7. නිග්‍රොධජාතකං
1424. නචාහමෙතං ජානාමි කොවායං කස‍්ස චාති වා, යථා සාඛො වදී එවං නිග්‍රොධ කින‍්ති මඤ‍්ඤසි.
1424. නිග්‍රෝධ රජුනි, මම මොහු නො දනිමි. මේ තෙම කාගේ කවරෙක් දැ යි සාඛයා යම්සේ කී ද, කෙසේ ද ඔබ ත් එසේ සිතවු ද?
1425. තතො ගලවිනීතෙන පුරිසා නීහරිංසු මං, දත්‍වා මුඛ පහාරානි සාඛස‍්ස වචනං කරා.
1425. සාඛයාගේ වචන කරවූ, සේවකයෝ මුඛප්‍රහාරය දී ගෙල ගැනීමෙන් මා ඉවතට දැමූහ.
1426. එතාදිසං දුම‍්මතිනා අකතඤ‍්ඤූනදුබ‍්භිනා, කතං අනරියං සාඛෙන සාඛිනා තෙ ජනාධිප.
1426. ජනාධිපය, ඔබ ගේ මිත්‍රයකු වූ නුවණ නැති අකෘතඥ මිත්‍රද්‍රෝහි සාඛයා විසින් මෙබඳු පහත් ක්‍රියාවක් කරන ලද.
1427. නචාහං මෙතං ජානාමි නපි මෙ කොචි සංසති, යම‍්මෙ ත්‍වං සම‍්ම අක‍්ඛාසි සාඛෙන කඩ‍්ඪනං කතං.
1427. මිතුර ඔබ මට යමක් කිවු ද, එය මම නො දනිමි. සාඛයා කළ තැළුම් පෙළුම් කිසිවෙක් මට නො කී යැ.
1428. සඛීනං සාජීවකාරො මම සාඛස‍්ස චූභයං, ත්‍වං නො ඉස‍්සරියං දාතා මනුසෙස‍්සු මහග‍්ගතං. තයම‍්භා ලභිතා ඉද‍්ධි එත්‍ථ මෙ නත්‍ථි සංසයො.
1428. ඔබ මටත් සාඛයාටත් එක සමාන ව සංග්‍රහ කළහු ය. මනුෂ්‍යයන් අතරේ ඉසුරු හා දියුණුව ඔබගෙන් අපි ලදුම්හ. මේ කරුණෙහි සැකයක් නැත.
1429. යථාපි බීජං අග‍්ගිස‍්මිං ඩය‍්හති න විරූහති, එවං කතං අසප‍්පුරිසෙ නස‍්සති න විරූහති.
1429. ගින්නෙහි ලූ බීජය ද දැවී යම්සේ (යළි) නො හටගන්නේ ද, එසේ අකෘතඥයාට කළ උපකාරය ද නැසේ. (නැවත) නො වැඩේ.
1430. කතඤ‍්ඤුම‍්භී ච පොසම‍්භි සීලවන‍්තෙ අරියවුත‍්තිනෙ, සුඛෙත‍්තෙ විය බීජානි කතං තම‍්හි න නස‍්සති.
1430. සිල්වත් ශ්‍රේෂ්ඨ පැවැතුම් ඇති කෘතොපකාර දත් සත්පුරුෂයාට කළ උපකාරය සරුකෙතෙකැ වපුළ බිජුවට මෙන් (වැඩේ.) නො නසී.
1431. ඉමඤ‍්ච ජම‍්මං නෙකතිකං අසප‍්පුරිසචින‍්තකං, හනත‍්තු සාඛං සත්‍ථීහි නාස‍්ස ඉච‍්ඡාමි ජීවිතං.
1431. අසත්පුරුෂ සිතිවිලි ඇති ලාමක වූ කපටි වූ මේ සාඛයා තෙබින් (ඇණ) නසත්වා. මොහුගේ ජීවිතය (මම) නො රුස්නෙමි.
1432. ඛම්‍යතස‍්ස මහාරාජ පාණා දුප‍්පටිආනයා, ඛම දෙව අසප‍්පුරිසස‍්ස නාස‍්ස ඉච‍්ඡාමහං වධං.
1432. මහරජ, අසත්පුරුෂ මොහුට කමා කෙරේවා. මළවුන්ගේ ප්‍රාණයෝ යළි ගෙන්වා ගන්නට නො හැකි වෙති. රජතුමනි, කමා කරනු මනා ය. මම මොහුගේ වධය නො රුස්නෙමි.
1433. නිග්‍රොධමෙව සෙවෙය්‍ය න සාඛමුපසංවසෙ, නිග්‍රොධස‍්මිං මතං සෙය්‍යො යඤ‍්චෙ සාඛස‍්මි ජීවිතන‍්ති.
1433. නිග්‍රෝධයා ම ඇසුරු කරන්න. සාඛයා ගේ ඇසුරට නො යන්න. සාඛයා සමීපයේ ජීවත් වීමට වඩා නිග්‍රෝධයා සමීපයේ මිය යාම උතුම් වේ.