යෙදුමෙන් කියවන්න

3. ධම‍්මදෙවපුත‍්තජාතකවණ‍්ණනා 457 අට‍්ඨකථා

3. ධම‍්මදෙවපුත‍්තජාතකවණ‍්ණනා (457)

3. ධම්ම ජාතකය (457)

යසොකරො පුඤ‍්ඤකරොහමස‍්මීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස පථවිපවෙසනං ආරබ‍්භ කථෙසි. තදා හි භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, දෙවදත‍්තො තථාගතෙන සද‍්ධිං පටිවිරුජ‍්ඣිත්‍වා පථවිං පවිට‍්ඨො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න ඉදානෙවෙස, භික‍්ඛවෙ, මම ජිනචක‍්කෙ පහාරං දත්‍වා පථවිං පවිට‍්ඨො, පුබ‍්බෙපි ධම‍්මචක‍්කෙ පහාරං දත්‍වා පථවිං පවිසිත්‍වා අවීචිපරායණො ජාතොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

යසො කරො පුඤ්ඤකරො හමස්මි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් දෙවිදත්ගේ පොළොවට පිවිසීම අරභයා දේශනා කළ සේක. එකල්හි භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, දෙව්දත් තෙමේ තථාගතයන් වහන්සේ සමග විරසක වී පොළොව ඇතුළට ගියේය. ශාස්තෲන් වහන්සේ පැමිණ මහණෙනි, දැන් කිනම් කථාවකින් හුන්නහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, දැන් වූ කලී මෙතෙමේ මගේ බුද්ධ ශාසනයෙහි පහර දී පොළොව තුළට ගියේය. පෙර ධර්මචක්‍රයෙහි පහර දී පොළොව තුළට ගොස් අවීචි මහනිරය පිහිටකොට උපන්නේය යි කියා අතීත කථා වස්තුව ගෙන හැරපා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාමාවචරදෙවලොකෙ ධම‍්මො නාම දෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, දෙවදත‍්තො අධම‍්මො නාම. තෙසු ධම‍්මො දිබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො දිබ‍්බරථවරමභිරුය‍්හ අච‍්ඡරාගණපරිවුතො මනුස‍්සෙසු සායමාසං භුඤ‍්ජිත්‍වා අත‍්තනො අත‍්තනො ඝරද‍්වාරෙ සුඛකථාය නිසින‍්නෙසු පුණ‍්ණමුපොසථදිවසෙ ගාමනිගමජනපදරාජධානීසු ආකාසෙ ඨත්‍වා “පාණාතිපාතාදීහි දසහි අකුසලකම‍්මපථෙහි විරමිත්‍වා මාතුපට‍්ඨානධම‍්මං පිතුපට‍්ඨානධම‍්මං තිවිධසුචරිතධම‍්මඤ‍්ච පූරෙථ , එවං සග‍්ගපරායණා හුත්‍වා මහන‍්තං යසං අනුභවිස‍්සථා”ති මනුස‍්සෙ දස කුසලකම‍්මපථෙ සමාදපෙන‍්තො ජම‍්බුදීපං පදක‍්ඛිණං කරොති. අධම‍්මො පන දෙවපුත‍්තො “පාණං හනථා”තිආදිනා නයෙන දස අකුසලකම‍්මපථෙ සමාදපෙන‍්තො ජම‍්බුදීපං වාමං කරොති. අථ තෙසං ආකාසෙ රථා සම‍්මුඛා අහෙසුං. අථ නෙසං පරිසා “තුම‍්හෙ කස‍්ස, තුම‍්හෙ කස‍්සා”ති පුච‍්ඡිත්‍වා “මයං ධම‍්මස‍්ස, මයං අධම‍්මස‍්සා”ති වත්‍වා මග‍්ගා ඔක‍්කමිත්‍වා ද‍්විධා ජාතා. ධම‍්මොපි අධම‍්මං ආමන‍්තෙත්‍වා “සම‍්ම, ත්‍වං අධම‍්මො, අහං ධම‍්මො, මග‍්ගො මය‍්හං අනුච‍්ඡවිකො, තව රථං ඔක‍්කාමෙත්‍වා මය‍්හං මග‍්ගං දෙහී”ති පඨමං ගාථමාහ –

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්‍ව තෙමේ කාමාවචර දෙව්ලොව ‘ධර්ම’ නම් දෙව්පුත් වී උපන්නේය. දේවදත්ත අධම්ම නම් වීය. ඔවුන් අතර ධර්ම දෙව්පුතු දිව්‍යමය අලංකාරයන්ගෙන් සැරසුනේ දිව්‍යමය උතුම් රථයකට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුයේ මිනිසුන් රාත්‍රී ආහාරය අනුභව කර තමාගේ ගෙදොර සුව කථාවෙන් හුන් කල්හි පුර පසළොස්වක දවසෙහි ගම් නියම්ගම් රාජධානීන්හි අහසෙහි සිට ප්‍රාණඝාතාදී දස අකුසල කර්මපථයන්ගෙන් වෙන්වී මව්පියන්ට උපස්ථාන කිරීම ත්‍රිවිධ සුචරිත ධර්මය පුරව්. මෙසේ ස්වර්ගය (සුගතිය) පිහිටකොට ඇත්තෝ වී මහත් වූ යසස අනුභව කරන්නහු යයි මිනිසුන් දසකුසල කර්ම පථයෙහි යොදවන්නේ දඹදිව ප්‍රදක්‍ෂිණා කරයි. අධර්ම දෙව්පුත් වනාහි පරපන නසව් ආදී වශයෙන් අකුසල කර්ම පථයෙහි යොදවන්නේ දඹදිව වාමවෘත කරයි. ඉක්බිති අහස්හිදී ඔවුන් රථයෝ මුණ ගැසුනහ. ඉක්බිති ඔවුන්ගේ පිරිස් තෙපි කවරෙකුගේද තෙපි කවරෙකුගේදැයි විමසා අපි ධර්මගේ වෙමු අපි අධර්මගේ වෙමුයි කියා මාර්ගයෙන් බැස දෙකඩ වූවාහුය. ධර්මයා-අධර්මයන් අමතා යහළුව, ඔබ අධර්මයා වෙයි. මම ධර්මයා වෙමි. මාර්ගය මට සුදුසුය. ඔබගේ රථය ඉවත් කරවා මට මාර්ගය දෙවයි පළමුවන ගාථාව කීවේය.

“යසොකරො පුඤ‍්ඤකරොහමස‍්මි, සදාත්‍ථුතො සමණබ්‍රාහ‍්මණානං; මග‍්ගාරහො දෙවමනුස‍්සපූජිතො, ධම‍්මො අහං දෙහි අධම‍්ම මග‍්ග”න‍්ති.

යසොකරො පුඤ්ඤකරා හමස්මි - සදත්‍ථුතො සමණ බ්‍රාහ්මණනං, මග්ගරහො දේවමනුස්ස පූජිතො - ධම්මො අහං දෙහි අධම්ම මග්ගන්ත

1. මම දෙව්මිනිසුන්ට යසස ගෙන දෙන්නෙක් වෙමි. පින් කරවන්නෙක් වෙමි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නිරතුරු ප්‍රශංසා කරන ලද්දේ වෙමි. මාර්ගය ලබන්නට සුදුස්සෙක් වෙමි. දෙව් මිනිසුන් විසින් පුදන ලද්දෙම් වෙමි. මම ‘ධර්ම’ වෙමි. අධර්මය මට මාර්ගය දෙව.

තත්‍ථ යසොකරොති අහං දෙවමනුස‍්සානං යසදායකො. දුතියපදෙපි එසෙව නයො. සදාත්‍ථුතොති සදා ථුතො නිච‍්චපසත්‍ථො. තතො පරා –

එහි යසො කරො යනු මම දෙව්මිනිසුන්ට යසස දෙන්නෙක්මි. දෙවන ගාථාවෙහිද මේ වූම ක්‍රමයයි. සදත්‍ථුතො යනු හැමකල්හි ස්තුති කරන ලද්දේ නිතර ප්‍රශංසා කරන ලද්දේ. ඉක්බිති අනිකා කීය.

“අධම‍්මයානං දළ‍්හමාරුහිත්‍වා, අසන‍්තසන‍්තො බලවාහමස‍්මි; ස කිස‍්ස හෙතුම‍්හි තවජ‍්ජ දජ‍්ජං, මග‍්ගං අහං ධම‍්ම අදින‍්නපුබ‍්බං.

2. අධර්ම යානය නම් ශක්තිමත් යානයට නැග්ගත් මම තැතිගැනීම් නැත්තෙම් බලවත් වූයේ වෙමි. ධර්මය ඒ මම කිසිවෙකුටත් නුදුන් මාර්ගය කවර හේතුවක් නිසා අද ඔබට දෙමිද?

“ධම‍්මො හවෙ පාතුරහොසි පුබ‍්බෙ, පච‍්ඡා අධම‍්මො උදපාදි ලොකෙ; ජෙට‍්ඨො ච සෙට‍්ඨො ච සනන‍්තනො ච, උය්‍යාහි ජෙට‍්ඨස‍්ස කනිට‍්ඨ මග‍්ගා.

3. ලොව පළමුව ධර්මය පහළ වීය. පසුව අධර්මය උපන්නේය. එනිසා ධර්මය ජ්‍යෙෂ්ඨය. ශ්‍රේෂ්ඨය. පැරණි වූයේද වේ. කනිෂ්ට වුව! ජ්‍යෙෂ්ඨයාගේ මාර්ගයෙන් ඉවත් වෙව.

“න යාචනාය නපි පාතිරූපා, න අරහතා තෙහං දදෙය්‍යං මග‍්ගං; යුද‍්ධඤ‍්ච නො හොතු උභින‍්නමජ‍්ජ, යුද‍්ධම‍්හි යො ජෙස‍්සති තස‍්ස මග‍්ගො.

4. මම තොපට මාර්ගය දෙන්නේ නම් ඒ දීම ඉල්ලීම නිසා නුසුදුසුය. සුදුසු වචන නිසාද නුසුදුසුය. අද අප දෙදෙනාගේ යුද්ධය වේවා! යුද්ධයෙන් යමෙක් දිනන්නේද ඔහුට මාර්ගය (හිමි) වේ.

“සබ‍්බා දිසා අනුවිසටොහමස‍්මි, මහබ‍්බලො අමිතයසො අතුල්‍යො; ගුණෙහි සබ‍්බෙහි උපෙතරූපො, ධම‍්මො අධම‍්ම ත්‍වං කථං විජෙස‍්සසි.

5. මම සියළු දිසාවන් පැතිර සිටියේ වෙමි. මහත් වූ බල ඇතියේ වෙමි. අපමණ වූ යසස් ඇත්තෙමි. අසමාන වූයෙමි. සියළු ගුණයන්ගෙන් යුක්ත වෙමි. ධර්ම නම් වූ දෙව්පුතු වෙමි. අධර්මය! ඔබ කෙසේ දිනන්නෙහිද?

“ලොහෙන වෙ හඤ‍්ඤති ජාතරූපං, න ජාතරූපෙන හනන‍්ති ලොහං; සචෙ අධම‍්මො හඤ‍්ඡති ධම‍්මමජ‍්ජ, අයො සුවණ‍්ණං විය දස‍්සනෙය්‍යං.

6. යකඩ මිටියෙන් රත්තරන් නසනු ලැබේ. රත්තරනින් යකඩ නොනැසේ. ඉදින් අද අධර්මය ධර්මය නසනු ලැබේ. යකඩ රත්තරන් නසන්නාක් මෙන් දැකිය යුතුය.

“සචෙ තුවං යුද‍්ධබලො අධම‍්ම, න තුය‍්හ වුඩ‍්ඪා ච ගරූ ච අත්‍ථි; මග‍්ගඤ‍්ච තෙ දම‍්මි පියාප‍්පියෙන, වාචාදුරුත‍්තානිපි තෙ ඛමාමී”ති. –

7. අධර්මය ඔබ යුද්ධය බලය කොට ඇත්තේ වෙහි. ඔබට වැඩිහිටියන් හෝ ගුරුවරුන් නොමැත. ප්‍රිය අප්‍රිය දෙක අතරින් ප්‍රිය බැවින් යුතුව මාර්ගය ඔබට දෙමි. නපුරු ලෙස කියන ලද ඔබගේ වචනද ඉවසමි යි.

ඉමා ඡ ගාථා තෙසඤ‍්ඤෙව වචනපටිවචනවසෙන කථිතා.

මේ ගාථා සය ඔවුන්ගේ වදන් පිළිවදන් ලෙස සිටියෝය.

තත්‍ථ ස කිස‍්ස හෙතුම‍්හි තවජ‍්ජ දජ‍්ජන‍්ති සොම‍්හි අහං අධම‍්මො අධම‍්මයානං රථං ආරුළ‍්හො අභීතො බලවා. කිංකාරණා අජ‍්ජ භො ධම‍්ම, කස‍්සචි අදින‍්නපුබ‍්බං මග‍්ගං තුය‍්හං දම‍්මීති. පුබ‍්බෙති පඨමකප‍්පිකකාලෙ ඉමස‍්මිං ලොකෙ දසකුසලකම‍්මපථධම‍්මො ච පුබ‍්බෙ පාතුරහොසි, පච‍්ඡා අධම‍්මො. ජෙට‍්ඨො චාති පුරෙ නිබ‍්බත‍්තභාවෙන අහං ජෙට‍්ඨො ච සෙට‍්ඨො ච පොරාණකො ච, ත්‍වං පන කනිට‍්ඨො, තස‍්මා මග‍්ගා උය්‍යාහීති වදති. නපි පාතිරූපාති අහඤ‍්හි තෙ නෙව යාචනාය න පතිරූපවචනෙන මග‍්ගාරහතාය මග‍්ගං දදෙය්‍යං. අනුවිසටොති අහං චතස‍්සො දිසා චතස‍්සො අනුදිසාති සබ‍්බා දිසා අත‍්තනො ගුණෙන පත්‍ථටො පඤ‍්ඤාතො පාකටො. ලොහෙනාති අයමුට‍්ඨිකෙන. හඤ‍්ඡතීති හනිස‍්සති. තුවං යුද‍්ධබලො අධම‍්මාති සචෙ ත්‍වං යුද‍්ධබලොසි අධම‍්ම. වුඩ‍්ඪා ච ගරූ චාති යදි තුය‍්හං “ඉමෙ වුඩ‍්ඪා, ඉමෙ ගරූ පණ‍්ඩිතා”ති එවං නත්‍ථි. පියාප‍්පියෙනාති පියෙනාපි අප‍්පියෙනාපි දදන‍්තො පියෙන විය තෙ මග‍්ගං දදාමීති අත්‍ථො.

එහි සකිස්ස හෙතුම්හි නවජ්ජ දජ්ජං යනු ඒ මම අධර්මයා වෙමි. අධර්ම යානාවට එනම් රියට නැගුනෙම් බිය රහිත වූයේ වෙමි. බලවත් වූයේ වෙමි. එම්බා ධර්මය කවර කරුණකින් අද කිසිවෙකුටත් නොදුන් විරූ මාර්ගය තොපට දෙමිද? පුබ්බෙ යනු කල්පයෙහි මුල්ම කාලයෙහි මේ ලොව දසකුසල කර්මපථ ධර්මයම පහළ වීය. අධර්මය පසුව පහළ වීය. ජෙට්ඨො යනු පෙර උපන් බැවින් මම වැඩිමහල් වෙමි. උසස් වෙමි. පැරණිද වෙමි. ඔබ බාල වෙහි. එහෙයින් මාර්ගයෙන් ඉවත් වෙවයි කියයි. න පි පාටිරූපා යනු මම ඔබට ඉල්ලීම නිසා හෝ සුදුසු වචන කීම නිසා හෝ මාර්ගය දීම සුදුසු වන නමුදු මාර්ගය නොදෙමි. අනුසටො යනු මම සතර දිසාද සතර අනුදිසාද යන සියළු දිසාවන් තමාගේ ගුණයෙන් පැතුරුනේ ප්‍රකට වූයේ වෙමි. ලොභෙන යනු යකඩ මිටියෙන්. හඤ්ඤති යනු නසන්නේය. යුද්ධ බලො අධම්මා යනු අධර්මය ඉදින් තෝ යුද්ධබලය ඇත්තෙහිද? වුද්ධා ච ගරූවා යනු ඉදින් තොපට මේ වැඩිහිටියෝය. මේ ගරු කටයුතු පණ්ඩිතයෝ යැයි මෙසේ නැත. පියාපිරියෙන යනු මනාපයෙන් හෝ අමනාපයෙන් යන මේ දෙකින් අප්‍රිය බැවින්ම දෙන්නේ ප්‍රිය බැවින් යුක්තව මෙන් ඔබට මාර්ගය දෙමියි අර්ථයි.

බොධිසත‍්තෙන පන ඉමාය ගාථාය කථිතක‍්ඛණෙයෙව අධම‍්මො රථෙ ඨාතුං අසක‍්කොන‍්තො අවංසිරො පථවියං පතිත්‍වා පථවියා විවරෙ දින‍්නෙ ගන‍්ත්‍වා අවීචිම‍්හියෙව නිබ‍්බත‍්ති. එතමත්‍ථං විදිත්‍වා භගවා අභිසම‍්බුද‍්ධො හුත්‍වා සෙසගාථා අභාසි –

බෝධිසත්ත්‍වයන් විසින් මේ ගාථාවන් කී සැණින්ම අධර්මයා රියෙහි සිටින්නට අපොහොසත් වන්නේ හිස යටිකුරුව පොළොවට වැටී පොළොවෙහි ඇතිවූ විවරයෙහි ගොස් අවීචියෙහිම උපන්නේය. මේ කරුණ දැන භාග්‍යවතුන් වහන්සේ බුදුවී සෙසු ගාථා වදාළ සේක.

“ඉදඤ‍්ච සුත්‍වා වචනං අධම‍්මො, අවංසිරො පතිතො උද‍්ධපාදො; යුද‍්ධත්‍ථිකො චෙ න ලභාමි යුද‍්ධං, එත‍්තාවතා හොති හතො අධම‍්මො.

8. අධර්ම දිව්‍යපුත්‍රයා මේ වචන අසා ඉදින් යුද්ධය කැමති වූයේ නමුදු යුද්ධයක් නොලබමියි හිස යටිකුරුව පා උඩුකුරුව වැටුනේය. මෙපමණකින්ම අධර්මය නැසුනේ වෙයි.

“ඛන‍්තීබලො යුද‍්ධබලං විජෙත්‍වා, හන‍්ත්‍වා අධම‍්මං නිහනිත්‍ව භූම්‍යා; පායාසි විත‍්තො අභිරුය‍්හ සන්‍දනං, මග‍්ගෙනෙව අතිබලො සච‍්චනික‍්කමො.

9. ඉතා බලවත් වූ, සත්‍යය පරාක්‍රමය කොට ඇති, ඉවසීමම බලය කරගත් ධර්ම දිව්‍ය පුත්‍රයා යුද බලය ජයගෙන අධර්මයා නසා බිම හෙළා සතුටු සිත් ඇත්තේ රියට නැගී මාර්ගයෙන්ම ගියේය.

“මාතා පිතා සමණබ්‍රාහ‍්මණා ච, අසම‍්මානිතා යස‍්ස සකෙ අගාරෙ; ඉධෙව නික‍්ඛිප‍්ප සරීරදෙහං, කායස‍්ස භෙදා නිරයං වජන‍්ති තෙ; යථා අධම‍්මො පතිතො අවංසිරො.

10. යමෙකු සිය නිවසෙහි මව්පියෝද ශ්‍රමණ බ්‍රාහ්මණයෝද සත්කාර කෙරෙත්ද? ඔහු මෙලොවදීම මේ ශරීර සංඛ්‍යාත දේහය බහා තබා අධර්මයා හිස යටිකුරු වැටුනේ යම් සේද? එසේ කය බිඳීමෙන් අනතුරුව නිරයට යත්.

“මාතා පිතා සමණබ්‍රාහ‍්මණා ච, සුසම‍්මානිතා යස‍්ස සකෙ අගාරෙ; ඉධෙව නික‍්ඛිප‍්ප සරීරදෙහං, කායස‍්ස භෙදා සුගතිං වජන‍්ති තෙ; යථාපි ධම‍්මො අභිරුය‍්හ සන්‍දන”න‍්ති.

11. යමෙකු සිය නිවසෙහි මව්පියෝ ද ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද මනාව සත්කාර කෙරෙත්ද? ඔහු මෙලොවදීම මේ ශරීර සංඛ්‍යාත දේහය බහා තබා ධර්මයා යානයට නැගී ගියේ යම්සේද එසේ කය බිඳීමෙන් අනතුරුව සුගතියට යත්.

තත්‍ථ යුද‍්ධත්‍ථිකො චෙති අයං තස‍්ස විලාපො, සො කිරෙවං විලපන‍්තොයෙව පතිත්‍වා පථවිං පවිට‍්ඨො . එත‍්තාවතාති භික‍්ඛවෙ, යාවතා පථවිං පවිට‍්ඨො, තාවතා අධම‍්මො හතො නාම හොති. ඛන‍්තීබලොති භික‍්ඛවෙ, එවං අධම‍්මො පථවිං පවිට‍්ඨො අධිවාසනඛන‍්තීබලො තං යුද‍්ධබලං විජෙත්‍වා වධිත්‍වා භූමියං නිහනිත්‍වා පාතෙත්‍වා විත‍්තජාතතාය විත‍්තො අත‍්තනො රථං ආරුය‍්හ මග‍්ගෙනෙව සච‍්චනික‍්කමො තථපරක‍්කමො ධම‍්මදෙවපුත‍්තො පායාසි. අසම‍්මානිතාති අසක‍්කතා. සරීරදෙහන‍්ති ඉමස‍්මිංයෙව ලොකෙ සරීරසඞ‍්ඛාතං දෙහං නික‍්ඛිපිත්‍වා. නිරයං වජන‍්තීති යස‍්ස පාපපුග‍්ගලස‍්ස එතෙ සක‍්කාරාරහා ගෙහෙ අසක‍්කතා, තථාරූපා යථා අධම‍්මො පතිතො අවංසිරො, එවං අවංසිරා නිරයං වජන‍්තීති අත්‍ථො. සුගතිං වජන‍්තීති යස‍්ස පනෙතෙ සක‍්කතා, තාදිසා පණ‍්ඩිතා යථාපි ධම‍්මො සන්‍දනං අභිරුය‍්හ දෙවලොකං ගතො, එවං සුගතිං වජන‍්තීති.

එහි යුද්ධත්‍ථිකො චෙ යනු මේ ඔහුගේ විලාපයයි. ඔහු මෙසේ විලාප තබන්නේම බිමට වැටී පොළොව තුළට පිවිසියේය. එත්තාවතා යනු මහණෙනි, යම් හෙයකින් පොළොවට පිවිසියේද එපමණකින් අධර්මයා මළේ නම් වෙයි. ඛන්තී බලො යනු මහණෙනි, අධර්මයා මෙසේ පොළොවට පිවිසියේය. ඉවසීම ක්‍ෂාන්තිය බලයකොට ඇති ධර්මයා ඒ අධර්මයාව යුද්ධ බලං විජෙත්‍වා. වධයට ලක්කර බිම හෙළා වට්ටවා, සතුටු සිත් ඇති හෙයින් චිත්තො යනු වේ. තමාගේ රථයටම නැග මග්ගෙනෙව සච්ච නික්කමො සත්‍යය පරාක්‍රමය කොට ඇති ධර්ම දේවපුත්‍රයා ගියේය. අසම්මානිතා. සත්කාර නොකරන ලද්දාහු. සරීර දෙහං යනු මෙලොවම ශරීර සංඛ්‍යාත දේහය බහා තබා. නිරයං වජන්ති යනු යම් පවිටු පුද්ගලයෙකු සත්කාරයන්ට සුදුසු මොවුහු සිය නිවසෙහිම සත්කාර නොකරන ලද්දාහුයද එවැන්නෝයි. යථා අධම්මො පතිතො අවංසිරො යනු මෙසේ හිස යටිකුරු වී නිරයට යත් යයි අර්ථයි. සුගතිං වජන්ති යනු යමෙකු මොවුහු සත්කාර කරන ලද්දාහු එවැනි පණ්ඩිතයෝ. යථාපි ධම්මො සන්‍දනං අභිරුය්හ යම් සේ ධර්මයා රියට නැගී දෙව්ලොවට ගියේද මෙසේ සුගතියට යත් යි.

සත්‍ථා එවං ධම‍්මං දෙසෙත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි දෙවදත‍්තො මයා සද‍්ධිං පටිවිරුජ‍්ඣිත්‍වා පථවිං පවිට‍්ඨො”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අධම‍්මො දෙවපුත‍්තො දෙවදත‍්තො අහොසි, පරිසාපිස‍්ස දෙවදත‍්තපරිසා, ධම‍්මො පන අහමෙව, පරිසා බුද‍්ධපරිසායෙවා”ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් පමණක් නොවේ. දෙව්දත් පෙරද මා සමඟ විරුද්ධ වී පොළොවට පිවිසියේ යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි අධර්ම දිව්‍ය පුත්‍රයා දෙව්දත් වීය. ඔහුගේ පිරිසද දෙව්දත් පිරිසම වීය. ධර්මයා නම් මම වීමි. ඔහුගේ පිරිස බුද්ධ පිරිසම වී යයි යනුවෙන් වදාළ සේක.

ධම‍්මදෙවපුත‍්තජාතකවණ‍්ණනා තතියා.