යෙදුමෙන් කියවන්න

16. ඝටපණ‍්ඩිතජාතකවණ‍්ණනා 454 අට‍්ඨකථා

16. ඝටපණ‍්ඩිතජාතකවණ‍්ණනා (454)

16. ඝතපණ්ඩිත ජාතකය (454)

උට‍්ඨෙහි කණ‍්හාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මතපුත‍්තං කුටුම‍්බිකං ආරබ‍්භ කථෙසි. වත්‍ථු මට‍්ඨකුණ‍්ඩලිසදිසමෙව. ඉධ පන සත්‍ථා තං උපාසකං “කිං, උපාසක, සොචසී”ති වත්‍වා “ආම, භන‍්තෙ”න‍්ති වුත‍්තෙ “උපාසක, පොරාණකපණ‍්ඩිතා පණ‍්ඩිතානං කථං සුත්‍වා මතපුත‍්තං නානුසොචිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

උට්ඨෙහි කණ්හා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මළ කෙළෙඹි පුත්‍රයෙකු අරබයා දේශනා කළ සේක. කථා වස්තුව මටටකුණ්ඩලී කථාව හා සමානමය. මෙහි ශාස්තෲන් වහන්සේ ඒ උපාසකයාට උපාසකය කිම? සෝක කරහිදැයි කියා එසේය ස්වාමීනි යයි කී කල්හි උපාසකය, පැරණි පණ්ඩිතයෝ පණ්ඩිතයන්ගේ කථාව අසා මළපුතු වෙනුවෙන් ශෝක නොකළාහුයයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර දක්වා වදාළ සේක.

අතීතෙ උත‍්තරපථෙ කංසභොගෙ අසිතඤ‍්ජනනගරෙ මහාකංසො නාම රාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස කංසො ච, උපකංසො චාති ද‍්වෙ පුත‍්තා අහෙසුං, දෙවගබ‍්භා නාම එකා ධීතා. තස‍්සා ජාතදිවසෙ නෙමිත‍්තකා බ්‍රාහ‍්මණා “එතිස‍්සා කුච‍්ඡියං නිබ‍්බත‍්තපුත‍්තා කංසගොත‍්තං කංසවංසං නාසෙස‍්සන‍්තී”ති බ්‍යාකරිංසු. රාජා බලවසිනෙහෙන ධීතරං විනාසෙතුං නාසක‍්ඛි, “භාතරො ජානිස‍්සන‍්තී”ති යාවතායුකං ඨත්‍වා කාලමකාසි. තස‍්මිං කාලකතෙ කංසො රාජා අහොසි, උපකංසො උපරාජා. තෙ චින‍්තයිංසු “සචෙ මයං භගිනිං නාසෙස‍්සාම, ගාරය‍්හා භවිස‍්සාම, එතං කස‍්සචි අදත්‍වා නිස‍්සාමිකං කත්‍වා පටිජග‍්ගිස‍්සාමා”ති. තෙ එකථූණකං පාසාදං කාරෙත්‍වා තං තත්‍ථ වසාපෙසුං. නන්‍දිගොපා නාම තස‍්සා පරිචාරිකා අහොසි. අන්‍ධකවෙණ‍්ඩො නාම දාසො තස‍්සා සාමිකො ආරක‍්ඛමකාසි.

අතීතයෙහි උත්තරා පථයෙහි කංස භෝගයෙහි අසිතඤ්ජන නගරයෙහි මහාකංස නම් රජ රාජ්‍යය කරවීය. ඔහුට කංස හා උපකංස යයි පුත්තු දෙදෙනෙක් වූහ. දෙවගබ්භා නම් එක් දියණියක්ද වූවාය. ඇය උපන් දවසෙහි නිමිති කියන්නා වූ බ්‍රාහ්මණයෝ මැයගේ කුසෙහි උපන් පුත්‍රයා කංස ගෝත්‍රය කංස කුලය නසන්නේයයි කීහ. රජු බලවත් සෙනෙහස නිසා දූව නසන්නට නොහැකි වීය. සොහොයුරෝ (කළයුතු දේ) දන්නෝ යයි දිවි ඇති තෙක් සිට කළුරිය කළේය. ඔහු කළුරිය කළ කල්හි කංස රජ වීය. උපකංස යුවරජ වීය. ඔවුහු මෙසේ සිතූහ. ඉදින් අපි සොහොයුරිය නසන්නෙමු නම් ගර්හා කළ යුත්තෝ වන්නෙමු. මැය කිසිවෙකුට නොදී ස්වාමියෙකු නැත්තියක කර පෝෂණය කරමු යයි. ඔවුහු එක්ටැම් ප්‍රාසාදයක් කරවා ඇය එහි වාසය කරවූවාහුය. ඇගේ සේවිකාව නන්‍දගොපා නම් වූවාය. අන්‍ධක වෙණහු නම් ඇගේ ස්වාමී වූ දාසයා ඇයට ආරක්‍ෂාව කළේය.

තදා උත‍්තරමධුරාය මහාසාගරො නාම රාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස සාගරො, උපසාගරො චාති ද‍්වෙ පුත‍්තා අහෙසුං. තෙසු පිතු අච‍්චයෙන සාගරො රාජා අහොසි, උපසාගරො උපරාජා. සො උපකංසස‍්ස සහායකො එකාචරියකුලෙ එකතො උග‍්ගහිතසිප‍්පො. සො සාගරස‍්ස භාතු අන‍්තෙපුරෙ දුබ‍්භිත්‍වා භායමානො පලායිත්‍වා කංසභොගෙ උපකංසස‍්ස සන‍්තිකං අගමාසි. උපකංසො තං රඤ‍්ඤො දස‍්සෙසි, රාජා තස‍්ස මහන‍්තං යසං අදාසි. සො රාජුපට‍්ඨානං ගච‍්ඡන‍්තො දෙවගබ‍්භාය නිවාසං එකථම‍්භං පාසාදං දිස‍්වා “කස‍්සෙසො නිවාසො”ති පුච‍්ඡිත්‍වා තං කාරණං සුත්‍වා දෙවගබ‍්භාය පටිබද‍්ධචිත‍්තො අහොසි. දෙවගබ‍්භාපි එකදිවසං තං උපකංසෙන සද‍්ධිං රාජුපට‍්ඨානං ආගච‍්ඡන‍්තං දිස‍්වා “කො එසො”ති පුච‍්ඡිත්‍වා “මහාසාගරස‍්ස පුත‍්තො උපසාගරො නාමා”ති නන්‍දිගොපාය සන‍්තිකා සුත්‍වා තස‍්මිං පටිබද‍්ධචිත‍්තා අහොසි. උපසාගරො නන්‍දිගොපාය ලඤ‍්ජං දත්‍වා “භගිනි, සක‍්ඛිස‍්සසි මෙ දෙවගබ‍්භං දස‍්සෙතු”න‍්ති ආහ. සා “න එතං සාමි, ගරුක”න‍්ති වත්‍වා තං කාරණං දෙවගබ‍්භාය ආරොචෙසි. සා පකතියාව තස‍්මිං පටිබද‍්ධචිත‍්තා තං වචනං සුත්‍වා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා නන්‍දිගොපා උපසාගරස‍්ස සඤ‍්ඤං දත්‍වා රත‍්තිභාගෙ තං පාසාදං ආරොපෙසි. සො දෙවගබ‍්භාය සද‍්ධිං සංවාසං කප‍්පෙසි. අථ නෙසං පුනප‍්පුනං සංවාසෙන දෙවගබ‍්භා ගබ‍්භං පටිලභි.

එකල්හි උත්තර මධුරාවෙහි මහා සාගර නම් රජ රාජ්‍යය කරවයි. ඔහුට සාගර යයිද උපසාගර යයිද පුත්තු දෙදෙනෙක් වූහ. පියා ඇවෑමෙන් ඔවුන් අතර සාගර රජ වීය. උප සාගර යුවරජ වීය. ඔහු උපකංසගේ යහළුවෙකි. එකම ගුරු කුලයෙහි එකට උගන්නා ලද ශිල්ප ඇති ඔහු සොහොයුරාගේ අන්තඃපුරයෙහි ද්‍රෝහී වී අල්ලාගනු ලබන්නේ පලාගොස් කංස භෝගයෙහි උපකංස සමීපයට ගියේය. උපකංසයා කංස රජුට දැක්වීය. රජ ඔහුට මහත් වූ සම්පත් දුන්නේය. ඔහු රජුට උපස්ථාන පිණිස යන්නේ දේවගබ්භා කුමරියගේ එක්ටැම් පහය දැක මේ කවරෙකුගේ නිවාසයක් දැයි විමසා ඒ කරුණ අසා දේවගබ්භා පිළිබඳව බැඳුන සිත් ඇත්තේ වීය. දෙවගබ්භා කුමරියද එක් දිනක් උපකංස සමග රජුට උපස්ථාන පිණිස යන ඔහු දැක මොහු කවරෙක්දැයි විමසා මහාසාගර රජුගේ පුත් උපසාගර නම් යයි නන්‍දගෝපා වෙතින් අසා ඔහු පිළිබඳව බැඳුන සිත් ඇත්තී වූවාය. උපසාගර තෙමේ නන්‍දගෝපාවට අත්ලස් දී සොහොයුරිය, මට දේවගබ්භාව දක්වන්නට හැක්කෙහිදැයි කීය. ඇය ස්වාමීනි, මෙය බැරෑරුම් දෙයක් නොවේ යයි කිය ඒ කාරණය දේවගබ්භා කුමරියට දැන්වූවාය. ඇය ස්වභාවයෙන්ම ඔහු පිළිබඳ බැඳුන සිත් ඇත්තී ඒ වචනය අසා මැනවැයි පිළිගත්තීය. නන්‍දගෝපා තොමෝ උපසාගරට සළකුණක් දී රාත්‍රී කාලයෙහි ඔහු ප්‍රාසාදයට නංවාලීය. ඔහු දේවගබ්භා කුමරිය සමග සංවාසයෙහි යෙදුනේය. ඉක්බිති ඔවුන්ගේ නැවත නැවත එක්ව විසීමෙන් දේවගබ්භාව ගැබක් ලැබුවාය.

අපරභාගෙ තස‍්සා ගබ‍්භපතිට‍්ඨානං පාකටං අහොසි. භාතරො නන්‍දිගොපං පුච‍්ඡිංසු, සා අභයං යාචිත්‍වා තං අන‍්තරං කථෙසි. තෙ සුත්‍වා “භගිනිං නාසෙතුං න සක‍්කා, සචෙ ධීතරං විජායිස‍්සති, තම‍්පි න නාසෙස‍්සාම, සචෙ පන පුත‍්තො භවිස‍්සති, නාසෙස‍්සාමා”ති චින‍්තෙත්‍වා දෙවගබ‍්භං උපසාගරස‍්සෙව අදංසු. සා පරිපුණ‍්ණගබ‍්භා ධීතරං විජායි. භාතරො සුත්‍වා හට‍්ඨතුට‍්ඨා තස‍්සා “අඤ‍්ජනදෙවී”ති නාමං කරිංසු. තෙසං භොගවඩ‍්ඪමානං නාම භොගගාමං අදංසු. උපසාගරො දෙවගබ‍්භං ගහෙත්‍වා භොගවඩ‍්ඪමානගාමෙ වසි. දෙවගබ‍්භාය පුනපි ගබ‍්භො පතිට‍්ඨාසි, නන්‍දිගොපාපි තං දිවසමෙව ගබ‍්භං පටිලභි. තාසු පරිපුණ‍්ණගබ‍්භාසු එකදිවසමෙව දෙවගබ‍්භා පුත‍්තං විජායි, නන්‍දිගොපා ධීතරං විජායි. දෙවගබ‍්භා පුත‍්තස‍්ස විනාසනභයෙන පුත‍්තං නන්‍දිගොපාය රහස‍්සෙන පෙසෙත්‍වා තස‍්සා ධීතරං ආහරාපෙසි. තස‍්සා විජාතභාවං භාතිකානං ආරොචෙසුං. තෙ “පුත‍්තං විජාතා, ධීතර”න‍්ති පුච‍්ඡිත්‍වා “ධීතර”න‍්ති වුත‍්තෙ “තෙන හි පොසෙථා”ති ආහංසු. එතෙනුපායෙන දෙවගබ‍්භා දස පුත‍්තෙ විජායි, දස ධීතරො නන්‍දිගොපා විජායි. දස පුත‍්තා නන්‍දිගොපාය සන‍්තිකෙ වඩ‍්ඪන‍්ති, ධීතරො දෙවගබ‍්භාය. තං අන‍්තරං කොචි න ජානාති. දෙවගබ‍්භාය ජෙට‍්ඨපුත‍්තො වාසුදෙවො නාම අහොසි, දුතියො බලදෙවො, තතියො චන්‍දදෙවො, චතුත්‍ථො සූරියදෙවො, පඤ‍්චමො අග‍්ගිදෙවො, ඡට‍්ඨො වරුණදෙවො, සත‍්තමො අජ‍්ජුනො, අට‍්ඨමො පජ‍්ජුනො, නවමො ඝටපණ‍්ඩිතො, දසමො අඞ‍්කුරො නාම අහොසි. තෙ අන්‍ධකවෙණ‍්ඩදාසපුත‍්තා දස භාතිකා චෙටකාති පාකටා අහෙසුං.

මෑත කාලයෙහි ඇයගේ ගැබ් පිහිටීම ප්‍රකට වීය. සොහොයුරෝ නන්‍දගෝපාවගෙන් විමසූහ. ඇය අභය ඉල්වා ඒ වෙනස කීවාය. ඒ අසා සොහොයුරිය නසන්නට නොහැකිය. ඉදින් දුවක් උපදින්නනේද ඇයද නොනසමු. ඉදින් පුත්‍රයෙක් වන්නේද නසන්නෙමුයි සිතා දේවගබ්භාව උපසාගරටම දුන්නාහුය. ඇය පිරිපුන් ගැබ් ඇත්තී දුවක් වැදුවාය. සොහොවුරෝ ඒ අසා තුටුපහටු වූවාහු ඇයට අඤ්ජනදේවී යයි නම් කළාහුය. ඔවුන්ට ගොවඩ්ඪමාන නම් ගොදුරු ගමක් දුන්හ. උපසාගරයා දේවගබ්භාව ගෙන ගොවඩ්ඪමාන ගමෙහි වාසය කළේය. දේවගබ්භාවට නැවතද ගැබක් පිහිටියේය. නන්‍දගෝපාද එදවසම ගැබක් ලැබුවාය. ඇයගේ ගැබ් පිරිපුන් කල්හි එක්දිනම දේවගබ්භාව පුතෙකු වැදුවාය. නන්‍දගෝපාව දුවක වැදුවාය. දේවගබ්භා තොමෝ පුතුගේ නැසීමේ බියෙන් පුතු නන්‍දගෝපා වෙත රහසින් යවා ඇගේ දුව ගෙන්වා ගත්තාය. ඇය වැදූ බව සොහොයුරන්ට දැන්වූවාහුය. ඔවුහු වැදුවා පුතෙක්ද දුවෙක්දැයි විමසා දුවක යයි කී කල්හි එසේනම් පෝෂණය කරවයි කීවාහුය. ඒ උපායෙන් දේවගබ්භා තොමෝ පුතුන් දසදෙනෙක් වැදුවාය. නන්‍දගෝපා දූවරුන් දසදෙනෙක් වැදුවාය. පුත්‍රයෝ නන්‍දගෝපා වෙත වැඩෙත්. දූවරු දේවගබ්භා වෙත වැඩෙත්. ඒ වෙනස කවරෙක් හෝ නොදනී. දේවගබ්භාගේ වැඩිමහල් පුතා වාසුදේව නම් වීය. දෙවැන්නා බලදේව නම් වීය. තෙවැන්නා චන්‍දදේව නම් වීය. සිව්වැන්නා සූරියදේව නම්ද පස්වැන්නා අග්ගිදේව නම්ද සවැන්නා වරුණදේව නම්ද සත්වැන්නා අර්ජුන නම්ද අටවැන්නා පජ්ජුන ද නවවැන්නා ඝත පණ්ඩිත ද දසවැන්නා අංකුර නම්ද වූහ. ඒ අන්‍ධක වෙණ්හු දාස පුත්‍රයෝ දස සොහොවුරෝ යයි ප්‍රකට වූහ.

තෙ අපරභාගෙ වුද‍්ධිමන්‍වාය ථාමබලසම‍්පන‍්නා කක‍්ඛළා ඵරුසා හුත්‍වා විලොපං කරොන‍්තා විචරන‍්ති , රඤ‍්ඤො ගච‍්ඡන‍්තෙ පණ‍්ණාකාරෙපි විලුම‍්පන‍්තෙව. මනුස‍්සා සන‍්නිපතිත්‍වා “අන්‍ධකවෙණ‍්ඩදාසපුත‍්තා දස භාතිකා රට‍්ඨං විලුම‍්පන‍්තී”ති රාජඞ‍්ගණෙ උපක‍්කොසිංසු. රාජා අන්‍ධකවෙණ‍්ඩං පක‍්කොසාපෙත්‍වා “කස‍්මා පුත‍්තෙහි විලොපං කාරාපෙසී”ති තජ‍්ජෙසි. එවං දුතියම‍්පි තතියම‍්පි මනුස‍්සෙහි උපක‍්කොසෙ කතෙ රාජා තං සන‍්තජ‍්ජෙසි. සො මරණභයභීතො රාජානං අභයං යාචිත්‍වා “දෙව, එතෙ න මය‍්හං පුත‍්තා, උපසාගරස‍්ස පුත‍්තා”ති තං අන‍්තරං ආරොචෙසි. රාජා භීතො “කෙන තෙ උපායෙන ගණ‍්හාමා”ති අමච‍්චෙ පුච‍්ඡිත්‍වා “එතෙ, දෙව, මල‍්ලයුද‍්ධවිත‍්තකා, නගරෙ යුද‍්ධං කාරෙත්‍වා තත්‍ථ නෙ යුද‍්ධමණ‍්ඩලං ආගතෙ ගාහාපෙත්‍වා මාරෙස‍්සාමා”ති වුත‍්තෙ චාරුරඤ‍්ච, මුට‍්ඨිකඤ‍්චාති ද‍්වෙ මල‍්ලෙ පොසෙත්‍වා “ඉතො සත‍්තමෙ දිවසෙ යුද‍්ධං භවිස‍්සතී”ති නගරෙ භෙරිං චරාපෙත්‍වා රාජඞ‍්ගණෙ යුද‍්ධමණ‍්ඩලං සජ‍්ජාපෙත්‍වා අක‍්ඛවාටං කාරෙත්‍වා යුද‍්ධමණ‍්ඩලං අලඞ‍්කාරාපෙත්‍වා ධජපටාකං බන්‍ධාපෙසි. සකලනගරං සඞ‍්ඛුභි. චක‍්කාතිචක‍්කං මඤ‍්චාතිමඤ‍්චං බන්‍ධිත්‍වා චාරුරමුට‍්ඨිකා යුද‍්ධමණ‍්ඩලං ආගන‍්ත්‍වා වග‍්ගන‍්තා ගජ‍්ජන‍්තා අප‍්ඵොටෙන‍්තා විචරිංසු. දස භාතිකාපි ආගන‍්ත්‍වා රජකවීථිං විලුම‍්පිත්‍වා වණ‍්ණසාටකෙ නිවාසෙත්‍වා ගන්‍ධාපණෙසු ගන්‍ධං , මාලාකාරාපණෙසු මාලං විලුම‍්පිත්‍වා විලිත‍්තගත‍්තා මාලධාරිනො කතකණ‍්ණපූරා වග‍්ගන‍්තා ගජ‍්ජන‍්තා අප‍්ඵොටෙන‍්තා යුද‍්ධමණ‍්ඩලං පවිසිංසු.

ඔවුහු මෑත කාලයෙහි වැඩීම නිසා ශක්ති සම්පන්න වූවාහු නපුරු පරුෂ වී පැහැරගැනීම් කරන්නාහු හැසිරෙති. රජුගේ පණිවුඩකරුවන්ද පැහැර ගනිත්මය. මිනිස්සු රැස් වී අන්‍ධක වෙණ්හු දාසපුත්‍ර වූ දස සහෝදරයෝ රට පැහැර ගනිත් යයි රජ මිදුලෙහි දොස් නැගූහ. රජු අන්‍ධකවෙණ්හු කැඳවා කුමක් හෙයින් පුතුන් විසින් පැහැර ගැනීම් කරන්නහි දැයි තර්ජනය කෙළේය. මෙසේ දෙවන වරද තෙවන වරද මිනිසුන් දෝෂාරෝපණ කළ කල්හි රජු ඔහුට තර්ජනය කළේය. ඔහු මරණ බියෙන් බියපත් වූයේ අභය ඉල්වා දේවයන් වහන්ස, මොවුහු මගේ පුත්‍රයෝ නොවෙති. උපසාගරගේ පුත්‍රයන්ය යි වෙනස දැන්වීය. රජු බියට පත්වූයේ කවර උපායකින් ඔවුන් අල්ලා ගනිමුදැයි විමසා දේවයන් වහන්ස, මොවුහු මල්ලවපොර ශූරයෝය. නුවර යුද්ධයක් කොට මොවුන් ඒ යුද මණ්ඩලයට පැමිණි කල්හි අල්වාගෙන මරන්නෙමුයි. කී කල්හි වානුරද මුට්ඨික දැයි මල්ලවපොරකරුවන් දෙදෙනෙකු පෝෂණය කොට මෙයින් සත්වන දිනයෙහි යුද්ධයක් වන්නේය යි නගරයෙහි බෙර හසුරුවා රජ දොරටුවෙහි මණ්ඩලයක් සාදවා සූදු වළක් කරවා යුද මණ්ඩලය අලංකාර කරවා ධජපතාක බැන්දවූවාහුය. සියළු නගරය කැළඹී ගියේය. සකින් සක ඇඳින් ඇඳ බැන්දාහුය. චානුර මුට්ඨික දෙදෙනා යුද්ධ මණ්ඩලයට පැමිණ ගර්ජනා කරන්නාහු අත්පොළොසන් දෙන්නාහු-හැසිරුනාහ. සොහෝයුරෝ දසදෙනාද අවුත් රෙදි සෝදන්නන්ගේ වීථීය පැහැරගෙන නොයෙක් පැහැ ඇති සළු හැඳ සුවඳ ද්‍රව්‍ය විකුණන වෙළඳහල් වලින් සුවඳද මල්කරුවන්ගේ වෙළඳහල්වලින් මල්මාලාද පැහැරගෙන සුවඳ ගැල්වූ සිරුරු ඇත්තෝ මල්මාලා ඇත්තෝ කරන ලද කන්පුරා කෑගැසීම් ඇත්තාහු. ගර්ජනා කරන්නාහු අත්පොළොසන් දෙන්නාහු යුද්ධ මණ්ඩලයට පිවිසුනහ.

තස‍්මිං ඛණෙ චාරුරො අප‍්ඵොටෙන‍්තො විචරති. බලදෙවො තං දිස‍්වා “න නං හත්‍ථෙන ඡුපිස‍්සාමී”ති හත්‍ථිසාලතො මහන‍්තං හත්‍ථියොත‍්තං ආහරිත්‍වා වග‍්ගිත්‍වා ගජ‍්ජිත්‍වා යොත‍්තං ඛිපිත්‍වා චාරුරං උදරෙ වෙඨෙත්‍වා ද‍්වෙ යොත‍්තකොටියො එකතො කත්‍වා වත‍්තෙත්‍වා උක‍්ඛිපිත්‍වා සීසමත්‍ථකෙ භමෙත්‍වා භූමියං පොථෙත්‍වා බහි අක‍්ඛවාටෙ ඛිපි. චාරුරෙ මතෙ රාජා මුට‍්ඨිකමල‍්ලං ආණාපෙසි. සො උට‍්ඨාය වග‍්ගිත්‍වා ගජ‍්ජිත්‍වා අප‍්ඵොටෙසි. බලදෙවො තං පොථෙත්‍වා අට‍්ඨීනි සඤ‍්චුණ‍්ණෙත්‍වා “අමල‍්ලොම‍්හි, අමල‍්ලොම‍්හී”ති වදන‍්තමෙව “නාහං තව මල‍්ලභාවං වා අමල‍්ලභාවං වා ජානාමී”ති හත්‍ථෙ ගහෙත්‍වා භූමියං පොථෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙත්‍වා බහි අක‍්ඛවාටෙ ඛිපි. මුට‍්ඨිකො මරන‍්තො “යක‍්ඛො හුත්‍වා තං ඛාදිතුං ලභිස‍්සාමී”ති පත්‍ථනං පට‍්ඨපෙසි. සො කාලමත‍්තිකඅටවියං නාම යක‍්ඛො හුත්‍වා නිබ‍්බත‍්ති. රාජා “ගණ‍්හථ දස භාතිකෙ චෙටකෙ”ති උට‍්ඨහි . තස‍්මිං ඛණෙ වාසුදෙවො චක‍්කං ඛිපි. තං ද‍්වින‍්නම‍්පි භාතිකානං සීසානි පාතෙසි. මහාජනො භීතතසිතො “අවස‍්සයා නො හොථා”ති තෙසං පාදෙසු පතිත්‍වා නිපජ‍්ජි. තෙ ද‍්වෙපි මාතුලෙ මාරෙත්‍වා අසිතඤ‍්ජනනගරෙ රජ‍්ජං ගහෙත්‍වා මාතාපිතරො තත්‍ථ කත්‍වා “සකලජම‍්බුදීපෙ රජ‍්ජං ගණ‍්හිස‍්සාමා”ති නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන කාලයොනකරඤ‍්ඤො නිවාසං අයුජ‍්ඣනගරං ගන‍්ත්‍වා තං පරික‍්ඛිපිත්‍වා ඨිතං පරිඛාරුක‍්ඛගහනං විද‍්ධංසෙත්‍වා පාකාරං භින්‍දිත්‍වා රාජානං ගහෙත්‍වා තං රජ‍්ජං අත‍්තනො හත්‍ථගතං කත්‍වා ද‍්වාරවතිං පාපුණිංසු. තස‍්ස පන නගරස‍්ස එකතො සමුද‍්දො එකතො පබ‍්බතො, අමනුස‍්සපරිග‍්ගහිතං කිර තං අහොසි.

එකෙනෙහි චානුර තෙමේ අත්පොළොසන් දෙමින් හැසිරෙයි. බලදේව ඔහු දැක ඔබ අතින් ස්පර්ශ නොකරමි යි ඇත්හලෙන් මහත් වූ ඇත් යොතක් ගෙන අවුත් කෑ ගසා ගර්ජනා කොට යොත දමා වානුරගේ බඩෙහි වෙලා යොත් කෙළවර දෙක එකතුකොට වෙළා ඔසවා හිස මත කරකවා බිම ගසා පිටත සක්වලෙහි දැම්මේය. චානුර මළ කල්හි රජු මුට්ඨික මල්ලවපොර කරුට ඇණවීය. ඔහු නැගිට කෑගසා ගර්ජනා කර අත්පොළොසන් දුන්නේය. බලදේව ඔහු තලා ඇට සුණුවිසුණු කර මල්ලවපොර කරුවෙක් නොවෙමි. මල්ලවපොර කරුවෙකු නොවෙමියි කියන්නේම මම තොපගේ මල්ලවපොරකරු බව හෝ මල්ලවපොරකරු නොවන බව නොදනිමියි අතින් පොළොවේ ගසා ජීවිතක්‍ෂයට පත්කර පිටත සක්වලෙහි දැමීය. මුට්ඨික තෙමේ මැරෙන්නේ යක්‍ෂයෙකු වී කන්නට ලබන්නෙමියි ප්‍රාර්ථනාවක් කළේය. ඔහු කාලමත්තිය නම් වනයෙහි යක්‍ෂයෙක් වී උපන්නේය. රජු දසබෑ කොල්ලන් ගනිව් යයි නැගී සිටියේය. එකෙණෙහි වාසුදේව තෙමේ රෝදය දමා ගැසීය. එය සහෝදරයන් දෙදෙනාගේම හිස් හෙලීය. මහජනයා බියෙන් තැති ගත්තේ අපට පිහිට වව් යයි ඔවුන්ගේ පාමුල වැටී හොත්තේය. ඔවුහු මාමාවරුන් දෙදෙනා මරා අසිතඤ්ජන නගරයෙහි රාජ්‍යය ගෙන මව්පියවරු එහි කොට දසදෙනාම මුළු දඹදිව රාජ්‍යය ගනිමු යයි නික්ම පිළිවෙලින් කාලසේන රජුගේ නිවෙස් වූ අයෝධ්‍යා නගරයට ගොස් නගරය වටකොට සිටි වනය වනසා පවුර බිඳ රජුගෙන ඒ රාජ්‍යය තමා අතට පත්වූවක් කොට ද්වාරවතී නගරයට පැමිණියේය. ඒ නගරයේ එක් පසකින් මුහුදය. එක් පසකින් පර්වතයයි. එය අමනුෂ්‍යයන් අධිගෘහිත වූවක් වීය.

තස‍්ස ආරක‍්ඛං ගහෙත්‍වා ඨිතයක‍්ඛො පච‍්චාමිත‍්තෙ දිස‍්වා ගද්‍රභවෙසෙන ගද්‍රභරවං රවති. තස‍්මිං ඛණෙ යක‍්ඛානුභාවෙන සකලනගරං උප‍්පතිත්‍වා මහාසමුද‍්දෙ එකස‍්මිං දීපකෙ තිට‍්ඨති. පච‍්චාමිත‍්තෙසු ගතෙසු පුනාගන‍්ත්‍වා සකට‍්ඨානෙයෙව පතිට‍්ඨාති. තදාපි සො ගද්‍රභො තෙසං දසන‍්නං භාතිකානං ආගමනං ඤත්‍වා ගද්‍රභරවං රවි. නගරං උප‍්පතිත්‍වා දීපකෙ පතිට‍්ඨාය තෙසු නගරං අදිස‍්වා නිවත‍්තන‍්තෙසු පුනාගන‍්ත්‍වා සකට‍්ඨානෙ පතිට‍්ඨාසි. තෙ පුන නිවත‍්තිංසු, පුනපි ගද්‍රභො තථෙව අකාසි. තෙ ද‍්වාරවතිනගරෙ රජ‍්ජං ගණ‍්හිතුං අසක‍්කොන‍්තා කණ‍්හදීපායනස‍්ස ඉසිනො සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “භන‍්තෙ, මයං ද‍්වාරවතියං රජ‍්ජං ගහෙතුං න සක‍්කොම, එකං නො උපායං කරොථා”ති පුච‍්ඡිත්‍වා “පරිඛාපිට‍්ඨෙ අසුකස‍්මිං නාම ඨානෙ එකො ගද්‍රභො චරති. සො හි අමිත‍්තෙ දිස‍්වා විරවති, තස‍්මිං ඛණෙ නගරං උප‍්පතිත්‍වා ගච‍්ඡති, තුම‍්හෙ තස‍්ස පාදෙ ගණ‍්හථ, අයං වො නිප‍්ඵජ‍්ජනූපායො”ති වුත‍්තෙ තාපසං වන්‍දිත්‍වා ගන‍්ත්‍වා ගද්‍රභස‍්ස පාදෙසු ගහෙත්‍වා නිපතිත්‍වා “සාමි, ඨපෙත්‍වා තුම‍්හෙ අඤ‍්ඤො අම‍්හාකං අවස‍්සයො නත්‍ථි, අම‍්හාකං නගරං ගණ‍්හනකාලෙ මා රවිත්‍ථා”ති යාචිංසු. ගද්‍රභො “න සක‍්කා න විරවිතුං, තුම‍්හෙ පන පඨමතරං ආගන‍්ත්‍වා චත‍්තාරො ජනා මහන‍්තානි අයනඞ‍්ගලානි ගහෙත්‍වා චතූසු නගරද‍්වාරෙසු මහන‍්තෙ අයඛාණුකෙ භූමියං ආකොටෙත්‍වා නගරස‍්ස උප‍්පතනකාලෙ නඞ‍්ගලානි ගහෙත්‍වා නඞ‍්ගලබද‍්ධං අයසඞ‍්ඛලිකං අයඛාණුකෙ බන්‍ධෙය්‍යාථ, නගරං උප‍්පතිතුං න සක‍්ඛිස‍්සතී”ති ආහ.

ඒ නගරයට ආරක්‍ෂාව කොට සිටි යක්‍ෂයා සතුරන් දැක කොටළු වේශයෙන් කොටළු නාදය කරයි. එකෙෙණහි යක්‍ෂයාගේ බලමහිමයෙන් සියළු නගරය උඩට පැන නැගී මුහුද මැද එක් දිවයිනක සිටී. සතුරන් ගියකල්හි නැවත පැමිණ සිය තැන්හිම පිහිටයි. එදිනද ඒ කොටළුවා ඒ දස බෑයන්ගේ ඊම දැන කොටළුනාදය කළේය. නගරය පැනනැගී දිවයිනෙහි පිහිටා, නගරය නොදැක ඔවුන් පෙරළා ගිය කල්හි නැවත අවුත් සිය තැනම පිහිටියේය. ඔවුහු නැවත පෙරළා පැමිණියහ. කොටළුවා නැවත එසේම කළේය. ඔවුහු ද්වාරවතී නගරයෙහි රාජ්‍යය ගන්නට නොහැකි වන්නාහු කණ්හදීපායන තවුසා සමීපයට ගොස් වැඳ ස්වාමීනි, අපි ද්වාරවතී රාජ්‍යය ගන්නට නොහැකි වන්නෝ වෙමු. අපට එක් උපායක් කියවයි විමසා පවුර මත අසවල් තැන කොටළුවෙක් හැසිරෙයි. ඔහු සතුරන් දැක මහ හඬින් නාදකරයි. එකෙණෙහි නගරය පැන නැගී යයි. තෙපි ඔහුගේ පාදයන් ගනුව. මේ තොපගේ අදහස සම්පූර්ණ වන උපායයි කී කල්හි තවුසා වැඳ දසදෙනාම කොටළුවාගේ පාදයන්හි වැටී ස්වාමීනි, තොප හැර අපට අන් පිහිටක් නැත. අප නගරය ගන්නා කල නොහඬවයි ඉල්ලූහ. මවිසින් නොහඬන්නට නොහැකිය. තෙපි පළමුව පැමිණ සතරදෙනෙක් මහත් වූ යකඩ නගුල් ගෙන නගරයෙහි සිව් දොරටුවල මහත් වූ යකඩ කණු මුල බිම කොටා නගරය පැන නගින කල්හි නගුල් ගෙන නගුලට බැඳුන යකඩ සැකිල්ල කණුවෙහි බඳින්නෙහුය. (එවිට) නගරය පැන නැගීමට නොහැකි වන්නේ යයි කීය.

තෙ “සාධූ”ති වත්‍වා තස‍්මිං අවිරවන‍්තෙයෙව නඞ‍්ගලානි ආදාය චතූසු නගරද‍්වාරෙසු ඛාණුකෙ භූමියං ආකොටෙත්‍වා අට‍්ඨංසු. තස‍්මිං ඛණෙ ගද්‍රභො විරවි, නගරං උප‍්පතිතුමාරභි. චතූසු ද‍්වාරෙසු ඨිතා චතූහි අයනඞ‍්ගලෙහි ගහෙත්‍වා නඞ‍්ගලබද‍්ධා අයසඞ‍්ඛලිකා ඛාණුකෙසු බන්‍ධිංසු, නගරං උප‍්පතිතුං නාසක‍්ඛි. දස භාතිකා තතො නගරං පවිසිත්‍වා රාජානං මාරෙත්‍වා රජ‍්ජං ගණ‍්හිංසු. එවං තෙ සකලජම‍්බුදීපෙ තෙසට‍්ඨියා නගරසහස‍්සෙසු සබ‍්බරාජානො චක‍්කෙන ජීවිතක‍්ඛයං පාපෙත්‍වා ද‍්වාරවතියං වසමානා රජ‍්ජං දස කොට‍්ඨාසෙ කත්‍වා විභජිංසු, භගිනිං පන අඤ‍්ජනදෙවිං න සරිංසු. තතො පුන “එකාදස කොට‍්ඨාසෙ කරොමා”ති වුත‍්තෙ අඞ‍්කුරො “මම කොට‍්ඨාසං තස‍්සා දෙථ, අහං වොහාරං කත්‍වා ජීවිස‍්සාමි, කෙවලං තුම‍්හෙ අත‍්තනො ජනපදෙ මය‍්හං සුඞ‍්කං විස‍්සජ‍්ජෙථා”ති ආහ. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තස‍්ස කොට‍්ඨාසං භගිනියා දත්‍වා සද‍්ධිං තාය නව රාජානො ද‍්වාරවතියං වසිංසු. අඞ‍්කුරො පන වණිජ‍්ජමකාසි. එවං තෙසු අපරාපරං පුත‍්තධීතාහි වඩ‍්ඪමානෙසු අද‍්ධානෙ ගතෙ මාතාපිතරො කාලමකංසු.

ඔවුහු මැනවයි කියා වැඩිකල් නොයවාම නඟුල් ගෙන නගරයෙහි සිව් දොරටුවල කණු මුල කොටා සිටියාහුය. එකෙණෙහි කොටළුවා හඬ ගෑය. නගරය උඩ නගින්නට පටන් ගත්තේය. සිව් දොරටුවල සිටියාහු යකඩ නගුල් සතරින් ගෙන නගුලෙහි බැඳුන යකඩ සැකිළි කණුවල බැන්දාහුය. නගරයට උඩට නගින්නට නොහැකි විය. දසබෑයෝ නගරයට පිවිස රජු මරා රාජ්‍යය ගත්තාහුය. මෙසේ ඔවුහු සියළු දඹදිව නගර හැටතුන් දහසක සියළු රජවරු චක්‍රායුධයෙන් ජීවිතක්‍ෂයට පමුණුවා ද්වාරවතී නගරයෙහි වසන්නාහු රාජ්‍යය දස කොටසකට කර බෙදුවාහුය. ඔවුහු සොහොයුරිය වූ අඤ්ජනදේවිය සිහිපත් නොකළාහුය. අනතුරුව නැවත කොටස් එකොළසක් කරමුයි කී කල්හි අංකුරයා (කියනුයේ) මගේ කොටස ඇයට දෙව්. මම වෙළඳාම් කර ජීවත් වන්නෙමි. හුදෙක් තෙපි තමාගේ ජනපදයෙහි අයබදු මුදාහරුව යයි කීය. ඔවුහු මැනවයි පිළිගෙන ඔහුගේ කොටස සොහොයුරියට දී ඇය සමග රජවරු නවදෙනා ද්වාරවතී නගරයෙහි වාසය කළාහුය. අංකුරයා වනාහි වෙළදාම් කළේය. මෙසේ ඔවුන් එකිනෙකා පුත් දූවරුන්ගෙන් වැඩෙන කල්හි, කල්ගත වූ කල්හි, මව්පියවරු කළුරිය කළාහුය.

තදා කිර මනුස‍්සානං වීසතිවස‍්සසහස‍්සායුකකාලො අහොසි. තදා වාසුදෙවමහාරාජස‍්ස එකො පුත‍්තො කාලමකාසි. රාජා සොකපරෙතො සබ‍්බකිච‍්චානි පහාය මඤ‍්චස‍්ස අටනිං පරිග‍්ගහෙත්‍වා විලපන‍්තො නිපජ‍්ජි. තස‍්මිං කාලෙ ඝටපණ‍්ඩිතො චින‍්තෙසි “ඨපෙත්‍වා මං අඤ‍්ඤො කොචි මම භාතු සොකං හරිතුං සමත්‍ථො නාම නත්‍ථි, උපායෙනස‍්ස සොකං හරිස‍්සාමී”ති. සො උම‍්මත‍්තකවෙසං ගහෙත්‍වා “සසං මෙ දෙථ, සසං මෙ දෙථා”ති ආකාසං උල‍්ලොකෙන‍්තො සකලනගරං විචරි. “ඝටපණ‍්ඩිතො උම‍්මත‍්තකො ජාතො”ති සකලනගරං සඞ‍්ඛුභි. තස‍්මිං කාලෙ රොහිණෙය්‍යො නාම අමච‍්චො වාසුදෙවරඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා තෙන සද‍්ධිං කථං සමුට‍්ඨාපෙන‍්තො පඨමං ගාථමාහ –

එකල්හි මිනිසුනට අවුරුදු විසිදහසක් ආයුකාලය වෙයි. එකල්හි වාසුදේව මහරජුගේ එක් ප්‍රිය වූ පුත්‍රයෙක් කළුරිය කළේය. ශෝකයෙන් පීඩිත වූ රජු සියළු කටයුතු අත්හැර ඇඳ විට්ටම අල්ලාගෙන වැලපෙමින් හොත්තේය. එකල්හි ඝත පණ්ඩිතයා සිතුවේය. මා හැර අනිකෙක් මගේ සහෝදරයාගේ ශෝකය හරින්නට සමර්ථයෙක් නම් නැත. උපායකින් මොහුගේ ශෝකය හරින්නෙමියි හෙතෙම උමතු වේශයක් ගෙන (චන්‍ද්‍රයාගේ) හාවා මට දෙව. හාවා මට දෙවයි අහස බලමින් සියළු නගරයෙහි හැසිරුණේය. ඝත පණ්ඩිතයා උම්මත්තකයෙකු වී යයි සියළු නගරය කැළඹුණේය. එකල්හි රෝහිණෙය්‍ය නම් ඇමතියා වාසුදේව රජුගේ සමීපයට ගොස් ඔහු සමග කථාවක් උපදවන්නේ පළමු ගාථාව කීය.

“උට‍්ඨෙහි කණ‍්හ කිං සෙසි, කො අත්‍ථො සුපනෙන තෙ; යොපි තුය‍්හං සකො භාතා, හදයං චක‍්ඛු ච දක‍්ඛිණං; තස‍්ස වාතා බලීයන‍්ති, ඝටො ජප‍්පති කෙසවා”ති.

උට්ඨෙභි කණ්හ තං සෙසි - කො අත්‍ථො සුපිතෙන තෙ, යොපි තුය්හං සකො භාතා හදයං චක්ඛුංච දක්ඛිණා, තස්ස වාතා බලීයන්ති - ඝතො ජප්පති කෙසවා

1. කේසවය, ඔබගේ හදවත වැනි වූ දකුණු ඇස හා සමාන ඝත නම් වූ තමාගේ යම් සහෝදරයෙක් වේද ඔහුගේ හදවත අපස්මාර වාතයෝ පැතිර මඩිත්. ඔහු නන් දොඩවයි. කෘෂ්ණය නැගිටුව. කවර හෙයි වැද හොවිහිද? තොපට නින්දෙන් කවර ප්‍රයෝජනයක්ද?

තත්‍ථ කණ‍්හාති ගොත‍්තෙනාලපති, කණ‍්හායනගොත‍්තො කිරෙස. කො අත්‍ථොති කතරා නාම වඩ‍්ඪි. හදයං චක‍්ඛු ච දක‍්ඛිණන‍්ති හදයෙන චෙව දක‍්ඛිණචක‍්ඛුනා ච සමානොති අත්‍ථො. තස‍්ස වාතා බලීයන‍්තීති තස‍්ස හදයං අපස‍්මාරවාතා අවත්‍ථරන‍්තීති අත්‍ථො. ජප‍්පතීති “සසං මෙ දෙථා”ති විප‍්පලපති. කෙසවාති සො කිර කෙසසොභනතාය “කෙසවා”ති පඤ‍්ඤායිත්‍ථ, තෙන තං නාමෙනාලපති.

එහි කණ්හ යනු ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. මෙතෙම කණ්හායන ගෝත්‍ර ඇතියෙකි. කො අත්‍ථො කවර නම් අභිවෘද්ධියක්ද? හදයං චක්ඛුංච දක්ඛිණං යනු හදවත සමඟ හෝ දකුණු ඇස සමග සමානය යන අර්ථයයි. තස්ස වාතා බලීයන්ති යනු ඔහුගේ හදවත අපස්මාර වාතයෝ මඩිත් යන අර්ථයයි. ජප්පති යනු හාවා මට දෙවයි වැලපෙයි. කෙසවා යනු හෙතෙම කෙහෙවලින් හොබනා හෙයින් කෙසව යයි ප්‍රසිද්ධ විය. එහෙයින් ඹහු එනමින් ආමන්ත්‍රණය කරයි.

එවං අමච‍්චෙන වුත‍්තෙ තස‍්ස උම‍්මත‍්තකභාවං ඤත්‍වා සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා දුතියං ගාථමාහ –

මෙසේ ඇමතියා විසින් කී කල්හි ඔහු නැගිටි බව දැන බුදුරජු බුද්ධත්වයට පත්වී දෙවන ගාථාව කීය.

“තස‍්ස තං වචනං සුත්‍වා, රොහිණෙය්‍යස‍්ස කෙසවො; තරමානරූපො වුට‍්ඨාසි, භාතුසොකෙන අට‍්ටිතො”ති.

2. කේසව තෙමේ රෝහිණෙය්‍යගේ ඒ වචනය අසා සහෝදරයා පිළිබඳ ශෝකයෙන් පීඩාවට පත්වූයේ ඉක්මන් කමින් යුතුව නැගී සිටියේය.

රාජා උට‍්ඨාය සීඝං පාසාදා ඔතරිත්‍වා ඝටපණ‍්ඩිතස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා උභොසු හත්‍ථෙසු දළ‍්හං ගහෙත්‍වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො තතියං ගාථමාහ –

රජු නැගිට වහා ප්‍රාසාදයෙන් බැස ඝත පණ්ඩිතයා සමීපයට ගොස් දෙඅත් දැඩිව ගෙන ඔහු සමග කථා කරන්නේ තෙවන ගාථාව කීය.

“කිං නු උම‍්මත‍්තරූපොව, කෙවලං ද‍්වාරකං ඉමං; සසො සසොති ලපසි, කො නු තෙ සසමාහරී”ති.

3. කිම? උමතු වූවෙකු මෙන් මේ ද්වාරවතී නුවර පුරා හාවා හාවා යයි කියහිද කවරෙක් ඔබගේ හාවා ගෙන ගියේද?

තත්‍ථ කෙවලං ද‍්වාරකං ඉමන‍්ති කස‍්මා උම‍්මත‍්තකො විය හුත්‍වා සකලං ඉමං ද‍්වාරවතිනගරං විචරන‍්තො “සසො සසො”ති ලපසි. කො තව සසං හරි, කෙන තෙ සසො ගහිතොති පුච‍්ඡති.

එහි කෙවලං ද්වාරකං ඉමං යනු කුමක් හෙයින් උමතු වූවෙකු මෙන් වී මේ සියළු ද්වාරවතී නුවර හැසිරෙන්නේ හාවා හාවා යයි කියන්නෙහිද? කවරෙක් ඔබගේ සාවා ගෙන ගියේද? කවරෙකු විසින් ඔබගේ හාවා ගත්තෙහිදැයි විචාරයි.

සො රඤ‍්ඤා එවං වුත‍්තෙපි පුනප‍්පුනං තදෙව වචනං වදති. රාජා පුන ද‍්වෙ ගාථා අභාසි –

හෙතෙම රජු විසින් මෙසේ කී කල්හිද නැවත නැවත එම වචනයම කියයි. රජු නැවත ගාථා දෙකක් කීවේය.

“සොවණ‍්ණමයං මණීමයං, ලොහමයං අථ රූපියාමයං; සඞ‍්ඛසිලාපවාළමයං, කාරයිස‍්සාමි තෙ සසං.

4. රනින් ම කළ, මැණික්වලින් ම කළ, නැතහොත් රිදියෙන් ම කළ, හක්ගෙඩියෙන් ම කළ, ගලින් ම කළ, පබළුවලින් ම කළ හෝ සාවෙකු ඔබට කරවන්නෙමි.

“සන‍්ති අඤ‍්ඤෙපි සසකා, අරඤ‍්ඤෙ වනගොචරා; තෙපි තෙ ආනයිස‍්සාමි, කීදිසං සසමිච‍්ඡසී”ති.

5. වනයෙහි හැසිරෙන වෙනත් සාවෝ ද වෙත් ඔවුන් ඔබට ගෙන එන්නෙමි. කෙබඳු හාවෙකු කැමති වන්නෙහිද?

තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – තෙසු සුවණ‍්ණමයාදීසු යං ඉච‍්ඡසි, තං වද, අහං තෙ කාරෙත්‍වා දස‍්සාමි, අථාපි තෙ න රොචෙසි, අඤ‍්ඤෙපි අරඤ‍්ඤෙ වනගොචරා සසකා අත්‍ථි, තෙපි තෙ ආනයිස‍්සාමි, වද භද්‍රමුඛ, කීදිසං සසමිච‍්ඡසීති.

එහි මේ කෙටි අර්ථයය. මේ රනින් ම කළ ආදියෙන් යමක් කැමති වන්නෙහිද එය කියව. මම එය කරවා ඔබට දෙන්නෙමි. තවද ඒවා ඔබට රුචි නොවේද වෙනත් වනයෙහි වසන හාවෝ ඇත්තාහ. ඔවුන් ගෙන එන්නෙමි. සොඳුරු මුහුණ ඇත්ත, කියව කෙබඳු හාවෙකු කැමති වන්නෙහිද?

රඤ‍්ඤො කථං සුත්‍වා ඝටපණ‍්ඩිතො ඡට‍්ඨං ගාථමාහ –

රජුගේ කථාව අසා පණ්ඩිතයා සවන ගාථාව කීය.

“න චාහමෙතෙ ඉච‍්ඡාමි, යෙ සසා පථවිස‍්සිතා; චන්‍දතො සසමිච‍්ඡාමි, තං මෙ ඔහර කෙසවා”ති.

6. යම්බඳු සාවෝ පොළොව ඇසුරු කර සිටිත්ද මම ඔහු නොකැමැත්තෙමි. චන්‍ද්‍රයාගෙන් සාවා (ලබනු) කැමැත්තෙමි. කේසවය, මට ඌ ගෙන එව.

තත්‍ථ ඔහරාති ඔතාරෙහි.

එහි ඔහර යනු පහළට බස්වයි.

රාජා තස‍්ස කථං සුත්‍වා “නිස‍්සංසයං මෙ භාතා උම‍්මත‍්තකොව ජාතො”ති දොමනස‍්සප‍්පත‍්තො සත‍්තමං ගාථමාහ –

රජු ඔහුගේ කථාව අසා මගේ සොහොයුරා නිසැකවම උමතු වූයේ යයි දොම්නසට පැමිණියේ සත්වන ගාථාව කීය.

“සො නූන මධුරං ඤාති, ජීවිතං විජහිස‍්සසි; අපත්‍ථියං යො පත්‍ථයසි, චන්‍දතො සසමිච‍්ඡසී”ති.

7. යමෙක් චන්‍ද්‍රයාගෙන් සාවා කැමති වන්නෙහිද හෙතෙම ඒකාන්තයෙන් නොපැතිය යුත්තක් පතන්නෙහිය. ප්‍රිය ඥාතිය, මිහිරි වූ ජීවිතය අත්හරින්නෙහිද?

තත්‍ථ ඤාතීති කනිට‍්ඨං ආලපන‍්තො ආහ. ඉදං වුත‍්තං හොති – “තාත, මය‍්හං පියඤාති සො ත්‍වං නූන අතිමධුරං අත‍්තනො ජීවිතං විජහිස‍්සසි, යො අපත්‍ථෙතබ‍්බං පත්‍ථයසී”ති.

එහි ඤාාති යනු බාල සොහොවුරා අමතන්නේ කීය. මෙය කියන ලද්දේ වෙයි. දරුව, ඔබ මගේ ප්‍රිය නෑදෑයා වෙහිය. යමෙක් නොපැතිය යුත්තක් පතන්නෙහිද ඒ ඔබ ඒකාන්තයෙන් ඉතා මිහිරි වූ තමාගේ ජීවිතය හරින්නෙහිද?

ඝටපණ‍්ඩිතො රඤ‍්ඤො වචනං සුත්‍වා නිච‍්චලො ඨත්‍වා “භාතික, ත්‍වං චන්‍දතො සසකං පත්‍ථෙන‍්තස‍්ස තං අලභිත්‍වා ජීවිතක‍්ඛයභාවං ජානන‍්තො කිං කාරණා මතපුත‍්තං අනුසොචසී”ති වත්‍වා අට‍්ඨමං ගාථමාහ –

ඝත පණ්ඩිතයා රජුගේ වචනය අසා නිසලව සිට සොහොවුර, ඔබ චන්‍ද්‍රයාගෙන් හාවා පතන්නහුට ඌ නොලැබ ජීවිතය ක්‍ෂය වන බව දන්නේ කවර කරුණකින් මළ පුතු අනුව ශෝක කරහිදැයි කියා අටවන ගාථාව කීය.

“එවං චෙ කණ‍්හ ජානාසි, යදඤ‍්ඤමනුසාසසි; කස‍්මා පුරෙ මතං පුත‍්තං, අජ‍්ජාපි මනුසොචසී”ති.

8. කෘෂ්ණය, ඒකාන්තයෙන් මෙසේ දන්නෙහි නම් අනිකෙකුට අනුශාසනා කරන්නෙහිද? කුමක් හෙයින් පෙර මළා වූ පුතු අනුව අදද ශෝක කරන්නෙහිද?

තත්‍ථ එවන‍්ති ඉදං අලබ‍්භනෙය්‍යට‍්ඨානං නාම න පත්‍ථෙතබ‍්බන‍්ති යදි එවං ජානාසි. යදඤ‍්ඤමනුසාසසීති එවං ජානන‍්තොව යදි අඤ‍්ඤං අනුසාසසීති අත්‍ථො. පුරෙති අථ කස‍්මා ඉතො චතුමාසමත්‍ථකෙ මතපුත‍්තං අජ‍්ජාපි අනුසොචසීති වදති.

එහි එවං යනු මේ ලැබිය නොහැකි තැනක් නොපැතිය යුතුයැයි මෙසේ දන්නෙහි. යදඤඤමනුසාසසි යනු මෙසේ දන්නේම ඉදින් අන්‍යයන්ට අනුශාසනා කරහිද යන අර්ථයි. පුරෙ යනු ඉක්බිති කුමක් හෙයින් මෙයින් සිව්මසක් මත්තෙහි මළා වූ පුතා වෙනුවෙන් අදද ශෝක කෙරෙහිදැයි කියයි.

එවං සො අන‍්තරවීථියං ඨිතකොව “භාතික, අහං තාව පඤ‍්ඤායමානං පත්‍ථෙමි, ත්‍වං පන අපඤ‍්ඤායමානස‍්ස සොචසී”ති වත්‍වා තස‍්ස ධම‍්මං දෙසෙන‍්තො පුන ද‍්වෙ ගාථා අභාසි –

මෙසේ හෙතෙම ඇතුල් වීථීයෙහි සිටියේම සොහොවුර මම වූ කලී පෙනෙනු ලබන්නක් පතමි. ඔබ වනාහි නොපෙනෙන්නක් වෙනුවෙන් ශෝක කෙරෙහි යයි කියා ඔහුට ධර්මදේශනා කරන්නේ නැවත ගාථා දෙකක් කීවේය.

“යං න ලබ‍්භා මනුස‍්සෙන, අමනුස‍්සෙන වා පුන; ජාතො මෙ මා මරී පුත‍්තො, කුතො ලබ‍්භා අලබ‍්භියං.

9. උපන්නා වූ මගේ පුත්‍රයා නොමැරේ යන මෙය මනුෂ්‍යයෙකු විසින් හෝ නැවත අමනුෂ්‍යයෙකු විසින් හෝ නොලැබිය හැක්කකි. නොලද හැකි දෙයක් කෙසේ නම් ලැබේද?

“න මන‍්තා මූලභෙසජ‍්ජා, ඔසධෙහි ධනෙන වා; සක‍්කා ආනයිතුං කණ‍්හ, යං පෙතමනුසොචසී”ති.

10. කෘෂ්ණය, මියගිය යමෙකු නිසා ශෝක කරහිද? ඔහු මන්ත්‍රයෙන් හෝ මුල් බෙහෙත් ඖෂධයන්ගෙන්ද ධනයෙන්ද ගෙන එන්නට නොහැකිය.

තත්‍ථ යන‍්ති භාතික යං එවං ජාතො මෙ පුත‍්තො මා මරීති මනුස‍්සෙන වා දෙවෙන වා පුන න ලබ‍්භා න සක‍්කා ලද‍්ධුං, තං ත්‍වං පත්‍ථෙසි, තදෙතං කුතො ලබ‍්භා කෙන කාරණෙන සක‍්කා ලද‍්ධුං, න සක‍්කාති දීපෙති. කස‍්මා? යස‍්මා අලබ‍්භියං, අලබ‍්භනෙය්‍යට‍්ඨානඤ‍්හි නාමෙතන‍්ති අත්‍ථො. මන‍්තාති මන‍්තපයොගෙන. මූලභෙසජ‍්ජාති මූලභෙසජ‍්ජෙන. ඔසධෙහීති නානාවිධොසධෙහි. ධනෙන වාති කොටිසතසඞ‍්ඛ්‍යෙනපි ධනෙන වා. ඉදං වුත‍්තං හොති – “යං ත්‍වං පෙතමනුසොචසි, තං එතෙහි මන‍්තපයොගාදීහි ආනෙතුං න සක‍්කා”ති.

එහි යං යනු සොහොවුර යම් මේ උපන් මගේ පුත්‍රයා නොමැරේ යන මෙය මනුෂ්‍යයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ නැවත නොලැබේ. ලබන්නට නොහැකිය. එය ඔබ ප්‍රාර්ථනය කරහි. ඒ මෙය කොහෙන් ලබන්නද. කවර කරුණකින් ලබන්නට හැකිද නොහැකි යයි දක්වයි. මෙය කෙසේ හෝ නොලැබිය හැකි, නොලැබිය හැකි තැනක් යයි යන අර්ථයි. මන්තා යනු මන්ත්‍ර ප්‍රයෝගයෙන්, මූල භෙසජ්ජා යනු මුල් බෙහෙතින්. ඔසධෙහි යනු නන් වැදෑරුම් ඹෟෂධයන්ගෙන්. ධනෙන වා යනු කෝටි සිය ගණනක් වූ ධනයෙන් හෝ මෙය කියන ලද්දේ වෙයි. යම් ඒ මියගිය අයෙකු නිසා ශෝක වෙහිද මේ මන්ත්‍ර ප්‍රයෝග ආදියෙන්ද ඔහු ගෙන එන්නට නොහැකි යයි.

රාජා තං සුත්‍වා “යුත‍්තං, තාත, සල‍්ලක‍්ඛිතං මෙ, මම සොකහරණත්‍ථාය තයා ඉදං කත”න‍්ති ඝටපණ‍්ඩිතං වණ‍්ණෙන‍්තො චතස‍්සො ගාථා අභාසි –

රජ ඒ අසා දරුව, මා සුදුසුස්සක් කොට සළකන ලදි. මගේ ශෝකය දුරුකිරීම පිණිස ඔබ විසින් මෙය කරන ලදැයි ඝත පණ්ඩිතයා වර්ණනා කරන්නේ ගාථා සතරක් කීවේය.

“යස‍්ස එතාදිසා අස‍්සු, අමච‍්චා පුරිසපණ‍්ඩිතා; යථා නිජ‍්ඣාපයෙ අජ‍්ජ, ඝටො පුරිසපණ‍්ඩිතො.

11. අද ඝත නම් වූ පණ්ඩිත පුරුෂයා යම් සේ මා නිව්වේද යමෙකුට මෙවැනි පණ්ඩිත පුරුෂ වූ ඇමතියෝ වෙත්ද ඔවුන්ට පුත්‍ර ශෝකයක් කොයින්ද?

“ආදිත‍්තං වත මං සන‍්තං, ඝතසිත‍්තංව පාවකං; වාරිනා විය ඔසිඤ‍්චං, සබ‍්බං නිබ‍්බාපයෙ දරං.

12. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් පුත්‍ර ශෝකයෙන් ගිනිගත් මා වතුරෙන් ඉස්සාක් මෙන් වීය. සියළු දාහය නිවී ගියේය.

“අබ‍්බහී වත මෙ සල‍්ලං, යමාසි හදයස‍්සිතං; යො මෙ සොකපරෙතස‍්ස, පුත‍්තසොකං අපානුදි.

13. ඒකාන්තයෙන් මාගේ හදවත ඇසුරු කළ ශෝක නැමති උල උපුටාලීය. යම්බඳු වූ ඔහු ශෝකයෙන් පෙළුන මගේ පුත්‍ර ශෝකය උදුරා දැමීය.

“සොහං අබ‍්බූළ‍්හසල‍්ලොස‍්මි, වීතසොකො අනාවිලො; න සොචාමි න රොදාමි, තව සුත්‍වාන මාණවා”ති.

14. ඒ මම උපුටා ලූ ශෝක නැමති උල ඇත්තේ වෙමි. ශෝක නැත්තේ වෙමි. නොකැළඹුන සිත් ඇත්තේ වෙමි. මානවකය, ඔබට ඇහුම්කන් දී ශෝක නොකරමි. නොහඬමි.

තත්‍ථ පඨමගාථාය සඞ‍්ඛෙපත්‍ථො – යථා යෙන කාරණෙන අජ‍්ජ මං පුත‍්තසොකපරෙතං ඝටො පුරිසපණ‍්ඩිතො සොකහරණත්‍ථාය නිජ‍්ඣාපයෙ නිජ‍්ඣාපෙසි බොධෙසි. යස‍්ස අඤ‍්ඤස‍්සපි එතාදිසා පුරිසපණ‍්ඩිතා අමච‍්චා අස‍්සු, තස‍්ස කුතො සොකොති. සෙසගාථා වුත‍්තත්‍ථායෙව.

එහි පළමු ගාථාවෙහි කෙටි අර්ථය - යථා යම් කරුණකින්. අද පුත්‍ර ශෝකයෙන් පෙළුනා වූ මා ඝතො පුරිස පණ්ඩිතො යනු ඝත නම් වූ පණ්ඩිත පුරුෂයා ශෝක හැරීම පිණිස නැවත මෙනෙහි කරවීය. අවබෝධ කරවීය. යම් අන්‍ය වූවකුටද මෙබඳු පණ්ඩිත පුරුෂ වූ අමාත්‍යයෝ වෙත්ද ඔහුට ශෝකයක් කොයින්ද යනුයි. සෙසු ගාථාවෝ කියන ලද අර්ථ ඇත්තෝමය.

අවසානෙ –

අවසානයෙහි,

“එවං කරොන‍්ති සප‍්පඤ‍්ඤා, යෙ හොන‍්ති අනුකම‍්පකා; නිවත‍්තයන‍්ති සොකම‍්හා, ඝටො ජෙට‍්ඨංව භාතර”න‍්ති. –

15. අනුකම්පා ඇති යම් නුවණැත්තෝ වෙත්ද ඔවුහු ඝත නම් තැනැත්තා වැඩිමල් සොහොවුරා මෙන් ශෝකයෙන් වලකාලති.

අයං අභිසම‍්බුද‍්ධගාථා උත‍්තානත්‍ථායෙව.

මේ බුද්ධගාථාව කියන ලද අර්ථ සඳහාමය.

එවං ඝටකුමාරෙන වීතසොකෙ කතෙ වාසුදෙවෙ රජ‍්ජං අනුසාසන‍්තෙ දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන දසභාතිකපුත‍්තා කුමාරා චින‍්තයිංසු “කණ‍්හදීපායනං ‘දිබ‍්බචක‍්ඛුකො’ති වදන‍්ති, වීමංසිස‍්සාම තාව න”න‍්ති. තෙ එකං දහරකුමාරං අලඞ‍්කරිත්‍වා ගබ‍්භිනිආකාරෙන දස‍්සෙත්‍වා උදරෙ මසූරකං බන්‍ධිත්‍වා තස‍්ස සන‍්තිකං නෙත්‍වා “භන‍්තෙ, අයං කුමාරිකා කිං විජායිස‍්සතී”ති පුච‍්ඡිංසු. තාපසො “දසභාතිකරාජූනං විනාසකාලො පත‍්තො, මය‍්හං නු ඛො ආයුසඞ‍්ඛාරො කීදිසො හොතී”ති ඔලොකෙන‍්තො “අජ‍්ජෙව මරණං භවිස‍්සතී”ති ඤත්‍වා “කුමාරා ඉමිනා තුම‍්හාකං කො අත්‍ථො”ති වත්‍වා “කථෙථෙව නො, භන‍්තෙ”ති නිබද‍්ධො “අයං ඉතො සත‍්තමෙ දිවසෙ ඛදිරඝටිකං විජායිස‍්සති, තාය වාසුදෙවකුලං නස‍්සිස‍්සති, අපිච ඛො පන තුම‍්හෙ තං ඛදිරඝටිකං ගහෙත්‍වා ඣාපෙත්‍වා ඡාරිකං නදියං පක‍්ඛිපෙය්‍යාථා”ති ආහ. අථ නං තෙ “කූටජටිල, පුරිසො විජායනකො නාම නත්‍ථී”ති වත්‍වා තන‍්තරජ‍්ජුකං නාම කම‍්මකරණං කත්‍වා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපයිංසු. රාජානො කුමාරෙ පක‍්කොසාපෙත්‍වා “කිං කාරණා තාපසං මාරයිත්‍ථා”ති පුච‍්ඡිත්‍වා සබ‍්බං සුත්‍වා භීතා තස‍්ස ආරක‍්ඛං දත්‍වා සත‍්තමෙ දිවසෙ තස‍්ස කුච‍්ඡිතො නික‍්ඛන‍්තං ඛදිරඝටිකං ඣාපෙත්‍වා ඡාරිකං නදියං ඛිපිංසු. සා නදියා වුය‍්හමානා මුඛද‍්වාරෙ එකපස‍්සෙ ලග‍්ගි, තතො එරකං නිබ‍්බත‍්ති.

මෙසේ ඝත කුමාරයා විසින් ශෝක රහිත වූවෙක් කළ වාසුදේවයා රාජ්‍යය කරන කල්හි දීර්ඝ කාලයක් ඇවෑමෙන් දසබෑයන්ගේ පුත් කුමාරයෝ සිතුවාහුය. කණ්හදීපායන දිවැස් ඇත්තකැයි කියත්. පළමුකොට ඔහු විමසන්නෙමුයි ඔවුහු එක් තරුණ කුමාරයෙකු අලංකාර කොට සරසා ගැබිණියක අයුරින් දක්වා උදරයෙහි රෙදි බැඳ ඔහුගේ සමීපයට පමුණුවා ස්වාමීනි, මේ කුමරිය කවරෙක් වදන්නේදැයි විචාළාහුය. තවුසා දසබෑ රජුන්ගේ විනාශ කාලය පැමිණියේය. මගේ ආයුෂ ප්‍රමාණය කෙබඳුදැයි බලන්නේ අදම මගේ මරණය වන්නේයයි දැන කුමරුනි, මෙයින් තොපට කවර වැඩක්දැයි කියා අපට කියන්නහුම යයි යාඥා කරන්නේ මෙතෙම මෙයින් සත්වන දවස කිහිරි ගැටයක් වදන්නේය එය කරණ කොටගෙන වාසුදේව කුලය නසින්නේ ය. තවද තෙපි ඒ කිහිරි ගැටය ගෙන දවා අළු නදියෙහි හෙලන්නහුයිද කීහ. ඉක්බිති ඔවුහු ඔහුට (කියනුයේ) කපටි ජටිලය, වදන්නා වූ පුරුෂයෙක් නම් නැතැයි තන්තරජ්ජුක නම් කරුණ කොට එහිම ජීවිතක්‍ෂයට පත් කළාහුය. රජ කුමාරයන් කැඳවා කවර කරුණකින් තවුසා මැරුවෙහුදැයි විමසා සියල්ල අසා බියට පත් වූවාහු ඔහුට ආරක්‍ෂාව දී සත්වන දවසෙහි ඔහුගේ කුසෙන් නික්මුණු කිහිරි ගැටය දවා අළු නදියෙහි හෙළුහ. නදිය විසින් ගෙනයනු ලබන ඒ අළු මුවදොර එක්පසෙක ඇලුණේය. එයින් බේරු පඳුරක් හටගත්තේය.

අථෙකදිවසං තෙ රාජානො “සමුද‍්දකීළං කීළිස‍්සාමා”ති මුඛද‍්වාරං ගන‍්ත්‍වා මහාමණ‍්ඩපං කාරාපෙත්‍වා අලඞ‍්කතමණ‍්ඩපෙ ඛාදන‍්තා පිවන‍්තා කීළාවසෙනෙව පවත‍්තහත්‍ථපාදපරාමාසා ද‍්විධා භිජ‍්ජිත්‍වා මහාකලහං කරිංසු. අථෙකො අඤ‍්ඤං මුග‍්ගරං අලභන‍්තො එරකවනතො එකං එරකපත‍්තං ගණ‍්හි. තං ගහිතමත‍්තමෙව ඛදිරමුසලං අහොසි. සො තෙන මහාජනං පොථෙසි . අථඤ‍්ඤෙහි සබ‍්බෙහි ගහිතගහිතං ඛදිරමුසලමෙව අහොසි. තෙ අඤ‍්ඤමඤ‍්ඤං පහරිත්‍වා මහාවිනාසං පාපුණිංසු. තෙසු මහාවිනාසං විනස‍්සන‍්තෙසු වාසුදෙවො ච බලදෙවො ච භගිනී අඤ‍්ජනදෙවී ච පුරොහිතො චාති චත‍්තාරො ජනා රථං අභිරුහිත්‍වා පලායිංසු, සෙසා සබ‍්බෙපි විනට‍්ඨා. තෙපි චත‍්තාරො රථෙන පලායන‍්තා කාළමත‍්තිකඅටවිං පාපුණිංසු. සො හි මුට‍්ඨිකමල‍්ලො පත්‍ථනං කත්‍වා යක‍්ඛො හුත්‍වා තත්‍ථ නිබ‍්බත‍්තො බලදෙවස‍්ස ආගතභාවං ඤත්‍වා තත්‍ථ ගාමං මාපෙත්‍වා මල‍්ලවෙසං ගහෙත්‍වා “කො යුජ‍්ඣිතුකාමො”ති වග‍්ගන‍්තො ගජ‍්ජන‍්තො අප‍්ඵොටෙන‍්තො විචරි. බලදෙවො තං දිස‍්වාව “භාතික, අහං ඉමිනා සද‍්ධිං යුජ‍්ඣිස‍්සාමී”ති වත්‍වා වාසුදෙවෙ වාරෙන‍්තෙයෙව රථා ඔරුය‍්හ තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වග‍්ගන‍්තො ගජ‍්ජන‍්තො අප‍්ඵොටෙසි. අථ නං සො පසාරිතහත්‍ථෙයෙව ගහෙත්‍වා මූලකන්‍දං විය ඛාදි. වාසුදෙවො තස‍්ස මතභාවං ඤත්‍වා භගිනිඤ‍්ච පුරොහිතඤ‍්ච ආදාය සබ‍්බරත‍්තිං ගන‍්ත්‍වා සූරියොදයෙ එකං පච‍්චන‍්තගාමං පත්‍වා “ආහාරං පචිත්‍වා ආහරථා”ති භගිනිඤ‍්ච පුරොහිතඤ‍්ච ගාමං පහිණිත්‍වා සයං එකස‍්මිං ගච‍්ඡන‍්තරෙ පටිච‍්ඡන‍්නො නිපජ‍්ජි.

ඉක්බිති එක් දවසක් ඒ රජවරු මුහුදු ක්‍රීඩා කෙළින්නමුයි මුවදොරට ගොස් එහි මහා මණ්ඩපයක් කරවා අලංකාර කරන ලද මණ්ඩපයෙහි කන්නාහු බොන්නාහු ක්‍රීඩා වශයෙන් පවත්වන ලද අත්පා ස්පර්ශ ඇත්තාහු දෙකට බෙදුනාහු මහ කලහයක් කළාහුය. ඉක්බිති එකෙක් අන් මුගුරක් නොලබන්නේ බේරු වනයෙන් එක් බේරු අත්තක් ගත්තේය. එය ගත් පමණින්ම කිහිරි මොහොලක් විය. ඔහු එයින් මහජනයා තලයි. අන් සියල්ලන් විසින්ද ගත් ගත් දෙය මොහොලක්ම වීය. ඔවුහු ඔවුනොවුන්ට පහර දී විනාශයට පත් වූවාහුය. ඔවුන් නස්නා කල්හි වාසුදේව-බලදේව සොහොයුරී අඤ්ණජදේවී හා පුරෝහිතයා යන සිව්දෙනා රියට නැගී පලා ගියාහුය. සෙසු සියල්ලෝම විනාශ වූහ. ඒ සතරදෙනාද රථයෙන් පලා යන්නාහු කාලමත්තිකා වනයට පැමිණියාහුය. ඒ මුට්ඨක නම් මල්ලවපොර ශූරයා ප්‍රාර්ථනාවක් කර යක්‍ෂයෙක් වී එහි උපන්නේ බලදේවයා ආ බව දැන එහි ගමක් මවා මල්ලව වේශයක් ගෙන කවරෙක් යුදකරනු කැමතියේදැයි කෑ ගසන්නේ ගර්ජනා කරන්නේ අත්පොළොසන් ගසන්නේ හැසිරුණේය. බලදේව ඒ දැකම සොහොවුර, මම මොහු සමඟ යුද කරන්නෙමියි කියා වාසුදේව විසින් වලක්වද්දීම වලක්වද්දීම රියෙන් බැස ඔහු වෙත වහා ගොස් අපොලාපීය. ඉක්බිති ඒ යක්‍ෂයා ඔහු දිගුකරන ලද අතින්ම ගෙන මුල් අලයක් මෙන් කෑවේය. වාසුදේව ඔහු මළ බව දැන සොහොවුරියද පුරෝහිතද ගෙන මුළු රැයම ගොස් හිරු උදාවෙහිදී එක් පසල් ගමකට ගොස් ආහාර පිස ගෙනවයි සොහොවුරිය ද පුරෝහිතයා ද ගමට යවා තෙමේ එක් ගස් අතරෙක පිළිසන්ව හොත්තේය.

අථ නං ජරා නාම එකො ලුද‍්දකො ගච‍්ඡං චලන‍්තං දිස‍්වා “සූකරො එත්‍ථ භවිස‍්සතී”ති සඤ‍්ඤාය සත‍්තිං ඛිපිත්‍වා පාදෙ විජ‍්ඣිත්‍වා “කො මං විජ‍්ඣී”ති වුත‍්තෙ මනුස‍්සස‍්ස විද‍්ධභාවං ඤත්‍වා භීතො පලායිතුං ආරභි . රාජා සතිං පච‍්චුපට‍්ඨපෙත්‍වා උට‍්ඨාය “මාතුල, මා භායි, එහී”ති පක‍්කොසිත්‍වා ආගතං “කොසි නාම ත්‍ව”න‍්ති පුච‍්ඡිත්‍වා “අහං සාමි, ජරා නාමා”ති වුත‍්තෙ “ජරාය විද‍්ධො මරිස‍්සතීති කිර මං පොරාණා බ්‍යාකරිංසු, නිස‍්සංසයං අජ‍්ජ මයා මරිතබ‍්බ”න‍්ති ඤත්‍වා “මාතුල, මා භායි, එහි පහාරං මෙ බන්‍ධා”ති තෙන පහාරමුඛං බන්‍ධාපෙත්‍වා තං උය්‍යොජෙසි. බලවවෙදනා පවත‍්තිංසු, ඉතරෙහි ආභතං ආහාරං පරිභුඤ‍්ජිතුං නාසක‍්ඛි. අථ තෙ ආමන‍්තෙත්‍වා “අජ‍්ජ අහං මරිස‍්සාමි, තුම‍්හෙ පන සුඛුමාලා අඤ‍්ඤං කම‍්මං කත්‍වා ජීවිතුං න සක‍්ඛිස‍්සථ, ඉමං විජ‍්ජං සික‍්ඛථා”ති එකං විජ‍්ජං සික‍්ඛාපෙත්‍වා තෙ උය්‍යොජෙත්‍වා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි. එවං අඤ‍්ජනදෙවිං ඨපෙත්‍වා සබ‍්බෙව විනාසං පාපුණිංසූති.

ඉක්බිති ජරා නම් එක් වැද්දෙක් ගස් සෙලවෙනු දැක මෙහි ඌරෙක් වන්නේයයි සිතා ආයුධය දමා ගසා පාදයෙහි විද කවරෙක් මා විද්දෙහි දැයි කී කල්හි මිනිසෙකුට විදිනු ලද බව දැන බියට පත්වූයේ පලායාමට පටන් ගත්තේය. රජු සිහිය පිහිටුවා නැගීසිට මාමණ්ඩිය බිය නොවව. එවයි කැඳවා ආවා වූ නුඹ කවරෙක්දැයි විමසා ස්වාමීනි, මම ජරා නමැයි කී කල්හි ජරා විසින් විදින ලද්දේ මැරෙන්නේ යයි පැරැන්නෝ මට කීහ. නිසැකයෙන්ම අද මවිසින් මළ යුතුයයි දැන මාමේ, බිය නොවන්න. එන්න මට පහරක් බඳවවයි ඔහු ලවා පහරක් බන්දවා එය මෙහෙයවීය. බලවත් වේදනාවක් පැවතුනහ. අනිකුන් විසින් ගෙන එන ලද ආහාරය අනුභව කරන්නට නොහැකි වීය. ඉක්බිති ඔවුන් අමතා අද මම මැරෙන්නෙමි. තෙපි සියුමැලියෝය. අන් කටයුත්තක් කර ජීවත් වන්නට නොහැක්කෙහුය. මේ විද්‍යාව උගනිව් යි එක් විද්‍යාවක් උගන්වා ඔවුන් පිටත් කර යවා එහිම ජීවිතක්‍ෂයට පැමිණියේය. මෙසේ අඤ්ජනදේවිය හැර සෙසු සියල්ලෝම විනාශයට පත් වූහ යි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “උපාසක, එවං පොරාණකපණ‍්ඩිතා පණ‍්ඩිතානං කථං සුත්‍වා අත‍්තනො පුත‍්තසොකං හරිංසු, මා චින‍්තයී”ති වත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උපාසකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා රොහිණෙය්‍යො ආනන්‍දො අහොසි, වාසුදෙවො සාරිපුත‍්තො, අවසෙසා බුද‍්ධපරිසා, ඝටපණ‍්ඩිතො පන අහමෙව අහොසින‍්ති.

ශස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා උපාසකය, මෙසේ පෙර පණ්ඩිතයෝ පණ්ඩිතයන්ගේ කථාව අසා තමාගේ පුත්‍රශෝකය දුරු කළහ. නොසිතුවයි කියා සත්‍යයන් ප්‍රකාශකොට ජාතකය ගලපා වදාළ සේක. උපාසකයා සත්‍ය දේශනාවසානයෙහි සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි රෝහිණෙය්‍ය ආනන්‍ද වීය. වාසුදේව සැරියුත් වීය. සෙස්සෝ බුද්ධ පිරිසයි. ඝත පණ්ඩිතයා මම ම වීමි යයි වදාළ සේක.

ඝටපණ‍්ඩිතජාතකවණ‍්ණනා සොළසමා.

ඉති සොළසජාතකපටිමණ‍්ඩිතස‍්ස

දසකනිපාතජාතකස‍්ස අත්‍ථවණ‍්ණනා නිට‍්ඨිතා.

ජාතකුද‍්දානං –

චතුද‍්වාරො කණ‍්හුපොසො, සඞ‍්ඛ බොධි දීපායනො; නිග්‍රොධ තක‍්කල ධම‍්ම-පාලො කුක‍්කුට කුණ‍්ඩලී; බිලාර චක‍්ක භූරි ච, මඞ‍්ගල ඝට සොළස.

දසකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවන නිපාත වර්ණනාව නිමියේය