8. සංවරජාතකං
1626. ජානන්තො නො මහාරාජ තව සීලං ජනාධිපො, ඉමෙ කුමාරෙ පූජෙන්තො න තං කෙනචි මඤ්ඤථ.
1626. මහරජ, පියරජ තෙම කුමාරවරුන් පුදන්නේ ඔබ කුඩා දනව්වකින් හෝ පිදියයුතු යයි නො සිතී ය. එසේ කළේ ඔබට රාජ්‍යය ලැබෙන බව දැන ගෙන ද?
1627. තිට්ඨන්තෙ නො මහාරාජෙ ආදු දෙවෙ දිවංගතෙ, ඤාතී නං සමනුමඤ්ඤිංසු සම්පස්සං අත්ථමත්තනො.
1627. මහරජ, සිය අභිවෘද්ධිය දක්නා වූ නැසියෝ ඔබට කැමැති වූහ. එය වූයේ අපේ පියරජාණන් සිටිය දී ද නැතහොත් දෙව්ලොව ගිය පසු ද?
1628. කෙන සංවරවත්තෙන සඤ්ජාතෙ අධිතිට්ඨසි, කෙන තං නාතිවත්තන්ති ඤාතිසඞ්ඝා සමාගතා.
1628. සංවර රජතුමනි, කෙබඳු සීලයක් නිසා (තමාට) සමාන එකුන්සියයක් සොහොයුරු කුමාරවරුන් මැඩපවත්වා ගෙන සිටිනේ ද? ඤාතිසමූහයා එකතු වී ඔබ අභිභවනය නො කරන්නේ කවර හෙයින් ද?
1629. න රාජපුත්ත උසුය්යාමි සමණානං මහෙසිනං, සක්කච්චං තෙ නමස්සාමි පාදෙ වන්දාමි තාදිනං.
1629. රාජපුත්‍රය, මම ඊර්ෂ්‍යයා නො කරමි. මහර්ෂී ගුණයෙන් හා, අටලෝදහම් නිසා කම්පා නො වන (තාදී) ගුණයෙන් හෙබි ශ්‍රමණයන්ගේ පා වඳිමි. සකස් කොට උන් වහන්සේ වඳිමි.
1630. තෙ මං ධම්මගුණෙ යුත්තං සුස්සූසමනුසුය්යකං, සමණා සමනුසාසන්ති. ඉසී ධම්මගුණෙ රතා.
1630. ගුණදහම් ඇති කීකරුවෙකැ යි දැනගෙන, අනුසාසනා අසන මට ඍෂිගුණයන්හි ඇලුණු ශ්‍රමණයෝ අනුශාසනා කරති.
1631. තෙසාහං වචනං සුත්වා සමණානං මහෙසිනං, න කිඤ්චි අතිමඤ්ඤාමි ධම්මෙ මෙ නිරතො මනො.
1631. මම මහර්ෂී ගුණ ඇති ශ්රමණයන් වහන්සේගේ අවවාද ඉක්මවා නො යමි. මගේ සිත දහම්හි ඇලුණේ ය.
1632. හත්ථාරුහා අනීකට්ඨා රථිකා පත්තිකාරිකා, තෙසං නප්පටිබන්ධාමි නිබද්ධං භත්තවෙතනං.
1632. ඇතරුවන්, හමුදා නියුක්තයන්, රථිකයන්, පාබළ හමුදා නියුක්තයන් සඳහා ප්රතිපාදිත බත් වැටුප් නො නවත්වා දෙමි.
1633. මහාමත්තා ච මෙ අත්ථි මන්තිනො පරිචාරකා, බාරාණසිං වොහරන්ති බහුමංස සුරොදකං.
1633. මන්ත්‍ර ශාස්ත්රයේ පාරප්රාප්ත මහඇමැතියන් ද අනෙක් පරිවාර ඇමැතියන් ද මට ඇත. බරණැස් නගරයේ මස් ආදි අවුලු ද සුරා ආදි පානයන් ද බහුල වැ ඇතැ යි කියති.
1634. අථොපි වාණිජා ඵිතා නානා රට්ඨෙහි ආගතා, තෙසු මෙ විහිතා රක්ඛා එවං ජානාහුපොසථ.
1634. ආඪ්‍ය වූ රාෂ්ට්රයන්හි සිට මෙහි පැමිණි වෙළෙඳහු වෙත් ද ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලදී. උපෝසථය, (මෙය) මෙසේ දැන ගන්න.
1635. ධම්මෙන කිර ඤාතීනං රජ්ජං කාරෙහි සංවර, මෙධාවී පණ්ඩිතො චාපි අථොපි ඤාතීනං හිතො
1635. සංවර රජතුමනි, නෑසියන්ට ද ධර්මානුකූල ව පාලන කටයුතු කරන්නේ මනා ය මෙ තැන් සිට ද ඔබ ම රාජ්‍යය කරනු මැනැවි. නුවණැති පණ්ඩිත වූ ඔබ ඤාති වර්ගයාට ද හිතෛෂී ය.
1636. තං තං ඤාති පරිබ්බූළ්හං නානාරතනමොචිතං, අමිත්තා නප්පසහන්ති ඉන්දංව අසුරාධිපොති.
1636. නෑයන් විසින් පිරිවරා ගත්තා වූ, රැස් කොට තැබූ බොහෝ රුවන් ඇත්තා වූ ඔබ මැඩලන්නට සතුරෝ සමත් නො වෙති. ශක්‍රයා මැඩ ලන්නට වේපචිත්ති අසුරයා සමත් නො වූවා මෙනි.