යෙදුමෙන් කියවන්න

8. තක‍්කලජාතකං

1434. න තක‍්කළා සන‍්ති න ආලුපානි න බිළාලියො න කලම‍්බානි තාත, එකො අරඤ‍්ඤම‍්හි සුසානමජ‍්ඣෙ කිමත්‍ථිකො තාත ඛණාසි කාසුං.

1434. පියාණෙනි, කුකුළල ද වැල්ලල ද සිරිඅල ද තල්අල ද මෙහි නැත. එහෙත් හුදෙකලා ව වනයේ සොහොන මැද වළක් කණනෙහි. පියාණෙනි, කුමක් කැමැත්තෙහි ද?

1435. පිතාමහො තාත සුදුබ‍්බලො තෙ අනෙකව්‍යාධීහි දුඛෙන ඵුට‍්ඨො, තමජ‍්ජහං නිඛණිස‍්සාමි සොබ‍්භෙ නහිස‍්ස තං ජීවිතං රොචයාමි

1435. පුත්‍රය, ඔබ මුත්තණුවෝ නොයෙක් රෝගයෙන් දුකින් පීඩා ලදහු බොහෝ දුබලයහ. අද මම ඔහු වළෙහි දමමි. ඔහුගේ ජීවත් වීම නො කැමැත්තෙමි.

1436. සඞ‍්කප‍්පමෙතං පටිලද‍්ධ පාපං අච‍්චාහිතං කම‍්ම කරොසි ලුද‍්දං. මයාපි තාත පටිලච‍්ඡසෙ තුවං එතාදිසං කම‍්ම ජරූපනීතො, තං කුල‍්ලවත‍්තං අනුවත‍්තමානො අහම‍්පි තං නිඛණිස‍්සාමි සොබ‍්භෙ.

1436. තොප විසින් තෙල පාපසංකල්පයෙක් ලබන ලද යැ. හිතෛෂී බව ඉක්මවා ගිය දරුණු පාපකර්‍මයක් කරන්නෙහි ය. පියාණෙනි, ජරාවට පත් තෙපි මෙබඳු ක්‍රියාවකින් (සංග්‍රහ) ලබන්නහුය. පාරම්පරික චාරිත්‍රය අනුව සිරිත් පවත්වන මමත් ඔබ වළට දමමි.

1437. ඵරුසාහි වාචාහි පකුබ‍්බමානෙ ආසජ‍්ජ මං ත්‍වං වදසෙ කුමාර, පුත‍්තො මම ඔරසකො සමානො අහිතානුකම‍්පී මෙ ත්‍වංසි පුත‍්ත.

1437. කුමාරය, නුඹ පරොස් බසින් මට ගටා බෙණෙහි. පුත්‍රය තෝ මාගේ ඖරස පුත්‍ර වුවද මා කෙරෙහි අනුකම්පා නැත්තෙහි.

1438. න තාහං තාත අහිතානුකම‍්පී හිතානුකම‍්පී තෙ අහංපි තාත, පාපඤ‍්ච තං කම‍්ම පකුබ‍්බමානං අරහාමි නො වාරයිතුං තතො හි.

1438. පියාණෙනි, මම තොපට අනුකම්පා නැත්තෙම් නො වෙමි. තොප කෙරෙහි හිතානුකම්පා ඇත්තෙමි. පාපකර්‍මයක් කරන තොප (ඉන්) මුදාලන්නට සුදුස්සෙමි.

1439. යො මාතරං පිතරං වා වසිට‍්ඨ අදූසකෙ හිංසති පාපධම‍්මො, කායස‍්ස භෙදා අභිසම‍්පරායං අසංසයං සො නිරයං පරෙති.

1439. වසිට්ඨය, පාපි පැවැතුම් ඇති යමෙක් නිරපරාධ මවුපියනට හිංසා කෙරේ ද හේ මරණින් මතු සැක නැතිව ම නරකයට යන්නේ ය.

1440. යො මාතරං පිතරං වා වසිට‍්ඨ අන‍්නෙන පානෙන උපට‍්ඨහාති, කායස‍්ස භෙදා අභිසම‍්පරායං අසංසයං සො සුගතිං පරෙති.

1440. වසිට්ඨය, යමෙක් මව්පියන් කෑමෙන් බීමෙන් උවටැන් කෙරේ ද හේ මරණින් මතු සැක නැති ව ම දෙව්ලොවට යන්නේ ය.

1441. න මෙ ත්‍වං පුත‍්ත අහිතානුකම‍්පී හිතානුකම‍්පී මෙ ත්‍වංසි පුත‍්ත, අහඤ‍්ච තං මාතරා වුච‍්චමානො එතාදිසං කම‍්ම කරොමි ලුද‍්දං.

1441. පුත්‍රය, නුඹ මට හිතානුකම්පා නැති නො වෙහි. නුඹ මට හිතානුකම්පා ඇතියව. මම වනාහි තොපගේ මව කියන හෙයින් මෙ වැනි දරුණු පාප කර්‍මයක් කරමි.

1442. යා තෙ සා භරියා අනරියරූපා. මාතා මමෙසා සකියා ජනෙත‍්ති නිද‍්ධාපයෙතං සකා අගාරා අඤ‍්ඤම‍්පි තෙ සා දුඛමාවහෙය්‍ය.

1442. උතුම් පැවැතුම් නැති, තොපගේ යම් බිරිඳක් වේ ද, මැය මා ප්‍රසුත කළ මාගේ මව වෙයි. මැය ගෙන් ඉවත් කළ මැනව. ඕ තොපට වෙනත් කරදර පමුණුවන්නී ය.

1443. යා තෙ සා භරියා අනරියරූපා. මාතා මමෙසා සකියා ජනෙත‍්ති දන‍්තා කරෙණුව වසූපනීතා සා පාපධම‍්මා පුනරාවජාතූති.

1443. උතුම් පැවැතුම් නැති, තොපගේ යම් බිරිඳක් වූ ද, මෝ මා ප්‍රසුත කළ මාගේ මව වෙයි. ඇතින්නක මෙන් දමනය වූ වසඟ වූ පාප ගති ඇති ඕ නැවත පැමිණේවා!

8. තක‍්කලජාතකං.

8. තක්කල ජාතක යි.