යෙදුමෙන් කියවන්න

9. මහාධම‍්මපාලජාතකං

1444. කින‍්තෙ වතං කිම‍්පන බ්‍රහ‍්මචරියං කිස‍්ස සුචිණ‍්ණස‍්ස අයං විපාකො, අක‍්ඛාහි මෙ බ්‍රාහ‍්මණ එතමත්‍ථං කස‍්මා හි තුම‍්හං දහරා න මීයරෙ.

1444. තා සමාදන් වූ ව්‍රතය කුමක් ද? උත්තම චර්‍ය්‍යාව කුමක් ද? මේ විපාකය කෙබඳු සුචරිතයක් පිරීමෙන් ලදුයේ ද? බමුණ, මේ කරුණු මට කියව. තොපගේ ගෙහි බාලයෝ කවර හෙයින් නො මියන්නෝ ද?

1445. ධම‍්මං චරාම න මුසා භණාම පාපානි කම‍්මානි විවජ‍්ජයාම, අනරියං පරිවජ‍්ජෙමු සබ‍්බං තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ.

1445. දස පුණ්‍යක්‍රියා ධර්‍මයෙහි හැසිරෙම්හ. බොරු නො කියම්හ. ප්‍රාණඝාතාදි පාපකර්‍මයන් දුරු කරම්හ. නින්‍දා කටයුතු ක්‍රියා සියල්ල දුරු කරම්හ. ඵ හෙයින් අප බාලයෝ (අකාලයෙහි) නො මැරෙති.

1446. සුණොම ධම‍්මං අසතං සතං ච න චාපි ධම‍්මං අසතං රොචයාම හිත්‍වා අසන‍්තෙ න ජහාම සන‍්තෙ තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ.

1446. සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද ධර්‍මය අසම්හ. අසත්පුරුෂයන්ගේ ධර්‍මය රුචි නො කරන්නමෝ වෙමු. අසත් පුරුෂයන් හැර සත්පුරුෂයන් හරින්නමෝ නො වෙමු. එ හෙයින් අප බාලයෝ (අකාලයෙහි) නො මැරෙති.

1447. පුබ‍්බෙව දානා සුමනා භවාම දදම‍්පි චෙ අත‍්තමනා භවාම, දත්‍වාපි චෙ නානුතප‍්පාම පච‍්ඡා තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ.

1447. දානය දෙන්නට පෙර සතුටු සිතැත්තමෝ වෙමු. දෙමිනුදු සතුටු සිතැත්තමෝ වෙමු. දානය දීමෙන් පසුව (සිතා) පසුතැවිලි වන්නමෝ නො වෙමු. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.

1448. සමණෙ මයං බ්‍රාහ‍්මණෙ අද‍්ධිකෙ ච වණිබ‍්බකෙ යාචනකෙ දළිද‍්දෙ, අන‍්නෙන පානෙන අභිතප‍්පයාම තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ.

1448. ශ්‍රමණයන් ද බමුණන් ද මගියන් ද ගුණ කියා යදින්නන් ද යාචකයන් ද දිළින්දන් දැ යි හැම දෙන ආහාර පානයෙන් සන්තර්‍පණය කරමු. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.

1449. මයඤ‍්ච භරියා නාතික‍්කමාම අම‍්හෙ ච භරියා නාතික‍්කමන‍්ති, අඤ‍්ඤත්‍ර තාහි බ්‍රහ‍්මචරියං චරාම තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ.

1449. අපි දු භාර්‍ය්‍යාවන් ඉක්මවා නො යම්හ. භාර්‍ය්‍යාවෝ ද අප ඉක්මවා නො යති. ඔවුන් හැර අනෙක් ස්ත්‍රීන් කෙරෙහි බඹසර හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.

1450. පාණාතිපාතා විරමාම සබ‍්බෙ ලොකෙ අදිදන‍්නං පරිවජ‍්ජයාම, අමජ‍්ජපා නො ච මුසා භණාම තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ.

1450. අපි හැම දෙන ප්‍රාණඝාතයෙන් වළකිමු. ලොව (හිමියන්) නුදුන් දැය දුරු කොට වාසය කරම්හ. මත්පැන් නො බොමු. බොරු ද නො කියමු. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.

1451. එතාසු චෙ ජායරෙ සුත‍්තමාසු මෙධාවිනො හොන‍්ති පහූතපඤ‍්ඤා බහුස‍්සුතා වෙදගුනො ච හොන‍්ති තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ.

1451. සුසිල්වත් මේ අප උතුම් ස්ත්‍රීන් කෙරෙහි දරුවෝ උපදිත් ද, ඔවුහු ධාරණ ශක්තිය ඇති මහනුවණැත්තෝ වෙති. බහුශ්‍රුත වෙති. වේදයෙහි පාරප්‍රාප්තයෝ වෙති. එහෙයින් අප බාලයෝ නො මැරෙති.

1452. මාතාපිතා ච භගිනී භාතරො ච පුත‍්තා ච දාරා ච මයඤ‍්ච සබ‍්බෙ, ධම‍්මං චරාම පරලොකහෙතු. තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ.

1452. මවුපියෝ ද සහෝදරසහෝදරියෝ ද දරුවෝ ද බිරියෝ දැ යි අපි හැම දෙනමෝ පරලොව සලකාගෙන පුණ්‍යක්‍රියාවන්හි හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නො මැරෙති.

1453. දාසා ච දස‍්සො අනුජීවිනො ච පරිචාරකා කම‍්මකරා ච සබ‍්බෙ, ධම‍්මං චරන‍්ති පරලොකහෙතු තස‍්මා හි අම‍්හං දහරා න මීයරෙ.

1453. දාසිදාසයෝ ද අප නිසා දිවි රැක ගන්නෝ ද පිරිවර ජනයෝ ද කම්කරුවෝ දැ යි හැම දෙන පරලොව සලකා පුණ්‍යක්‍රියාවන්හි හැසිරෙති. එ හෙයින් අපගේ බාලයෝ නො මැරෙති.

1454. ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං ධම‍්මො සුචිණ‍්ණො සුඛමාවහාති එසානිසංසො ධම‍්මො සුචිණ‍්ණෙ න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී.

1454. කුශල ධර්‍මය, ධර්‍මයෙහි හැසිරෙන්නහු ඒකාන්තයෙන් රකී. මනා ලෙස පුරුදු කළ කුශලය සුව ගෙන දෙයි. මනා ලෙස පුරුදු කළ කුශලයෙහි තෙල ආනිශංසය වෙයි. දම්සැරී තෙමේ දුගතියට නො යයි.

1455. ධම‍්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං ඡත‍්තං මහන‍්තං විය වස‍්සකාලෙ, ධම‍්මෙන ගුත‍්තො මම ධම‍්මපාලො අඤ‍්ඤස‍්ස අට‍්ඨීනි සුඛී කුමාරොති.

1455. කුශල ධර්‍මය දම්සැරියා වැසි සමයෙහි මහත් කුඩයක් සේ ඒකාන්තයෙන් රකී. කුසල් බෙලෙන් රක්‍ෂිත වූ මාගේ දම්පල් කුමර සුව ඇත්තේ වෙයි, මෙය අනෙකකුගේ ඇට වේ යයි.

9. මහාධම‍්මපාලජාතකං.

9. මහාධම්මපාල ජාතක යි.