1. මාතුපොසකජාතකං
1532. තස‍්ස නාගස‍්ස විප‍්පවාසෙන විරූළ‍්හා සල‍්ලකී ච කුටජා ච, කුරුවින්‍දකරවරා භිසසාමා නිවාතෙ පුප‍්ඵිතා ච කණිකාරා.
1532. මාගේ පුත්‍රයා වන ඇතා වෙන් ව ගිය නිසා ඉඳුසල් ගස් කෙළිඳ ගස් හා කුරුඳු ගස් ද ඉළුක් ආදි තෘණ වර්‍ග ද බොඩහමු ගස් ද වැඩුණාහ. කඳු පමුලැ කිණිහිරි ගස්හි මල් පිපී ගියහ.
1533. කොචිදෙව සුවණ‍්ණකායූරා, නාගරාජං භරන‍්ති පිණ‍්ඩෙන, යත්‍ථ රාජා රාජකුමාරො වා කවචම‍්භිහෙස‍්සති අසම‍්භීතො.
1533. යම් කිසි තැනෙකැ රන් අබරණ සහිත රාජ රාජමහාමාත්‍යයෝ ඇතා ආහාරයෙන් පෝෂණය කරත් ද. යම් ඇතකු පිට රජෙක් හෝ රාජ කුමාරයෙක් හෝ හිඳ ගෙන බිය රහිත ව සතුරන්ගේ යුද ඇඳුම් විනාශ කෙරේ ද,
1534. ගණ‍්හාහි නාග කබළං මා නාග කිසකො භව, බහූනි රාජකිච‍්චානි යානි නාග කරිස‍්සසි.
1534. නාගය, (හස්තිය) ආහාර අනුභව කරව. නාගය, කෘශ නො වව, රාජ කටයුතු බොහෝ ඇත. ඒ කටයුතු කරන්නෙහි ය.
1535. සා නූන සා කපණිකා අන්‍ධා අපරිනායිකා, ඛාණුං පාදෙන ඝට‍්ටෙති ගිරිං චණ‍්ඩොරණංපති.
1535. දුකට පත් වූ අන්‍ධ වූ අසරණ වූ ඒ මාගේ මව් ඇතිනි (හඬමින්) චණ්ඩොරණ පව්වෙහි කිලිඟුරන් (දැවකඳන්) පයින් පොළතී සිතමි.
1536. කා නු තෙ සා මහානාග අන්‍ධා අපරිනායිකා, ඛාණුං පාදෙන ඝට‍්ටෙති ගිරිං චණ‍්ඩොරණංපති.
1536. මහානාගය, අන්‍ධ වූ මඟ පෙන්වන්නකු නැති ද චණ්ඩොරණ පව්වෙහි කිළිඟුරන් පයින් පොළන ඕ තොපට කවරක් වේ ද?
1537. මාතා මෙ සා මහාරාජ අන්‍ධා අපරිනායිකා, ඛාණුං පාදෙන ඝට‍්ටෙති ගිරිං චණ‍්ඩොරණංපති.
1537. මහරජ, අන්‍ධ වූ මඟ පෙන්වන්නකු නැති චණ්ඩොරණ පව්වෙහි කිළිඟුරන් පයින් පොළන මාගේ මෑණියෝ ය.
1538. මුඤ‍්චථෙතං මහානාගං යො යං භරති මාතරං, සමෙතු මාතරා නාගො සහ සබ‍්බෙහි ඤාතිහි.
1538. යම් ඇතෙක් මව පෝෂණය කෙරේ ද ඒ ඇතා මුදවු. සියලු නෑයන් සමග (ගොස්) ඇතා මව හා එක් වේවා!
1539. මුත‍්තොච බන්‍ධනා නාගො කාසිරාජෙන පෙසිතො, මුහුත‍්තං විස‍්සමිත්‍වාන අගමා යෙන පබ‍්බතො.
1539. කසී රජු විසින් බැම්මෙන් මුදවා යැවූ ඇතා මොහොතක් විඩා හැර, පව්ව යම් තැනක ද (එතැනට) ගියේ ය.
1540. තතො සො නලිනිං ගන‍්ත්‍වා සීතං තුඤ‍්ජරසෙවිතං, සොණ‍්ඩාය උදකමාහත්‍වා මාතරං අභිසිඤ‍්චථ.
1540. ඉක්බිති ඒ ඈතා සිහිල් දිය ඇති ඇතුන් ගැවසුන විලට ගොස් සොඬින් දිය ගෙන මවට ඉස්සේ ය.
1541. කොයං අනරියො දෙවො අකාලෙන පි වස‍්සති, ගතො මෙ අත්‍රජො පුත‍්තො යො මය‍්හං පරිචාරකො.
1541. නො කල්හි වස්නා මේ නොහොබනා වැස්ස කුමක් ද? යමෙක් මට උපස්ථායක ව සිටියේ ද ඒ මාගේ පුත්‍රයා ගියේ ය.
1542. උට‍්ඨෙහි අම‍්ම කිං සෙසි ආගතො ත්‍යාභමත්‍රජො, මුත‍්තොම‍්හි කාසිරාජෙන වෙදෙහෙන යසස‍්සිනා.
1542. අම්මෙ, නැගිටින්න. වැතිර සිටින්නේ කිම? ඔබේ පුතා වන මම ආවෙමි. නුවණැති පිරිවර ඇති කසී රජ විසින් මම මුදනු ලදිමි.
1543. චිරං ජීවතු සො රාජා කාසීනං රට‍්ඨවද‍්ධනො, යො මෙ පුත‍්තං අමොචෙසි සදා වුද‍්ධාපචායිකන‍්ති.
1543. හැම දා වැඩිහිටියන් සලකන යමෙක් මාගේ පුතා නිදහස් කෙළේ ද කසී රැටියන්ගේ රට දියුණු කරන ඒ රජ සැරදේවා.