යෙදුමෙන් කියවන්න

6. යුධඤ‍්ජය ජාතකං

1602. මිත‍්තාමච‍්චපරිබ‍්බූළ‍්හං අහං වන්‍දෙ රථෙසභං, පබ‍්බජිස‍්සං මහාරාජ තං දෙවො අනුමඤ‍්ඤතු.

1602. මම, මිතුරන් හා ඇමතියන් පිරිවරා ගත් පිය මහ රජාණන් වඳිමි. මම පැවිදි වන්නෙමි. දේවයන් වහන්සේ, එය අනුදනිත්වා.

1603. සචෙ තෙ ඌනං කාමෙහි අහං පරිපූරයාමි තෙ, යො තං හිංසති වාරෙමි මා පබ‍්බජි යුධඤ‍්ජය.

1603. යුධංජය කුමාරය, ඔබට කාම සම්පත අඩුව ගියේ ද? එය ඔබට සපුරා දෙන්නෙමි. යමෙක් ඔබට ගැහැට කෙරේ ද ඔහු වළකාලමි. පැවිදි නො වන්න.

1604. න චත්‍ථි ඌනං කාමෙහි හිංසිතා මෙ න විජ‍්ජති, දීපඤ‍්ච කාතුමිච‍්ඡාමි යං ජරා නාභිකීරති.

1604. මට කාම සම්පතෙන් අඩු නැත. හිංසා කරන්නෙක් නැත. පරලොව ගමන් සඳහා ආරක්‍ෂාව සලසා ගන්නට රිස්සෙමි. අමා මහනිවන සොයන්නෙමි.

1605. පුත‍්තො වා පිතරං යාචෙ පිතා වා පුත‍්තමොරසං, නෙගමො යාචතෙ තාත මා පබ‍්බජි යුධඤ‍්ජය.

1605. යුධංජය කුමාරය, පුතා පියා යදී, පියා පුතා යදි, නියම්ගම වැසියෝ ද යදිති. පුත්‍රය, පැවිදි නො වන්න.

1606. මා මං තාත නිවාරෙසි පබ‍්බජන‍්තං රථෙසභ, මාහං කාමෙහි සම‍්මත‍්තො ජරාය වසමන්‍වගු.

1606. පියරජතුමනි, පැවිදිවන මා වළක්වනු නො මනා ය. මම කාමයෙන් මත් වූවෙක් නො වෙම්වා. ජරාවේ වසයට නො යන්නෙක් වෙම්වා.

1607. අහං තං තාත යාචාමි අහං පුත‍්ත නිවාරයෙ, චිරන‍්තං දට‍්ඨුමිච‍්ඡාමි මා පබ‍්බජි යුධඤ‍්ජය.

1607. දරුව, මම ඔබ යදිමි, මම ඔබ වළකමි, ඔබ කලක් දකිනු කැමැත්තෙමි. පුතේ යුධංජය, පැවිදි නො වන්න.

1608. උස‍්සාවොව තිණග‍්ගම‍්හි සුරියස‍්සුග‍්ගමනං පති, එවමායු මනුස‍්සානං මා මං අම‍්ම නිවාරයෙ.

1608. මනුෂ්‍යයන්ගේ ආයුෂ, හිර උදාවන සමයේ තණ අග පිනිබිඳු වැනි ය, අම්මෙ, මා වැළක්වීම නො මැනැවි.

1609. තරමානො ඉමං යානං ආරොපෙතු රථෙසභ, මා මෙ මාතා තරන‍්තස‍්ස අන‍්තරායකරා අහු.

1609. පියරජතුමනි, මේ මව ඉක්මනින් යනාවට නගීවා! සසර තරණය කරන මට මගේ මව බාධා කරන්නෙක් නො වේවා!

1610. අභිධාවථ භද‍්දන‍්තෙ සුඤ‍්ඤං හෙස‍්සති රම‍්මකං, යුධඤ‍්ජයො අනුඤ‍්ඤාතො සබ‍්බදත‍්තෙන රාජිනා.

1610. සබ්බදත්ත රජ යුධංජය කුමරාගේ පැවිද්ද අනුදත්තේ ය. (තෙපි) වහා දිවයවු, ඔබට සෙත් වේවා යි කියවු, රම්ම නගරය හිස් වන්නේ ය.

1611. යොහු සෙට‍්ඨො සහස‍්සස‍්ස යුවා කඤ‍්චනසන‍්නිභො, සොයං කුමාරො පබ‍්බජිතො කාසායවසනො බලී.

1611. පුත්‍රයන් දහසකට ශ්‍රේෂ්ඨ ව සිටි තරුණ වූ රන් පැහැති යම් කුමරෙක් වී ද, බලැති හේ කහවත අඳින්නා වූ පැවිද්දෙකි.

1612. උභො කුමාරා පබ‍්බජිතා යුධඤ‍්ජයො යුධිට‍්ඨිලො, පහාය මාතාපිතරො සඞ‍්කං ඡෙත්‍වාන මච‍්චුනො’ති.

1612 යුධංජය, යුධිට්ඨිල යන කුමාරවරු මවුපියන් හැරදමා මරුවාගේ බැමි කපා පැවිදි වූහ.

6. යුධඤ‍්ජය ජාතකං.

6. යුධංජය ජාතක යි.