14. භූරිපඤ‍්ඤජාතකං
1497. සච‍්චං කිර ත්‍වම‍්පි භූරිපඤ‍්ඤො යා තාදිසී සිරි ධිතී මුතී ච, න තායතෙ භාවවසූපනීතං යො යාවකං භුඤ‍්ජසි අප‍්පසූපං.
1497. මහානුවණැත්ත, යම්බඳු වූ ඔබ ව්‍යඤ්ජන ස්වල්පයක් සමග යවසාලේ බත් බුදින්නහු ය. ඔබගේ යම් සෞභාග්‍යයක්, ධෛර්‍ය්‍යයක් හා සිහියක් වේ ද, එබඳු සෞභාග්‍යය විපතට පත් ඔබ නො රකියි. එ හෙයින් සෞභාග්‍යය උතුම් වෙයි, ප්‍රඥාව උතුම් නො වෙයි (යන) කීම සැබෑ වෙයි.
1498. සුඛං දුක‍්ඛෙන පරිපාචයන‍්තො කාලාකාලං විචිනං ඡන්‍දඡන‍්තො, අත්‍ථස‍්ස ද‍්වාරානි අවාපුරන‍්තො තෙනාහං තුස‍්සාමි යවොදනෙන.
1498. මම දුකෙන් සැප දියුණු කරන්නෙම් සැඟවී විසීමටත් නො සැඟවී විසීමටත් (මෙය) යෝග්‍ය සමය යයි සිතා සැඟවුණෙමි. දියුණුවට දොර අරිනුයේ යවසාලේ බතින් ප්‍රීත වෙමි.
1499. කාලඤ‍්ච ඤත්‍වා අභිජීහනාය මන‍්තෙහි අත්‍ථං පරිපාචයිත්‍වා, විජම‍්හිස‍්සං සීහවිජම‍්හිතානි තායිද‍්ධියා දක‍්ඛසි මං පුනාපි.
1499. වෑයම් කරන්නට යෝග්‍ය කාලය දැනැ නුවණින් දියුණුව වැඩි කර ගෙන සිංහයකු සේ විජෘම්භණය කරන්නෙමි. දියුණු වූ මා නැවත දකින්නහු ය.
1500. සුඛීහි එකෙ න කාරොන‍්ති පාපං. අවණණසංසග‍්ගහයා පුනෙකෙ, පහූ සමානො විපුලත්‍ථචින‍්ති කිං කාරණා මෙ න කරොසි දුක‍්ඛං.
1500. පණ්ඩිතය, සැප ඇත්තෝ පාපකර්‍ම නො කෙරෙති. තවත් කෙනෙක් අපකීර්තියට බියෙන් පාපකර්‍ම නො කෙරෙති. බොහෝ දේ සිතීමේ හැකියාව ඇති තෙපි කවර හෙයින් මට දුක් (කරදර) නො කරන්නහු ද?
1501. න පණ‍්ඩිතා අත‍්තසුඛස‍්ස හෙතු පාපානි කම‍්මානි සමාචරන‍්ති, දුක‍්ඛෙන ඵුට‍්ඨා ඛලිතත‍්තාපි සන‍්තා ඡන්‍දා ච දොසා න ජහන‍්ති ධම‍්මං.
1501. පණ්ඩිතයෝ ආත්මාර්‍ත්‍ථය සලකා පාපකර්‍ම නො කරති. දුකට පත් වුවත් සම්පත් ගිලිහී ගියත් ඡන්‍දය නිසා හෝ ද්වේෂය නිසා හෝ ධර්‍මය නො හරිත්.
1502. යෙන කෙනචි වණ‍්ණෙන මුදුනා දාරුණෙන වා, උද‍්ධරෙ දීනමන‍්තානං පච‍්ඡා ධම‍්මං සමාචරෙ.
1502. මොළොක් වූ හෝ දරුණු වූ හෝ කිසියම් ආකාරයෙකින් තමාගේ දීනත්‍වය උපුටා හරින්නේ ය. ඉක්බිති ව සුචරිතයෙහි හැසිරෙන්නේ ය.
1503. යස‍්ස රුක‍්ඛස‍්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා, න තස‍්ස සාඛං භඤ‍්ජෙය්‍ය මිත‍්තදුබ‍්භො හි පාපකො.
1503. යම් රුකකැ සෙවණෙහි හුන්නේ වේ ද හොත්තේ වේ ද ඒ රුකෙහි අතු නො කඩනේ ය. මිත්‍රද්‍රෝහී කම දීන හෙයිනි.
1504. යස‍්සාහි ධම‍්මං මනුජො විජඤ‍්ඤා යෙචස‍්ස කඞ‍්ඛං විනයන‍්ති සන‍්තො, තං හිස‍්ස දීපඤ‍්ච පරායණඤ‍්ච න තෙන මිත‍්තං ජරයෙථ පඤ‍්ඤො.
1504. යම් පුරුෂයෙක් පුරුෂයකුගෙන් ධර්‍මය උගත්තේ ද, සැක දුරු කෙරේ ද එය ඔහුට පිහිටකි. පිළිසරණෙකි. එ හෙයින් ඇදුරු ව සිටියහු සමග වූ මිතුරුබව දිරාපත් නො කරන්නේ ය.
1505. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ‍්ඤතො පබ‍්බජිතො න සාධූ, රාජා න සාධූ අනිසම‍්මකාරි යො පණ‍්ඩිතො කොධනො තං න සාධු.
1505. කම්සැප විඳින අලස ගිහියා නො මැනැවි. හික්මීම නැති පැවිද්ද නො මැනැවි. විමසීම රහිත ව ක්‍රියා කරන රජ නො මැනැවි. යම් පණ්ඩිතයෙක් කිපෙන ගතියෙන් යුතු වේ නම් හේ ද නො මැනැවි.
1506. නිසම‍්ම ඛත‍්තියො කයිරා නානිසම‍්ම දිසම‍්පති, නිසම‍්මකාරිනො රාජ යසො කින‍්ති ච වඩ‍්ඪතීති.
1506. ක්‍ෂත්‍රිය තෙම පරීක්‍ෂාකාරී ව වැඩ කරන්නේ ය. නො විමසා නො කරන්නේ ය. රජතුමනි, පරීක්‍ෂාකාරීව වැඩ කරන්නාගේ යශස ද කීර්තිය ද වැඩේ.