යෙදුමෙන් කියවන්න

5. පානීයජාතකං

1590. මිත‍්තො මිත‍්තස‍්ස පානීයං අදින‍්නං පරිභුඤ‍්ජිසං, තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං කස‍්මා පබ‍්බජිතො අහං.

1590. මහරජ, මම එකකු හා මිතුරු වූයෙම්, ඒ මිතුරා නුදුන් පැන් බීවෙමි. ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙම් නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.

1591. පරදාරඤ‍්ච දිස‍්වාන ඡන්‍දො මෙ උදපජ‍්ජථ, තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං තස‍්මා පබ‍්බජිතො අහං.

1591. මහරජ, අනෙකකුගේ බිරිඳක් දැක මට කාමාශා උපනි, ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.

1592. පිතරම‍්මෙ මහාරාජ චොරා අගණ‍්හුං කානනෙ, තෙසාහං පුච‍්ඡිතො ජානං අඤ‍්ඤථා නං වියාකරිං.

1592. මහරජ, සොරු මාගේ පියා වෙනෙහි දී අල්ලා ගත්හ. මා විචාළ ඔවුන්ට දැනැ දැනැ ම වෙනත් අයුරෙකින් කීවෙමි.

1593. තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං තස‍්මා පබ‍්බජිතො අහං.

1593. ඒ පව මා කරන ලදී. පසුව ඒ පව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමි.

1594. පාණාතිපාතමකරුං සොමයාගෙ උපට‍්ඨිතෙ, තෙසාහං සමනුඤ‍්ඤාසිං, තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං තස‍්මා පබ‍්බජිතො අහං.

1594. සෝම යාගය (කරන මොහොත) එළඹ සිටි කල ප්‍රාණඝාතය කළහ. ඔවුන්ගේ කර්‍මය අනුදත්තෙමි. (එකඟ වීමි.) එය කරණ කොටගෙන පසුව පිළිකුල් කෙළෙමි. නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමී.

1595. සුරාමෙරයමධුකා යෙජනා පඨමාසු නො බහුන‍්නතෙ අනත්‍ථාය මජ‍්ජපානමකප‍්පයුං. තෙසාහං සමනුඤ‍්ඤාසිං, තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං තං පාපං පකතං මයා මා පුන අකරං පාපං තස‍්මා පබ‍්බජිතො අහං.

1595. සුරාවත් මේරයත් මිහිරි (පානයකැ යි) පානය කරන්නෝ අපේ ගම්හි වූ ඔහු ද, බොහෝ දෙනාට අවැඩ පිණිස හේතු වන මද්‍ය පානය කළහ. මම ඔවුන්ගේ කර්‍මය අනුදත්තෙමි. එයින් පසුව පිළිකුල් කෙළෙමි නැවැත පව් නො කරන්නෙමි යි (ඉටා) පැවිදි වීමි.

1596. ධීරත්‍ථු සුබහූ කාමෙ දුග‍්ගන්‍ධෙ බහුකණ‍්ටකෙ, යෙ අහං පතිසෙවන‍්තො න ලභිං තාදිසං සුඛං,

1596. මම කාම සම්පත් විඳින්නෙම්, නිකෙලෙස් ධ්‍යාන සුවය වැනි සැපතක් නො ලදිමි. දුගඳ වූ සතුරන් නමැති කටු ඇති බහුල වූ කාමයන්ට නින්‍දා වේවා !

1597. මහස‍්සාදා සුඛා කාමා නත්‍ථි කාමපරං සුඛං, යෙ කාමෙ පතිසෙවන‍්ති සග‍්ගං තෙ උපපජ‍්ජරෙ,

1597. කාමයෝ මහත් වූ ආස්වාදය ත් සැපත ත් ඇත්තාහු වෙති. කාමය හැර අන් සැපතක් නැත. යම් කෙනෙක් කම් සැපත විඳිත් ද ඔවුහු දෙව්ලොව උපදිත්.

1598. අප‍්පස‍්සාදා දුඛා කාමා නත්‍ථි කාමාපරං දුඛං, යෙ කාමෙ පතිසෙවන‍්ති නිරයං තෙ උපපජ‍්ජරෙ.

1598. කාම්යෝ අල්ප ආස්වාද ඇත්තාහු දුක් බහුල වූවාහු වෙත්, කාමයට වඩා දුකෙක් නැත. යම් කෙනෙක් කම් සැපත විඳිත් ද ඔවුහු නිරයේ උපදිත්.

1599. අසී යථා සුනිසිතො නෙත‍්තිංසොව සුපායිකො, සත‍්තීව උරසී ඛිත‍්තො කාමා දුක‍්ඛතරා තතො.

1599. මුවහත් කළ කඩුව ද, පණපෙවූ සිරියද තෙබ ද ළෙහි පහළේ යම්සේ දුක් උපදවා ද, කාමයන් නිසා ලැබෙන දුක එයට වඩා බොහෝ වේ.

1600. අඞ‍්ගාරානංව ජලිතං කාසුං සාධිකපොරිසං, ඵාලංව දිවසං තත‍්තං කාමා දුක‍්ඛතරා තතො.

1600. පුරුෂ ප්‍රමාණයටත් වැඩි අඟුරු වළත් දවස මුළුල්ලේ ගිනියම් කළ හීවැලත් නිසා යම් දුකක් උපදී ද, කාමයෝ එයට වඩා බොහෝ දුක් සහිත වෙති.

1601. විසං යථ හලාහලං තෙලමුක‍්කට‍්ඨිතං යථා, තම‍්බලොහ විලීනංව කාමා දුක‍්ඛතරා තතො’ති.

1601. හලාහල විෂ ද කකියවා ගත් තෙල ද උණු කොට ගත් තඹ ද නිසා යම් පමණ දුක් උපදවා ද කාමයෝ එයට වඩා බොහෝ දුක් සහිත වෙති.

5. පානීයජාතකං.

5. පානීය ජාතක යි.