15. මහාමඞ්ගලජාතකවණ්ණනා 453 අට්ඨකථා
15. මහාමඞ්ගලජාතකවණ්ණනා (453)
15. මහාමංගල ජාතකය (453)
කිංසු නරොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො මහාමඞ්ගලසුත්තං (ඛු· පා· 5.1 ආදයො) ආරබ්භ කථෙසි. රාජගහනගරස්මිඤ්හි කෙනචිදෙව කරණීයෙන සන්ථාගාරෙ සන්නිපතිතස්ස මහාජනස්ස මජ්ඣෙ එකො පුරිසො “අජ්ජ මෙ මඞ්ගලකිරියා අත්ථී”ති උට්ඨාය අගමාසි. අපරො තස්ස වචනං සුත්වා “අයං ‘මඞ්ගල’න්ති වත්වාව ගතො, කිං එතං මඞ්ගලං නාමා”ති ආහ . තමඤ්ඤො “අභිමඞ්ගලරූපදස්සනං මඞ්ගලං නාම. එකච්චො හි කාලස්සෙව උට්ඨාය සබ්බසෙතං උසභං වා පස්සති, ගබ්භිනිත්ථිං වා රොහිතමච්ඡං වා පුණ්ණඝටං වා නවනීතං වා ගොසප්පිං වා අහතවත්ථං වා පායාසං වා පස්සති, ඉතො උත්තරි මඞ්ගලං නාම නත්ථී”ති ආහ. තෙන කථිතං එකච්චෙ “සුකථිත”න්ති අභිනන්දිංසු. අපරො “නෙතං මඞ්ගලං, සුතං නාම මඞ්ගලං. එකච්චො හි ‘පුණ්ණා’ති වදන්තානං සුණාති, තථා ‘වඩ්ඪා’ති ‘වඩ්ඪමානා’ති සුණාති, ‘භුඤ්ජා’ති ‘ඛාදා’ති වදන්තානං සුණාති, ඉතො උත්තරි මඞ්ගලං නාම නත්ථී”ති ආහ. තෙන කථිතම්පි එකච්චෙ “සුකථිත”න්ති අභිනන්දිංසු. අපරො “න එතං මඞ්ගලං, මුතං නාම මඞ්ගලං. එකච්චො හි කාලස්සෙව උට්ඨාය පථවිං ආමසති, හරිතතිණං අල්ලගොමයං පරිසුද්ධසාටකං රොහිතමච්ඡං සුවණ්ණරජතභාජනං ආමසති, ඉතො උත්තරි මඞ්ගලං නාම නත්ථී”ති ආහ. තෙන කථිතම්පි එකච්චෙ “සුකථිත”න්ති අභිනන්දිංසු. එවං දිට්ඨමඞ්ගලිකා සුතමඞ්ගලිකා මුතමඞ්ගලිකාති තිස්සොපි පරිසා හුත්වා අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙතුං නාසක්ඛිංසු, භුම්මදෙවතා ආදිං කත්වා යාව බ්රහ්මලොකා “ඉදං මඞ්ගල”න්ති තථතො න ජානිංසු.
කිංසු නරො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මහාමංගල සූත්‍රය අරභයා දේශනා කළ සේක. රජගහනුවර කිසියම් කටයුත්තක් සඳහා නගර ශාලාවෙහි රැස්වූ මහජනයා මැද එක් පුරුෂයෙක් අද මට මඟුල් කටයුත්තක් ඇතැයි නැගිට ගියේය. අනිකෙක් ඔහුගේ වචනය අසා මොහු මඟුල යයි කියා ගියේය. මේ මංගල නම් කිමැයි කීය. අනිකෙක් කියනුයේ ශුභ වූ රූප දැකීම මංගල නම් වේ. ඇතැම් කෙනෙක් කල් ඇතිවම නැඟිට මුළුමනින්ම සුදු වූ ගොනෙකු බලයි. ගැබිණි වූ ස්ත්‍රියක් හෝ රෝහිත මසෙකු හෝ දියෙන් පිරි කලයක් හෝ වෙඬරු හෝ ගිතෙල් හෝ සුදු වස්ත්‍රයක් හෝ කිරිබත් හෝ බලයි. මෙයින් මත්තෙහි මංගලයක් නම් නැතැයි කීය. ඇතැම්හු ඔහු විසින් කියන ලද්දට සතුටු වූහ. අනිකෙක් මෙය මංගල නොවේ. ඇසූ ශුභ දෙයම මංගල නම් වේ. ඇතැම් කෙනෙක් කියන්නවුන්ගේ ‘පිරුණි’ යයි වචනය අසයි. වැඩේවායි වඩනු ලැබේවායි අසයි. අනුභව කරව, කව යි කියන්නවුන්ද අසයි. මින් මත්තෙහි මංගලයක් නම් නැතැයි කීය. ඇතැම්හු ඔහු විසින් කියන ලද මනාව කියන ලදැයි සතුටු වූහ. අනිකෙක් මෙය මංගල නම් නොවේ. ශුභ වූ දෙය නාසය-දිව-සිරුර යන ඉඳුරන්ගෙන් ස්පර්ශ කිරීමම මංගල නම් වේ. ඇතැම් කෙනෙක් කල් ඇතිවම නැගිට පොළොව ස්පර්ශ කරයි. කොළ පැහැති තණකොළද තෙතගොමද පිරිසිදු සළුවද රෝහිත මසුද රන්රිදීද බොජුනද ස්පර්ශ කරයි. මින් මත්තෙහි මංගල නම් වූවක් නැතැයි කීය. ඇතැම්හු ඔහු විසින් කියන ලද දෙයද මොනවට කියන ලදැයි සතුටු වූහ. මෙසේ දුටු දේ මංගල යයි කියන්නෝද, ඇසූ දේ මංගල යයි කියන්නෝද ස්පර්ශ කළ දේ මංගල යයි කියන්නෝදැයි තෙපිරිසක් වී ඔවුනොවුන් අවබෝධ කරවීමට නොහැකි වූහ. බූමාටු දෙවියෝ ආදී කොට බඹලොව දක්වා මංගලය නම් මෙයැයි ඇති අයුරින් නොදත්තාහුය.
සක්කො චින්තෙසි “ඉමං මඞ්ගලපඤ්හං සදෙවකෙ ලොකෙ අඤ්ඤත්ර භගවතා අඤ්ඤො කථෙතුං සමත්ථො නාම නත්ථි, භගවන්තං උපසඞ්කමිත්වා ඉමං පඤ්හං පුච්ඡිස්සාමී”ති. සො රත්තිභාගෙ සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා අඤ්ජලිං පග්ගය්හ “බහූ දෙවා මනුස්සා චා”ති පඤ්හං පුච්ඡි. අථස්ස සත්ථා ද්වාදසහි ගාථාහි අට්ඨතිංස මහාමඞ්ගලානි කථෙසි. මඞ්ගලසුත්තෙ විනිවට්ටන්තෙයෙව කොටිසතසහස්සමත්තා දෙවතා අරහත්තං පාපුණිංසු, සොතාපන්නාදීනං ගණනපථො නත්ථි. සක්කො මඞ්ගලං සුත්වා සකට්ඨානමෙව ගතො. සත්ථාරා මඞ්ගලෙ කථිතෙ සදෙවකො ලොකො “සුකථිත”න්ති අභිනන්දි. තදා ධම්මසභායං තථාගතස්ස ගුණකථං සමුට්ඨාපෙසුං “ආවුසො, සත්ථා අඤ්ඤෙසං අවිසයං මඞ්ගලපඤ්හං සදෙවකස්ස ලොකස්ස චිත්තං ගහෙත්වා කුක්කුච්චං ඡින්දිත්වා ගගනතලෙ චන්දං උට්ඨාපෙන්තො විය කථෙසි, එවං මහාපඤ්ඤො, ආවුසො, තථාගතො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අනච්ඡරියං, භික්ඛවෙ, ඉදානෙව සම්බොධිප්පත්තස්ස මම මඞ්ගලපඤ්හකථනං, ස්වාහං බොධිසත්තචරියං චරන්තොපි දෙවමනුස්සානං කඞ්ඛං ඡින්දිත්වා මඞ්ගලපඤ්හං කථෙසි”න්ති වත්වා අතීතං ආහරි.
ශක්‍රයා සිතීය. මේ මංගල ප්රශ්නය දෙවියන් සහිත ලෝකයෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් අනිකෙක් කියන්නට සමර්ථ වන්නේ නම් නැත. භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ප්‍රශ්නයක් විමසන්නෙමි යි. හෙතෙම රාත්‍රී භාගයෙහි ශාස්තෲන් වහන්සේ වෙත එළඹ වැඳ ඇඳිලි බැඳ “බහූදෙවා මනුස්සාච” ආදී වශයෙන් ප්‍රශ්නයක් විචාළේය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ දොළොස් ගාථාවකින් අටතිසක් මංගල කරුණු වදාළ සේක. මංගල සූත්‍රය දේශනා කරන කල්හි කෙළ ලක්ෂයක් පමණ දෙවියෝ රහත් බවට පත්වූහ. සෝවාන් වූවන්ගේ ගණන් පිළිවෙලක් නම් නැත. ශක්‍රයා මංගලය අසා සිය වාසස්ථානයටම ගියේය. ශාස්තෲන් වහන්සේ විසින් මංගල කරුණු කී කල්හි දෙවියන් සහිත ලෝකයා මනාව දේශනාකරන ලදැයි සතුටු වීය. එකල්හි දම්සභා මණ්ඩපයෙහි තථාගතයන් වහන්සේගේ ගුණකථාව උපදවූහ. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ අන්‍යයන්ට විෂය නොවූ මංගල ප්රශ්නය දෙවියන් සහිත ලෝකයාගේ සිත ගෙන කුකුස් සිඳුවා අහස් තලයෙහි සඳ නංවන්නාක් මෙන් වදාළ සේක. ඇවැත්නි, තථාගතයන් වහන්සේ මෙසේ මහා ප්‍රඥා ඇති සේක. බුදුරජු පැමිණ මහණෙනි, දැන් කවරනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවකැනැයි කී කල්හි මහණෙනි, දැන් සම්බුද්ධත්ත්වයට පත්වූ මගේ මංගල ප්‍රශ්න කීම පුදුමයක් නොවේ. ඒ මම බෝසත් චර්යාවෙහි හැසිරෙන්නේද දෙව්මිනිසුන්ගේ සැකය සිඳ මංගල ප්රශ්නය කීවෙමියි අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑවේය.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො එකස්මිං ගාමෙ විභවසම්පන්නස්ස බ්රාහ්මණස්ස කුලෙ නිබ්බත්ති, “රක්ඛිතකුමාරො”තිස්ස නාමං අකංසු. සො වයප්පත්තො තක්කසිලායං උග්ගහිතසිප්පො කතදාරපරිග්ගහො මාතාපිතූනං අච්චයෙන රතනවිලොකනං කත්වා සංවිග්ගමානසො මහාදානං පවත්තෙත්වා කාමෙ පහාය හිමවන්තපදෙසෙ පබ්බජිත්වා ඣානාභිඤ්ඤං නිබ්බත්තෙත්වා වනමූලඵලාහාරො එකස්මිං පදෙසෙ වාසං කප්පෙසි. අනුපුබ්බෙනස්ස පරිවාරො මහා අහොසි, පඤ්ච අන්තෙවාසිකසතානි අහෙසුං. අථෙකදිවසං තෙ තාපසා බොධිසත්තං උපසඞ්කමිත්වා වන්දිත්වා “ආචරිය, වස්සාරත්තසමයෙ හිමවන්තතො ඔතරිත්වා ලොණම්බිලසෙවනත්ථාය ජනපදචාරිකං ගච්ඡාම, එවං නො සරීරඤ්ච ථිරං භවිස්සති, ජඞ්ඝවිහාරො ච කතො භවිස්සතී”ති ආහංසු. තෙ “තෙන හි තුම්හෙ ගච්ඡථ, අහං ඉධෙව වසිස්සාමී”ති වුත්තෙ තං වන්දිත්වා හිමවන්තා ඔතරිත්වා චාරිකං චරමානා බාරාණසිං පත්වා රාජුය්යානෙ වසිංසු. තෙසං මහාසක්කාරසම්මානො අහොසි. අථෙකදිවසං බාරාණසියං සන්ථාගාරෙ සන්නිපතිතෙ මහාජනකායෙ මඞ්ගලපඤ්හො සමුට්ඨාති. සබ්බං පච්චුප්පන්නවත්ථුනයෙනෙව වෙදිතබ්බං.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ව තෙමේ එක් නියම්ගමක සම්පත්වලින් යුත් බමුණෙකුගේ කුලයෙහි උපන්නේය. ඔහුට රක්ඛිත කුමාරයා යයි නම් කළාහුය. ඔහු සුදුසු වයසට පැමිණියේ තක්ෂිලාවෙහිදී ඉගෙන ගන්නා ලද ශිල්ප ඇත්තේ කරන ලද බිරිඳක් සරණපාවා ගැනීම් ඇත්තේ මව්පියන් ඇවෑමෙන් රුවන් බැලීම කොට (සම්පත් බලා) සංවේගයට පත් සිත් ඇත්තේ මහදන් පවත්වා කාමයන් හැර හිමවත පෙදෙසෙහි පැවිදි වී ධ්‍යාන හා අභිඥාවන් උපදවා වන මුල් ගෙඩි ආහාර කර ඇත්තේ එක් පෙදෙසක වාසය කෙළේය. ක්‍රමයෙන් ඔහුගේ පිරිවර මහත් වීය. පන්සියයක් අතවැසියෝ වූහ. ඉක්බිති එක් දවසක් තාපසයෝ බෝධිසත්ත්වයන් වෙත එළඹ වැඳ ආචාර්යයන් වහන්ස, වැසි කාලයෙහි හිමාලයෙන් බැස ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි යමු. මෙසේ අපගේ ශරීරයද ස්ථිර වූවක් වන්නේය. සක්මන් කිරීමද කළේ වන්නේ යයි කීවාහුය. ඔවුන්ට එසේ නම් තෙපි යව්. මම මෙහිම වසන්නෙමියි. කී කල්හි ඔහු වැඳ හිමවතින් බැස චාරිකාවෙහි හැසිරෙන්නාහු බරණැසට පැමිණ රජ උයනෙහි විසුවාහුය. ඔවුන්ට මහත් වූ සත්කාර සම්මාන වීය. ඉක්බිති එක් දවසක් බරණැස් නුවර නගර ශාලාවෙහි රැස් වූ මහජනයා අතර මංගල ප්රශ්නය උපන්නේය. සියල්ල වර්තමානයෙහි මෙන්ම දතයුතුයි.
තදා පන මනුස්සානං කඞ්ඛං ඡින්දිත්වා මඞ්ගලපඤ්හං කථෙතුං සමත්ථං අපස්සන්තො මහාජනො උය්යානං ගන්ත්වා ඉසිගණං මඞ්ගලපඤ්හං පුච්ඡි. ඉසයො රාජානං ආමන්තෙත්වා “මහාරාජ, මයං එතං කථෙතුං න සක්ඛිස්සාම, අපිච ඛො අම්හාකං ආචරියො රක්ඛිතතාපසො නාම මහාපඤ්ඤො හිමවන්තෙ වසති, සො සදෙවකස්ස ලොකස්ස චිත්තං ගහෙත්වා එතං මඞ්ගලපඤ්හං කථෙස්සතී”ති වදිංසු. රාජා “භන්තෙ, හිමවන්තො නාම දූරෙ දුග්ගමොව, න සක්ඛිස්සාම මයං තත්ථ ගන්තුං, සාධු වත තුම්හෙයෙව ආචරියස්ස සන්තිකං ගන්ත්වා පුච්ඡිත්වා උග්ගණ්හිත්වා පුනාගන්ත්වා අම්හාකං කථෙථා”ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා ආචරියස්ස සන්තිකං ගන්ත්වා වන්දිත්වා කතපටිසන්ථාරා ආචරියෙන රඤ්ඤො ධම්මිකභාවෙ ජනපදචාරිත්තෙ ච පුච්ඡිතෙ තං දිට්ඨමඞ්ගලාදීනං උප්පත්තිං ආදිතො පට්ඨාය කථෙත්වා රඤ්ඤො යාචනාය ච අත්තනො පඤ්හසවනත්ථං ආගතභාවං පකාසෙත්වා “සාධු නො භන්තෙ, මඞ්ගලපඤ්හං පාකටං කත්වා කථෙථා”ති යාචිංසු. තතො ජෙට්ඨන්තෙවාසිකො ආචරියං පුච්ඡන්තො පඨමං ගාථමාහ –
එකල්හි මිනිසුන්ගේ සැක සිඳ මංගල ප්රශ්නය කියන්නට සමර්ථයෙකු නොදක්නා වූ මහජනයා උයනට ගොස් තවුස් සමූහයාගෙන් මංගල ප්රශ්නය විචාළේය. තවුසෝ රජු අමතා මහරජතුමනි, අපි මෙය කියන්නට නොහැකි වෙමු. අපගේ ආචාර්ය වූ මහා නුවණැති රක්ඛිත තාපසයා හිමාලයෙහි වසයි. ඔහු දෙවියන් සහිත ලෝකයාගේ සිත ගෙන මේ මංගල ප්රශ්නය කියන්නේ යැයි කීවාහුය. රජ ස්වාමීනි, හිමවත නම් දුර පිහිටියේය. දුකසේ යා යුතුය. අපි යාමට නොහැකි වන්නෙමු. මැනවි. තෙපිට ආචාර්යයන් වහන්සේගේ සමීපයට ගොස් ප්රශ්නය විමසා ඉගෙන නැවත අවුත් අපට කියව් යයි කීය. ඔවුහු මැනවයි පිළිගෙන ආචාර්යයන්ගේ සමීපයට ගොස් වැඳ කරන ලද පිළිසඳර ඇත්තාහු ආචාර්යයා විසින් රජුගේ දැහැමි බවද ජනපද චාරිත්‍රයන් පිළිබඳවද විමසූ කල්හි ඒ දිට්ඨමංගල ආදීන්ගේ උපත මුල පටන්ම කියා රජුගේ ඉල්ලීමෙන්ද තමාගේ ප්රශ්නය ඇසීම සඳහා ආ බවද පවසා මැනවි ස්වාමීනි, මංගල ප්රශ්නය අපට ප්‍රකටකොට කියව යයි ඉල්ලූහ. ඔවුන් අතුරෙන් වැඩිමහල් අතවැසියා ආචාර්යයන් විමසන්නේ පළමු ගාථාව කීවේය.
“කිංසු නරො ජප්පමධිච්ච කාලෙ, කං වා විජ්ජං කතමං වා සුතානං; සො මච්චො අස්මිඤ්ච පරම්හි ලොකෙ, කථං කරො සොත්ථානෙන ගුත්තො”ති.
කිංසු නරො ජප්පමධිච්චකාලෙ - කංවා විජ්ජං කතමං වා සුතානං, සො මච්චො අස්මිඤ්ච පරඤ්ච ලොකෙ - කථං කරො සොත්ථා නෙන භුත්තො
1. පුරුෂයා අභිවෘද්ධිය කැමතිවන කාලයෙහි කවර ප්‍රකාශයක් හෝ කවර වේදයක් හෝ කවර ශ්‍රැතයක් හදාරයිද ඒ මිනිසා මෙලොවත් පරලොවත් කෙසේ කටයුතු කරන්නේ මංගලයෙන් ආරක්ෂා වූයේ වෙයිද.
තත්ථ කාලෙති මඞ්ගලපත්ථනකාලෙ. විජ්ජන්ති වෙදං. සුතානන්ති සික්ඛිතබ්බයුත්තකපරියත්තීනං. අස්මිඤ්චාති එත්ථ චාති නිපාතමත්තං. සොත්ථානෙනාති සොත්ථිභාවාවහෙන මඞ්ගලෙන. ඉදං වුත්තං හොති – “ආචරිය, පුරිසො මඞ්ගලං ඉච්ඡන්තො මඞ්ගලකාලෙ කිංසු නාම ජප්පන්තො තීසු වෙදෙසු කතරං වා වෙදං කතරං වා සුතානං අන්තරෙ සුතපරියත්තිං අධීයිත්වා සො මච්චො ඉමස්මිඤ්ච ලොකෙ පරම්හි ච කථං කරො එතෙසු ජප්පාදීසු කිං කෙන නියාමෙන කරොන්තො සොත්ථානෙන නිරපරාධමඞ්ගලෙන ගුත්තො රක්ඛිතො හොති, තං උභයලොකහිතං ගහෙත්වා ඨිතමඞ්ගලං අම්හාකං කථෙහී”ති.
එහි කාලෙ යනු අභිවාද්ධිය ප්‍රාර්ථනය කරන කාලයයි. විජ්ජං යනු වේදයයි. සුතානං යනු හික්මිය යුතු ධර්ම කොට්ඨාශයයි. අසමිං ච යනු මෙහි. ච යනු නිපාත මාත්‍රයකි. සොත්ථානෙන යනු සුවපත් බව ගෙනදෙන හෙයින් මංගලයෙන් මෙය කියන ලද්දේ වෙයි. ආචාර්යයෙනි, අභිවෘද්ධිය කැමති වන්නා වූ පුරුෂයා මංගල කාලයෙහි කවරක් නම් ජප කරන්නේ ත්රිවේදයන්ගෙන් කවර වේදයක් හෝ ශ්‍රැතයන් අතර කවර කවර ශ්රැති දේශනාවක් හෝ අධ්‍යයනය කර ඒ මිනිසා මෙලොවද පරලොවද කථං කරො මේ ජපකිරීම් ආදියෙහි කවරකින් කුමක් කවර කවර ක්‍රමයෙන් කරන්නේ මංගලයෙන් නිරපරාධී වූ අභිවෘද්ධියෙන් භුත්තො ආරක්ෂා කරන ලද්දේ වෙයිද දෙලොවට හිත වුව ගෙන සිටි මංගල කරුණ අපට කියවයි.
එවං ජෙට්ඨන්තෙවාසිකෙන මඞ්ගලපඤ්හං පුට්ඨො මහාසත්තො දෙවමනුස්සානං කඞ්ඛං ඡින්දන්තො “ඉදඤ්චිදඤ්ච මඞ්ගල”න්ති බුද්ධලීළාය මඞ්ගලං කථෙන්තො ආහ –
මෙසේ දෙටු අතවැසියා විසින් මංගල ප්රශ්නය විමසන ලද්දා වූ මහා සත්ත්ව තෙමේ දෙව් මිනිසුන්ගේ සැකය සිඳින්නේ මේ මේ දෙය මංගල යයි බුද්ධ ලීලාවෙන් යහපත කියනුයේ.
“යස්ස දෙවා පිතරො ච සබ්බෙ, සරීසපා සබ්බභූතානි චාපි; මෙත්තාය නිච්චං අපචිතානි හොන්ති, භූතෙසු වෙ සොත්ථානං තදාහූ”ති.
2. යම් පුද්ගලයෙකුට දෙවියෝ ද බ්‍රහ්මයෝ ද සියළු සර්පයෝ ද සියළු සත්ත්වයෝ ද මෛත්‍රී සිතින් නිතර පුදන ලද්දෝ වෙත්ද සත්ත්වයන් අතර එය මංගලයකැයි කීහ යි කීය.
තත්ථ යස්සාති යස්ස පුග්ගලස්ස. දෙවාති භුම්මදෙවෙ ආදිං කත්වා සබ්බෙපි කාමාවචරදෙවා. පිතරො චාති තතුත්තරි රූපාවචරබ්රහ්මානො. සරීසපාති දීඝජාතිකා. සබ්බභූතානි චාපීති වුත්තාවසෙසානි ච සබ්බානිපි භූතානි. මෙත්තාය නිච්චං අපචිතානි හොන්තීති එතෙ සබ්බෙ සත්තා දසදිසාඵරණවසෙන පවත්තාය අප්පනාප්පත්තාය මෙත්තාභාවනාය අපචිතා හොන්ති. භූතෙසු වෙති තං තස්ස පුග්ගලස්ස සබ්බසත්තෙසු සොත්ථානං නිරන්තරං පවත්තං නිරපරාධමඞ්ගලං ආහු. මෙත්තාවිහාරී හි පුග්ගලො සබ්බෙසං පියො හොති පරූපක්කමෙන අවිකොපියො. ඉති සො ඉමිනා මඞ්ගලෙන රක්ඛිතො ගොපිතො හොතීති.
එහි යස්ස යනු යම් පුද්ගලයෙකුට. දෙවා යනු බූමාටු දෙවියන් ආදීකොට සියළු කාමාවචර දෙවියෝ. පිතරො ච යනු ඉන් මත්තෙහි රූපාවචර බ්‍රහ්මයෝ. සිරිංසපා යනු දීර්ඝ ජාතිකයෝය. සබ්බභූතානි චාපී යනු කියන ලද්දවුනට අවශේස වූ සියළු භූතයෝ. මෙත්තාය නිචචං අපචිතානි හොන්ති යනු මේ සියළු සත්ත්වයෝ දසදිසාවන්හි පැතිරීම් වශයෙන් පැවති ධ්‍යානයන්ට පැමිණීම් වශයෙන් මෛත්‍රියෙන් පුදන ලද්දෝ බුහුමන් කරන ලද්දෝ. භූතෙසු වා යනු ඒ පුද්ගලයාට සියළු සත්ත්වයන් කෙරෙහි අභිවෘද්ධිය නිරතුරුව පැවතියේය. නිරපරාධී වූ යහපත කීය. මෛත්‍රියෙන් වාසය කරන්නා සියල්ලන්ටම ප්‍රිය වෙයි. අන්‍යයන්ගේ උපක්‍රමයෙන් කෝප කළ නොහැක්කේ වෙයි. මෙසේ ඔහු මේ මංගලයෙන් රක්නා ලද්දේ ගෝපනය කරන ලද්දේ වෙයි යි,
ඉති මහාසත්තො පඨමං මඞ්ගලං කථෙත්වා දුතියාදීනි කථෙන්තො –
මහාසත්ත්ව තෙමේ පළමු මංගලය කියා දෙවැනි වූ ආදිය කියන්නේ.
“යො සබ්බලොකස්ස නිවාතවුත්ති, ඉත්ථීපුමානං සහදාරකානං; ඛන්තා දුරුත්තානමප්පටිකූලවාදී, අධිවාසනං සොත්ථානං තදාහු.
3. යමෙක් සියළු ලෝකයා කෙරෙහි යටහත් පැවැත්මෙන් යුක්ත වේද වරදවා කියන්නා වූ ස්ත්‍රීන්ටද පුරුෂයන්ටද ළමයින්ටද ඉවසන්නේද අප්‍රිය වූ වචන නොකියන්නේද ඒ ඉවසීම මංගලයකැයි කීහ.
“යො නාවජානාති සහායමත්තෙ, සිප්පෙන කුල්යාහි ධනෙන ජච්චා; රුචිපඤ්ඤො අත්ථකාලෙ මතීමා, සහායෙසු වෙ සොත්ථානං තදාහු.
4. යමෙක් යහළුවන් කෙරෙහි උගත් ශිල්ප නිසා හෝ කුලය නිසා හෝ ධනය නිසා හෝ ජාතිය නිසා හෝ අවඥා නොකෙරේද? මනා නුවණැති හෙතෙම වැඩක් පැමිණි කල්හි යහළුවන් කෙරෙහි විචක්ෂණ බුද්ධියෙන් යුක්ත වේද එය මංගලයකැයි කීහ.
“මිත්තානි වෙ යස්ස භවන්ති සන්තො, සංවිස්සත්ථා අවිසංවාදකස්ස; න මිත්තදුබ්භී සංවිභාගී ධනෙන, මිත්තෙසු වෙ සොත්ථානං තදාහු.
5. ඒකාන්තයෙන්ම බොරු නොකියන්නා වූ යම් කෙනෙකුට සත්පුරුෂ වූ විශ්වාසී වූ මිත්‍රයෝ වෙත්ද. යමෙක් මිත්‍රද්‍රෝහී නොවේද ධනය මිතුරන් අතර බෙදාදෙන සුළු වේද. එය මංගලයකැයි කීහ.
“යස්ස භරියා තුල්යවයා සමග්ගා, අනුබ්බතා ධම්මකාමා පජාතා; කොලිනියා සීලවතී පතිබ්බතා, දාරෙසු වෙ සොත්ථානං තදාහු.
6. යම් කෙනෙකුගේ භාර්යාව සමවයස් ඇත්තී වේද.සමගි සම්පන්නද සැමියා අනුව පවතින්නීද දහමට කැමති වන්නීද දරුවන් වදන්නීද කුල සිරිතට අනුව පවතින්නීද සිල්වත්ද පතිව්රතා වන්නීද මෙය භාර්යාවන් අතර ඒකාන්තයෙන් මංගලයකැයි කීහ.
“යස්ස රාජා භූතපති යසස්සී, ජානාති සොචෙය්‍යං පරක්කමඤ්ච; අද්වෙජ්ඣතා සුහදයං මමන්ති, රාජූසු වෙ සොත්ථානං තදාහු.
7. ජනපති වූ කීර්තිමත් රජු යම්කෙනෙකුගේ පිරිසිදු බවද එඩිතරකමද දනීද (මොහු) මට හිතවත්ය නොවෙනස්යයිද දනීද මෙය රජුන් පිළිබඳව මංගලයකැයි කීහ.
“අන්නඤ්ච පානඤ්ච දදාති සද්ධො, මාලඤ්ච ගන්ධඤ්ච විලෙපනඤ්ච; පසන්නචිත්තො අනුමොදමානො, සග්ගෙසු වෙ සොත්ථානං තදාහු.
8. යමෙක් ශ්‍රද්ධා ඇත්තේ ප්‍රසන්න වූ සිත් ඇතිව, සතුටු සිතින් යුක්ත වූයේ කෑමද බීමද සුවඳවිලවුන්ද දෙයිද එය ඒකාන්තයෙන් සුගති පිළිබඳව මංගලයයි කීහ.
“යමරියධම්මෙන පුනන්ති වුද්ධා, ආරාධිතා සමචරියාය සන්තො; බහුස්සුතා ඉසයො සීලවන්තො, අරහන්තමජ්ඣෙ සොත්ථානං තදාහූ”ති. –
9. නුවණින් වැඩුනා වූ යහපත් පැවැත්මෙන් යුක්ත බහුශ්‍රැත වූ සිල්වත් තවුසෝ ආර්ය ධර්මයෙන් පවිත්‍ර වෙත්නම් එය රහතන් වහන්සේලා පිළිබඳ මංගලයයි කීහ.
ඉමා ගාථා අභාසි.
යනුවෙන් මේ ගාථාවන් කීය.
තත්ථ නිවාතවුත්තීති මුදුචිත්තතාය සබ්බලොකස්ස නීචවුත්ති හොති. ඛන්තා දුරුත්තානන්ති පරෙහි වුත්තානං දුට්ඨවචනානං අධිවාසකො හොති. අප්පටිකූලවාදීති “අක්කොච්ඡි මං, අවධි ම”න්ති යුගග්ගාහං අකරොන්තො අනුකූලමෙව වදති. අධිවාසනන්ති ඉදං අධිවාසනං තස්ස සොත්ථානං නිරපරාධමඞ්ගලං පණ්ඩිතා වදන්ති.
එහි නිවාත වුත්ති යනු මොළොක් සිත් ඇති හෙයින් මුළු ලොවට යටහත් පැවතුම් ඇත්තේ වෙයි. ඛන්තා දුරුත්තානං යනු අනුන් විසින් කියන ලද නපුරු වචන ඉවසන්නේ වෙයි. අපපටිකූලවාදී යනු මට බැන්නේය. මට ගැසුවේ යයි එකට එක නොකරන්නේ අනුකූල වූයේම කියයි. අධිවාසනං යන මේ ඉවසීම ඒ මිනිසාට සොත්ථානං නිවැරදි වූ මංගල යයි පණ්ඩිතයෝ කියති.
සහායමත්තෙති සහායෙ ච සහායමත්තෙ ච. තත්ථ සහපංසුකීළිතා සහායා නාම, දස ද්වාදස වස්සානි එකතො වුත්ථා සහායමත්තා නාම, තෙ සබ්බෙපි “අහං සිප්පවා, ඉමෙ නිසිප්පා”ති එවං සිප්පෙන වා “අහං කුලීනො, ඉමෙ න කුලීනා”ති එවං කුලසම්පත්තිසඞ්ඛාතාහි කුල්යාහි වා, “අහං අඩ්ඪො, ඉමෙ දුග්ගතා”ති එවං ධනෙන වා, “අහං ජාතිසම්පන්නො, ඉමෙ දුජ්ජාතා”ති එවං ජච්චා වා නාවජානාති. රුචිපඤ්ඤොති සාධුපඤ්ඤො සුන්දරපඤ්ඤො . අත්ථකාලෙති කස්සචිදෙව අත්ථස්ස කාරණස්ස උප්පන්නකාලෙ. මතීමාති තං තං අත්ථං පරිච්ඡින්දිත්වා විචාරණසමත්ථතාය මතිමා හුත්වා තෙ සහායෙ නාවජානාති. සහායෙසූති තං තස්ස අනවජානනං සහායෙසු සොත්ථානං නාමාති පොරාණකපණ්ඩිතා ආහු. තෙන හි සො නිරපරාධමඞ්ගලෙන ඉධලොකෙ ච පරලොකෙ ච ගුත්තො හොති. තත්ථ පණ්ඩිතෙ සහායෙ නිස්සාය සොත්ථිභාවො කුසනාළිජාතකෙන (ජා· 1.1.121 ආදයො) කථෙතබ්බො.
සහාය මත්තෙ යනු යහළුවන් කෙරෙහි. හිතවත් බව ඇත්තන් කෙරෙහි. එහි එකට වැලි කෙළියෙහි යෙදුන හෙයින් යහළුවෝ නම් වෙත්. දහදොළොස් වසරක් එකට වාසය කරන ලද්දෝ සහාය මත්තා නම් වෙත්. ඒ සියල්ලන්ම මම ශිල්ප දන්නේ වෙමි. මොවුහු ශිල්ප නොදන්නෝ වෙති. මෙසේ ශිල්ප නිසා හෝ, මම උසස් කුල ඇත්තෙමි. මොවුහු උසස් කුල ඇත්තෝ නොවෙතියි මෙසේ කුලසම්පත්ති සංඛ්‍යාත කුලය නිසා හෝ, මම ධනවත් වෙමි. මොවුහු දුප්පත්හු වෙති යි මෙසේ ධනය නිසා හෝ මම උසස් ජාති ඇත්තෙමි. මොවුහු පහත් ජාති ඇත්තෝය යි මෙසේ ජාතිය නිසා හෝ අවඥා නොකෙරේ. රුචිපඤ්ඤෝ යනු යහපත් නුවණ ඇත්තේ සුන්දර වූ නුවණ ඇත්තේ. අත්ථකාලෙ යනු කිසියම් අත්ථස්ස කරුණක් උපන් කල්හි. මුතීමා යනු ඒ ඒ කරුණ පිරිසිඳ විමසීමෙහි සමත් නිසා බුද්ධිමත් වී ඔවුහු යහළුවන් අවඥාවට ලක් නොකරති. සහායෙසු යනු ඔහුට ඒ අවඥා නොකිරීම යහළුවන් කෙරෙහි මංගල නමැයි පෙර පඬුවෝ කීහ. හෙතෙම ඒ නිවරද වූ මංගලය කරණ කොට මෙලොවද පරලොවද ආරක්ෂා වූයේ වෙයි. එහි පණ්ඩිත වූ යහළුවන් නිසා සැපවත් වූ බව කුස නාළික ජාතකයෙන් කිවයුතුය.
සන්තොති පණ්ඩිතා සප්පුරිසා යස්ස මිත්තානි භවන්ති. සංවිස්සත්ථාති ඝරං පවිසිත්වා ඉච්ඡිතිච්ඡිතස්සෙව ගහණවසෙන විස්සාසමාපන්නා. අවිසංවාදකස්සාති අවිසංවාදනසීලස්ස. න මිත්තදුබ්භීති යො ච මිත්තදුබ්භී න හොති. සංවිභාගී ධනෙනාති අත්තනො ධනෙන මිත්තානං සංවිභාගං කරොති. මිත්තෙසූති මිත්තෙ නිස්සාය ලද්ධබ්බං තස්ස තං මිත්තෙසු සොත්ථානං නාම හොති. සො හි එවරූපෙහි මිත්තෙහි රක්ඛිතො සොත්ථිං පාපුණාති. තත්ථ මිත්තෙ නිස්සාය සොත්ථිභාවො මහාඋක්කුසජාතකාදීහි (ජා· 1.14.44 ආදයො) කථෙතබ්බො.
සන්තො යනු පණ්ඩිතයෝ සත්පුරුෂයෝ යමෙකුට මිත්‍රයෝ වෙත්ද සංවිස්සත්ථා යනු ගෙට පිවිස කැමති කැමති දේ ගැනීම් වශයෙන් විශ්වාසයට පැමිණියාහු. අවිසංවාදකස්ස යනු බොරු නොකියන සුළු. නමිත්තදුභී යනු මිත්‍රද්‍රෝහී නොවෙයි. සංවිභාගී ධනෙන යනු තමාගේ ධනයෙන් මිත්‍රයන්ට බෙදා දීම කරයි. මිත්තෙසු යනු මිත්‍රයන් නිසා ලද යුතු දේ ඔහුට මිත්‍රයන් අතර මංගල නම් වේ. හෙතෙම මෙවැනි මිත්‍රයන් විසින් රක්නා ලද්දේ සැපතට පැමිණේ. එහි මිතුරන් නිසා සුවපත් වූ බව මහා කුක්කුස ජාතක ආදියෙන් කිව යුතුය.
තුල්යවයාති සමානවයා. සමග්ගාති සමග්ගවාසා. අනුබ්බතාති අනුවත්තිතා. ධම්මකාමාති තිවිධසුචරිතධම්මං රොචෙති. පජාතාති විජායිනී, න වඤ්ඣා. දාරෙසූති එතෙහි සීලගුණෙහි සමන්නාගතෙ මාතුගාමෙ ගෙහෙ වසන්තෙ සාමිකස්ස සොත්ථි හොතීති පණ්ඩිතා කථෙන්ති. තත්ථ සීලවන්තං මාතුගාමං නිස්සාය සොත්ථිභාවො මණිචොරජාතක- (ජා· 1.2.87 ආදයො) සම්බූලජාතක- (ජා· 1.16.297 ආදයො) ඛණ්ඩහාලජාතකෙහි (ජා· 2.22.982 ආදයො) කථෙතබ්බො.
තුල්යවයා යනු සමාන වයස් ඇති. සමග්ගා යනු වෙන්ව නොවසන අනුබ්බතා යනු අනුව පවතින. ධම්මකාමා යනු ත්‍රිවිධ සුචරිත ධර්මයන් කැමති වෙයි. පජාතා යනු දරුවන් වදන. වඳ නොවූ දාරෙසු යනු මේ ගුණයන්ගෙන් යුත් ස්ත්‍රිය ගෙහි වසන කල්හි සැමියාට සැපයක් වේ යයි පණ්ඩිතයෝ කියති. එහි සිල්වත් ස්ත්‍රිය නිසා සැපවත් වීම මණිචොර-සම්බුලා-ඛණ්ඩපාල ජාතකයන්ගෙන් කිවයුතුය.
සොචෙය්යන්ති සුචිභාවං. අද්වෙජ්ඣතාති අද්වෙජ්ඣතාය න එස මයා සද්ධිං භිජ්ජිත්වා ද්විධා භවිස්සතීති එවං අද්වෙජ්ඣභාවෙන යං ජානාති. සුහදයං මමන්ති සුහදො අයං මමන්ති ච යං ජානාති. රාජූසු වෙති එවං රාජූසු සෙවකානං සොත්ථානං නාමාති පණ්ඩිතා කථෙන්ති. දදාති සද්ධොති කම්මඤ්ච ඵලඤ්ච සද්දහිත්වා දදාති. සග්ගෙසු වෙති එවං සග්ගෙ දෙවලොකෙ සොත්ථානං නිරපරාධමඞ්ගලන්ති පණ්ඩිතා කථෙන්ති, තං පෙතවත්ථුවිමානවත්ථූහි විත්ථාරෙත්වා කථෙතබ්බං.
සොචෙය්‍යං යනු පිරිසිදු බව. අපදවජ්ජතා යනු නොවෙනස්වන බවෙන්. මෙතෙම මා සමග බිඳී වෙනසක් වන්නේය යි මෙසේ දෙයාකාරයක් නොවන බව දනී. සුහුදයං මමං යනු මෙතෙම මට හිතවත් යයි යමක් දනිද රාජසු වෙ යනු මෙසේ රජුන් පිළිබඳව සේවකයන්ගේ මංගලය නම් වේ යයි පණ්ඩිතයෝ කියත්. දදානි සද්ධො යනු කර්මයද විපාකයද අදහා දෙයි. සග්ගෙසු වෙ යනු මෙසේ සුගතියෙහි දෙව්ලොව යහපත නිදොස් වූ මංගල යයි පණ්ඩිතයෝ කියත්. එය පේතවත්ථු. විමාන වත්ථූන්ගෙන් විස්තර කර කිවයුතුයි.
පුනන්ති වුද්ධාති යං පුග්ගලං ඤාණවුද්ධා අරියධම්මෙන පුනන්ති පරිසොධෙන්ති. සමචරියායාති සම්මාපටිපත්තියා. බහුස්සුතාති පටිවෙධබහුස්සුතා. ඉසයොති එසිතගුණා. සීලවන්තොති අරියසීලෙන සමන්නාගතා. අරහන්තමජ්ඣෙති අරහන්තානං මජ්ඣෙ පටිලභිතබ්බං තං සොත්ථානන්ති පණ්ඩිතා කථෙන්ති. අරහන්තො හි අත්තනා පටිවිද්ධමග්ගං ආචික්ඛිත්වා පටිපාදෙන්තා ආරාධකං පුග්ගලං අරියමග්ගෙන පුනන්ති, සොපි අරහාව හොති.
පුනන්ති වුද්ධා යනු යම් පුද්ගලයෙකු ගැන ඤාණයෙන් වැඩිහිටියෝ ආර්ය ධර්මයෙන් යහපත් ධර්මයෙන් සතුටට පත් වෙත්ද, පිරිසිදු බවට පත්වෙත්ද, සමචරියා යනු යහපත් ප්රතිපත්තියයි. බහුස්සුතා යනු අවබෝධයෙන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති. ඉසයෙ තවුස් සමූහයා. සීලවන්තො. උසස් සීලයෙන් යුක්ත වූවාහු. අරහන්ත මජ්ක්ධෙ රහතුන් මැද ලද යුතු යහපතැයි පණ්ඩිතයෝ කියත්. රහත්හු මා විසින් අවබෝධ කරන ලද මාර්ගය කියා පිළියෙල කරන්නාහු සතුටු කරවන පුද්ගලයා උසස් ධර්මයෙන් පිරිසිදු කරත්ද ඔහුද රහත් කෙනෙක්ම වෙයි.
එවං මහාසත්තො අරහත්තෙන දෙසනාය කූටං ගණ්හන්තො අට්ඨහි ගාථාහි අට්ඨ මහාමඞ්ගලානි කථෙත්වා තෙසඤ්ඤෙව මඞ්ගලානං ථුතිං කරොන්තො ඔසානගාථමාහ –
මෙසේ මහා සත්ත්වයෝ සුදුසු වූ දේශනාවෙන් කුළු ගන්වන්නේ ගාථා අටකින් මංගලයන් කියා ඒ මංගලයන්ටම ස්තුති කරන්නේ අවසාන ගාථාව කීය.
“එතානි ඛො සොත්ථානානි ලොකෙ, විඤ්ඤුප්පසත්ථානි සුඛුද්රයානි; තානීධ සෙවෙථ නරො සපඤ්ඤො, න හි මඞ්ගලෙ කිඤ්චනමත්ථි සච්ච”න්ති.
10. නුවණැත්තන් විසින් පසසන ලද සැප ගෙනදෙන්නා වූ මේවා ලොව මංගලයෝ වෙති. නුවණැති මිනිසා ඒවා සේවනය කරන්නේ ය. මංගලයන්ගෙන් තොර කිසිදු සත්‍යයක් නැත.
තත්ථ න හි මඞ්ගලෙති තස්මිං පන දිට්ඨසුතමුතප්පභෙදෙ මඞ්ගලෙ කිඤ්චනං එකමඞ්ගලම්පි සච්චං නාම නත්ථි, නිබ්බානමෙව පනෙකං පරමත්ථසච්චන්ති.
එහි මංගලෙ යනු ඒ දිට්ඨ-සුත-මුත වශයෙන් කොටස් වූ මංගල කරුණු අතර කිසි එක් මංගලයක් හෝ සත්‍ය නොවේ. නිර්වාණයම එකම පරම සත්‍යයයි.
ඉසයො තානි මඞ්ගලානි සුත්වා සත්තට්ඨදිවසච්චයෙන ආචරියං ආපුච්ඡිත්වා තත්ථෙව අගමංසු. රාජා තෙසං සන්තිකං ගන්ත්වා පුච්ඡි. තෙ තස්ස ආචරියෙන කථිතනියාමෙන මඞ්ගලපඤ්හං කථෙත්වා හිමවන්තමෙව ආගමංසු. තතො පට්ඨාය ලොකෙ මඞ්ගලං පාකටං අහොසි. මඞ්ගලෙසු වත්තිත්වා මතමතා සග්ගපථං පූරෙසුං. බොධිසත්තො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා ඉසිගණං ආදාය බ්රහ්මලොකෙ නිබ්බත්ති.
තවුසෝ ඒ මංගල කරුණු අසා සත් අට දවසක් ඇවෑමෙන් ආචාර්යයන් විමසා එහිම ගියාහුය. රජ ඔවුන් සමීපයට ගොස් විචාළේය. ඔවුහු ඒ රජුට ආචාර්යවරයා විසින් කියන ලද පරිදිම මංගල ප්රශ්නය කියා හිමවතට ගියෝය. එතැන් පටන් ලොව මංගල කරුණු ප්‍රකට වීය. මංගලයන්හි පිහිටා මළ මළ අය දෙව්ලොව පිරවූහ. බෝධිසත්ත්ව තෙමේ බ්‍රහ්ම විහරණයන් වඩා තවුස් සමූහයා ගෙන බඹලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපාහං මඞ්ගලපඤ්හං කථෙසි”න්ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා ඉසිගණො බුද්ධපරිසා අහොසි , මඞ්ගලපඤ්හපුච්ඡකො ජෙට්ඨන්තෙවාසිකො සාරිපුත්තො, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොවේ. මම පෙරද මංගල ප්‍රශ්න කීවෙමියි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි තවුස් සමූහයා බුද්ධපිරිස වීය. මංගල ප්රශ්නය විමසූ ප්‍රධාන අතවැසියා සැරියුත් තෙර විය. ආචාර්යවරයා මම ම වීමි යයි වදාළහ.
මහාමඞ්ගලජාතකවණ්ණනා පන්නරසමා.