9. සුප‍්පාරකජාතකං
1637. උම‍්මුජ‍්ජන‍්ති නිමුජ‍්ජන‍්ති මනුස‍්සා ඛුරනාසිකා, සුප‍්පාරකං තං පුච‍්ඡාම සමුද‍්දො කතමො අයං.
1637.දැළිපිහියක මුවාත වැනි නාසය ඇති මනුෂ්‍යයන් වැනි මත්ස්‍යයෝ මේ සාගරයේ මතු වෙති, ගිලෙති. මේ කිනම් සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1638. භරුකච‍්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප‍්පනට‍්ඨාය ඛුරමාලීති වුච‍්චති.
1638. භරුකච්ඡ පටුන්ගමින් නික්මගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර බුරමාලී නමැ යි කියනු ලැබේ.
1639. යථා අග‍්ගිව සුරියො ව සමුද‍්දො පතිදිස‍්සති, සුප‍්පාරකං තං පුච‍්ඡාම සමුද‍්දො කතමො අයං.
1639. යම්සේ, ගින්න මෙන් සූර්‍ය්‍යයා උෂ්ණවත් වූ සයුර දකින්නට ලැබේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1640. භරුකච‍්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප‍්පනට‍්ඨාය අග‍්ගිමාලීති වුච‍්චති.
1640. භරුකච්ඡ පටුන්ග්මින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර අග්ගිමාලී යයි කියනු ලැබේ.
1641. යථා දධිංව ඛීරංව සමුද‍්දො පතිදිස‍්සති, සුප‍්පාරකං තං පුච‍්ඡාම සමුද‍්දො කතමො අයං.
1641. මේ සයුර දී මෙන් ද කිරි මෙන් ද පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1642. භරුකච‍්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප‍්පනට‍්ඨාය දධිමාලීති වුච‍්චති.
1642. භරුකච්ඡ පටුන්ගමින් නික්මගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර දධිමාලී යයි කියනු ලැබේ.
1643. යථාකුසොව සස‍්සොව සමුද‍්දො පතිදිස‍්සති, සුප‍්පාරකං තං පුච‍්ඡාම සමුද‍්දො කතමො අයං.
1643. මේ සයුර කුසතණ මෙන් ද ධාන්‍ය මෙන් ද පෙනේ. මේ සයුර කවරේ දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1644. භරුකච‍්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප‍්පනට‍්ඨාය දධිමාලීති වුච‍්චති.
1644. භරුකච්ඡ පටුන්ගමීන් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර කුසමාලී යයී කියනු ලැබේ.
1645. යථා නළොව වෙලූව සමුද‍්දො පතිදිස‍්සති, සුප‍්පාරකං තං පුච‍්ඡාම සමුද‍්දො කතමො අයං.
1645. බටගස් මෙන් ද උණගස් මෙන් ද මේ සයුර පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1646. භරුකච‍්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං, නාවාය විප‍්පනට‍්ඨාය නළිමාලීති වුච‍්චති.
1646. භරුකච්ඡ පටුන්ගමින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර නළමාලී යයි කියනු ලැබේ.
1647. මහාභයො භිංසනකො සමුද‍්දො සුය්‍යතමානුසො, යථා සොබ‍්භො පපාතොව සමුද‍්දො පතිදිස‍්සති සුප‍්පාරකං තං පුච‍්ඡාම සමුද‍්දො කතමො අයං.
1647. මහත් බිය ඇති බිය උපදවන අමනුෂ්‍යයන්ගේ හඬ ඇසෙයි. හෙබක් මෙන් ද ප්‍රපාතයක් මෙන් ද සයුර පෙනේ. මේ කවර සයුරෙක් දැ යි සුප්පාරක පඬිතුමන් විචාරම්හ.
1648. භරුකච‍්ඡා පයාතානං වාණිජානං ධනෙසිනං නාවාය විප‍්පනට‍්ඨාය වළවාමුඛීති වුච‍්චති.
1648. භරුකච්ඡ පටුන්ගමින් නික්මැගිය ධනය සොයන වෙළෙඳුන්ගේ නැවු නැසුණු මේ සයුර වළවාමුඛී යයි කියනු ලැබේ.
1649. යතො සරාමි අත‍්තානං යතො පත‍්තොස‍්මි විඤ‍්ඤුතං. නාභිජානාමි සඤ‍්චිච‍්ච එකපාණම‍්පි හිංසිතං. එතෙන සච‍්චවජ‍්ජෙන සොත්‍ථිං නාවා නිවත‍්තතූති.
1649. යම් කලෙක සිට තමා සිහි කරම් ද යම් කලෙක සිට නුවණැති බවට පත්වූයෙම් ද එ තැන්හි පටන් දැනැ දැනැ එක් සතකු දු පෙළූ බවක් නො දනිමි. මේ සත්‍ය වචන බලයෙන් නැව සුවසේ ආපසු හැරේවා!
9. සුප‍්පාරකජාතකං.
9. සුප්පාරක ජාතක යි.
එකාදසකනිපාතං නිට‍්ඨිතං.
එකොළොස් වැනි නිපාතය නිමි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
සිරී මාතුසුපොසක නාගවරො පුන ජුණ‍්හ අධම‍්ම මුදයවරො, අථ පාණියුධඤ‍්ජයකො ච දස රථ සංවර පාරගතෙන නවාති.
මාතුපෝසක ජාතක යැ ජුණ්හජාතක යැ ධම්මජාතක යැ උදය ජාතක යැ පානීයජාතක යැ යුද්ධඤ්ජයජාතක යැ දසරථජාතක යැ සුප්පාරකජාතක යි ජාතක නවයෙකි.