15. මහාමඞ‍්ගලජාතකං
1507. කිං සු නරො ජප‍්පමධිච‍්චකාලෙ කං වා විජ‍්ජං කතමං වා සුතානං, සො මච‍්චො අස‍්මිඤ‍්ච පරම‍්හි ලොකෙ කථං කරො සොත්‍ථානෙන ගුත‍්තො.
1507. අභිවෘද්ධිය රුස්නා පුරුෂයා වේදය හෝ ශ්‍රැතය හදාරා කවර ආකාරයෙකින් ක්‍රියා කිරීමෙන් දෙ ලොව ආරක්‍ෂා කර ගත්තේ වේ ද?
1508. යස‍්ස දෙවා පිතරො ච සබ‍්බ සිරිංසපා සබ‍්බභූතානි චාපි, මෙත‍්තාය නිච‍්චං අපචිතානි හොන‍්ති භූතෙසු චෙ සොත්‍ථානං තදාහු.
1508. සියලු දෙවියෝ ද බ්‍රහ්මයෝ ද දීර්‍ඝජාතීහු ද සියලු සත්ත්‍වයෝ ද මෙත් සිතින් පුදන ලද්දෝ ද මිනිසුන්ට එය මඟුලෙකැ යි කියත්.
1509. යො පබ‍්බලොකස‍්ස නිවාතවුත‍්ති ඉත්‍ථි පුමානං සහ දාරකානං, ඛන‍්තා දුරුත‍්තානං අපටික‍්කූලවාදී අධිවාසනං සොත්‍ථානං තදාහු.
1509. යමෙක් ලෝකය කෙරේ නිරහඞ්කාර පැවැතුම් ඇත්තේ ද, ස්ත්‍රීපුරුෂයන් සහ ළමයින් වරදවා කී බස් කමා කෙරේ ද, ගොරෝසු කථා නැත්තේ ද ඉවැසීම ඇත්තේ ද එය මඟුලෙකැ යි කියත්.
1510. යො නාවජානාති සහායමත‍්තෙ සිප‍්පෙන කුල්‍යාහි ධනෙන ජච‍්චා, රුචිපඤ‍්ඤො අත්‍ථකාලෙ මුතීමා සහායෙසු වෙ සොත්‍ථානං තදාහු.
1510. යමෙක් යහළුවන් හා මිතුරන් කෙරේ ශිල්පය නිසා හෝ කුලය නිසා හෝ ධනය නිසා හෝ ජාතිය නිසා හෝ අවමානයට ලක් නො කෙරේ ද මනා සිහිය හා නුවණ ඇත්තේ ද එය මඟුලෙකැ යි කියත්.
1511. මිත‍්තානි වෙ යස‍්ස භවන‍්ති සන‍්තො සංවිස‍්සත්‍ථා අවිසංවාදකස‍්ස, න මිත‍්තදූභි සංවිහාගි ධනෙන මිත‍්තෙසු වෙ සොත්‍ථානං තදාහු
1511. රැවැටිලි නැතියන් හා සත්පුරුෂයෝ එකැතින් මිතුරු වෙත් ද විශ්වාස වෙත් ද මිත්‍රද්‍රෝහි නො වෙත් ද, සිය ධනය මිතුරන්ට බෙදත් ද, මිතුරන් අතරේ ඒ විශ්වාසය මඟුලෙකැ යි කියත්.
1512. යස‍්ස භරියා තුල්‍යවයා සමග‍්ගා අනුබ‍්බතා ධම‍්මකාමා පජාතා, කොලීනියා සීලවතී පතිබ‍්බතා දාරෙසු වෙ සොත්‍ථානං තදාහු.
1512. යමකුගේ බිරිඳ සමාන වයස ඇත්තී ද සමගි සම්පන්න ද සැමියා අනුව වසා ද ත්‍රිවිධ සුචරිත ක්‍රියාවන් කැමැත්තී ද දරුවන් ලබන්නී ද කුලවත් වී ද පතිව්‍රතා ගුණය ඇත්තී ද එය බිරියන් කෙරේ මඟුලෙකැ යි කියත්.
1513. යස‍්ස රාජා භූතපතී යසස‍්සි ජානාති සොචෙය්‍යං පරක‍්කමඤ‍්ච, අද‍්වෙජ‍්ඣතාසු හදයං මමන‍්ති රාජුසු වෙ සොත්‍ථානං තදාහු.
1513. ජනපති වූ පරිවාර ඇත්තා වූ රජ යමකුගේ පවිත්‍රකම, එඩිතරකම, දනී ද (මෙ) මට පක්‍ෂපාතී ය නො වෙනස් වචන ඇත්තේ යයි දනී ද එය රජුන් කෙරේ මඟුලෙකැ යි කියත්.
1514. අන‍්නඤ‍්ච පානඤ‍්ච දදාති සද‍්ධො මාලඤ‍්ච ගන්‍ධඤ‍්ච විලෙපනඤ‍්ච, පසන‍්නචිත‍්තො අනුමොදමානො සග‍්ගෙසු වෙ සොත්‍ථානං තදාහු.
1514. සැදැහැති ව පහන් සිතැති ව සතුටු සිතින් කෑම්බීම් සුවඳමල් විලෙවුන් දේ ද එය ස්වර්‍ගගාමී මඟුලෙකැ යි කියත්.
1515. යමරියධම‍්මෙන පුනන‍්ති වද‍්ධා ආරාධිතා සමචරියාය සන‍්තො, බහුස‍්සුතා ඉසයො සීලවන‍්තං අරහන‍්තමජ‍්ඣෙ සොත්‍ථානං තදාහු.
1515. ඥානවෘද්ධ වූ ප්‍රතිපත්ති ගරුක වූ සත්පුරුෂ වූ බහුශ්‍රුත වූ සිල්වත් වූ ඍෂිවරු ආර්‍ය්‍යධර්‍මයෙන් පවිත්‍ර වෙත් නම් එය රහතන් වහන්සේ කෙරේ ලදමනා මඟුලෙකැ යි කියත්.
1516. එතානි ඛො සොත්‍ථානාති ලොකෙ විඤ‍්ඤුප‍්පසත්‍ථානි සුඛුද්‍රයානි, තානීධ සෙවෙථ නාරො සපඤ‍්ඤො න හි මඞ‍්ගලෙ කිඤ‍්චනමත්‍ථි සච‍්චන‍්ති.
1516. මේ මංගලයන් ලෝකයේ නුවණැත්තන් විසින් සැපත් වැඩීමට හේතු වේ යයි පසසන ලදු, එ හෙයින් නැණවත් මිනිසා ඒ මංගලයන් ම සොයන්නේ ය. මේ මංගලයන්ගෙන් තොර සත්‍ය වූ වෙනත් මංගල නැත.