යෙදුමෙන් කියවන්න

4. උදයජාතකං

1568. එකා නිසින‍්නා සුචිසඤ‍්ඤතූරු පාසාදමාරුය‍්හ අනින්‍දිතඞ‍්ගි, යාචාමි තං කින‍්තරනෙත‍්තචක‍්ඛු ඉමෙකරත‍්තිං උභයො වසෙම.

1568. පවිත්‍ර වස්ත්‍ර ඇඳ ගත්, මනා දෙවටොර ඇති, ඉතා ශොභාසම්පන්න සිරුරැති, කිඳුරු නෙත් වැනි නෙත් ඇති ඔබ පහයට නැඟී සිටියෙහි ය. සැරැසූ මේ යහන මැද මේ රැය ගත කරමුය යි ඔබෙන් ඉල්ලමි.

1569. උක‍්කිණ‍්ණන‍්තරපරිඛං දළ‍්හමට‍්ටාලකොට‍්ඨකං, රක‍්ඛිතං බග‍්ගහත්‍ථෙහි දුප‍්පවෙසමිදං පුරං.

1569. මේ පුරය තැනින් තැනැ දිය අගල් ආදිය ඇත. ශක්තිමත් අටල්ලෙන් හා දොරකොටුවලින් යුක්ත ය. අසිපත් ගත්තන් විසින් රැකවරණ කරනු ලබන හෙයින් පිවිසිය නො හැකි ය.

1570. දහරස‍්ස යුධිනො චාපි ආගමො ච න විජ‍්ජති, අථ කෙන නු වණ‍්ණෙන සඞ‍්ගමං ඉච‍්ඡසෙ මයා.

1570. ළදරුවෙකුට හෝ සෙබළෙකුට හෝ (මේ නගරයට) පැමිණිය නො හැකි ය: කවර හෙයින් මේ වේලාවෙහි මා හා සඞ්ගමයට කැමැත්තෙහි ද?

1571. යක‍්ඛොහමස‍්මි කල්‍යාණි ආගතොස‍්මි තවන‍්තිකං ත්‍වං මං නන්‍දය භද‍්දන‍්තෙ පුණ‍්ණකංසං දදාමි තෙ.

1571. සොඳුර, මම දෙව්පුතෙක්මී. දිව්‍යයානුභාවයෙන් තී වෙත ආවෙමි, ඔබට සෙත් වේවා! අද මා පිනවන්න. ඔබට රන්මසු පිරුණු රන්තළිය දෙමි.

1572. දෙවඤ‍්ච යක‍්ඛං අථ වා මනුස‍්සං න පත්‍ථයෙ උදයමතිච‍්චමඤ‍්ඤං, ගච‍්ඡෙව ත්‍වං යක‍්ඛ මහානුභාව මාචස‍්සු ගන‍්ත්‍වා පුනරාවජිත්‍ථ.

1572. යක්‍ෂය, උදය රජතුමා හැර අන් දෙවියකු, මිනිසකු හෝ යකෙකු නො පතමි. ඔබ යව, යළි (මෙහි) නො එව.

1573. යා සා රතී උත‍්තමා කාමභොගිනං. රතීසු සත‍්තා විසමං චරන‍්ති, මා තං රතිං ජීයි තුවං සුවිම‍්භිතෙ දදාමි තෙ රූපියං කංසපූරං.

1573. රතීන් අතුරෙහි කාමභෝගීන්හට යම් උත්තමරතියක් වේ ද යමක් නිසා සත්ත්‍වයෝ විෂමාචාර කෙරෙත් ද, පියකරු සිනා ඇත්තිය තෙපි ඒ රතිය නො දිනව. තොපට රනින් පිරැවූ රිදීතළිය දෙමි.

1574. නාරිං නරො නිජ‍්ඣපයං ධනෙන උක‍්කංසති යත්‍ථ කරොති ඡන්‍දං, විපච‍්චණීකො තව දෙව ධම‍්මො පච‍්චක‍්ඛතො ථොකතරෙන එසි,

1574. පින්වත, ඔබ මෝඩ මිනිසෙකි, කෙලෙස් රතියෙන් සන්තර්‍පණය වන්නෙක් බොහෝ වස්තුවෙන් ස්ත්‍රිය පොළඹවයි. ආසා කරවයි, ඔබේ ස්වභාවය ඊට වෙනස් ය. මඳ වූ ධනයක් ගෙනවුත් තිබෙන බව ප්‍රත්‍යක්‍ෂ හෙයිනි.

1575. ආයුඤ‍්ච වණ‍්ණඤ‍්ච මනුස‍්සලොකෙ නිහීයති මනුජානං සුගත‍්තෙ, තෙනෙව වණ‍්ණෙන ධනම‍්පි තුය‍්හං නිහීයති ජිණ‍්ණතරාසි අජ‍්ජ.

1575. ශෝභන සිරුර ඇත්තිය, මිනිස්ලොව මිනිසුන්ගේ ආයුෂ ද, පැහැය ද පිරිහේ, එ හෙයින් තොපට දෙන ධනය ද (ක්‍රමයෙන්) පිරිහේ තෙපි අද බොහෝ දිරුවහු.

1576. එවං මෙ පෙක‍්ඛමානස‍්ස රාජපුත‍්ති යසස‍්සිනි, හායතෙ වත තෙ වණ‍්ණො අහොරත‍්තානමච‍්චයෙ.

1576. යසස් ඇති රජ දියණියනි, දිවා රෑ ගෙවී යන්නා සමග බලා සිටිය දී ම ඔබ ගේ රූපය පිරිහීයයි.

1577. ඉමිනා ච ත්‍වං වයසා රාජපුත‍්ති සුමෙධසෙ, බ්‍රහ‍්මචරියං චරෙය්‍යාසි භිය්‍යො වණ‍්ණවතී සියා.

1577. මනා පැහැති රජ දියණියනි, ඔබ මේ වියෝ බඹසර කරව. බොහෝ වර්‍ණවත් වන්නී ය.

1578. දෙවා න ජීරන‍්ති යථා මනුස‍්සා ගත‍්තෙසු තෙසං වලියො න හොන‍්ති. පුච‍්ඡාමි තං යක‍්ඛ මහානුභාව කථන‍්නු දෙවාන සරීරදෙහො.

1578. මිනිසුන් ලෙස දෙවියෝ නො දිරත්, ශරීරයේ රැළි නො වැවේ. මහානුභාව ඇති යක්‍ෂය, ඊට හේතු ඔබෙන් අසමි. දෙවියන්ගේ දේහය කවර හෙයින් නො දිරා ද?

1579. ද‍්වො න ජීරන‍්ති යථා මනුස‍්සා ගත‍්තෙසු තෙසං වලියො න හොන‍්ති, සුවෙ සුවෙ භිය්‍යතරොව තෙසං දිබ‍්බො ච වණ‍්ණො විපුලා ච භොගා.

1579. මිනිසුන් දිරාපත් වන පරිද්දෙන් දෙවියෝ දිරාපත් නො වෙත්. ඔවුන් සිරුරැ රැළි නො වැටේ. දවසක් පාසා දෙවියන්ට බොහෝ දිව්‍ය වර්‍ණය ද භෝගයෝ ද වැඩෙත්.

1580. කිංසූධ භීතා ජනතා අනෙකා මග‍්ගො ච නෙකායතනං පවුත‍්තො, පුච‍්ඡාමි තං යක‍්ඛ මහානුභාව කත්‍ථ ඨිතො පරලොකං න භායෙ.

1580. මෙ ලොවැ ජනයා කුමට බිය වෙත් ද? පඬිවරුන් විසින් නොයෙක් තීර්‍ත්‍ථායතන විසින් සගමග කියන ලද, මහ තෙදැති දෙව් රජාණෙනි, කවර මගෙකැ සිටි කල පරලොවට බිය නො වන්නේ ද?

1581. වාචං මනඤ‍්ච පණිධාය සම‍්මා කායෙන පාපානි අකුබ‍්බමානො බව‍්හන‍්නපානං ඝරමාවසන‍්තො, සද‍්ධො මුදූ සංවිභාගී වදඤ‍්ඤූ සඞ‍්ගාහකො සඛිලො සණ‍්හවාචො එත්‍ථඨිතො පරලොකං න භායෙ.

1581. වචනය ද සිත ද මැනැවින් සංවරයෙහි පිහිටුවා ගෙන කයින් පාපක්‍රියා නො කොට ආහාර පාන බොහෝ ඇති ව ගෙහි වසනුයේ, සැදැහැවත් වීම, මොළොක් සිතැති වීම, සංවිභාග ගුණය ඇත්තකු වීම, ප්‍රතිග්‍රාහකයන්ගේ බස් තේරුම් ගැනීම, සිව්සඟරාවත් ඇත්තකු වීම, ප්‍රිය බස් ඇත්තකු වීම, මට සිලිටි බසින් කථා කිරීම යන ගුණ ඇත්තේ පරලොවට බිය නො වේ.

1582. අනුසාසසි මං යක‍්ඛ යථා මාතා යථා පිතා, උළාරවණණ පුච‍්ඡාමි කොනු ත්‍වමසි සුබ්‍රහා.

1582. මහේශාක්‍ය දිව්‍යරාජය, මවක මෙන් පියකු මෙන් මට අනුශාසනා කරන්නෙහි ය. පුණ්‍ය මහිමයෙන් ලද රුවක් ඇති ඔබ කවරෙක් ද?

1583. උදයොහමස‍්මි කල්‍යාණි සඞ‍්ගරත්‍ථා ඉධාගතො, ආමන‍්ත ඛො තංගච‍්ඡාමි මුත‍්තොස‍්මි තව සඞ‍්ගරා.

1583. රූපිකාවෙනි, මම උදය රජ වෙමි. (පෙර) පොරොන්දුවෙන් මිදීමට ආවෙමි. ඔබ අමතා එම පොරොන්දුවෙන් මිදුණෙමි.

1584. සචෙ ඛො ත්‍වං උදයොසි සඞ‍්ගරත්‍ථා ඉධාගතො, අනුසාස මං රාජපුත‍්ත යථාස‍්සු පුන සඞ‍්ගමො.

1584. ඉදින් ඔබ උදය රජ වේ නම්, ප්‍රතිඥාවෙන් මිදීමට මෙහි පැමිණියේ යළි දූ එක්වීම සිදුවන පරිද්දෙන් මට අනුශාසනය කරව.

1585. අධිපතති වයො ඛණො තථෙව ඨානං නත්‍ථි ධුවං චවන‍්ති සත‍්තා, පරිජීයති අද‍්ධුවං සරීරං උදයෙ මා පමාදං චරස‍්සු ධම‍්මං

1585. වයස ඉතා ශීඝ්‍රව (ගෙවී) යයි. ක්‍ෂණය ද එසේ ගෙවී යයි. සත්ත්‍වයෝ ච්‍යුත වෙත්. ඔවුනට සිටීමෙක් නැත. සිරුර නො තිරය : දිරාපත් වේ. උදයභද්‍රාවෙනි, සිහි මුළාවට නො පැමිණෙව දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.

1586. කසිණා පඨිවී ධනස‍්ස පූරා එකස‍්සෙව සියා අනඤ‍්ඤවෙය්‍යා, තඤ‍්චාපි ජහාති අවීතරාගො උදයෙ මා පමාදං චරස‍්සු ධම‍්මං.

1586. ධනයෙන් පිරුණු මුළු පොළොව එක් රජක්හට අයත් වුවත්, අන් කෙනකුට අයත් නො වුවත්, පහ නො වූ ආසාව ඇති හේ එය ද හැර දමයි. උදයභද්‍රාවෙනි, සිහි මුළාවට නො යව දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.

1587. මාතා ච පිතා ච භාතරො ච භරියා යාපි ධනෙන හොති කීතා, තෙචාපි ජහන‍්ති අඤ‍්ඤමඤ‍්ඤං උදයෙ මා පමාදං චරස‍්සු ධම‍්මං.

1587. මවු ද පියා ද සහෝදරයෝ ද ධනයෙන් මිලයට ගත් යම් භාර්‍ය්‍යාවකුත් වේ ද ඔහු ද ඔවුනොවුන් හැරයති. එහෙයින්, සිහි මුළාවට නො යව දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.

1588. කායො පරභොජනන‍්ති ඤත්‍වා සංසාරෙ සුගතී ච දුග‍්ගතී ච, ඉත‍්තරවාසොති ජානියා උදයෙ මා පමාදං චරස‍්සු ධම‍්මං.

1588. උදයභද්‍රාවෙනි, ශරීරය අන් සතුනට ආහාර වන බව දැනැ, සසරේ සුගති දුගතීන්හි කෙටි කලක් විසුමට ඇති බව දැනැ, සිහි මුළාවට නො යව, දශපුණ්‍යක්‍රියාවන්හි හැසිරෙව.

1589. සාධු භාසතයං යක‍්ඛො අප‍්පං මච‍්චාන ජීවිතං, කසිරඤ‍්ච පරිත‍්තඤ‍්ච තඤ‍්ච දුක‍්ඛෙන සංයුතං සාහං එකා පබ‍්බජිස‍්සාමි හිත්‍වා කාසිං සුරුන්‍ධන’න‍්ති.

1589. සත්ත්‍ව ජීවිත අල්ප යයි මේ යක්‍ෂයා සොඳුරු දැයක් කියයි. එද ආස්වාද රහිත යැ, ස්වල්ප කලක් පවත්නේ ය. සසරදුක හා යෙදී පවත්නේ ය. ඒ මම කසී රට ත් සුරුන්ධන පුරය ත් හැර හුදෙකලා ව පැවිදි වන්නෙමි.

4. උදයජාතකං.

4. උදය ජාතක යි.