4. උදයජාතකවණ්ණනා 458 අට්ඨකථා
4. උදයජාතකවණ්ණනා (458)
4. උදය ජාතකය (458)
එකා නිසින්නාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. වත්ථු කුසජාතකෙ (ජා· 2.20.1 ආදයො) ආවි භවිස්සති. සත්ථා පන තං භික්ඛුං “සච්චං කිර ත්වං උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “භික්ඛු කස්මා කිලෙසවසෙන එවරූපෙ නිය්යානිකසාසනෙ පබ්බජිත්වා උක්කණ්ඨිතොසි? පොරාණකපණ්ඩිතා සමිද්ධෙ ද්වාදසයොජනිකෙ සුරුන්ධනනගරෙ රජ්ජං කාරෙන්තා දෙවච්ඡරපටිභාගාය ඉත්ථියා සද්ධිං සත්ත වස්සසතානි එකගබ්භෙ වසන්තාපි ඉන්ද්රියානි භින්දිත්වා ලොභවසෙන න ඔලොකෙසු”න්ති වත්වා අතීතං ආහරි.
එකා නිසින්තා යන මෙම ගාථාව ශාස්තෘන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් උකටලී භික්ෂුවක් වූ අරබයා දේශනා කළ සේක. කථා පුවත කුස ජාතකයෙහි ප්‍රකට වන්නේ ය. ශාස්තෘන් වහන්සේ ඒ භික්ෂුව අමතා මහණ, තොප උකටලී වූයේ සැබෑදැයි විමසා ස්වාමීනි, සත්‍යයයි කී කල්හි මහණ කුමක් හෙයින් මෙබඳු නෛර්යාණික සාසනයෙහිදී කෙලෙස් වශයෙන් උකටලී වූයෙහිද? පැරණි පණ්ඩිතයෝ සමෘද්ධිමත් වූ දොළොස් යොදුන් පමණ වූ සුරුන්ධන නගරයෙහි රාජ්‍යය කරන්නෝ දිව්‍ය අප්සරාවන් හා සමාන වූ ස්ත්‍රියක සමඟ අවුරුදු සත් සියයක් එක් කාමරයෙක්හි වසන්නාහු ඉඳුරන් බිඳ ලෝභ වශයෙන් නො බැලුවාහු යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ කාසිරට්ඨෙ සුරුන්ධනනගරෙ කාසිරාජා රජ්ජං කාරෙසි, තස්ස නෙව පුත්තො, න ධීතා අහොසි. සො අත්තනො දෙවියො “පුත්තෙ පත්ථෙථා”ති ආහ. අග්ගමහෙසීපි රඤ්ඤො වචනං සම්පටිච්ඡිත්වා තථා අකාසි. තදා බොධිසත්තො බ්රහ්මලොකා චවිත්වා තස්සෙව රඤ්ඤො අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්ති. අථස්ස මහාජනස්ස හදයං වඩ්ඪෙත්වා ජාතභාවෙන “උදයභද්දො”ති නාමං කරිංසු. කුමාරස්ස පදසා චරණකාලෙ අඤ්ඤොපි සත්තො බ්රහ්මලොකා චවිත්වා තස්සෙව රඤ්ඤො අඤ්ඤතරාය දෙවියා කුච්ඡිම්හි කුමාරිකා හුත්වා නිබ්බත්ති, තස්සාපි “උදයභද්දා”ති නාමං කරිංසු. කුමාරො වයප්පත්තො සබ්බසිප්පනිප්ඵත්තිං පාපුණි , ජාතබ්රහ්මචාරී පන අහොසි, සුපිනන්තෙනපි මෙථුනධම්මං න ජානාති, න තස්ස කිලෙසෙසු චිත්තං අල්ලීයි. රාජා පුත්තං රජ්ජෙ අභිසිඤ්චිතුකාමො “කුමාරස්ස ඉදානි රජ්ජසුඛසෙවනකාලො, නාටකාපිස්ස පච්චුපට්ඨාපෙස්සාමී”ති සාසනං පෙසෙසි. බොධිසත්තො “න මය්හං රජ්ජෙනත්ථො, කිලෙසෙසු මෙ චිත්තං න අල්ලීයතී”ති පටික්ඛිපිත්වා පුනප්පුනං වුච්චමානො රත්තජම්බුනදමයං ඉත්ථිරූපං කාරෙත්වා “එවරූපං ඉත්ථිං ලභමානො රජ්ජං සම්පටිච්ඡිස්සාමී”ති මාතාපිතූනං පෙසෙසි. තෙ තං සුවණ්ණරූපකං සකලජම්බුදීපං පරිහාරාපෙත්වා තථාරූපං ඉත්ථිං අලභන්තා උදයභද්දං අලඞ්කාරෙත්වා තස්ස සන්තිකෙ ඨපෙසුං. සා තං සුවණ්ණරූපකං අභිභවිත්වා අට්ඨාසි. අථ නෙසං අනිච්ඡමානානඤ්ඤෙව වෙමාතිකං භගිනිං උදයභද්දකුමාරිං අග්ගමහෙසිං කත්වා බොධිසත්තං රජ්ජෙ අභිසිඤ්චිංසු. තෙ පන ද්වෙපි බ්රහ්මචරියවාසමෙව වසිංසු.
අතීතයෙහි කසීරට සුරුන්ධන නගරයෙහි කසීරජු රාජ්‍යය කරවීය. ඔහුට පුතෙක් නොවීය. දුවකද නොවූවාය. ඔහු සිය දේවියට පුතුන් පතවයි කීවේය. අගමෙහෙසියද ඔහුගේ වචනය පිළිගෙන එසේ කළේය. එකල්හි බෝධිසත්වයෝ බඹලොවින් චුතවී ඒ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේය. ඉක්බිති මහජනයාගේ සිත් වඩා උපන් බැවින් උදයභද්ද යයි නම් කළාහුය. කුමාරයා පයින් ඇවිදින කල්හි අන් සත්ත්වයෙකුද බඹලොවින් චුතවී ඒ රජුගේම අන් දේවියකගේ කුසෙහි කුමාරියක වී උපන්නාය. ඇයට උදයභද්දා යයි නම් කළාහුය. කුමාරයා සුදුසු වයසට පැමිණියේ සියළු ශිල්පයන්හි නිමාවට පැමිණියේය. උපතින්ම බ්‍රහ්මචාරී වීය. සිහිනෙන්ද මෙවුන්දමක් නම් නොදනී. ඔහුගේ සිත කෙලෙස්හි නොඇලුනේය. රජු පුතාව රාජ්‍යයෙහි අභිශේක කරනු කැමැත්තෙන් දැන් කුමාරයාගේ රජ්‍ය සැප සෙවුනා කාලයයි. නළඟනන් ඔහු වෙත එළඹවන්නෙමියි හසුනක් යැවීය. බෝධිසත්ත්ව තෙමේ මට රාජ්‍යයෙන් වැඩක් නැත. මගේ සිත කෙලෙස්හි නො ඇලේ යයි කියා ප්‍රතික්ෂේප කොට නැවත. නැවත කියනු ලබන්නේ දඹරන් මුවා ස්ත්‍රී රූපයක් කරවා මෙබඳු වූ ස්ත්‍රියක ලබන්නේ නම් රාජ්‍යය පිළිගන්නෙමියි. මව්පියන්ට දන්වා යැවීය. ඔවුහු ඒ රන් රුව මුළු දඹදිව පුරා ගමන් කරවා එබඳු වූ ස්ත්‍රි රූපයක් නො ලබන්නාහු උදයභද්‍රා කුමරිය අලංකාර ලෙස සරසා ඇගේ සමීපයෙහි තැබුවාහුය. ඇය ඒ රන්රුව අභිබවා සිටියේය. ඉක්බිති ඔවුන්ගේ නොකැමැත්තෙන්ම භින්න මාතෘක උදයභද්‍රා කුමරිය අගමෙහෙසිය කොට බෝධිසත්ත්වයන් වහන්සේ රාජ්‍යයෙහි අභිෂේක කළාහුය. ඔවුන් දෙනොම බඹසර විසීමෙන් විසූහ.
අපරභාගෙ මාතාපිතූනං අච්චයෙන බොධිසත්තො රජ්ජං කාරෙසි. උභො එකගබ්භෙ වසමානාපි ලොභවසෙන ඉන්ද්රියානි භින්දිත්වා අඤ්ඤමඤ්ඤං න ඔලොකෙසුං, අපිච ඛො පන “යො අම්හෙසු පඨමතරං කාලං කරොති, සො නිබ්බත්තට්ඨානතො ආගන්ත්වා ‘අසුකට්ඨානෙ නිබ්බත්තොස්මී’ති ආරොචෙතූ”ති සඞ්ගරමකංසු. අථ ඛො බොධිසත්තො අභිසෙකතො සත්තවස්සසතච්චයෙන කාලමකාසි. අඤ්ඤො රාජා නාහොසි, උදයභද්දායයෙව ආණා පවත්ති. අමච්චා රජ්ජං අනුසාසිංසු. බොධිසත්තොපි චුතික්ඛණෙ තාවතිංසභවනෙ සක්කත්තං පත්වා යසමහන්තතාය සත්තාහං අනුස්සරිතුං නාසක්ඛි. ඉති සො මනුස්සගණනාය සත්තවස්සසතච්චයෙන ආවජ්ජෙත්වා “උදයභද්දං රාජධීතරං ධනෙන වීමංසිත්වා සීහනාදං නදාපෙත්වා ධම්මං දෙසෙත්වා සඞ්ගරං මොචෙත්වා ආගමිස්සාමී”ති චින්තෙසි. තදා කිර මනුස්සානං දසවස්සසහස්සායුකකාලො හොති. රාජධීතාපි තං දිවසං රත්තිභාගෙ පිහිතෙසු ද්වාරෙසු ඨපිතආරක්ඛෙ සත්තභූමිකපාසාදවරතලෙ අලඞ්කතසිරිගබ්භෙ එකිකාව නිච්චලා අත්තනො සීලං ආවජ්ජමානා නිසීදි. අථ සක්කො සුවණ්ණමාසකපූරං එකං සුවණ්ණපාතිං ආදාය ආගන්ත්වා සයනගබ්භෙයෙව පාතුභවිත්වා එකමන්තං ඨිතො තාය සද්ධිං සල්ලපන්තො පඨමං ගාථමාහ –
මෑත කාලයෙහි මව්පියන් ඇවෑමෙන් බෝධිසත්ත්ව තෙමේ රාජ්‍ය කරවීය. දෙදෙනා එක් යහන්ගැබක වසන්නාහු නමුත් ලෝභ වශයෙන් ඉඳුරන් බිඳ ඔවුනොවුන් නොබැලුවාහුය. එතකුදු වුවත් යමෙක් අප අතරින් පළමුව කළුරිය කරයිද ඔහු උපන් තැනින් අවුත් අසවල් තැන උපන්නෙමියි දන්වවයි ගිවිසුම් කළහ. ඉක්බිති බෝධිසත්ත්වයෝ අභිෂේකයෙන් සත්සියයක් අවුරුදු ඇවෑමෙන් කළුරිය කළේය. අනිකෙක් රජ නොවීය. උදයභද්රාවගේම අණ පැවතුණි. ඇමතියෝ රාජ්‍යය අනුශාසනා කළාහුය. බෝසත් තෙමේ තව්තිසා භවනයෙහි ශක්‍ර බවට පැමිණ යසසෙහි මහත් බව නිසා දින හතක් යනතෙක් සිහි කරන්නට නොහැකි වීය. හෙතෙම මෙසේ මිනිස් ගණනින් සත්සියයක් අවුරුදු ඇවෑමෙන් ආවර්ජනා කර උදයභද්‍රා රජදුව ධනයෙන් විමසා සිංහනාද කරවා ධර්මය දේශනා කර ගිවිසුම මුදවා එන්නෙමියි සිතීය. එකල්හි මිනිසුන්ට අවුරුදු දසදහසක් ආයුකාලය වීය. රජදුව එදවස රාත්‍රී කාලයෙහි දොරවල් මනාව වසා ඇතිව ආරක්ෂාව තබා ඇති කල්හි සත්මහල් ප්‍රාසාදයෙහි මතුමහල් තලයෙහි අලංකාර කරන ලද සිරියහන් ගැබ හුදකලා වූවා නිසසලව තමාගේ සිල් ආවර්ජනය කරමින් හුන්නීය. ඉක්බිති ශක්‍රයා රන්මසු පිරුණු එක් රන් පාත්‍රයක් ගෙන අවුත් යහන් ගැබ පහළවී එකත්පස්ව සිටියේ ඇය සමඟ සල්ලාපයේ යෙදෙන්නේ පළමු ගාථාව කීවේය.
“එකා නිසින්නා සුචි සඤ්ඤතූරූ, පාසාදමාරුය්හ අනින්දිතඞ්ගී; යාචාමි තං කින්නරනෙත්තචක්ඛු, ඉමෙකරත්තිං උභයො වසෙමා”ති.
එකා නිසින්නා සුවිසඤ්ඤතූරු පාසාද මාරුය්හ අනින්දිතඞ්ගී, යාචාමි තං කින්නර නෙත්ත චක්ඛු - මෙකංත්තිං උභයො වස්මො
1. හුදකලාව හුන්නී වූ පිරිසිදු ඇඳුම් හැඳි මනාව සකසුරුවම්ව තබන ලද දෙවටොර ඇති හොබනා වූ සිරුර ඇති, කින්නරාංගනාවකගේ ඇස් මෙන් වූ ඇස් ඇති, තැනැත්තිය. පහයට නැග ඔබගෙන් මෙසේ ඉල්ලමි. මේ එක් රැය අප දෙදෙනාට (යහනට නැග) වාසය කරමුයි ඉල්ලයි.
තත්ථ සුචීති සුචිවත්ථනිවත්ථා. සඤ්ඤතූරූති සුට්ඨු ඨපිතඌරූ, ඉරියාපථං සණ්ඨපෙත්වා සුචිවත්ථා එකිකාව නිසින්නාසීති වුත්තං හොති. අනින්දිතඞ්ගීති පාදන්තතො යාව කෙසග්ගා අනින්දිතසරීරා පරමසොභග්ගප්පත්තසරීරා. කින්නරනෙත්තචක්ඛූති තීහි මණ්ඩලෙහි පඤ්චහි ච පසාදෙහි උපසොභිතත්තා කින්නරානං නෙත්තසදිසෙහි චක්ඛූහි සමන්නාගතෙ. ඉමෙකරත්තින්ති ඉමං එකරත්තං අජ්ජ ඉමස්මිං අලඞ්කතසයනගබ්භෙ එකතො වසෙය්යාමාති යාචති.
එහි සුචී යනු පිරිසිදු ඇඳුම් හඳින ලද. සඤ්ඤතූරු යනු මනාව තබන ලද කලවා ඇත්තී. එම ඉරියව් සලකා පිරිසිදුව හැඳ හුදකලාව හුන්නෙහි යයි කියන ලද්දේ වෙයි. අනින්දිතඞ්ගි පා කෙළවර සිට කෙස් අග දක්වා ප්රශස්ත සිරුර ඇත්තී ඉතාමත් ශෝභාසම්පන්න සිරුර ඇත්තී. කින්තර නෙත්ත චක්ඛු යනු මඩුළු තුනෙන් හා පස්වැදෑරුම් ප්රසාදයන්ගෙන් යුක්ත වූ හෙයින් කිඳුරන්ගේ ඇස් හා සමාන වූ ඇස්වලින් යුක්ත වූ. ඉමෙකරත්තිං යනු මේ එක් රාත්‍රිය අද මේ අලංකාර කරන ලද යහන්ගැබ එක්ව වසන්නෙමුයි ඉල්ලයි.
තතො රාජධීතා ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති රජදුව ගාථා දෙකක් කීවේය.
“ඔකිණ්ණන්තරපරිඛං, දළ්හමට්ටාලකොට්ඨකං; රක්ඛිතං ඛග්ගහත්ථෙහි, දුප්පවෙසමිදං පුරං.
2. ඇතුලත දියඅගල්වලින් ගැවසී ගත්, දැඩි අට්ටාල හා දොරකොටු ඇති, කඩුගත් අත් ඇති භටයන්ගෙන් ආරක්ෂා කරනු ලබන මේ පුරයට දුකසේ පිවිසිය යුත්තකි.
“දහරස්ස යුවිනො චාපි, ආගමො ච න විජ්ජති; අථ කෙන නු වණ්ණෙන, සඞ්ගමං ඉච්ඡසෙ මයා”ති.
3. දරුවෙකුට හෝ තරුණයෙකුට හෝ මෙහි පැමිණීමක් නොමැත. ඉක්බිති කවර අයුරකින් මා සමඟ එකතුවක් කැමති වන්නෙහිද? යි.
තත්ථ ඔකිණ්ණන්තරපරිඛන්ති ඉදං ද්වාදසයොජනිකං සුරුන්ධනපුරං අන්තරන්තරා උදකපරිඛානං කද්දමපරිඛානං සුක්ඛපරිඛානං ඔකිණ්ණත්තා ඔකිණ්ණන්තරපරිඛං. දළ්හමට්ටාලකොට්ඨකන්ති ථිරතරෙහි අට්ටාලකෙහි ද්වාරකොට්ඨකෙහි ච සමන්නාගතං. ඛග්ගහත්ථෙහීති ආවුධහත්ථෙහි දසහි යොධසහස්සෙහි රක්ඛිතං. දුප්පවෙසමිදං පුරන්ති ඉදං සකලපුරම්පි තස්ස අන්තො මාපිතං මය්හං නිවාසපුරම්පි උභයං කස්සචි පවිසිතුං න සක්කා. ආගමො චාති ඉධ ඉමාය වෙලාය තරුණස්ස වා යොබ්බනප්පත්තස්ස වා ථාමසම්පන්නයොධස්ස වා අඤ්ඤස්ස වා මහන්තම්පි පණ්ණාකාරං ගහෙත්වා ආගච්ඡන්තස්ස ආගමො නාම නත්ථි. සඞ්ගමන්ති අථ ත්වං කෙන කාරණෙන ඉමාය වෙලාය මයා සහ සමාගමං ඉච්ඡසීති.
එහි ඔකිණ්ණනතර පරිඛං යනු මේ දොළොස් යොදුන් ඇති සුරුන්ධන නගරය ඇතුලතින් දියඅගල්, මඩ අගල්, වියලි අගල්වලින් ගැවසී ගත් හෙයින් ඔකිණ්ණන්තරපරිඛ නම් වේ. දළ්හ මට්ටාල කොට්ඨකං යනු ස්ථිර වූ අට්ටාලවලින්ද දොරකොටු වලින්ද දසදහසක් යෝධයන්ගෙන්ද ආරක්ෂා කරන ලද, දුප්පවෙසමිදං පුරං යනු මේ මුළු නගරයද ඒ මැද ඉදිකරන ලද මගේ වාසස්ථානය ඇති නගරය දැයි යන දෙකම කිසිවෙකුට පිවිසිය නොහැක. ආගමො ච යනු මේ මේ වේලාවෙහි දරුවෙකුට හෝ යොවුන්වියට පත් වූවෙකුට හෝ බලසම්පන්න යෝධයෙකුට හෝ අනිකෙකුට හෝ මහත් වූ අල්ලසක් ගෙන එන්නෙකුට හෝ පැමිණීමක් නම් නැත. සඞ්ගමං යනු තවද ඔබ කවර කරුණකින් මේ වේලාවෙහි මා සමග එක්වීමක් කැමති වන්නෙහිද යනුයි.
අථ සක්කො චතුත්ථං ගාථමාහ –
ඉක්බිති ශක්‍රයා සතරවන ගාථාව කීය.
“යක්ඛොහමස්මි කල්‍යාණි, ආගතොස්මි තවන්තිකෙ; ත්වං මං නන්දය භද්දන්තෙ, පුණ්ණකංසං දදාමි තෙ”ති.
4. යහපත් තැනැත්තිය, මම දිව්‍ය පුත්‍රයෙක් වෙමි. ඔබ සමීපයට පැමිණියේ වෙමි. තී මා සතුටු කරවව. සොඳුරිය ඔබට මේ පිරුණ රන්තලිය දෙමි.
තස්සත්ථො – කල්‍යාණි, සුන්දරදස්සනෙ අහමෙකො දෙවපුත්තො දෙවතානුභාවෙන ඉධාගතො, ත්වං අජ්ජ මං නන්දය තොසෙහි, අහං තෙ ඉමං සුවණ්ණමාසකපුණ්ණං සුවණ්ණපාතිං දදාමීති.
එහි අර්ථය - කල්‍යාණි. සොඳුරු දැකුම් ඇති තැනැත්තිය, මම එක් දිව්‍ය පුත්‍රයෙක් වෙමි. දිව්‍යානුභාවයෙන් මා මෙහි පැමිණියේ වෙමි. ඔබ අද මං නන්දය. මා සතුටු කරව. මම නුඹට මේ රන්කාසිවලින් පිරුණු රන් පාත්‍රය දෙමියි කීය.
තං සුත්වා රාජධීතා පඤ්චමං ගාථමාහ –
ඒ අසා රජදුව පස්වන ගාථාව කීවාය.
“දෙවංව යක්ඛං අථ වා මනුස්සං, න පත්ථයෙ උදයමතිච්ච අඤ්ඤං; ගච්ඡෙව ත්වං යක්ඛ මහානුභාව, මා චස්සු ගන්ත්වා පුනරාවජිත්ථා”ති.
5. (මා) උදයභද්‍ර රජු හැර අන් දෙවියෙකු හෝ යක්ෂයෙකු හෝ තවද මිනිසෙකු හෝ නොපතමි. මහත් වූ බල ඇති යක්ෂය, ඔබ යව. ගොස් යළි නැවත මෙහි කැරකැවීම නොකරව යි.
තස්සත්ථො – අහං දෙවරාජ, දෙවං වා යක්ඛං වා උදයං අතික්කමිත්වා අඤ්ඤං න පත්ථෙමි, සො ත්වං ගච්ඡෙව, මා ඉධ අට්ඨාසි, න මෙ තයා ආභතෙන පණ්ණාකාරෙන අත්ථො, ගන්ත්වා ච මා ඉමං ඨානං පුනරාවජිත්ථාති.
එහි අර්ථය. දෙව්රජතුමනි, මම උදයභද්‍රා රජු ඉක්මවා දෙවියෙකු හෝ යක්ෂයෙකු හෝ නොපතමි. ඒ ඔබ යායුතුමය. මෙහි නොසිටුව. මට ඔබ විසින් ගෙන එන ලද අල්ලසින් වැඩක් නැත. ගොස්ද නැවත මේ තැන නොගැවසෙව.
සො තස්සා සීහනාදං සුත්වා අට්ඨත්වා ගතසදිසො හුත්වා තත්ථෙව අන්තරහිතො අට්ඨාසි. සො පුනදිවසෙ තාය වෙලායමෙව සුවණ්ණමාසකපූරං රජතපාතිං ආදාය තාය සද්ධිං සල්ලපන්තො ඡට්ඨං ගාථමාහ –
ඔහු ඇයගේ සිංහනාදය අසා නොසිට ගියාක් මෙන් වී එහිම අතුරුදහන්ව සිටියේය. හෙතෙම දෙවන දවස්හිද ඒ වේලාවෙහිම රන්මසු පිරුණු රිදී තලියක් ගෙන ඇය සමග කථා කරන්නේ සවන ගාථාව කීවේය.
“යා සා රති උත්තමා කාමභොගිනං, යංහෙතු සත්තා විසමං චරන්ති; මා තං රතිං ජීයි තුවං සුචිම්හිතෙ, දදාමි තෙ රූපියං කංසපූර”න්ති.
6. කාමයන් අනුභව කරන අයට යම් මේ මෙවුන්දම් හැසිරීම නම් වූ උතුම් ඇලීමක් වේද සත්ත්වයෝ ඒ ඇලීම විෂයෙහි නපුරු ලෙස හැසිරෙත්. පියකරු සිනහ ඇත්තිය, තොප ඒ ඇලීම නොදිනුව. නුඹට රන් පිරුණු මේ රිදී තැටිය දෙමි.
තස්සත්ථො – භද්දෙ, රාජධීතෙ යා එසා කාමභොගිසත්තානං රතීසු මෙථුනකාමරති නාම උත්තමා රති, යස්සා රතියා කාරණා සත්තා කායදුච්චරිතාදිවිසමං චරන්ති, තං රතිං ත්වං භද්දෙ, සුචිම්හිතෙ මනාපහසිතෙ මා ජීයි, අහම්පි ආගච්ඡන්තො න තුච්ඡහත්ථො ආගතො, හිය්යො සුවණ්ණමාසකපූරං සුවණ්ණපාතිං ආහරිං, අජ්ජ රූපියපාතිං, ඉමං තෙ අහං රූපියපාතිං සුවණ්ණපූරං දදාමීති.
එහි අර්ථය. සොඳුර, රජදුවණියනි, කාමභෝගී සත්වයන්ට ඇලීම් අතර උසස්ම ඇලීම වූ යම් මේ මෙවුන්දම් නම් වූ කාමයෙහි ඇලීමක් වේද? යම් ඇලීමක් හේතුවෙන් සත්වයෝ කාම දුශ්චරිතාදී විෂමාචාරයෙහි හැසිරෙත්ද ඒ ඇලීම, සොඳුරිය, සුචිම්හිතෙ, ප්‍රියමනාප වූ සිනහ ඇත්තිය. එය නොදිනුව. මමද පැමිණෙන්නේ හිස් අතින් නො පැමිණියෙමි. ඊයේ රන්කාසි පිරුණු රන්පාත්රයක් ගෙන පැමිණියෙමි. අද රන් පිරුණු රිදී පාත්‍රයක් ගෙන ආවෙමි. මම ඔබට රන්පිරුණු රිදී පාත්‍රය දෙමි.
රාජධීතා චින්තෙසි “අයං කථාසල්ලාපං ලභන්තො පුනප්පුනං ආගමිස්සති, න දානි තෙන සද්ධිං කථෙස්සාමී”ති. සා කිඤ්චි න කථෙසි.
රජදුව සිතුවාය. මෙතෙම කථාබහ ලබන්නේ නැවත නැවත පැමිණෙන්නේ ය. දැන් ඔහු සමග කථා නොකරන්නෙමි යි ඇය කිසිවක් නොකීවේය.
සක්කො තස්සා අකථිතභාවං ඤත්වා තත්ථෙව අන්තරහිතො හුත්වා පුනදිවසෙ තායමෙව වෙලාය ලොහපාතිං කහාපණපූරං ආදාය “භද්දෙ, ත්වං මං කාමරතියා සන්තප්පෙහි, ඉමං තෙ කහාපණපූරං ලොහපාතිං දස්සාමී”ති ආහ. තං දිස්වා රාජධීතා සත්තමං ගාථමාහ –
ශක්‍රයා ඇය කථා නොකරන බව දැන එහිම අතුරුදහන් වී සිට දෙවන දවස්හිද ඒ වේලාවෙහිම කහවනු පිරුණු ලෝහ පාත්‍රයක් ගෙන සොඳුර, මා කාම රතියෙන් සතපුව. ඔබට මේ කහවනු පිරුණු ලෝහ පාත්‍රය දෙන්නෙමියි කීවේය. එදවස රජදුව සත්වන ගාථාව කීය.
“නාරිං නරො නිජ්ඣපයං ධනෙන, උක්කංසතී යත්ථ කරොති ඡන්දං; විපච්චනීකො තව දෙවධම්මො, පච්චක්ඛතො ථොකතරෙන එසී”ති.
7. මිනිසා ස්ත්‍රිය ධනයෙන් පොළොඹවන්නේ ඇළුම්කරන තැන්හි (කාම රතියෙහි) ඉහළට පමුණුවන්නේ ය. ඔබගේ දේව ධර්මය ඊට වෙනස් වූවකි. මද වූ ධනයක් සමග පැමිණෙන්හි නිසා එය ප්රත්යක්ෂ ලෙසම පෙනෙන හෙයිනි.
තස්සත්ථො – භො පුරිස, ත්වං ජළො. නරො හි නාම නාරිං කිලෙසරතිකාරණා ධනෙන නිජ්ඣාපෙන්තො සඤ්ඤාපෙන්තො යත්ථ නාරියා ඡන්දං කරොති, තං උක්කංසති වණ්ණෙත්වා ථොමෙත්වා බහුතරෙන ධනෙන පලොභෙති, තුය්හං පනෙසො දෙවසභාවො විපච්චනීකො, ත්වඤ්හි මයා පච්චක්ඛතො ථොකතරෙන එසි, පඨමදිවසෙ සුවණ්ණපූරං සුවණ්ණපාතිං ආහරිත්වා, දුතියදිවසෙ සුවණ්ණපූරං රූපියපාතිං, තතියදිවසෙ කහාපණපූරං ලොහපාතිං ආහරසීති.
එහි අර්ථය. එම්බා පුරුෂය, ඔබ මෝඩ මිනිසෙකි. ස්ත්‍රිය කෙලෙස් රතිය සඳහා ධනයෙන් පොළොඹවන්නේ, සන්තර්පණය කරන්නේ යම් කරුණක් විෂයෙහි ස්ත්‍රිය ඇලීම් කරයිද එය ඉස්මතු කරයි. වර්ණනාකොට ස්තුතිකොට බොහොමයක් වූ ධනයෙන් පොළඹවයි. තොපගේ මේ දිව්‍ය භාවය විපරීත වූ සෙයකි. ඔබ වූ කලී මා විසින් ප්රත්යක්ෂයෙන් දක්නේ ස්වල්ප වූ ධනයක් සමග පැමිණෙන්නෙහි. පළමු දිනයෙන් රන්පිරුණු රන් තලියක් ගෙනවිත්, දෙවන දවස්හි රන් පිරුණු රිදී තලියක්ද තෙවන දවස්හි කහවනු පිරුණු ලෝහ තලියක්ද ගෙන එන්නෙහි යයි.
තං සුත්වා සක්කො “භද්දෙ රාජකුමාරි, අහං ඡෙකවාණිජො න නිරත්ථකෙන අත්ථං නාසෙමි, සචෙ ත්වං ආයුනා වා වණ්ණෙන වා වඩ්ඪෙය්යාසි, අහං තෙ පණ්ණාකාරං වඩ්ඪෙත්වා ආහරෙය්යං, ත්වං පන පරිහායසෙව, තෙනාහම්පි ධනං පරිහාපෙමී”ති වත්වා තිස්සො ගාථා අභාසි –
ඒ අසා මහා සත්ත්ව තෙමේ සොඳුරු රාජකුමරියනි, මම දක්ෂ වෙළෙන්දෙක්මි. නිරර්ථක දෙයින් ධනය නොනසමි. ඉදින් ඔබ ආයුෂයෙන් හෝ වර්ණයෙන් හෝ වැඩෙන්නෙහිද මම තොපට අල්ලස වැඩිකොට ගෙන එන්නෙමි. ඔබ වූ කලී පිරිහෙන්නෙහිමය. එහෙයින් මමද ධනය පිරිහෙලාලමි යි කියා ගාථා තුනක් කීවේය.
“ආයු ච වණ්ණො ච මනුස්සලොකෙ, නිහීයති මනුජානං සුගත්තෙ; තෙනෙව වණ්ණෙන ධනම්පි තුය්හං, නිහීයති ජිණ්ණතරාසි අජ්ජ.
8. යහපත් සිරුර ඇති තැනැත්තිය, මිනිස්ලොව මිනිසුන්ගේ ආයුෂ ද, වර්ණය ද පිරිහේ. එහෙයින් තොපට දෙන ධනය ද පැහැයත් සමග පිරිහේය. අද ඔබ බෙහෙවින් දිරුණී වෙහිය.
“එවං මෙ පෙක්ඛමානස්ස, රාජපුත්ති යසස්සිනි; හායතෙව තව වණ්ණො, අහොරත්තානමච්චයෙ.
9. කීර්තිමත් වූ රජදියණියනි, මෙසේ මා බලා සිටියදීම දිවා රෑ ඇවෑමෙන් ඔබගේ පැහැය ඒකාන්තයෙන් පිරිහෙන්නේමය.
“ඉමිනාව ත්වං වයසා, රාජපුත්ති සුමෙධසෙ; බ්රහ්මචරියං චරෙය්යාසි, භිය්යො වණ්ණවතී සියා”ති.
10. මනා බුද්ධි ඇති රාජපුත්‍රිය, මේ වයසේදීම ඔබ බඹසර හැසිරෙන්නෙහිය. බෙහෙවින් පැහැ ඇත්තී වන්නේය යනුයි.
තත්ථ නිහීයතීති පරිස්සාවනෙ ආසිත්තඋදකං විය පරිහායති. මනුස්සලොකස්මිඤ්හි සත්තා ජීවිතෙන වණ්ණෙන චක්ඛුපසාදාදීහි ච දිනෙ දිනෙ පරිහායන්තෙව. ජිණ්ණතරාසීති මම පඨමං ආගතදිවසෙ පවත්තඤ්හි තෙ ආයු හිය්යො දිවසං න පාපුණි, කුඨාරියා ඡින්නං විය තත්ථෙව නිරුජ්ඣි, හිය්යො පවත්තම්පි අජ්ජදිවසං න පාපුණි, හිය්යොව කුඨාරියා ඡින්නං විය නිරුජ්ඣි, තස්මා අජ්ජ ජිණ්ණතරාසි ජාතා. එවං මෙති තිට්ඨතු හිය්යො ච පරහිය්යො ච, අජ්ජෙව පන මය්හං එවං පෙක්ඛමානස්සෙව හායතෙව තව වණ්ණො. අහොරත්තානමච්චයෙති ඉතො පට්ඨාය රත්තින්දිවෙසු වීතිවත්තෙසු අහොරත්තානං අච්චයෙන අපණ්ණත්තිකභාවමෙව ගමිස්සසීති දස්සෙති. ඉමිනාවාති තස්මා භද්දෙ, සචෙ ත්වං ඉමිනා වයෙනෙව ඉමස්මිං සුවණ්ණවණ්ණෙ සරීරෙ රජාය අවිලුත්තෙයෙව සෙට්ඨචරියං චරෙය්යාසි, පබ්බජිත්වා සමණධම්මං කරෙය්යාසි. භිය්යො වණ්ණවතී සියාති අතිරෙකතරවණ්ණා භවෙය්යාසීති.
එහි නිහීයති යනු පෙරහනෙහි වත්කරන ලද ජලය මෙන් පිරිහෙයි. මිනිස්ලොව සත්ත්වයෝ ජීවිතයෙන් ද වර්ණයෙන් ද චක්ඛුප්‍රසාද ආදී ඉඳුරන්ගෙන් ද දිනයක් දිනයක් පාසා පිරිහෙත්මය. ජිණ්ණාතරා සි යනු මා පළමුව ආ දිනයෙහි පැවති තොපගේ ආයුෂයෙහි ඊයේ දවස නොපැමිණියේය. පොරොවෙන් සිඳ දැමුවාක් මෙන් නිරුද්ධ වීය. එහෙයින් අද වැඩිමනත් දිරා ගියේ වෙහි වූවාය. එවං මෙ යනු ඊයේද පෙරේදාද සිටීවා. දක්නා වූ අද දිනදී මට මෙසේ පෙනෙන්නේ පෙනෙන්නේමය. හායතෙ වත තෙ වණ්ණො අහොරත්තාන මච්චයෙ යනු මෙතැන් පටන් රෑ දවල් ගෙවීගිය කල්හි රෑ දවල් ඇවෑමෙන් අනිත්‍යය පිළිබඳව ස්ථිර බවටම යන්නේ යයි දක්වයි. ඉමිනා ච යනු එහෙයින් සොඳුර ඉදින් මේ වයසෙහිදී ම මේ රන්වන් සිරුර ජරාවෙන් නොනැසූ කල්හිම ශ්‍රේෂ්ඨ වූ චර්යාවෙහි හැසිරෙන්නෙහි. පැවිදි වී මහණදම් කරන්නෙහි. භිය්යො වණ්ණවතී සියා යනු වැඩියක් පැහැපත් වන්නෙහි යයි.
තතො රාජධීතා ඉතරං ගාථමාහ –
අනතුරුව රාජදියණිය වෙනත් වූ ගාථාවක් කීවාය.
“දෙවා න ජීරන්ති යථා මනුස්සා, ගත්තෙසු තෙසං වලියො න හොන්ති; පුච්ඡාමි තං යක්ඛ මහානුභාව, කථං නු දෙවාන සරීරදෙහො”ති.
11. මිනිස්සු යම් සේ දිරත්ද එසේ දෙවියෝ නොදිරත්. ඔවුන්ගේ ශරීරයෙහි රැලි නොවෙත්. මහානුභාව ඇති යක්ෂය, ඒ කරුණ ඔබගෙන් විමසමි. දෙවියන්ගේ දේහය කවර හෙයින් නොදිරාද?
තත්ථ සරීරදෙහොති සරීරසඞ්ඛාතො දෙහො, දෙවානං සරීරං කථං න ජීරති, ඉදං අහං තං පුච්ඡාමීති වදති.
එහි සරීර දෙහො යනු ශරීර සංඛ්‍යාත වූ දේහයයි. දෙවියන්ගේ ශරීරය කෙසේනම් නොදිරයිදැයි ඒ මම විමසමියි කියයි.
අථස්සා කථෙන්තො සක්කො ඉතරං ගාථමාහ –
ඉක්බිති ඇයට කියන්නා වූ ශක්‍රයා වෙනත් ගාථාවක් කීවේය.
“දෙවා න ජීරන්ති යථා මනුස්සා, ගත්තෙසු තෙසං වලියො න හොන්ති; සුවෙ සුවෙ භිය්යතරොව තෙසං, දිබ්බො ච වණ්ණො විපුලා ච භොගා”ති.
12. මිනිස්සු යම්සේ දිරත්ද දෙවියෝ එසේ නොදිරත්. ඔවුන්ගේ සිරුරුවල රැලි නොවෙති. දවසක් දවසක් පාසා දෙවියන්ගේ දිව්‍යමය වර්ණය ද මහත් වූ භෝගයෝ ද අතිශයින් වැඩෙත්.
තත්ථ යථා මනුස්සාති යථා මනුස්සා ජීරන්තා රූපෙන වණ්ණෙන භොගෙන චක්ඛුපසාදාදීහි ච ජීරන්ති, න එවං දෙවා. තෙසඤ්හි ගත්තෙසු වලියොපි න සන්ති, මට්ඨකඤ්චනපට්ටමිව සරීරං හොති. සුවෙ සුවෙති දිවසෙ දිවසෙ. භිය්යතරොවාති අතිරෙකතරොව තෙසං දිබ්බො ච වණ්ණො විපුලා ච භොගා හොන්ති, මනුස්සෙසු හි රූපපරිහානි චිරජාතභාවස්ස සක්ඛි, දෙවෙසු අතිරෙකරූපසම්පත්ති ච අතිරෙකපරිවාරසම්පත්ති ච. එවං අපරිහානධම්මො නාමෙස දෙවලොකො . තස්මා ත්වං ජරං අප්පත්වාව නික්ඛමිත්වා පබ්බජ, එවං පරිහානියසභාවා මනුස්සලොකා චවිත්වා අපරිහානියසභාවං එවරූපං දෙවලොකං ගමිස්සසීති.
එහි යථා මනුස්සා යම්සේ මිනිස්සු දිරන්නාහු රූපයෙන්ද වර්ණයෙන්ද භෝගයෙන්ද ඇස ආදී ඉන්ද්‍රියන්ගේ ශක්තියෙන්ද දිරත්. දෙවියෝ මෙසේ නොවෙත්. ඔවුන්ගේ ශරීරවල රැළිද නොවෙත්. ඔප දැමූ රන්පටක වර්ය හා සමාන ශරීරයක් වෙයි. සුවෙ සුවෙ යනු දවසක් දවසක් පාසා භීය්යතරො වා යනු වැඩිමනත්වම. තෙසං දිබ්බො ච වණ්ණො ඔවුන්ගේ දිව්‍යමය වර්ණයද විපුලා ච භොගා භෝගයෝද (සම්පත්ද) මහත් වෙති. මිනිසුන් අතර රූපයේ පිරිහීම ඉපිද කල්ගිය බවට ශාක්ෂිය. දෙවියන් අතර අතිරේක රූප සම්පත්තිය ද අතිරේක පිරිවර සම්පත්තිය ද මෙසේ නොපිරිහෙන ස්වභාව ඇත්තේ දෙව්ලොව නම් වේ. එහෙයින් ඔබ ජරාවට නොපැමිණ ගිහිගෙන් නික්මී පැවිදි වෙහි. මෙසේ පිරිහීම ස්වභාවකොට ඇති මිනිස්ලොවින් මිදී නොපිරිහෙන ස්වභාව ඇති මෙබඳු වූ දෙව්ලොවට යන්නෙහිය යි.
සා දෙවලොකස්ස වණ්ණං සුත්වා තස්ස ගමනමග්ගං පුච්ඡන්තී ඉතරං ගාථමාහ –
ඇය දෙව්ලොවට යන මාර්ගය විමසන්නී වෙනත් වූ ගාථාවක් කීවාය.
“කිංසූධ භීතා ජනතා අනෙකා, මග්ගො ච නෙකායතනං පවුත්තො; පුච්ඡාමි තං යක්ඛ මහානුභාව, කත්ථට්ඨිතො පරලොකං න භායෙ”ති.
13. මෙලොව බොහෝ ජනයෝ කවරකට බිය වූවාහුද? විවිධ තීර්ථායතන වෙතින් නියම මාර්ගය කියන ලදද? මහතෙද ඇති යක්ෂය, ඔබගෙන් එය විමසමි. කොතැනක සිටියේ පරලොවට බිය නොවන්නේද?
තත්ථ කිංසූධ භීතාති දෙවරාජ, අයං ඛත්තියාදිභෙදා අනෙකා ජනතා කිංභීතා කස්ස භයෙන පරිහානියසභාවා මනුස්සලොකා දෙවලොකං න ගච්ඡතීති පුච්ඡති. මග්ගොති දෙවලොකගාමිමග්ගො. ඉධ පන “කි”න්ති ආහරිත්වා “කො”ති පුච්ඡා කාතබ්බා. අයඤ්හෙත්ථ අත්ථො “අනෙකතිත්ථායතනවසෙන පණ්ඩිතෙහි පවුත්තො දෙවලොකමග්ගො කො කතරො”ති වුත්තො. කත්ථට්ඨිතොති පරලොකං ගච්ඡන්තො කතරස්මිං මග්ගෙ ඨිතො න භායතීති.
එහි කිංසූධ භීතා යනු දෙව්රජතුමනි, මේ ක්ෂත්රිය ආදී භේදයන්ගෙන් යුත් බොහෝ ජනයෝ කවරකට බිය වූවාහු කවරකුට බියෙන් පිරිහීම් ස්වභාවකොට ඇති මිනිස් ලොවින් දෙව්ලොව නොයයි දැයි විමසයි. මග්ගො යනු දෙව්ලොව යන මාර්ගයයි. මෙහි කුමක්දැයි ගෙනහැර දක්වා කවරෙක්දැයි විමසීම කළ යුතුය. මේ මෙහි අර්ථයයි. නොයෙක් තීර්ථායතන වශයෙන් පණ්ඩිතයන් විසින් කියන ලද දෙව්ලෝ මාර්ගය කවරක්ද කෙබඳු වූවක දැයි කියන ලද්දේ වෙයි. කත්ථ ඨීතො යනු පරලොව යන්නෝ කවර මාර්ගයක සිටියේ බිය නොවේදැයි ය.
අථස්සා කථෙන්තො සක්කො ඉතරං ගාථමාහ –
ඉක්බිති ඇයට කියන්නා වූ ශක්‍රයා වෙනත් වූ ගාථාවක් කීවේය.
“වාචං මනඤ්ච පණිධාය සම්මා, කායෙන පාපානි අකුබ්බමානො; බහුන්නපානං ඝරමාවසන්තො, සද්ධො මුදූ සංවිභාගී වදඤ්ඤූ; සඞ්ගාහකො සඛිලො සණ්හවාචො, එත්ථට්ඨිතො පරලොකං න භායෙ”ති.
14. වචනයත් සිතත් මනාව පිහිටුවා කයින් පවු නොකොට, බොහෝ ආහාරපාන ඇතිව ගිහිගෙයි වසන්නා වූ, ශ්රද්ධාවත් වූ, මොළොක් වූ සිත් ඇති, බෙදා පරිහරණය කරන්නා වූ, පරිත්‍යාගශීලී වූ, සංග්රහකරන සුළු වූ, ප්‍රිය වචන ඇති, මටසිළුටු වචන ඇති යන මේ ගුණයන්හි පිහිටි තැනැත්තා පරලොව යාමට බිය නොවෙයි යනුවෙනි.
තස්සත්ථො – භද්දෙ, උදයෙ වාචං මනඤ්ච සම්මා ඨපෙත්වා කායෙන පාපානි අකරොන්තො ඉමෙ දස කුසලකම්මපථෙ සමාදාය වත්තන්තො බහුඅන්නපානෙ පහූතදෙය්යධම්මෙ ඝරෙ වසන්තො “දානස්ස විපාකො අත්ථී”ති සද්ධාය සමන්නාගතො මුදුචිත්තො දානසංවිභාගතාය සංවිභාගී පබ්බජිතා භික්ඛාය චරමානා වදන්ති නාම, තෙසං පච්චයදානෙන තස්ස වාදස්ස ජානනතො වදඤ්ඤූ චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගහතාය සඞ්ගාහකො පියවාදිතාය සඛිලො මට්ඨවචනතාය සණ්හවාචො එත්ථ එත්තකෙ ගුණරාසිම්හි ඨිතො පරලොකං ගච්ඡන්තො න භායතීති.
එහි අර්ථය- සොඳුර උදය භද්‍රාවනි, වාචං මනංච වචනයත් මනසත් මනාව පිහිටුවා කායෙනපි කයින් පවු නොකරන්නා වූ තැනැත්තා මේ දස කුසල කර්මපථයන් සමාදන් වී පවතින්නේ බොහෝ ආහාරපාන සංඛ්‍යාත වූ දෙය්යධර්මයන් දෙමින් ගිහිගෙයි වසන්නේ, සංවිභාගී දානයෙහි විපාක ඇතැයි යන ඇදහීමෙන් යුක්ත වූයේ, මොළොක් සිත් ඇත්තේ. දෙය්යධර්මයන් දන් දීමෙහි ඇළුන බව නිසා සංවිභාගී වේ. පැවිද්දෝ පිඬු පිණිස හැසිරෙන්නෝ කියත්මැයි. ඔවුන්ට පිඬු දීමෙන් ඒ ඒ වචන දන්නා හෙයින් වදඤ්ඤු වෙයි. සතර සංග්‍රහ වස්තූන්ගෙන් සංගාහකො සංග්‍රහ කරන සුළු ප්‍රියවචන ඇති හෙයින් සඛිල වේ. මටසිළුටු වචන ඇති හෙයින් සණ්හවාචො වේ. මෙපමණක් වූ ගුණ රාශියෙහි සිටි තැනැත්තා පරලොව යන්නේ බිය නොවෙයි යනුයි.
තතො රාජධීතා තං තස්ස වචනං සුත්වා ථුතිං කරොන්තී ඉතරං ගාථමාහ –
අනතුරුව රජදුව ඔහුගේ වචනය අසා ස්තුති කරන්නේ වෙනත් ගාථාවක් කීවාය.
“අනුසාසසි මං යක්ඛ, යථා මාතා යථා පිතා; උළාරවණ්ණ පුච්ඡාමි, කො නු ත්වමසි සුබ්රහා”ති.
15. මහත් වූ ශෝභා ඇති දිව්‍යරාජය! මව යම්සේ ද පියා යම්සේ ද එසේ ඔබ මට අනුශාසනා කළෙහිය. ඔබ කවරෙක් වෙහිදැයි විමසමි.
තස්සත්ථො – යථා මාතාපිතරො පුත්තකෙ අනුසාසන්ති, තථා මං අනුසාසසි. උළාරවණ්ණ සොභග්ගප්පත්තරූපදාරක කො නු අසි ත්වං එවං අච්චුග්ගතසරීරොති.
එහි අර්ථය යම්සේ මව්පියවරු පුතුන්ට අනුශාසනා කරත්ද එසේ ඔබ මට අනුශාසනා කරන්නෙහිය. උළාරවණ්ණ ශෝභාවෙන් අගතැන්පත් රූපයක් දරන තැනැත්ත, ඔබ කවරෙක් වෙහිද? මෙසේ අචචුග්ගත සරීරො ඉතා උසස් ශරීර ඇත්තේයි.
තතො බොධිසත්තො ඉතරං ගාථමාහ –
අනතුරුව බෝසත් තෙමේ වෙනත් ගාථාවක් කීවේය.
“උදයොහමස්මි කල්‍යාණි, සඞ්ගරත්තා ඉධාගතො; ආමන්ත ඛො තං ගච්ඡාමි, මුත්තොස්මි තව සඞ්ගරා”ති.
16. සුන්දරිය, මම උදය රජු වෙමි. ගිවිසුම නිසා පැමිණියේ වෙමි. ඔබ අමතා යමි. ඔබගේ ගිවිසුමෙන් මිදුනේ වෙමි.
තස්සත්ථො – කල්යාණදස්සනෙ අහං පුරිමභවෙ තව සාමිකො උදයො නාම තාවතිංසභවනෙ සක්කො හුත්වා නිබ්බත්තො, ඉධාගච්ඡන්තො න කිලෙසවසෙනාගතො, තං වීමංසිත්වා පන සඞ්ගරං මොචෙස්සාමීති සඞ්ගරත්තා පුබ්බෙ සඞ්ගරස්ස කතත්තා ආගතොස්මි, ඉදානි තං ආමන්තෙත්වා ගච්ඡාමි, මුත්තොස්මි තව සඞ්ගරාති.
එහි අර්ථය - යහපත් දැකුම් ඇත්තිය, මම පෙර භවයෙහි ඔබගේ සැමියා වූ උදය වෙමි. තවුතිසා භවනයෙහි ශක්‍රයා වී උපන්නේ මෙහි පැමිණියේ වෙමි. කෙලෙස් වශයෙන් ආවේ නොවෙමි. ඔබ විමසා ගිවිසුම මුදවන්නෙමියි. සංගරත්ථාය, පෙර ගිවිසුමක් කළ හෙයින් ආවේ වෙමි. දැන් ඔබ අමතා යමි. එහෙයින් ඔබගේ ගිවිසුමෙන් මිදුනේ වෙමි.
රාජධීතා අස්සසිත්වා “සාමි, ත්වං උදයභද්දරාජා”ති අස්සුධාරා පවත්තයමානා “අහං තුම්හෙහි විනා වසිතුං න සක්කොමි, යථා තුම්හාකං සන්තිකෙ වසාමි, තථා මං අනුසාසථා”ති වත්වා ඉතරං ගාථං අභාසි –
රජදුව අස්වැසී ස්වාමීනි, ඔබ උදයභද්‍ර රජදැයි කදුළු දහරක් පවත්වන්නී මම ඔබ නැතිව වසන්නට නොහැක්කෙමි. යම්සේ ඔබ සමීපයෙහි වසමිද එසේ මා අනුශාසනා කරවයි කියා වෙනත් ගාථාවක් කීවාය.
“සචෙ ඛො ත්වං උදයොසි, සඞ්ගරත්තා ඉධාගතො; අනුසාස මං රාජපුත්ත, යථාස්ස පුන සඞ්ගමො”ති.
17. ඉදින් ගිවිසුමෙන් මිදීමට මෙහි පැමිණි ඔබ උදය රජ වේ නම් රාජපුත්‍රය, යම්සේ නැවත එකතුවීමක් වේනම් එසේ මට අනුශාසනා කරව යි.
අථ නං අනුසාසන්තො මහාසත්තො චතස්සො ගාථා අභාසි –
ඉක්බිති ඇයට අනුශාසනා කරන්නා වූ මහාසත්ත්ව තෙම ගාථා සතරක් කීවේය.
“අතිපතති වයො ඛණො තථෙව, ඨානං නත්ථි ධුවං චවන්ති සත්තා; පරිජීයති අද්ධුවං සරීරං, උදයෙ මා පමාද චරස්සු ධම්මං.
18. වයස වහා ඉක්ම යයි. ක්ෂණයද එසේම වේ. සිටීමෙක් නැත. සත්ත්වයෝ ඒකාන්තයෙන් මරණයට පත් වෙති. දිරාපත් වෙයි. සිරුර අස්ථිරය. උදයභද්‍රාවෙනි, ප්‍රමාද නොවව. ධර්මයෙහි හැසිරෙව.
“කසිණා පථවී ධනස්ස පූරා, එකස්සෙව සියා අනඤ්ඤධෙය්යා; තං චාපි ජහති අවීතරාගො, උදයෙ මා පමාද චරස්සු ධම්මං.
19. ධනයෙන් පිරුණු මුළු පොළව එකෙකුටම අයත් වුවත් අනිකෙකුට අයත් නොවූවත් පහවූ ආශා ඇති හෙතෙම එයද අත්හරී. උදයභද්රාවනි, ප්‍රමාද නොවෙව. ධර්මයෙහි හැසිරෙව.
“මාතා ච පිතා ච භාතරො ච, භරියා යාපි ධනෙන හොති කීතා; තෙ චාපි ජහන්ති අඤ්ඤමඤ්ඤං, උදයෙ මා පමාද චරස්සු ධම්මං.
20. මව ද පියා ද සහෝදරයෝ ද යම් භාර්යාවක් ධනයෙන් මිලදීගත් සේවකයෝ ද යන සියල්ලෝම ඔවුනොවුන් අත්හැර යති. උදයභද්‍රාවෙනි, ප්‍රමාද නොවෙව. ධර්මයෙහි හැසිරෙව.
“කායො පරභොජනන්ති ඤත්වා, සංසාරෙ සුගතිඤ්ච දුග්ගතිඤ්ච; ඉත්තරවාසොති ජානියාන, උදයෙ මා පමාද චරස්සු ධම්ම”න්ති.
21. ශරීරය අනුන්ට ආහාරයක් වන බව දැන, සංසාරයෙහි සුගතියෙහි හා දුගතියෙහි කෙටිකලක් වාසය ඇති බව දැන උදය භද්‍රාවනි, පමා නොවව. ධර්මයෙහි හැසිරෙව.
තත්ථ අතිපතතීති අතිවිය පතති, සීඝං අතික්කමති. වයොති පඨමවයාදිතිවිධොපි වයො. ඛණො තථෙවාති උප්පාදට්ඨිතිභඞ්ගක්ඛණොපි තථෙව අතිපතති. උභයෙනපි භින්නො ඉමෙසං සත්තානං ආයුසඞ්ඛාරො නාම සීඝසොතා නදී විය අනිවත්තන්තො සීඝං අතික්කමතීති දස්සෙති. ඨානං නත්ථීති “උප්පන්නා සඞ්ඛාරා අභිජ්ජිත්වා තිට්ඨන්තූ”ති පත්ථනායපි තෙසං ඨානං නාම නත්ථි, ධුවං එකංසෙනෙව බුද්ධං භගවන්තං ආදිං කත්වා සබ්බෙපි සත්තා චවන්ති, “ධුවං මරණං, අද්ධුවං ජීවිත”න්ති එවං මරණස්සතිං භාවෙහීති දීපෙති. පරිජීයතීති ඉදං සුවණ්ණවණ්ණම්පි සරීරං ජීරතෙව, එවං ජානාහි. මා පමාදන්ති තස්මා ත්වං උදයභද්දෙ මා පමාදං ආපජ්ජි, අප්පමත්තා හුත්වා දසකුසලකම්මපථධම්මං චරාහීති.
එහි අධිපත්ති යනු අතිශයින් ගැටේ. වහා ඉක්මවා යයි. වයො යනු ප්‍රථම වයස ආදී වූ ත්‍රිවිධ වූ වයසයි. ඛණො තථෙව යනු ඉපදීම පැවැත්ම විනාශය යන ක්ෂණයන්ද එසේම ඉක්මවා යයි යි දෙආකාරයෙන්ම විනාශ වූයේ. සත්ත්වයන්ගේ ආයු සංස්කාරය නම් වහා ගලන්නා වූ නදිය මෙන් නොනැවතී ඉක්මවා යන්නේ යයි දක්වයි. ඨානං නත්ථි යනු උපන් සංස්කාරයෝ නොබිඳී සිටිත් යයි ප්‍රාර්ථනා කිරීමෙනුදු ඔවුන්ගේ සිටීමක් නම් නැත. මෙසේ ඒකාන්තයෙන් භාග්‍යවත් බුදුන් ආදීකොට සියළු සත්ත්වයෝ ච්‍යුත වෙත්. මරණය ඒකාන්තය. ජීවිතය නිත්‍ය වූවක් නොවේ යි මෙසේ මරණය පිළිබඳ සිහිය වඩව යයි දක්වයි. පරිජිය්යති යනු මේ රන්වන් වූ සිරුර දිරා යයි. මෙසේ දනුව. මා පමාදං යනු එහෙයින් උදයභද්රාවනි, මෙසේ ප්‍රමාදයට නො පැමිණෙන්නේය. අප්රමාදී වී කුසලපථයෙහි හැසිරෙවයි.
කසිණාති සකලා. එකස්සෙවාති යදි එකස්සෙව රඤ්ඤො, තස්මිං එකස්මිංයෙව අනඤ්ඤාධීනා අස්ස. තං චාපි ජහති අවීතරාගොති තණ්හාවසිකො පුග්ගලො එත්තකෙනපි යසෙන අතිත්තො මරණකාලෙ අවීතරාගොව තං විජහති. එවං තණ්හාය අපූරණීයභාවං ජානාහීති දීපෙති. තෙ චාපීති මාතා පුත්තං, පුත්තො මාතරං, පිතා පුත්තං, පුත්තො පිතරං, භාතා භගිනිං, භගිනී භාතරං, භරියා සාමිකං, සාමිකො භරියන්ති එතෙ අඤ්ඤමඤ්ඤං ජහන්ති, නානා හොන්ති. එවං සත්තානං නානාභාවවිනාභාවං ජානාහීති දීපෙති.
කසිණා යනු සියළු. එකස්සෙව යනු එකම රජුට. ඒ එකම රජුට අයත් වූ. අනිකෙකු අයත් නොවූ වන්නේ වෙයි. තඤ්චාපි ජහාති අවීතරාගො යනු තෘෂ්ණාවට වසඟ වූ පුද්ගලයා මෙපමණක් වූ යසසින් අතෘප්තිමත් වූයේ මරණ කාලයෙහි ප්රහාණය නො කරන රාග ඇත්තේම එය අත්හරී. මෙසේ තෘෂ්ණාවෙහි පිරවිය නොහැකි බව දනුවයි දක්වයි. තෙචාපී යනු මව පුතු ද පුතා මව ද පියා පුතු ද පුතා පියා ද සොහොයුරා සොහොයුරිය ද සොහොයුරිය සොහොයුරා ද බිරිඳ සැමියා ද සැමියා බිරිඳදැයි මොවුහු ඔවුනොවුන් අතහරිත් වෙන් වෙන් වෙති. මෙසේ සත්ත්වයන්ගේ වෙන්වීම දනුවයි දක්වයි.
පරභොජනන්ති විවිධානං කාකාදීනං පරසත්තානං භොජනං. ඉත්තරවාසොති යා එසා ඉමස්මිං සංසාරෙ මනුස්සභූතා සුග්ගති ච තිරච්ඡානභූතා දුග්ගති ච, එතං උභයම්පි “ඉත්තරවාසො”ති ජානිත්වා මා පමාදං, චරස්සු ධම්මං. ඉමෙසං සත්තානං නානාඨානතො ආගන්ත්වා එකස්මිං ඨානෙ සමාගමො පරිත්තො, ඉමෙ සත්තා අප්පකස්මිංයෙව කාලෙ එකතො වසන්ති, තස්මා අප්පමත්තා හොහීති.
පරභෝජනං යනු විවිධ වූ කපුටු ආදී වූ වෙනත් සත්ත්වයන්ගේ භෝජනය. ඉත්තර වාසො යනු මේ සසරෙහි යම් මේ මිනිසුන් වූ කෙනෙක් වෙත්ද ඒ සුගතියද මේ තිරිසන් වූවාහු වෙත්ද ඒ ඒ දුගතියද මේ දෙකම කෙටිකාලීන විසීමක් යයි දැන ප්‍රමාද නොවව. ධර්මයෙහි හැසිරෙව. නොයෙක් තැනින් පැමිණ එක්තැනක සිටින මේ සත්ත්වයන්ගේ සමාගමය ස්වල්පය. මේ සත්වයෝ ස්වල්ප වූම කාලයක් එකට වසත්. එහෙයින් අප්‍රමාද වූවාහු වෙහිය කියා මෙසේ මහාසත්ත්ව තෙමේ ඇයට අවවාද දුන්නේය.
එවං මහාසත්තො තස්සා ඔවාදමදාසි. සාපි තස්ස ධම්මකථාය පසීදිත්වා ථුතිං කරොන්තී ඔසානගාථමාහ –
ඇයද ඒ ධර්ම කථාවෙහි පැහැදී ස්තුති කරන්නී අවසාන ගාථව කීවේය.
“සාධු භාසතියං යක්ඛො, අප්පං මච්චාන ජීවිතං; කසිරඤ්ච පරිත්තඤ්ච, තඤ්ච දුක්ඛෙන සංයුතං; සාහං එකා පබ්බජිස්සාමි, හිත්වා කාසිං සුරුන්ධන”න්ති.
22. මේ ශක්‍ර තෙමේ යහපත් වූවක් කියයි. මිනිසුන්ගේ ජීවිතය ස්වල්පය. දුක් සහිතය. ස්වල්ප කාලයක් පවත්නේ ය. එයද දුකින් මිශ්‍ර වූයේය. ඒ මට කසී රට සුරුන්ධන නගරය අතැර හුදකලාව පැවිදි වන්නෙමි.
තත්ථ සාධූති “අප්පං මච්චාන ජීවිත”න්ති භාසමානො අයං දෙවරාජා සාධු භාසති. කිංකාරණා? ඉදඤ්හි කසිරඤ්ච දුක්ඛං අස්සාදරහිතං, පරිත්තඤ්ච න බහුකං ඉත්තරකාලං. සචෙ හි කසිරම්පි සමානං දීඝකාලං පවත්තෙය්ය, පරිත්තකම්පි සමානං සුඛං භවෙය්ය, ඉදං පන කසිරඤ්චෙව පරිත්තඤ්ච සකලෙන වට්ටදුක්ඛෙන සංයුතං සන්නිහිතං. සාහන්ති සා අහං. සුරුන්ධනන්ති සුරුන්ධනනගරඤ්ච කාසිරට්ඨඤ්ච ඡඩ්ඩෙත්වා එකිකාව පබ්බජිස්සාමීති ආහ.
එහි සාධු යනු යහපත්ය. අප්පං මච්චාන ජීවිතං යනු කියන්නා වූ මේ දෙව්රජු මනාව කියයි. කුමන කරුණක්ද. මේ ජීවිතය වූ කලී කසිරං. දුක් සහිතය. ආශ්වාද රහිතය. පරිත්තකූච බොහෝ නොවේ. ස්වල්ප කාලයක් පවත්නේ ය. ඉදින් දුක් සහිත වූයේද දීර්ඝ කාලයක් පවත්නේ නම් ස්වල්ප වූ හෝ සැපක් වන්නේය. මෙය වනාහි දුක් සහිතද ස්වල්ප කාලයක් නොපවත්නේද සියලු සාංසාරික දුකින් යුක්ත වූයේද වන්නේය. සාහං යනු ඒ මමයි. සුරුන්ධනං යනු සුරුන්ධ නගරයද කසී රට ද හැරදමා හුදකලාව පැවිදි වන්නෙමියි කීය.
බොධිසත්තො තස්සා ඔවාදං දත්වා සකට්ඨානමෙව ගතො. සාපි පුනදිවසෙ අමච්චෙ රජ්ජං පටිච්ඡාපෙත්වා අන්තොනගරෙයෙව රමණීයෙ උය්යානෙ ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ධම්මං චරිත්වා ආයුපරියොසානෙ තාවතිංසභවනෙ බොධිසත්තස්ස පාදපරිචාරිකා හුත්වා නිබ්බත්ති.
බෝසතුන් ඇයට අවවාද දී සිය වාසස්ථානයටම ගියේය. ඇයද දෙවන දවස්හි අමාත්‍යයන්ට රාජ්‍යය පවරා දී ඇතුල් නගරයෙහිම තවුස් පැවිද්දෙන් පැවිදි වී ධර්මයෙහි හැසිර ආයු කෙළවර තවුතිසා භවනයෙහි බෝධිසත්ත්වයන්ගේ පාදපරිචාරිකාව වී උපන්නීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා රාජධීතා රාහුලමාතා අහොසි, සක්කො පන අහමෙව අහොසින්ති.
ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි උකටලී වූ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි රජදුව රාහුල මාතාව වීය. ශක්‍රයා වනාහී මම ම වීමි යයි වදාළ සේක.
උදයජාතකවණ්ණනා චතුත්ථා.