6. කණ්හදීපායනජාතකං
1414. සත්තාහමෙවාහං පසන්නචිත්තො පුඤ්ඤත්ථිකො අචරිං බ්රහ්මචරියං අථාපරං යං චරිතං මමයිදං, වස්සානි පඤ්ඤාස සමාධිකානි අකාමකො වාපි අහං චරාමි එතෙන සච්චෙන සුවත්ථි හොතු හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
1414. පින් කැමැති මම චිත්තප්‍රසාදය ඇති ව සත් දවසක් බ්‍රහ්මචාරී ව වුසූයෙම් ද, පනස් වසකට වැඩි කලක් තපස් රැක්කෙම් ද, මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
1415. යස්මා දානං නාභිනන්දිං කදාචි දිස්වානාහං අතිථිං වාසකාලෙ, නචාපි මෙ අප්පියතං අවෙදුං බහුස්සුතා සමණා බ්රාහ්මණා ච අකාමකො වා හි අහං දදාමි, එතෙන සච්චෙන සුවත්ථි හොතු හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
1415. දන් දීමට මම කිසි කලෙකත් සතුටු නො වීම් ද, නවාතැන් ගැනීමට පැමිණි ආගන්තුකයා දැක සතුටු නො වීම් ද, බහුශ්‍රුත වූ මහණබමුණෝ මා නො කැමැත්තෙන් දන් දෙන බව නො දත්තෝ ද මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
1416. ආසීවිසො තාත පහූතතෙජො යො තං අදංසි ඛිලරා උදිච්ච තස්මිඤ්ච මෙ අප්පියතාය අජ්ජ, පිතරඤ්ච තෙ නත්ථි කොචි විසෙසො එ තෙන සච්චෙන සුවත්ථි හොතු හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
1416. දරුව, මහත් තෙදැති ඝෝරවිෂ සහිත යම් ආශීර්විෂයෙක් තුඹසින් නැඟී තා ඩැසී ද, ඒ සර්පයා කෙරෙහි ත් ඔබ පියා කෙරෙහි ත් අද විශේෂ ප්‍රිය බවක් නැත. මේ සත්‍ය බලයෙන් යඤ්ඤදත්ත කුමාරයා සුවපත් වේවා, නැසුණු විස ඇති ව ජීවත් වේවා.
1417. සන්තා දන්තා යෙව පරිබ්බජන්ති අඤ්ඤත්ර කණ්හා අනකාමරූපා, දීපායන කිස්ස ජිගුච්ඡමානො අකාමකො චරසි බ්රහ්මචරියං.
1417. කණ්හදීපායනය, (ඔබ හැර) සෙස්සෝ සන්සුන් ව දමනය කළ ඉඳුරන් ඇති ව ප්‍රව්‍රජ්‍යාව කෙරෙහි කැමැති ව පැවිදි වෙති. කවර කරුණක් නිසා තවුස් දම් රැකීම් පිළිකුල් කෙරෙමින් බඹසර විසීමට නො කැමැත්තෙහි ද?
1418. සද්ධාය නික්ඛම්ම පුනං නිවත්තො සො එළමුගොව බලොවතායං, එතස්ස වාදස්ස ජිගුච්ඡමානො අකාමකො චරාමි බ්රහ්මචරියං විඤ්ඤුප්පසත්ථඤ්ච සතඤ්ච ඨානං එවම්පහං පුඤ්ඤකාරො භවාමි.
1418. කෙළතොල්ලකු වූ එකැතින් ම මෝඩ වූ නුවණ රහිත වූ මෙතෙම සැදෑයෙන් ගිහි ගෙය හැර පියා ගොස් පෙරළා ගිහි බවට පැමිණියේ ය යන මේ වචනයට පිළිකුල් කෙරෙමින් නො කැමැත්තෙන් බඹසර හැසිරෙමි. එතෙකුදුවත්, පැවිද්ද සාධුන්ගේ වාසය යි බුද්ධාදී උතුමෝ පසසති. මෙසේ හෙයින් මම පින් කරන්නෙම් වෙමි.
1419. සමණෙ තුවං බ්රාහ්මණෙ අද්ධිකෙ ච සන්තප්පයාසි අන්නපානෙන භික්ඛං, ඔපානභූතං ච ඝරං තවයිදං අන්නෙන පානෙන උපෙතරූපං අථ කිස්ස වාදස්ස ජිගුච්ඡමානො අකාමකො දානමිමං දදාසි.
1419. ඔබ මහණ බමුණන් හා මගියන් හා භික්ෂූන් ආහාර පානයෙන් සන්තර්පණය කරන්නාව. කන බොන දෑ ඇති ඔබගේ නිවාසය සතරමංසන්ධියෙක (කැණු) පොකුණක් වැන්න, කාගේ බසක් පිළිකුල් කරමින් මේ දානය නො කැමැත්තෙන් දෙයි ද?
1420. පිතරො ච මෙ ආසුං පිතාමහා ච සද්ධා අහූ දානපතී වදඤ්ඤූ තං කුල්ලවත්තං අනුවත්තමානො, මාහං කුලෙ අන්තිම ගන්ධිනො අහුං එතස්ස වාදස්ස ජිගුච්ඡමානො අකාමකො දානමිමං දදාසි.
1420. මාගේ මව් පිය මුතුන්මිත්තෝ සැදැවත් දානපතියෝ වූහ. ප්‍රතිග්‍රාහකයන්ගේ වචන වටහා ගත්තෝ ය. ඒ පරපුරෙන් ආ සිරිත අනුගමනය කරන මම ‘කුලයෙහි අන්තිමයා හිස් පුඟුලෙක් නො වේවා”යි (සිතන්නෙම්) මේ වචනය පිළිකුල් කරමින් නො කැමැත්තෙන් දන් දෙමි.
1421. දහරිං කුමාරිං අසමත්ථපඤ්ඤං යං තානයිං ඤාතිකුලා සුගත්තෙ න චාපි මෙ අප්පියතං අවෙදි, අඤ්ඤත්ර කාමා පරිචාරයන්තී අථ කෙන වණ්ණෙන මයා තෙ භොති සංවාසධම්මො අහු එවරූපො.
1421. හොබනා සිරුරු ඇත්තිය, ඉතා තරුණ වූ ගෘහසංවිධානය කිරීමට තරම් මේරූ නුවණ නැති, (ඔබ) තීගේ නෑයන්ගෙන් ගෙන ආයෙමි. මට මෙහෙවර කිරීමෙහි ඔබ නුරුස්නා බවක් නො හැඟ වීය. මා හා එක් ව වාසය කිරීම කවර කරුණෙකින් මෙසේ වී ද?
1422. ආරා දූරෙ න ඉධ කදාචි අත්ථි පරම්පරා නාම කුලෙ ඉමස්මිං තං කුල්ලවත්තං අනුවත්තමානා, මාහං කුලෙ අන්තිමගන්ධිනී අහුං එතස්ස වාදස්ස ජිගුච්ඡමානා අකාමිකා බද්ධචරාස්මි තුය්හං.
1422. ඉතා ඈත සිට අප කුලයෙහි පුරුෂ පරපුරෙක් නො වී ය. කුල සිරිත අනුව පවත්නා වූ මා නිසා කුලය හිස් නො වේවා යී සිතන්නෙම්. මේ වචනය පිළිකුල් කරමින් නො කැමැත්තෙන් ඔබට පාදපරිචාරිකා වීමි.
1423. මණ්ඩව්‍ය භාසිස්සං අභාසනෙය්යං තං ඛම්යතං පුත්තහෙතු මමජ්ජ, පුත්තපෙමා න ඉධ පරත්ථි කිඤ්චි. සො නො අයං ජීවති යඤ්ඤදත්තොති.
1423. මාණඩව්යය, නො කියයුතු දෙයක් කීවෙමි. මාගේ ඒ කීම පුතු ගැන සිතා කමා කෙරේවා, පුත්‍ර ප්‍රේමයට වැඩි ප්‍රේමයෙක් මෙ ලොවැ නැත. ඒ අප යඤ්ඤදත්ත කුමාරයා ජීවත් වේවා.