7. දසරථජාතකං
1613. එථ ලක්ඛණ සීතා ච උභො ඔතරථොදකං, එවායං භරතො ආහ රාජා දසරථො මතො.
1613. ලක්ඛණ සීතා (යන) දෙදෙනා එව. (මේ) වතුරට බසිවු. (ඉක්බිති) මේ භරත කුමරා මෙසේ කීය. දසරථ රජ මළේ ය.
1614. කෙන රාමප්පභාවෙන සොචිතබ්බං න සොචසි, පිතරං කාලකතං සුත්වා න තං පසහතෙ දුඛං.
1614. රාම කුමාරයෙනි, කෙබඳු අනුභාවයක් නිසා දුක් විය යුත්තෙහි දී දුක් නො වන්නෙහි ද? පියා මළ බව ඇසූ ඔබ දුකෙන් නො පෙළා ද?
1615. යං න සක්කා පාලෙතුං පොසෙන ලපතා බහු, ස කිස්ස විඤ්ඤූ මෙධාවී අන්තානමුපතාපයෙ.
1615. බොහෝ වලප්නා පුරුෂයකුට ද සත්ත්වයන්ගේ පණ රකින්නට නො හැකි ය. අට ලෝදහම් දත් නැණවත් තැනැත්තා තමා කුමට තවාද?
1616. දහරා ච හි යෙ වුද්ධා යෙ බාලා යෙ ච පණ්ඩිතා, අඩ්ඪා චෙව දළිද්දා ච සබ්බෙ මච්චුපරායණා.
1616. ළදරුවෙක් ද, වෘද්ධයෝ ද, මෝඩයෝ ද, පණ්ඩිතයෝ ද ඉසුරෝ ද, දිළින්දෝ ද යන හැම දෙන මියයති.
1617. ඵලානමිව පක්කානං නිච්චං පපතනා භයං, එවං ජාතාන මච්චානං නිච්චං මරණතො භයං.
1617. විලිකුන් පල (බිම) වැටෙයි යන බිය නිතර ඇත්තා සේ, උපන් මනුෂ්‍යයන්ට මරණය නිසා බිය නිතර උපදී.
1618. සායමෙකෙ න දිස්සන්ති පාතො දිට්ඨා බහුජ්ජනා, පාතො එකෙ න දිස්සන්ති සායං දිට්ඨා බහුජ්ජනා
1618. අලුයම දුටු බොහෝ දෙනකු සවස දකින්නට නැත. සවස දුටු බොහෝ දෙනකු අලුයම දකින්නට නැත.
1619. පරිදෙවයමානො චෙ කඤ්චිදත්ථං උදබ්බහෙ, සම්මූළ්හො හිංසමත්තානං කයිරා චෙතං විචක්ඛණො.
1619. හඬනු ලබන්නේ කිසි ප්‍රයෝජනයක් උපදවන්නේ නම් නැණවත් පුද්ගලයා මුළාවට පත් වැ තමාට පීඩාව දෙන මේ හැඬීම කරන්නේ ය.
1620. කිසො විවණ්ණො භවති හිංසමත්තානමත්තනා, න තෙන පෙතා පාලෙන්ති නිරත්ථා පරිදෙවනා.
1620. තමා විසින් තමාට හිංසා කිරීම නිසා (සිරුර) කෘශ වේ, දුර්වර්ණ වේ, හැඬීම නිසා මිය ගියාහු නො රැකෙත්. හැඬීමෙන් පලක් නැත.
1621. යථාසරණමාදිත්තං වාරිනා පරිනිබ්බයෙ, එවම්පි ධීරො සුතවා මෙධාවී පණ්ඩිතො නරො ඛිප්පමුප්පතිතං සොකං වාතො තූලංව ධංසයෙ.
1621. ගිනි ගත් ගෙය දියෙන් නිවන්නේ යම්සේ ද, එසේ ධෛර්ය්ය සම්පන්න, බහුශ්‍රුත නුවණැති පණ්ඩිත මනුෂ්‍යයා, සුළඟ පුළුන් පහ කරන්නා සේ හටගත් ශෝකය වහා පහ කරන්නේ ය.
1622. එකොව මච්චො අච්චෙති එකොව ජායතෙ කුලෙ, සඤ්ඤොගපරමාත්වෙව සම්භොගා සබ්බපාණිනං.
1622. සත්ත්වයා හුදෙකලා ව පරලොව යයි. හුදෙකලා ව උපදියි. මව්පිය මිතුරු ආදි වශයෙන් ඇති වන සත්ත්වයන්ගේ එක්වීම් කර්මය අනුව සිදුවන්නේ ය.
1623. තස්මා හි ධීරස්ස බහුස්සුතස්ස සම්පස්සසතො ලොකමිමං පරඤ්ච, අඤ්ඤාය ධම්මං හදයං මනඤ්ච සොකා මහන්තාපි න තාපයන්ති.
1623. එහෙයින්, ධෛර්ය්ය සම්පන්න වූ බහුශ්‍රුත වූ මෙලොවත් පරලොවත් ධර්මයත් දැන සිටියහුගේ හදවත, මහත් ශෝකයෝ ද නො තවත්.
1624. සොහං දස්සඤ්ච භොක්ඛඤ්ච භරිස්සාමි ච ඤාතකෙ, සෙසං සම්පාලයිස්සාමි කිච්චමෙතං විජානතො.
1624. ඒ මම සුදුස්සන්ට යසස ද තනතුරු ද දෙමි. නෑයන් පෝෂණය කරන්නෙමි. (වස්තු) සම්පත්තිය ද පාලනය කරන්නෙමි. මෙය නුවණැත්තහුගේ කටයුතු වේ.
1625. දස වස්සසහස්සානි සට්ඨිවස්සසතානි ච, කම්බුගීවො මහාබාහු රාමො රජ්ජමකාරයීති
1625. රන් මිහිඟු බෙරයක් වැනි ගෙළ ඇති මහබාහු ඇති රාම රජ හවුරුදු සොළොස් දහසක් රාජ්‍යය කැරැවී ය.