් කෝපය හටගත් බව මෙරමාහට නො හැඟුණේ ය.) ක්‍රෝධය මෝඩයන්ට ගෝචර ය.

1407. යෙන ජාතෙන නන්‍දන‍්ති අමිත‍්තා දුක‍්ඛමෙසිනො, සො මෙ උප‍්පජ‍්ජි නො මුච‍්චි කොධො දුම‍්මෙධගොචරො.

1407. යමක් හටගැනීම නිසා දුක රුස්නා සතුරෝ සතුටු වෙත් ද එය මට උපනි. නො මිදුණේ ය. ක්‍රෝධය අඥානයන්ට ගෝචර වෙයි.

1408. යස‍්මිඤ‍්ච ජයමානස‍්මිං සදත්‍ථං නාවබුජ‍්ඣති. සො මෙ උප‍්පජ‍්ජි නො මුච‍්චි කොධො දුම‍්මෙධගොචරො.

1408. යමක් හටගන්නා කල්හි ආත්මාර්‍ත්‍ථය අවබෝධ නො වේ ද, එය මට උපන නො මිදුණේ ය. ක්‍රෝධය අඥානයන්ට ගෝචර වෙයි.

1409. යෙනාභිභූතො කුසලං ජහාති පරක‍්කරෙ විපුලඤ‍්චාපි අත්‍ථං, ස භීමසෙනො බලවා පමද‍්දී කොධො මහාරාජ න මෙ අමුච‍්චථ.

1409. මහරජ, කෝපය විසින් මඩනා ලද කලැ දශපුණ්‍යක්‍රියා දුරු කෙරේ. මහත් වූ දියුණුව බැහැර කෙරේ. කෙලෙස් සේනාවෙන් බලවත් වූ කෝපය උතුමන් පවා මඩී, එය මාගෙන් නො මිදුණේ ය.

1410. කට‍්ඨස‍්මිං මන්‍ථමානස‍්මිං පාවකො නාම ජායති, තමෙව කට‍්ඨං ඩහති යස‍්මා සො ජායතෙ ගිනි.

1410. වියැළි ලීය ගටන කලැ ගින්න හටගනී. ඒ ගින්න යම් ලීයක් නිසා උපදී නම් එය ම දවයි.

1411. එවං මන්‍දස‍්ස පොසස‍්ස බාලස‍්ස අවිජානතො සාරම‍්භා ජායතෙ කොධො සොපි තෙනෙව ඩය‍්හති.

1411. එ පරිදි මන්‍ද බුද්ධික කිසිත් නො දත් පුරුෂයාගේ සංරම්භයෙන් (එකට එක කීමෙන්) ක්‍රෝධය හටගනී. හෙතෙම එම කෝපයෙන් දවනු ලබයි.

1412. අග‍්ගීව තිණකට‍්ඨස‍්මිං කොධො යස‍්ස පවඩ‍්ඪති, නිහීයති තස‍්ස යසො කාළපක‍්ඛෙව චන්‍දිමා.

1412. තණකොළ හා දර නිසා හටගන්නා ගින්න ලෙස, යමකුගේ (සිතැ) කෝපය වැඩේ ද කෘෂ්ණ පක්‍ෂයෙහි චන්‍ද්‍රයා පරිදි ඔහුගේ යශස පිරිහේ.

1413. අනින්‍ධො ධූමකෙතුව කොධො යස‍්සූපසම‍්මති, ආපූරති තස‍්ස යසො සුක‍්කපක‍්ඛෙව චන්‍දිමාති.

1413. යමකුට හටගත් කෝපය දර නැති ගින්න සේ නිවී සන්හිඳේ ද, පුරපසෙහි සඳ සේ ඔහුගේ යශස වැඩේ.

5. චුල‍්ලබොධිජාතකං.

5. චුල්ලබොධි ජාතක යි.