2. ජුණ්හජාතකවණ්ණනා 456 අට්ඨකථා
2. ජුණ්හජාතකවණ්ණනා (456)
2. ජුණ්හ ජාතකය (456)
සුණොහි මය්හං වචනං ජනින්දාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ආනන්දත්ථෙරෙන ලද්ධවරෙ ආරබ්භ කථෙසි. පඨමබොධියඤ්හි වීසති වස්සානි භගවතො අනිබද්ධුපට්ඨාකා අහෙසුං. එකදා ථෙරො නාගසමාලො, එකදා නාගිතො, එකදා උපවාණො, එකදා සුනක්ඛත්තො, එකදා චුන්දො, එකදා නන්දො, එකදා සාගතො, එකදා මෙඝියො භගවන්තං උපට්ඨහි. අථෙකදිවසං භගවා භික්ඛූ ආමන්තෙසි “භික්ඛවෙ, ඉදානිම්හි මහල්ලකො, එකච්චෙ භික්ඛූ ‘ඉමිනා මග්ගෙන ගච්ඡාමා’ති වුත්තෙ අඤ්ඤෙන ගච්ඡන්ති, එකච්චෙ මය්හං පත්තචීවරං භූමියං නික්ඛිපන්ති, නිබද්ධුපට්ඨාකං මෙ එකං භික්ඛුං ජානාථා”ති. “භන්තෙ, අහං උපට්ඨහිස්සාමි, අහං උපට්ඨහිස්සාමී”ති සිරසි අඤ්ජලිං කත්වා උට්ඨිතෙ සාරිපුත්තත්ථෙරාදයො “තුම්හාකං පත්ථනා මත්ථකං පත්තා, අල”න්ති පටික්ඛිපි. තතො භික්ඛූ ආනන්දත්ථෙරං “ත්වං ආවුසො, උපට්ඨාකට්ඨානං යාචාහී”ති ආහංසු. ථෙරො “සචෙ මෙ භන්තෙ, භගවා අත්තනා ලද්ධචීවරං න දස්සති, පිණ්ඩපාතං න දස්සති, එකගන්ධකුටියං වසිතුං න දස්සති, මං ගහෙත්වා නිමන්තනං න ගමිස්සති, සචෙ පන භගවා මයා ගහිතං නිමන්තනං ගමිස්සති, සචෙ අහං තිරොරට්ඨා තිරොජනපදා භගවන්තං දට්ඨුං ආගතං පරිසං ආගතක්ඛණෙයෙව දස්සෙතුං ලභිස්සාමි , යදා මෙ කඞ්ඛා උප්පජ්ජති, තස්මිං ඛණෙයෙව භගවන්තං උපසඞ්කමිතුං ලභිස්සාමි, සචෙ යං භගවා මම පරම්මුඛා ධම්මං කථෙති, තං ආගන්ත්වා මය්හං කථෙස්සති, එවාහං භගවන්තං උපට්ඨහිස්සාමී”ති ඉමෙ චත්තාරො පටික්ඛෙපෙ චතස්සො ච ආයාචනාති අට්ඨ වරෙ යාචි, භගවාපිස්ස අදාසි.
සුණොහි මය්හං වචනං ජනින්ද යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක්, ආනන්ද තෙරුන් විසින් ලබන ලද වරයන් අරබයා දේශනා කළ සේක. බුද්ධත්ත්වයෙන් පළමු විසිවසෙහි බුදුරදුන්ට නිරතුරු උපස්ථායකයෙක් නොවීය. එක් දිනක් නාගසමාලද එක්දිනක් නාගිත, උපවාණ, සුනක්ඛත්ත, චුද්ද-සාගත ද එක්දිනක් මේඝියද භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළහ. ඉක්බිති එක්දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, දැන් මහළු වූයේ වෙමි. ඇතැම් භික්ෂූහු මේ මගින් යමු යැයි කී කල්හි අනිකකින් යත්. ඇතැම්හු මගේ පාත්‍රා සිවුරු බිම හෙලත්. මට නිබඳ උපස්ථායක වූ එක් භික්ෂුව දනුව යයි කීය. ස්වාමීනි, මම උපස්ථාන කරන්නෙමි. මම උපස්ථාන කරන්නෙමියි හිසෙහි බැඳදිළිව සැරියුත් තෙර ආදීන් නැගී සිටි කල්හි නුඹලාගේ ප්‍රාර්ථනාව මස්තකප්රාප්ත වීය. ඒ නිසා කම්නැතැයි ප්රතික්ෂෙප කළ සේක. ඉක්බිති භික්ෂූහු ආනන්ද තෙරුන්ට ඇවැත්නි ඔබ උපස්ථායක තනතුර ඉල්වව යයි කීහ. ආනන්ද තෙර ඉදින් භාග්‍යවතුන් වහන්සේ තමා විසින් ලබන ලද සිවුරු මට නොදෙන්නේය. පිණ්ඩපාතය නොදෙන්නේය. එක ගඳකිළියක වසන්නට නොදෙන්නේ ය. මා ගෙන ආරාධනාවන්ට නොයන්නේය. භාග්‍යවතුන් වහන්සේ මවිසින් ගන්නා ලද ආරාධනාවන්ට යන්නේය. ඉදින් මම වෙනත් රටින් වෙනත් ජනපදයෙන් බුදුන් දකින්නට පැමිණි පිරිස ආ මොහොතෙහිම බුදුන් දක්වන්නට ලබන්නෙමිද? යම්දිනක මට සැකයක් උපදීද එකෙනෙහිම බුදුන් වෙත එළඹෙන්නට ලබන්නෙමිද ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා නැති තැන යම් ධර්මයක් දේශනා කරන සේක්ද පෙරලා අවුත් එය මට දේශනා කරන සේක්වා. මෙසේ නම් මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නෙමි යි. මේ ප්රතික්ෂෙප සතරත් ආයාචනා සතරත් යන අටවරයන් ඉල්වීය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුට ඒවා දුන් සේක.
සො තතො පට්ඨාය පඤ්චවීසති වස්සානි නිබද්ධුපට්ඨාකො අහොසි. සො පඤ්චසු ඨානෙසු එතදග්ගෙ ඨපනං පත්වා ආගමසම්පදා, අධිගමසම්පදා, පුබ්බහෙතුසම්පදා, අත්තත්ථපරිපුච්ඡාසම්පදා, තිත්ථවාසසම්පදා, යොනිසොමනසිකාරසම්පදා, බුද්ධූපනිස්සයසම්පදාති ඉමාහි සත්තහි සම්පදාහි සමන්නාගතො බුද්ධස්ස සන්තිකෙ අට්ඨවරදායජ්ජං ලභිත්වා බුද්ධසාසනෙ පඤ්ඤාතො ගගනමජ්ඣෙ චන්දො විය පාකටො අහොසි. අථෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, තථාගතො ආනන්දත්ථෙරං වරදානෙන සන්තප්පෙසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපාහං ආනන්දං වරෙන සන්තප්පෙසිං, පුබ්බෙපාහං යං යං එස යාචි, තං තං අදාසිංයෙවා”ති වත්වා අතීතං ආහරි.
ඔහු එතැන් පටන් පස්විසි වසක් නිත්‍ය උපස්ථායකයා වීය. ඔහු ස්ථාන පහක එතදග්‍ර තනතුරෙහි තබා ධර්මය අවබෝධ කිරීමය. මාර්ගඵල ලැබීමය. පෙර වාසනාවය. ආත්මාර්ථ පිළිවිසීමය. තොටුවන් හා එක්ව විසීමය. නුවණින් මෙනෙහි කිරීමය. බුදුන්ට උපස්ථාන කිරීමය යන මේ සත්වැදෑරුම් සම්ප්රදාවන්ගෙන් යුක්ත වූයේ බුදුන් හමුවෙහි වර අටනම් දායාදය ලැබ බුදු සසුනෙහි අහස් මැද සඳ මෙන් ප්‍රකට විය. ඉක්බිති එක් දවසක් (භික්ෂූහු) දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, තථාගතයන් වහන්සේ ආනන්ද තෙරුන් වරදානයෙන් සන්තර්පණය කෙළේ යයි. ශාස්තෲන් වහන්සේ මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විචාරා මෙනම් වූවෙකැයි කී කල්හි මහණෙනි, ආනන්දයන් වරයකින් සතුටු කරවූයේ දැන් පමණක් නොවේ. පෙරද මම යමක් යමක් මෙතෙමේ ඉල්වීද එය එය දුන්නෙමියි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස පුත්තො ජුණ්හකුමාරො නාම හුත්වා තක්කසිලායං සිප්පං උග්ගහෙත්වා ආචරියස්ස අනුයොගං දත්වා රත්තිභාගෙ අන්ධකාරෙ ආචරියස්ස ඝරා නික්ඛමිත්වා අත්තනො නිවාසට්ඨානං වෙගෙන ගච්ඡන්තො අඤ්ඤතරං බ්රාහ්මණං භික්ඛං චරිත්වා අත්තනො නිවාසට්ඨානං ගච්ඡන්තං අපස්සන්තො බාහුනා පහරිත්වා තස්ස භත්තපාතිං භින්දිං, බ්රාහ්මණො පතිත්වා විරවි. කුමාරො කාරුඤ්ඤෙන නිවත්තිත්වා තං හත්ථෙ ගහෙත්වා උට්ඨාපෙසි. බ්රාහ්මණො “තයා, තාත, මම භික්ඛාභාජනං භින්නං, භත්තමූලං මෙ දෙහී”ති ආහ. කුමාරො “බ්‍රාහ්මණ, න දානාහං තව භත්තමූලං දාතුං සක්කොමි, අහං ඛො පන කාසිකරඤ්ඤො පුත්තො ජුණ්හකුමාරො නාම, මයි රජ්ජෙ පතිට්ඨිතෙ ආගන්ත්වා මං ධනං යාචෙය්යාසී”ති වත්වා නිට්ඨිතසිප්පො ආචරියං වන්දිත්වා බාරාණසිං ගන්ත්වා පිතු සිප්පං දස්සෙසි. පිතා “ජීවන්තෙන මෙ පුත්තො දිට්ඨො, රාජභූතම්පි නං පස්සිස්සාමී”ති රජ්ජෙ අභිසිඤ්චි. සො ජුණ්හරාජා නාම හුත්වා ධම්මෙන රජ්ජං කාරෙසි. බ්රාහ්මණො තං පවත්තිං සුත්වා “ඉදානි මම භත්තමූලං ආහරිස්සාමී”ති බාරාණසිං ගන්ත්වා රාජානං අලඞ්කතනගරං පදක්ඛිණං කරොන්තමෙව දිස්වා එකස්මිං උන්නතප්පදෙසෙ ඨිතො හත්ථං පසාරෙත්වා ජයාපෙසි. අථ නං රාජා අනොලොකෙත්වාව අතික්කමි. බ්රාහ්මණො තෙන අදිට්ඨභාවං ඤත්වා කථං සමුට්ඨාපෙන්තො පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි ඔහුගේ පුත් වූ ජුණ්හ නම් කුමාරයා තක්ෂිලාවෙහි ශිල්ප ඉගෙන ආචාර්යයන්ට පාඩම් දී රාත්‍රී කාලයෙහි අඳුරෙහි ආචාර්යවරයාගේ ගෙයින් නික්ම තමාගේ වාසස්ථානයට වේගයෙන් යන්නේ එක්තරා බ්‍රාහ්මණයෙක් ආහාර පිණිස හැසිරී තමාගේ වාසස්ථානයට යන්නේ නොදැක අතින් පහර දී ඔහුගේ බත්පාත්‍රය බින්දේය. බමුණා වැටී හඬගෑය. කුමාරයා කරුණාවෙන් නැවතී ඔහු අතින් ගෙන නැගිටුවාලීය. බ්‍රාහ්මණයා දරුව, මගේ සිඟනා ලද භාජනය බිඳින ලදි. බත් මිල මට දෙවයි කීය. කුමාරයා බ්‍රාහ්මණය, දැන් මම බත් මිල දෙන්නට අපොහොසත් වෙමි. මම කාසි රජුගේ පුත් ජුණ්හ කුමාරයා වෙමි. මා රාජ්‍යයෙහි පිහිටි කල්හි අවුත් මගෙන් ධනය ඉල්ලව යි කියා නිමවන ලද ශිල්ප ඇත්තේ ආචාර්යයන් වැඳ බරණැසට ගොස් පියාට ශිල්ප දැක්වීය. පියා ජීවත් වන්නාවූ මා විසින් මගේ පුතා දක්නා ලද්දෙමි. රජ වූද ඒ ඔහු දකින්නෙමි යි රාජ්‍යයෙහි අභිෂේක කෙළේය. හෙතෙම ජුණ්හ නම් රජ වී දැහැමිව රාජ්‍යය කෙළේ ය. බ්‍රාහ්මණයා ඒ පුවත අසා දැන් මගේ බත් මිල ගෙන එන්නෙමියි බරණැසට ගොස් අලංකාර කර සරසන ලද නගරය ප්රදක්ෂිණා කරන රජු දැක එක් උස් ප්‍රදේශයක සිටියේ අත දිගුකර ජය පැතීය. රජු නොදැකම ඉක්ම ගියේය. බමුණා - ඔහු විසින් නොදුටු බව දැන කථාව උපදවන්නේ පළමුවන ගාථාව කීවේය.
“සුණොහි මය්හං වචනං ජනින්ද, අත්ථෙන ජුණ්හම්හි ඉධානුපත්තො; න බ්රාහ්මණෙ අද්ධිකෙ තිට්ඨමානෙ, ගන්තබ්බමාහු ද්විපදින්ද සෙට්ඨා”ති.
සුණොති මය්හං වචනං ජනින්ද - අත්ථෙන ජුණ්හම්හි ඉධානුපත්තො, න බ්රාහ්මණෙ අද්ධිකෙ තිට්ඨමානෙ - ගන්තමානෙ ගන්තබ්බමාහු දිපදානෙ සෙට්ඨො
1. රජතුමනි, මගේ වචනය අසන්න. ප්‍රයෝජනයක් සලකා මෙහි ජුණ්හ රජු වෙත පැමිණියේ වෙමි. දෙපා ඇත්තවුන් අතර ප්‍රධාන වූ රජතුමනි, බමුණන්ද මගියන්ද සිටින කල්හි (ඔවුන් නොසලකා) නොයා යුතුයැයි (පඬිවරු) කීහ.
තත්ථ ජුණ්හම්හීති මහාරාජ, තයි ජුණ්හම්හි අහං එකෙන අත්ථෙන ඉධානුප්පත්තො, න නික්කාරණා ඉධාගතොම්හීති දීපෙති. අද්ධිකෙති අද්ධානං ආගතෙ. ගන්තබ්බන්ති තං අද්ධිකං අද්ධානමාගතං යාචමානං බ්රාහ්මණං අනොලොකෙත්වාව ගන්තබ්බන්ති පණ්ඩිතා න ආහු න කථෙන්තීති.
එහි ජුණ්හම්හි යනු මහරජතුමනි, ජුණ්හ නම් වූ තොප වෙතට එක් ප්‍රයෝජනයක් සලකා මෙහි පැමිණියේ වෙමි. නිකරුනේ මෙහි නොපැමිණියේ වෙමියි දක්වයි. අද්ධිකෙ යනු මග ආවුන්. ගන්තබ්බං යනු ඒ මගියා, මාර්ගයට පැමිණි, (යමක්) ඉල්ලන්නා වූ බ්‍රාහ්මණයා නොබලා යායුතුයයි පණ්ඩිතයෝ න ආහු නොකියත් යනුයි.
රාජා තස්ස වචනං සුත්වා හත්ථිං වජිරඞ්කුසෙන නිග්ගහෙත්වා දුතියං ගාථමාහ –
රජු ඔහුගේ වචනය අසා ඇතු දියමන්ති හෙණ්ඩුවෙන් යටපත් කර දෙවන ගාථාව කීවේය.
“සුණොමි තිට්ඨාමි වදෙහි බ්රහ්මෙ, යෙනාසි අත්ථෙන ඉධානුපත්තො; කං වා ත්වමත්ථං මයි පත්ථයානො, ඉධාගමො බ්රහ්මෙ තදිඞ්ඝ බ්රූහී”ති.
2. බ්‍රාහ්මණය, අසමි. නැවතී සිටිමි. කියව. යම් ප්‍රයෝජනයක් සලකා මෙහි පැමිණියේ වෙහිද? බ්‍රාහ්මණය, ඔබ මා කෙරෙහි කවර ප්‍රයෝජනයක් සලකා මෙහි පැමිණියේද එය වහා කියව.
තත්ථ ඉඞ්ඝාති චොදනත්ථෙ නිපාතො.
එහි ඉංඝ යනු චෝදනාර්ථයෙහි නිපාතයකි.
තතො පරං බ්රාහ්මණස්ස ච රඤ්ඤො ච වචනපටිවචනවසෙන සෙසගාථා කථිතා –
අනතුරුව බමුණා විසින් රජුට වදන් පිළිවදන් වශයෙන් සෙසු ගාථාවෝ කියන ලදහ.
“දදාහි මෙ ගාමවරානි පඤ්ච, දාසීසතං සත්ත ගවංසතානි; පරොසහස්සඤ්ච සුවණ්ණනික්ඛෙ, භරියා ච මෙ සාදිසී ද්වෙ දදාහි.
3. මට ගම්වර පහක් දෙව. දාසියන් සියයක්ද ගවයන් සත් සියයක්ද දහසකට වැඩි රන්කාසි ද මා හා සමාන බිරියන් දෙදෙනකුද දෙව.
“තපො නු තෙ බ්‍රාහ්මණ භිංසරූපො, මන්තා නු තෙ බ්‍රාහ්මණ චිත්තරූපා; යක්ඛා නු තෙ අස්සවා සන්ති කෙචි, අත්ථං වා මෙ අභිජානාසි කත්තං.
4. බ්‍රාහ්මණය, තොපගේ තපස බියකරුද? බ්‍රාහ්මණය, තොපගේ මන්ත්‍රයෝ විසිතුරුයහද? තොපට වසඟ වූ කිසියම් යක්ෂයෝ වෙත්ද? නැතහොත් මට කරන ලද කිසි වැඩදායී දෙයක් දන්නෙහිද?
“න මෙ තපො අත්ථි න චාපි මන්තා, යක්ඛාපි මෙ අස්සවා නත්ථි කෙචි; අත්ථම්පි තෙ නාභිජානාමි කත්තං, පුබ්බෙ ච ඛො සඞ්ගතිමත්තමාසි.
5. මට තපසක් නැත. මන්ත්‍රද නැත. මට වසඟ වූ කිසිදු යක්ෂයෝද නොවෙති. තොපට කරන ලද යහපතක්ද නොදනිමි. පෙර කරන ලද සමාගමයක් පමණක් ඇත.
“පඨමං ඉදං දස්සනං ජානතො මෙ, න තාභිජානාමි ඉතො පුරත්ථා; අක්ඛාහි මෙ පුච්ඡිතො එතමත්ථං, කදා කුහිං වා අහු සඞ්ගමො නො.
6. දන්නා වූ මට මේ පළමු දැක්මයි. මින් පෙර නොහඳුනමි. කවදා කොහිදී අපගේ එකතුවීමක් වූයේදැයි අසන්නා වූ මට මේ කරුණ කියව.
“ගන්ධාරරාජස්ස පුරම්හි රම්මෙ, අවසිම්හසෙ තක්කසීලායං දෙව; තත්ථන්ධකාරම්හි තිමීසිකායං, අංසෙන අංසං සමඝට්ටයිම්හ.
7. රජතුමනි, ගන්ධාර රජුගේ රම්‍ය වූ ත්කෂිලා නගරයෙහි වාසය කළෙමු. එහි අඳුර පැවති රාත්‍රියක අංශයෙන් අංශය ගැටුනෙමු.
“තෙ තත්ථ ඨත්වාන උභො ජනින්ද, සාරාණියං වීතිසාරයිම්හ තත්ථ; සායෙව නො සඞ්ගතිමත්තමාසි, තතො න පච්ඡා න පුරෙ අහොසි.
8. රජතුමනි, අපි දෙදෙනම එහි සිට සිහිකටයුතු කථා කළෙමු. එයම අපගේ සමාගමය වීය. ඉන් පෙර හෝ පසුව නොවීය.
“යදා කදාචි මනුජෙසු බ්රහ්මෙ, සමාගමො සප්පුරිසෙන හොති; න පණ්ඩිතා සඞ්ගතිසන්ථවානි, පුබ්බෙ කතං වාපි විනාසයන්ති.
9. බ්‍රාහ්මණය, මිනිසුන් අතර යමිකිසි දිනෙක සත්පුරුෂයන් සමඟ හමුවීමක් වේද? පණ්ඩිතයෝ එක්වීම හා එක්ව විසීමද පෙර කරන ලද දේද විනාශ නොකරත්.
“බාලාව ඛො සඞ්ගතිසන්ථවානි, පුබ්බෙ කතං වාපි විනාසයන්ති; බහුම්පි බාලෙසු කතං විනස්සති, තථා හි බාලා අකතඤ්ඤුරූපා.
10. බාලයෝම එක්වීම හා එක්ව විසීමද පෙර කරන ලද දේද විනාශ කරත්. බාලයන් කෙරෙහි කරන ලද බොහොමයක්ද වැනසෙන්නේය. ඒ එසේමැයි. බාලයෝ කළගුණ නොදන්නාහුය.
“ධීරා ච ඛො සඞ්ගතිසන්ථවානි, පුබ්බෙ කතං වාපි න නාසයන්ති; අප්පම්පි ධීරෙසු කතං න නස්සති, තථා හි ධීරා සුකතඤ්ඤුරූපා.
11. ප්‍රාඥයෝ එක්වීම හා එක්ව විසීමද පෙර කරන ලද දෙයද නො නසත්. ප්‍රාඥයන් කෙරෙහි කරන ලද ස්වල්ප වූද උපකාරය නොනැසේ. එය එසේමය. ප්‍රාඥයෝ කළගුණ මනාව දන්නාහුය.
“දදාමි තෙ ගාමවරානි පඤ්ච, දාසීසතං සත්ත ගවංසතානි; පරොසහස්සඤ්ච සුවණ්ණනික්ඛෙ, භරියා ච තෙ සාදිසී ද්වෙ දදාමි.
12. තොපට ගම්වර පහක් දෙමි. දාසියන් සියයක්ද ගවයන් සියයක්ද දෙමි. දහසකට වැඩි රන්කාසිද තොප හා සමාන බිරියන් දෙදෙනෙකුද දෙමි.
“එවං සතං හොති සමෙච්ච රාජ, නක්ඛත්තරාජාරිව තාරකානං; ආපූරතී කාසිපතී තථාහං, තයාපි මෙ සඞ්ගමො අජ්ජ ලද්ධො”ති.
13. රජතුමනි, සත්පුරුෂයන් හා එක්වීම නිසා මෙසේ වෙයි. කසීරජ රජතුමනි, තරු අතර පුන්සඳ පිරෙන්නාක් මෙන් මම යම්සේ සම්පූර්ණත්වය පිළිබඳ අපේක්ෂා සහගත වීම්ද අද එසේ මගේ එක්වීම ලද්දේ වෙමි.
තත්ථ සාදිසීති රූපවණ්ණජාතිකුලපදෙසෙන මයා සාදිසී එකසදිසා ද්වෙ මහායසා භරියා ච මෙ දෙහීති අත්ථො. භිංසරූපොති කිං නු තෙ බ්‍රාහ්මණ බලවරූපසීලාචාරගුණසඞ්ඛාතං තපොකම්මං අත්ථීති පුච්ඡති. මන්තා නු තෙති උදාහු විචිත්රරූපා සබ්බත්ථසාධකා මන්තා තෙ අත්ථි. අස්සවාති වචනකාරකා ඉච්ඡිතිච්ඡිතදායකා යක්ඛා වා තෙ කෙචි සන්ති. කත්තන්ති කතං, උදාහු තයා කතං කිඤ්චි මම අත්ථං අභිජානාසීති පුච්ඡති. සඞ්ගතිමත්තන්ති සමාගමමත්තං තයා සද්ධිං පුබ්බෙ මම ආසීති වදති. ජානතො මෙති ජානන්තස්ස මම ඉදං පඨමං තව දස්සනං. න තාභිජානාමීති න තං අභිජානාමි. තිමීසිකායන්ති බහලතිමිරායං රත්තියං. තෙ තත්ථ ඨත්වානාති තෙ මයං තස්මිං අංසෙන අංසං ඝට්ටිතට්ඨානෙ ඨත්වා වීතිසාරයිම්හ තත්ථාති තස්මිංයෙව ඨානෙ සරිතබ්බයුත්තකං කථං වීතිසාරයිම්හ, අහං “භික්ඛාභාජනං මෙ තයා භින්නං, භත්තමූලං මෙ දෙහී”ති අවචං, ත්වං “ඉදානාහං තව භත්තමූලං දාතුං න සක්කොමි, අහං ඛො පන කාසිකරඤ්ඤො පුත්තො ජුණ්හකුමාරො නාම, මයි රජ්ජෙ පතිට්ඨිතෙ ආගන්ත්වා මං ධනං යාචෙය්යාසී”ති අවචාති ඉමං සාරණීයකථං කරිම්හාති ආහ. සායෙව නො සඞ්ගතිමත්තමාසීති දෙව, අම්හාකං සායෙව අඤ්ඤමඤ්ඤං සඞ්ගතිමත්තමාසි, එකමුහුත්තිකමහොසීති දීපෙති. තතොති තතො පන තංමුහුත්තිකමිත්තධම්මතො පච්ඡා වා පුරෙ වා කදාචි අම්හාකං සඞ්ගති නාම න භූතපුබ්බා.
එහි සාදිසි යනු රූපය, පැහැය, ජාතිය, කුලය උපන් ප්‍රදේශය වශයෙන් මා හා සමාන වූ මහපිරිස් ඇති බිරියන් දෙදෙනෙකු මට දෙව යන අර්ථයි. භිංසරූපො, බමුණ කිම තොපගේ බලවත් වූ රූපය ශීලය, හැසිරීම ආදී ගුණයි කියන ලද තවුස් දහමක් ඇතිදැයි විමසයි. මන්තානු තෙ යනු නැතහොත් විසිතුරු වූ සිය වැඩදායී වූ මන්ත්‍ර තොපට ඇතිද? අස්සවා යනු වචනයක් කරන්නා වූ කැමති කැමති දෙය දෙන්නා වූ යම්කිසි යක්ෂයෝ හෝ තොපට වෙත්ද? කත්තං යනු කරන ලද, නැතහොත් ඔබ විසින් කරන ලද කිසිවක් මගේ යහපතට වූ බව සිහි කරන්නෙහිදැයි විචාරයි. සංගති මත්තං යනු එක්වීම් මාත්‍රයක්. ඔබ සමඟ පෙර මගේ වූයෙහි දැයි කියයි. ජානතො යනු දැනුවත් වූ මගේ මේ නුඹගේ පළමු දැක්මයි. නාභිජානාමි එවැන්නක් නොදනිමි. තිමිස්සිකායං යනු ඝණ වූ අතිශයින් අඳුරු වූ රාත්‍රියෙහි. තෙ තත්ථ ඨත්වාන යනු ඒ අපි අංශයෙන් අංශය ගැටෙන තැන සිට. වීතිසාරිම්හ තත්ථ යනු එතැන සිහිකටයුතු කථා සිහිකළෙමු. මම ඔබ විසින් මගේ සිඟමන් ගන්නා වූ භාජනය බිඳන ලද බවද බත් මිල මට දෙවයිද කීවෙමි. දැන් මම තොපට බත් මිල දීමට නොහැක්කෙමියි මම වනාහි කසී රජුගේ පුත් ජුණ්හ කුමාරයා නම් වෙමි. මා රාජ්‍යයෙහි පිහිටි කල්හි පැමිණ මාගෙන් ධනය ඉල්වන්නෙහි යයි කීවේ යයි මේ සිහිකටයුතු කථාව කළෙමු යයි කීවේය. සා යෙව නො සඞ්ගති මත්තමාසී යනු දේවයන් වහන්ස, අපගේ ඒ වූම ඔවුනොවුන්ගේ එක්වීම පමණක් වීය. එක් මොහොතක් වූයේය ය දක්වයි. තතො යනු ඒ මොහොතක් පැවති මිත්‍ර ධර්මයෙන් පසුව හෝ පෙර හෝ කිසිදිනක අපගේ එක්වීමක් නම් නොවූ විරූය.
න පණ්ඩිතාති බ්‍රාහ්මණ පණ්ඩිතා නාම තංමුහුත්තිකං සඞ්ගතිං වා චිරකාලසන්ථවානි වා යං කිඤ්චි පුබ්බෙ කතගුණං වා න නාසෙන්ති. බහුම්පීති බහුකම්පි . අකතඤ්ඤුරූපාති යස්මා බාලා අකතඤ්ඤුසභාවා, තස්මා තෙසු බහුම්පි කතං නස්සතීති අත්ථො. සුකතඤ්ඤුරූපාති සුට්ඨු කතඤ්ඤුසභාවා. එත්ථාපි තත්ථාපි තථා හීති හි-කාරො කාරණත්ථො. දදාමි තෙති බ්රාහ්මණෙන යාචිතයාචිතං දදන්තො එවමාහ. එවං සතන්ති බ්රාහ්මණො රඤ්ඤො අනුමොදනං කරොන්තො වදති, සතං සප්පුරිසානං එකවාරම්පි සමෙච්ච සඞ්ගති නාම එවං හොති. නක්ඛත්තරාජාරිවාති එත්ථ ර-කාරො නිපාතමත්තං. තාරකානන්ති තාරකගණමජ්ඣෙ. කාසිපතීති රාජානමාලපති. ඉදං වුත්තං හොති – “දෙව, කාසිරට්ඨාධිපති යථා චන්දො තාරකානං මජ්ඣෙ ඨිතො තාරකගණපරිවුතො පාටිපදතො පට්ඨාය යාව පුණ්ණමා ආපූරති, තථා අහම්පි අජ්ජ තයා දින්නෙහි ගාමවරාදීහි ආපූරාමී”ති. තයාපි මෙති මයා පුබ්බෙ තයා සද්ධිං ලද්ධොපි සඞ්ගමො අලද්ධොව, අජ්ජ පන මම මනොරථස්ස නිප්ඵන්නත්තා මයා තයා සහ සඞ්ගමො ලද්ධො නාමාති නිප්ඵන්නං මෙ තයා සද්ධිං මිත්තඵලන්ති වදති. බොධිසත්තො තස්ස මහන්තං යසං අදාසි.
න පණ්ඩිතා යනු බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ඒ මොහොතක පැවති එක්වීම හෝ බොහෝ කලක් එකට වාසය කිරීම යම්කිසි පෙරකරන ලද කළගුණයක් නොනසත්. බහුම්පි යනු බොහෝ වූ. අකතඤ්ඤුරූපා යනු යම් හෙයකින් අඥානයෝ කළගුණ නොදැනීම ස්වභාවකොට ඇත්තෝද එහෙයින් ඔවුන් කෙරෙහි බොහෝකොට කරන ලද දෙයද නසන්නෝ ය යන අර්ථයි. සුක්තඤ්ඤුරූපා යනු මනාව කළගුණ දන්නා ස්වභාවය මෙහි වන්නේනු යි. කථාහි යනු මෙහි “හි” කාරය කාරණය අර්ථකොට ඇත්තේය. දදාමි තෙ යනු බ්‍රාහ්මණයා විසින් ඉල්ලන ඉල්ලන ලද දෙය දෙමින් මෙසේ කීවේය. එවං සතං යනු බමුණා රජුට අනුමෝදනා කරමින් කියයි. යහපත් සත්පුරුෂයන්ගේ එක් වරකුදු එකතුව එක්වීම නම් මෙසේ වෙයි. නක්ඛත්ත රාජාරිව යන මෙහි “ර” කාරය නිපාතයක් පමණි. තාරකානං යනු තරු සමූහයා මැද. කාසිපති යනු රජුට අමතයි. මෙය කියන ලද්දේ වෙයි. කසී රටට අධිපති දේවයන් වහන්ස. යම්සේ සඳ තරු මැද සිටියේ තාරකා සමූහයා විසින් පිරිවරන ලද්දේ චන්ද්‍රමාස ක්රමයෙහි පුර පක්ෂයේ පළමුදින පටන් යම්තාක් පසළොස්වක දක්වා සම්පූර්ණ වේද එසේ මමද ඔබ විසින් දෙන ලද ගම්වර ආදීන්ගෙන් පූර්ණත්වයට පත් වෙමි යි. තයාහිමෙ යනු මා විසින් පෙර ඔබ සමඟ ලබන ලද එක්වීම නොලබන ලද්දේද අද මගේ සිතැඟි සම්පූර්ණ වූ බැවින් මා විසින් ඔබ සමඟ එක්වීම ලබන ලද්දේ නමැයි. නිපනැයි. මාගේ ඔබ සමඟ මෛත්‍රියෙහි ප්රතිඵලයයි කියයි. බෝධිසත්ත්වයෝ ඔහුට මහත් වූ යසසක් දුන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපාහං ආනන්දං වරෙන සන්තප්පෙසිං යෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා බ්රාහ්මණො ආනන්දො අහොසි, රාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද ආනන්දයන් වරයෙන් සතුටු කරවන ලද්දෙමියි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි බ්‍රාහ්මණයා ආනන්ද වීය. රජු මම ම වීමි යි වදාළ සේක.
ජුණ්හජාතකවණ්ණනා දුතියා.