16. ඝතපණ්ඩිතජාතකං
1517. උට්ඨෙහි කණ්හ කිං සෙසි කො අත්ථො සුපිනෙ තෙන යොපි තුය්හ සකො භාතා හදයං චක්ඛුඤ්ච දක්ඛිණං තස්ස වාතා බලීයන්ති ඝතො ජප්පති කෙසව.
1517. කේසවය, ඔබේ හදවත වැනි දකුණුඇස හා සම වූ ඝත නැමැති සිය සොහොයුරු කෙනෙක් වෙත් ද ඔහුගේ හදවත අපස්මාර වාතයෙන් පෙළත්. කෘෂ්ණය නැගිටින්න. වැද හෝනේ කිම? තොපගේ නිදාගැනීමෙන් කවර ප්‍රයෝජනයක් ද?
1518. තස්සස තං වචනං සුත්වා රොහිණෙය්යස්ස කෙසවො, තරමානරූපො වුට්ඨාසි භාතුසොකෙන අට්ටිතො.
1518. රෝහණෙය්යගේ කීම අසා ඉක්මන් වූ කේසව තෙම සෝවුරු සොවින් පීඩාවට පැමිණ නැගීසිටියේ ය.
1519. කින්නු උම්මත්තරූපොව කෙවලං ද්වාරකං ඉමං, සසො සසොති ලපසි කො නු තෙ සසමාහරි.
1519. උමතුවූවකු සේ දවාරවතී පුරය පුරා යමින් සාවා සාවා ය යි කුමට කියහි? ඔබගේ සාවා ගත්තේ කවරෙක් ද?
1520. සොවණ්ණමයං මණිමයං ලොහමයං අථ රූපියාමයං, සඞ්ඛසිලාපවාළමයං කාරයිස්සාමි තෙ සසං.
1520. රන්මුවා, මිණිමුවා, ලොහොමුවා, රිදීමුවා, සක්මුවා සෙල්මුවා, පබළුමුවා සාවකු ඔබට සාදවමි.
1521. සන්ති අඤ්ඤෙපි සසකා අරඤ්ඤෙ වනගොචරා, තෙපි තෙ ආනයිස්සාමි කීදිසං සසමිච්ඡසි.
1521. වනයේ හැසිරෙන වෙනත් සාවෝ ද ඇත. තොපට ඔවුන් ද ගෙනෙන්නෙමි. තෙපි කෙබඳු සාවකු කැමැත්තහු ද?
1522. නචාහමෙතං ඉච්ඡාමි යෙ සසා පඨවිං සිතා, චන්දතො සසමිච්ඡාමි තම්මෙ ඔහර කෙසව.
1522. පොළොවේ වෙසෙන හාවුන් මම නො කැමැත්තෙමි. හඳේ හාවා (ලබනු) කැමැත්තෙමි. කේසව, ඒ හාවා මට ගෙන දෙන්න.
1523. සො නූන මධුරං ඤාති ජීවිතං විජහිස්සසි, අපත්ථියං යො පත්ථයසි චන්දතො සසමිච්ඡසි.
1523. ප්‍රිය ඤාතිය, හඳෙන් හාවා පතන තෙපි ඒකාන්තයෙන් මධුර වූ ජීවිතය අත් හරින්නහු ය. යම් බඳු තෙපි නො පැතියයුත්තක් පතන්නහු ද එ හෙයිනි.
1524. එවඤ්චෙ කණ්හ ජානාසි යදඤ්ඤමනුසාස්සි. කස්මා පුරෙ මතං පුත්තං අජ්ජාපිමනුසොචසි.
1524. කෘෂ්ණය, ඉදින් මෙසේ දන්නේ නම් අනෙකකුට අනුසාසනා කරනුයේ (කිම) පෙර මළා වූ පුත්‍රයාට අදත් ශෝක කරන්නේ කවර හෙයින් ද?
1525. යං න ලබ්භා මනුස්සෙන අමනුස්සෙන වා පුන, ජාතො මෙ මාමරි පුත්තො කුතො ලබ්භා අලබ්භියං.
1525. උපන් මාගේ පුතා නැවත නො මැරේව යි මනුෂ්‍යයකු විසින් හෝ අමනුෂ්‍යයකු විසින් හෝ ලද නො හැකි ය. එ හෙයින් ලද නො හැකි දෙය කොතැනින් ලැබේ ද?
1526. න මන්තා මූලභෙසජ්ජා ඔසධෙහි ධනෙන වා, සක්කා ආනයිතුං කණ්හා යම්පෙතමනුසොචසි.
1526. කෘෂ්ණය, මියගිය යමකු නිසා නැවත නැවැත ශෝක කෙරෙහි ද (මළහු) මන්ත්‍ර බලයෙන් හෝ බෙහෙත්මුල් බලයෙන් හෝ අන් ඔසු බලයෙකින් හෝ ධන බලයෙන් හෝ ගෙනෙන්නට නො හැකි ය.
1527. යස්ස එතාදිසා අස්සු අමච්චා පුරිසපණ්ඩිතා, යථා නිජ්ඣාපයෙ අජ්ජ ඝතො පුරිසපණ්ඩිතො.
1527. පුත් සොවින් පෙළුණු මට ඝතපණ්ඩිත තෙම අද කරුණු වටහවා ශෝකය නැති කෙළේ ය. සෙස්සනටත් මෙ වැනි පණ්ඩිත ඇමැතිවරු වෙත් නම් කවර ශෝකයෙක් ද?
1528. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තං ව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
1528. ගිතෙල් ඉසින ලද ගින්නක් ලෙස ශෝක ගින්නෙන් ඇවිලගෙන සිටි මා, ජලය ඉසින ලද කලෙක මෙන් (මාගේ) සියලු දාහ නිවිගියේ ය.
1529. අබ්බහී වත මෙ සල්ලං යමාසි හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පුත්තසොකං අපානුදි.
1529. සොවින් පෙළුණු මාගේ පුත්‍රශෝකය යමෙක් නැති කෙළේ ද හේ මාගේ හදවතේ පැවැති ශෝකය නමැති හුල ද ඒකාන්තයෙන් උදුරාදැමී ය.
1530. සොහං අබ්බූළ්හසල්ලොස්මි වීතසොකො අනාවිලො, න සොචාමි න රොදාමි තව සුත්වාන මාණව.
1530. ඒ මම උපුටාලූ ශෝකය නමැති හුල් ඇත්තෙමි. ශෝක රහිතයෙමි. නො කැලඹුණ සිතැත්තෙමි. තොපගේ බස් අසා ශෝක නො කරමි. නො හඬමි.
1531. එවං කරොන්ති සප්පඤ්ඤා යෙ හොන්ති අනුකම්පකා, නිවත්තයන්ති සොකම්හා ඝතො ජෙට්ඨංව භාතරන්ති:
1531. යම් කෙනෙක් අනුකම්පා ඇති ප්‍රාඥයෝ වෙත් ද දෙටු සොහොයුරු ඝතයා මෙන් ජනයා සොවින් දුරු කෙරෙත්.
16. ඝතපණ්ඩිතජාතකං.
16. ඝතපණ්ඩිත ජාතක යි.
දසකනිපාතං නිට්ඨිතං.
දසක නිපදාතය නිමි.
තස්සුද්දානං:
එහි උද්දානය:
දළ්හකණ්හධනඤ්චයසඞ්ඛවරො රාජා සත්තාහ සසඛ තක්කළිනා, ධම්මං කුක්කුටකුණ්ඩලිභොජනදා චක්කවාක සුභූරිසසොත්ථි ඝතො.
චතුද්වාර ජාතක යැ කණ්හ ජාතක යැ චතුපෝසථික ජාතක යැ සඞ්ඝජාතක යැ කණ්හදීපායන ජාතක යැ නිග්‍රෝධ ජාතක යැ තක්කළ ජාතක යැ මහා ධම්මපාලජාතක යැ කුක්කුටජාතක යැ මට්ටකුණ්ඩලී ජාතක යැ බිළාර කෝසිය ජාතක යැ චක්කවාකජාතක යැ භූරිපඤ්ඤජාතක යැ මහාමඞ්ගල ජාතක යැ ඝතජාතක යි සොළසෙකි.