යෙදුමෙන් කියවන්න

2. ජුණ‍්හජාතකං

1544. සුණොහි මය‍්හං වචනං ජනින්‍ද අත්‍ථෙන ජුණ‍්හම‍්භි ඉධානුපත‍්තො, න බ්‍රාහ‍්මණෙ අද‍්ධිකෙ තිට‍්ඨමානෙ ගන‍්තබ‍්බමාහු දිපදාන සෙට‍්ඨ,

1544. රජතුමනි, මාගේ කීම ඇසුවමනා ය. ප්‍රයෝජනයක් සලකා ගෙන ජුණ්හ (නම්) ඔබ වෙත පැමිණියෙමි. දෙපා ඇත්තන් අතර උතුම් වූ රජතුමනි, බමුණන් ද මගියන් ද පැමිණ සිටිය දී (ඔවුන්) නො බලා යායුතු යයි (පඬිවරු) නො කියති.

1545. සුණොමි තිට‍්ඨාමි වදෙහි බ්‍රහ‍්මෙ යෙනාසි අත්‍ථෙන ඉධානුපත‍්තො, කං වා ත්‍වමත්‍ථං මයි පත්‍ථයානො ඉධාගමා බ්‍රහෙම තදිඞ‍්ඝ බ්‍රූහි.

1545. බමුණ, (ඔබ කීම) අසමි. (මෙහි) සිටිමි, කියව. යම් ප්‍රයෝජනයක් සලකා මෙහි ආයෙහි ද ? මා කෙරෙහි වූ කුමක් පතමින් මෙහි ආයෙහි ද ? බමුණ, එය වහා කියව.

1546. දදාහි මෙ ගාමවරානි පඤ‍්ච දාසීසතං සත‍්තගවං සතානි, පරොසභස‍්සඤ‍්ච සුවණ‍්ණනික‍්ඛෙ භරියා ච මෙ සාදිසී ද‍්වෙ දදාහි.

1546. ගම්වර පහක් ද දැස්සන් සියයක් ද ගවයන් සත් සියක් ද දහසකට වැඩි ස්වර්‍ණ නිෂ්ක ද (ජාතිකුලාදීන්) මා හා සමාන බිරියන් දෙදෙනකු ද මට දුන මැනැවි.

1547. තපො නු තෙ බ්‍රාහ‍්මණ භිංසරූපො මන‍්තා නු තෙ බ්‍රාහ‍්මණ චිත‍්තරූපා, යක‍්ඛාච තෙ අස‍්සවා සන‍්ති කෙචි අත්‍ථං වා මෙ අභිජානාසි කත‍්තං.

1547. බමුණ, ඔබට උසස් වූ තාපස ගුණධර්‍මයෙක් ඇත් ද නැතහොත් විසිතුරු වූ මන්ත්‍ර තිබේ ද, නැතහොත් සුවච වූ කිසි යක්‍ෂ කෙනෙක් හෝ සිටිත් ද, නැතහොත් ඔබ විසින් මට කළ කිසියම් හිතකර කිසිවක් දන්නෙහි ද?

1548. න මෙ තපො අත්‍ථි න චාපි මන‍්තා යක‍්ඛාපි මෙ අස‍්සවා නත්‍ථි කෙචි අත්‍ථම‍්පි තෙ නාභිජානාමි කත‍්තං පුබ‍්බෙ ච ඛො සඞ‍්ගතිමත‍්තමාසි.

1548. මට තපසෙක් නැත, මන්ත්‍ර ද නැත, සුවච යක්‍ෂයෝ ද නැත. ඔබට කළ යහපතකු දු නො දනිමි. පෙරැ ඔබ හා සමාගමය පමණෙක් විය.

1549. පඨමං ඉමං දස‍්සනං ජානතො මෙ න නාභිජානාමි ඉතො පුරත්‍ථා, අක‍්ඛාහි මෙ පුච‍්ඡිතො එතමත්‍ථං කදා කුහිං වා අහු සඞ‍්ගමො නො.

1549. දන්නා වූ මට මේ පළමු වර දැක්මයි. මීට පෙරැ ඔබ නො හඳුනමි. කවදා කො තැනෙකැ අප හමුවීම සිදුවී ද? පුළුවුස්නා ලද මට මෙය කියව.

1550. ගන්‍ධාරරාජස‍්ස පුරම‍්භි රම‍්මෙ අවසිම‍්හසෙ තක‍්කසිලාය දෙව, තත්‍ථන්‍ධකාරම‍්භි තිමිස‍්සිකායං අංසෙන අංසං සමඝට‍්ටයිම‍්හ.

1550. දේවයන් වහන්ස, ගන්‍ධාර රජතුමාගේ රම්‍ය තක්සලා නගරයෙහි විසූම්හ. එහි ගනඳුරු (පැවැති) රැයෙකැ අංසයෙන් අංසය ගැටූමු.

1551. තෙ තත්‍ථ ඨත්‍වාන උභො ජනින්‍ද සාරාණීයං වීතිසාරිම‍්භ තත්‍ථ, සායෙව නො සඞ‍්ගතිමත‍්තමාසි තතො න පච‍්ඡා න පුරෙ අහොසි.

1551. මහරජ, අපි එහි දී සිහි කළ මනා කතා කෙළෙමු. අප හමුවීම එ පමණෙකි. ඉන්පසු හමුවීමෙක් නො වීය. ඉන් පෙරැ ද නො වීය.

1552. යදා කදාචි මනුජෙසු බ්‍රහ‍්මෙ සමාගමො සප‍්පුරිසෙන හොති, න පණ‍්ඩිතා සඞ‍්ගතිසන්‍ථවානි පුබ‍්බෙ කතං වාපි විනාසයන‍්ති.

1552. බමුණ, යම් කලෙක සත්පුරුෂයන් හා හමුවීමෙක් වේ ද මොහොතක් පැවැති එකතුව හෝ බොහෝ කලක් පැවැති එක්වීම හෝ පෙර කළ දැය හෝ පඬිවරු විනාශ නො කරත්.

1553. බාලා ච ඛො සඞ‍්ගතිසන්‍ථවානි. පුබ‍්බෙ කතං වාපි විනාසයන‍්ති, බහුම‍්පි බාලෙසු කතං විනස‍්සති තථා හි බාලා අකතඤ‍්ඤුරූපා.

1553. අඥයෝ මොහොතක් කල් හෝ බොහෝ කලක් හෝ පැවැති එකතුව නසත්, කළ ගුණ ද නසත්. බාලයන් කෙරේ කළ හොඳ වැනැසේ. ඒ එසේ මැ යි. අඥානයෝ කළ ගුණ නො දන්නාහු ය.

1554. ධීරා ච ඛො සඞ‍්ගතිසන්‍ථවානි පුබ‍්බෙ කතං වාපි න නාසයන‍්ති, අප‍්පම‍්පි ධීරෙසු කතං න නස‍්සති කථා හි ධීරා සුකතඤ‍්ඤුරූපා.

1554. ප්‍රාඥයෝ හමුවීම හෝ එක්ව වාසය හෝ පෙරැ කළ උපකාරයන් (දන්නා ගුණය) නො නසත්. නුවණැතියන් කෙරේ කළ හොඳ නො නැසේ. ඒ එසේ මැ යි. නැණැත්තෝ කළ ගුණ දන්නාහු ය.

1555. දදාමි තෙ ගාමවරානි පඤ‍්ච දාසීසතං සත‍්තගවං සතානි, පරොසහස‍්සඤ‍්ච සුවණ‍්ණනික‍්ඛෙ භරියා ච තෙ සාදිසී ද‍්වෙ දදාමි.

1555. ඔබට ගම්වර පහක් ද දැස්සන් සියයක් ද ගවයන් සත් සියයක් ද දහසකට වැඩි ස්වර්‍ණ නිෂ්ක ද සමාන බිරියන් දෙදෙනකු ද දෙමි.

1556. එවං සතං භොති සමෙච‍්ච රාජ නක‍්ඛත‍්තරාජාරිව තාරකානං, ආපූරතී කාසිපතී යථා අහං තයා හි මෙ සඞ‍්ගමො අජ‍්ජ ලද‍්ධොති.

1556. රජතුමනි, සත්පුරුෂයන් හා එකතු වීම නිසා මෙසේ එය වෙයි. කසී රටේ අධිපති රජ, තාරකා මැද සඳසේ (ක්‍රමයෙන්) පිරෙයි. මම ද අද ඔබතුමා දුන් ගම්වරාදීන් නිසා එසේ වෙමි. දැන් මා විසින් තොප හා සඞ්ගමය ලබන ලදි.

2. ජුණ‍්හජාතකං.

2. ජුණ්හ ජාතක යි.