යෙදුමෙන් කියවන්න

11. මට‍්ඨකුණ‍්ඩලීජාතකවණ‍්ණනා 449 අට‍්ඨකථා

11. මට‍්ඨකුණ‍්ඩලීජාතකවණ‍්ණනා (449)

11. මට්ටකුණ්ඩලී ජාතකය (449)

අලඞ‍්කතො මට‍්ඨකුණ‍්ඩලීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං මතපුත‍්තං කුටුම‍්බිකං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිරෙකස‍්ස බුද‍්ධුපට‍්ඨාකස‍්ස කුටුම‍්බිකස‍්ස පියපුත‍්තො කාලමකාසි. සො පුත‍්තසොකසමප‍්පිතො න න‍්හායති න භුඤ‍්ජති න කම‍්මන‍්තෙ විචාරෙති, න බුද‍්ධුපට‍්ඨානං ගච‍්ඡති, කෙවලං “පියපුත‍්තක, මං ඔහාය පඨමතරං ගතොසී”තිආදීනි වත්‍වා විප‍්පලපති. සත්‍ථා පච‍්චූසසමයෙ ලොකං ඔලොකෙන‍්තො තස‍්ස සොතාපත‍්තිඵලූපනිස‍්සයං දිස‍්වා පුනදිවසෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා කතභත‍්තකිච‍්චො භික‍්ඛූ උය්‍යොජෙත්‍වා ආනන්‍දත්‍ථෙරෙන පච‍්ඡාසමණෙන තස‍්ස ඝරද‍්වාරං අගමාසි. සත්‍ථු ආගතභාවං කුටුම‍්බිකස‍්ස ආරොචෙසුං. අථස‍්ස ගෙහජනො ආසනං පඤ‍්ඤපෙත්‍වා සත්‍ථාරං නිසීදාපෙත්‍වා කුටුම‍්බිකං පරිග‍්ගහෙත්‍වා සත්‍ථු සන‍්තිකං ආනෙසි. තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නං සත්‍ථා කරුණාසීතලෙන වචනෙන ආමන‍්තෙත්‍වා “කිං, උපාසක, පුත‍්තකං අනුසොචසී”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ “උපාසක, පොරාණකපණ‍්ඩිතා පුත‍්තෙ කාලකතෙ සොකසමප‍්පිතා විචරන‍්තාපි පණ‍්ඩිතානං කථං සුත්‍වා ‘අලබ‍්භනීයට‍්ඨාන’න‍්ති තථතො ඤත්‍වා අප‍්පමත‍්තකම‍්පි සොකං න කරිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

අලද්ධකතො මට්ටකුණ්ඩලී යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන්නේ එක් මළ කෙළෙඹි පුතෙකු අරබයා දේශනා කළ සේක. සැවැත්නුවර එක් බුද්ධෝපස්ථායක කුලයක ප්‍රිය වූ පුතෙක් කළුරිය කළේය. හෙතෙම පුත්‍ර ශෝකයෙන් කම්පා වූයේ නො නායි. ආහාර අනුභව නොකරයි. කර්මාන්තයන් නොවිමසයි. බුදුරදුන්ගේ උපස්ථානයට නොයයි. හුදෙක් ප්‍රිය පුතණුවෙනි, මා හැර පළමුව ගියෙහි යයි ආදීන් කියා වැළපෙයි. බුදුරජු අළුයම් කාලයෙහි ලොව බලන්නේ ඔහුගේ සෝවාන් ඵලයට පැමිණීමේ වාසනාව දැක දෙවන දවස්හි භික්‍ෂු සංඝයා පිරිවරන ලද්දේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරී කරන ලද බත් කිස ඇත්තේ භික්‍ෂූන් පිටත් කර යවා ආනන්‍ද තෙරුන් දෙවන ශ්‍රමණයන් කොට ඔහුගේ ගෙට ගියේය. බුදුරජු පැමිණි බව කෙළෙඹියාට දැන්වූහ. ඉක්බිති ඔහුගේ ගෙයි වසන ජනයා අසුනක් පනවා බුදුරජුන් වැඩහින්දවා කෙළඹියා ගෙන බුදුන් සමීපයට ගෙන ආවේය. ශාස්තෲන් වහන්සේ වැඳ එකත්පස්ව හුන් ඔහුව කරුණාවෙන් සිසිල් වූ වචනයෙන් අමතා උපාසකය, කිම එකම පුතු වෙනුවෙන් ශෝක කරන්නෙහිදැයි විමසා එසේය ස්වාමීනි යයි කී කල්හි උපාසකය පැරණි පඩුවෝ පුතු කළුරිය කළ කල්හි ශෝකයෙන් මඩනා ලදුව හැසිරෙන්නාහු පණ්ඩිතයන්ගේ කථාව අසා සත්‍ය වශයෙන්ම (මරණයෙන් තොරවීම) නොලැබිය හැකි තැනක් යයි දැන අල්පමාත්‍ර වූද ශෝකයක් නොකළහ යයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ එකස‍්ස මහාවිභවස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො පඤ‍්චදසසොළසවස‍්සකාලෙ එකෙන බ්‍යාධිනා ඵුට‍්ඨො කාලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්ති. බ්‍රාහ‍්මණො තස‍්ස කාලකිරියතො පට‍්ඨාය සුසානං ගන‍්ත්‍වා ඡාරිකපුඤ‍්ජං ආවිජ‍්ඣන‍්තො පරිදෙවති, සබ‍්බකම‍්මන‍්තෙ පරිච‍්චජිත්‍වා සොකසමප‍්පිතො විචරති. තදා දෙවපුත‍්තො අනුවිචරන‍්තො තං දිස‍්වා “එකං උපමං කත්‍වා සොකං හරිස‍්සාමී”ති තස‍්ස සුසානං ගන‍්ත්‍වා පරිදෙවනකාලෙ තස‍්සෙව පුත‍්තවණ‍්ණී හුත්‍වා සබ‍්බාභරණපටිමණ‍්ඩිතො එකස‍්මිං පදෙසෙ ඨත්‍වා උභො හත්‍ථෙ සීසෙ ඨපෙත්‍වා මහාසද‍්දෙන පරිදෙවි. බ්‍රාහ‍්මණො සද‍්දං සුත්‍වා තං ඔලොකෙත්‍වා පුත‍්තපෙමං පටිලභිත්‍වා තස‍්ස සන‍්තිකෙ ඨත්‍වා “තාත මාණව, ඉමස‍්මිං සුසානමජ‍්ඣෙ කස‍්මා පරිදෙවසී”ති පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

අතීතයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි එක් මහත් සම්පත් ඇති බ්‍රාහ්මණයෙකුගේ පුතා පසළොස් සොළොස් වයස් කල්හි එක් රෝගයකින් පෙළුනේ කළුරියකොට දෙව්ලොව උපන්නේය. බ්‍රාහ්මණයා ඔහු කළුරිය කළ තැන් පටන් සොහොනට ගොස් අළු පිසිනය වටේ කරකැවෙමින් හඬයි. සියළු කර්මාන්ත සිඳ දමා ශෝකයෙන් මඩනා ලද්දේ හැසිරේ. හැසිරෙන්නා වූ දේවපුත්‍රයා ඔහු දැක එක් උපායක් කොට ශෝක බැහැර කරන්නෙමියි ඔහු සොහොනට ගොස් ඔහුගේම පුත්‍රයා හා සමාන වී සියළු ආභරණවලින් සැරසී එක්පසෙක සිට දෙඅත් හිසෙහි තබා මහහඬින් වැළපුනේය. බමුණා ශබ්දය අසා ඔහු දෙස බලා පුත්‍ර ප්‍රේමය ලබා ඔහු සමීපයෙහි සිට දරුව, මානවකය, මේ සොහොන මැද කුමක් හෙයින් වැළපෙහිදැයි විමසන්නේ පළමු ගාථාව කීවේය.

“අලඞ‍්කතො මට‍්ඨකුණ‍්ඩලී, මාලධාරී හරිචන්‍දනුස‍්සදො; බාහා පග‍්ගය‍්හ කන්‍දසි, වනමජ‍්ඣෙ කිං දුක‍්ඛිතො තුව”න‍්ති.

අලද්ධකතො මට්ටකුණ්ඩලී මාලාභාරී හරිචන්‍දනුස්සදො, බාහා පග්ගය්හ කන්‍දසි වනමජ්ක්‍ධෙ කිං දුක්ඛිතො තුවන්ති

1. තොප නොයෙක් ආභරණයෙන් සැරසී, මට කොඩොල් පැළඳ, මල් මාලාවන්ගෙන් යුක්ත වූයේ සුවඳ සඳුන් ගල්වන ලද්දේ හිස අත් බැඳගෙන වනමැද දී හඬන්නෙහිය. කවර කරුණින් දුකට පත් වූයෙහිද?

තත්‍ථ අලඞ‍්කතොති නානාභරණවිභූසිතො. මට‍්ඨකුණ‍්ඩලීති කරණපරිනිට‍්ඨිතෙහි මට‍්ඨෙහි කුණ‍්ඩලෙහි සමන‍්නාගතො. මාලධාරීති විචිත්‍රකුසුමමාලධරො. හරිචන්‍දනුස‍්සදොති සුවණ‍්ණවණ‍්ණෙන චන්‍දනෙන අනුලිත‍්තො. වනමජ‍්ඣෙති සුසානමජ‍්ඣෙ. කිං දුක‍්ඛිතො තුවන‍්ති කිංකාරණා දුක‍්ඛිතො ත්‍වං, ආචික‍්ඛ, අහං තෙ යං ඉච‍්ඡසි, තං දස‍්සාමීති ආහ.

එහි අලද්ධකාතො යනු නොයෙක් ආභරණයන්ගෙන් හොබනා වූයේ මට්ටකුණ්ඩලී යනු තවදුරටත් කිරීමෙන් නිමවිය යුතු (වැඩ අවසන් නොවූ) කුණ්ඩලාභරණයන්ගෙන් යුක්ත වූයේ. මාලාහාරී යනු විසිතුරු මල්මාලා දරන්නේ. හරිචන්‍දනුස්සදො යනු රන්වන් වූ සඳුන්වලින් ගල්වන ලද්දේ වන මජෙක්‍ධ යනු සොහොන මැද. කිං දුක්ඛිතො තුවං යනු කවර කරුණින් ඔබ දුකට පත්වූයේද? කියව, මම තොප යමක් කැමති වන්නෙහිද එය දෙන්නෙමියි කීය.

අථස‍්ස කථෙන‍්තො මාණවො දුතියං ගාථමාහ –

ඉක්බිති මානවකයා ඔහුට කියනුයේ දෙවන ගාථාව කීවේය.

“සොවණ‍්ණමයො පභස‍්සරො, උප‍්පන‍්නො රථපඤ‍්ජරො මම; තස‍්ස චක‍්කයුගං න වින්‍දාමි, තෙන දුක‍්ඛෙන ජහාමි ජීවිත”න‍්ති.

2. පැහැපත්, රන්මුවා වූ රිය මැදිරියක් මට ලැබුණි. එයට රෝද දෙකක් නොලබමි. ඒ දුකින් දිවි හරිමි.

බ්‍රාහ‍්මණො සම‍්පටිච‍්ඡන‍්තො තතියං ගාථමාහ –

බමුණා එය පිළිගමින් තෙවන ගාථාව කීය.

“සොවණ‍්ණමයං මණීමයං, ලොහමයං අථ රූපියාමයං; පාවද රථං කරිස‍්සාමි තෙ, චක‍්කයුගං පටිපාදයාමි ත”න‍්ති.

3. රණින්ම කළ, මැණික්වලින්ම කළ, ලෝහයෙන්ම කළ, තවද රිදීයෙන්ම කළ රියක් ඔබට කරවමි. කියව, ඔබගේ රෝද යුවල ඔබට ගෙනදෙමි යි.

තත්‍ථ පාවදාති යාදිසෙන තෙ අත්‍ථො යාදිසං රොචෙසි, තාදිසං වද, අහං තෙ රථ කරිස‍්සාමි. පටිපාදයාමි තන‍්ති තං පඤ‍්ජරානුරූපං චක‍්කයුගං අධිගච‍්ඡාපෙමි.

එහි පාවද යනු තොපට යම්බඳු වූවකින් වැඩක් වේද? යම්බඳු වූවක් කැමති වේද එවැන්නක් කියව. මම ඔබගේ රථය කරවමි. පටිපාදයාමි මැදිරියට අනුරූපී වූ රෝද දෙකක් ඔබට ලබා දෙමි.

තං සුත්‍වා මාණවෙන කථිතාය ගාථාය පඨමපාදං සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා කථෙසි, සෙසං මාණවො.

ඒ අසා මානවකයා විසින් කියන ලද ගාථාවෙහි පළමු පාදය බුද්ධත්‍වයට පත් වී වදාළේය.

“සො මාණවො තස‍්ස පාවදි, චන්‍දසූරියා උභයෙත්‍ථ භාතරො; සොවණ‍්ණමයො රථො මම, තෙන චක‍්කයුගෙන සොභතී”ති.

4. ඒ මානවකයා ඔහුට කීවේය. සඳහිරු දෙදෙන මෙහි සොහොයුරෝය. (රිය මැදිරියට රෝද දෙක හෙයිනි) මගේ රනින්ම කරන ලද රථය ඒ රෝද දෙකින්ම හොබනේය යි.

බ්‍රාහ‍්මණො තදනන‍්තරං ආහ –

සෙස්ස මානවකයා කීය. බමුණා අනතුරුව කීවේය.

“බාලො ඛො ත්‍වංසි මාණව, යො ත්‍වං පත්‍ථයසි අපත්‍ථියං; මඤ‍්ඤාමි තුවං මරිස‍්සසි, න හි ත්‍වං ලච‍්ඡසි චන්‍දසූරියෙ”ති. –

5. යම්බඳු වූ තොප නොපැතිය යුත්තක් පතන්නේද (එහෙයින්) ඔබ මෝඩයෙක් වෙහිය. ඔබ මැරෙන්නෙහි නමුත් සඳ හිරු දෙදෙන නොබලන්නෙහි යයි සිතමි.

බ්‍රාහ‍්මණෙන වුත‍්තගාථාය අපත්‍ථියන‍්ති අපත්‍ථෙතබ‍්බං.

බමුණා විසින් කියන ලද ගාථාවෙහි අපත්‍ථියං යනු නොපැතිය යුතු.

තතො මාණවො ආහ –

ඉක්බිති මානවකයා කීවේය.

“ගමනාගමනම‍්පි දිස‍්සති, වණ‍්ණධාතු උභයෙත්‍ථ වීථියො; පෙතො පන නෙව දිස‍්සති, කො නු ඛො කන්‍දතං බාල්‍යතරො”ති.

6. යෑම ඊමද, පැහැයද ගමන්මාර්ග දෙකද දක්නේය. මියගිය තැනැත්තා නො පෙනෙන්නේ ම ය. හඬන්නා වූ අප දෙදෙනාගෙන් කවරෙක් නම් අතිශයින් මෝඩ වේද?

මාණවෙන වුත‍්තගාථාය ගමනාගමනන‍්ති උග‍්ගමනඤ‍්ච අත්‍ථගමනඤ‍්ච. වණ‍්ණොයෙව වණ‍්ණධාතු. උභයෙත්‍ථ වීථියොති එත්‍ථ ආකාසෙ “අයං චන්‍දස‍්ස වීථි, අයං සූරියස‍්ස වීථී”ති එවං උභයගමනාගමනභූමියොපි පඤ‍්ඤායන‍්ති. පෙතො පනාති පරලොකං ගතසත‍්තො පන න දිස‍්සතෙව. කො නු ඛොති එවං සන‍්තෙ අම‍්හාකං ද‍්වින‍්නං කන්‍දන‍්තානං කො නු ඛො බාල්‍යතරොති.

මානවකයා විසින් කියන ලද ගාථාවෙහි, ගමනාගමනං යනු නැගීම හා බැසීමයි. වර්ණයම ධාතු වූයේ වණ්ණධාතු වේ. උභයෙත්‍ථ වීථියෝ යනු මේ අහසෙහි මේ චන්‍ද්‍රයාගේ මාර්ගයයි. මේ සූර්යයාගේ මාර්ගයයි මෙසේ දෙදෙනාම පැමිණි මාර්ගයන් පෙනේ. පෙතො පන යනු පරලොව ගිය සත්ත්වයා නො පෙනෙන්නේමය. කොනුඛො යනු මෙසේ ඇති කල්හි හඬන්නා වූ අප දෙදෙනගෙන් කවරෙක් අතිශයින් මෝඩ වන්නේද?

එවං මාණවෙ කථෙන‍්තෙ බ්‍රාහ‍්මණො සල‍්ලක‍්ඛෙත්‍වා ගාථමාහ –

මානවකයා මෙසේ කියන කල්හි බ්‍රාහ්මණයා එය සලකා ගාථාවක් කීවේය.

“සච‍්චං ඛො වදෙසි මාණව, අහමෙව කන්‍දතං බාල්‍යතරො; චන්‍දං විය දාරකො රුදං, පෙතං කාලකතාභිපත්‍ථයෙ”ති.

7. මානවකය, ඇත්තක්ම කීයෙහිය. හඬන්නවුන් අතර මම ම වැඩියෙ‍ථක් මෝඩ වෙමි. හඳ ඉල්ලා හඬන දරුවෙකු මෙන් මම මිය පරලොව ගිය අයෙකු පතන්නෙමි.

තත්‍ථ චන්‍දං විය දාරකොති යථා දහරො ගාමදාරකො “චන්‍දං දෙථා”ති චන්‍දස‍්සත්‍ථාය රොදෙය්‍ය, එවං අහම‍්පි පෙතං කාලකතං අභිපත්‍ථෙමීති.

එහි චන්‍දං විය දාරකො යනු යම්සේ බාල වූ ගම්දරුවෙක් සඳ දෙවයි සඳ ලබා ගැනීම සඳහා හඬන්නේද මෙසේ මමද මියපරලොව ගියෙකු පතන්නෙමි යි.

ඉති බ්‍රාහ‍්මණො මාණවස‍්ස කථාය නිස‍්සොකො හුත්‍වා තස‍්ස ථුතිං කරොන‍්තො සෙසගාථා අභාසි –

මෙසේ බ්‍රාහ්මණයා මානවකයාගේ කථාව නිසා ශෝක නැත්තෙක් වී ඔහුට ස්තුති කරන්නේ සෙසු ගාථාවන් කීවේය.

“ආදිත‍්තං වත මං සන‍්තං, ඝතසිත‍්තංව පාවකං; වාරිනා විය ඔසිඤ‍්චං, සබ‍්බං නිබ‍්බාපයෙ දරං.

8. ශෝකයෙන් ගිනි ගත් සිත් ඇතිව සිටි මා, ගිතෙල් ඉසින ලද කලක් මෙන් ද, ජලය ඉසින ලද කලක් මෙන් ද, සියළු දාහය නිවා සිසිල් කරවීය.

“අබ‍්බහී වත මෙ සල‍්ලං, යමාසි හදයස‍්සිතං; යො මෙ සොකපරෙතස‍්ස, පුත‍්තසොකං අපානුදි.

9. මගේ හදවත ඇසුරෙහි පැවති ශෝකය නැමති උල උදුරා දැම්මේය. ශෝකයෙන් පෙළුන මාගේ පුත්‍රශෝකය දුරු කෙළේය.

“සොහං අබ‍්බූළ‍්හසල‍්ලොස‍්මි, වීතසොකො අනාවිලො; න සොචාමි න රොදාමි, තව සුත්‍වාන මාණවා”ති.

10. ඒ මම උදුරා දමන ලද ශෝක නැමති උල ඇත්තෙක් වෙමි. ශෝක නැත්තෙමි. නොකැළඹූවෙක් වෙමි. මානවකය, ඔබගේ වචනය අසා ශෝක නොකරමි. නොහඬමි.

අථ නං මාණවො “බ්‍රාහ‍්මණ, යස‍්සත්‍ථාය ත්‍වං රොදසි, අහං තෙ පුත‍්තො, අහං දෙවලොකෙ නිබ‍්බත‍්තො, ඉතො පට‍්ඨාය මා මං අනුසොචි, දානං දෙහි, සීලං රක‍්ඛාහි, උපොසථං කරොහී”ති ඔවදිත්‍වා සකට‍්ඨානමෙව ගතො. බ්‍රාහ‍්මණොපි තස‍්සොවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා කාලකතො දෙවලොකෙ නිබ‍්බත‍්ති.

ඉක්බිති මානවකයා (කියනුයේ) බ්‍රාහ්මණය, යමක් වෙනුවෙන් ඔබ හඬහිද? මම තොපගේ ඒ පුතා වෙමි. මම දෙව්ලොව උපන්නේ වෙමි. මෙතැන් පටන් මා නිසා ශෝක නො කරන්නේ ය. දන් දෙව. සිල් රකුව. පෙහෙවස් රැකීම කරවයි අවවාද දී සිය වාසස්ථානයටම ගියේය. බ්‍රාහ්මණයාද ඔහුගේ අවවාදයෙහි පිහිටා දානාදී පිංකම් කර කළුරිය කළේ දෙව්ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙහි, සච‍්චපරියොසානෙ කුටුම‍්බිකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.තදා ධම‍්මදෙසකදෙවපුත‍්තො අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි කෙළඹියා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි ධර්මදේශක දේවපුත්‍රයා මමම වීමි යයි වදාළහ.

මට‍්ඨකුණ‍්ඩලීජාතකවණ‍්ණනා එකාදසමා.